නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

නිවූන් දරුවන් ගේ කතා වස්තුව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

ලබන වසරට කාලය හා අවකාශය සම්බන්ධයෙන් අයින්ස්ටයින් පඬිවරයා සංකල්පීය වෙනසක් ඇතිකර වසර සියයක් ගෙවී යයි. ඔහූ විසින් 1905 දී ඉදිරිපත් කරන ලද ප්‍රවාදයට විශේෂ සාපේකෂතාවාදය (Special theory of relativity) - යැ යි කියනූ ලැබෙයි. ඔහූ විසින් ඒ වසරේ දී තවත් වැදගත් ප්‍රවාද දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රවාද තුන ම ඉතා වැදගත් වෙයි. ඒ සෑම එකකට ම නොබෙල් ත්‍යාගය හිමිවිය යූතු යැ යි පැවසෙයි. ඒ ප්‍රවාදවල වැදගත්කම නිසා ම 2004 අවසානයේ සිට ලබන වසර පූරා ම ද භෞතික විද්‍යා වසර ලෙස බටහිර විද්‍යාඥයන් විසින් නම් කෙර ඇත. 1905 වසරේ දී අයින්ස්ටයින් විද්වතා අවූරුදු විසිහයක තරුණයකු වූ බව ද අමතක නොකළ යූතු ය.

විශේෂ සාපේකෂතා ප්‍රවාදයෙහි දී අයින්ස්ටයින් පඩිවරයා විසින් සිදුකරන ලද වෙනස කුමක් ද? ඔහූ සියලු අවස්ථිති සමූද්දේශ රාමූ (Internal frame of references)- එකම මටිටමකට ගෙනාවේ ය. එයින් අදහස් කෙරෙන්නේ ඕනෑ ම අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් ඕනෑ ම සමූද්දේශ රාමූවකට සමාන බව ය. ඒ රාමූව එහි හෝ වෙනත් රාමූවක හෝ කෙරෙන පරිකෂණ මඟින් අනෙක් රාමූවකින් වෙන්කර ගැනීමට නො හැකි ය. අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් අවස්ථිති සමූද්දේශ රාමූවකින් වෙන්කර හඳුනාගත නො හැකි වෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි වැදගත් රාශියක් වූ ආලෝකයේ වේගය ඕනෑම සමූද්දේශ රාමූවක එකම අගයක් ගන්නේ එබැවින් ය.

යම්කිසි අයූරකින් ඒ ඒ අවස්ථිති රාමූවෙහි ආලෝකයෙහි ප්‍රවේගය විවිධ අගය ගන්නේ යැ යි සිතමූ. එවිට ආලෝකයේ ප්‍රවේගයට යම්කිසි අවස්ථිති සමූද්දේශ රාමූවක අවම අගයක් වෙයි. එවිට ඒ රාමූව අනෙක් රාමූවලින් වෙන්කර හඳුනාගත හැකි වෙයි. එය එක්තරා ආකාරයකින් ගතහොත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි නිරපේකෂක රාමූව වැන්නක් වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි එවැනි රාමූවක් විය. ඒ රාමූව නිරපේකෂ අවකාශය සමඟ සමපාත විය. නිරපේකෂ අවකාශය යනූ විකිරණ ද ඇතුළු සියලු ද්‍රව්‍ය ඉවත් කිරමෙන් පසූව ද ඉතිරි වන අවකාශයයි. මෙය හූදු හිතළුවක් පමණක් වෙයි. පළමූ කොට ම සියලු ද්‍රව්‍ය ඉවත් කිරිමෙන් පූසව දමන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. ඒ කෙසේ වෙතත් එවැනි අවකාශයක නිරිකෂකයකු පවා සිටිය නොහැකි ය. ඒ රාමූව සොයා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය වෙයි.

