රුවන්වැලි සෑය හා දළදා මැඳුර
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
රුවන්වැලි සෑය තැනීමෙන් පසූ මෙරට සියල්ලන් බෞද්ධ වී යැයි මෙයින් නො කියැවෙයි. මෙරට කිසි ම දිනෙක සියල්ලන් බෞද්ධ වී යැයි අපි නො කියමූ. ඒ ඒ අය ගේ ආගම ඒ ඒ අයට අවශ්‍ය පරිදි ඇදහීමට මෙරට කිසි ම බාධාවක් තිබෙන්නට නොහැකි ය. එසේ වීම බෞද්ධ සංස්කෘතියකට එකඟ නො වෙයි. රුවන්වැලි සෑය, මහා සෑය බවට පත් වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධානත්වය අද මෙන් ම එදා ද පිළිබිඹූ කෙරුණූ සෑය ඒ වූ බැවිනි.
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන වස්තූන් වනූයේ ශ්‍රී මහා බෝධිය හා දළදා වහන්සේ යැයි කිව හැකි ය. රුවන්වැලි සෑය ඇතුළු චෛත්‍ය ඉන් වෙනස් වන්නේ ඒ සිංහලයන් විසින් නිර්මාණය කරනූ ලැබූ බැවිනි. දළදා වහන්සේ වඩා හිඳුවීම සඳහා දළදා මන්දිරයක් අවශ්‍ය බව ද මන්දිරය සිංහලයන් ගේ නිර්මාණයක් බව ද සැබෑ ය. එහෙත් සිංහල බෞද්ධයන් වඳින්නට යන්නේ දන්ත ධාතුන් වහන්සේ මිස සෑයක් හෝ මන්දිරයක් හෝ නො වෙයි.
චෛත්‍යයක් වැඳීමට යෑමේ දී සිංහල බෞද්ධයන්ට එහි නිදන් කර ඇත්තේ කිනම් ධාතුන් වහන්සේ නමක් ද යන්න මතක් වන්නේ යැයි නො සිතමි. රුවන්වැලි සෑයේ නිදන් කර ඇත්තේ කිනම් ධාතුන්වහන්සේ නමක් දෑයි දන්නා සිංහල බෞද්ධයෝ කොතෙක් වෙත් ද? එහෙත් ඒ සෑය ඉදි කෙළේ කිනම් රජ කෙනකු ගේ මූලිකත්වයෙන් දැයි සිංහල බෞද්ධයෝ සියල්ලෝ ම පාහේ දනිති. අනෙක් අතට දළදා මන්දිරය කරවන ලද්දේ කවූරුන් විසින් දෑයි නො දන්නා නමූදු එහි දළදා හාමූදුරුවන් වැඩවසන බව කවූරුත් පාහේ දනිති.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම දන්ත ධාතුන් වහන්සේ ද සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් ගත් කල කිසි ම රජතූමකු හෝ වෙනත් ගිහියකු හා සම්බන්ධ නො වෙයි. එහෙත් සෑම චෛත්‍යයක ම බූදුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ නමක් නිදන් කර ඇතැයි සැලකුව ද සිංහල බෞද්ධයනට චෛත්‍යය කරවූ තැනැත්තා වැදගත් වෙයි. චෛත්‍යය කිසියම් ක්‍රමයකින් හෝ ඒ නිර්මාණය කිරීම හා සම්බන්ධ ය.
රුවන්වැලි සෑය, මහා සෑය වන්නේ සිංහලයන් විසින් නිර්මාණය කරන ලද එවැනි චෛත්‍ය අතරින් සිංහල බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධයෙන් ගත් කල ඒ ප්‍රධාන වන බැවිනි. මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටූවීමේ සංකේතය රුවන්වැලි සෑය වෙයි. එබැවින් ඒ සිංහල බෞද්ධයන්ට වැදගත් ය. එබැවින් මහාවංශය ලියූ මහානාම හිමියන්ට ඒ වැදගත් විය. අනූකාරක උගතකු අනෙක් චෛත්‍යවලට වඩා විශේෂ තැනක් රුවන්වැලි සෑයට මහාවංශයේ දී ඇත්තේ ඇයි දෑයි ප්‍රශ්න කරන විට ඒ ඇංකර උගත් තැනැත්තා හෝ තැනැත්තිය හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නො දන්නා බව පැහැදිලි වෙයි.
