බටහිර විද්‍යාඥයන් ගේ මගඩිය
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
තන්තු, ඉලෙක්‌ට්‍රොaන ආදිය මත ගොඩනැඟෙන ආකෘතිවල නිගමන අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ ය යන්න සියලු දෙනාට ම බලපාන ප්‍රකාශනයක් නො වේ. ඒ ආකෘති ගැන දැනගැනීමක් නොමැති ව ඉන් නිගමන ලබාගැනීම පිළිබඳ දැනුමක් නොමැති ව එමෙන් ම ඒ නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැනුමක් නොමැති අයකුට ඒ නිගමන පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නේ නො වේ. ඒ සියලු කටයුතු ගැන නො දන්නා අයකු, ඒ පිළිබඳ පුහුණුවක් නො ලැබූ අයකු ඒ කිසිවක් පංචෙන්ද්‍රියන්ට හසු කර නො ගනියි. දුරේක්‍ෂයකින් අහස බලා මන්දාකිණියක අහවල් අහවල් වර්ගවල තාරකා ඇති බව හා ඒ තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලිය ඒ ඒ ආකාරයෙන් ය යන්න දැනගැනීම, ඇතැම් වස්‌තුවල රක්‌ත වික්‍ෂිප්තය මැන ගැනීම, ඇතැම් වස්‌තු සැබෑ වස්‌තු නො ව ගුරුත්වජ කාච මඟින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ බව දැනගැනීම ආදිය ඕනෑ ම අයකුට කළ හැකි දේ නො වේ.
ඒ තබා සාමාන්‍ය ජීවිතයේ දී මේ නෙලුම් මලක් ය, මේ ඕලු මලක් ය ආදී වශයෙන් හඳුනාගැනීම ද ඕනෑ ම අයකුට කළ හැකි දෙයක් නො වේ. ඒ සඳහා පුහුණුවක් ලබාගත යුතු ය. නෙලුම් මලක්, ඕලු මලකින් වෙන් කර හඳුනා ගැනීමට එතරම් පුහුණුවක් අවශ්‍ය නො වේ. එහෙත් ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගැනීමට අවුරුදු ගණනාවක පුහුණුවක් අවශ්‍ය වෙයි. බොහෝ විට එවැනි කටයුතුවල නිරත වීමට පශ්චාත් උපාධි පුහුණුවක් අවශ්‍ය වෙයි. ඒ සඳහා පාසල් අධ්‍යාපනයේ සිට ගණන් බැලූ කල අඩු ම තරමින් අවුරුදු විස්‌සක පමණ පුහුණුවක් ලබාගත යුතු ය. ඒ පුහුණුව නො ලැබූ අය කරන්නේ එලෙස පුහුණුවක් ලැබූ අය කියන දේ විශ්වාස කිරීම පමණකි.
බටහිරයන් ප්‍රත්‍යක්‍ෂයක් ගැන කතා කළ ද ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ සියල්ල කෙසේ වෙතත් ඉන් යම් ප්‍රමාණයක් දැනගන්නා අය ඉතා අල්ප වෙයි. ඒ අල්ප මාත්‍ර වූ පිරිසට සමාජයේ අති විශාල පිළිගැනීමක් දෙනු ලැබ ඇත. ඒ පිළිගැනීම ලබා දී ඇත්තේ බටහිර විද්‍යාව, තාක්‍ෂණය හා අවසානයේ දී බටහිර දේශපාලන බලය මඟිනි. ඒ පිළිගැනීම මත පදනම් ව කෙරෙන ප්‍රකාශ විශ්වාස කිරීමට අන් සියල්ලෝ ම බැඳී සිටිති. එනම් එසේ බැඳී සිටින ලෙස ඔවුන්ට සමාජයෙන් බල කෙරෙයි. ඒ බල කිරීම අප නොදැනුවත් ව ඉතා සියුම් ව කෙරෙන්නකි. අප මෙහි දී මතක තබාගත යුත්තක් ඇත. ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට ගෝචර වන කිහිප දෙනාට වුව ද සෘජුව ගෝචර නො වන බව ය. ඔවුන් ඒ ගෝචර කරගන්නේ වක්‍රව විවිධ උපකරණ යොදාගනිමින් පමණක් නො ව විවිධ ප්‍රවාද ද උපයෝගී කරගනිමිනි. තාරකාවක අහවල් අහවල් මූල අංශූ ඇතැයි කිසියම් විද්‍යාඥයෙකු නිගමනය කරන්නේ ඒ තාරකාවෙහි එම මූල අංශු දැකීමෙන් නො වේ. තාරකා විද්‍යාඥයා තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලින් ලබාගෙන එය නිරීක්‍ෂණය කර (ඒ සඳහා තව තවත් ප්‍රවාද අවශ්‍ය වෙයි) ඒ අනුසාරයෙන් තාරකාවෙහි අහවල් අහවල් මූල අංශූ ඇතැයි නිගමනය කරයි. තාරකා විද්‍යාඥයන්ට ඒ මූල අංශූ තාරකාවෙහි ඇති බවට කිසි ම ආකාරයක වුව සෘජු අත්දැකීමක් නැත.
අඩු ම තරමින් අවුරුදු විස්‌සක පුහුණුවක් ලැබූ අයකු යම් යම් ප්‍රවාද මත පදනම් වෙමින් ලබාගන්නා නිරීක්‍ෂණ නැවතත් ප්‍රවාද මත පදනම් වෙමින් විවරණය කිරීමෙන් ලබාගන්නා වක්‍ර අත්දැකීම් පිළිගැනීමට අපි පුරුදු වී සිටිමු.
නිවැරැදිව කිව හොත් අපි පුරුදු කරනු ලැබ ඇත්තෙමු. එහෙත් ඇතැමුන් සෘජුව අමනුෂ්‍යයන් ගැන ලබාගන්නා අත්දැකීම් විද්‍යාත්මක නො වේ යෑයි කියමින් ඒ ප්‍රතික්‍ෂේප කිරීමට අප බොහෝ දෙනකුට තත්පර දහයක්‌වත් ගත නො වේ. එලෙස ප්‍රතික්‍ෂේප කරන්නන් තමන් කරන්නේ කුමක් දැයි දන්නේ යෑයි අපි සිතමු ද?