සියල්ල මැනෙන්නේ ඒ රාමූවට සාපේකෂ ව ය. ඒ රාමූව නිශ්චලව පවතියි. අනෙක් සියලු අවස්ථිති සමූද්දේශ රාමූ ඒ රාමූවට සාපේකෂ ව චලනය වෙයි. එහෙත් ප්‍රශ්නය වනූයේ චලනය යන්න සාපේකෂ වීම ය. නිරපේකෂ රාමූව නිශ්චල වන්නේ කිනම් රාමූවකට සාපේකෂ ව ද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොමැත. එහි සංකල්පීය ව ම ප්‍රශ්නයක් වෙයි. එහෙත් මේ සොයාගත නො හැකි නිරපේකෂ අවස්ථිති රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට අවශ්‍ය වෙයි. මේ රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට රිංගා ඇත්තේ ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ හරහා ය. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේට සාපේකෂ ව ය. දෙවියන් වහන්සේ නිරපේකෂ වෙයි. උන්වහන්සේ කිසිවකුට හෝ කිසිවකට හෝ සාපේකෂ නො වෙයි. නිරපේකෂ අවස්ථිති සමූද්දේශ රාමූව යනූ අන්කිිසිවක් නොව දෙවියන් වහන්සේ ගේ රාමූව වෙයි. එහෙත් මේ රාමූව භෞතික විද්‍යාවෙහි කෙරෙන පරිකෂණ මඟින් හඳුනාගත හැකි රාමූවක් නො වෙයි.

එවැනි නිරපේකෂ රාමූවක් අයින්ස්ටයින් පඩිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණ ද විශේෂ සාපේකෂතාවාදයෙහි දී අවස්ථිති සමූද්දේශ රාමූ ප්‍රතික්ෂේප නො කෙරිණි. අවස්ථිති සමූද්දේශ රාමූවක් යනූ නිව්ටෝනීය චලිත නියම වලංගු වන රාමූ වෙයි. වෙනත් වචනවලින් කිවහොත් නිව්ටෝනීය චලිත නියම යොදාගත හැකි රාමූවකට අවස්ථිති සමූද්දේශ රාමූවක් යැ යි කියනූ ලැබෙයි. අයින්ස්ටයින් විද්වතා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී එවැනි රාමූ බැහැර නො කළේ ය. එහෙත් දාර්ශනික වශයෙන් ගත්කල ඒ රාමූ ද නොයෙකුත් ප්‍රශ්නවලට ලක්විය. විශේෂයෙන් ම අර්නස්ටි මාක් නම් පඩිවරයා අවස්ථිතිය හා අවස්ථිති රාමූ යන සංකල්ප දෑඩි ලෙස විවේචනයට භාජනය නො කළේ ය. ඒ කෙසේ වෙතත් අවස්ථිතිය හා අවස්ථිති සමූද්දේශ රාමූ යන සංකල්ප අයින්ස්ටයින් පඩිවරයා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී රැකගත්තේ ය. එමෙන් ම ඔහූ කාලය යන්න ද සංකල්පයක් ලෙස ගත්කල වෙනසකට භාජනය නො කළේ ය. ඔහූ විසින් කරන ලද්දේ කාලය මැනීම සම්බන්ධයෙන් වූ වෙනසකි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය මැනෙන්නේ එක ම ආකාරයකින් ය. ඉන් අදහස් වන්නේ එක් අවස්ථිති සමූද්දේශ රාමූවක කාලය මැනෙන ආකාරයෙන් ම තවත් සමූද්දේශ රාමූවක කාලය මැනෙන බව ය. වෙනත් වචනවලින් කිවහොත් සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ඕනෑ ම රාමූවක එක ම අගයක් ගනියි. ඒ අනූව එක් රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් ඕනෑ ම රාමූවක ද සමගාමී වෙයි.