රුවන්වැලි සෑය ඉදි කිරීමෙන් පසූව ද මෙරට වෙනත් ආගම් ඇදහූ අය යම් ප්‍රමාණයක් හෝ සිටිය හ. ඒ සඳහා හොඳ ම උදාහරණය වළගම්බා රජූ පළමූවරට යූද්ධයෙන් පැරදී පළා යන විට ගිරි නම් නිගණ්ඨයකු මහා කළු සිංහලයා පළා යන්නේ යැයි කී කතාව ය. ඉන් කියැවෙන්නේ එකල මෙරට ජෛනයන් සිටි බව හා ඔවූන් ගේ සිද්ධස්ථාන මෙහි තිබූ බව ය. වළගම්බා රජූ පසූව යූද්ධයෙන් දිනා නැවත රට එක්සේසත් කිරීමෙන් පසූ ගිරි නම් නිගණ්ඨයා සිටි තැන අභයගිරිය කරවී ය. අභයගිරිය නම් කිරීමේ දී රජතුමා තමා ගේ නමක් වූ අභය හා ගිරි නම් නිගණ්ඨයා ගේ නම් එකතු කළ බව කියැවෙයි.
ඇතැමකුට අනූව එතැන කුඩා කන්දක් තිබූ බැවින් ඒ ගිරි විය. සමහර විට මේ කරුණූ දෙක ම සිදු වූවා විය හැකි ය. එතැන කන්දක්, කඳු ගැටයක් තිබිණි නම් ඒ ස්ථානය සමහර විට ගිරිය නමින් හැඳින්වෙන්නට ඇත. මෙහි දී ඇතැමූන් උදාහරණයට ගෙනෙන්නේ ගිරග්ග සමජ්ජ උත්සවය ය. කන්දක පවත්වන ලද සමාජ උත්සවයක් යන තේරුමින් ඒ ගිරග්ග සමජ්ජ වී යැයි කියැවෙයි. කන්දේ සිද්ධස්ථානයක් තනාගෙන සිටි නිගණ්ඨයා ගිරි නිගණ්ඨයා යනූවෙන් හඳුන්වනූ ලැබීම සිංහල සංස්කෘතියට එකඟ ය. කෙසේ හෝ වේවා අභයගිරිය යන නමෙහි ඉතිහාසය ද යම් පමණකින් හෝ ගැබ් වී ඇත.
ඒ ගිරි නිගණ්ඨාරාමයෙහි ජෛනයන් සිටි බව ඉතිහාසයෙහි සඳහන් ය. වළගම්බා රජූට පෙර සිටි ඛල්ලාටනාග රජූ මැරීමට කුමන්ත්‍රණය කළ සහෝදරවරු තිදෙනා ගිරි නිඝණ්ඨාරාමයෙන් පැමිණි බව සඳහන් ය. මෙයින් පැහැදිලි වන්නේ ගැමූණූ රජතුමා ගෙන් පසූවත් විවිධ ආගමිකයන් මෙරට සිටි බව ය. එහෙත් මේ ආගම්වලට ගිය අය නොබෝ කලකින් ම කළකිරීමට පත් වූ හ. මේ නව ආගමිකයන් හරිහැටි සිංහල සමාජය නො දෑන සිටින්නට ඇත. එමෙන් ම ඔවූන් පොදු වේ ගත් කල සිංහල බෞද්ධයන්ට විරුද්ධ වූ බව ද කියැවෙයි. එකල සිංහල බෞද්ධයන් පමණක් නො ව සිංහල ජෛනයන් ද සිටි බව පැහැදිලි ය. තමන් පිටූපස ජෛන පූජකයන් සිටි බව සිංහල ජෛනයන් දෑන සිටි බව ද පැහැදිලි ය.
එකල පමණක් නො ඉන් පෙර පණ්ඩූකාභය සමයෙහි ද මෙරට ජෛනයන් වාසය කර ඇත. පණ්ඩූකාභය රජතුමා ගේ අනූරාධපූර නගර සංවර්ධන සැලැස්මේ ජෛන සිද්ධස්ථාන ගැන කියැවෙයි. එහෙත් මේ ලේඛනවලින් කියැවෙන අනෙක් කරුණ නම් එකල සිටි ජෛනයන් සංඛ්‍යාව එතරම් විශාල නො වන බව ය. සෙල් ලිපිවල ජෛනයන් ගැන හෝ ජෛන සිද්ධස්ථාන ගැන හෝ එතරම් යමක් නො කියැවෙයි.