ඔවුහු ඉතා පැහැදිලිව බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයට ගොදුරු වූවෝ වෙති. තමන්ට බටහිරයන් හා ඔවුන් ගේ අනුකාරකයන් කියා දී ඇති අන්දමට ඔවුහු අර අමනුෂ්‍යයන් පිළිබඳ අත්දැකීම් ලත් අය ගෙන් ඒ සියල්ලන්ට ම පොදු වූ අත්දැකීමක් ද, නැත්නම් එලෙස පොදු අත්දැකීම් බවට පත් කර ගත හැකි ද ආදී විකාර ප්‍රශ්න අසති. මොවුන් ගෙන් කිසිවකුට වත් බටහිර විද්‍යාඥයන් ගෙන් එවැනි ප්‍රශ්න ඇසීමට එළඹවාගත හැකි සිහියක් නැත. බටහිර විද්‍යාඥයන්ට පමණක් නො ව විද්‍යා ප්‍රබන්ධකයන්ට ද එවැනි ප්‍රශ්න යොමු කළ යුතු වන්නේ අප වැනි රටවල විද්‍යා ප්‍රබන්ධකයන් ද විද්‍යාඥයන් ලෙස පිළිගැනීමක් ලබාගෙන ඇති බැවින් නො ව මේ සියලු අනුකාරකයන් ම හෙළිදරව් කළ යුතු බැවිනි. අනෙක් පැත්තෙන් කිසිවකුට තමා සතු සමාජයීය බලය තම මතිමතාන්තර ප්‍රකාශ කිරීම සඳහා ආයුධයක් කරගැනීමට ඉඩ දිය නො හැකි ය. ඇතැමුන්ට සෘජුව අමනුෂ්‍යයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවුන්, සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් ආදීන් සමඟ සෘජුව සම්බන්ධකම් පවත්වන්නේ කෙසේ ද? බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් ඔවුහු මානසිකව විවිධ විකෘතීන්ට ලක් වූවෝ වෙති. බටහිර විද්‍යාවට තේරුම් ගැනීමට නො හැකි වූ ප්‍රපංචයක් විකෘතියක් ලෙස හැඳින්වීමට බටහිර විද්‍යාඥයන්ට අධිපතිවාදී බලයක් ලබා දී තිබීම මෙහි දී කැපී පෙනෙන ලක්‍ෂණයයි. බටහිර විද්‍යාවට එවැනි බලයක් ලබා දී ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය බව පැහැදිලි ය. එයට හේතුව බටහිර විද්‍යාව ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ම උපත ලද්දක් වීම ය.
තමන්ට අදෘශ්‍යමාන ජීවීන් සමඟ සම්බන්ධකම් ඇතැයි පවසන බොරුකාරයන් ද සිටිය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ ඇත්තට ම එලෙස සම්බන්ධකම් පවත්වන පුද්ගලයන් නැත යන්න නො වේ. බටහිර විද්‍යාඥයන් ඉල්ලා සිටින්නේ ඔවුන් ගේ අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කරන ලෙස ය. එසේ කියමින් ඔවුහු ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට හැකි බව ප්‍රකාශ කිරීමට ද අමතක නො කරති.
එහෙත් මෙහි දී ඔවුන් අමතක කරන කරුණ නම් ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි බව ය. එක් පැත්තකින් අප කලින් සඳහන් කළ පරිදි බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට පුහුණුවක් ලද යුතු ය. ඒ පුහුණුවට අවුරුදු විස්‌සක පමණ කාලයක් ගත වෙයි. එවැනි පුහුණුවක් ලබාගැනීමට හැකි කී දෙනෙක් සමාජයේ වෙත් ද? අනෙක් අතට බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද කී දෙනකුට තේරුම් ගත හැකි ද? විශේෂයෙන් ම ඉතා වියුක්‌ත විෂයයක් වූ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේ හැකියාව ඇත්තේ කී දෙනෙකුට ද?
පාසලේ දී විද්‍යා විෂයයන් අත් හැර කලා විෂයයන් ඉගෙන ගන්නා දක්‍ෂ ශිෂ්‍යයෝ වෙති. ඔවුන්ට විද්‍යා විෂයයන් අප්‍රිය වන්නටත්, කලා විෂයයන් ප්‍රිය වන්නටත් හේතුව කුමක් ද? බටහිර විද්‍යාවේ වියුක්‌ත බව වැඩි වීම හේතුවෙන් ඇතැම් සිසුනට ඒ ගෝචර නො වේ. ජෛවීය විද්‍යාවන් හදාරන බොහෝ සිසුන්ට භෞතික විද්‍යාව ඊනියා අමාරු විෂයයක් වන්නේ ඒ සිසුන්ට ජෛවීය විද්‍යාවෙහි හා රසායන විද්‍යාවෙහි වියුක්‌ත බව දිරවා ගත හැකි නමුත් භෞතික විද්‍යාවෙහි වියුක්‌ත බව ගෝචර නො වන නිසා ය.
කලා විෂයය සංයුක්‌ත වීම හේතුවෙන් එතරම් වියුක්‌ත මනසක්, එනම් වියුක්‌ත සංකල්ප තේරුම් ගත හැකි මනසක් නැති සිසුන්ට කලා විෂය පහසු වෙයි. අනෙක් අතට කලා විෂයයන්හි පාඩම් කිරිමට බොහෝ දේ ඇති බැවින් හා ඒ සියල්ල මතක තබාගැනීම අසීරු හෙයින් කලා විෂයය අත්හරින්නෝ ද වෙති. සංයුක්‌ත විෂයයන්හි වියුක්‌ත ප්‍රවාද නැති හෙයින් බොහෝ විට කරුණු එකින් එකට මතක තබා ගැනීමට සිදු වෙයි. ඇතැම් සිසුනට ඒ හිසරදයකි. ඔවුqහු එබැවින් කලා විෂයය අත්හරිති.
මෙයින් කියෑවෙන්නේ සිසුන් විෂය ධාරා තෝරා ගන්නේ හුදෙක් තම තමන් ගේ දක්‍ෂතා හා රුචි අරුචිකම් මත බව නො වේ. එහි දී ආර්ථික හේතු, රැකියා ලබාගැනීම පහසු වීම ආදී විවිධ කරුණු බලපායි. ඒ කුමන හේතුවක් මත විෂය ධාරා තෝරා ගත්තත් ඉහත සඳහන් අයුරින් මනස් සකස් වී නැත්නම් ඒ ඒ විෂය ධාරා ඉගෙන ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වෙයි.
මේ කරුණු සඳහන් කෙළේ විෂය ධාරා තෝරා ගැනීම පිළිබඳ පාඩමක් කියා දීමට නො ව බටහිර විද්‍යාඥයන් පුරසාරම් දෙඩුව ද සියලු දෙනාට ම බටහිර විද්‍යාවේ අත්දැකීම් එක සේ ලබාගැනීමට නො හැකි බව පෙන්වා දීමට ය. පළමුවෙන් ම බටහිර විද්‍යාවන්a හැදෑරීමට සුදුසු මානසික තත්ත්වයක් ඇති අයට පමණක් ඒ විෂය හැදෑරිය හැකි ය. විශේෂයෙන් ම ඒ විෂය ගැඹුරින් හැදෑරීමේ දී අදාළ මනස අවශ්‍ය ම අංගයක් බවට පත් වෙයි. දෙවනුව ඒ සඳහා පහසුකම් තිබිය යුතු ය. එයට පාසල්වල පහසුකම් මෙන් ම නිවසේ ආර්ථික පසුබිම ද අඩංගු වෙයි. තෙවනුව බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීම සඳහා අවුරුදු විස්‌සක පමණ පුහුණුවක් අවශ්‍ය වෙයි.
බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවේ අත්දැකීම් සියල්ලන්ට ම ලබාගැනීමට හැකි යෑයි කියන්නේ මේ සියල්ල අමතක කර දැමීමෙනි. එවැනි ප්‍රකාශ කිරීමේ දී ඔවුන් ලබා ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය කුමක් දැයි ඔවුන් ම සලකා බලන්නේ නම් මැනැවි. මෙහි දී වඩාත් ම හාස්‍යජනක කරුණ වනුයේ බටහිර විද්‍යාව නො හදාරා බටහිර විද්‍යාවේ දර්ශනය හදාරා ඇතැයි කියන අය ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ඕනෑ ම අයකුට ලබාගත හැකි ය යන විකාර අදහස ප්‍රකාශ කිරීම ය. මේ බොහෝ දෙනකු එවැනි ප්‍රකාශ කරතත් ඔවුන්ට ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි ය. ඔවුන් ඒ සඳහා පුහුණුවක් ලබා නැති අතර එවැන්නන් බොහෝ දෙනකුට වියුක්‌ත බටහිර විද්‍යාවන් හැදැරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වියුක්‌ත මනසක් ද නැත. එහෙත් ඔවුහු ද බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට වී බටහිර විද්‍යාඥයන් ගේ පුහු ප්‍රකාශ පුනරුච්චාරණය කරති.
ඉන්ද්‍රිය ගෝචර නො වන සත්ත්වයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට, ඔවුන් සමඟ සන්නිවේදනය කර ගැනීමට යම් ආකාරයක දියුණු මනසක් අවශ්‍ය වෙයි. ඒ මනස සාංසාරික පුරුද්දක ප්‍රතිඵලයක් විය හැකි ය. එසේත් නැතිනම් භාවනාවෙන් සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එලෙස සම්බන්ධකම් ඇති කර ගැනිමට හැකියාව ලබාගන්නට ඇත. එවැනි තත්ත්වයකට පත් වීම සඳහා ද සුදුසු මනසක් හා යම් කාලයක් අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාඥයෝ තම තමන් ඒ ඒ විෂයයෙහි විශේෂඥයන් ලෙස සලකන්නේ අදාළ මනස හා පුහුණුව ඇති බැවිනි. බටහිර විද්‍යාවේ අත්දැකීම් ගෝචර වන්නේ මේ විශේෂඥයන්ට පමණකි. එහෙත් ඔවුහු බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියමින් ඕනෑ ම අයකුට ඒ අත්දැකීම් ලබාගත හැකි යෑයි කියති. ඒ අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නන් එසේ කරන්නේ ඔවුන් ද අදාළ ක්‍ෂෙත්‍රයෙහි විශේෂඥයන් වීමෙන් පසු බව බටහිර විද්‍යාඥයෝ අමතක කරති. ඉතා ම ඉහළ ම ගණයේ බටහිර විද්‍යාඥයකුට වුව ද අදාළ මනස හා පුහුණුව නැත්නම් ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පැවැත්විය හැකි නො වේ. බටහිර විද්‍යාඥයන් ඕනෑ ම අයකුට තම ක්‍ෂෙත්‍රයෙහි අත්දැකීම් ලබාගැනීමට නො හැකි බව දැන දැන ද අනෙක් ක්‍ෂෙත්‍රවල අත්දැකීම් සියල්ලන්ට ම විවෘත විය යුතු යෑයි කීම මොන තරම් මගඩියක් ද?
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
රුවන්වැලි සෑය හා දළදා මැඳුර
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
රුවන්වැලි සෑය තැනීමෙන් පසූ මෙරට සියල්ලන් බෞද්ධ වී යැයි මෙයින් නො කියැවෙයි. මෙරට කිසි ම දිනෙක සියල්ලන් බෞද්ධ වී යැයි අපි නො කියමූ. ඒ ඒ අය ගේ ආගම ඒ ඒ අයට අවශ්‍ය පරිදි ඇදහීමට මෙරට කිසි ම බාධාවක් තිබෙන්නට නොහැකි ය. එසේ වීම බෞද්ධ සංස්කෘතියකට එකඟ නො වෙයි. රුවන්වැලි සෑය, මහා සෑය බවට පත් වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධානත්වය අද මෙන් ම එදා ද පිළිබිඹූ කෙරුණූ සෑය ඒ වූ බැවිනි.
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන වස්තූන් වනූයේ ශ්‍රී මහා බෝධිය හා දළදා වහන්සේ යැයි කිව හැකි ය. රුවන්වැලි සෑය ඇතුළු චෛත්‍ය ඉන් වෙනස් වන්නේ ඒ සිංහලයන් විසින් නිර්මාණය කරනූ ලැබූ බැවිනි. දළදා වහන්සේ වඩා හිඳුවීම සඳහා දළදා මන්දිරයක් අවශ්‍ය බව ද මන්දිරය සිංහලයන් ගේ නිර්මාණයක් බව ද සැබෑ ය. එහෙත් සිංහල බෞද්ධයන් වඳින්නට යන්නේ දන්ත ධාතුන් වහන්සේ මිස සෑයක් හෝ මන්දිරයක් හෝ නො වෙයි.
චෛත්‍යයක් වැඳීමට යෑමේ දී සිංහල බෞද්ධයන්ට එහි නිදන් කර ඇත්තේ කිනම් ධාතුන් වහන්සේ නමක් ද යන්න මතක් වන්නේ යැයි නො සිතමි. රුවන්වැලි සෑයේ නිදන් කර ඇත්තේ කිනම් ධාතුන්වහන්සේ නමක් දෑයි දන්නා සිංහල බෞද්ධයෝ කොතෙක් වෙත් ද? එහෙත් ඒ සෑය ඉදි කෙළේ කිනම් රජ කෙනකු ගේ මූලිකත්වයෙන් දැයි සිංහල බෞද්ධයෝ සියල්ලෝ ම පාහේ දනිති. අනෙක් අතට දළදා මන්දිරය කරවන ලද්දේ කවූරුන් විසින් දෑයි නො දන්නා නමූදු එහි දළදා හාමූදුරුවන් වැඩවසන බව කවූරුත් පාහේ දනිති.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම දන්ත ධාතුන් වහන්සේ ද සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් ගත් කල කිසි ම රජතූමකු හෝ වෙනත් ගිහියකු හා සම්බන්ධ නො වෙයි. එහෙත් සෑම චෛත්‍යයක ම බූදුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ නමක් නිදන් කර ඇතැයි සැලකුව ද සිංහල බෞද්ධයනට චෛත්‍යය කරවූ තැනැත්තා වැදගත් වෙයි. චෛත්‍යය කිසියම් ක්‍රමයකින් හෝ ඒ නිර්මාණය කිරීම හා සම්බන්ධ ය.
