නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

වෙනස්වීම වෙනස් කිරීම

මහාචාර්ය නලින් ද සිල්වා

මනස මනස විසින් නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? අප දෑන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද යන්න ගැන මනස විසින් ම නිර්මාණය කරන ලද ආකෘතියකි. වෙනත් ආකාරයකින් කිවහොත් මනස ගැන ප්‍රවාද, ආකෘති නිර්මාණය කරන්නේ ද මනස ම ය. අපට අවශ්‍ය වන්නේ සංගත ආකෘතියක් ගොඩනගා ගැනීම ය. මනස පිළිබඳ ව අප ගොඩනගන ආකෘතිය චක්‍රීය චින්තනය මත පදනම් විය යූතු ය. මනස පිළිබඳ ආකෘති ගොඩනගන්නේ ද මනස නම්, එවැනි ආකෘතියක් ඒක රේඛීය චින්තනයක් මත පදනම් විය නො හැකි ය.

චිත්ත පිළිබඳ ව අපි කලින් සඳහන් කළෙමූ. චින්තයක් ඇති වී පැවතී නැති වන්නේ යැ යි අපි කීවෙමූ. චිත්තයක් පවත්නා කාලය චිත්තකෂණයක් යැ යි ද කීවෙමූ. මෙහි දී කිව යූත්තක් වෙයි. චිත්තකෂණයක් හෝ චිත්තයක පැවැත්ම ආත්මවාදී වෙයි. චිත්තයක් චිත්තකෂණයක් හෝ පවතින්නේ යැ යි ගත් පමණින් ම චිත්තයක පැවැත්මක් ගැන කියැ වෙයි. එසේ චිත්තකෂණයක් හෝ පවතින්නේ යැ යි ගැනීමේ ම වරදක් ඇත. ථෙරවාදයෙහි එසේ චිත්තකෂණයක පවතින චිත්තයක් ගැන කියවූණ ද සෞත්‍රින්තකයෝ, චිත්තයක් චිත්තකෂණයක් පවතින්නේ යැ යි නොගනිති. ඔවූන්ට අනූව චිත්තයක් ඇති වූ සැණින් නැති වෙයි. එවිට චිත්තයකට පැවැත්මක් නැත. එහෙත් එවැනි ආකෘතියකින් චිත්තයක් හේතුකොටගෙන යම් ක්‍රියාවක් කරන්නේ හෝ කෙරෙන්නේ හෝ කෙසේ ද යන්න පැහැදිලි නොකෙරෙයි.

අපට චිත්තයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ ම මනසෙහි ස්වභාවය හේතුකොටගෙන ය. මනසෙහි ස්වභාවය යනූවෙන් යෙදීම ද ආත්මවාදී යැ යි යමකුට කිව හැකි ය. ස්වභාවයක් ඇත්තේ පවත්නා දෙයකට ය. මෙහි දී කිවයූත්තේ ස්වභාවය වැනි දාර්ශනික වැදගත්කමක් ඇති වචන අප යොදාගන්නේ නිරපේකෂ අර්ථයකින් නොව සාපේකෂ අර්ථයකින් බව ය. මනසෙහි ස්වභාවය අනූව ම මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ජේදයක් වේ යැ යි අපි කීවෙමූ. (චිත්ත හා චිත්තකෂණ ලිපිය බලන්න.) ඒ කාල පරිච්ඡේදයට චිත්තකෂණයක් යැ යි ද කීවෙමූ. චිත්තකෂණයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ගැන අපට දෑනගැනීමට නො හැකි යැ යි සිතමූ. මේ චිත්තකෂණයක පවතින ලෙස ගැනෙන්නේ එක් චිත්තයකි.

මෙය තවත් පැහැදිලි කළ යූතු වෙයි. චිත්තයක් යනූවෙන් යමක් නිරපේකෂ වශයෙන් පවතින්නේ යැ යි මෙයින් ගම්‍ය නො වෙයි. චිත්තයක් නොව කිසිවක් එසේ නිරපේකෂ ව ඉතා කුඩා මොහොතක් හෝ පවතින්නේ යැ යි ගැනීම ආත්මවාදී වෙයි. එහි නිත්‍යභාවයක් ද වෙයි. එසේ වන්නේ ඉතා කුඩා මොහොතක හෝ එවැන්නක් නිත්‍ය ව පවතින්නේ යැ යි ගැනීම හේතුකොටගෙන ය. අනිත්‍ය, අනාත්ම පිළිගන්නා සිංහල ථෙරවාදී බෞද්ධයකුට එලෙස ඉතා කුඩා මොහොතක චිත්තයක් හෝ වෙනත් යමක් නිරපේකෂ ව පවතින්නේ යැ යි ගැනීමට නො හැකි ය. අනිත්‍ය අනාත්ම යනූවෙන් කියැවෙන්නේ කිසිවක් යැ යි කිව හැකි දෙයක් නැතැ යි ගැනීම ය. එහෙත් ඒ බව බූද්ධියෙන් අවබෝධ කරගත් පමණින් නිවන් අවබෝධ වන්නේ යැ යි නොසිතිය යූතු ය. බූද්ධියෙන් අවබෝධ කර ගැනීම යනූ මනසින් අවබෝධ කර ගැනීම ය.

