නන්නත්තාර සංස්කෘතිය
මහාචාර්ය නලින් ද සිල්වා
ඊනියා ද්විභාෂික උගත්තු විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදායෙන් බිහි වූ හ. ඔවූහූ බටහිර නවකතා, කෙටිකතා පමණක් නො ව බටහිර විද්‍යාව ඇතුළුව සමස්තයක් ලෙස ගත් කල බටහිර දැනූම අගය කළ හ. එහෙත් ඔවූහූ සංගීතයෙහි දී උත්තර භාරතීය සංගීතයට ආකර්ෂණය වූ හ. එසේ වූවත් බටහිර විද්‍යාව අගය කළවූන් ලෙස හා බටහිර විද්‍යාඥයන් ගේ හා දාර්ශනිකයන් ගේ මතවාද පිළිගත්තවූන් ලෙස ආයූර්වේදය නො ව බටහිර වෛද්‍යවිද්‍යාව අගය කළ හ. ඇතැම්හූ බටහිර වෛද්‍යවිද්‍යාව එක ම වෛද්‍යවිද්‍යාව ලෙස හා සත්‍ය වෛද්‍යවිද්‍යාව ලෙස පිළිගත් හ. එවැන්නන්ට ආයූර්වේදය මිථ්‍යාවක් විය.
දේශපාලන වශයෙන් ගත් කල ඔවූහූ දෙපිළකට බෙදුණ හ. ඔවූහූ සියලූ දෙනා ම පාහේ බටහිර දියූණූව එක ම දියූණූව ලෙස පිළිගත් හ. අප දියූණූ විය යූත්තේ බටහිර ක්‍රමයට අනූව යැයි ඔවූහූ කිසි ම වගවිභාගයක් නැතිව උපකල්පනය කළ හ. එහෙත් ඔවූන් සියලූ දෙනා ම බටහිර ධනපති ක්‍රමය පිළිගත්තේ යැයි මෙයින් අදහස් නො කෙරෙයි. ඇතැම් ඊනියා ද්විභාෂිකයෝ බටහිර අච්චූවේ ම විකල්පය වූ මාක්ස්වාදී සමාජවාදය පිළිගත් හ. මේ පිරිස ධනපති ආර්ථික ක්‍රමයට පමණක් නො ව ධනේශ්වර දේශපාලනයට ද විරුද්ධ වූ හ. ඊනියා කම්කරු පංති නායකත්වයෙන් විප්ලවය කිරීම ඔවූන් ගේ බලාපොරොත්තුව විය.
ඇතැම් ඊනියා ද්විභාෂික උගත්තු බටහිරට වඩා ඉන්දියාවට ඇල්මක් දැක්වූ හ. එසේ ඇලූම් කළ අය මූලික වශයෙන් අධිරාජ්‍ය විරෝධී වූවෝ ය. අධිරාජ්‍ය විරෝධි නො වී ද ඉන්දියාවට ඇලූම් කළ අය සිටි බවත් එමෙන් ම ඇතැම් අධිරාජ්‍ය විරෝධීන් ඉන්දියාවට ඇලූම් නො කළ බවත් මෙහි දී මතක තබාගත යූතු ය. මේ සම්බන්ධයෙන් සරල සූත්‍රයක් ගොඩනඟාගත නොහැකි වන අතර ඒ ඒ අය ගේ ලෝක දෘෂ්ටි අනූව ඔවූහූ විවිධ මත දැරූ හ. ඉන්දියාව මූලික වශයෙන් බෞද්ධ විරෝධී ය යන්න මේ කිසිවකු ගේ වත් අවධානයට ලක් වී යැයි නො සිතමි. ඉන්දියාවට ඇල්මක් දැක්වූ බොහෝ අය සිතා සිටියේ ඉන්දියාවෙන් අපට අවැඩක් නො වනූ ඇතැයි කියා ය.
මේ සියලූ පරස්පර මැද සිංහල විදග්ධ සංස්කෘතියක් ගොඩනැඟීමට වෑයම් කළවූන් බටහිර දැනූම එක ම සත්‍ය දැනූම ලෙස පිළිගත් අතර සාහිත්‍යයෙහි හැරෙන්නට සංගීතයෙහි හා වෙනත් සෞන්දර්යාත්මක විෂයන්හි ද ඉන්දියාව (පැරණි භාරතය) අනූකරණය කළ හ. සාහිත්‍යයෙහි ද අනෙක් කෙෂත්‍රවල ද ඔවූහූ සමස්තයක් ලෙස ගත් කල බටහිරයන් අනූකරණය කළ හ. මොවූහූ බටහිර විශ්වවිද්‍යාලීය සම්ප්‍රදාය අනූව සිතු ඊනියා ද්විභාෂික උගත්තු වූ හ. ඉදිරිවීර සරච්චන්ද්‍ර, ඇම්. ජේ. පෙරේරා ආදී මහත්වරු මේ ව්‍යාපෘතියේ මූල් තැන ගතතෝ ය. අප කලින් ද සඳහන් කර ඇති පරිදි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සම්බන්ධයෙන් තරමක් වෙනස් අදහසක් දැරී ය. භාරතීය සංකෘතියෙන් සිංහල සංස්කෘතිය අදීන වීම අවධාරණය කළ ඒ මහතා සිංහල සංස්කෘතියේ ඇතැම් අංග බටහිර සංස්කෘතිය සමග සමාපාත වන්නේ යැයි වැරදියට විශ්වාස කෙළේ ය.