ඔරලෝසූ සම්බන්ධයෙන් හෝ කාලය මැනීමට ගන්නා වෙනත් ඕනෑම උපකරණයක් සම්බන්ධයෙන් හෝ වැදගත් ම කරුණක් වනූයේ සමගාමී සිද්ධි සියලු රාමූවල සමගාමී වන බවට කෙරෙන උපකල්පනය ය. කාලය මැනිම යනූ සමගාමී සිද්ධි ආශ්‍රයෙන් කෙරෙන බව අපි දුටූවෙමූ. අසවල් වෙලාවට යම් සිද්ධියක් සිදු විණි ය යන්නෙන් කියැවෙන්නේ ඒ සිද්ධිය ඔරලෝසූවේ කටූවල යම් පිහිටූමක් ඇති වීමේ සිද්ධිය සමගාමී බව ය. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ද එලෙස සමගාමී සිද්ධි ඇසූරෙන් ම මැන ගැනෙයි.

එහෙත් අයින්ස්ටයින් පඩිවරයා පෙන්නූම් කළේ එලෙස නිරපේකෂ සමගාමී සිද්ධි නොමැති බව ය. මේ රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් රාමූවක සමගාමී විය යූතු නො වෙයි. ඒ බව අපි දුම්රිය මැදිරියේ හා දුම්රිය වේදිකාවේ නිරිකෂකයන් ඇසූරෙන් දුටූවෙමූ. මෙහි ප්‍රතිඵලයක් වනූයේ ඒ ඒ අවස්ථිති රාමූවෙහි සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරවලට එක ම අගයක් නො ලැබීම ය. කාලය මැනීම විශේෂ සාපේකෂතාවාදයෙන් පසූව ඒ ඒ නිරිකෂකයාට සාපේකෂ ව විවිධ අගයන් ලබා දෙයි.

එහෙත් කලින් කියන ලද ආකාරයට කාලය මැනීම සම්බන්ධයෙන් එලෙස වෙනසක් සිදු වූව ද කාලය යන සංකල්පය සම්බන්ධ වෙනසක් විශේෂ සාපේකෂතාවාදයෙහි සිදු නොවිණි. කෙසේ වූවත් කාලය මැනීම සම්බන්ධයෙන් වූ මේ වෙනසත් සමඟ බටහිර භෞතික විද්‍යාවෙහි සූසමාදර්ශී වෙනසක් සිදු විය. එමෙන් ම එය බොහෝ බටහිරයන්ට උසූලාගත නො හැකි අන්දමේ බරක් විය. කාලය මැනීම නිරපේකෂ ව ගැනීමට පූරුදුව සිටි බටහිරයන්ට විවිධ නිරිකෂකයන්ට, රාමූවලට සාපේකෂව කාලය මැනීමෙන් විවිධ අගය ලැබෙන්නේ කෙසේ දෑ යි තේරුම්ගත නොහැකි විය. මෙලොව සියක් අවූරුදු එහි එක දවස වැනි අදහස් බටහිර ලෝකයෙහි නො වී ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කාලය මැනීම ඒ ඒ රාමූවල විවිධ අගය ගතහැකි බවට අදහසක් වෙයි. දෙවියන් ගේ ආයූකාල සම්බන්ධයෙන් මේ වෙනස ඇති බව සිංහල බෞද්ධයෝ දනිති. දෙවියන්ට එක දවසක් මෙහි සියක් අවූරුද්දක් වන්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මිනිසකු ඉපිද අවූරුදු සීයක් ජීවත් වී මිය ගියේ යැ යි කියමූ. මින් අදහස් වන්නේ මිනිසකු ඉපදීමේ සිද්ධිය හා මියයෑමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය අවූරුදු සීයක් බව ය. එහෙත් මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය දෙවියන් ගේ කාලය මැනීමට අනූව අවූරුද්දක් වැනි සූළු කාලයක් පමණක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි එවැනි දෙයක් පිළිගැනීම ප්‍රශ්නයක් නො වෙයි.