අපට සියල්ල අවබෝධ කර ගැනීමට සිදු වී ඇත්තේ මනසින් ය. එනම්, මනසට සාපේකෂව ය. චිත්තය ද අප අවබෝධ කර ගන්නේ මනසට සාපේකෂව ය. මනස පිළිබඳ ආකෘතියක් අප ගොඩනගන්නේ මනසට සාපේකෂව ය. ආකෘතිය යන්නෙන් මනසක් පවතින බවක් හා අප එහි ආකෘතියක් පමණක් ගොඩනගන බවක් නොකියැ වෙයි. මෙහි දී ආකෘතිය යන්න යොදා ගැනෙන්නේ එවැන්නක් නැත, එහෙත් අප එවැන්නක් ගොඩනගන්නේ ය යන තේරුමෙන් ය. මනසෙහි ආකෘතිය යනූ මනසට සාපේකෂව නැති මනස ගන්නා ආකාරය වෙයි. පූටූවෙහි ආකෘතිය යනූ නැති පූටූවක් මනස විසින් ඇතැ යි ගැනෙන ආකාරය වෙයි.

මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදය චිත්තකෂණය යැ යි කියැවෙන විට කාලය ගැන ද යමක් කියැවී අවසාන ය. අපට කාලය ගැන කතා කිරීමට සිදු වන්නේ වෙනස ආශ්‍රයෙනි. වෙනස් වීම, මතකය ආදිය කාලය යන සංකල්පය නිර්මාණය කර ගැනීමේ දී වැදගත් වෙයි. එහෙත් වෙනස් වීමක් ගැන අප දෑනගන්නේ වෙනස් නොවීම යන්න ආශ්‍රයෙන් ය. වෙනස් නොවීම යන්නෙන් පැවතීමක් අදහස් කෙරෙයි. යමක් පවතින්නේ යැ යි ගැනීමට අපට සිදු වී ඇත්තේ මනසට යමක් පවතින්නේ යැ යි ගැනීමට සිදු වී ඇති බැවින් ය. එසේ යමක් පවතින්නේ යැ යි ගැනීමට සිදු වී ඇත්තේ එය වෙනස් වන බව අපට දෑනගත නො හැකි බැවින් ය. පූටූවක් යම් කාලයක වෙනස් නොවී පවතින්නේ යැ යි මනසට හැඟෙයි. මෙය තරමක විශාල කාල පරිච්ඡේදයකි. එහෙත් චිත්තයක් යනූවෙන් යමක් එවැනි දීර්ඝ කාල පරිච්ඡේදයක නොවෙනස් ව පවතින්නේ යැ යි මනස නොසලකයි. එසේ වූවත් මනසට අනූව චිත්තයකට ද පැවැත්මක් ඇත. එසේ පැවැත්මක් නැත්නම්, එනම් මනසට සාපේකෂව පැවැත්මක් නැත්නම්, මනසට චිත්තයක් යනූවෙන් යමක් හඳුනාගැනීමට නො හැකි වෙයි. එහෙත් චිත්තයට පැවැත්මක් ඇත්තේ ඉතා කෙටි කාලයක ය. දෑන් කාලය පිළිබඳ සංකල්පය අපට හොරාම අපේ විශ්ලේෂණයට ඇතුල් වී ඇත. මෙයට කරන්නට දෙයක් නැත. චක්‍රිය චින්තනයෙහි මෙවැනි අවස්ථා උද්ගත වන බව තේරුම් ගැනෙයි. එහෙත් ඒක රේඛිය චින්තනයෙහි එවැනි අවස්ථා වූවමනාවෙන් ම මඟ හැරිමට උත්සාහ කෙරෙයි. ඒ උත්සාහය කෙළවර වන්නේ දෙවියන් වහන්සේ වැනි මූල හේතු සැපයීමෙන් ය.

