මනස විසින් මනස මනස ලෙස ගැනීම
මහාචාර්ය නලින් ද සිල්වා
අපි නැවතත් අපේ ප්‍රශ්නය කුමක් දෑ යි කෙටියෙන් සටහන් කර ගනිමූ. එක් අතකින් ගත් කල අප සූදානම් වන්නේ අනිත්‍ය හා අනාත්ම යන්න බූද්ධියෙන් (මනසින්) අවබෝධ කරගැනීමට ය. චින්තය, පූටූව ආදිය අප යොදාගන්නේ ඉන් කියැවෙන්නේ කුමක් ද පිළිබඳ බූද්ධිමය ආකෘති ගොඩනගාගැනීමට ය. අනිත්‍ය අනාත්ම යන්න බූද්ධියෙන් සංකල්පීය ව අවබෝධ කර ගැනීම නිවනට මඟක් නො වෙයි. නිවන් අවබෝධ කරගැනීමට සංකල්ප පසෙක දෑමිය යූතු වෙයි. කෙසේ වෙතත් අපේ අරමූණ මනසට මනස ඔස්සේ ම ආකෘතියක් ගොඩනගාගැනීමට ය. එනම් මනස පිළිබඳ ආකෘතියක් මනසින් ම නිර්මාණය කිරීමට ය. එහි දී අපට චිත්තය යන්න අවශ්‍ය වෙයි. චිත්තය ද මනසින් නිර්මාණය කෙරෙන්නක් වෙයි. චිත්තය පිළිබඳ සංකල්පය මනසින් නිර්මාණය කිරීමේ දී චිත්තයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. චිත්තයක් පවතින්නේ යැ යි ගැනීමට සෞත්‍රාන්තිකයෝ මැළි වූ හ. එහෙත් චිත්තයක පැවැත්මක් ගැන කතා නොකර චිත්තයෙහි ඵල විපාක ගැන සඳහන් කළ හැකි නො වෙයි. එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ ථෙරවාදීහූ චිත්තයක පැවැත්ම පිළිගත් හ. ඒ සමඟ ථෙරවාදීන් ගේ මහඟු නිර්මාණ වූ චිත්ත, චෛතසික, රූප, නිවන පිළිබඳ ධර්මවාදය ද, කෂණවාදය ද බිහිවිණි. කාලය පඤ්ඤාන්තියක් ය යන අදහස ද, වෙනස් වීම ගැන නව අර්ථකථනය ද, පැවැත්ම පිළිබඳ ගැටලු ව ආශ්‍රිත ව ථෙරවාදීන් විසින් නිර්මාණය කෙරිණි.
පූටූවක පැවැත්ම මෙන් ම චිත්තයක පැවැත්ම පිළිබඳ ව ද කතා කිරීම ආත්මවාදී වෙයි. එහි පූද්ගලාත්මවාදයක් නො තිබූණ ද ධර්මාත්මවාදයක් වෙයි. ථෙරවාදී නොවන වෙනත් බෞද්ධ ගුරුකුලවලට ප්‍රශ්නයක් වූයේ මේ ධර්මාත්මවාදය ය. නාගර්ජූන හාමූදුරුවන් විසින් බිහි කරන ලද මාධ්‍යමික නමින් හැඳින්වෙන පසූව මහායාන නිකායක් බවට පත් වූ ගුරුකුලය ධර්මාත්මවාදය ප්‍රතිකෙෂ්ප කළේ ය. නාගර්ජූනපාදයන් වහන්සේ විසින් ශුන්‍යතාව නම් සංකල්ප බිහි කෙරුණේ චිත්තයක හෝ පූටූවක හෝ පැවැත්ම, ඒවාහි අවස්ථායීභාවය, ප්‍රතිකෙෂ්ප කිරීමෙන් ය. එහෙත් ශුන්‍යතාවය සංකල්පයක් වීමත් සමඟ එයට ද පැවැත්මක් අත්විය. ඒ සමඟ උන් වහන්සේ අතින් නිවන, සංසාරයට සාපේකෂව ගැනීමෙන් නිවන ද සංකල්පයක් බවට පත් කෙරිණි. නිවන සංකල්පයක් නම්, එය මනසින් අවබෝධ කීරිමට හැකි විය යූතු ය. එහි ප්‍රතිඵලය වන්නේ නිවන් අවබෝධයෙන් පසූව ද මනසක් ඉතිරි වීම ය. ඒ මනස ධර්මකාය ආදී වශයෙන් විවිධ වෙස් ගැනීමෙන් පසූව එය සදාකාලික දෙයක් බවට පත්විණි. චිත්තයක පැවැත්ම ප්‍රශ්න කළ මාධ්‍යමිකයන්ට සදාකාලික ව පවත්නා මනසක් නිර්මාණය කිරීමට සිදු විය.
අපේ ප්‍රශ්නය වනූයේ ශුන්‍යතාව යන සංකල්පය නැති ව පැවැත්ම යන්න ගැන මනසින් ආකෘතියක් තනාගැනීම ය. මේ ආකෘතිය පසූව අපට ක්වොන්ටම් භෞතිකයේ ද යොදාගැනීමට හැකිවනූ ඇත. අපේ ප්‍රවාදවලට එහි වැදගත්කමක් ඇත. චිත්තයක් යනූ මනසින් ගත හැකි කුඩා ම සංකල්පය මිස මනසින් තොරව පවත්නා ධර්මයක් නො වෙයි. ථෙරවාදීන් විවේචනය කළ වෙනත් බෞද්ධයනට අවබෝධ කරගත නොහැකි වූයේ මේ කරුණ ය. එහෙත් ථෙරවාදීනට ද තම විවේචකයන්ට පිළිතුරු දීම සඳහා චිත්ත හා රූප යනූ මනස විසින් මනසට සාපේකෂව පිළිවෙළින් අනෙක් ඉන්ද්‍රියන් ගේ සහාය නැතිව හා සහාය ඇතිව නිර්මාණය කෙරෙන කුඩා ම (සියූම්) ධර්ම ලෙස සූත්‍රගත කිරීමට නො හැකි විය. මේ හේතුවෙන් ථෙරවාදීන් ගේ ධර්මවාදය යනූ ධර්මය යථාර්ථයක් ලෙස පවතින ධර්මාත්මවාදයක් යැ යි කීමට වෙනත් බෞද්ධ ගුරුකුලවලට හැකි විය.
අප කියා සිටියේ චිත්ත හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම ධර්ම බව ය. එහෙත් ඒ ධර්ම ද වෙනස් වෙයි. A' නම් චිත්තය යනූ pqr ආදී වශයෙන් වූ "ධර්ම" රාශියක අනූක්‍රමයකි. එහෙත් ඒ ධර්ම pqr ආදී වශයෙන් වෙන වෙන ම ගැනීමට මනසට නො හැකි ය. ඒ, මනස එතරම් සියූම් නොමැති බැවින් ය. මෙහි දී කිව යූතු කරුණක් වනූයේ එසේ pqr ආදී වශයෙන් ගැනීම වූව ද වැරැදි බව ය. අප එවැනි ආකෘතියක් නිර්මාණය කරන්නේ අපට කළ හැකි වෙන දෙයක් නොමැති බැවින් ය. අපට අනිත්‍ය අනාත්ම, සංකල්ප නොවන ආකාරයකට ගැනීමට නොහැකි බැවින් අපි එලෙස අනූක්‍රම ගොඩනගමූ. දෑන් A' නම් චිත්තයට පමණක් නොව B නම් පූටූවට ද, C නම් මේසයට ද මේ අනූක්‍රම ආකෘතිය නගාගත හැකි ය. B නම් පූටූව (රුපය) LMN ආදී වශයෙන් වූ ධර්ම අනූක්‍රමයක් ලෙස ද C නම් මේසය xyz ආදී වශයෙන් වූ ධර්ම අනූක්‍රමයක් ලෙස ද ගත හැකි වෙයි.
L ඇතිවී පැවතී නැති වෙයි.එසේ නැති වන්නේ M ඇතිවීමෙන් ය. N ඇති වී පැවතී නැති වන්නේ M ඇතිවීමෙන් ය. මේ ඇති වී නැතිවීමේ අනූක්‍රමය අපි මහාවිහාර භිකෂූන් වහන්සේ අනූව යමින්, එහෙත් තරමක් වෙනස් ව, B ලෙස හඳුනා ගනිමූ. මහාවිහාර භිකෂූන් වහන්සේ කියා සිටියේ B ආදී වශයෙන් ඇති වන විවිධ රූප අප විසින් පූටූව ලෙස හඳුනාගැනෙන බව ය. මහාවිහාර භිකෂූන් වහන්සේට අනූව B නම් රූපය ඇතිවී පැවතී නැතිවී වෙනත් රූපයක් ඇති වෙයි. උන් වහන්සේ කියා සිටියේ එකිනෙකින් වෙනස් වූ රූප අප විසින් එක ම පූටූවක් ලෙස හඳුනාගැනෙන බව ය. දෑන් එලෙස B රූපය ද වෙනස් වන බැවින් නැති වන්නේ ඇති වූ B යැ යි කිව හැකි නො වෙයි. අප විසින් කෙරී ඇත්තේ B ද වෙනස් වන බැවින් එය ද ඊටත් වඩා සූළු කාලයක් පවතින LMN ආදී රූප මඟින් විස්තර කිරිම ය. එහෙත් මනස එතරම් සියූම් නොවන බැවින්, මේ LMN ආදී රූප මනසට ගතහැකි නො වෙයි. LMN ආදී රූප ද එයටත් වඩා සියූම් රූප මඟින් විස්තර කළ හැකි වෙයි. කලින් ද කියා ඇති පරිදි මෙලෙස කුඩා රූපවලට කැඩිම දිගින් දිගට ම කළ හැකි වෙයි. අප සංකල්පීය ලෙස පූටූව හා එහි වෙනස්වීම තේරුම් ගැනීමට යෑමේ දී අපට එවැනි ක්‍රියාවලියක් අනූගමනය කිරීමට සිදු වෙයි.
B ආදී වශයෙන් රූප ගත්ත ද, LMN ආදී වශයෙන් මනසට ගෝචර නොවන කුඩා රූප වශයෙන් ගත්ත ද, අපට ඕනෑම රූපයක් ඇති වී පැවතී නැති වන්නේ යැ යි ගැනීමට සිදු වෙයි. මේ රුප අනූක්‍රම අපට පූටූවක්, මේසයක් ආදී වශයෙන් යම් වස්තුවක් ලෙස ගැනීමට හැකි වන්නේ ඇයි? LMN ආදී වශයෙන් වූ රූප XYZ ආදී වශයෙන් වූ රූප සමඟ මිශ්‍ර නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නයට අපට පිළිතුරක් ඇත. L නම් රූපය ඇති වී පවතින කාලය තුළ එය එහි ඇති යම් තොරතුරු නැති කර වෙනත් තොරතුරු එකතු කර ගනියි. එය නැති වන්නේ එහි එවිට වූ තොරතුරු M රූපයට ලබා දෙමින් ය. එනම් M රූපය ඇති වන්නේ L රූපයෙන් එහි වූ තොරතුරු ලබාගෙන ය. මෙහි දී වැදගත් වන්නේ තොරතුරු හෙවත් විඥාපන ය.
අනූක්‍රමයක එක් සාමාජිකයකු ගෙන් අනූගාමී සාමාජිකයාට විඥාපන ලබා දීම රූප සම්බන්ධයෙන් පමණක් නොව චිත්තවලට ද වලංගු වෙයි. එක් චිත්තයක් ඇති වී පැවතී නැති වන්නේ ඒ චිත්තයෙහි විඥාපන අනූගාමී චිත්තයට ලබා දීමෙන් ය. මෙහි දී කිව යූතු කරුණක් වනූයේ එක් චිත්තයක්, එය අභිධර්මයෙහි සඳහන් වන මනසට ග්‍රහණය කරගත හැකි චිත්තය වූව ද, නැත්නම් එවැනි චිත්තයක කොටස් වශයෙන් සැලකිය හැකි මනසට හසූ නොවන කුඩා චිත්තවලට කැඩීමෙහි කෙළවරක් නොමැති හෙයින් මනසට හසූවන කුඩා ම චිත්තයෙන් ථෙරවාදී අභිධර්මයෙහි ඒ දිගින් දිගට කැඩීම නවතා ඇතැ යි සිතිය හැකි ය.
ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් වන චිත්තය පවතින්නේ යැ යි ගැනීමෙන් ථෙරවාදීන් ධර්මාත්මවාදීන් වී ඇතැ යි පැවසෙන්නේ මේ චිත්තය වෙනස් වන චිත්තයක් ලෙස නොගැනීම නිසා නොව ධර්මවාදයෙහි ඒ චිත්තය යථාර්ථයක් (Reality) - ලෙස ගැනීම නිසා ය. වෙනස් වීම පිටූපස ආත්මීයභාවයක්, අවස්ථායීභාවයක් ගම්‍ය වන්නේ චිත්තය යථාර්ථයක් බවට පත් කිරීම හේතුවෙන් ය. අප කළ යූත්තේ මහාවිහාර භිකෂූන් වහන්සේ අනූව යමින් මේ චිත්තය ද චිත්ත අනූක්‍රමයක් ලෙස ගැනීම ය. ඒ අනූක්‍රමයෙහි චිත්ත මනසට හසූවන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොකරගත යූතු ය. එසේ චිත්ත අනූක්‍රමයක් ලෙස ගැනීමෙන් අභිධර්මයෙහි සඳහන් චිත්තය වෙනස් වන්නේ ය යන්නට මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස්වීම යන්නට දුන් අර්ථකථනය යොදා ගනිමින් නැති වූයේ ඇති වූ චිත්තය නොවේ යැ යි කිව හැකි ය. එසේ වූව ද ඒ චිත්ත අනූක්‍රමය එකිනෙකට ඇඳී ඇත්තේ එක් චිත්තයක් අනූගාමී චිත්තයට විඥාපන ලබා දීම හේතුවෙන් ය. චිත්තවල වෙනස්වීම ඒ අයූරින් තේරුම් ගත් විට හා ථෙරවාදී අභිධර්මයෙහි කියැවෙන චිත්තයක් යනූ මනසට සාපේකෂව මනසට ගත හැකි කුඩා ම චිත්තය යැ යි ගත්විට ථෙරවාදයට තවදුරටත් ධර්මාත්මවාදයක් ය යනූවෙන් චෝදනා කිරීමට මාධ්‍යමිකයන්ට හා අනෙක් මහායානිකයනට මෙන් ම වෙනත් බෞද්ධ ගුරුකුලවලට ද අවස්ථාවක් නො ලැබෙයි.