සිංහල විදග්ධ සංස්කෘතියක් ගොඩනැඟීමට මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා ද උත්සාහ දැරූ බව මෙහි දී සඳහන් කළ යූතු ය. ඒ මහතා මූල් කාලයේ දී ලංකා ගුවන්විදුලියට සම්බන්ධ ව විශාල කාර්යභාරයක් ඉටූ කෙළේ ය. එයට අමතරව ඒ මහතා බෞද්ධ අධ්‍යාපනය නඟාසිටූවීමට ද සමස්තයක් ලෙස බූදුසසූන පෝෂණය කිරීමට ද කැපවීමෙන් වැඩ කෙළේ ය. ඒ අතර තවත් බොහෝ දෙනා ද සිංහල විදග්ධ සංස්කෘතියක් ගොඩනැඟීමට විවිධාකාරයෙන් දායක වී ඇත. කලින් ද සඳහන් කල ඇති පරිදි කුමාරතුංග මූනිදාස මහතා අන් සියල්ලන්ට වඩා වෙනස් මගක් ගත්තේ ය. ඒ මහතා ඉන්දියාවෙන් මූළුමනින් ම මෙන් ස්වධීන වීමට උත්සාහ කෙළේ භාරතීය සංස්කෘතීන් හා සිංහල සංස්කෘතිය අතර වූ සම්බන්ධකම් නො සලකා හරිමිනි.
කෙසේ වෙතත් අවසානයේ දී සිංහල විදග්ධ සංස්කෘතියෙහි බොහෝ ලකෂණ සරච්චන්ද්‍ර, ඇම්. ජේ. පෙරේරා මහතුන් ගේ දායකත්වයෙන් බිහි විණි. සරච්චන්ද්‍ර මහතා විදග්ධ ගැමි සංස්කෘතිය දෙස බැලූවේ නාට්‍යකරණයෙහි දී පමණ ය. සිංහල ගැමි නාටකය යනූවෙන් කෘතියක් ද සම්පාදනය කළ ඒ මහතා මනමේ හා සිංහබාහූ නිර්මාණය (නිෂ්පාදනය) කිරීමේ දී මෙරට නාට්‍ය සම්ප්‍රදාය අනූගමනය කෙළේ ය. අද ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය යනූවෙන් හැඳින්වෙන මේ නාට්‍ය සම්ප්‍රදාය ගැන විධිමත් පූර්ණ අධ්‍යයනයක් තවමත් කෙරී නැත. සරත්චන්ද්‍ර මහතා ගේ අදහස වූයේ මේ නාට්‍ය සම්ප්‍රදාය නාඩගම් ඇසූරෙන් මෙරටට හඳුන්වා දී ඇති බව ය. ඒ හඳුන්වා දී ඇත්තේ දෙමළ කතෝලික පූජකවරුන් ඔස්සේ බව ඒ මහතා ගේ අදහස විය. එහෙත් මහාචාර්ය දෑලබණ්ඩාර මහතා දරන්නේ වෙනත් අදහසකි. ඒ මහතාට අනූව පෘතුගීසින් පැමිණීමට පෙර ද මේ නාට්‍ය සම්ප්‍රදාය මෙරට තිබී ඇත අඩූ ම තරමින් දඹදෙණි යූගය දක්වා ඒ සම්ප්‍රදායෙහි සම්භවය ගෙන යෑමට ඒ මහතා සමත් වෙයි. කවී නළුව ද සිංහල නාට්‍ය කෙෂත්‍රයෙහි ඈත අතීතයෙහි ද දැකිය හැකි බව ඒ මහතා පෙන්වා දී ඇත.
