නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

කෝදු ඔරලෝසූ පොදිබැඳ

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

එක් එක් නිරකෂකයාට සාපේකෂව සිද්ධි දෙකක් සම්බන්බන්ධයෙන් මැනෙන කාලය හා දුර වෙනස් වන්නේ යැ යි ගැනීම බටහිර විද්‍යාව පැත්තෙන් බැලූ කල යහපත් වර්ධනයක් වෙයි. ඒ හේතුවෙන් බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි වෙනසක් නොවූව ද නිව්ටෝනීය සූසමාදර්ශයෙහි වෙනසක් සිදු විය. මේ වෙනස ආලෝකයෙහි ප්‍රවේගය හා සමඟ බැදී ඇත. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි ආලෝකයෙහි ප්‍රවේගය නියතයක් නො වෙයි. ඉන් කියැවෙන්නේ ඒ ඒ නිරකෂකයා හා සම්බන්ධයෙන් ගත්කල ආලෝකයේ ප්‍රවේගය වෙනස්වන බව ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඕනෑම වේගයක් ඒ ඒ නිරකෂකයාට අනූව වෙනස් වෙයි. බසයක හෝ දුම්රියක හෝ ගමන් කරන නිරකෂකයකුට සාපේකෂ ව විරුද්ධ දිශාවට ගමන් කරන බසයක හෝ දුම්රියක වේගය, පොළොවෙහි නිසලව සිටින නිරකෂකයකුට සාපේකෂ ව ඒ දෙවැනි බසයෙහි හෝ දුම්රියෙහි හෝ වේගයට වඩා වැඩි වෙයි.

බටහිර විද්‍යාවේ සිද්ධි දෙකක් අතර අවකාශ-කාල ප්‍රාන්තරය නිරපේකෂ යැ යි අපි සඳහන් කෙළෙමූ. එහෙත් එය එසේ විය යූතු නො වෙයි. එක් එක් නිරකෂකයා සිද්ධි අතර ඇතැ යි මනින දුර හා කාලය වෙනස්වන්නා සේ ම ඒ ඒ සිද්ධි අතර ඇති අවකාශ-කාලය ද වෙනස් විය හැකි ය. බටහිර විද්‍යාවෙහි අද එවැනි වෙනසක් නැතැ යි සැලකුව ද අප එය එසේ ම නොපිළිගත යූතු ය. අපේ විද්‍යාවට පදනම් වන චින්තනයෙහි අවකාශ-කාල ප්‍රාන්තරය ද සාපේකෂ විය හැකි ය. එහෙත් එය කෙසේ සිදුවන්නේ ද යන්න විස්තර කිරිම, එනම් ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කිරම අනාගත විද්‍යාඥයකුට භාර කටයූත්තක් වෙයි.

එක් එක් නිරකෂකයාට සාපේකෂව සිද්ධි දෙකක් සම්බන්බන්ධයෙන් මැනෙන කාලය හා දුර වෙනස් වන්නේ යැ යි ගැනීම බටහිර විද්‍යාව පැත්තෙන් බැලූ කල යහපත් වර්ධනයක් වෙයි. ඒ හේතුවෙන් බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි වෙනසක් නොවූව ද නිව්ටෝනීය සූසමාදර්ශයෙහි වෙනසක් සිදු විය. මේ වෙනස ආලෝකයෙහි ප්‍රවේගය හා සමඟ බැදී ඇත. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි ආලෝකයෙහි ප්‍රවේගය නියතයක් නො වෙයි. ඉන් කියැවෙන්නේ ඒ ඒ නිරකෂකයා හා සම්බන්ධයෙන් ගත්කල ආලෝකයේ ප්‍රවේගය වෙනස්වන බව ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඕනෑම වේගයක් ඒ ඒ නිරකෂකයාට අනූව වෙනස් වෙයි. බසයක හෝ දුම්රියක හෝ ගමන් කරන නිරකෂකයකුට සාපේකෂ ව විරුද්ධ දිශාවට ගමන් කරන බසයක හෝ දුම්රියක වේගය, පොළොවෙහි නිසලව සිටින නිරකෂකයකුට සාපේකෂ ව ඒ දෙවැනි බසයෙහි හෝ දුම්රියෙහි හෝ වේගයට වඩා වැඩි වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ආලෝකයෙහි ප්‍රවේගය එබඳු ය. එක් නිරකෂකයකුට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගය වෙනත් නිරකෂකයකුට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගයෙන් වෙනස් වෙයි.

එහෙත් අයින්ස්ටයිනීය සූසමාදර්ශයෙහි එය එසේ නො වෙයි. ආලෝකයේ ප්‍රවේගය සෑම නිරකෂකයකුට ම සාපේකෂ ව එක ම අගයක් ගනියි. ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව කාලය මැනීම වෙනස්වන්නේ එයට හිලව් වශයෙන් මෙන් ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව ආලෝකයේ ප්‍රවේගය නියතයක් ව තබමින් ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඒ ඒ නිකෂකයාට සිපේකෂ ව සිද්ධි දෙකක් අතර දුර හා මැනෙන කාලය එක ම වෙයි. එහෙත් එහි දී ආලෝකයෙහි ප්‍රවේගය ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව වෙනස් වෙයි. අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි ඒ ඒ නිරකෂකයාට සාපේකෂක ව සිද්ධි දෙකක් අතර දුර හා කාල ප්‍රාන්තරය වෙනස් වෙයි. එහෙත් එහි දී ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගය එක ම අගයක් ගනී.