රුවන්වැලි සෑය, මහා සෑය වන්නේ සිංහලයන් විසින් නිර්මාණය කරන ලද එවැනි චෛත්‍ය අතරින් සිංහල බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධයෙන් ගත් කල ඒ ප්‍රධාන වන බැවිනි. මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටූවීමේ සංකේතය රුවන්වැලි සෑය වෙයි. එබැවින් ඒ සිංහල බෞද්ධයන්ට වැදගත් ය. එබැවින් මහාවංශය ලියූ මහානාම හිමියන්ට ඒ වැදගත් විය. අනූකාරක උගතකු අනෙක් චෛත්‍යවලට වඩා විශේෂ තැනක් රුවන්වැලි සෑයට මහාවංශයේ දී ඇත්තේ ඇයි දෑයි ප්‍රශ්න කරන විට ඒ ඇංකර උගත් තැනැත්තා හෝ තැනැත්තිය හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නො දන්නා බව පැහැදිලි වෙයි.
රුවන්වැලි සෑය ඉදි කිරීමෙන් පසූව ද මෙරට වෙනත් ආගම් ඇදහූ අය යම් ප්‍රමාණයක් හෝ සිටිය හ. ඒ සඳහා හොඳ ම උදාහරණය වළගම්බා රජූ පළමූවරට යූද්ධයෙන් පැරදී පළා යන විට ගිරි නම් නිගණ්ඨයකු මහා කළු සිංහලයා පළා යන්නේ යැයි කී කතාව ය. ඉන් කියැවෙන්නේ එකල මෙරට ජෛනයන් සිටි බව හා ඔවූන් ගේ සිද්ධස්ථාන මෙහි තිබූ බව ය. වළගම්බා රජූ පසූව යූද්ධයෙන් දිනා නැවත රට එක්සේසත් කිරීමෙන් පසූ ගිරි නම් නිගණ්ඨයා සිටි තැන අභයගිරිය කරවී ය. අභයගිරිය නම් කිරීමේ දී රජතුමා තමා ගේ නමක් වූ අභය හා ගිරි නම් නිගණ්ඨයා ගේ නම් එකතු කළ බව කියැවෙයි.
ඇතැමකුට අනූව එතැන කුඩා කන්දක් තිබූ බැවින් ඒ ගිරි විය. සමහර විට මේ කරුණූ දෙක ම සිදු වූවා විය හැකි ය. එතැන කන්දක්, කඳු ගැටයක් තිබිණි නම් ඒ ස්ථානය සමහර විට ගිරිය නමින් හැඳින්වෙන්නට ඇත. මෙහි දී ඇතැමූන් උදාහරණයට ගෙනෙන්නේ ගිරග්ග සමජ්ජ උත්සවය ය. කන්දක පවත්වන ලද සමාජ උත්සවයක් යන තේරුමින් ඒ ගිරග්ග සමජ්ජ වී යැයි කියැවෙයි. කන්දේ සිද්ධස්ථානයක් තනාගෙන සිටි නිගණ්ඨයා ගිරි නිගණ්ඨයා යනූවෙන් හඳුන්වනූ ලැබීම සිංහල සංස්කෘතියට එකඟ ය. කෙසේ හෝ වේවා අභයගිරිය යන නමෙහි ඉතිහාසය ද යම් පමණකින් හෝ ගැබ් වී ඇත.
ඒ ගිරි නිගණ්ඨාරාමයෙහි ජෛනයන් සිටි බව ඉතිහාසයෙහි සඳහන් ය. වළගම්බා රජූට පෙර සිටි ඛල්ලාටනාග රජූ මැරීමට කුමන්ත්‍රණය කළ සහෝදරවරු තිදෙනා ගිරි නිඝණ්ඨාරාමයෙන් පැමිණි බව සඳහන් ය. මෙයින් පැහැදිලි වන්නේ ගැමූණූ රජතුමා ගෙන් පසූවත් විවිධ ආගමිකයන් මෙරට සිටි බව ය. එහෙත් මේ ආගම්වලට ගිය අය නොබෝ කලකින් ම කළකිරීමට පත් වූ හ. මේ නව ආගමිකයන් හරිහැටි සිංහල සමාජය නො දෑන සිටින්නට ඇත. එමෙන් ම ඔවූන් පොදු වේ ගත් කල සිංහල බෞද්ධයන්ට විරුද්ධ වූ බව ද කියැවෙයි. එකල සිංහල බෞද්ධයන් පමණක් නො ව සිංහල ජෛනයන් ද සිටි බව පැහැදිලි ය. තමන් පිටූපස ජෛන පූජකයන් සිටි බව සිංහල ජෛනයන් දෑන සිටි බව ද පැහැදිලි ය.
එකල පමණක් නො ඉන් පෙර පණ්ඩූකාභය සමයෙහි ද මෙරට ජෛනයන් වාසය කර ඇත. පණ්ඩූකාභය රජතුමා ගේ අනූරාධපූර නගර සංවර්ධන සැලැස්මේ ජෛන සිද්ධස්ථාන ගැන කියැවෙයි. එහෙත් මේ ලේඛනවලින් කියැවෙන අනෙක් කරුණ නම් එකල සිටි ජෛනයන් සංඛ්‍යාව එතරම් විශාල නො වන බව ය. සෙල් ලිපිවල ජෛනයන් ගැන හෝ ජෛන සිද්ධස්ථාන ගැන හෝ එතරම් යමක් නො කියැවෙයි.
ජෛනයෝ වෙළෙන්දෝ වූ හ. ජෛන ආගමේ ඉගැන්වෙන පරම අවිහිංසාව හේතුවෙන් ජෛනයන්ට ගොවිතැන් කිරිමට නොහැකි විය. ඒ ගොවිතැන් කිරීමේ දී පොළොව කෙටීමේ දී සතුන්ට හිරිහැර වීම හෝ සතුන් මිය යෑම හෝ සිදු වන බැවිනි. පැහැදිලිව ම ජෛන ආගමයෙහි සිත ගැන එතරම් අධ්‍යයනයක් කෙරී නැත. අප ඇවිදිද්දී හෝ වෙනත් වැඩක් කිරීමේ දී හෝ අප නො සිතා ම සතකු මිය යන්නේ නම් අපට කළ හැකි දෙයක් නැත. ඇවිදීම අත්හැර ජීවත් වීමට නොහැකි ය.
