සාපේකෂ කාලය - නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූ
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
බටහිරයන්ට නිරපේකෂතාවයෙන් මූළුමනින් ම මිඳෙන්නට නො හැකි ය. ඔවූන් ගේ සාපේකෂතාවන් සියල්ල අවසාන වශයෙන් ගත්කල නිරපේකෂව පවත්නා යම් දෙයක් ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ග්‍රහණය වන ආකාරයෙන් සූත්‍රගත කෙරෙයි. නිරපේකෂ දෙවියන් වහන්සේට පෙනෙන, නැත්නම් සාපේකෂ වූ මේ නිරපේකෂය දෙවියන් වහන්සේ පිලිබඳ විශ්වාසය තිබෙනතාක් බටහිරයන් ගෙන් නොගිලහෙනූ ඇත. සියලූ නිරපේකෂතාවයන් අවසාන වශයෙන් ගලා එන්නේ නිරපේකෂ ව පවතින දෙවියන් වහන්සේ ගෙන් ය. බටහිරයන්ට තමන් යූදෙව් චින්තනයෙන් හිමිකරගෙන ඇති මේ නිරපේකෂ දෙවියන්වහන්සේ ගෙන් ගැලවිය හැකි නො වෙයි.
අයින්ස්ටයින් විද්වතා එතෙක් බටහිර ලෝකයේ පැවති සූසමාදර්ශය (Paradigm)- වෙනස් කෙළේ ය. සූසමාදර්ශයක් යනූ ප්‍රවාදයකට වඩා ගැඹූරින් ඇති දෙයක් වෙයි. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් සූසමාදර්ශයක ය. එනම් සූසමාදර්ශයක් පදනම් කර ගනිමින් ය. සූමාදර්ශයක ලෝකය ග්‍රහණය කරගැනීමේ ක්‍රමයක්, පිළිවෙතක් වෙයි. ලෝකය නිර්මාණය කිරමේ දී ඒ ඒ සූසමාදර්ශ විවිධ උපකල්පන ඇතිකරගනියි. එතෙක් පැවැති නිව්ටෝනීය සූසමාදර්ශයෙහි උපකල්පනවලට අනූව ආලෝකයේ වේගය නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස්විය හැකි ය. එකිනෙකට සාපේකෂව ඒකාකාර වේගයකින් චලනය වන සමූද්දේශ රාමූ දෙකක නිරකෂකයන් දෙදෙනකු ගතහොත් ඔවූනට සාපේකෂව ආලෝකයේ වේගය ද වෙනස් වෙයි. ඒ වෙනත් වේග හා සම්බන්ධයෙන් වන පරිදි ම ය. ගඟක ඉවූරෙහි සිටින නිරකෂකයකුට සාපේකෂව ඔරුවක වේගය ගඟෙහි පාවෙන පාරුවක සිටින නිරකෂකයකුට සාපේකෂව ඔරුවේ වේගයෙන් වෙනස් වෙයි. ඔරුව, ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂව ගඟ පහළට u ප්‍රවේගයකින් ගමන් කරන්නේ යැ යි සිතමූ. එමෙන් ම ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂව ගඟෙහි වේගය v යැ යි ද සිතමූ. පාරුව ගඟෙහි පාවෙන බැවින් ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂකව පාරුවෙහි සිටින නිරකෂකයාට ද u වේගයකින් ගඟ පහළට චලනය වෙයි. නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව පාරුවෙහි සිටින නිරිකෂකයාට සාපේකෂව ඔරුව ගඟ පහළට v-u වේගයකන් චලනය වෙයි. නිරකෂකයාට/ගඟ ට වඩා අඩූ වන්නේ ද වැඩි වන්නේ ද යන කරුණ මත පදනම් ව v-u සෘණ හෝ ධන හෝ අගයක් ගනියි.
නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව ආලෝකයේ වේගය ද එපරිද්දෙන් ම නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස් විය හැකි ය. එහෙත් ආලෝකයේ වේගය යනූ භෞතිකව වැදගත් වන්නා වූ රාශියක් වෙයි. මැක්ස්වෙල් ගේ සමීකරණවල භෞතික රාශියක් ලෙස ආලෝකයේ වේගය සටහන් වෙයි. අයින්ස්ටයින් විද්වතා ගේ මතය වූයේ භෞතික විද්‍යාවේ නියම ඒ ඒ අවස්ථිති (inertial- නිරකෂකයා අනූව වෙනස් නො විය යූතු බව ය. ඔහූ කියා සිටියේ එකිනෙකාට සාපේකෂව නියත ප්‍රවේගවලින් ගමන් කරන අවස්ථිති නිරකෂකයන් සියළු දෙනා ම භෞතික විද්‍යාවේ නියම සම්බන්ධයෙන් ගත්කල සමාන බව ය. වෙනත් වචනවලින් කිවහොත් භෞතික විද්‍යාවේ කෙරෙන පරිකෂණ හෝ නිරකෂණ හෝ මඟින් එක් අවස්ථිති සමූද්දේශ රාමූවක් (අවස්ථිති නිරකෂකයා ගේ රාමූව - (Inertial frame of reference)- තවත් අවස්ථිති සමූද්දේශ රාමූවකින් වෙන්කර හඳුනාගත හැකි නො වෙයි. මේ අයින්ස්ටයිනීය මූලධර්මයෙහි ප්‍රතිඵලය වනූයේ ආලෝකයේ වේගය සෑම අවස්ථිති සමූද්දේශ රාමූවකට ම එනම්, එවැනි රාමූවල සිටින නිරකෂකයන්ට සාපේකෂව එක ම අගයක් ගැනීම ය. මේ මූලධර්මය සමඟ බටහිර ලෝකයෙහි සූසමාදර්ශයෙහි ද වෙනසක් සිදු විය. නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව ආලෝකයේ වේගය අවස්ථිති සමූද්දේශ රාමූවල සිටින නිරකෂකයන්ට සාපේකෂව නියත අගයක් ගනියි. සූසමාදර්ශ වෙනසක් සිදු වූ විට ඒ ඒ සූසමාදර්ශය මත පදනම් වූ ප්‍රවාදවල ද වෙනස්කම් සිදු වෙයි.
ඕනෑම අවස්ථිති සමූද්දේශ රාමූවක ආලෝකයේ වේගය එක ම අගයක් ගන්නේ ය යන්නෙහි ප්‍රතිඵලයක් වනූයේ අප දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව මෙන්ම ම දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ද ආලෝකයේ වේගය එක ම අගයක් ගැනීම ය. ආලෝකයේ වේගය එක ම අගයක් ගන්නේ නම්, එය ආලෝකයේ ප්‍රභවය හෝ වෙනත් යමක් මත රදා පැවතිය නො හැකි ය. දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල විදුලි පන්දම් දෙකෙන් ම නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් එක ම වේගයකින් ගමන් කරයි. මෙය තේරුම් ගැනීම එතරම් අපහසූ කරුණක් නොවන්නේ විදුලි පන්දම් දෙක ම දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල නිසල ව තිබීම නිසා ය. විදුලි පන්දම් දෙක දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව නිසල ව ඇති නමූත් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව චලනය වෙයි. එක් විදුලි පන්දමක් ඒ නිරකෂකයා වෙතට එන අතර අනෙක් විදුලි පන්දම නිරකෂකයා ගෙන් ඉවතට යයි. එය එසේ වවූත් ඇතැම් විට තේරුම් ගැනීමට තරමක් අපහසූ විය හැකි නමූත්, අයින්ස්ටයිනීය සාපේකෂතා මූලධර්මයට අනූව කිනම් විදුලි පන්දමක් ගත්ත ද ඉන් නිකුත් කෙරෙන ආලෝකය නිරිකෂකයාට සාපේකෂකව එක ම වේගයෙන් ගමන් කරයි.
මේ කරුණ අපට වැදගත් වන්නේ කෙසේ ද? දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙකෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරා දෙක තමා වෙතට එක ම වේලාවක දී නො පැමිණෙයි. නිරකෂකයා වෙතට ගමන් කරන විදුලි පන්දමෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාව අනෙක් ආලෝක ධාරාවට කලින් නිරකෂකයා වෙතට පැමිණෙයි. එහෙත් විදුලි පන්දම් දෙක දුම්රිය මැදිරියේ සිටින නිරීකෂකයාට සාපේකෂව ද ඇත්තේ සමාන දුරකින් ය. එපමණක් නො වෙයි. අයින්ස්ටයිනීය සූසමාදර්ශයට අනූව විදුලි පන්දම් දෙකෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරා නිරකෂකයා වෙතට පැමිණෙන්නේ එක ම වේගයකින් ය. මෙයින් ලැබෙන නිගමනය කුමක් ද? ආලෝක ධාරා ගමන් කරන්නේ එක ම වේගයකින් නම් හා ආලෝක ප්‍රභවයන්, එනම් විදුලි පන්දම් දෙක, එක ම දුරකින් වී ද නම් හා නිරකෂකයා වෙතට ආලෝක ධාරා එක ම වේලාවක දී නො පැමිණෙන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඒ නිරකෂකයාට, එනම් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂකව ආලෝක ධාරා දෙක එක ම වේලාවක දී නිකුත් වී නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ආලෝක ධාරා දෙක නිකුත් වීම සමගාමී සිද්ධි දෙකක් නොවන බව ය.