අපි දෑන් නැවත වරක් නිවූන් දරුවන් ගේ කතා වස්තුවට යමූූ. එහි දී එක් නිවූන් දරුවකු අනෙකාට සාපේකෂ ව ඉවතට ගොස් ආපසූ පැමිණෙයි. අපේ ප්‍රශ්නය වන්නේ ඒ නිවූන් දරුවන් විසින් මැනෙන කාල ප්‍රාන්තර කෙසේ වෙනස් වන්නේ ද යන්න ය. ආරම්භයේ දී නිවූන් දරුවන් දෙදෙනා සිටින්නේ එකට ය. ඒ ආරම්භක සිද්ධිය වෙයි. දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව ඈත් වී නැවතත් එක් වෙති. එසේ නැවත එක් වීම දෙවැනි සිද්ධිය වෙයි. මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරයෙක් වෙයි. ප්‍රශ්නය මේ කාල ප්‍රාන්තරය නිවූන් දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ගත්කල එකක් වන්නේ ද නැත්නම් වෙනස් වන්නේ ද යන්න ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාව විසින් මෙහෙයවනූ ලබන්නන්ට අනූව කාලය මැනීම එක ම අයූරකින් සිදු වන බැවින් ඒ කාල ප්‍රාන්තර සමාන විය යූතු ය. එහෙත් අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි ඒ එසේ නො වෙයි. මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නගියි. ඒ ඒ නිරකෂකයා විසින් මැනෙන කාලය සමඟ ඒ ඒ නිරකෂකයා ගේ වයස ද ගැට ගැසී ඇත. නිවූන් දරුවන් දෙදෙනා විසින් මැනෙන කාලය ප්‍රාන්තර අසමාන නම් ඉන් කියැවෙන්නේ ඔවූන් ගේ වයස් ද අසමාන බව ය. එසේනම් අයිනිස්ටයිනීය භෞතික විද්‍යාවෙහි නිවූන් දරුවන් දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව ඉවත් වී නැවත මූණගැසෙන විට එක් නිවූන් දරුවකු අනෙකාට වඩා වයස්ගත ව සිටිය යූතු ය. දෑන් ප්‍රශ්නය වන්නේ වයස්ගත වන්නේ නිවූන් දරුවන් දෙදෙනා ගෙන් කවරකු ද යන්න ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ ප්‍රශ්නය පැන නො නඟියි. එහි දී නිවූන් දරුවෝ එක ම වයසක වෙති.

වඩා වයස්ගත වන්නේ කිනම් නිවූන් දරුවා ද යන්න තීරණය වන්නේ ඒ ඒ නිවූන් දරුවා කිනම් රාමූවක ඉන්නේ ද යන්න මත ය. රාමූව යන්න බටහිර භෞතික විද්‍යාවෙහි යෙදෙන වැදගත් සංකල්පයකි. එහෙත් එයට හිමි වැදගත්කම බොහෝ දෙනාට අවබෝධ නො වෙයි. රාමූව යන්නෙහි සම්පූර්ණ නම සමූද්දේශ රාමූව (Frame of reference යන්න ය. ඕනෑම නිරකෂකයකුට තමාට වූ සමූද්දේශ රාමූවක් වෙයි. නිරකෂකයා යන්න ප්‍රාණවාචී වූව ද පණ නැති වස්තුවලට ද ඒවාට ආවේණික වූ සමූද්දේශ රාමූ වෙයි. අපි කවකටූ පෙටිටියක් වැනි වස්තුවක් ගනිමූ. අප කවූරුත් දන්නා පරිදි මේ පෙටිටියට දිගක් පළලක් හා උසක් ඇත. දෑන් මේ දිග පළල හා උස පැති දික් කරන ලද්දේ යැ යි සිතමූ. වෙනත් ආකාරයකින් කිවහොත් එක්තරා ආකාරයකින් අපි වස්තුවේ දිග, පළල හා උස අකෂ වශයෙන් ගත්කල විස්තීරණය (Extend)- කරන්නෙමූ. එලෙස ලැබෙන විස්තෘත අවකාශය වස්තුවේ සමූද්දේශ රාමූවෙහි අවකාශය වෙයි. දිග, පළල හා උස විස්තීරණය කර ඇති බැවින් දිග මනින කෝදුවක් ලබා දීමෙන් ඒ සමූද්දේශ රාමූවෙහි ඕනෑ ම ලකෂ දෙකක් අතර දුර (දිග) මැනගත හැකි වෙයි. මේ සමූද්දේශ රාමූව සම්පූර්ණ කිරමට තවත් එක් දෙයක් අවශ්‍ය වෙයි. ඒ ඔරලෝසූවකි. ඔරලෝසූව (යාන්ත්‍රික හෝ වෙනත් දෝෂ නැතැ යි සලකනූ ලැබෙයි.) යොදා ගනිමින් ඕනෑ ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය මැනගත හැකි වෙයි.

අපට දෑන් අවශ්‍ය නම් කවකටූ පෙටිටිය නිරකෂකයා ලෙස ගත හැකි ය. නිරකෂකයාට සාපේකෂ ව දිග පැත්ත, පළල පැත්ත හා උස පැත්ත ඇති ත්‍රිමාන අවකාශයක් වෙයි. මේ පැති දිගේ අවශ්‍ය පරිදි x අකෂය y අකෂය හා z අකෂය යනූවෙන් අකෂ තුනක් ලබාගත හැකි ය. නිරකෂකයාට ඒ අවකාශයෙහි ඕනෑ ම ලකෂ්‍ය දෙකක් අතර දුර මැනගත හැකි ය. එමෙන් ම නිරකෂකයා සතුව ඔරලෝසූවක් වෙයි. ඔරලෝසූවේ ආධාරයෙන් ඕනෑ ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය දෑනගත හැකි ය. භෞතික විද්‍යාවෙහි ඇතැම්විට සඳහන් නොකෙරුණ ද සියලූ මිනූම් කෙරෙන්නේ යම් සමූද්දේශ රාමූවක ය. සමූද්දේශ රාමූවක් නොමැති ව කිසිම මිනූමක් නොකෙරෙන බව අවබෝධ කරගත යූතු ය. එහෙත් බොහෝ දෙනා සමූද්දේශ රාමූව කුමක් දෑ යි බොහෝ විට සඳහන් නො කරති.

කවකටූ පෙටිටියට මෙන් ම මිනිසූන්ට සමූද්දේශ රාමූ වෙයි. යමකු ගේ සමූද්දේශ රාමූව ලබාගන්නේ ඒ පූද්ගලයා ගේ ශරරය විස්තීරණය කිරමෙන් ය. එනම් දිග පළල හා උස අතට පිළිවෙළින් දික් කරන ලද අකෂ ලබා ගැනීමෙන් ය. මෙහි දී භෞතික ව ශරරය දික් කිරමක් අදහස් නො වෙයි. සිදු වන්නේ ඒ ඒ අතර අවශ්‍ය නම් කෝදු සවි කිරමෙන් කෙරෙන දික් කරමකි. සමූද්දේශ රාමූවක් යනූ විස්තෘත රාමූවකි. සියල්ල නිරකෂණය කෙරෙන්නේ එවැනි රාමූවක ය. යම් නිරකෂකයකු ගේ රාමූවෙහි ඒ නිරකෂකයා නිසල වෙයි. එය සමූද්දේශ රාමූවක වැදගත් ලකෂණයක වෙයි. ඕනෑ ම නිරකෂකයකු තම සමූද්දේශ රාමූවට සාපේකෂ ව නිශ්චලතාවෙහි පසූ වෙයි.