අවිඥානිකව සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් අප වගකිව යූතු නො වන බව ජෛනයන්ට වටහා ගැනීමට නොහැකි වී ඇති බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් ජෛනයන්ට ඔවූන් ගේ ආගමෙහි කියැවෙන අයූරින් ජීවත් වීමට යෝග්‍ය ම වෘත්තිය වෙළෙඳාම විය. අද පවා ඉන්දියාවේ ජෛනයන් බහූලව ඇත්තේ වෙළෙන්දන් අතර ය. ලංකාවේ, එනම් එදා හෙළයේ (සිංහල දේශයේ) වෙළෙන්දෝ බොහෝ විට නාග ග්‍රෝත්‍රික වූ හ. නාගයෝ වෙළෙන්දෝ මෙන් ම නාවිකයෝ ද වූ හ. එකල මේ වෘත්තීන් දෙක අතර යම් බැඳීමක් තිබූ බව පෙනී යයි.
මෙරට නාගයෝ බූදුන් වහන්සේ ගෙන් පසූව බෞද්ධයෝ වූ හ. චූලෝදර, මහෝදර යූද්ධයෙන් මෙන් ම මණිඅක්ඛික නාග රාජයා ගේ කථාවෙන් ද පෙනී යන්නේ නාගයන් බෞද්ධයන් වීමට දෑක්වූ දෑඩි කැමැත්ත ය. එමෙන් ම ගැමූණූ රජූට ද නාග සම්බන්ධයක් විය. ඛල්ලාටනාග රජූ ගෝත්‍රික නාමයෙන් ම පෙනී සිටියේ ය. ඒ රජූ මැරීමට කුමන්ත්‍රණය කළෝ ජෛනයෝ යැයි සිතිය හැකි ය. වෙළෙන්දන් බෞද්ධයන් වූ පසූ ජෛන ආගමට මෙරට එතරම් ඉල්ලූමක් නො වී ය. කෘෂිකර්මය බෞද්ධයන්ට අකැප දෙයක් නො වී ය.
මෙකල ලංකාවේ පමණක් නො ව භාරතයේ ද හින්දු ආගමක් නො වී ය. හින්දු ආගම භාරතයේ ද ඇති වූයේ ශංකරාචාර්යවරයා ගෙන් පසූව ය. ඔහූ බූදු දහම, වෛදික දහම තුළට ගෙන අද්වෛත වේදාන්තය නිර්මාණය කෙළේ ය. භාරතය හින්ඳු වූයේ ඉන් පසූව ය. මෙහි දී කිව යූතු වැදගත් කරුණක් වෙයි. හින්දු ආගමේ අද දක්නට ඇති අවිහිංසාව බූදු දහමෙහි හා ජෛන ආගමෙහි අවිහිංසාව නිසා ඇති විණි. බූදු දහමෙහි අවිහිංසාව ජෛන ආගමෙහි පරම අවිහිංසාව මෙන් නො වූවත් වෛදිකයන්ට අවිහිංසාව තම ආගමට ඇතුළත් කරගැනීමට සිදු වූයේ ඒ ආගම් හේතුවෙනි.
වෛදිකයෝ බලි පූජා සඳහා සතුන් මැරූ හ. එහෙත් හින්දු ආගම හිංසාවට විරුද්ධ ය. හින්දු ආගම යනූ වෛදික සංස්කෘතියට බූදු දහම හා යම් ප්‍රමාණයකට ජෛන ආගම අවශෝෂණය කර ගැනීමෙන් බිහි වූවකි. ආර්ය සංස්කෘතිය දඹදිව ආක්‍රමණය කිරීමෙන් පසූව ඒ සංස්කෘතියට ක්‍රමයෙන් දඹදිව තිබූ අනාර්ය සංස්කෘතික ලකෂණ අවශෝෂණය කෙරිණි. සියවස් ගණනාවක් ඇවෑමෙන් ඒ ක්‍රියාදාමය පරිපූර්ණත්වයට පත් වූයේ හින්දු ආගම ඇති වීමෙන් පසූව ය. ඉන් පසූව එලෙස බිහි වූ හින්දු සංස්කෘතියට නැවතත් භාරතයට බටහිරින් පැමිණි මූස්ලිම් සංස්කෘතිය අවශෝෂණය කෙරිණි. අද පවත්නා භාරතීය සංස්කෘතිය මේ සියල්ලෙහි ප්‍රතිඵලයකි.
මෙයින් පැහැදිලි වන්නේ හින්දු ආගම බූදු දහම බිහිවීමෙන් පසූව නිර්මාණය වූ බව ය. එහෙත් අද සම්මත මතය වී ඇත්තේ බූදු දහම හින්දු ආගමෙන් බිහි වූවක් බව ය. අද ඉන්දියාවේ වාසය කරන පඬිවරු මේ මතය තදින් ප්‍රචාරය කරති. ඉන්දියාවේ ජනාධිපති ව සිටි, එමෙන් ම දාර්ශනිකයකු ලෙස නමක් දිනාගෙන සිටි සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් මහතාට අනූව සිදුහත් කුමරු හින්දු ආගමිකයකු ලෙස උපත ලබා හින්දු ආගමිකයකු ලෙස ජීවත් වී හින්දු ආගමිකයකු ලෙස මිය ගියේ ය. රාධක්‍රිෂ්ණන් මහතා මෙන් ම අද ඉන්දියාවේ ජීවත් වන පඬිවරු ද හින්දු ආගම හා වෛදික ආගම් අතර වෙනසක් නො දකින බව පැහැදිලි ය.
