චක්‍රීය චින්තනයේ මහිමය
මහාචාර්ය නලින් ද සිල්වා
අනිත්‍ය අනාත්ම අවබෝධ කිරීමට නොහැකි පෘථග්ජන පූද්ගලයා මනසක් ඇතැ යි ගනියි. මෙහි දී පූද්ගලයා යන්න වෙනූවට සත්ත්වයා යන්න යෙදීමෙහි වරදක් නැත්තේ සතුන් ද එලෙස ක්‍රියාකරන බැවින් ය. එලෙස මනසක් ඇති කරගන්නා සත්ත්වයා ඒ මනසින් මනස ද ඇතුළු පූටූව, මේසය වැනි සියලු සංකල්ප නිර්මාණය කරයි. චිත්තය යන්න ද මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. චිත්ත අනූක්‍රමය හෙවත් චිත්ත පරම්පරාව යන්න ද එවැනි ම වූ නිර්මාණයකි. අප විසින් කෙරී ඇත්තේ අනූගාමී චිත්තයකට පූරෝගාමී චිත්තයෙහි විඥාපන ලැබෙන්නේ යැ යි කියමින් ප්‍රවාදයක් සකස් කිරීම, නිර්මාණය කිරීම පමණකි.
එක් චින්තයක් නැති වී යනවිට එහි විඥාපන අනූගාමී චින්තනයට ලබා දෙන චිත්ත අනූක්‍රමයක් විසින් මනස නිර්මාණය කෙරෙන්නේ යැ යි අපි කීවෙමූ. ඒ අනූක්‍රමය ම මනස බැවින් මෙයින් කියැවෙන්නේ මනස විසින් මනස නිර්මාණය කරනූ ලැබීම ය. එහෙත් අප විසින් මෙසේ නිර්මාණය කෙරී ඇත්තේ, අප මනස යැ යි කියන්න සඳහා ආකෘතියක් පමණක් වෙයි. මෙහි දී නැවතත් අවධාරණය කළ යූතු වන්නේ, මේ මනස පිළිබඳ ආකෘතියක් නොවන බව ය. මනස පිළිබඳ ආකෘතියක් යැ යි කී විට ඉන් හැඟෙන්නේ මනස යනූවෙන් දෙයක් පවතින බවත්, අප ඒ පිළිබඳ ආකෘතියක් ගොඩනඟා ඇති බවත් ය. එහෙත් මනස යනූවෙන් එලෙස යමක් අපෙන් තොරව පවතින්නේ නො වෙයි. මනස යනූවෙන් හඳුන්වනූ ලබන්නක් තේරුම් ගැනීමට අපට සිදු වී ඇත. තේරුම් ගැනීම යනූ ම ආකෘතියක් නිර්මාණය කිරීම ය. අපි නැති පූටූවක්, පූටූවක් ලෙස ගනිමූ. එසේ ගන්නේ ඒ පිළිබඳ සංකල්පයක් ද එනම් පූටූව යන සංකල්පය ද ගොඩනඟමින් ය. පූටූව තේරුම් ගැනීම සඳහා ඒ සංකල්පයෙන් ඔබ්බට ගිය ප්‍රවාදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙයි. මනස සම්බන්ධයෙන් ද එසේ ම ය. නැති මනසක් අපි මනසක් ලෙස ගනිමූ. දෑන් අපි ඒ මනස තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ආකෘති ගොඩනගන්නෙමූ. ඉහතින් සඳහන් වූයේ එවැනි ආකෘතියක් මිස ඇති මනසක් පිළිබඳ ව වූ ආකෘතියක් නො වෙයි.
දෑන් තවත් ප්‍රශ්නයක් වෙයි. මනස යැ යි අප ගන්නා දෙයෙහි ආකෘතිය නිර්මාණය කරන්නේ ද මනස ම ය. මෙය පූටූව තේරුම් ගන්නේ ද ආකෘති ඔස්සේ වූව ද, එහි දී ආකෘති නිර්මාණය කෙරෙන්නේ පූටූව විසින් නොව මනස විසින් ය. එහෙත් මනසෙහි ආකෘති ගොඩනගන්නේ ද මනස ය. චිත්තය යන්න ද මනසෙහි නිර්මාණයකි. අනිත්‍ය අවබෝධ කිරීමට නොහැකි අපි මනසින් ආකෘති ගොඩනගමූ. චිත්තය පමණක් නොව සංසාරය කර්මය ආදීය ද මනසෙහි ම නිර්මාණ වෙයි. සංසාරය හා කර්මය බූදුන් වහන්සේ ගේ නිර්මාණ නො වෙයි. ඒ සංකල්ප වෛදික සමාජයෙහි ද තිබිණි. කර්මවාදය යන්න ද වෛදිකයන් ගේ නිර්මාණයකි. ඒ ප්‍රවාදයකි. සත්ත්වයා සසර සැරිසරන්නේ කෙසේ ද, කිනම් කරුණක් නිසා ද වැනි ප්‍රශ්නවලට වෛදිකයන් දුන් පිළිතුර කර්මවාදය නමැති ප්‍රවාදයෙහි වෙයි. බූදුන් වහන්සේ ප්‍රවාද නිර්මාණය කළේ යැ යි නො සිතමි. උන්වහන්සේට අවශ්‍ය වූයේ ඉපදීම අවසන් කිරීමට ය. ඉපදීම අවසන් වන්නේ නිවන් අවබෝධයෙන් ය. නිවන මනසෙහි නිර්මාණයක් නො වෙයි. මාධ්‍යම්කවාදය බිහිකළ නාගර්ජූන හාමූදුරුවන් වරද්දා ගත්තේ ද මෙතැනදී ය. උන්වහන්සේ නිවන සංසාරයට සාපේකෂව මනසින් දෑනගන්නා ධර්මතාවක් බවට පත් කළ හ. නිවන අවබෝධ කළ හැක්කේ මනසින් නො වෙයි.