අපි පොළොවට සාපේකෂ ව වැටෙන පොල් ගෙඩියක් ගනිමූ. මේ පොල් ගෙඩියට සමූද්දේශ රාමූවක් වෙයි. පොල් ගෙඩියෙහි තුන් පැත්තට දික් කිරමෙන් හා එයට කොදුවක් හා ඔරලෝසූවක් ලබා දීමෙන් අපට පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව ලැබෙයි. එමෙන් ම පොළොවට ද සමූද්දේශ රාමූවක් ඒ ආකාරයෙන් ම ලැබෙයි. පොළොවෙහි සමූද්දේශ රාමූවෙහි, එනම් පොළොවට සාපේකෂ ව පොල් ගෙඩිය චලනය වෙයි. පොල් ගෙඩිය පොළොවට වැටෙන්නේ යැ යි අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී පවසන්නේ මේ චලිතය සම්බන්ධයෙන් ය. දෑන් පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි එයට සිදු වන්නේ කුමක් ද? පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි පොල් ගෙඩිය චලනය නො වෙයි. එය එහි නිසල ව ඇත. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව ලැබෙන්නේ එය විස්තීරණය කිරමෙන් ය. පොල් ගෙඩිය පොළොවට සාපේකෂ ව වෙනස් වන විට පොල් ගෙඩියෙහි රාමූව ද පොළොවට සාපේකෂව වෙනස් වෙයි. එහෙත් පොල් ගෙඩියෙහි සමූද්දේශ රාමූව පොල් ගෙඩියෙන් වෙන් වී නො යයි. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව යනූ පොල් ගෙඩියේ ම විස්තීරණයක් වෙයි. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි පොල් ගෙඩි නිසල ව තිබූණ ද එහි පොළොව මෙන් ම පොල් ගස ද චලනය වෙයි.

චලනය යන්න අවසාන වශයෙන් ගත්කල වෙනස් වීමක් බව අපි දනිමූ. යම් වස්තුවක් තවත් වස්තුවක සමූද්දේශ රාමූවෙහි පිහිටීම වෙනස් වීමට අපි චලනය යැ යි කියමූ. පිහිටීම වෙනස් නො වන්නේ නම් එහි චලනයක් නැත. ඕනෑ ම නිරකෂකයකුට තම සමූද්දේශ රාමූවෙහි චලනය නො වන නිරකෂක සගයන් ලබාගත

හැකි ය. ඒ නිරකෂක සගයන් ජීවමාන ව හෝ භෞතීය ව හෝ සිටින්නේ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. සිතිවිලි මාත්‍රයෙන් හෝ එවැනි නිරකෂකයන් ලබාගත හැකි වෙයි. එලෙස නිර්මාණය කරගන්නා නිරකෂකයන්ට ද කෝදු හා ඔරලෝසූ ලබා දීමෙන් ඒ ඒ නිරකෂකයන් ගේ සමූද්දේශ රාමූ නිර්මාණය කරගත හැකි ය. මේ කෝදු අතර වෙනසක් නැති බවත්, ඔරලෝසූවල යාන්ත්‍රික හෝ වෙනත් දෝෂ නොමැතිවා පමණක් නොව ඒ ඔරලෝසූ සමමූර්තිකර ඇති බවත් උපකල්පනය කෙරෙයි. එවිට ඒ ඔරලෝසූ සියල්ලෙහි ම දෑක්වෙන්නේ එක ම වෙලාව ය.

යම් නිරකෂකයකු ගේ සමූද්දේශ රාමූව හා ඒ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති නිරකෂකයන් ගෙන් සමූද්දේශ රාමූ ගැන කිවහැක්කේ කුමක් ද? මේ සමූද්දේශ රාමූ අතර වෙනසක් නැත. ඒ ඒ නිරකෂකයා අනෙක් නිරකෂකයන් ගේ සමූද්දේශ රාමූවල නිසල ව ඇත. ඔවූන් සියල්ලට ම සමාන වූ කෝදු ලැබී ඇත. සියල්ලන් ගේ ම ඔරලෝසූවල දෑක්වෙන්නේ එක ම වෙලාව ය. පැහැදිලිව ම ඒ සියලූ සමූද්දේශ රාමූ එකක් ම වෙයි. මේ සියල්ලන්ට ම එකිනෙකා සමඟ සන්නිවේදනය කර ගැනීමේ හැකියාව ද ඇතැ යි උපකල්පනය කෙරෙයි. ඒ උපකල්පනය සමඟ අප නිරකෂකයාට තමාට අවශ්‍ය මිනූම් කරගත හැකියා ව ලැබෙයි. උදාහරණයක් වශයෙන් නිරකෂකයාට ඈතින් පිහිටි, එහෙත් එකිනෙක සමීපයෙහි වස්තු දෙකක් අතර දුර මැනීමට අවශ්‍ය වී යැ යි සිතමූ. දෑන් නිරකෂකයාට තව කෝදු හා ඔරලෝසූ රැගෙන ඒ වස්තු පිහිටි තැනට ගොස් ඒ අතර ඇති දුර මැනගත හැකි යැ යි යමකු කියනූ ඇත. එහෙත් එවිට මනින්නේ කුමක් ද යන ප්‍රශ්නය මතු වෙයි. නිරකෂකයා තම කෝදු හා ඔරලෝසූ පොදි බැඳගෙන අර වස්තු දෙක කරා යෑමේ දී භෞතික තත්ත්වය වෙනස් කරයි. කලින් ඒ වස්තු දෙක තම සමූද්දේශ රාමූවෙහි නිසල ව තිබියේ නම් නිරකෂකයා ගේ ගමනත් සමඟ ඒ වස්තු දෙක සමූද්දේශ රාමූවෙහි චලනය වෙයි. දෑන් නිරකෂකයා මනින්නේ තම සමූද්දේශ රාමූවෙහි දිගින් දිගට ම නිසල ව තිබූ වස්තු දෙකක් අතර දුර නො වෙයි. ඒ වස්තු දෙක යම් කාල පරාසයක දී නිරකෂකයා ගේ සමූද්දේශ රාමූවෙහි චලනය වී ඇත. අප නිරකෂකයාට මෙහි දී කළ හැකි වෙනත් දෙයක් වෙයි. නිරකෂකයා ඒ අදාළ වස්තු අසල වූ තම සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති නිරකෂක සගයා ගෙන් ඒ වස්තු දෙක අතර ඇති දුර මැන තමාට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. සගයා ඒ ඉල්ලීම ඉටූකරයි. භෞතික තත්ත්වය වෙනස් නොකර අප නිරකෂකයාට වස්තු දෙක අතර ඇති දුර මැනගත හැකි ය.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