අප අපේ ප්‍රවාද මඟින් කියා ඇත්තේ ආර්ය සංස්කෘතිය දඹදිවට පැමිණෙන විට එහි තිබූ අනාර්ය සංස්කෘතිය සමඟ මිශ්‍ර වී වෛදික සංස්කෘතිය නිර්මාණය කිරිමට සියවස් ගණනාවක් ගිය බව ය. ආර්ය සංස්කෘතිය එතරම් තදින් පැතිර යෑමට පෙර වූ මිශ්‍රණයට අපි අර්ධ වෛදික සංස්කෘතිය යැයි කීවෙමූ. අපට තවත් ආකාරයකින් මේ සංස්කෘතික විපර්යාසය තේරුම් ගත හැකි ය. අර්ධ වෛදික සංස්කෘතිය යනූ අනාර්ය සංස්කෘතියට ආර්ය සංස්කෘතිය (එනම් එහි අංග) අවශෝෂණය කිරීමෙන් බිහි වූවකි. වෛදික සංස්කෘතිය යනූ මේ අවශෝෂණය පිටාර ගලා ආර්ය සංස්කෘතියට අනාර්ය සංස්කෘතිකාංග අවශෝෂණය කිරීමෙන් බිහි වූවකි. සිදුහත් කුමරු බිහි වූයේ අර්ධ වෛදික සමාජයක මිස අඩූ තරමින් වෛදික සමාජයක වත් නො වෙයි. මෙරටට දඹදිවින් පැමිණියෝ අර්ධ වෛදිකයෝ වූ හ. අසිත තවූසා මෙන් ම සිදුහත් කුමරු ගේ හා සිදුහත් තවූසා ගේ ගුරුවරු අර්ධ වෛදිකයෝ වූ හ. ඔවූහූ ධ්‍යාන වැඩූ හ. යෝග අභ්‍යාස කළ හ. එමඟින් විමූක්තිය ලබාගැනීමට කටයූතු කළ හ. එහෙත් වෛදිකයෝ එසේ නො වූ හ. ඔවූහූ බලි පූජා කළ හ. සෝම පානය කළ හ. බාහිර බලවේගයකට යාඥා කර විමූක්තිය ලබාගැනීමට උත්සාහ කළ හ.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
රුවන්වැලියේ වගතුග
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
සිංහලයන් වෙනත් කිසියම් රටක දක්නට ඇත්නම් ඔවූහූ ලංකාවෙන් එහි ගිය අය වෙති. ඒ හැරෙන්නට ඉන්දියාවේ හෝ වෙනත් කිසි ම රටක හෝ ආදියෙහි සිට ජීවත් වන සිංහලයන් දක්නට ඇත. එහෙත් දෙමළ ජනයා ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ විසූ හ. එමෙන් ම සිංහලයෝ ඉංගිරිසින් හෝ වෙනත් යූරෝපීය ජාතියක් හෝ මෙන් නො වෙති. අද ඇමෙරිකාවේ, කැනඩාවේ, ඕස්ටේරිලියාවේ, නවසීලන්තයේ ජීවත් වන සූදු ජාතිකයෝ ඒ රටවලට පැමිණීමට පෙර ම ඉංගිරිසි, ප්‍රංශ ආදී ලෙස ජනවර්ග නමින් ම හඳුන්වනූ ලැබූ හ. ඔවූන් ගිය රටවල එවකටත් සිටි වැසියෝ ආදිවාසීහූ වෙති. මෑතක් වන තුරු ම එසේ සංක්‍රමණය වූවන් හා ආදිවාසීන් අතර සඳහන් කළ හැකි මිශ්‍රණයක් නො වී ය.
සිංහලයන් මෙරටට දඹදිවින් පැමිණියේ නැත යන්න සිංහලයන් සව්ඥානික ව දෑන ගැනීම අනිවාර්ය වෙයි. එහෙත් අවාසනාවකට බොහෝ සිංහලයන් සිතන්නේ තමන් ඉන්දියාවෙන් පැමිණි බව ය. විජය කුමරු හා ඔහූ සමඟ පැමිණි හත් සියයෙන් සිංහල ජාතිය ඇරඹිණි යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් වත්මන් ඉන්දියාවේ හෝ පැරණි භාරතයේ හෝ දඹදිව හෝ සිංහල නමින් ජනවර්ගයක් තිබූ බවට සාකෂි නොමැත. සිංහල ජාතිය මෙරට ම බිහි වී ඇති බව පැහැදිලි ය. එහෙත් එයින් කියැවෙන්නේ සිංහල ජාතිය හෝ සිංහල ජනවර්ගය හෝ අවූරුදු විසි පන් දහසක් හෝ එයටත් වඩා හෝ පැරණි බව නො වෙයි. ඇතැමූන් එසේ කීව ද ඒ සඳහා සාකෂි නැත. එවැනි වූ අතීතයක ද මෙරට මිනිසූන් වාසය කර ඇති බවට සාකෂි තිබූණ ද, ඒ සිංහලයන් යැයි කීමට නොහැකි ය.
සිංහල ජාතිය බිහි වී ඇත්තේ දඹදිව නැගෙනහිර වෙරළින් සංක්‍රමණය වූ අර්ධ වෛදිකයන්, එහි බටහිර වෙරළින් පැමිණි සූළු පිරිසක්, මෙරට ඈත අතීතයේ සිට ජීවත් වූ යකෂ, නාග, දේව ආදී ගෝත්‍ර සමඟ සම්මිශ්‍රණයකින් යැයි සිතිය හැකි ය. සිංහල ජාතිය ගොඩනැගී ඇත්තේ මෙරට විසූ ගෝත්‍රිකයන් ගේ ද මිශ්‍රණයෙන් බැවින් සිංහලයන් ගෙන් බාහිර වූ වෙන ම ආදීවාසිහූ මෙරට නො වූ හ. එබැවින් සිංහලයන්ට සාපේකෂව වැද්දන් ආදීවාසීන් ලෙස ගැනීම සංකල්පීය වශයෙන්
නිවැරැදි නො වෙයි. මෙරට ආදීවාසීන් යනූවෙන් කොටසක් වෙන් කළ හැක්කේ අවශ්‍ය නම් මූස්ලිම් ජනයාට හා දෙමළ ජනයාට සාපේකෂව ය. ඔවූන්ට සාපේකෂව සිංහලයෝ ද වැද්දෝ ද ආදීවාසීහූ වෙති.
අප සංකල්ප භාවිතයේ දී සූපරීකෂාකාරී විය යූතු ය. බටහිරයෝ තම රටවල් සම්බන්ධ ප්‍රපංචවල දී සූපරීකෂාකාරි ලෙස සංකල්ප යොදාගත්ත ද අපේ රටවල් සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තියක් අනූගමනය නො කරති. ඒ තම වාසියට හා තමන්ට අවශ්‍ය දේ කීමට ය. ලංකාවේ දී ඔවූන්ට අවශ්‍ය සිංහලයන්ට හිමි තැන ලබා නො දී ම ය. ඒ සඳහා සිංහලයන් ද, දෙමළ හා අනෙක් ජනවර්ග ද සමාන තත්ත්වයෙහි ලා සැලකෙන සංකල්ප හා ප්‍රවාද ඔවූනට අවශ්‍ය වෙයි. වැද්දන් ආදීවාසීන් ලෙස ගත් කල සිංහල, දෙමළ, මූස්ලිම් ආදී සියල්ලෝ ම පිටින් පැමිණි අය වෙති.