එහෙත් මේ සිද්ධි දෙක දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව සමගාමි වන බව අපි දනිමූ. එසේ නම් ඉන් කියැවෙන්නේ එක් නිරකෂකයකුට සාපේකෂකව සමගාමි වන සිද්ධි වෙනත් නිරකෂකයකුට සාපේකෂව සමගාමි නොවිය හැකි බව ය. කලින් සඳහන් කර අති ආකාරයට මෙය බටහිර ලෝකය අන්දමන්ද භාවයට පත්කළ නිගමනයක් විය. බටහිරයන් අනූව සිතීමට පූරුදු කරනූ ලැබ ඇති මෙරට වැසියන් ද මේ නිගමනය අසා අන්දමන් විය හැකි ය. එහෙත් එය එසේ නොවිය යූතු ය. මෙලොව සියක් අවූරුදු එහි එක දවස වැනි කවි පද අසා ඇති සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මේ නිගමනය තම පදනම දෙදරවා හරින්නක් නොවිය යූතු ය.
අයින්ස්ටයිනීය සූසමාදර්ශයට හා ඉන් ලැබෙන නිගමනවලට අනූව එක් නිරකෂකයකුට සාපේකෂව සමගාමීි වන සිද්ධි තවත් නිරකෂකයකුට සාපේකෂව සමගාමී විය යූතු නො වෙයි. සමගාමී සිද්ධි යනූ කාලය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිද්ධි වෙයි. එයට හේතුව වනූයේ කාලය මැනගැනෙන්නේ සමගාමී සිද්ධී ඇසූරෙන් වීම හේතුකොට ගෙන ය. කාලය මැනගැනීමට යොදාගන්නා ඔරලෝසූ, පෑ තටි, හෝරා විදුරු (Hour glass)- ආදී සියල්ල සමගාමී සිද්ධි මත පදනම් වන අයූරු අපි දුටූවෙමූ. යම් සිද්ධියක් යම් කාලයක දී සිදු වන්නේ ය යන්නෙහි තේරුම එම සිද්ධිය සමඟ ඔරලෝසූවේ කටූවල යම් පිහිටීමක් යන සිද්ධිය සමඟ සමාගමී වන බව ය. ඔරලෝසූ ආදී උපකරණවලින් කෙරෙන්නේ කාලය මැනගැනීම ය. එසේ නම් එක් එක් නිරකෂකයා කාලය මනින්නේ එක ම ආකාරයට නො වෙයි.
මෙය නිව්ටෝනීය නිගමන හා අත්දෑකීම්වලින් වෙනස් වෙයි. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි සියලූ නිරකෂකයෝ එක ම අයූරින් කාලය මනිති. එහි කාලය සම්බන්ධයෙන් සාපේකෂ බවක් නොමැත. එනම්, එහි කාලය නිරපේකෂ වෙයි. එහෙත් අයින්ස්ටයිනීය සූසමාදර්ශයට අනූව කාලය සාපේකෂ වෙයි. අයින්ස්ටයිනීය ප්‍රවාද සාපේකෂතාවාද නමින් හඳුන්වනූ ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද කාලය හා දුර මැනීමේ දී ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ඒ සඳහා විවිධ අගය ලැබීමට හැකි වීම ය. එහෙත් කිවයූතු වැදගත් කරුණක් වෙයි. අයින්ස්ටයිනීය ප්‍රවාදවලට අනූව කාලය හා දුර එසේ සාපේකෂකව මනිනූ ලැබූව ද එහි ද නිරපේකෂයක් වෙයි. ඒ සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය (Space Time Interval)- ය. යම් නිරකෂකයකුට සාපේකෂව සිද්ධි දෙකක කාල ප්‍රාන්තරය tයැ යි ද සිද්ධි දෙක අතර දුර x යැ යි ද ගනිමූ. ඒ ඒ නිරකෂකයාට සාපේකෂව t හා x වෙනස් අගය ගත හැකි නමූදු සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය ලෙස හැඳින්වෙන (c2t2-x2)
එක ම අගයක් ගනියි. එනම් සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස් නො වෙයි. සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය නිරපේකෂ වෙයි.
