පොල් ගෙඩිය කරා පැමිණෙන පොළොව
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව සිටින්නේ යැ යි සැලකුව ද ඉරෙහි හෝ හඳෙහි හෝ සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වෙයි. පොළොව තම අකෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද යයි. ඒ යන්නේ පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව නොව පොළොවෙන් ඉවත ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව ය. ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව ඇතැ යි ගන්නා පරිදි පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන, වැටෙන, පොල් ගෙඩියෙහි සිටින කෘමියා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකයි.
කාලය යනූ කුමක් ද යන්න පිළිබඳ ව ප්‍රවාදයක් නිර්මාණය කිරීමට අපට දෑන් උත්සාහ ගත හැකි ය. සිංහල ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අනූව කාලය යනූ පඤ්ඤන්තියකි. මෙයින් අදහස් වන්නේ අපේ අර්ථ දෑක්වීම්වලට අනූව කාලය යනූ අනෙක් ඉන්ද්‍රියන් ගේ සෘජූ ආධාරයක් නොමැතිව මනසින් නිර්මාණය කරගත හැකි සංකල්පයකි. මෙහි දී අවධාරණය කළ යූතු පදය නම් සෘජූ යන්න ය. එයින් කියැවෙන්නේ වක්‍රව අනෙක් ඉන්ද්‍රිය ආධාර කරගත හැකි හෝ ආධාර වන හෝ බව ය. කාලය ගැන මනස දන්නා, එනම් මනස විසින් නිර්මාණය කෙරී ඇති ගුණයක් නම් එය ඉදිරියට ගලාගෙන යන බව ය. කාලය නොනැවතී ඉදිරියට යයි. බටහිර විද්‍යාඥයෝ කාලයේ මේ ගුණය ගැන කතා කිරීම සඳහා කාලහීය (Arrow of Time)- යන වචනය යොදා ගනිති. එහෙත් අප සඳහන් කර ඇති පරිදි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය ගලා නො යයි. එහි කාලය ගල්ගැසී ඇත.
බටහිර විද්‍යාවට කාලය යනූවෙන් යමක් ඇත. බටහිර විද්‍යාවෙහි පූටූවක් ඇතැ යි යනූවෙන් ගැනෙන ආකාරයට කාලය ද ඇතැ යි ගැනෙයි. පූටූව මෙන් ම කාලය ද බටහිර විද්‍යාවට අනූව යථාර්ථය වෙයි. මිනිසූන් හෝ වෙනත් නිරීකෂකයන් නොසිටිය ද කාලය ඇත. එහෙත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය පූටූවක් මෙන් ඉන්ද්‍රිය ඔස්සේ දෑනගන්නක් නො වෙයි. එබැවින් කාන්ටි නම් බටහිර දාර්ශනිකයාට කාලය යනූ ප්‍රාග් අනූභූති ( a prior i)- දෙයක් යැ යි ප්‍රකාශ කිරීමට සිදු විය. එයින් ඔහූ අදහස් කළේ අනූභූතියට පෙර, එනම් ඉන්ද්‍රියන් ආශ්‍රිත ව දෑනූමක් ලබා ගැනීමට පෙර කාලය පිළිබඳ දෑනූමක් මිනිසාට ඇති බව ය. කාලය පමණක් නොව අවකාශය ද කාන්ටි විද්වතාට අනූව ප්‍රාග් අනූභූති විය.
අයින්ස්ටයින් විද්වතා ගේ විශේෂ සාපේකෂතාවාදයෙන් ද මේ ප්‍රාග් අනූභූති බවෙහි වෙනසක් නො කෙරිණි. විශේෂ සාපේකෂතාවාදයෙහි දී වූයේ කාලය හා අවකාශය නිරපේකෂ බවින් මිදී සාපේකෂ තත්ත්වයකට පත්වීම ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සිද්ධි දෙකක් අතර වූ කාල ප්‍රාන්තරය එක් එක් නිරිකෂකයා සම්බන්ධයෙන් ගත් කල වෙනස් නො වීය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය නිරිකෂකයා ගෙන් නිරිකෂකයාට වෙනස් වීමට හැකි විය. නිරිකෂකයන් දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව චලනය වන්නේ නම් ඔවූන් සිද්ධි දෙකක් සම්බන්ධයෙන් මනින කාල ප්‍රාන්තර වෙනස් විය.
