හේතුවාදීන් ගේ අන්ධ භක්‌තිය
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
දේවරූප පෙනෙන්නන්ට පෙනෙන එවැනි රූප අනෙක් අයට නො පෙනුණ පමණින් බටහිර විද්‍යාඥයන් කලබල විය යුතු නො වේ. බටහිර තාරකා භෞතික විද්‍යාඥයන්ට දුරේක්‍ෂවලින් පෙනෙන තිත්, තාරකා පමණක් නො ව මන්දාකිණි, ගුරුත්වජ කාච මඟින් තැනෙන ප්‍රතිබිම්බ ආදිය ලෙසින් නිරීක්‍ෂණය වන්නේ ඔවුන් ඒ සඳහා සෛද්ධාන්තික මෙන් ම ප්‍රායෝගික ද පුහුණුවක් ලබා ඇති බැවිනි. දේවරූප පෙනෙන්නන්ට ද යම් ආකාරයක පරිචයක් ඇති බැවින්, එක්‌කෝ මේ භවයේ ම වඩන ලද ධ්‍යාන, කරන ලද භාවනා ආදිය හෝ සංසාරයේ අත් කරගන්නා ලද අත්දැකීම් හේතු කොටගෙන හෝ, එසේ පෙනෙනවා විය හැකි ය.
බටහිර තාරකා විද්‍යාඥයකුට හෝ බටහිර වෛද්‍යවරයකුට හෝ යම් යම් දේ පෙනෙන්නේ ඔවුන් ලබා ඇති පුහුණුව හේතු කොටගෙන ය. ඒ පුහුණුව නො ලැබූ අයකුට එසේ නො පෙනුණු පමණින් එවැනි දේ නැතැයි බටහිර විද්‍යාඥයෝ නො කියති. ඒ සියල්ල පිළිගැනීමට නම් සියලු දෙනාට ම ඒ පෙනිය යුතු යෑයි බටහිර විද්‍යාඥයෝ නො කියති. එහෙත් ඔවුන් ගේ කුහකත්වය කෙසේ ද යත් ඔවුන් ගේ ක්‍ෂෙත්‍රයෙන්, එනම් බටහිර විද්‍යාවෙන් පරිබාහිර වූ ක්‍ෂෙත්‍රවලට ඔවුහු එවැනි නීති පනවති.
සාමාන්‍ය මිනිසුන්ට නො පෙනෙන එහෙත් බටහිර විද්‍යාඥයන්ට පමණක් පෙනෙන දේ නැතැයි නො කියන බටහිර විද්‍යාඥයන් තම ආකල්ප වෙනස් කර ගන්නේ නම් ඒ කාගේත් යහපතට හේතු වෙයි. එහෙත් අද දැනුමේ මධ්‍යස්‌ථානය බවට පත් වී ඇත්තේ බටහිර රටවල් බැවින් හා දැනුම පිළිබඳ ආධිපත්‍යය ඇත්තේ ඔවුනට බැවින් ඔවුහු අනෙක් ක්‍ෂෙත්‍ර සම්බන්ධයෙන් පනවන නීතිරීති තමන්ට පමුණුවා නො ගනිති. අපි ඔවුන් හා මෙරට ඔවුන් ගේ නියෝජිතයන් අමතක කර දෙවියන් පෙනෙන අය අප අතර සිටින බව විශ්වාස කරමු.
මෙහි දී විශ්වාසය පිළිබඳව කෙටියෙන් වුවත් සඳහනක් කිරීමට අවශ්‍ය වන්නේ ඇතැමකු ඉහත සඳහන් ප්‍රකාශය හුදු විශ්වාසයක් යෑයි සලකා දෙවියන් නැතැයි කිව හැකි බැවිනි. එහෙත් අප කලින් කී උදාහරණවල දී බටහිර විද්‍යාඥයන් කියන දේ විශ්වාස කර මන්දාකිණි, ගුරුත්වජ කාච, න්‍යෂ්ටි අතර සිදු වන ප්‍රතික්‍රියා, එක්‌ස් රූප සටහන්වලින් කියෑවෙන ආබාධ ආදිය ඇතැයි විශ්වාස කරමු. මෙවිට යමකු කියනු ඇත්තේ ඒ සියල්ල ප්‍රවාද ඔස්‌සේ විද්‍යාත්මකව තහවුරු වී ඇති බව ය. එහෙත් ඒ ප්‍රවාද හුදු කතන්දර පමණ ය. බටහිර විද්‍යාඥයෝ විවිධ නිරීක්‍ෂණ හා ප්‍රවාද නිර්මාණය කරති. එහි දී ඔවුහු හැතිකාත් සංගත වීමට උත්සාහ දරති. එපමණ ය. මේ සංගත කතන්දර කිසිවක් මුළුමනින් ම සංගත නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන් ගොතන කතන්දර විශ්වාස කිරීමට කුඩා කල සිට අප පුරුදු කෙරී ඇත. ඒ අතර බටහිර විද්‍යාවේ නො වන කතන්දර අවිශ්වාස කිරීමටත් අපට උගන්වා ඇත.
