අපේ මනස් කුඩා කිරීම
මහාචාර්ය නලින් ද සිල්වා
සංස්කෘතිය යන වචනය ද අපට ලැබූණේ ඉංගිරිසියෙන් නො වේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. කල්චර් (කමකඑමරුඃ යන ඉංගිරිසි වචනය සඳහා දෑනට වසර පනහකට හැටකට පමණ ඉහත දී සංස්කෘතිය යන වචනය නිර්මාණය කරගනූ ලැබ ඇත. මෙහි දී කල්චර් යන්නෙන් අදහස් වන්නේ මිනිසූන් විසින් වගා කෙරී ඇති නැත හොත් වර්ධනය කෙරී ඇති යම් යම් සමාජයීය ලකෂණ ය. එහෙත් මෙයින් කියැවෙන්නේ එවැනි අදහසක් සිංහල සමාජයෙහි අතීතයෙහි නො තිබූ බව නො වේ. මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සියල්ල සංස්කෘතියට අයත් වෙයි. සිංහල මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ සිංහල සංස්කෘතිය ය. ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී ඇත්තේ ඉංගිරිසි සංස්කෘතිය ය.
නිර්මාණය යනූවෙන් අදහස් කෙරෙන්නේ භෞතික වස්තූන් පමණක් නො වේ. ආචාර ධර්ම, සිරිත් විරිත්, ආහාර ගැනීමේ ක්‍රම, නැටූම් ගැයූම් ආදී භෞතික නො වන දේ ද සංස්කෘතියට අයත් ය. දැනූම ද සංස්කෘතියෙහි කොටසකි. මේ සියල්ල එකට බැඳ තබනූ ලබන්නේ චින්තනයෙනි. චින්තනය යනූ හූදු සිතීම නො වේ. සංස්කෘතිය හා චින්තනය අතර ඇත්තේ ඉතා සියූම් සම්බන්ධයකි. චින්තනය යන්නට ඉංගිරිසි වචනයක් නැත. ඉංගිරිසියෙන් තෝටි යන්නෙන් කියැවෙන්නේ සිතීම මිස චින්තනය නො වේ.
අපට අපේ ම දේ නිර්මාණය කරගත හැකි ය. අප එසේ නිර්මාණය කරන්නේ චින්තනය මත පදනම් වී ය. එසේත් නැත හොත් අපට වෙනත් සංස්කෘතියක ඇති දෙයක්, එනම් වෙනත් අය විසින් නිර්මාණය කෙරී ඇති සමාජයීය ලකෂණයක් අපට අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගත හැකි ය. අපි දඹදිව නිර්මාණය වූ බෞද්ධ සංස්කෘතිය අපට අවශ්‍ය ආකාරයට අවශෝෂණය කර ගත්තෙමූ. ඇතැම් විට අපි අනෙක් සංස්කෘතීන්හි ලකෂණ අනූකරණය කරමූ. අද අපි බොහෝ විට බටහිර සංස්කෘතිය අනූකරණය කරමූ. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සංස්කෘතික යටත් විජිතවාදය ය. එසේත් නොමැති නම් බටහිර ක්‍රිස්තියානි යටත් විජිතවාදයෙහි සංස්කෘතික සංරචකය ය.
සංස්කෘතික යටත් විජිතවාදය බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ම ලකෂණයකි. සංස්කෘතික යටත් විජිතවාදයෙහි දී එක් ජනවර්ගයක සංස්කෘතියක් අනෙක් ජනවර්ගයක් මත බලයෙන් උපක්‍රමයෙන් හෝ වෙනත් අයූරකින් හෝ පැටවෙයි. එසේ පැටවෙන සංස්කෘතිය පැතිරවීම ද කෙරෙයි. එය එක් සංස්කෘතියක් වෙනත් සංස්කෘතියක ලකෂණයක් ස්වෙච්ජාවෙන් අවශෝෂණය කිරීමට වඩා වෙනස් ය.. බටහිරයන් යටත් විජිත සොයමින් ලෝ පූරා ගියේ ඔවූන් ගේ සංස්කෘතිය පැතිරවීමේ ද අභිලාෂයෙනි. එය යූදෙව් සංස්කෘතියෙන් බටහිරයන් ලබාගත්තකි. යූදෙව් චින්තනය බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය නිර්මාණයෙහි ලා දෑඩි බලපෑමක් කෙළේ ය. බටහිර සංස්කෘතික යටත් විජිතවාදය බටහිර රටවල ද ක්‍රියාත්මක විය. සංස්කෘතික යටත් විජිතවාදය ඇති වන්නේ වෙනත් මහාද්වීපයක සංස්කෘතියක් බලයෙන් පැටවීමේ දී පමණක් නො වේ. එක ම මහාද්වීපයේ රටවලට ද සංස්කෘතික යටත් විජිතවාදයේ බලපෑම වෙයි.