කලින් ද සඳහන් කර ඇති ආකාරයට ථෙරවාදී බූදු දහමෙහි චිත්ත, චිත්තකෂණ, රූප හා නිවන යනූවෙන් පරමාර්ථ ධර්ම සතරක් වෙයි. මේ පරමාර්ථ ධර්ම මෙසේ සඳහන් කර ඇත්තේ ථෙරවාද අභිධර්මයෙහි බව අමතක නොකළ යූතු ය. අභිධර්මය යනූ බූදුන් වහන්සේ ගේ සූත්‍ර දේශනා කැටිකර බූදුදහම ප්‍රවාදාත්මක දෑනූමක් ලෙස ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වෙයි. ථෙරවාද අභිධර්මය යනූ එවැනි එක් අභිධර්මයකි. එහි සඳහන් පරමාර්ථ ධර්ම මනසට සාපේකෂ වේ ය යන අදහසක් කලින් ද සඳහන් කර ඇති පරිදි බෝධිහිමියන් විසින් ඉදිරිපත් කෙරි ඇත. අපට කිවහැක්කේ මේ පරමාර්ථ යැ යි කියන ධර්මවලින් චිත්ත, චෛතසික හා රූප යන ධර්ම තුන මනසට සාපේකෂ ධර්ම තුනක් බවත්, ඒ ධර්ම තුන මනසට ගත හැකි කුඩා ම ධර්ම බවත් ය. මනස පිළිබඳ ව මනසට ගත හැකි කුඩා ම ධර්මය චිත්තය වන අතර, චෛතසික ඒ හා බැඳී ඇත. චිත්තය පිළිබඳ සංකල්පය මනසට අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරය නොමැති ව ඇති කරගත හැකි ය. රූපය යනූ මනසට අනෙක් ඉන්ද්‍රියන් ගේ ද ආධාරය ඇති ව ගතහැකි කුඩා ම ධර්මය වෙයි. මේ ධර්ම පරමාර්ථ වන්නේ මනසින් තොරව පවත්නා යන අර්ථයකින් නොව මනසට ගත හැකි කුඩා ම ධර්ම යන අර්ථයෙන් ය. නිවන යනූ මනසට ගතහැකි ධර්මයක් නො වේය යන්න අපේ මතය වෙයි.

චිත්ත යනූවෙන් පරමාර්ථ වශයෙන් කිසිවක් නොමැත. එහෙත් මනසට සාපේකෂව ගත්කල මනසෙහි කෙළවරක් නැති සිතිවිලි උපදියි. මේ සිතිවිලි අනිත්‍ය වෙයි. අප සිතිවිලි යැ යි කීව ද එසේ සිතිවිලි යැ යි කියන්නේ අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ නොවන බැවින් ය. අනිත්‍ය මනසින් තේරුම් ගැනීමට යෑමේ ප්‍රතිඵලය වන්නේ ධර්ම නිර්මාණය කිරීම ය. චිත්ත යන ධර්මය, මනස විසින් නිර්මාණය කෙරෙන්නේ ඒ ආකාරයට ය. එසේ නිර්මාණය කෙරුණූ චිත්තය ද වෙනස් වෙයි. අපි එවැනි චිත්තයක් A යනූවෙන් හඳුන්වමූ. මෙලෙස ගැණූනූ A නම් චිත්තය වෙනස් වන්නේ ද? අප මතක තබාගත යූතු කරුණ නම් A නම් චිත්තය ඇති වී පවතින්නේ ඉතා කුඩා කාල පරිච්ඡේදයක බව ය. A චිත්තය වෙනස් වන්නේ නම් ඒ වෙනස ගැන අපට කිවහැක්කේ කුමක් ද?

පූටූවක් වෙනස් වන්නේ යැ යි කී විට එහි නොවෙනස් වන යමක්, ආත්මයක්, අවස්ථායිභාවයක් (substantive state) - තිබේ යැ යි උපකල්පනය කෙරෙන බව කලින් සඳහන් කෙරී ඇත. වෙනස් වීම පිළිබඳ ආත්මීය සංකල්පය එය වෙයි. එහෙත් වෙනස් වීම පිළිබඳ ආත්මීය නො වන සංකල්පයක් ද වෙයි. මහාචාර්ය වයි. කරුණාදාස මහතා දක්වා ඇති ආකාරයට ඒ සංකල්පය නිර්මාණය කෙරුණේ අනූරාධපූර යූගයේ වැඩ විසූ මහාවිහාරික භිකෂූන් වහන්සේ විසිනි. උන්වහන්සේට අනූව, වස්තු ඇති වී නැති වෙයි. මේ ඇති වී නැති වන්නේ එක ම වස්තුව නො වෙයි. එහෙත් එවැනි එක් වස්තුවක් නැති විට අපි එක් වස්තුවක් වෙනස් වන්නේ යැ යි ගනිමූ. මේ සංකල්පයෙහි දුර්වලකම් නොමැතිවා නො වෙයි. එහෙත් අපේ රටෙි එක් යූගයක වැඩ විසූ භිකෂූන් වහන්සේ ලෝකයේ පළමූ වරට වෙනස් වීම පිළිබඳ එතෙක් පැවති ආත්මීය සංකල්පය වෙනස් කිරීමට උත්සාහ දෑරූ හ. අප විසින් කෙරි ඇත්තේ මේ සංකල්පය තවත් වර්ධනය කිරිම ය. එහෙත් එයින් කියැවෙන්නේ දෑන් එය සර්ව සම්පූර්ණය යන්න නො වෙයි. එහි දී අඩූපාඩූකම් ඇති බව පැහැදිලි ය.