පෑ තැටිය හා ඔරලෝසූව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

කාලය මැනීම පිළිබඳ ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පමණක් නොව සමස්තයක් ලෙස ගත්කල පෙරදිග සංස්කෘතීන්හි ගැටලුවක් නොවී ය. සිංහලයන්ට කාලය යන්න හූදු පඤ්ඤන්තියක් පමණක් විය. කාලය යන්න ම හූදු පඤ්ඤාත්තියක් වන කාලය මැනීම එක් එක් නිරිකෂකයාට සාපේකෂව වෙනස් විය හැකි ය යන්න පිළිගැනීම ඉතා පහසූ කාර්යයක් පමණක් නොව එසේ පිළිගැනීමක් ද විය. මොලොව සියක් අවූරුදු එහි එක දවස වැනි අදහස් අපට නූහූරු දැ නොවී ය. සියලු දෙනා ම එකම ආකාරයකට කාලය මැනිය යූතු ය වැනි අදහසක් ඇති විය හැක්කේ කාලය යනූවෙන් දෙයක් ඇතැ යි ගන්නා මෙන් ම එය වාස්තවික යැ යි ද ගන්නා සංස්කෘතීන්හි ය. එනම් අපෙන් තොරව ලෝකයක් තිබේ යැ යි ගන්නා වූූූ ද කාලය සිද්ධිවලින් ස්වායත්ත යැ යි ද කියැවෙන චින්තක ය. යූදෙව් චින්තනය එවැනි චින්තනයක් වෙයි.

පහළොස්වැනි සියවසේ දී පමණ යූරෝපයේ නව චින්තනයක්, එනම් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය, ඇති වූයේ යූදෙව් චින්තනයෙන් ද යම් යම් කොටස් එකතු කරගනිමින් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට යූදෙව් චින්තනයෙන් එකතු වූ ප්‍රධාන කොටස් අතර වාස්තවිකත්වය හා ඒ හා බැදුණූ නිරපේකෂකත්වය වෙයි. මෙය යූදෙව් යෙහෝවා දෙවියන් වහන්සේ ගෙන් ලැබෙන්නක් ය. යූදෙව් දෙවියන් වහන්සේ ගෙන් වෙනස් නොවී ය. තමන්ට දෑක බලාගත නොහැකි වියූක්ත දෙවියන් වහන්සේ කෙනකු කිසිසේත් ම ඒ ඒ නිරිකෂකයාට සාපේකෂ විය නො හැකි ය.

අවකාශය හා කාලය යන සංකල්ප ද ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිරපේකෂ වියූක්ත සංකල්ප විය. අප සිටියත් නැතත් අපට නොපෙනෙන දෙවියන් වහන්සේ සිටින්නාක් මෙන් අප සිටියත් නැතත් අපට නොපෙනී, එනම් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවී අවකාශය හා කාලය පැවතීම ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට එකඟ වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ අපෙන් තොරව එලෙස පවතින අවකාශයට හා කාලයට නිරපේකෂ අවකාශය හා නිරපේකෂ කාලය යැ යි කියනූ ලැබෙයි. බටහිර දර්ශනයෙහි ඒ අවකාශය හා කාලය ඉනද්‍රීය ගෝචරත්වයෙන් ඔබ්බෙහි බූ ප්‍රාග් අනූභූතී අවකාශය හා ප්‍රාග් අනූභූතී කාලය යැ යි කාන්ටි පඬිවරයා විසින් නම් කෙරිණි.

යූරෝපයේ උගතුන් අතර පළමූවෙන් ඇති වූ නිරපේකෂ කාලය හා නිරපේකෂ අවකාශය පිළිබඳ අදහස් ක්‍රමයෙන් උගතුන් නොවූ අය කරා ද විහිදී ගියේ ය. අනෙක් සියල්ල සමඟ කාලය ද දෙවියන් වහන්සේ විසින් මවන ලද හෙයින් කාලය මැනීම ද දෙවියන් වහන්සේ ගේ සිතැඟි පරිදි සිදු විය. එවිට කාලය මැනීම ද දෙවියන් වහන්සේ ගේ මැනීම අනූව ම සිදු විය යූතුව තිබූණි. එහි ප්‍රතිඵලය වූයේ නිරිකෂකයන් සියලු දෙනාට ම කාලය පිළිබඳ එක ම මිනූමක් වීම ය. ඔරලෝසූව මේ මිනූම පිළිබඳ හැඟීම තවත් තිව්‍ර කළේ ය. කලින් තිබූ හෝරා වීදුරු මෙන් නොව ඔරලෝසූ එක ම වේලාවක් පෙන්නූම් කරන ආකාරයෙන් නිර්මාණය කිරිමට හැකි විය. හෝරා වීදුරුවකින් සිදු වූයේ සිද්ධි දෙකක් අතර කාලය මැනීම ය. ඒ මනින ලද කාලය එක් එක් අය ගේ හෝරා වීදුරුව මත, එයට යොදාගන්නා වැලි හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක් මත රඳා පැවතුණි. එහෙත් ඔරලෝසූ අනූක්‍රමයෙන් වඩ වඩා නිවැරැදි ව, සියූම් ව සෑම ඔරලෝසූවක ම එක ම වේලාව දෑක්වෙන අයූරින් නිර්මාණය කළ හැකි විය.

ඔරලෝසූවෙහි තවත් වෙනසක් විය. හෝරා වීදුරුවකින්, පෑ තැටියෙන්, පියවර මැනීමෙන් ආදියෙන් පෙන්නූම් කරන්නේ නිශ්චිත සිද්ධි දෙකක් අතර මැනෙන කාලය ය. පෑ තැටියෙන් මැනෙන්නේ අදාළ භාජනය පිරවීමට ගන්නා කාලය ය. පියවර මැනීමෙන් බැලෙන්නේ හිරු උදා වේ සිට ඒ මැනීම කරන තෙක් කොපමණ කාලයක් ගෙවී ගොස් ඇත් ද යන්න ය. පෑ තැටිය හෝ පියවර මැනීම හෝ දිගින් දිගට සන්තතික ව සිදු වන්නක් නො වෙයි. එහෙත් ඔරලෝසූව එසේ නො වෙයි. එහි වෙලාව හෝරාවලින් දෑක්වෙයි.