බටහිර විද්‍යාඥයෝ අවුරුදු දෙ සිය පනහකට ආසන්න කාලයක් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය විශ්වාස කිරීමට අපට බල කළ හ. එය බල කිරීමක් මිස අන් කිසිවක් නො වේ. කෙසේ හෝ අපි ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය පිළිගත්තෙමු. ඒ අප ඒ සම්බන්ධයෙන් කිසි ම පර්යේෂණයක් කිරීමෙන් නො ව පාසලේ හා විශ්වවිද්‍යාලයයේ ආධිපත්‍යය යටතේ නිව්ටන් විශ්වාස කිරීමෙනි. එහෙත් පසු කලෙක අයින්ස්‌ටයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඉවත දැමී ය. ලෝකයේ යම් පිරිසක් ඉන්පසු අයින්ස්‌ටයින් විශ්වාස කළ හ. මොවුන් ගෙන් වැඩි දෙනකුට ඒ ප්‍රවාදයෙහි අඩංගු ගණිතය ගැන කිසි ම වැටහීමක් නැති බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.
දැන් යමකු මෙවැනි ප්‍රශ්නයක් ඇසිය හැකි ය. අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදයෙහි ගණිතය තේරුම් ගත් අය ඒ පිළිගන්නේ විශ්වාසයකින් නො ව ඒ න්‍යායිකව (තාර්කිකව) හා නිරීක්‍ෂණවලින් තහවුරු වී ඇති නිසා නො වේ ද? එයට පිළිතුර එසේ නො ව විශ්වාසය මත බව ය. අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදයෙහි එක් නිගමනයකට අනුව කළු කුහර (Black Holes) තිබිය යුතු ය. එහෙත් තවමත් කිසිවකු කළු කුහර දැක නැත. කළු කුහර යෑයි කියන වස්‌තු වටා ඇති පදාර්ථ ඒ කුහරවලට වැටීමේ දී ඇතැම් කිරණ විකිරණය කෙරෙන්නේ යෑයි කියනු ලැබේ. මේ කිරණ වෙනත් ආකාරයකින් ද නිෂ්පාදනය කළ හැකි ය. එහෙත් බටහිර විද්‍යාඥයෝ ඒ ගැන තම අවධානය යොමු නො කරති. බටහිර විද්‍යාඥයන් නිරීක්‍ෂණය කරන්නේ යම් විකිරණ මිස කළු කුහර නො වේ. මෙහි දී න්‍යාය (Logic) ගැන ද වචනයක් කිව යුතු ය. බටහිර විද්‍යාඥයන් යොදා ගන්නේ ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යාය ය. මේ න්‍යාය නිවැරැදි බව බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද? බුද්ධිවාදය හෙවත් හේතුවාදය (Rationalism) පදනම් වන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය මත ය. හේතුවාදීහු විශ්වාසය පිළිකෙව් කරති. ඔවුහු න්‍යාය හා ඊනියා නිරීක්‍ෂණ මත පදනම් වෙති. මේ නිරීක්‍ෂණ ප්‍රවාදවලින් ස්‌වායත්ත යෑයි ඔවුහු කියති. එහෙත් හේතුවාදීන් නො දන්නා කරුණක් නම්, ඔවුන් නො පිළිගන්නා කරුණක් නම්, නිරීක්‍ෂණ ප්‍රවාද මත පරායත්ත වන බව ය. අප ලොව දකින්නේ අපේ ආකල්ප, අප ඇති කර ගෙන ඇති (අපට බලයෙන් පොවා ඇති) ප්‍රවාද ආදිය මත පදනම් ව ය.