මනස නම් ආකෘතියෙහි ඇති චක්‍රීයභාවය තේරුම් ගැනීමට උත්සාහ කරමූ. මනස නමැති ආකෘතිය ගොඩනැගෙන්නේ මනස විසින් ය. ඒ මනස නම් ආකෘතිය ගොඩනැගෙන්නේ චිත්තය නම් සංකල්පය ඇසූරෙන් ය. එහෙත් චිත්තය ද මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. අපේ ආකෘතිය, එනම් මනස නම් ආකෘතිය යනූ එක් එක්හි අවසානයේ දී තමන් සතු විඥාපන (තොරතුරු) අනූගාමී චිත්තයට ලබා දෙන චිත්ත අනූක්‍රමයකි. එහෙත් මනස යනූවෙන් හෝ චිත්තය යනූවෙන් හෝ අවස්ථායීභාවයක් (substantive state) ඇත්තේ නො වෙයි. මේ සියල්ල මනසේ මනස්කාර ය. මනස ද මනස්කාරයක් වෙයි.
අනිත්‍ය අනාත්ම අවබෝධ කිරීමට නොහැකි පෘථග්ජන පූද්ගලයා මනසක් ඇතැ යි ගනියි. මෙහි දී පූද්ගලයා යන්න වෙනූවට සත්ත්වයා යන්න යෙදීමෙහි වරදක් නැත්තේ සතුන් ද එලෙස ක්‍රියාකරන බැවින් ය. එලෙස මනසක් ඇති කරගන්නා සත්ත්වයා ඒ මනසින් මනස ද ඇතුළු පූටූව, මේසය වැනි සියලු සංකල්ප නිර්මාණය කරයි. චිත්තය යන්න ද මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. චිත්ත අනූක්‍රමය හෙවත් චිත්ත පරම්පරාව යන්න ද එවැනි ම වූ නිර්මාණයකි. අප විසින් කෙරී ඇත්තේ අනූගාමී චිත්තයකට පූරෝගාමී චිත්තයෙහි විඥාපන ලැබෙන්නේ යැ යි කියමින් ප්‍රවාදයක් සකස් කිරීම, නිර්මාණය කිරීම පමණකි. මෙහි දී නැවත නැවතත් කිවයූතු කතාව වන්නේ වෙනස් වන චිත්තයෙහි විඥාපන ද සූළු වශයෙන් හෝ වෙනස් වන බවත් චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එය තම පූරෝගාමී චිත්තයෙන් ලබා ගත් විඥාපන ම නොවන බවත් ය. එමෙන් ම මෙහි දී චිත්තය ලෙස ගැනෙන්නේ අභිධර්මයෙහි සඳහන් චිත්තය බවත්, ඒ චිත්තය යනූ අනෙක් ඉන්ද්‍රියයන්හි ආධාරයෙන් තොරව මනසට ගතහැකි කුඩා ම ධර්මය ලෙස අප විසින් හඳුනාගැනෙන බවත් සඳහන් කළ යූතු ය. එහෙත් චිත්තයක් යනූවෙන් අවස්ථායීභාවයක් නැති බවත් අප මතක තබාගත යූතු ය.
එලෙස චිත්ත යනූවෙන් අවස්ථායීභාවයක් නැතත් මනස හා වෙනත් දැ තේරුම් ගැනීම සඳහා චිත්ත යන සංකල්පය උපකාරී වෙයි. සංකල්ප, ප්‍රවාද නිර්මාණයෙහි දී අවශ්‍ය වන්නේ හැකිතාක් දුරට සංගත වීම ය. පරස්පර නොමැතිව සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කිරිමට උත්සාහ කළ යූතු වෙයි. එහෙත් මෙහි දී කිවයූත්තක් වෙයි. පරස්පර යන්න ද සාපේකෂ වූවක් ය. යමක් පරස්පරයක් ද නැත් ද යනූ තීරණය කෙරෙන්නේ න්‍යාය විසින් ය. ඒ ඒ න්‍යාය විසින් පරස්පර ලෙස සැලකෙන්නේ එක ම දෙයක් නො වෙයි.