ජෛනයෝ වෙළෙන්දෝ වූ හ. ජෛන ආගමේ ඉගැන්වෙන පරම අවිහිංසාව හේතුවෙන් ජෛනයන්ට ගොවිතැන් කිරිමට නොහැකි විය. ඒ ගොවිතැන් කිරීමේ දී පොළොව කෙටීමේ දී සතුන්ට හිරිහැර වීම හෝ සතුන් මිය යෑම හෝ සිදු වන බැවිනි. පැහැදිලිව ම ජෛන ආගමයෙහි සිත ගැන එතරම් අධ්‍යයනයක් කෙරී නැත. අප ඇවිදිද්දී හෝ වෙනත් වැඩක් කිරීමේ දී හෝ අප නො සිතා ම සතකු මිය යන්නේ නම් අපට කළ හැකි දෙයක් නැත. ඇවිදීම අත්හැර ජීවත් වීමට නොහැකි ය.
අවිඥානිකව සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් අප වගකිව යූතු නො වන බව ජෛනයන්ට වටහා ගැනීමට නොහැකි වී ඇති බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් ජෛනයන්ට ඔවූන් ගේ ආගමෙහි කියැවෙන අයූරින් ජීවත් වීමට යෝග්‍ය ම වෘත්තිය වෙළෙඳාම විය. අද පවා ඉන්දියාවේ ජෛනයන් බහූලව ඇත්තේ වෙළෙන්දන් අතර ය. ලංකාවේ, එනම් එදා හෙළයේ (සිංහල දේශයේ) වෙළෙන්දෝ බොහෝ විට නාග ග්‍රෝත්‍රික වූ හ. නාගයෝ වෙළෙන්දෝ මෙන් ම නාවිකයෝ ද වූ හ. එකල මේ වෘත්තීන් දෙක අතර යම් බැඳීමක් තිබූ බව පෙනී යයි.
මෙරට නාගයෝ බූදුන් වහන්සේ ගෙන් පසූව බෞද්ධයෝ වූ හ. චූලෝදර, මහෝදර යූද්ධයෙන් මෙන් ම මණිඅක්ඛික නාග රාජයා ගේ කථාවෙන් ද පෙනී යන්නේ නාගයන් බෞද්ධයන් වීමට දෑක්වූ දෑඩි කැමැත්ත ය. එමෙන් ම ගැමූණූ රජූට ද නාග සම්බන්ධයක් විය. ඛල්ලාටනාග රජූ ගෝත්‍රික නාමයෙන් ම පෙනී සිටියේ ය. ඒ රජූ මැරීමට කුමන්ත්‍රණය කළෝ ජෛනයෝ යැයි සිතිය හැකි ය. වෙළෙන්දන් බෞද්ධයන් වූ පසූ ජෛන ආගමට මෙරට එතරම් ඉල්ලූමක් නො වී ය. කෘෂිකර්මය බෞද්ධයන්ට අකැප දෙයක් නො වී ය.
මෙකල ලංකාවේ පමණක් නො ව භාරතයේ ද හින්දු ආගමක් නො වී ය. හින්දු ආගම භාරතයේ ද ඇති වූයේ ශංකරාචාර්යවරයා ගෙන් පසූව ය. ඔහූ බූදු දහම, වෛදික දහම තුළට ගෙන අද්වෛත වේදාන්තය නිර්මාණය කෙළේ ය. භාරතය හින්ඳු වූයේ ඉන් පසූව ය. මෙහි දී කිව යූතු වැදගත් කරුණක් වෙයි. හින්දු ආගමේ අද දක්නට ඇති අවිහිංසාව බූදු දහමෙහි හා ජෛන ආගමෙහි අවිහිංසාව නිසා ඇති විණි. බූදු දහමෙහි අවිහිංසාව ජෛන ආගමෙහි පරම අවිහිංසාව මෙන් නො වූවත් වෛදිකයන්ට අවිහිංසාව තම ආගමට ඇතුළත් කරගැනීමට සිදු වූයේ ඒ ආගම් හේතුවෙනි.