අප ලෝකය දකින්නේ අපට පෙනෙන ආකාරයට ය. අපට ලෝකය පෙනෙන්නේ අප දකින ආකාරයට ය. අප කුඩා කල පොල් ගස දුටුවේ සුරතුරක්, කප් රුකක් ලෙස ය. එහෙත් අද පාසල් ළමයි එසේ නො දකිති. ලිප පත්තු කිරීමට පොල් කොළ, හනසු ආදිය යොදා ගන්නේ ටික දෙනකු පමණ ය. පොල්අතුවලින් ගෙවල් හෙවිලි කරන අය ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතී. ඩබ්. ඒ. සිල්වා මහතා පාසල් වියේ පොල් ගස ගැන ලියූ රචනයක මෝල් ගස පොල් ගසෙන් ලැබෙන තවත් ගසක් ලෙස හැඳින්වී යෑයි කියෑවේ. අද මෝල් ගස් තිබෙන ගෙවල පවා ජීවත් වන දරුවෝ මෝල් ගස හා පොල් ගස අතර ඇති සම්බන්ධය දකිත් ද? දැන් ඇතැම් දරුවනට මෝල් ගස යනු මෙතරම් යන්ත්‍ර සූත්‍ර තිබිය දී වැඩිහිටියන් ගේ මෝල්කම නිසා යොදාගන්නා ගසක් (ලීයක්) ලෙස පෙනෙන්නට ඉඩ ඇත.
හේතුවාදීහු තමන් නො දන්නවාට ඇරිස්‌ටෝටලීය න්‍යාය හා ඊනියා ප්‍රවාදවලින් ස්‌වායත්ත නිරීක්‍ෂණ ගැන විශ්වාස කරති. ඒ විශ්වාසයක් පමණක් වෙයි. කෙටියෙන් කියන්නේ නම් බුද්ධිවාදීහු ඇරිස්‌ටෝටලීය න්‍යාය ගැන විශ්වාස කරති. ඇරිස්‌ටෝටලීය න්‍යාය නිවැරැදි බව හුදු න්‍යායෙන් පමණක් තහවුරු කිරීමට බුද්ධිවාදීනට හැකි ද? මේ බුද්ධිවාදීන් ගෙන් කී දෙනකු ක්‌වොන්ටම් භෞතිකය දන්නේ දැයි මම නො දනිමි. ඔවුන් ගෙන් ඇතැමකු බටහිර භෞතික විද්‍යාවේ සඟල සිදුරු පරීක්‍ෂණය (Double slit experiment) ගැන දන්නවා විය හැකි ය. නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් මහතා තමාට මේ පරීක්‍ෂණය නො තේරෙන බව කියා සිටියේ ය. ඔහු එතැනින් නො නැවතී ඒ පරීක්‍ෂණය කිසිවකුට වත් නො තේරෙන බව කීවේ ය.
ෆයින්මාන් මහතා එවැනි ප්‍රකාශයක් කෙළේ ඇයි? ඔහු ලොව බිහි වූ අති දක්‍ෂ බුද්ධිමත් බටහිර භෞතික විද්‍යාඥයන් අතර මුල් පෙළේ සිටියේ ය. ඔහුට සඟල සිදුරු පරීක්‍ෂණය තේරුම් ගත නො හැකි වූයේ එය ඔහු අයත් වූ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඇරිස්‌ටෝටලීය න්‍යායට පටහැනි වූ බැවිනි. ඔහු යුදෙව් ගෝත්‍රිකයකු බව ද අමතක නො කළ යුතු ය. එම පරීක්‍ෂණය ඇරිස්‌ටෝටලීය න්‍යායෙන් තේරුම් ගැනීමට නොහැකි බව සැබෑ ය. ෆයින්මාන් මහතාට පමණක් නො ව ඒ න්‍යාය පිළිගන්නා, එනම් විශ්වාස කරන, යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කිසිවකුට එම පරීක්‍ෂණය තේරුම්ගත නො හැකි ය. එහෙත් වෙනත් සංස්‌කෘතියක වෙනත් න්‍යායක් යොදා ගනිමින් එම පරීක්‍ෂණය තේරුම් ගත නොහැකි ද?
ෆයින්මාන් මහතාට එවැනි ප්‍රශ්නයක් ඇති නො වන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය හැරෙන්නට වෙනත් න්‍යාය ඇති බව ඔහුට විෂය නො වූ බැවිනි. ඔහු හා ඔහු වැනි අය, විශේෂයෙන් ම බුද්ධිවාදීන් සිතන්නේ, විශ්වාස කරන්නේ, ඇත්තේ එක ම න්‍යායක් බවත් ඒ න්‍යාය අන් කිසිවක් නො ව ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යාය බවත් ය. බුද්ධිවාදීන් යම් යම් දේ පිළිබඳව තර්ක කරනවා විය හැකි ය. එහෙත් ඔවුන් තර්ක කරන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය මත පදනම් වෙමිනි. ඕනෑ ම තර්කයක් (Argument) යම් න්‍යායක් මත පදනම් වෙයි. යමකු ඇරිස්‌ටෝටලීය න්‍යාය මත පදනම් ව තර්ක කරනවා විය හැකි ය. ඒ ගැන අපේ චෝදනාවක් ද නැත. එහෙත් එවැන්නන් කටයුතු කරන්නේ වෙනත් න්‍යායක් නැතැයි හෝ ඒ වෙනත් න්‍යාය වැරැදි ය හෝ යන මතයේ පිහිටා නම් එහි ප්‍රශ්නයක් වෙයි.