එයට හොඳ ම උදාහරණය එංගලන්තයේ යටත් ්විජිතවාදයට හසූ වූූ අයර්ලන්තය හා ස්කොටිලන්තය යන රටවල් ය. අයර්ලන්තය හා ස්කොටිලන්තය කතෝලික සංස්කෘතියට අයත් කතෝලික රටවල් විය. එහෙත් ඒ රටවල් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් බවට පත් විය. දකුණූ අයර්ලන්තයේ ආගම තවමත් කතෝලික වෙයි. එහෙත් සංස්කෘතියෙන් එරට වැසියෝ ද උතුරු අයර්ලන්තයේ වැසියන් ගෙන් බහූතරයක් මෙන් ම යූදෙව් ක්‍රිස්තියානි වෙති. ප්‍රංශය, ජර්මනිය යන රටවල ද තත්ත්වය එසේ ම ය.
එහෙත් එයට පෙර තිබූ බොහෝ යටත් විජිතවාදවල ඒ ලකෂණය දක්නට නො වී ය. උදාහරණයක් ලෙස චෝල අධිරාජ්‍යයට අනූරාධපූරය ටික කලකට යටත් වූ නමූත් හින්දු සංස්කෘතික යටත් විජිතවාදයක් මෙරට ක්‍රියාත්මක නො වී ය. එකල යටත් විජිතවාදවල තිබූණේ බොහෝ විට දේශපාලන සංරචක පමණකි. මෙරට සංස්කෘතිය චෝල හින්දු සංස්කෘතියෙන් වෙනස් විය. එහෙත් හින්දු සංස්කෘතිය මෙරට ප්‍රචලිත නො කෙරිණි. සිංහල බෞද්ධයන් හිින්දු සංස්කෘතියෙහි ඇතැම් දෑ අවශෝෂණය කරන්නට ඇත. එහෙත් එය සංස්කෘතික යටත් විජිතවාදයක ප්‍රතිඵලයක් නො ව ස්වෙච්ජාවෙන් කෙරුණක් විය. සංස්කෘතික යටත් විජිතවාදයක් ඇති වන්නේ අදාළ යටත් විජිතවාදයෙහි සංස්කෘතික සංරචකයක් ඇත්නම් මිස යටත් විජිතවාදී සංස්කෘතිය එක ම මහාද්වීපයේ ද, සමීප සංස්කෘතියක ද නැත් ද ආදී කරුණූ මත පදනම් වී නො වේ. බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යූදෙව් සංස්කෘතියෙන් ලබාගත් සංස්කෘතික සංරචකයක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි යටත් විජිතවාදය සංස්කෘතික යටත් විජිතවාදයක් ද වන්නේ එබැවිනි.
යම් අයූරකින් චෝල යටත් විජිතවාදයෙහි දේශපාලන සංරචකයට අමතරව සංස්කෘතික සංරචකයක් ද වී නම් විජයබා රජූට චෝල සංස්කෘතික යටත් විජිතවාදයට ද එරෙහි ව සටන් කිරීමට සිදු වීමට තිබූණි. ලෝකයේ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික සංරචක තිබි එක ම යටත් විජිතවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත් විජිතවාදය විය යූතු ය. අද මූළු ලෝකය ම ආර්ථික හා වෙනත් ප්‍රශ්නවලට මැදි වී තිබීමට ප්‍රධාන හේතුව මේ යූදෙව් ක්‍රිස්තියානි යටත් විජිතවාදය ය.
සංස්කෘතික යටත් විජිතවාදය විසින් ඉතා සියූම්ව ද ඇතැම් විට ආක්‍රමණශීලිව ද අප සංස්කෘතිය වෙනස් කෙරෙයි. ආක්‍රමණශීලීව කෙරුණූ වෙනස්කම් පිළිබඳව අපට යම් අවබෝධයක් වෙයි. එහෙත් එහි පවා ඉතිහාසයෙන් මැකී ගොස් ඇති දෑ අපට අමතක ය. ලන්දේසීන් මෙරටට එන විට මෙහි සිංහල වෙදකමක් තිබී ඇත. බූද්ධදාස රජතුමා සිංහල වෙදකමෙහි නියැළුණූ අයකු මිස ආයූර්වේද වෛද්‍යවරයෙක් නො වී ය. නිල වෙදකම සිංහල වෙදකමෙහි එක් අංගයක් පමණකි. ලන්දේසීන් මෙරට තිබූ පැළ වර්ගීකරණය එරටට ගෙන ගොස් ඒ ඔවූන් ගේ සංස්කෘතියට අවශෝෂණය කර ගත් හ. ලීනියාස් ගේ වර්ගීකරණය නමින් අද හැඳින්වෙන්නේ එලෙස ලන්දේසීන් විසින් අවශෝෂණය කෙරී සකස් කර ගන්නා ලද වර්ගීකරණය ය.