විශේෂ සාපේකෂතාවාදයෙහි කෙරුණේ කාලය හා අවකාශය එක් කිරීම ය. කාලය හා අවකාශය යනූ තවදුරටත් එකිනෙකින් වෙන්වූ දැ නො වීය. එක් නිරිකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තරයක් පමණක් ඇති සිද්ධි දෙකක් වෙනත් නිරිකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තරයක් මෙන් ම අවකාශ ප්‍රාන්තරයක් ද සහිත සිද්ධි දෙකක් වීමට හැකි විය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි සිද්ධි දෙකක අවකාශ කාල ප්‍රාන්තරය (space time interval) ලෙස හැඳින්වෙන්න නිරීකෂකයා ගෙන් ස්වායත්ත විය. ඉන් කියැවෙනූයේ කිනම් නිරිකෂකයකු සම්බන්ධයෙන් ගත්ත ද සිද්ධි දෙකක අවකාශ කාල ප්‍රාන්තරය එකක් ම බව ය. ඒ අවකාශ කාල ප්‍රාන්තරය නිරීකෂකයා ගෙන් නිරීකෂකයාට වෙනස් නො වීය. එලෙස වෙනස් නොවන රාශියකට අවිචලකයක් (invariant)- යැ යි කියනූ ලැබෙයි.
මෙහි දී කිව යූතු ප්‍රධාන ම කරුණක් වනූයේ අවකාශ කාලය එකට ගත්කල ප්‍රාග් අනූභූති බව ය. එනම් අවකාශ කාලය ඉන්ද්‍රීය ගෝචර දෑනූමෙන් හා වෙනත් වස්තුන් ගෙන් ස්වායත්ත වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලය වෙන වෙන ම ගත් කල ප්‍රාග් අනූභූති වෙයි. විශේෂ සාපේකෂතාවාදයෙහි දී සිදු වන්නේ ඒ දෙක ම අවකාශ කාලය ලෙස ගත් කල ඉන්ද්‍රීය ගෝචර දෑනූම ලබා ගැනීමට පෙර ද තිබෙන බව ගැනීම ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි තිබෙන අවකාශයක හා කාලයක වස්තු චලනය වෙයි. විශේෂ සාපේකෂතාවාදයෙහි තිබෙන අවකාශ කාලයක වස්තු චලනය වෙයි.
එහෙත් සාධාරණ සාපේකෂාතාවාදයෙහි (General Theory of relativity)- දී මේ තත්ත්වය වෙනස් වෙයි. එහි දී අවකාශ කාලය කල්තබා දෙනූ නො ලැබෙයි. එහි අවකාශ කාලය නිර්ණය වනූයේ වස්තු මඟිනි. වස්තු, එනම් ද්‍රව්‍ය හා විකිරණ මඟින් අවකාශ කාලය සකස් වෙයි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය (destribution)- වෙනස් වීමත් සමඟ අවකාශ කාලය ද වෙනස් වෙයි. සාධාරණ සාපේකෂතාවාදයෙහි අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණ (einstein's field equation)- නමින් හැඳින්වෙන සමීකරණ පද්ධතියෙහි වම්අත පැත්තෙහි අවකාශ කාලය, එනම් ඡ්‍යාමිතිය පිළිබඳ වූ පද ද, දකුණූ පැත්තෙහි ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය හා සම්බන්ධ වූ පද ද වෙයි. දකුණූ පැත්ත දී ඇති විට වම්අත පැත්ත සඳහා විසඳුම් මේ සමීකරණ පද්ධතිය විසඳීමෙන් ලබාගත හැකි වෙයි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය වෙනස් වන විට අවකාශ කාලය ද වෙනස් වන්නේ මේ සමීකරණ පද්ධතියට අනූව අවකාශ කාලය ඒ ඒ ව්‍යාප්තිය මත පදනම් වන බැවින් ය.
සාධාරණ සාපේකෂතාවාදයෙහි වස්තු දෙන ලද අවකාශ කාලයක චලනය වනවා වෙනූවට වස්තු විසින් අවකාශ කාලය නිර්මාණය කෙරෙයි. වස්තුවල චලනය අනූව ද අවකාශ කාලය වෙනස් වෙයි. ප්‍රධාන වන්නේ අවකාශ කාලය නොව වස්තු, එනම් ද්‍රව්‍ය හා විකිරණ ය. දෑන් අවකාශ කාලය ප්‍රාග් අනූභූති ලෙස ගත හැකි නො වෙයි. ඒ අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතිය මත පරායත්ත වන බැවින් ය.