සඟල සිදුරු පරීක්‍ෂණය ත්‍රිකෝටික න්‍යාය මත පදනම් ව තේරුම් ගත හැකි ය. එසේ තිබිය දී බටහිර භෞතික විද්‍යාඥයන් ඒ ගැන සැලකිලිමත් නො වන්නේ ඔවුන් තම ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක් නිවැරැදි යෑයි විශ්වාස කරන බව බැවිනි. ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක් විශ්වාස කරන බටහිර භෞතික විද්‍යාඥයන් භාරතයේ තිබූ විවිධ න්‍යායන් මත පදනම් ව තර්ක කිරීමට නො සිතන්නේ ඔවුන් ඇරිස්‌ටෝටලීය න්‍යාය ගැන සාමාන්‍ය විශ්වාසයකින් නො ව ඉතා තදබල දැඩි විශ්වාසයකින් කටයුතු කරන බැවිනි.
බුද්ධිවාදීන් නො පිළිගත්ත ද ඔවුන් වෙනත් න්‍යායක් නැතැයි හෝ වෙනත් න්‍යායන් වැරැදි යෑයි හෝ සිතමින් කටයුතු කරන්නේ නම් ඉන් කියෑවෙන්නේ ඔවුන් ඇරිස්‌ටෝටලීය න්‍යාය ගැන දැඩි විශ්වාසයකින් ඇති ව අන්ධ භක්‌තියෙන් කටයුතු කරන බව ය. සඟල සිදුරු පරීක්‍ෂණය ෆයිමාන් මහතාට නො තේරුණ ද අපට තේරුම්ගත හැකි ය. ක්‌වොන්ටම් අංශුවකට එක්‌වර සිදුරු දෙකකින් ගමන් කළ හැකි යෑයි අපි කියමු. ඇතැම් විට ඒ කියමන මුළුමනින් ම නිවැරැදි නො වනවා විය හැකි ය. ක්‌වොන්ටම් අංශූ සම්බන්ධයෙන් ගත් කල ගමන් කිරීම යන්න ම නිවැරැදි නො වන්නේ යෑයි සිතමි.
ඇරිස්aaටෝටලීය න්‍යාය පදනම් වී ඇත්තේ අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත ය. ක්‌වොන්ටම් අංශූ ඉන්ද්‍රිය ගෝචර නො වේ. බටහිර විද්‍යාඥයන් ක්‌වොන්ටම් අංශූ සම්බන්ධයෙන් ද ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගන්නේ ඔවුන් ඒ පිළිබඳ විශ්වාස කරන නිසා ය. ක්‌වොන්ටම් අංශූ ඇරිස්‌ටෝටලීය න්‍යාය සමඟ එකඟ නො වන බව පෙනි පෙනීත් බටහිර විද්‍යාඥයන් ඒ න්‍යාය පසුපස ම යැමෙන් ඔවුහු තම විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විවෘත මනස නැති බව පෙන්නුම් කරති. බටහිර විද්‍යාඥයන් ඇරිස්‌ටෝටලීය න්‍යාය විශ්වාස කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පසුගිය අවුරුදු සියයක පමණ කාලයෙහි ක්‌වොන්ටම් භෞතිකය එක තැන පල් වීම ය. බුද්ධිවාදීන් ද අනෙක් අය මෙන් ම විශ්වාසය අත්හැර නොමැති බව මේ කරුණුවලින් පැහැදිලි විය යුතු ය. ඇතැමුන්ට දෙවියන් පෙනෙන බව මොවුන් නො පිළිගන්නේ වෙනත් හේතුවක් නිසා නො ව කිසිවකුට වත් දෙවියන් පෙනිය නො හැකි යෑයි හෝ දෙවියන් නැතැයි හෝ ඔවුන් විශ්වාස කරන බැවිනි.