එහෙත් බටහිර සංස්කෘතියෙහි එය එසේ නො වෙයි. බටහිර බොහෝ දෙනාට අද ද විශේෂ සාපේකෂතාවාදයෙන් ලැබෙන නිගමන පිළිගැනීමේ අපහසූතාවක් වෙයි. නිවූන් සහොයූරන් දෙදෙනා ගේ ප්‍රශ්නය මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යූතු වෙයි. කමල් හා නිමල් යනූවෙන් නිවූන් සහෝදරයන් දෙදෙනකු ඇතැ යි සිතමූ. මෙයින් කමල් පොළොවේ රැදී සිටින අතර නිමල් රොකටිටූවක නැගී ගමන් කරන්නේ යැ යි සිතමූ. එමෙන් ම රොකටිටූවේ වේගය කමල්ට සාපේකෂ ව අති විශාල යැ යි ද සිතමූ. කමල්ට සාපේකෂ ව රොකටිටූව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්නේ යැ යි සිතමූ. එවිට නිමල්ට සාපේකෂ ව කමල් ද අති විශාල වේගයකින් චලනය වන බව අමතක නො කළ යූතු ය. මෙහි දී ප්‍රශ්නය වනූයේ මේ දෙදෙනා වයසට යෑම සම්බන්ධයෙන් ය. කාලය මැනීමේ දී ඒ ඒ නිරිකෂකයා සිද්ධි අතර කාල ප්‍රාන්තර සඳහා විවිධ අගය ලබා දෙන බව අපි දුටූවෙමූ. නිමල් ගේ ඔරලෝසූව හා කමල් ගේ ඔරලෝසූව ඒ ඒ සිද්ධි සම්බන්ධයෙන් ගත්කල දක්වන්නේ එක ම වෙලාව නො වෙයි. නිමල් රොකටිටූවේ නැගී ගොස් ආපසූ පොළොවට පැමිණෙන විට ඔහූ ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? එමෙන් ම නිමල් ආපසූ පැමිණෙන විට කමල් ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? නිමල් හා කමල් නිවූන් සොහොයූරන් බැවින් මෙහි දී ප්‍රශ්නයක් පැන නගියි. මේ ඔරලෝසූ දෙකෙන් දක්වන වේලාවන් වෙනස් නම් ඉන් කියැවෙන්නේ එක් අයකුට සාපේකෂව අනෙකා වයසට ගොස් ඇති බව ය!

මෙය සිංහල බෞද්ධයනට එතරම් ප්‍රශ්නයක් විය නො හැකි ය. මෙවැනි කතා සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබෙයි. අපේ හාමූදුරුවරු දේශනා කරන මෙවැනි කතා උපාසක උපාසිකාවනට හොඳ හැටි පූරුදු ය. එහෙත් බටහිරයන්ට එසේ නො වෙයි. නිවූන් සොහොයූරන් දෙදෙනා ගෙන් එක් අයකු අනෙකාට සාපේකෂ ව වයසට යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට වෙයි.

මෙය තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කළ යූතු ප්‍රශ්නයක් වෙයි. ඔරලෝසූවෙන් මනින්නේ නිරපේකෂ කාලයක් යැ යි සිතීමට පූරුදු කර ඇති වත්මන් සිංහල තරුණ තරුණියන්ට ද ඇතැම් විට මෙය ප්‍රශ්නයක් ලෙස පෙනෙනූ ඇත. එයට හේතුව බටහිර අධ්‍යාපනය මඟින් ඔවූන් තම සංස්කෘතියෙන් ක්‍රමයෙන් ඉවත් කිරම ය. එහෙත් අවූරුදු පණහකට පමණ පෙර ගමේ උපාසකම්මා කෙනෙකුට මෙය එතරම් ප්‍රශ්නයක් නොවී ය. මෙලොව ජීවත් වී මිය යන්නවූන් වෙනත් ලෝකවල ඉපිද සූළු කාලයකට පසූ මේ ලෝකය විශාල වශයෙන් වෙනස් වී ඇති අන්දම කියන කතා ඔවූන් අසා තිබිණි. අද එවැනි කතා අසන්නට නො ලැබීම එක් පාඩූවකි. අපේ සංස්කෘතිය අපට ලැබෙන එක් මාර්ගයක් නම් සාහිත්‍යය හා ජනකතා මාර්ගය ය. ඒ මාර්ගය වසා දෑමීමට අධ්‍යාපනඥයන් යැ යි කියාගන්නා අය කටයූතු කිරම කණාගාටූදායක ය.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~