එහෙත් මෙහි දී තරමක ගැටලුවක් වෙයි. මේ සූත්‍රකරණය අනූව අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතිය මත පරායත්ත බැවින් ද්‍රව්‍ය හා විකිරණ කිසිවක් නැති විට අවකාශ කාලයක් නොතිබිය හැකි යැ යි නිගමනය කිරීමේ හැකි කමක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අවකාශ කාලයක් තිබීමට නම් ද්‍රව්‍ය හා විකිරණ පද්ධතියක් තිබිය යූතු ය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි දක්නට ලැබෙන අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතියක් නොමැතිව වූව ද තිබිය හැකි ය. ඒ අවකාශ කාලය ද අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණවල විසඳුමක් වෙයි. එසේ නම් විශේෂ සාපේකෂතාවාදයෙන් කියැවෙන අවකාශ කාලය කුමක් ද? එය තිබිය නොහැකි ද? එවැනි විසඳුමක් අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණවලට තිබීමෙන් කියැවෙන්නේ කෙෂ්ත්‍ර සමීකරණ නිසියාකාර ව සූත්‍රගත කෙරී නොමැති බව ද?
එසේ ම සාධාරණ සාපේකෂතාවාදයෙහි ද කාලය ගලා යෑමක් නැත. එහි ද කාලය ගල් ගැසී ඇත. අවකාශ කාලයෙහි අවකාශය හා කාලය එක් වී ඇත්නම් කාලය ගැන වෙන ම කතා කරන්නේ කෙසේ දෑ යි කිසිවකුට ප්‍රශ්නයක් වීමට ඉඩ ඇත. එහෙත් මෙහි දී කාලය ගැන කතා කෙරෙන්නේ එක් නිරිකෂකයකු හා සම්බන්ධයෙන් ය. ඕනෑම නිරිකෂකයකු ගත් කල විශේෂ සාපේකෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේකෂාතාවාදයෙහි ද කාලය හා අවකාශය වෙන් කළ හැකි ය. එනම් කාලය වෙනමත් අවකාශය වෙනමත් ගත හැකි ය. එහෙත් එහි දී අවධාරණය කළ යූත්ත නම්, කාලය නොමැති ව අවකාශයවත් අවකාශය නොමැති ව කාලයවත් නොපවතින බව ය. වෙන වෙන ම ගැනීමට හැකි වීම යනූ වෙන වෙන ම පැවතීම නො වෙයි. වෙන වෙන ම ගැනීමට හැකි වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ වෙන වෙන ම මැනගත හැකි ය යන්න ය.
කාලය හා අවකාශය (දුර) වෙන වෙන ම ගත්ත ද, සාපේකෂතාවාදයන්හි දී, සිද්ධියකට අවකාශයේ පමණක් සිදු විය නොහැකි ය. එනම් කිසිම නිරිකෂකයකුට සාපේකෂ ව සිද්ධියක් හූදු අවකාශයක සිදු නො වෙයි. සිද්ධියක් සඳහා අවකාශය මෙන් ම කාලය ද අවශ්‍ය වෙයි. පොල් ගෙඩියක් වැටීම ගැන සලකමූ. පොළොවෙහි, එනම් බිම සිටින, යම් නිරිකෂකයකුට සාපේකෂව ගත් කල පොල් ගෙඩිය ගස මූදුනේ තිබී ටිකෙන් ටික බිමට පහත් වෙයි. ඒ නිරිකෂකයාට අනූව පොල් ගෙඩිය යම් කාලයක දී ගස් මූදුනෙහි වෙයි. ඉන් ස්වල්ප කාලයකට පසූව පොල් ගෙඩිය පොළොවට වැටෙයි. ඒ නිරිකෂකයා කාලය හා අවකාශය වෙන වෙන ම මනියි. අහවල් කාලයෙහි දී පොල් ගෙඩිය යම් උසක ඇති අතර, වෙනත් කාලයක දී එය පොළොවෙහි වෙයි. එසේ වෙන වෙන ම කාලය හා දුර (අවකාශය) මැනගත හැකි වූවත් පොල් ගෙඩිය අවකාශයේ කිසිම තැනක කාලයක් නොමැති ව නො පවතියි. පොල් ගෙඩිය ගස මූදුනේ ඇත්තේ යම්කිසි කාලයක දී ය. එමෙන් ම පොළොව මතුපිට පිහිටන්නේ ද යම්කිසි කාලයක දී ය. කාලය හා අවකාශය යම් නිරිකෂකයකු විසින් වෙන වෙන ම මැනගත්ත ද, කාලය හා අවකාශය වෙන වෙන ම නො පවතියි.