දිග අඩූවෙයි ස්කන්ධය වැඩිවෙයි
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
යම් නිරීකෂකයකු ගේ සමූද්දේශ රාමූවෙහි සිටින නිරීකෂක සගයන් මූල් නිරීකෂකයාට සාපේකෂ ව නිසලතාවෙහි ඇත. ඒ නිරිකෂක සගයන් සියලූ දෙනාට ම තම තමන් ගේ කෝදු ඇති අතර, ඒ කෝදු එකිනෙකින් වෙනස් නො වෙයි. එමෙන් ම ඒ සියලු නිරිකෂකයන්ට තම තමන් ගේ ඔරලෝසූ ද ඇත. ඒ සියලු ඔරලෝසූ එකිනෙක සමඟ සමමූර්තිකර ඇති අතර, ඔරලෝසූවල යාන්ත්‍රික දොෂ නැතැ යි ද උපකල්පනය කෙරෙයි. දෑන් ඒ ඒ නිරිකෂක සගයන්ට ද තම තමන් ගේ ම වූ සමූද්දේශ රාමූ තිබිය යූතු බව පැහැදිලි ය. ඒ ඒ නිරිකෂකයන් ගේ සමූද්දේශ රාමූ ගැන අපට කිව හැක්කේ කුමක් ද?
අපි උදාහරණයක් ලෙස A නම් නිරිකෂකයකු සලකමූ.A ගේ සමූද්දේශ රාමූවෙහි B නම් නිරීකෂක සගයකු ඇතැ යි සිතමූ. දෑන් A ගේ සමූද්දේශ රාමූවෙහි B නිසලව ඇත. එසේ නම් B ගේ සමූද්දේශ රාමූවෙහි A නිසල වෙයි. එමෙන් ම නිරිකෂකයන් දෙදෙනා ගේ ම කෝදු හා ඔරලෝසූ අදාළ පරිදි සමාන වෙයි. එක් අයකු ගේ ඔරලෝසූවෙන් විනාඩි පහක් යනූ අනෙකා ගේ ඔරලෝසූවෙන් ද විනාඩි පහක් වෙයි. නිරිකෂකයන් දෙදෙනා ඒ බව දෑනගන්නේ සන්නිවේදනයෙනි. කලින් කතාකරගෙන දෙදෙනාට තම ඔරලෝසූ සමමූර්තිකර ගත හැක. ඒ සඳහා පළමූවෙන් දෙදෙනා තමන් අතර ඇති දුර දෑනගත යූතු ය. එය රේඩාර සංඥාවක් හෝ වෙනත් එවැන්නක් අනෙකා වෙත යවා පරාවර්තනයෙන් ආපසූ ගෙන්වා ගෙන දෑනගත හැකි ය. එසේ සංඥාව ආපසූ ලැබීමට ගත වූ කාලය දෑනගෙන ඒ කාලය ආලෝකයේ වේගයෙන් වැඩි කිරීමෙන් එක් අයකුට සාපේකෂ ව අනෙකා කෙතරම් දුරකින් වේ දැ යි දෑන ගැනීමට හැකි ය. එකිනෙකා අතර දුර දෑන ගැනීමෙන් පසූ කලින් කතාකරගෙන එක් නිරිකෂකයකු තම ඔරලෝසූවෙන් උදැසන හතට සංඥාවක් යවන්නේ යැ යි සිතමූ. දෑන් දෙවැනි නිරීකෂකයා කළ යූතු වන්නේ තමන්ට සංඥාව ලැබූණූ වෙලාව උදැසන හත පසූ වී තත්පර ගණනක් යැ යි ලකුණූ කර ගැනීම ය. ඒ තත්පර ගණන නිරිකෂකයන් දෙදෙනා අතර දුර ගෙවා යෑමට ආලෝක සංඥාවක් ගන්නා කාලය වෙයි.
අපට පැහැදිලි වන කරුණ නිරිකෂකයන් දෙදෙනා දුර හා කාල ප්‍රාන්තර වශයෙන් මනින දැ අදාළ පරිදි සමාන වන බව ය. එමෙන් ම දෙදෙනා එකිනෙකා ගේ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇත. මේ සියල්ලෙන් අප ලබාගන්නා නිගමනය නම්, දෙදෙනා ගේ සමූද්දේශ රාමූ සමපාත වන බව ය. වෙනත් වචනවලින් කිවහොත්, යම් නිරිකෂකයකු ගේ සමූද්දේශ රාමූවෙහි සිටින සියලූ නිරිකෂක සගයන් ගේ සමූද්දේශ රාමූ පළමූ නිරිකෂකයා ගේ සමූද්දේශ රාමූ සමඟ සමපාත වෙයි. ඒ සමූද්දේශ රාමූ අතර වෙනසක් නැත.