බටහිරයන්ට නිරපේකෂතාවයෙන් මූළුමනින් ම මිඳෙන්නට නො හැකි ය. ඔවූන් ගේ සාපේකෂතාවන් සියල්ල අවසාන වශයෙන් ගත්කල නිරපේකෂව පවත්නා යම් දෙයක් ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ග්‍රහණය වන ආකාරයෙන් සූත්‍රගත කෙරෙයි. නිරපේකෂ දෙවියන් වහන්සේට පෙනෙන, නැත්නම් සාපේකෂ වූ මේ නිරපේකෂය දෙවියන් වහන්සේ පිලිබඳ විශ්වාසය තිබෙනතාක් බටහිරයන් ගෙන් නොගිලහෙනූ ඇත. සියලූ නිරපේකෂතාවයන් අවසාන වශයෙන් ගලා එන්නේ නිරපේකෂ ව පවතින දෙවියන් වහන්සේ ගෙන්ය. බටහිරයන්ට තමන් යූදෙව් චින්තනයෙන් හිමිකරගෙන ඇති මේ නිරපේකෂ දෙවියන්වහන්සේ ගෙන් ගැලවිය හැකි නො වෙයි.
එහෙත් බටහිර අධ්‍යාපනයෙන් ඔළුව අවූල් නොකරගත් සිංහල බෞද්ධයකුට මෙහි දී කිසිම අවූලක්, ගැටලූවක් තිබිය හැකි නො වෙයි.
සිංහල බෞද්ධයන්ට කිසිවක් නිරපේකෂ නො වෙයි. කිසිදු වාස්විකත්වයක් කිසිවක නො මැත. සියල්ල ඒ ඒ නිරකෂකයා ගේ නිර්මාණ වෙයි. ඒ නිර්මාණ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධයෙන් ය. සියලූ දැනූම් සංස්කරණ වෙයි. දැනූම් සංකල්ප, ප්‍රවාද ආදිය උපයෝගී කරගනිමින් ප්‍රකාශ කෙරෙයි. මෙය සිංහල බෞද්ධයන් ගේ ඥාන විභාගය (epistemology)- මෙන් ම සත්බව ද (ontology) වෙයි. සිංහලයන් බටහිරයන් මෙන් ඥාන විභාගය සත්බවින් වෙන් නො කරති. සංස්කරණය කෙරෙන දෑනූම් ඒ ඒ නිරකෂකයා විසින් කෙරෙන ඒ ඒ නිරකෂකයාට සාපේකෂ වූ දැ වෙයි. එහෙත් ඒ දෑනූම කිසියම් වූ නිරපේකෂක දෑනූමක්, වාස්තවික ව පවත්නා දෙයක් ඒ ඒ නිරකෂකයාට පෙනෙන ආකාරය නො වෙයි. එවැනි වාස්තවිකත්වයක් නැතිව ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා වූ අවිද්‍යාව හේතුවෙන් ම ඒ ඒ නිරකෂකයා දෑනූම සංස්කරණය කරයි. එනම් දෑනූම නිර්මාණය කරයි. අවිජ්ජයා පච්චයා සංඛාරා යනූවෙන් කියැවෙන්නේ මෙය ය. මේ ඥාන විභාගය සහිත දර්ශනය අපි නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූවෙන් හඳුන්වමූ.
අප මෙම දර්ශනය නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූවෙන් හඳුන්වන්නේ ම දෑනූම ඒ ඒ නිරකෂකයාට සාපේකෂක වීම නිසාත්, ඒ සාපේකෂක දෑනූම කිසිම නිරපේකෂක සාපේකෂකයක් නො වීම නිර්මාණය, එසේත් නැත්නම් සංස්කරණය කිරමත් නිසා ය. අපේ දෑනූමේ ම ඇත්තේ මේ කරුණ ය. කාලය සම්බන්ධයෙන් ද එය වලංගු වෙයි. අපට කාලය සාපේකෂ වන්නේ එය නිරපේකෂ වූ අවකාශ කාලයක එක් කොටසක් වීමෙන් නො වෙයි. කාලය යන්න ද අපේ නිර්මාණයක් පමණක් ම වෙයි.
මහාචාර්ය නලින් ද සිල්වා