ලන්දේසීන් මේ දෑනූම අපෙන් ලබා ගත්තා පමණක් නො වේ. ඔවූහූ මෙරට තිබූ වෙදකම පිළිබඳ පොත් ද විනාශ කළ හ. අද සිංහල වෙදකම නමින් ඉතිරි වී ඇත්තේ පැරැණි වෙදකමෙන් පාරම්පරිකව රැකගත් අංග කිිහිපයක් පමණකි. ඇතැම් විට මෙරට තිබූ සංගීතය ද ඒ ආකාරයෙන් ම විනාශ කර දමන්නට ඇත. ගුත්තිලය ලියැවූණූ කාලයෙහි ද ගායනය, වාදනය හා නෘත්‍යය රැගත් සංගීතයක් තිබූ බව එහි ඇති ඇතැම් කවිවලින් පෙනී යයි. ඉතා ඈත අතීතයෙහි ද මෙරට සංගීත ශිල්පීන් සිටි බව ඉසූරුමූණියේ ඇති චිත්‍රවලින් හා කැටයම්වලින් පෙනී යයි.
අද ඇතැම් පඬියන් අපට සංගීතයක් තිබී නැත ආදී වශයෙන් කියන කතාවල සත්‍යතාවක් නැත්තේ ඉහත කී අයූරින් සංගීතය ගැන පොත්වලින් මෙන් ම ඓතිහාසික හා පූරා විද්‍යාත්මක සාකෂිවලින් ද හෙළි වන බැවිනි. ඇතැම් විට සංගීතය නැති කිරීම ද ලන්දේසීන් අතින් ම සිදු වන්නට ඇත. ඒ කුමක් වූවත් මෙරට සංස්කෘතිය වෙනස් කිරීමට පෘතුගීසීහූ හා ලන්දේසීහූ ක්‍රියා කළ හ. ඉංගිරිසීන් අපේ සංස්කෘතිය දැනූවත් ව වෙනස් කර ඇති ආකාරය පැහැදිලි ය.
බටහිර සංස්කෘතික යටත් විජිතවාදය, එනම් බටහිර සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ලන්දේසීන් හා ඉංගිරිසීන් විසින් ගොරහැඩිව ද සියූම්ව ද ක්‍රියාත්මක කරන ලදී. අප කුඩා රටක් බවත් අපට වෙදකම, සංගීතය, විද්‍යාව, ගණිතය ආදිය නොමැති බවත් පූන පූනා කියන ලදී. ඒ ඒ කාර්යයන්හි සූළු කොටස් පාරම්පරිකව රැකගෙන ආ පිරිස සමාජයෙන් කොන් කරන ලදී. ඔවූන් කුල වශයෙන් ගත් කල පහත් කරන ලද්දේ ඉංගිරිසීන් විසිනි. සමාජයෙහි වැදගත් තැනක් ලැබූණේ බටහිර වෘත්තීන්හි පූහූණූවක් ලැබූවනට හා බටහිර සිරිත් විරිත් කරපින්නා ගත්තවූනට ය. අපට හීනමානයක් ඇති කරන ලදී. අප කුඩා රටක් යැ යි කියමින් සංස්කෘතිකව යමක් නිර්මාණය කරගැනීමට නොහැකි බව ද අපට එත්තු ගන්වන ලදී.
සිංහල උගතාට වඩා ඉංගිරිසි උගතාට රටෙි ද වැදගත්කමක් හිමි කරනූ ලැබිණි. භිකෂූන් වහන්සේ සමාජයෙන් කොන් කර ආගමික වතාවත්වලට පමණක් සීමා කරන ලදී. ගොවිකම ඕනෑ ම අයකුට කළ හැකි දෙයක් ය යන අදහස රටෙි පැතිරවිණි. වෙළෙඳාම ඉගෙනීමක් ඇතිව අවබෝධයක් ඇති ව කළ යූත්තක් බවට සමාජයේ මතයක් ඇති කෙරුණේ බටහිර සංස්කෘතියෙහි වෙළෙඳාමට තිබූ තැන සිහගන්වමිනි. දැන වෙළෙඳාම් නො දැන ගොවිකම් වැනි පිරුළු සකස් කෙරුණේ අපේ ආකල්ප වෙනස් කිරීමට ය.
අපේ සංස්කෘතිය එලෙස බාල්දු කරද්දී අපට සිදු වූයේ අපට පෙනෙන්නට ඉතිරි ව තිබූ වැව හා දාගැබ ඔසවා තැබීමට ය. වෙදකමක්, ගොවිකමක්, ආර්ථිකයක්, සංගීතයක් නැති කල විට ජනතාවක් වැව හා දාගැබ තම වැදගත්කමේ සංකේත ලෙස භාවිත කළේ නම් එහි පූදුම වන්නට දෙයක් නැත. එහෙත් අපි එපමණින් නැවතී අපට වෙනත් කිසිවක් නැත යන මතයට හිස නැමූවෙමූ. වැව් දාගැබ් තැනූ ජනතාවක් කලාත්මක පිළිම වහන්සේ නෙළුෑ ජනතාවක් සංගීතයක් නිර්මාණය නො කර සිටී ද? වෙදකමක් නිර්මාණය නො කර සිටී ද? ආදී ප්‍රශ්න නො ඇසීමට අපේ උගතුන් ගේ මනස් සකස් කෙරී තිබූණි.
ඕල්කටිතුමා උගතුන්ට හා අනෙක් අයට සිංහල බෞද්ධ මනසක් වෙනූවට ජාත්‍යන්තර බෞද්ධ මනසක් ද ලබා දීමට දහ නව වැනි සියවස අගභාගයේ දී කටයූතු කෙළේ ය.
මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ අප වැරැදි මාවතක ගමනක් ඇරඹීම ය. විසිවැනි සියවසේ අපට නැවතත් නිදහස අවශ්‍ය වී තිබිණි. එහෙත් ඒ දිනා ගැනීම සඳහා අපට නායකයෝ නො සිටිය හ. එක් පැත්තකින් අපට ඉංගිරිසීන් විසින් ලබා දෙන ලද නායකයෝ වූ ූහ. ඔවූහූ ඉංගිරිසින් අනූකරණය කරමින් ඉන්දියාවට පිටින් යමින් සීමිත නිදහසක් වෙනූවෙන් පෙනී සිටිය හ. සටන් මඟින් නො ව පෙත්සම් මඟින් ඉංගිරිසීන් ගෙන් යම් දේශපාලන නිදහසක් (සංස්කෘතික හා ආර්ථික නිදහසක් නැති ව) දිනා ගැනීම ඔවූන් ගේ සීමිත අරමූණ විය.
අනෙක් පැත්තෙන් සිංහලයට ලැදි උගත්තු පිරිසක් ද මෙරට බිහි වූ හ. අවාසනාවකට සෘජූව දේශපාලන නිදහස දිනා ගැනීම ඔවූන් ගේ අභිලාෂය නො වී ය. ඔවූහූ සංස්කෘතික යටත් විජිතවාදයට එරෙහි ව ක්‍රියා කළ හ. (එය වක්‍රව දේශපාලන යටත් විජිතවාදයට ද එරෙහි ව කරන ලද සටනක් බව පිළිගත යූතු ය.) එහෙත් ඔවූන් ගේ මනස් ද මේ වන විට කුඩා කර තිබූණි. අපේ සංස්කෘතියක් වර්ධනය කිරීම යන්න ඔවූන් දුටූවේ ඉන්දියාවේ ආධාරයෙන් කළ යූතු එකක් ලෙස ය. ඔවූන් ද දැක්කේ වැව හා දාගැබ පමණකි. මෙරට වෙදකමක් සංගීතයක් ඇතැයි යන්න උපකල්පනය කිරීමට වත් ඔවූහූ මැළි වූ හ. ඔවූන් අපේ සංස්කෘතිය දුටූවේ ඉන්දියාවෙහි ය. දේශීය සංස්කෘතිය දියූණූ කිරීමට නම් පළමූව ඉන්දියාවට ගොස් ඒ කෙෂත්‍ර හැදෑරිය යූතු යැයි ඔවූහූ කල්පනා කළ හ. සංගීතය හා වෙදකම හැදෑරීමට දකෂ තරුණයෝ ඉන්දියාවට පිටත් කරනූ ලැබූ හ. ඒ තරුණයෝ ඉන්දියාවෙහි දී උත්තර භාරතීය සංගීතය හා ආයූර්වේදය හැදෑරූ හ.
මහාචාර්ය නලින් ද සිල්වා