නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

බටහිරයන්ගේ ථෙරවාද බෞද්ධ විරෝධතාව
මහාචාර්ය නලින් ද සිල්වා

මේ වන විට බිරිතානිය තම වෙස් මූහූණ ගලවා දමා ඇත. හැංගි හැංගි වෙස් බැන්ද ද නටන්නට සිදුවන්නේ එළියේ ය. බිරිතානි විදේශ ඇමැති මිලිබෑන්ඩ් ක්‍රියාකරන්නේ ලංකාවට එක්සත් ජාතීන්ගේ හමූදා එවීමට යම් ඉඩක් සපයා ගැනීමට ය. ඔහූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආරකෂක මණ්ඩලයෙහි දී වෙනත් කරුණූ යටතේ ලංකාව ගැන කතා කිරීමට අවසර පැතීය. එහෙත් රුසියාව, චීනය හා වෙනත් රටවල් ඔහූගේ අවශ්‍යතාව පරාජය කළේය. රුසියාව, චීනය වැනි රටවලට අපේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යූතුය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව සටනට අද ඒ නූතනත්වය බලහත්කාරයෙන් පටවන ලද රටවල් බොහෝමයක් එකට එකතු වෙමින් පවතී. එහිදී ලංකාවේ ක්‍රියාකාරීත්වය මැනවින් කැපී පෙනෙයි. පනස් ගණන්වල යූරෝපීය නොවන රටවල ඇති වූ ජාතිකත්ව ව්‍යාපාර නැවත වරක් වෙනත් මූහූණූවරකින් පැන නැඟෙමින් ඇත. ඒ ව්‍යාපාරයට නායකත්වය දීමේ හැකියාව ලංකාවට වෙයි.

මිලිබෑන්ඩ් නිව්යෝක් නූවර දී ලංකාවට එරෙහිව පූවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වීය. ඔහූට තවත් කිරීමට ඉතිරි වී ඇත්තේ ලන්ඩනයේ වික්ටෝරියා දුම්රියපොළ ඉදිරිපිට පිකටිටූවක් පැවැත්වීමය. ඒ සඳහා අවශ්‍ය නම් මෙරට ජඩමාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට පිකටිටූවක් කිහිපදෙනකු ඔහූගේ සහායට ගෙන්වා ගත හැකිය. මොවූන්ගෙන් ඇතැමකු ලංකාවෙන් පිට වී සිටීම නිසා මේ දිනවල කොටූව දුම්රියපොළ ඉදිරිපිට රඟපෑමක් දැක ගැනීමට ද නොහැකිය. මිලිබෑන්ඩ් කීයක් වියදම් කර වූවත් ඔවූන් ලන්ඩනයට ගෙන්වා ගතහොත් බීබීසිය, සීඑන්එන් වැනි ආයතන ඔවූන්ගේ පිකටිටූ රූප ලෝ පූරා ප්‍රචාරය කර හරින බැවින් අපට ද කලකට පසූව ඔවූන්ගේ රූප දැක ගැනීමට හැකි වනූ ඇත. පසූගිය කාලයේ සෝල්හයිම් හා නෝර්වේ ලවා තම කාර්ය ඉටූකරගත් බිරිතානිය අද එළිපිටම සිංහල විරෝධි ව්‍යාපාරයට මැදිහත් වීමට පටන් ගෙන ඇත. එමගින් මිලිබෑන්ඩ් මිලිලීටර ප්‍රමාණයට කුඩා වී දියාරු වී ඇති බව සිංහල විරෝධීන්ට නොතේරෙනවා ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සශ්‍රීක අවධියෙහි ලෝක බලවතා බවට පත් වී සිටි බිරිතානියේ විදේශ ඇමැතිවරයා ලංකාවට විරුද්ධව පූවත්පත් සාකච්ඡා පවත්වන තත්ත්වයකට පල්ලම් බැස ඇත්තේ ඇයි? බිරිතානි සිංහල විරෝධීන් පැහැදිලිවම බිරිතානි ආණ්ඩූවේ වක්‍ර අනූදැනූම යටතේ ලන්ඩනයේ කිංග්ස්බරි පන්සලට ද පහර දී ඇති බව වාර්තා වෙයි. ඊනියා ආගමික නිදහස, ආගමක් ඇදහීමට ඇති නිදහස, අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස, කෙටියෙන් කියන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා නිතර කතා කරන මානව හිමිකම් අයිතිය බිරිතානියේ වෙසෙන අතළොස්සක් පමණ වූ සිංහල බෞද්ධයන්ට නැති බව පැහැදිලි ය. බිබීසී ජඩමාධ්‍යය පන්සලට පහර දීම පිළිබඳ ඊනියා ප්‍රබූද්ධයන්ගේ විරෝධතාව ගැන වාර්තා කිරීමට උත්සාහ නොගන්නේ එවැනි විරෝධතා නොමැති බැවින් ද?