අද අප හෝරාවකට පැය යන්න යොදා ගත්ත ද සිංහල ක්‍රමය අනූව පැයක් යනූ හෝරාවක් නො වෙයි. පැය යන්න සිංහල මිනූමක් වෙයි. හෝ්රාව යන්න බටහිර මිනූමක් වෙයි. සිංහල ක්‍රමය අනූව දවසකට පැය හැටක් වෙයි. වරුවකට පැය තිහක් වෙයි. තුන්තිස් පැයේ පිරිත් යනූ වරු තුනක් සජ්කධායනය කෙරෙන පිරිත් වෙයි. හෝරාවකට පැය දෙක හමාරක් වෙයි. එහෙත් අද කාලයා ගේ ඇවෑමෙන් සිංහල පැය නැති වී බටහිර හෝරාව පැය බවට පත් වී ඇත. අද පැයක් කී විට ඉන් හැඟෙන්නේ සිංහල පැයක් නොව හෝරාවකි. පැය හා හෝරාව එකක් බවට පත් වී ඇත. විනාඩි මිනිත්තු සම්බන්ධයෙන් ද එවැනි වෙනසක් විය. එහෙත් අද විනාඩිය හා මිනිත්තුව යනූ එකක් බවට පත් වන ඇත. මේ සංස්කෘතික යටත් විජිතවාදය අප නොදෑනූවත් ම ක්‍රියාත්මක වීමක් වෙයි.

ඔරලෝසූවෙහි වේලාව සන්තතික ව දෑක්වෙයි. අප පියවර මැන්නේ හෝ පෑ තැටියෙන් වේලාව බැලුයේ හෝ අපට අවශ්‍ය විටක දී ය. බටහිර නූතනත්වය ඇති වීමට පෙර එහි ද වෙලාව මැනගත්තේ හෝරා වීදුරුවකින් අවශ්‍ය අවස්ථාවල දී ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමඟ සියල්ල වෙනස් විය. අපට අවශ්‍ය වූවත් නැතත් ඔරලෝසූවෙන් වේලාව දෑක්වෙයි. අප කරන්නේ අපට අවශ්‍ය විටෙක ඔරලෝසූවේ වේලාව කොපමණ දෑ යි කියවීම ය. ඔරලෝසූවෙහි ඇත්තේ නිරපේකෂ කාලයක් ය යන හැඟිම ඒ සමඟ බද්ධ වී ඇත. ඒ නිරපේකෂ කාලය නිරිකෂකයා ගෙන් ස්වායත්ත වෙයි. පරම්පරා කිහිපයකින් මේ නිරපේකෂ කාලය පිළිබඳ අදහස ඔරලෝසූව හරහා සාමාන්‍ය ජනතාව අතට ද පත්වෙයි.

පෑ තැටියෙන් හෝ පියවර මැනීමෙන් කාලය මැනගන්නේ සිද්ධි දෙකක් අතර ය. එහි කාලය සිද්ධි මඟින් නිර්ණය වෙයි. එහෙත් ඔරලෝසූවේ කාලය යනූ එවැන්නක් නො වෙයි. එහි කාලය අප සිටිය ද නැත ද ගලා යයි. එය අපෙන් ස්වායත්ත ය. එපමණක් නො වෙයි. ඔරලෝසූ කාල සංකල්පයට අනූව කාලය ගලා යන බැවින් සිද්ධි සිදු වන්නේ කාලයෙහි ය. සිද්ධි නිසා කාලය ඇති ිවනවා නොව කාලයෙහි සිද්ධි සිදු වෙයි. අප වැඩ ආරම්භ කරන්නේ උදේ හතට ය. නැත්නම් අට හමාරට ය. වැඩ අවසන් කරන්නේ දහවල් දෙකට ය. නැත්නම් සවස පහට ය. ඒ නිරපේකෂ වේලාවන් වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවට පදනම වනූ ඇත්තේ මෙසේ අපෙන් ස්වායත්ත ව ගලායන කාලය ය.

පෙර කල සිංහලයන්ට උදේ දහය යනූවෙන් නිරපේකෂ වේලාවක් නොවී ය. ඔවූන් වේලාව කීවේ සූර්යෝදයෙන් පැය දහයක් ගෙවී ගිය ආදී වශයෙන් තවත් සිද්ධියකට සාපේකෂව ය. සූර්යෝදය හා බිළිඳකු ගේ උපත යන සිද්ධි දෙක අතර කාලය (සිංහල) පැය දහයක් යැ යි කියැවිණි. අද පවා බිළිඳකු ගේ වේලාපත්කඩය සකස් කිරමේ දී එලෙස උත්පත්ති වේලාව සඳහන් කරනූ ලැබෙයි. හිරු අවරට ගොස් පැය දෙකකින් ආදී වශයෙන් වේලාව දෑක්වීමට සිංහලයෝ පූරුදු වී සිටිය හ.

අයින්ස්ටයින් පඬිවරයා විශේෂ සාපේකෂතාවාදයෙන් කාලය මැනීම සාපේකෂ දෙයක් බවට පත් කළේ ය. ඒ ඒ නිරිකෂකයා සිද්ධි දෙකක් අතර මනින කාලය වෙනස් විය හැකි ය. එහෙත් නිරිකෂකයන් දෙදෙනෙකු එකිනෙකාට සාපේකෂව චලනය නොවන්නේ නම් එවිට ඒ නිරිකෂකයන් මැනගන්නා කාල ප්‍රාන්තර සමාන වෙයි. කාල මැනීම වෙනස් වන්නේ එකිනෙකාට සාපේකෂව චලනය වන නිරිකෂකයන් සම්බන්ධයෙන් ය. එහෙත් මෙහි දී කිවයූතු කරුණක් නම් ඒ ඒ නිරිකෂකයා ගේ රාමූවෙහි කාලය නිරිකෂකයා ගෙන් තොරව ගලා යන බව ය. එමෙන් ම ඒ ඒ නිරකෂකයා ගේ රාමූවෙහි සිද්ධි සිදු වන්නේ එසේ ගලායන කාලයක ය. කාලය (හා අවකාශය), ඒ ඒ නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල නිරිකෂකයා නැතිව ද පවතියි. නිරිකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස්වන්නේ කාලය මැනීමෙන් ලැබෙන ප්‍රතිඵල ය. එමෙන් ම කලින් සඳහන් කර ඇති පරිදි ඒ ඒ නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය වෙනස් වූව ද සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය වෙනස් නො වෙයි.