දෑන් අපි එකිනෙකා ගේ සමූද්දේශ රාමූවෙහි එකිනෙකට සාපේකෂ ව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන නිරිකෂකයන් දෙදෙනකු ගනිමූ. මේ නිරිකෂකයන් දෙදෙනා ගේ සමූද්දේශ රාමූ ගැන කිව හැක්කේ කුමක් ද? ඒ රාමූ සමපාත විය යූතු ද? ඔවූන් ගේ කෝදු සමාන ප්‍රතිඵල අත්කර දිය යූතු ද? ඔවූන් ගේ ඔරලෝසූවලින් මැනෙන කාල ප්‍රාන්තර සමාන විය යූතු ද? ඒ සියල්ලට ම පළමූ එක් සමූද්දේශ රාමූවකට සාපේකෂ ව චලනය වන වස්තුවක දිග පළල මැන ගන්නේ කෙසේ ද?
යම් සමූද්දේශ රාමූවක නිසල ව ඇති වස්තුවක දිග පළල මැන ගැනීම ප්‍රශ්නයක් නො වෙයි. එහි දී කළ යූතු වන්නේ නිරිකෂකයා වස්තුව අසල තම සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති නිරිකෂක සගයකුට සංඥාවක් යවා වස්තුවේ දිග පළල මනින ලෙස ඉල්ලුම් කිරීම ය. නිරිකෂක සඟයා දිග පළල මැනගෙන මූල් නිරිකෂකයාට ඒ තොරතුරු ලබා දෙයි. එහෙත් යම් වස්තුවක් නිරිකෂකයා ගේ සමූද්දේශ රාමූවට සාපේකෂ ව චලනය වන්නේ නම්, ඉහත සඳහන් ක්‍රමය එපරිද්දෙන් යොදවාගත නො හැකි ය.
අපි අසල ඇති යම් වස්තුවක දිග මනින්නේ යැ යි සිතමූ. එහි දී අප කරන්නේ කෝදුවක් ගෙන වස්තුව සමඟ සමපාත කිරීම ය. වස්තුවේ එක් කෙළවරකින් පටන්ගෙන අනෙක් කෙළවර දක්වා කෝදුව කී වරක් දිගින් දිගට වස්තුව සමඟ එකට තැබිය යූතු දෑ යි අපි නිරිකෂණය කරමූ. කෝදුව එසේ තුන්වාරයක් තැබිය යූතු නම්, වස්තුවේ දිග කෝදුවේ ඒකක අනූව අඩි තුනක් හෝ මීටර් තුනක් යනූවෙන් අපි නිගමනය කරන්නෙමූ. එහෙත් වස්තුව අපට සාපේකෂ ව, එනම් අපේ සමූද්දේශ රාමූවෙහි චලනය වන්නේ නම්, අපට ඒ ක්‍රමය අනූගමනය කළ හැකි නො වෙයි. එයට හේතුව වස්තුව අපේ සමූද්දේශ රාමූවෙහි නිසල ව නොමැති බැවින් අපට ඒ මත කෝදුවක් තැබීමට නොහැකි වීම ය. වස්තුව මත කෝදුවක් තැබිය හැක්කේ අපේ සමූද්දේශ රාමූවෙහි වස්තුව නිසල ව ඇත්නම් පමණකි.
අපේ සමූද්දේශ රාමූවෙහි අප අසලින් චලනය වන වස්තුවක දිග මැනිමේ දී අපට වස්තුව මත කෝදුවක් තැබිය හැකි වන්නේ වස්තුව නිශ්චලතාවයට පත් කිරීමෙන් ය. එහෙත් එසේ කළහොත්, අප මනින්නේ චලනය වන වස්තුවක දිග නොව නිසල ව ඇති වස්තුවක දිග ය. එහි දී අපි වස්තුවේ භෞතික තත්ත්වය වෙනස් කරන්නෙමූ. වස්තුවේ භෞතික තත්ත්වය වෙනස් නොකර අපට එහි දිග මැනගත හැක්කේ අපේ ඔරලෝසූවෙන් යම් කෂණයක දී ය.
අපේ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති වස්තුවක දිග මැනීමේ දී අපි එය කෂණයක දී සිදු නොකරමූ. වස්තුව මත කෝදුව කිහිප වාරයක් තැබීමට සිදුවූවහොත් එයට යම්කිසි කාලයක් ගතවෙයි. එහෙත් එය අපට ප්‍රශ්නයක් නොවන්නේ වස්තුව ඒ මූළු කාලයෙහි ම අප සමඟ නිසල ව ඇති බැවින් ය. වස්තුව අපේ සමූද්දේශ රාමූවෙහි චලනය වන්නේ නම් අපට එලෙස යම් කාලයක් ගතකර කෝදුව වස්තුව මත තැබීමෙන් අපට එහි දිග මැනගත නො හැකි වෙයි.