අද මෙරට ඇතැම් උගත්තු ද බිරිතානියේ දෙබිඩි පිළිවෙතක් ගැන කතා කරති. බිරිතානිය ඇෆ්ගනිස්තානයේදී එක් ආකාරයකිනූත්, ලංකාවේදී වෙනත් ආකාරයකිනූත් ක්‍රියාත්මක වන්නේ ඇයි දැයි ඔවූහූ අසති. මෙතෙක් කල් බිරිතානින්ගේ කිසිම නරකක් නොදුටූ මේ උගතුන්ට ඒ අයූරින් වූව ද බිරිතානිය ප්‍රශ්න කිරීමට සිදුවීම දෛවයේ සරදමක් විය හැකිය. එහෙත් මෙරට බොහෝ දෙනා තමන් ලබාගත් අත්දැකීම් මත පදනම්ව නිසි නිගමනවලට බැසීමට නොහැකිවීමේ කරුමයට උරගසා සිටිති. ඒ එක් අතකින් ඔවූන් ලබාගත් අධ්‍යාපනයෙනි. එනම් බිරිතානින් අපට ලබාදුන් අධ්‍යාපනයෙහි වරදය. බිරිතානියේ දෙබිඩි පිළිවෙතක් නැත. ඔවහූ තම සංස්කෘතිය රැක ගැනීමට කටයූතු කරති. තමන්ට විරුද්ධ ව්‍යාපාර වැනසීමටත් තම සංස්කෘතියට අභියෝගයක් වූ සංස්කෘතිවලට විරුද්ධ ත්‍රස්තවාදවලට සහාය දීමත් ඔවූන්ගේ ප්‍රතිපත්තිය වෙයි.

අතනින් මෙතනින් මෙරට දෙමළ ජාතිවාදයට, බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට අත නොගසා ප්‍රශ්නය සමස්තයක් ලෙස නොදැකීමේ වරදට අද අපි වන්දි ගෙවමූ. එහෙත් අප තවමත් පමා වී නැත. අපට නිවැරැදි කර ගැනීමට ඇත්තේ කරුණූ කිහිපයක් පමණය. අපට ඒ ටික කළ හැකි නම් දෙමළ ප්‍රශ්නය අපට මූලිනූපූටා දැමිය හැකි වනූ ඇත. සමස්ත දෙමළ ප්‍රශ්නයේම මූල ඇත්තේ බිරිතානිය හා ඕලන්දය හෙවත් නෙදර්ලන්තය බව අප කියා ඇත්තේ එක් වරක් පමණක් නොවේ. ලන්දේසිහූ තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් දෙමළ කුලීකරුවන් හෙවත් වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කුලීකරුවන් මෙරටට ගෙන ඒමෙන් හා බොරු ඉතිහාසයක් ලිවීමට යාල්පානම් වෛපව මාලෙයි කතුවරයාට අනූබල දීමෙන් ප්‍රශ්නය ආරම්භ කළහ.

බිරිතානිහූ එක් වෙල්ලාල පවූලක් ලංකාවේ නායකත්වයට පත් කිරීමටත්, පොදුවේ ඉංගිරිසි උගත් දෙමළ ජනයා මෙරට නායකයන් බවට පත් කිරීමටත් කටයූතු කළහ. එසේ ආරම්භ වූ ව්‍යාපාරය ත්‍රස්තවාදයක් බවට පත්වීමේදීත් ඒ ත්‍රස්තවාදය නඩත්තු කිරීමේදීත් බිරිතානිය ක්‍රියාකර ඇති බව මේ වන විට පැහැදිලි විය යූතුය. නෝර්වේ යනූ බිරිතානියේ නියෝජිතයා පමණක් විය. නෝර්වේ මෙහි පැමිණියේ මන්නාරම අසල මූහූදේ තෙල් ටික හා නැගෙනහිර වෙරළේ ඛණිජ වැලි දෙස පමණක් ඇස ගසා ගෙන යැයි තවමත් සිතන්නේ නම් විසිඑක්වැනි සියවස අවසන් වීමෙන් පසූව ද අපට විමූක්තියක් හෝ නිදහසක් හෝ නොලැබෙනූ ඇත. එහෙත් අප ප්‍රශ්නය තේරුම් ගන්නේ නම් අපට අවූරුදු කිහිපයක් ඇතුළත පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවනූ ඇත.