සිංහලයන් තමන් පිටින් පැමිණි පිරිසක් ලෙස සිතන තාක් බටහිරයන් වැදි ජනතාව වෙත පමණක් පටවන ආදිවාසී සංකල්පයෙන් නිදහස් විය හැකි නො වෙයි. සිංහලයන් පැමිණියේ යැයි කියන දඹදිව කාලිංග (ඔරිස්සා), වංග (බෙංගාල) හෝ බටහිර වෙරළේ ප්‍රදේශවලට ගිය ද සිංහලයන් සොයා ගැනීමට නොහැකි ය. සිංහලයන් එලෙස වෙන රටක ජීවත් නො වූණ ද, දෙමළ ජනයා දකුණූ ඉන්දියාවෙන් ද, මූස්ලිමූන් බහූතරය දකුණූ ඉන්දියාවෙන් ද සංක්‍රමණය වී ඇති බව පැහැදිලි ය. මෙරට මූස්ලිම් ජනයා ආරාබි නො ව දෙමළ කතා කිරීමට ප්‍රධාන හේතුව ඔවූන් දකුණූ ඉන්දියාවේ දෙමළ කතා කරන ප්‍රදේශවලින් පැමිණි අය වීම ය.
ආදිවාසී යන සංකල්පය ජනවර්ගයක් හැඳින්වීම සඳහා යෙදිය හැක්කේ වෙනත් ජනවර්ගයක් හෝ ජාතියකට හෝ සාපේකෂව ය. ඔස්ටේරිලියාවට ඉංගිරිසින් නො ගියේ නම් හා එහි එදා සිටි ජනවර්ගය කිසිදු බාහිර බලපෑමකට හසූ නො වී දිගින් දිගට ම ජීවත් වී නම් ඔවූන් ආදිවාසී යනූවෙන් හැඳින්වීම අනවශ්‍ය වෙයි. එහි දී ඒ ජනවර්ගය ඕස්ටේරිලියාවට පිටින් පැමිණියේ ද නැද්ද යන්න වත් අදාළ නො වෙයි. ඔවූන් ආදිවාසීන් වූයේ ඕස්ටේරිලියාවට පසූව පැමිණි ඉංගිරිසින්ට සාපේකෂව ය. නවසීලන්තයේ ද, ඇමෙරිකාවේ ද තත්ත්වය එසේ ම විය.
දඹදිවින් අර්ධ වෛදිකයන් නැගෙනහිරින් හා වෙනත් සූළු පිරිසක් බටහිරින් ලංකාවට සංක්‍රමණය වන විට මෙරට තත්ත්වය එසේ නො වී ය. අවූරුදු දහස් ගණනක් තිස්සේ විවිධ ගෝත්‍ර මෙරට වාසය කර තිබූණි. දඹදිවින් පැමිණි පිරිස ඉංගිරිසින් මෙන් ජනවර්ගයකට හෝ ජාතියකට හෝ අයත් නො වූ හ. ඔවූන් මෙහි පැමිණි දින සිට ම මෙන් මෙරට සිටි ගෝත්‍රිකයන් සමඟ යූද්ධවලට ද අවාහ විවාහ කටයූතුවලට ද සහභාගි වූ හ. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස සියවස් පහක හයක ඇවෑමෙන් සිංහල ජාතිය නමින් නව ජාතියක් මේ භුමියේ ම ඇති විය. සිංහල ජාතිය බිහි වීමට දඹදිවින් පැමිණි අර්ධ වෛදිකයන් දායක වූ බව සෑබැ ය. එහෙත් එහි දී දායක වූයේ ඔවූන් පමණක් නො වෙයි. මෙරට සිටි විවිධ ගෝත්‍ර ද එයට දායක විය. එසේ නම් ඒ කිසි ම ගෝත්‍රයකට සාපේකෂව තවත් එක් ගෝත්‍රයක් පමණක් ආදිවාසී විය නොහැකි ය. සිංහල ජාතිය ගොඩනැගීමට දායක වූ ගෝත්‍ර පසෙක ලා ඒ ගෝත්‍රවල දායකත්වයෙන් බිහි වූ සිංහල ජාතියට සාපේකෂව එකල සිටි එක් ගෝත්‍රයක් පමණක් වූ වැදි ජනයා ආදිවාසීන් ලෙස හැඳින්වීම කිසිසේත් ම සංකල්පීය වශයෙන් ගත් කල නිවැරැදි නො වෙයි.
සිංහල ජාතියේ සම්භවය හා ඉතිහාසය දෑනගැනීමේ දී අප අනූගමනය කරන්නේ එක ම එක විධි ක්‍රමයකි. එයට විධි ක්‍රමයක් යැයි කීම පවා උචිත නො වෙයි. එයට ක්‍රියා පටිපාටියක් යැයි කීම නිවැරැදි විය හැකි ය. ඒ හැඳින්වීම සඳහා යොදාගත හැකි නම කුමක් වූවත් ඉතිහාසයේ පමණක් නො ව භෞතික විද්‍යාවේ ද අප අනූගමනය කරන්නේ ඒ පටිපාටිය ය. එහි දී අපි හැකි අවස්ථාවල දී පරීකෂණ (අත්හදා බැලීම්, ඉතිහාසය, තාරකා භෞතිකය වැනි විෂයයන්හි අත්හදා බැලීම් කළ නොහැකි ය) නිරිකෂණ, සාධක, සංකල්ප, ප්‍රවාද ආදී සියල්ල සලකා සමස්තයක් ලෙස ගත ්කල නිර්මාණය කළ හැකි හැකිතාක් සංගත නව ප්‍රවාදය කුමක් දෑයි සොයා බලමූ. සිංහල බෞද්ධ ඥාන විභාගයට අනූව අපි එහි දී අනූමානය (සබෙැරුබජැ- හා ප්‍රත්‍යකෂය යොදා ගනිමූ. අවශ්‍ය අවස්ථාවල දී ඇරිස්ටෝටලීය න්‍යායට කොටූ නො වී වෙනත් න්‍යාය ද අනූගමනය කරමූ.
ඉතිහාසයෙහි දී සාධක වනූයේ සෙල් ලිපි, පූරා වස්තු, ඓතිහාසික ගොඩනැගිලි හා කර්මාන්ත, සාහිත්‍යය, ජනප්‍රවාද ආදිය ය. මෙහි දී සඳහන් කළ යූතු වැදගත් කරුණ නම් සාධක ප්‍රවාදවලින් ස්වායත්ත (නිදහස්) නො වන බව ය. සාධක යනූ අප විසින් ඊනියා විවෘත මනසකින් ග්‍රහණය කරගනූ ලබන දේ නො වෙයි. සෑම සාධකයක් පසූපස ම ප්‍රවාදයක් හෝ අඩූ ම තරමින් සංකල්පයක් වෙයි. රුවන්වැලි සෑය අප එලෙස දකින්නේ ඇයි? අපි එය සෑයක් ලෙස හඳුනා ගනිමූ. සෑයක බූදුන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ නිදන් කර ඇති බව අපි දනිමූ. රුවන්වැලි සෑය තනවනූ ලැබ ඇත්තේ ගැමූණූ රජතුමා විසින් බව අපි දනිමූ.