අපි දෑන් වෙනත් නිරිකෂකයකු මේ සිද්ධි දාමය දකින අයූරු සලකමූ. අපි පොල් ගෙඩියෙහි සිටින කෘමියකු නිරිකෂකයා ලෙස සලකමූ. (අවශ්‍ය නම් පොල් ගෙඩියත් සමඟ වැටෙන මිනිස් නිරිකෂකයකු ගත හැකි ය.) මේ කෘමියාට මිනිසකුට මෙන් අවකාශය හා කාලය පිළිබඳ සංකල්ප ඇතැ යි සිතමූ. කෘමියා පොල් ගෙඩිය වැටීම යනූවෙන් කියැවෙන්න දකින්නේ කෙසේ ද? කෘමියාට අනූව කෘමියා ගේ සිට පොල් ගෙඩියට ඇති දුර වෙනස් නො වෙයි. පොල් ගෙඩිය ගස මූදුනේ ඇත්තේ යම් කාලයක දී ය. කෘමියා ඒ කාලය දනියි. පොල් ගෙඩිය පොළොව සමඟ ස්පර්ශ වන වෙලාව ද කෘමියා දෑන ගනියි. කාලය වෙනස් වී ඇත. එහෙත් වෙනස් වී නැත්තේ කෘමියා ගේ සිට පොල් ගෙඩියට ඇති දුර ය. කෘමියාට සාපේකෂ ව පොල් ගෙඩිය නිසල ව ඇත. කෘමියා තමා නිසල ව ඇතැ යි සලකයි. ඒ පොළොවෙහි සිටින නිරිකෂකයා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකන පරිදි ය.
පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව සිටින්නේ යැ යි සැලකුව ද ඉරෙහි හෝ හඳෙහි හෝ සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වෙයි. පොළොව තම අකෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද යයි. ඒ යන්නේ පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව නොව පොළොවෙන් ඉවත ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව ය. ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව ඇතැ යි ගන්නා පරිදි පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන, වැටෙන, පොල් ගෙඩියෙහි සිටින කෘමියා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකයි. ඕනෑම නිරිකෂකයකු තමා නිසල ව සිටින බවටත්, වෙනත් නිරිකෂකයන් තමාට සාපේකෂ ව චලනය වන බවටත් ගනියි. තමා නිසල ව ඇතැ යි ගන්නා කෘමියාට සාපේකෂ ව පොල් ගෙඩිය චලනය නො වෙයි. කෘමියාට සාපේකෂ ව චලනය වන්නේ පොල් ගස හා පොළොව ය. යම් කාලයක දී කෘමියාට සාපේකෂ ව පොල් ගසේ මූදුනට ඇති දුර ශුන්‍ය වෙයි. ටික කාලයකට පසූ පොල් ගසේ මූදුනට යම් දුරක් ඇති බවත් පොල් ගසේ මූලට (පොල් ගෙඩිය ගස මූල පතිත වී යැ යි සිතමූ) දුරක් නැති බවත් කෘමියා පවසනූ ඇත. කෘමියාට සාපේකෂ ව පොල් ගස චලනය වී ඇත. ගසේ මූදුන කෘමියා ගෙන් ඈතට ගොස් ඇති අතර ගසේ මූල කෘමියා කරා පැමිණ ඇත. යම් කාලයක දී ගසේ මූලට කෘමියා ගේ සිට දුරක් ඇති අතර ටික වේලාවකින් පසූ ඒ දුර ශූන්‍ය වෙයි. කෘමියා කරා පැමිණ ඇත්තේ පොල් ගසේ මූල පමණක් නො වෙයි. පොළොව ද කෘමියා කරා පැමිණ ඇත! එනම් පොළොව පොල් ගෙඩිය කරා පැමිණ ඇත! පොළොවට කෘමියා කරා අවකාශයක පමණක් පැමිණිය නොහැකි ය. ඒ සඳහා කාලය ද අවශ්‍ය වෙයි. කාලය හා දුර වෙන වෙන ම මැන්න ද පොළොව කෘමියා කරා පැමිණෙන්නේ කෘමියා ගේ අවකාශ කාලයෙහි ය.
මහාචාර්ය නලින් ද සිල්වා