එවැනි අවස්ථාවක දී අපට අපේ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති අපේ නිරිකෂක සගයන් ගේ සහාය ලබා ගැනීමට සිදු වෙයි. යම්කිසි කාලයක දී වස්තුවේ දිග මැනීමට අපි තීරණය කරමූ. ඒ සමහර විට වස්තුවේ එක් කෙළවරක් අප පසූකරමින් සිටින අවස්ථාව විය හැකි ය. එසේ නැති වූව ද එය ප්‍රශ්නයක් නො වෙයි. අප කරන්නේ අපට අවශ්‍ය කෂණයෙහි දී වස්තුවේ දෙකෙළවර සමඟ සමපාත වන අපේ නිරිකෂක සගයන් දෙදෙනා හැඳින ගැනීම ය. අප අපේ නිරිකෂකයන්ට දන්වා ඇත්තේ අප නියම කරගත් කෂණයක දී වස්තුවේ එක් කෙළවරක් හෝ තමන් පසූ කරන්නේ දෑ යි දෑන ගැනීමට ය. ඒ කෂණයෙහි දී වස්තුවේ දෙකෙළවර තමන් පසූකරන නිරිකෂකයන් දෙදෙනකු සිටිය යූතු ය. ඒ දෙදෙනා කවූ දෑ යි හැඳිනගත් පසූ අප කළ යූතු වන්නේ ඒ දෙදෙනා අතර දිග (දුර) මැන ගැනීම ය. ඒ දෙදෙනා එකිනෙකාට තරමක් ඈතින් පිහිටිය ද ඔවූන් අපේ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති බැවින් ඔවූන් අතර දුර මැන ගැනීම අපහසූවක් නො වෙයි. එක්කෝ අපේ නිරිකෂක සගයන් සහභාගී කර ගනිමින් කෝදුවක් අතින් අත යවමින් ඒ දුර මැනගත හැකි ය. නැතහොත් රේඩාර හෝ වෙනත් සංඥා ආධාරයෙන් අපට අවශ්‍ය දුර මැනගත හැකි වෙයි. ඒ දුර කෙලෙස මැනගත්ත ද අපේ රාමූවෙහි චලනය වන වස්තුවේ දිග ඒ නිරිකෂකයන් දෙදෙනා අතර ඇති දුරට සමාන යැ යි කියනූ ලැබෙයි.
මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බව සැබෑ ය. එහෙත් එය නොකළ හැක්කක් නො වෙයි. වස්තුවෙහි දිග අප මැනගන්නේ අපේ සමූද්දේශ රාමූවෙහි ය. එලෙස වස්තුවෙහි දිග වෙනත් සමූද්දේශ රාමූවල ද මැනගත හැකි ය. විශේෂයෙන් ම වස්තුවෙහි දිග එහි සමූද්දේශ රාමූවෙහි ද මැනගත හැකි ය. වස්තුවෙහි සමූද්දේශ රාමූවෙහි වස්තුව නිසල ව ඇත. මේ සමූද්දේශ රාමූවට වස්තුවෙහි නිශ්චලතා රාමූව යැ යි කියනූ ලැබෙයි. වස්තුවක නිශ්චලතා රාමූවෙහි මැනෙන ස්කන්ධයට එහි නිශ්චලතා ස්කන්ධය යැ යි කියනූ ලැබෙයි. යම් නිරිකෂකයකු ගේ සමූද්දේශ රාමූවෙහි චලනය වන වස්තුවක දිග ඒ රාමූවෙහි මෙන් ම වස්තුවෙහි නිශ්චලතා රාමූවෙහි ද මැනගත හැකි ය. එමෙන් ම වෙනත් නිරිකෂකයන් ගේ සමූද්දේශ රාමූවල ද මැනගත හැකි ය. දෑන් ප්‍රශ්නය වනූයේ ඒ ඒ රාමූවෙහි මැනෙන වස්තුවෙහි දිග එකිනෙකට සමාන වන්නේ ද යන්න ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ ප්‍රශ්නය නො ඇසෙයි. එහි දී ඒ සියලු දිග එකිනෙකට සමාන යැ යි ගැනෙයි. එහෙත් අයින්ස්ටයිනීය භෞතිකයෙහි, එනම් සාපේකෂතාවාදී භෞතිකයෙහි ඒ එසේ නො වෙයි. ඒ ඒ රාමූවෙහි මැනෙන වස්තුවෙහි දිග සාධාරණ වශයෙන් ගතහොත් එකිනෙකට සමාන නො වෙයි. දිග සමාන වන්නේ එකිනෙකට සාපේකෂ ව නිසල ව ඇති සමූද්දේශ රාමූවල ය.