යම්කිසි අයූරකින් වෙනත් රජ කෙනකු රුවන්වැලි සෑය ගොඩනගා ඇත්නම් අපට ඒ බව තේරුම්ගැනීමට කොපමණ කල් යාවි ද? ඒ සඳහා අපට අලූත් ම සාධක අවශ්‍ය වනූ ඇත. එහෙත් ඒ අලූත් සාධක, එලෙස සාධක ලෙස අපට පෙනෙන්නට පටන්ගනූ ඇත්තේ අප රුවන්වැලි සෑයේ නිර්මාපකයා ගැමූණූ රජතුමා නො වේ යැයි පිළිගැනීමට සූදානම් නම් පමණකි. එසේ නැත්නම් අපට ඒ අලූත් සාධක, සාධක නො වනූ ඇත. සාධක නිසා අලූත් ප්‍රවාදයක් ඇතිවනවා නො ව සාධක බවට පත්වන්නේ ම ප්‍රවාදයක් ඇසූරු කරගෙන ය.
රුවන්වැලි සෑයේ නිර්මාපකයා කවූද යන ප්‍රශ්නය පසෙකට ලා අප මහා සෑයට සිංහලෙන් රුවන්වැලි කියන්නේත්, පාලියෙන් ස්වර්ණමාලි කියන්නේත් ඇයි ද යන්න සොයා බලමූ. බැලු බැල්මට මෙහි පරස්පරයක් ඇත. මාලි යන්න වැලි වූයේ කෙසේ ද යන්න ඇතැමූනට ප්‍රශ්නයකි. එබැවින් ඇතැම්හූ මහා සෑය, රුවන්වැලි සෑය යනූවෙන් හඳුන්වති. එහෙත් සිංහලෙන් රුවන්වැලි යැයි කී විට එහි අරුතක් නැති වෙයි. රුවන්වැලි යන්නෙහි අරුත කුමක් දෑයි දෑන් කිසිවකුට ප්‍රශ්නයක් වනූ ඇත. එහෙත් මේ සියලූ ප්‍රශ්න රුවන්වැලි සෑය පිළිබඳ ව ජනප්‍රවාදයෙහි හා සාහිත්‍යයෙහි ඇති තොරතුරු ඔස්සේ බැලු විට විසඳෙයි.
ගැමූණූ රජතුමා මහා සෑය කරවීමට පෙර එතැන තිබී ඇත්තේ ගාඩි කුලය යැයි හැඳින්වෙන්නන් ගේ දේවාලයකි (පූජනීය ස්ථානයකි). ඒ දේවාලය ස්වර්ණමාලි දෙවඟන ගේ නමින් කරවී යැයි සඳහන් වෙයි. එහෙත් මේ දෙවඟන යනූ අදාළ කුලයේ පැරැන්නියක බව පැහැදිලි ය. ඒ කුලයේ කාන්තාවන් ඇතැම් විට නම් කෙරෙන්නේ වල්ලි කියා ය. එබැවින් මේ දෙවඟන ගේ නම රත්නවල්ලි වී යැයි සිතිය හැකි ය. ගැමූණූ රජූ දේවාලය තිබූ තැන සෑයක් කරවීමෙහි දී අදාළ කුලයෙන් එයට යම් විරෝධයක් මතු වන්නට ඇත. වැදි ජනවර්ගය මෙන් ම මේ කුලය ද සිංහල ජාතියෙන් පිටත තිබී ඇත. බෞද්ධ නො වූ ඒ කුලයෙන් එවැනි විරෝධතාවක් බලාපොරොත්තු විය යූතු ව තිබූණි. මේ විරෝධතාවට ද ඉතිහාසයක් තිබූ බව ඉතිහාසයෙන් ම පෙනී යයි.
වංශකතාවලට අනූව එතැන සෑයක් කරවීමට පළමූවෙන් ම අවශ්‍ය වී ඇත්තේ දේවානම්පියතිස්ස රජූට ය. එහෙත් මිහිඳු හිමියන් එසේ කිරීමෙන් එතුමා වළකා ඇත. උන්වහන්සේ එසේ වැළැක්වූයේ ඇයි? වංශකතාවලට අනූව මිහිඳු හිමියන් රජූට පවසා ඇත්තේ මතු දවසක එතුමා ගේ මූනූබූරකු එතැන සෑයක් ඉදිකිරීමට නියමිත බැවින් සෑය කරවීමට මූනූබූරාට ම ඉඩ තබන ලෙස ය. මිහිඳු හිමියන් දිවැසින් බලා රජූ සැනසීමට ඒ බව පවසන්නට ඇත. එහෙත් මේ කතාවෙහි තවත් පැත්තක් වෙයි. එදා දේවානම්පියතිස්ස රජූට ගාඩි කුලයේ ජනයා ගේ තදබල විරෝධය හමූවේ එතැන සෑයක් කරවීමට නොහැකි විය යනූ මේ කතාවේ හරය විය නොහැකි ද?
දේවානම්පියතිස්ස සමය වන විට සිංහල ජාතිය ඇති වී සූළු කලකි. එවකටත් ඇතැම් යකෂ ගෝත්‍රිකයෝ සිංහලයන්ට විරුද්ධ වූ හ. ඒ විරෝධතාවත් සමඟ ඔවූන් රජූ ගේ අධිකාරය නො පිළිගත් බව පැහැදිලි ය. මිහිඳු හිමියන් මිස්සක පව්ව මූදුනේ සිට රජූට තිස්ස යැයි ආමන්ත්‍රණය කළ විට රජතුමා ඒ යකකු දැයි බිය වූ බව වංශකතාවෙන් හෙළි වෙයි. ඉන් කියවෙන්නේ රාජ්‍ය අධිකාරය නො පිළිගත් යකෂයන් පිරිසක් එකල සිටි බවත්, ඔවූන් රජතුමා නමින් ම ආමන්ත්‍රණය කළ බවත්, රජතුමා ඔවූන් කෙරෙහි බියෙන් පසූ වූ බවත් ය. සිංහල ජාතිය ඇති වී වැඩි කල් නො ගිය සමයක සිංහලයන් බෞද්ධයන් වූ විගස සිංහල ජාතියෙන් පිටත සිටි කුලයක ආගමික සිද්ධස්ථානයක් තිබූ තැනක සෑයක් කරවීමට තරම් ශක්තියක් දේවානම්පියතිස්ස රජූට නො වූ බව පැහැදිලි ය. සිංහල රජකුට ඒ ශක්තිය ලැබූණේ ගැමූණූ සමයෙහි දී ය. එහෙත් එහි දී ද කොන්දේසියක් පැනවීමට ගාඩි කුලයේ ප්‍රධානීන් සමත් වී ඇත. ඒ කොන්දේසියට අනූව රත්නවල්ලි දෙවඟන ගේ නමින් සෑය බැඳිය යූතු විය.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~