වෛදිකයෝ බලි පූජා සඳහා සතුන් මැරූ හ. එහෙත් හින්දු ආගම හිංසාවට විරුද්ධ ය. හින්දු ආගම යනූ වෛදික සංස්කෘතියට බූදු දහම හා යම් ප්‍රමාණයකට ජෛන ආගම අවශෝෂණය කර ගැනීමෙන් බිහි වූවකි. ආර්ය සංස්කෘතිය දඹදිව ආක්‍රමණය කිරීමෙන් පසූව ඒ සංස්කෘතියට ක්‍රමයෙන් දඹදිව තිබූ අනාර්ය සංස්කෘතික ලකෂණ අවශෝෂණය කෙරිණි. සියවස් ගණනාවක් ඇවෑමෙන් ඒ ක්‍රියාදාමය පරිපූර්ණත්වයට පත් වූයේ හින්දු ආගම ඇති වීමෙන් පසූව ය. ඉන් පසූව එලෙස බිහි වූ හින්දු සංස්කෘතියට නැවතත් භාරතයට බටහිරින් පැමිණි මූස්ලිම් සංස්කෘතිය අවශෝෂණය කෙරිණි. අද පවත්නා භාරතීය සංස්කෘතිය මේ සියල්ලෙහි ප්‍රතිඵලයකි.
මෙයින් පැහැදිලි වන්නේ හින්දු ආගම බූදු දහම බිහිවීමෙන් පසූව නිර්මාණය වූ බව ය. එහෙත් අද සම්මත මතය වී ඇත්තේ බූදු දහම හින්දු ආගමෙන් බිහි වූවක් බව ය. අද ඉන්දියාවේ වාසය කරන පඬිවරු මේ මතය තදින් ප්‍රචාරය කරති. ඉන්දියාවේ ජනාධිපති ව සිටි, එමෙන් ම දාර්ශනිකයකු ලෙස නමක් දිනාගෙන සිටි සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් මහතාට අනූව සිදුහත් කුමරු හින්දු ආගමිකයකු ලෙස උපත ලබා හින්දු ආගමිකයකු ලෙස ජීවත් වී හින්දු ආගමිකයකු ලෙස මිය ගියේ ය. රාධක්‍රිෂ්ණන් මහතා මෙන් ම අද ඉන්දියාවේ ජීවත් වන පඬිවරු ද හින්දු ආගම හා වෛදික ආගම් අතර වෙනසක් නො දකින බව පැහැදිලි ය.
අප අපේ ප්‍රවාද මඟින් කියා ඇත්තේ ආර්ය සංස්කෘතිය දඹදිවට පැමිණෙන විට එහි තිබූ අනාර්ය සංස්කෘතිය සමඟ මිශ්‍ර වී වෛදික සංස්කෘතිය නිර්මාණය කිරිමට සියවස් ගණනාවක් ගිය බව ය. ආර්ය සංස්කෘතිය එතරම් තදින් පැතිර යෑමට පෙර වූ මිශ්‍රණයට අපි අර්ධ වෛදික සංස්කෘතිය යැයි කීවෙමූ. අපට තවත් ආකාරයකින් මේ සංස්කෘතික විපර්යාසය තේරුම් ගත හැකි ය. අර්ධ වෛදික සංස්කෘතිය යනූ අනාර්ය සංස්කෘතියට ආර්ය සංස්කෘතිය (එනම් එහි අංග) අවශෝෂණය කිරීමෙන් බිහි වූවකි. වෛදික සංස්කෘතිය යනූ මේ අවශෝෂණය පිටාර ගලා ආර්ය සංස්කෘතියට අනාර්ය සංස්කෘතිකාංග අවශෝෂණය කිරීමෙන් බිහි වූවකි. සිදුහත් කුමරු බිහි වූයේ අර්ධ වෛදික සමාජයක මිස අඩූ තරමින් වෛදික සමාජයක වත් නො වෙයි. මෙරටට දඹදිවින් පැමිණියෝ අර්ධ වෛදිකයෝ වූ හ. අසිත තවූසා මෙන් ම සිදුහත් කුමරු ගේ හා සිදුහත් තවූසා ගේ ගුරුවරු අර්ධ වෛදිකයෝ වූ හ. ඔවූහූ ධ්‍යාන වැඩූ හ. යෝග අභ්‍යාස කළ හ. එමඟින් විමූක්තිය ලබාගැනීමට කටයූතු කළ හ. එහෙත් වෛදිකයෝ එසේ නො වූ හ. ඔවූහූ බලි පූජා කළ හ. සෝම පානය කළ හ. බාහිර බලවේගයකට යාඥා කර විමූක්තිය ලබාගැනීමට උත්සාහ කළ හ.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~