වස්තුවක මැනෙන දිග උපරිමයක් වනූයේ වස්තුවේ නිශ්චලතා රාමූවෙහි ය. වෙනත් රාමූවක මැනෙන වස්තුවෙහි දිග නිශ්චලතා රාමූවෙහි මැනෙන දිගට වඩා අඩූ වෙයි. යම් සමූද්දේශ රාමූවකට සාපේකෂ ව වස්තුව එහි දිග අතට v ප්‍රවේගයකින් චලනය වන්නේ යැ යි සිතමූ. එමෙන් ම ඒ සමූද්දේශ රාමූවෙහි මැනෙන වස්තුවෙහි දිග l යැ යි ද සිතමූ.
වස්තුවෙහි නිශ්චලතා රාමූවෙහි එහි මැනෙන දිග l0 නම් එවිට,(l-l(l-v2/c2) වෙයි. මෙයින් පැහැදිල වන කරුණ නම්, යම්කිසි රාමූවකට සාපේකෂ ව වස්තුවෙහි ප්‍රවේගය වැඩිවත් ම ඒ රාමූවෙහි වස්තුව චලනය වන අතට මැනෙන දිග අඩූ වන බව ය. (මෙහි c යනූ ආලෝකයෙහි ප්‍රවේගය වෙයි.) මෙහි දී සැලකිය යූතු කරුණ නම්, අප වස්තුව චලනය වන අතට මැනෙන දිග ගැන සඳහන් කිරීම ය. වස්තුව යම්කිසි රාමූවකට සාපේකෂ ව චලනය වීම නිසා එය චලනය වන අතට ලම්බ දිශාවක් දිගේ මැනෙන දිග ඒ අතට ම වස්තුවෙහි නිශ්චලතා රාමූවෙහි මැනෙන දිගෙන් වෙනස් නො වෙයි.
ඉහත සඳහනෙන් පැහැදිලි වන තවත් කරුණක් නම්, යම් සමූද්දේශ රාමූවකට සාපේකෂ ව වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ වේගයට සමාන වන්නේ නම්, එවිට ඒ රාමූවෙහි වස්තුව ගමන් කරන අතට මැනෙන වස්තුවෙහි දිග ශුන්‍ය වන බව ය. මෙහි දී නැඟෙන ප්‍රශ්නය නම්, වස්තුවකට එසේ යම් සමූද්දේශ රාමූවකට සාපේකෂ ව ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කළ හැකි ද යන්න ය. වස්තුවක දිග සම්බන්ධයෙන් පමණක් නොව ස්කන්ධය සම්බන්ධයෙන් ද ඒ ඒ සමූද්දේශ රාමූවෙහි ලැබෙන අගය එකිනෙකින් වෙනස් වෙයි. එහෙත් මෙහි දී එය සිදුවන්නේ කලින් මෙන් නොව ප්‍රවේගය වැඩිවත් ම ස්කන්ධය වැඩිවන ආකාරයට ය. කලින් මෙන් ම වස්තුව යම් සමූද්දේශ රාමූවක v ප්‍රවේගයකින් චලනය වන්නේ යැ යි සිතමූ. එමෙන් ම රාමූවෙහි වස්තුවෙහි ස්කන්ධය m යැ යි ද සිතමූ. වස්තුවෙහි නිශ්චලතා ස්කන්ධය m නම් එවිට,
(m-m0)l(l-v2/c2)
වෙයි. මෙයින් පැහැදිලි වන්නේ, ප්‍රවේගය වැඩි වන විට මැනෙන ස්කන්ධය වැඩි වන බව ය.
යම් සමූද්දේශ රාමූවක වස්තුවෙහි ස්කන්ධය වැඩිවත් ම වස්තුවෙහි ප්‍රවේගය තව තවත් වැඩි කිරීම සඳහා යෙදිය යූතු බලය ද වැඩි වෙයි. වස්තුවෙහි ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය කරා එළඹෙත් ම එහි මැනෙන ස්කන්ධය ද අනන්තය කරා එළඹෙයි. ස්කන්ධය අනන්තය කරා එළඹෙත් ම වස්තුවට යෙදිය යූතු බලය ද අනන්තය කරා එළඹෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ යම් රාමූවක වස්තුවෙහි ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට සමාන කිරීම සඳහා අනන්ත වූ බලයක් යෙදිය යූතු ය යන්න ය. එවැනි බලයක් යෙදිය නො හැකි බව අමූතුවෙන් කිව යූතු නො වෙයි.
මහාචාර්ය නලින් ද සිල්වා