අපට සංගීතයක් ලැබූණේ පෘතුගීසීන් ගෙන් පසූව යැයි කියන්නන්ට සරච්චන්ද්‍ර මහතා ගේ අදහස් ප්‍රියජනක බව අමූතුවෙන් කිවයූතු නො වේ. එහෙත් සිංහල සංස්කෘතියෙහි සංගීතයක් නො තිබිණි යැයි කීම පිළිගත හැක්කක් නො වේ. ලෝකයේ කිසි ම රටක නොමැති බෙර වාදන සිංහලයන් නිර්මාණය කර ඇත. වාදනය ද අවසාන විග්‍රහයෙහි අයත් වන්නේ සංගීතයට ය. පිරිත් දේශනා ද අපට සිහිගන්වන්නේ සිංහල සංගීතයකි. ඇතැම් නෙළුම් කවි, පිරිත් මෙන් ඇසෙන බව රහසක් නො වෙයි. ඒ පිරිත් දේශනා කිරීමේ ක්‍රම නිර්මාණය කළ භිකෂූන් වහන්සේ සිංහල සංස්කෘතියේ සිංහල භිකෂූන් වහන්සේ ය. උන්වහන්සේ සිංහල ගීත ගායනාවලින් ආභාසය නො ලැබී යැයි කීමට නොහැකි ය. අනෙක් අතට අනූරාධපූරයෙහි ඇති චිත්‍ර හා කැටයම්වලින් වාදකයන් නිරූපණය වන්නේ එකල මෙරට සංගීයක් තිබූණූ බැවිනි. සිංහල සංගීතය ගැන අධ්‍යයනය කරන්නන් අනෙක් ථෙරවාද රටවල සංගීතය ද හදාරන්නේ නම් මැනවි යැයි සිතමි. අනෙක් ථෙරවාදී රටවල ඇත්තේ ඒ ඒ රටවල සංස්කෘතීන්ට අවශෝෂණය කෙරුණූ සිංහල බෞද්ධ සංස්කෘතියක් බව පැහැදිලි ය. දෑල බණ්ඩාර මහතා සඳහන් කරන ගී නළුව ද අපට කියන්නේ අපේ පැරණි සිංහල සංගීතයක් තිබූ බව ය.
කෙසේ වෙතත් සිංහල විදග්ධ සංස්කෘතියක් නිර්මාණය කිරීමට තැත් කළ අය අසාර්ථක වී ඇති බව පැහැදිලි ය. ඔවූන් අවසන් වශයෙන් කර ඇත්තේ බටහිර කෙටි කතා හා නවකතා අච්චූවේ සිංහලෙන් ලියන ලද කෘති කියවන, උත්තර භාරතීය සංගීතය අගය කරන, බටහිර විද්‍යාව ඇතුළු අනෙක් බටහිර දැනූම් එක ම සත්‍යය ලෙස සලකන බටහිර අච්චූවේ නාට්‍ය නරඹන, ඇතැම් විට ව්‍යාජ බටහිර සංගීත අච්චූවක කේමදාස මහතා අනූගමනය කරමින් අනූකාරක සංගීත රසවිඳින ඉතා සූළු පිරිසක් බිහි කිරීම ය. ඒ අතර ගැමියන් හා ගමෙන් නගරයට පැමිණ නන්නත්තාර වූවන් අමතක කිරීම ය. ඒ නන්නත්තාර වූවන් ගේ සංස්කෘතිය ඊනියා ජනප්‍රිය සංස්කෘතිය ලෙස අද නම් කෙරී ඇත්තේ සරත් අමූණූගම නම් සමාජ විද්‍යාඥයා ගේ අනූකරණය පසූපස ගොසිනි.
සිංහල සමාජයේ සංස්කෘතික වර්ගීකරණයෙහි හතරවැනි ස්ථරය මේ පිරිස ගෙන් සමන්විත වෙයි. මෙය ජනප්‍රිය සංස්කෘතිය ලෙස නො ව නන්නත්තාර සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි ය. මූල දී ලංකා ගුවන්විදුලි සේවයෙහි වෙළෙඳ සේවය වෙන් වූයේ මේ පිරිස සඳහා ය. අද වන විට හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති විවිධ ගුවන්විදුලි නාළිකා හා රූපවාහිනි නාළිකා මේ අය සඳහා වෙන් වී ඇත. මේ පිරිස අද සමාජයේ බහූතරය බවට පත් වී ඇත. සිංහල සමාජයේ ඉංගී්‍රීසි සංස්කෘතිය අගයන ස්ථර දෙක මේ පිරිසෙන් වෙන් වී ඇති අතර ව්‍යාජ සිංහල විදග්ධ සංස්කෘතිය තම සංස්කෘතිය යැයි පිළිගන්නා අය හා මේ නන්නත්තාර වූවන් අතර ඇත්තේ ද විශාල පරතරයකි. නන්නත්තාර වූවෝ බටහිර අච්චූවේ නවකතා නො කියවති. ඔවූනට ඊනියා සම්භාව්‍ය නාට්‍ය හා චිත්‍රපටි බොරු මනස්හාත පමණක් වෙයි. එහෙත් මේ නන්නත්තාර බහූතරය අද ව්‍යාජ විදග්ධ අතළොස්සට අභියෝග කරනූ දැකිය හැකි ය. ජාතික යැයි කියන නාළිකාවලට පවා අද මේ නන්නත්තාරයන් ගේ නාළිකා අනූකරණය කිරීමට සිදු වී ඇත. අද විදග්ධ සංස්කෘතිය ගෙන එන්නේ යැයි කියන නාළිකාවලට ද නායකත්වය සපයන්නේ මේ නන්නත්තාර වූවන් ගේ සංස්කෘතිය ගෙන එන නාළිකා ය.