අපි දෑන් A' නම් වස්තුවක් ගනිමූ. A' නම් වස්තුව වෙනස් වන්නේ ය යන්නෙහි තේරුම නම් එලෙස වෙනස් වීමක් ලෙස ගන්නේ X Y Z

ආදී වශයෙන් ඇති වී නැති වන වස්තු පරම්පරාවක් ඇතැ යි යන්න ය. දෑන් මේ එක් එක් වස්තුවක් P Q R නම් ඇති වී නැති වන වෙනත් වස්තු පරම්පරාවකි. මෙසේ එක් වස්තුවක් තවත් වස්තු පරම්පරාවකට යනූවෙන් කෙළවරක් නොමැති ව කැඩිය හැකි වෙයි. අභිධර්මයෙහි කෙරෙන්නේ එක් අතකින් ගත් කල මෙහි කෙළවරක් ඇතැ යි ගැනීම යැ යි සැලකිය හැකි ය. (අභිධර්මයෙහි කෙරෙන්නේ එය නො වෙයි. අභිධර්මය සම්පාදනය කෙරි ඇත්තේ මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස පිළිබඳ අර්ථකථනය නැත්නම් නිර්වචනය වෙනස් කිරීමට පෙර ය. එහෙත් මෙහි දී විස්තර කිරීමේ පහසූව සඳහා අපි එසේ සලකමූ.) ඒ කෙළවර ඇත්තේ අභිධර්මයෙහි පරමාර්ථ ධර්ම යනූවෙන් හැඳින්වෙන ධර්ම වෙයි. මනසට මේ ධර්ම තවදුරටත් කැඩිය නො හැකි වෙයි. එහෙත් ඒ ධර්ම ද වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් නැතිවන්නේ, එසේත් නැත්නම් භංගවන්නේ ඇති වූ, එනම් උත්පාදිත චිත්තය නො වෙයි. එහෙත් ඒ උත්පාදිත චිත්තය හා භංග වූ චිත්තය, චිත්ත දෙකක් ලෙස ගැනීමට, එසේත් නැතහොත් එයටත් වඩා කාර්යකෂම ව චිත්ත රාශියක් ලෙස ගැනීමට මනසට නො හැකි ය. එනම් මනසට එතරම් සියූම් බවක් නැත. මනසෙහි ගොරහැඩිකම නිසා ම මනසට මේ අවස්ථාවෙහි දී වෙනස් වන චිත්තයක් චිත්ත රාශියක් ලෙස නොව එක් චිත්තයක් ලෙස ගැනීමට සිදු වෙයි. මෙලෙස ගත හැකි කුඩා ම චිත්තය පවත්නා කාලය චිත්තකෂණය වෙයි. එහෙත් ඒ චිත්තය ද පවත්නා කාලයෙහි වෙනස් වන බව අමතක නොකළ යූතු ය.

මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස් වීම සම්බන්ධයෙන් නොකී දෙයක් මෙහි දී සඳහන් කළ යූතු වෙයි. ඇති වී නැති වන ඇතැම් වස්තු පරම්පරාවක් අප එක ම වස්තුවක් ලෙස දකින්නේ ඇයි? මෙයට හේතුව අවිද්‍යාව යැ යි කී හැකි වූවත්, එය ප්‍රමාණවත් නො වෙයි. අප එක ම වස්තුවක් වෙනස් වන්නේ යැ යි පවසන්නේ යම් වස්තු පරම්පරාවක් සම්බන්ධයෙන් පමණකි. ඇති වී නැති වන වස්තු රාශියක් ලෙස ගැනීමට මනසට නො හැකි ය. එනම් අනූක්‍රම (SEQUENCE)- පමණක් අපි එක ම වස්තුවක වෙනස් වීමක් ලෙස සලකමූ. එක් අනූක්‍රමයක් තවත් අනූක්‍රමයක් සමඟ පටලවාගැනීමක් අප අතින් නො සිදු වෙයි. අප පූටූව ලෙස ගන්නා ඇති වී නැති වන වස්තු අනූක්‍රමය, අප මේසය ලෙස ගන්නා වස්තු අනූක්‍රමය සමඟ නො පැටලවෙයි. එක් අනූක්‍රමයක වස්තුවක් අනෙක් වස්තු අනූක්‍රමය අතරට රිංගීමක් නො සිදු වෙයි. එය පැහැදිලි කරන්නේ කෙසේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා