දෙවියන් වහන්සේ හා නිර්මාණය
මහාචාර්ය නලින් ද සිල්වා -
ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන්වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්‍රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.
දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබිය නොහැකි ද යන ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගන්නේ ද නැත් ද යන්න මත රඳා පවතියි. උන්වහන්සේ ඇත්තට ම නැත්නම් සමහර විට මනස විසින් මනස ඇති කරනූ ලබන්නේ ය වැනි පිළිතුරක් දීමේ හැකියාව වෙයි. එහෙත් දෙවියන් වහන්සේ ඇත්තට ම ඇතැ යි ගතහොත්, එවිට සියල්ල උන්වහන්සේ ගෙන් නතර වෙයි. එහි තේරුම නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැර අන් සියල්ල නිර්මාණය කරන මූත් තමන් වහන්සේ නිර්මාණය නොකරන බව ය.
මෙහි සියල්ල නිර්මාණය කළේ ය යනූවෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම සියල්ල නිර්මාණය කළේ ය යන්නට වඩා සියල්ල නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ද, සියල්ල නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම ද නිර්මාණය කෙළේ ය යන්න ය. උදාහරණයක් ලෙස ගතහොත්, පූටූ මේස ආදිය හෝ අද පවතින ගස් සතුන් ආදිය හෝ නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් නො වෙයි. එහෙත් උන්වහන්සේ පළමූ සතුන්, ආදම් හා එව්, පළමූ ගස් හා ප්‍රජනන ක්‍රම ආදියත් මිනිසූන්ට පූටූ හා වෙනත් දැ නිර්මාණය කිරීමේ හැකියාවත් නිර්මාණය කිරීමෙන් අද පවතින ගස් ආදියත්, අද ජිවත් වන මිනිසූනූත්, පූටූ ආදියත් නිර්මාණය කිරිම සඳහා අවශ්‍ය සියල්ල නිර්මාණය කර ඇත.
දෙවියන් වහන්සේ යනූ කාගේ හෝ නිර්මාණයක් නම් ඉන් කියැවෙන්නේ එසේ නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ නොසිටි බවත්, එහෙත් එසේ නිර්මාණය කළ තැනැත්තා සිටි බවත් ය. එසේ ගතහොත් දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කළේ ය යන්න අසත්‍යයක් වෙයි. සියල්ල නිර්මාණය කිරීම පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වූවත් දෙවියන් වහන්සේ වෙනත් අයකු විසින් නිර්මාණය කරනූ ලැබී යැ යි ගත හැකි නො වෙයි. එවිට දෙවියන් වහන්සේට ද වඩා පළමූවැන්නෙක් ලෝකයේ පවතියි.
එවිට අපට පිළිගැනීමට සිදු වන්නේ දෙවියන් වහන්සේ ඇත්තට ම ඇති බැවින් කාගේ හෝ නිර්මාණයක් නොවී පවතින බව ය. දෙවියන් වහන්සේ ගැන පමණක් නොව බ්‍රහ්මන් ගැන පවා කිව හැක්කේ එවැන්නකි. බ්‍රහ්මන් සම්බන්ධයෙන් ගත්කල ලෝකය හා බ්‍රහ්මන් යනූ එකක් බව ද බ්‍රහ්මන් ලෝකයෙන් වෙන් කිරීමට නොහැකි බව ද තේරුම් ගත යූතු ය. එසේ තිබිය දී ද මූල හේතුවක් ගැන කතා කරන විට ඒ මූල හේතුව ඵලයක් ලෙස ගෙන වෙනත් හේතුවක් දීමට නොහැකිකම ප්‍රශ්නයක් වෙයි.
දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් ලෙස සැලකිය නොහැක්කේ යූදෙව් චින්තනයෙහි පමණක් නොව ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින ලෙස ගැනීම නිසා ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හේතු සොයන්නේ බොහෝ විට ඒ චින්තනයෙහි ඇත්තට ම පවතින්නේ යැ යි ගනූ ලබන වස්තු හා එහි ගුණ සඳහා ය. ඇත්තට ම නැතැ යි කියන දැ හි පවා අඩූතරමින් හේතුව ඇත්තට ම පවතින්නක් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි පොල් ගෙඩියක් ඇත්තට ම පවතින බවත්, එය ඇත්තට ම පොළොවට වැටෙන බවත් පිළි ගැනෙයි. මිනිසූන් හිටියත් නැතත්, පොල් ගෙඩි හා පොල් ගෙඩි වැටෙනූ නිරිකෂණය කිරිමට මිනිසකු හෝ වෙනත් නිරිකෂකයකු හෝ සිටියත් නැතත්, පොල් ගෙඩි ඇති බවත්, ඒ පොල් ගෙඩි වැටෙන බවත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි පිළිගැනෙයි. එසේ නම්, පොල් ගෙඩි වැටීමට හේතුව කුමක් දෑ යි අසන කල ඉන් විමසෙන්නේ ඇත්තට ම සිදු වන ක්‍රියාවකට හේතුව කුමක් ද යන්න ය. එවිට ඒ හේතුව ද ඇත්තට ම පවතින්නක් ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණ බලයක් (කෙෂත්‍රයක්) ඇත්තට ම ඇතැ යි පිළිගන්නේ එබැවින් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඇත්තට ම පවතින පොල් ගෙඩි ඇත්තට ම පවතින ගුරුත්වාර්ෂණ කෙෂත්‍රයක වැටෙයි.
ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සියල්ල ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙනවා ද නො වෙයි. එහෙත් එලෙස ඇත්තට ම නොපවතින්නේ යැ යි ගැනෙන දේට පවා හේතු සොයන්නේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙන දේ ඔස්සේ ය. අපට උදාහරණයක් ලෙස හොල්මන් ගත හැකි ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හොල්මන් යනූවෙන් ඇත්තට ම සංසිද්ධියක් නැතැ යි ගත්ත ද එසේ හොල්මන් පෙනීම විස්තර කෙරෙන්නේ ඇති බවට සැලකෙන මනස ඔස්සේ ය. මනසේ යම් වෙනස් වීමක් නිසා හොල්මන් පෙනෙන්නේ යැ යි තේරුම් කිරීමට ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව කටයූතු කරන්නෝ උත්සාහ කරති. ඔවූහූ මනසේ එලෙස යම් යම් භ්‍රාන්ති ඇති වීමට ද ඇත්තට ම පවතින හේතු සොයති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඵලය හොල්මන් මෙන් ඇතැම් විටක ඇත්තට ම නොපවතින්නක් වූව ද, හේතුව ඇත්තට ම පවතින්නක් බව ය.
එවිට සියල්ලෙහි ම මූල හේතුව ඇත්තට ම පවතින්නක් විය යූතු බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙයි. ඇත්තට ම පවතින්නකට තමන් ම නිර්මාණය කර ගැනීමට නොහැකි ද යන්න අපට විසඳාගත යූතු ව ඇති ප්‍රශ්නය වෙයි. මෙහි දී ගැටලුව වනූයේ නිර්මාණය කිරීමට නම් එය යම් අවස්ථාවක හෝ නො පැවතිය යූතු වීම ය. තමන් ම නිර්මාණය කර ගත්ත ද වෙනත් අයකු නිර්මාණය කළ ද නිර්මාණය කෙරෙන්න එසේ නිර්මාණය කිරිමට පෙර නො පවතියි. මෙහි දී පෙර යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් යමකුට විරුද්ධ විය හැකි ය. කාලය යන්න දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් බැවින් දෙවියන් වහන්සේ කාලය මැවීමට පසූව පමණක් පෙර හා පසූ සංකල්ප ඇතැ යි තර්ක කිරීමට හැකි වෙයි. කාලය මැවීමට පෙර, පෙරක් නැත යන්න මේ තර්කයෙහි හරය වෙයි. එය එසේ වූවත් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණයක් නැති බැවින් යැ යි වෙනත් තර්කයක් ගොඩනඟා ගත හැකි ය. ඒ තර්කයට පෙර හා පසූ යන සංකල්ප අවශ්‍ය නො වෙයි. කාලයක් නැති වූව ද ඒ තර්කය වලංගු වෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කිරීමට නම්, දෙවියන් වහන්සේ නැති විය යූතු ය.
මෙහි දී දෙවියන් වහන්සේ ඕපපාතික ව පහළ නොවී ද යන ප්‍රශ්නය ද ඇසිය හැකි ය. දෙවියන් වහන්සේ යනූ තමන් වහන්සේ ගේ ම නිර්මාණයක් නොවූණ ද, දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමේ හැකියාවක් ඇත. බෞද්ධ සාහිත්‍යයෙහි දෙවියෝ (දෙවියන් වහන්සේ නොව) ඕපපාතිකව පහළ වෙති. එහෙත් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වීම යැ යි කීම සිංහල බෞද්ධ චින්තනයක ගත හැකි වූව ද ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ගත හැකි නො වෙයි. එක් අතෙකින් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී යැ යි ගැනීම උන් වහන්සේට කරන මදි පූංචිකමකි. අනෙක් අතට දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය නැගීමට සිදු වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ එක්කෝ භූමාටූ දෙවියන් ලෙස පවතින ලෝකයක ය. එසේත් නැත්නම් දිව්‍ය ලෝකවල ය. ඒ දිව්‍ය ලෝක ද දෙවියන් ඕපපාතිකව පහළ වීමට පෙර සිට ම පවතියි.
එහෙත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන් වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්‍රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.
මේ සියල්ලෙන් පෙනී යන්නේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගැනෙන විට තමන් ම තමන් නිර්මාණය කරන්නේ යැ යි ගැනීමට නොහැකි බව ය. සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයෙහි මේ ගැටලුව නැත. එහි මනස යනූවෙන් යමක් ඇත්තට ම නැත. මනස විසින් මනස නිර්මානය කෙරෙන්නේ යැ යි කී විට එහි දී නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීමක් කියැ වෙයි. නැති මනස ඇති මනසක් ලෙස ගැනෙන්නේ ඇති මනසක් ලෙස ගන්නා නැති මනසකින් ය. මනස ඇත්තට ම පවතින්නේ නම් එවිට මනසට මනස නිර්මාණය කිරිමට නො හැකි වෙයි. එසේ නිර්මාණය කිරීම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබීම වැනි ක්‍රියාවක් වෙයි. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මූල හේතු සොයයි. එය ඒක රේඛීය චින්තනයක් වෙයි. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. එය මූල හේතු නො සොයයි.
එපමණක් නො වෙයි. බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් නොදක්වන කරුණක් වෙයි. මෙය අපේ විද්‍යාවක් හා අපේ ප්‍රවාද ගොඩනඟා ගැනීමේ දී ද වැදගත් වෙයි. ග්‍රී්ක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය හේතු
සොයන්නේ බොහෝ විට ඒ චින්තනයට අනූව ඇත්තට ම පවතින දේ සඳහා ය. එනම් ඇත්තට ම පවතින ඵල සඳහා ය. ඒ හේතු සෑම විට ම ඇත්තට ම පවතින හේතු ලෙස ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සැලකෙයි. ඇතැම් ඵලයක් ඇත්තට ම නොපැවතුණ ද එහි හේතුව නම් ඇත්තට ම පවතියි. මූල හේතුව වූ දෙවියන් වහන්සේ කිසිම හේතුවක ඵලයක් නොවී හේතුවක් ලෙස පමණක් ඇත්තට ම පවතියි.
එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සියල්ල මෙයට වඩා වෙනස් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පිටූපස යන ඇතැම් බෞද්ධයන් කුමක් කීව ද සිංහල බෞද්ධ හේතුඵල දහම ඇත්තේ සංස්කාර ධර්ම සඳහා ය. සංස්කාර ධර්ම හැරෙන්නට වෙනත් ධර්ම පිළිබඳ හේතුඵල දහමක් ගැන සිංහල බෞද්ධ චින්තනයෙහි නො කියැවෙයි. සංස්කාර ධර්ම යනූ සංස්කරණය නිසා ඇති වන ධර්ම ය. ඒ ධර්ම ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය අනූව කියන්නේ නම් ඇත්තට ම පවතින ධර්ම නො වෙයි. ඒ සියලු ධර්ම මනස විසින් සකස් කෙරී ඇති, මනසට සාපේකෂ ධර්ම වෙයි. සංස්කාර ධර්මයකට හේතුවක් වන්නේ තවත් සංස්කාර ධර්මයකි. සංස්කාර ධර්මයක ඵලය තවත් සංස්කාර ධර්මයකි. පොළොව මෙන් ම පොල් ද සංස්කාර ධර්මයකි. පොල් වැටිම ද සංස්කාර ධර්මයකි. පොල් වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට දෙන එක් පිළිතුරක් වූ ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය ද සංස්කාර ධර්මයකි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය සංස්කාර ධර්මයක් වීම නිසා එය "ඇත්තට ම" පවතින ධර්මයක් නො වෙයි. සිංහල බෞද්ධයන්ට එතරම් පහසූවෙන් ගුරුත්වාකර්ෂණය කෙෂ්ත්‍රයක් "ඇත්තට ම" නැතැ යි තේරුම් ගත හැකි ව තිබියදීත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පසූපස ගොස් ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය ඇතැ යි ගන්නේ සංස්කෘතික යටත් විජිතවාදයට හසූවීමෙන් ය.
මහාචාර්ය නලින් ද සිල්වා