නන්නත්තාර වූවන් ගේ කුලකයට බොහෝ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෝ ඇතුළත් වෙති. ගමෙන් පිමිණි මේ බොහෝ දෙනාට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතිය අවශෝෂණය කරගැනීමට නොහැකි විය. සිංහලෙන් අධ්‍යාපනය ලැබීම ද එයට හේතුවක් වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනූම වූව ද සිංහලයෙන් ලබා දීමේ දී යම් වෙනස්කම්වලට භාජන වන බැවිනි. කෙසේ වෙතත් ප්‍රභූ පාසල්වල මෙන් ම මධ්‍යම මහා විදුහල්වල ද අධ්‍යාපනයෙන් දැන් පෙර මෙන් නො ව බටහිර සංස්කෘතික ආභාසය ලබා නො දෙයි. මේ සිසූහූ පාසල්වල දී හා විශ්වවිද්‍යාලවල දී සිංහල විදග්ධ සංස්කෘතියට ද ඇතුළු කරගනූ ලැබූ හ. ඔවූනට කළ හැකි ව තිබූණේ නන්නත්තාර සංස්කෘතිය අවශෝෂණය කරගැනීම පමණ ය. ඔවූනට බටහිර නවකථා රසවිඳීමට නොහැකි විය. එමෙන් ම ඔවූනට ගැමි සංස්කෘතියට ද උරුමකම් කීමට නොහැකි විය.
මේ ශිෂ්‍යයන් පොත් නො කියවන්නේ යැයි කියනූ ලැබෙයි. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ පොත් කියවීම පිළිබඳව නිතර කතා කරනූ ඇසිය හැකි ය. ඔවූන් අඩූ ම තරමින් කෙටිකතා පොතක් වත් නො කියවන්නේ ඔවූන් අදාළ සංස්කෘතියක නො වන බැවින් එනම් ඒ සිසූන් එක්කෝ ඉංගිරිසි කතා කරන ව්‍යාජ විදග්ධ සංස්කෘතියට නැත්නම් එලෙස ම ව්‍යාජ වූ විදග්ධ සිංහල සංස්කෘතියට එක් කරගෙන නැති බැවින් ය යන්න බොහෝ දෙනකු තේරුම් ගත් බවක් නො පෙනෙයි. මේ සිසූන් අද අයත් වන්නේ නන්නත්තාර වූවන් ගේ ගණයට ය.
එදා පාසල්වල ඉහළ පන්තිවල හා විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් සිසූන් ව්‍යාජ විදග්ධ සංස්කෘතීන් දෙකෙන් එකකට හෝ ඇතැම් විට දෙකට ම හෝ අයත් වන්නටත් අද සිසූන් ගෙන් අතිවිශාල බහූතරය ඒ සංස්කෘති දෙකෙන් එකකට වත් අයත් නො වන්නටත් හේතුව කුමක් ද? එයට හේතුව සිංහලෙන් අධ්‍යාපනය ලැබීම යැයි මේ වන විට ඇතැමකු සිතනූ ඇත. ඔවූන් ව්‍යාජ ඉංගිරිසි විදග්ධ සංස්කෘතියට අයත් නො වීමට ඒ එක් හේතුවක්, එහෙත් ප්‍රධාන නො ව ආන්තික හේතුවක් විය හැකි ය. සිංහලයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධ්‍යාපනයක් ඒ සංස්කෘකියෙහි වැදගත් ලකෂණ ද සහිතව දිය හැකි යැයි නො සිතමි. ඒ ඉංගිරිසියෙන් බූද්ධ ධර්මය දේශනා කිරීම වැන්නකි. ඒ කෙසේ වෙතත් වත්මන් සිසූන් ව්‍යාජ සිංහල සංස්කෘතියට ද අයත් නො වන්නේ ඇයි? සිංහලෙන් අධ්‍යාපනය ලබන මේ සිසූන් ව්‍යාජ වූවත් විදග්ධ සිංහල සංස්කෘතියට ද අයත් නො වන්නේ ඇයි ද යන්න වෙනම් සාකච්ඡා කළ යූතු ය.