අයින්ස්ටයින් විද්වතා මෙයටත් වඩා දුරකට ගියේ තම සාධාරණ සාපේකෂතාවායෙන් (General Theory of relativity)- ය. එහි දී ඔහූ අවකාශ කාලයෙහි සිද්ධි සිදුවනූ වෙනූවට අවකාශ කාලය ද්‍රව්‍ය (විකිරණ ද ඇතුළු) මඟින් නිර්ණය වන බව කියා සිටියේ ය. අවකාශය කාලය ද්‍රව්‍ය මඟින් නිර්ණය වේ නම් එවිට සිද්ධි යනූ අවකාශ කාලයෙහි සිදුවන දෑ යන්නෙන් මිදෙයි. සිද්ධි නිසා අවකාශ කාලය නිර්ණය වන්නේ ය යන්න එවිට නිගමනය කිරමට හැකි වෙයි.

අයින්ස්ටයින් විද්වතා විසින් සිදු කරන ලද්දේ බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ම සූසමාදර්ශී වෙනසකි. ඔහූ පහළොස්වැනි සියවසේ යූරෝපයෙහි ආරම්භ වූ චින්තනය වෙනස් නො කෙළේ ය. චින්තනයක සූසමාදර්ශ කිහිපයක් තිබිය හැකි ය. බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිව්ටෝනීය සූසමාදර්ශය මෙන් ම අයින්ස්ටයිනීය සූසමාදර්ශය ද වෙයි. ඒ සූසමාදර්ශ දෙක අතර ඇති වෙනස කාලය හා අවකාශය සම්බන්ධයෙන් වෙයි. අපි ඒ වෙනස්කම් පහත දෑක්වෙන අයූරින් සටහන් කර ගනිමූ.

නිව්ටෝනීය සූසමාදර්ශයෙහි කාලය හා අවකාශය වෙන වෙන ම නිරිකෂකයා ගෙන් තොරව වියූක්ත ව වාස්තවික ව පවතියි. එයට නිරපේකෂ අවකාශය හා නිරපේකෂ කාලය යැ යි කියනූ ලැබෙයි. අවකාශය හා කාලය, නිරිකෂකයන් සම්බන්ධයෙන් ගත්කල ප්‍රාග් අනූභූතී වෙයි. සිද්ධි සිදු වන්නේ මේ අවකාශයෙහි හා කාලයෙහි ය. ඒ අවකාශයෙහි ඕනෑම නිරිකෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර දුර මෙන් ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ද එක ම අගය ගනියි. සාධාරණ සාපේකෂාතාවාදය ද ඇතුළු ව ගත්කල අයින්ස්ටයිනීය සූසමාදර්ශයෙහි අවකාශය හා කාලය යනූවෙන් ඒ ඒ නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල පොදු දෙයක් බවට පත්වීමක් නැත. දෑන් ඇත්තේ පොදු අවකාශ කාලයකි. ඒ පොදු අවකාශ - කාලය ද්‍රව්‍ය හා විකිරණ මඟින් නිර්ණය වෙයි. සිද්ධි අවකාශ කාලයෙහි සිදුවනූ වෙනූවට දෑන් සිද්ධිවලට ප්‍රධාන තැනක් ලැබෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා දුර ඒ ඒ නිරිකෂකයා අනූව වෙනස් වෙයි. එහෙත් සිද්ධි දෙකක් අතර අවකාශ කාල ප්‍රාන්තරය ඒ ඒ නිරකෂකයා අනූව වෙනස් නො වෙයි. සිද්ධි දෙකක් අතර අවකාශ - කාල ප්‍රාන්තරය ඕනෑ ම නිරිකෂකයකු සම්බ්න්ධයෙන් ගත්කල එක ම අගයක් ගනියි. අයින්ස්ටයිනීය සාපේකෂතාවාද මූලික වශයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර දුර හා කාල ප්‍රාන්තරය මැනීමේ දී ඒ අගය ඒ ඒ නිරිකෂකයාට අනූව වෙනස් විය හැකි ය යන්න ප්‍රකාශ කරයි.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

නිවූන් දරුවන් ගේ කතා වස්තුව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

ලබන වසරට කාලය හා අවකාශය සම්බන්ධයෙන් අයින්ස්ටයින් පඬිවරයා සංකල්පීය වෙනසක් ඇතිකර වසර සියයක් ගෙවී යයි. ඔහූ විසින් 1905 දී ඉදිරිපත් කරන ලද ප්‍රවාදයට විශේෂ සාපේකෂතාවාදය (Special theory of relativity) - යැ යි කියනූ ලැබෙයි. ඔහූ විසින් ඒ වසරේ දී තවත් වැදගත් ප්‍රවාද දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රවාද තුන ම ඉතා වැදගත් වෙයි. ඒ සෑම එකකට ම නොබෙල් ත්‍යාගය හිමිවිය යූතු යැ යි පැවසෙයි. ඒ ප්‍රවාදවල වැදගත්කම නිසා ම 2004 අවසානයේ සිට ලබන වසර පූරා ම ද භෞතික විද්‍යා වසර ලෙස බටහිර විද්‍යාඥයන් විසින් නම් කෙර ඇත. 1905 වසරේ දී අයින්ස්ටයින් විද්වතා අවූරුදු විසිහයක තරුණයකු වූ බව ද අමතක නොකළ යූතු ය.

විශේෂ සාපේකෂතා ප්‍රවාදයෙහි දී අයින්ස්ටයින් පඩිවරයා විසින් සිදුකරන ලද වෙනස කුමක් ද? ඔහූ සියලු අවස්ථිති සමූද්දේශ රාමූ (Internal frame of references)- එකම මටිටමකට ගෙනාවේ ය. එයින් අදහස් කෙරෙන්නේ ඕනෑ ම අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් ඕනෑ ම සමූද්දේශ රාමූවකට සමාන බව ය. ඒ රාමූව එහි හෝ වෙනත් රාමූවක හෝ කෙරෙන පරිකෂණ මඟින් අනෙක් රාමූවකින් වෙන්කර ගැනීමට නො හැකි ය. අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් අවස්ථිති සමූද්දේශ රාමූවකින් වෙන්කර හඳුනාගත නො හැකි වෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි වැදගත් රාශියක් වූ ආලෝකයේ වේගය ඕනෑම සමූද්දේශ රාමූවක එකම අගයක් ගන්නේ එබැවින් ය.