එක් චිත්තයක් අනූගාමී චිත්තයට විඥාපන ලබා දීමේ ප්‍රතිඵලය වන්නේ එක් චිත්ත අනූක්‍රමයක් අනෙක් චිත්ත අනූක්‍රමයකින් වෙන් වීම ය. චිත්ත අනූක්‍රම දෙකක හෝ වැඩි ගණනක හෝ සාමාජික චිත්ත එකිනෙක සමඟ මිශ්‍ර නො වෙයි. එයට හේතුව ඒ ඒ අනූක්‍රම අතරින් ගලා යන විඥාපන වෙනස් වීම ය. එක් අනූක්‍රමයක චිත්තයක් අනෙක් අනූක්‍රමයක චිත්තයකින් විඥාපන ලබා ගැනීමක් නො සිදුවෙයි. මෙයින් කියැවෙන්නේ එක් චිත්ත අනූක්‍රමයකට විඥාපන නො වෙනස් ව ගලායන බවක් නො වෙයි. විඥාපන ද වෙනස් වෙයි. එසේ වන්නේ එක් චිත්තයක් ඇති වී නැති වන්නේ විඥාපන අඩූ කර ගැනීමෙන් හා එකතු කර ගැනීමෙන් නිසා ය. එහි ප්‍රතිඵලය නම්, චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන විඥාපන එය එහි පූර්වගාමී චිත්තයෙන් ලබා ගත් විඥාපන නො වීම ය.
අනූක්‍රමයක ගලායන විඥාපන දිගින් දිගට ම එක ම නොවූව ද විඥාපන විශාල ප්‍රමාණයක් එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලැබීමේ ප්‍රතිඵලය වනූයේ ඒ අනූක්‍රමයට යම් අනන්‍යතාවයක් ලැබීම ය. චිත්ත අනූක්‍රමය ඔස්සේ එලෙස යම් ප්‍රමාණයක විඥාපන යම් දුරකට ගලායෑමේ ප්‍රතිඵලය ලෙස චිත්තවල එකතුව, එසේත් නැත්නම් චිත්ත අනූක්‍රමය, නොනැසී පැවැත්වෙන මනසක්, මමත්වයක්, මම ය, මාගේ ය යන හැඟිමක් අත්කර ගනියි. මනස යනූ මේ චිත්ත අනූක්‍රමය එකක් ලෙස සැලකීමෙන් ලැබෙන ප්‍රතිඵලය වෙයි. පූද්ගලයකු ආත්මයක් පිළිබඳ හැඟිමක් ලැබෙන්නේ ද මනස ඇති වීම හේතුකොටගෙන ය. අපි සාමාන්‍යයෙන් පූද්ගලයා යනූ චිත්ත පරම්පරාවක් පමණක් යැ යි කියමූ. ඒ කීම පිටූපස ඇත්තේ මේ චිත්ත අනූක්‍රමය වෙනස් වූ චිත්ත ලෙස නොව එක් මනසක් ලෙස ගැනීම ය. මනසෙහි, ආත්මයෙහි උපත සිදු වන්නේ එලෙස ය. එහෙත් දෑන් ප්‍රශ්නයක් ඇතිවෙයි. චිත්ත අනූක්‍රමයක් එලෙස මනසක් ලෙස ගන්නේ කවූ ද? කුමකින් ද? එයට ඇත්තේ එක් පිළිතුරකි. චිත්ත පරම්පරාව මනසක් ලෙස ගනූ ලබන්නේ මනස විසින් ම ය. මනස මනස ලෙස ගැනෙන්නේ මනස විසින් ම ය! මෙය චක්‍රීය චිත්තයක ප්‍රතිඵලයක් බව පැහැදිලි ය. අපට චක්‍රිය චිත්තනයෙන් ගැලවිය නො හැකි ය.
මහාචාර්ය නලින් ද සිල්වා