බිරිතානින් මූල සිටිම සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ජනයා මෙහෙයවූහ. ලංකාවේ දෙමළ ජාතිකවාදය බිරිතානින්ගේ ව්‍යාපාරයක් විය. ඒ ව්‍යාපාරය එදා මෙන් ම අද ද හින්දු චින්තනයක් මත පදනම් නොවීය. දෙමළ ජාතිකවාදය එදත් අදත් දෙමළ ජාතිකවාදයක් විය. මෙරට දෙමළ ජාතිවාදයේ අරමූණ වූයේ සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමය. දහනවවැනි සියවසේ හතරවැනි දශකය වන විට ද බිරිතානින්ගේ දෙමළ ජාතිවාදය මෙරට මූල්බැස ගෙන තිබිණි. එදා බිරිතානින් අද ප්‍රමාණයට දැනූවත්ව සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය යෙදවී යැයි මෙයින් අදහස් නොකෙරෙයි. බිරිතානින් අත්පත් කරගත් බොහෝ රටවල ප්‍රධාන සංස්කෘතික ධාරාවන්ට එරෙහිව වෙනත් සංස්කාතික ධාරා යොදා ගැනීම බිරිතාන්නිගේ උපාය විය. එහෙත් කල් යෑමේදී බිරිතානින්ට සිංහල බෞද්ධ සංස්කෘතිය තම ප්‍රධාන සතුරා බව වැටෙහන්නට වී ඇති බව පැහැදිලිය. පොදුවේ ගත් කල බටහිරයන් ථෙරවාද බෞද්ධ සංස්කෘති විනාශ කිරීම සඳහා කටයූතු කරති.

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද සටන් වදින්නේ එයට විරුද්ධව ආයූධ ගත් මූස්ලිම් සංස්කෘතිය සමගය. ඇතැම් මූස්ලිම් නායකයන් බටහිරයන්ගේ නූතනත්වය පිළිගෙන ඇති නමූත් මූස්ලිම් සංස්කෘතිය ආයූධ ගෙන ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව සටන් වදියි. එහෙත් කිසියම් ථෙරවාදි බෞද්ධ රටක් ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව සටන් වැද නොමැත. එසේ වූවද බටහිරයෝ ථෙරවාද බෞද්ධ සංස්කෘතියට එරෙහිව විවිධ අයූරින් කටයූතු කරති. ඔවූහූ ලංකාවේ ථෙරවාද බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය හා ත්‍රස්තවාදය යොදා ගනිති. ඔවූන් කොටින්ට සපයා ඇති ආයූධ ප්‍රමාණය හූදෙක් ඊළමක් පිහිටූවීමට ලබා දුන් දෑ නොවන බව මේ වන විට පැහැදිලිය. ඒ අවිවලින් මූළු ලංකාවම නැවතත් බිරිතානින්ගේ (බටහිරයන්ගේ) සෘජූ යටත් විජිතයක් බවටත් ප්‍රභාකරන් එහි ආණ්ඩූකාරයා බවටත් පත් කිරිමේ හැකියාවක් විය. මියන්මාරයේ, තායිලන්තයේ, ලාඕසයේ, කාම්බෝජයේ ථෙරවාද සංස්කෘතිය දුර්වල කිරීමට හැකිනම් නැති කිරීමට බටහිරයන් ක්‍රියාකරන බව පැහැදිලිය.

බටහිරයෝ මහායානයට ඒ අයූරින් නොසලකති. දලයිලාමා අද බටහිරයන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. මහායාන බූද්ධාගම බටහිර රටවල වේගයෙන් නොවූවත් පැතරී යයි. බටහිර රටවල ඇතැයි කියන ඊනියා බෞද්ධ ප්‍රබෝධය මහායානය මූල්කර ගත් එකක් විනා ථෙරවාදී ප්‍රබෝධයක් නොවේ. අද මහායානය ආත්මවාදී පෞද්ගලිකත්වය අගයන ඉන්ද්‍රිය පිනවීම බැහැර නොකරන සංස්කෘතියක් බවට පත් වී අවසානය. ජපානය, කොරියාව ආදී මහායාන රටවල් දියූණූවීමටත් ථෙරවාද බෞද්ධ රටවල් දියූණූ නොවීමටත් ඇති හේතුව කුමක් ද? මෙහි දියූණූව යන්න නිරපේකෂක වාස්තවික අර්ථයක් ගෙන දෙන්නක් නොවේ. අද ලෝකයේ දියූණූව යන්නෙන් අදහස් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මත පදනම් වූ දියූණූවක් බව රහසක් නොවේ. මහායාන රටවල් දියූණූ වන්නේ ඒ රටවල සංස්කෘතියට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වැළඳ ගැනීමට හැකි වූ බැවිනි. ථෙරවාද රටවලට එසේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ම සංස්කාතියට අවශෝෂණය කර ගැනීමට නොහැකි වී ඇත. අද ඇතැමූන් මහායානය හා ථෙරවාදය අතර වෙනසක් නැතැයි යන ගජබින්නය ප්‍රචාරය කරන්නේ බටහිර උගතුන්ගේ අනූදැනූම හා අනූග්‍රහය යටතේය. මහායානය හා ථෙරවාදය අතර වෙනසක් නැති බවට ව්‍යාජ මතවාද සකස් කර ථෙරවාදයට ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රිංගවීම මේ ව්‍යාපෘතියේ අරමූණ වෙයි. දැන් ප්‍රශ්නය වනූයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ථෙරවාදී සංස්කෘතිවලට මෙතරම් විරුද්ධ වන්නේ ඇයි ද යන්නය. ඒ තේරුම් ගැනීමට අප අවූරුදු පන්සියයකට ඉහත බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇරඹීහ හැදෑරිය යූතුය.