යම්කිසි අයූරකින් ඒ ඒ අවස්ථිති රාමූවෙහි ආලෝකයෙහි ප්‍රවේගය විවිධ අගය ගන්නේ යැ යි සිතමූ. එවිට ආලෝකයේ ප්‍රවේගයට යම්කිසි අවස්ථිති සමූද්දේශ රාමූවක අවම අගයක් වෙයි. එවිට ඒ රාමූව අනෙක් රාමූවලින් වෙන්කර හඳුනාගත හැකි වෙයි. එය එක්තරා ආකාරයකින් ගතහොත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි නිරපේකෂක රාමූව වැන්නක් වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි එවැනි රාමූවක් විය. ඒ රාමූව නිරපේකෂ අවකාශය සමඟ සමපාත විය. නිරපේකෂ අවකාශය යනූ විකිරණ ද ඇතුළු සියලු ද්‍රව්‍ය ඉවත් කිරමෙන් පසූව ද ඉතිරි වන අවකාශයයි. මෙය හූදු හිතළුවක් පමණක් වෙයි. පළමූ කොට ම සියලු ද්‍රව්‍ය ඉවත් කිරිමෙන් පූසව දමන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. ඒ කෙසේ වෙතත් එවැනි අවකාශයක නිරිකෂකයකු පවා සිටිය නොහැකි ය. ඒ රාමූව සොයා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය වෙයි.

සියල්ල මැනෙන්නේ ඒ රාමූවට සාපේකෂ ව ය. ඒ රාමූව නිශ්චලව පවතියි. අනෙක් සියලු අවස්ථිති සමූද්දේශ රාමූ ඒ රාමූවට සාපේකෂ ව චලනය වෙයි. එහෙත් ප්‍රශ්නය වනූයේ චලනය යන්න සාපේකෂ වීම ය. නිරපේකෂ රාමූව නිශ්චල වන්නේ කිනම් රාමූවකට සාපේකෂ ව ද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොමැත. එහි සංකල්පීය ව ම ප්‍රශ්නයක් වෙයි. එහෙත් මේ සොයාගත නො හැකි නිරපේකෂ අවස්ථිති රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට අවශ්‍ය වෙයි. මේ රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට රිංගා ඇත්තේ ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ හරහා ය. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේට සාපේකෂ ව ය. දෙවියන් වහන්සේ නිරපේකෂ වෙයි. උන්වහන්සේ කිසිවකුට හෝ කිසිවකට හෝ සාපේකෂ නො වෙයි. නිරපේකෂ අවස්ථිති සමූද්දේශ රාමූව යනූ අන්කිිසිවක් නොව දෙවියන් වහන්සේ ගේ රාමූව වෙයි. එහෙත් මේ රාමූව භෞතික විද්‍යාවෙහි කෙරෙන පරිකෂණ මඟින් හඳුනාගත හැකි රාමූවක් නො වෙයි.

එවැනි නිරපේකෂ රාමූවක් අයින්ස්ටයින් පඩිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණ ද විශේෂ සාපේකෂතාවාදයෙහි දී අවස්ථිති සමූද්දේශ රාමූ ප්‍රතික්ෂේප නො කෙරිණි. අවස්ථිති සමූද්දේශ රාමූවක් යනූ නිව්ටෝනීය චලිත නියම වලංගු වන රාමූ වෙයි. වෙනත් වචනවලින් කිවහොත් නිව්ටෝනීය චලිත නියම යොදාගත හැකි රාමූවකට අවස්ථිති සමූද්දේශ රාමූවක් යැ යි කියනූ ලැබෙයි. අයින්ස්ටයින් විද්වතා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී එවැනි රාමූ බැහැර නො කළේ ය. එහෙත් දාර්ශනික වශයෙන් ගත්කල ඒ රාමූ ද නොයෙකුත් ප්‍රශ්නවලට ලක්විය. විශේෂයෙන් ම අර්නස්ටි මාක් නම් පඩිවරයා අවස්ථිතිය හා අවස්ථිති රාමූ යන සංකල්ප දෑඩි ලෙස විවේචනයට භාජනය නො කළේ ය. ඒ කෙසේ වෙතත් අවස්ථිතිය හා අවස්ථිති සමූද්දේශ රාමූ යන සංකල්ප අයින්ස්ටයින් පඩිවරයා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී රැකගත්තේ ය. එමෙන් ම ඔහූ කාලය යන්න ද සංකල්පයක් ලෙස ගත්කල වෙනසකට භාජනය නො කළේ ය. ඔහූ විසින් කරන ලද්දේ කාලය මැනීම සම්බන්ධයෙන් වූ වෙනසකි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය මැනෙන්නේ එක ම ආකාරයකින් ය. ඉන් අදහස් වන්නේ එක් අවස්ථිති සමූද්දේශ රාමූවක කාලය මැනෙන ආකාරයෙන් ම තවත් සමූද්දේශ රාමූවක කාලය මැනෙන බව ය. වෙනත් වචනවලින් කිවහොත් සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ඕනෑ ම රාමූවක එක ම අගයක් ගනියි. ඒ අනූව එක් රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් ඕනෑ ම රාමූවක ද සමගාමී වෙයි.

ඔරලෝසූ සම්බන්ධයෙන් හෝ කාලය මැනීමට ගන්නා වෙනත් ඕනෑම උපකරණයක් සම්බන්ධයෙන් හෝ වැදගත් ම කරුණක් වනූයේ සමගාමී සිද්ධි සියලු රාමූවල සමගාමී වන බවට කෙරෙන උපකල්පනය ය. කාලය මැනිම යනූ සමගාමී සිද්ධි ආශ්‍රයෙන් කෙරෙන බව අපි දුටූවෙමූ. අසවල් වෙලාවට යම් සිද්ධියක් සිදු විණි ය යන්නෙන් කියැවෙන්නේ ඒ සිද්ධිය ඔරලෝසූවේ කටූවල යම් පිහිටූමක් ඇති වීමේ සිද්ධිය සමගාමී බව ය. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ද එලෙස සමගාමී සිද්ධි ඇසූරෙන් ම මැන ගැනෙයි.

එහෙත් අයින්ස්ටයින් පඩිවරයා පෙන්නූම් කළේ එලෙස නිරපේකෂ සමගාමී සිද්ධි නොමැති බව ය. මේ රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් රාමූවක සමගාමී විය යූතු නො වෙයි. ඒ බව අපි දුම්රිය මැදිරියේ හා දුම්රිය වේදිකාවේ නිරිකෂකයන් ඇසූරෙන් දුටූවෙමූ. මෙහි ප්‍රතිඵලයක් වනූයේ ඒ ඒ අවස්ථිති රාමූවෙහි සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරවලට එක ම අගයක් නො ලැබීම ය. කාලය මැනීම විශේෂ සාපේකෂතාවාදයෙන් පසූව ඒ ඒ නිරිකෂකයාට සාපේකෂ ව විවිධ අගයන් ලබා දෙයි.

එහෙත් කලින් කියන ලද ආකාරයට කාලය මැනීම සම්බන්ධයෙන් එලෙස වෙනසක් සිදු වූව ද කාලය යන සංකල්පය සම්බන්ධ වෙනසක් විශේෂ සාපේකෂතාවාදයෙහි සිදු නොවිණි. කෙසේ වූවත් කාලය මැනීම සම්බන්ධයෙන් වූ මේ වෙනසත් සමඟ බටහිර භෞතික විද්‍යාවෙහි සූසමාදර්ශී වෙනසක් සිදු විය. එමෙන් ම එය බොහෝ බටහිරයන්ට උසූලාගත නො හැකි අන්දමේ බරක් විය. කාලය මැනීම නිරපේකෂ ව ගැනීමට පූරුදුව සිටි බටහිරයන්ට විවිධ නිරිකෂකයන්ට, රාමූවලට සාපේකෂව කාලය මැනීමෙන් විවිධ අගය ලැබෙන්නේ කෙසේ දෑ යි තේරුම්ගත නොහැකි විය. මෙලොව සියක් අවූරුදු එහි එක දවස වැනි අදහස් බටහිර ලෝකයෙහි නො වී ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කාලය මැනීම ඒ ඒ රාමූවල විවිධ අගය ගතහැකි බවට අදහසක් වෙයි. දෙවියන් ගේ ආයූකාල සම්බන්ධයෙන් මේ වෙනස ඇති බව සිංහල බෞද්ධයෝ දනිති. දෙවියන්ට එක දවසක් මෙහි සියක් අවූරුද්දක් වන්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මිනිසකු ඉපිද අවූරුදු සීයක් ජීවත් වී මිය ගියේ යැ යි කියමූ. මින් අදහස් වන්නේ මිනිසකු ඉපදීමේ සිද්ධිය හා මියයෑමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය අවූරුදු සීයක් බව ය. එහෙත් මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය දෙවියන් ගේ කාලය මැනීමට අනූව අවූරුද්දක් වැනි සූළු කාලයක් පමණක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි එවැනි දෙයක් පිළිගැනීම ප්‍රශ්නයක් නො වෙයි.

එහෙත් බටහිර සංස්කෘතියෙහි එය එසේ නො වෙයි. බටහිර බොහෝ දෙනාට අද ද විශේෂ සාපේකෂතාවාදයෙන් ලැබෙන නිගමන පිළිගැනීමේ අපහසූතාවක් වෙයි. නිවූන් සහොයූරන් දෙදෙනා ගේ ප්‍රශ්නය මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යූතු වෙයි. කමල් හා නිමල් යනූවෙන් නිවූන් සහෝදරයන් දෙදෙනකු ඇතැ යි සිතමූ. මෙයින් කමල් පොළොවේ රැදී සිටින අතර නිමල් රොකටිටූවක නැගී ගමන් කරන්නේ යැ යි සිතමූ. එමෙන් ම රොකටිටූවේ වේගය කමල්ට සාපේකෂ ව අති විශාල යැ යි ද සිතමූ. කමල්ට සාපේකෂ ව රොකටිටූව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්නේ යැ යි සිතමූ. එවිට නිමල්ට සාපේකෂ ව කමල් ද අති විශාල වේගයකින් චලනය වන බව අමතක නො කළ යූතු ය. මෙහි දී ප්‍රශ්නය වනූයේ මේ දෙදෙනා වයසට යෑම සම්බන්ධයෙන් ය. කාලය මැනීමේ දී ඒ ඒ නිරිකෂකයා සිද්ධි අතර කාල ප්‍රාන්තර සඳහා විවිධ අගය ලබා දෙන බව අපි දුටූවෙමූ. නිමල් ගේ ඔරලෝසූව හා කමල් ගේ ඔරලෝසූව ඒ ඒ සිද්ධි සම්බන්ධයෙන් ගත්කල දක්වන්නේ එක ම වෙලාව නො වෙයි. නිමල් රොකටිටූවේ නැගී ගොස් ආපසූ පොළොවට පැමිණෙන විට ඔහූ ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? එමෙන් ම නිමල් ආපසූ පැමිණෙන විට කමල් ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? නිමල් හා කමල් නිවූන් සොහොයූරන් බැවින් මෙහි දී ප්‍රශ්නයක් පැන නගියි. මේ ඔරලෝසූ දෙකෙන් දක්වන වේලාවන් වෙනස් නම් ඉන් කියැවෙන්නේ එක් අයකුට සාපේකෂව අනෙකා වයසට ගොස් ඇති බව ය!

මෙය සිංහල බෞද්ධයනට එතරම් ප්‍රශ්නයක් විය නො හැකි ය. මෙවැනි කතා සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබෙයි. අපේ හාමූදුරුවරු දේශනා කරන මෙවැනි කතා උපාසක උපාසිකාවනට හොඳ හැටි පූරුදු ය. එහෙත් බටහිරයන්ට එසේ නො වෙයි. නිවූන් සොහොයූරන් දෙදෙනා ගෙන් එක් අයකු අනෙකාට සාපේකෂ ව වයසට යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට වෙයි.

මෙය තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කළ යූතු ප්‍රශ්නයක් වෙයි. ඔරලෝසූවෙන් මනින්නේ නිරපේකෂ කාලයක් යැ යි සිතීමට පූරුදු කර ඇති වත්මන් සිංහල තරුණ තරුණියන්ට ද ඇතැම් විට මෙය ප්‍රශ්නයක් ලෙස පෙනෙනූ ඇත. එයට හේතුව බටහිර අධ්‍යාපනය මඟින් ඔවූන් තම සංස්කෘතියෙන් ක්‍රමයෙන් ඉවත් කිරම ය. එහෙත් අවූරුදු පණහකට පමණ පෙර ගමේ උපාසකම්මා කෙනෙකුට මෙය එතරම් ප්‍රශ්නයක් නොවී ය. මෙලොව ජීවත් වී මිය යන්නවූන් වෙනත් ලෝකවල ඉපිද සූළු කාලයකට පසූ මේ ලෝකය විශාල වශයෙන් වෙනස් වී ඇති අන්දම කියන කතා ඔවූන් අසා තිබිණි. අද එවැනි කතා අසන්නට නො ලැබීම එක් පාඩූවකි. අපේ සංස්කෘතිය අපට ලැබෙන එක් මාර්ගයක් නම් සාහිත්‍යය හා ජනකතා මාර්ගය ය. ඒ මාර්ගය වසා දෑමීමට අධ්‍යාපනඥයන් යැ යි කියාගන්නා අය කටයූතු කිරම කණාගාටූදායක ය.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~