උදාහරණයක් ලෙස ගතහොත් මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ ය යන්න ඒක රේඛීය චිත්තනයක පරස්පරයක් වෙයි. යමක් විසින් එය නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද යන්න ඒක රේඛීය චින්තනයකට ප්‍රශ්නයක් වෙයි. යමක් වෙනත් දෙයක් නිර්මාණය කිරීම මේ චින්තනයෙහි සෑමවිට ම අපේකෂා කෙරෙයි. එහෙත් චක්‍රීය චිත්තනයක එය ප්‍රශ්නයක් නො වෙයි. එහි අනෙක් පැත්ත ද වෙයි. මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ ය වැනි ප්‍රවාදයක් සංගත වන්නේ චක්‍රීය චින්තනයක ය. අපි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමේ දී චක්‍රිය චින්තනයක පිහිටමූ. එසේ ම එහි දී අපි ද්විකෝටික න්‍යාය නොව චතුස්කෝටික න්‍යාය යොදා ගන්නෙමූ.
ද්විකෝටික න්‍යායෙහි පරස්පරවන දැ චතුස්කෝටික න්‍යායෙහි පරස්පර නො වෙයි. එයට හේතුව චතුස්කෝටික න්‍යායෙහි A=B හා ~A=B එකට පැවතීමට හැකි වීම ය. එලෙස එකට පැවතීම ද්විකෝටික න්‍යායට අනූව පරස්පරයකි. එහෙත් චතුස්කෝටික න්‍යායට අනූව පරස්පරයක් නො වෙයි. චිත්තය සම්බන්ධයෙන් ගත්කල වූව ද චිත්තය ආරම්භයෙහි දී එහි පූරෝගාමී චිත්තයට විඥාපන වශයෙන් ගත්කල සමාන වූව ද අවසානයේ දී එයට සමාන නො වෙයි. වෙනස යන්න කෙලෙසකට තේරුම් ගැනීමට උත්සාහ කළත් ඒක රේඛීය චින්තනයෙහි පරස්පර ඇති වෙයි.
එහෙත් මෙහි දී යමකුට කිවහැක්කේ චතුස්කෝටිකය එවැනි අවස්ථාවල පරස්පරවලින් මිදෙන්නේ ~A=B හා A=B එකට පැවතීමට හැකි වන ලෙස අර්ථ දක්වමින් බව ද, එසේ අර්ථදෑක්වීම ම වැරැදි බව ය. එහෙත් තවත් යමකුට කිවහැක්කේ A=B හා ~A=B එකට නොපවතින ලෙස අර්ථ දෑක්වීම ම වැරැදි බව ය. අප කලින් ද සඳහන් කර ඇති පරිදි න්‍යාය (Logic)- යනූ දේවභාෂිතයක් නො වෙයි. න්‍යාය ද මිනිසූන් ගේ නිර්මාණයකි. මිනිසා ද්විකෝටික න්‍යාය නිර්මාණය කරගෙන ඇත්තේ තම එදිනෙදා අත්දෑකීම් ආශ්‍රයෙන් වියූක්ත පද්ධතියක් ගොඩනඟා ගනිමින් ය. එදිනෙදා අත්දෑකීම් සම්බන්ධයෙන් ගත්කල ද්විකෝටික න්‍යාය සංගත වෙයි. පෑනක් යනූ පෑනක් මිස පැන්සලක් නො වෙයි. පෑන පවතින තුරු එය පෑනක් නොවන්නේ නො වෙයි. ඒ පිළිබඳ විවාදයක් නැත. චතුස්කෝටිකයෙහි ද ද්විකෝටිකය අන්තර්ගත වන බැවින් එවැනි අවස්ථා චතුස්කෝටික න්‍යායට ප්‍රශ්නයක් නො වෙයි.
ද්විකෝටික න්‍යායෙහි ප්‍රශ්න ඇති වන්නේ වෙනස් වීම තේරුම් ගැනීමට ගිය විට ය. වෙනස් වීම යන්න අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ වෙනස් නොවන වස්තුන් ගේ ආධාරයෙන් බැවින් එලෙස ප්‍රශ්න පැනනඟියි. එවැනි අවස්ථාවක, එනම් වෙනස් වීම යනූ කුමක් දෑ යි එලෙස වෙනස් නොවන වස්තුන් ගේ ආධාරයෙන් තේරුම් ගැනීමට ගියවිට අපට චතුස්කෝටිකය අවශ්‍ය වෙයි. (චතුස්කෝටිකය වෙනත් කරුණූවල දී ද අවශ්‍ය වෙයි.) පැරැණි භාරතීයයන් (ප්‍රාග් වෛදිකයන් යැ යි සිතිය හැකි ය.) චතුස්කෝටිකය නිර්මාණය කරගන්නට ඇත්තේ එවැනි වූ ඔවූන් ගේ අත්දෑකීම් පදනම් කර ගනිමින් යැ යි කිව හැකි ය. කලනය යනූ වෙනස් වීම අධ්‍යයනය කිරීම සඳහා බටහිර ගණිතය විසින් නිර්මාණය කෙරි ඇත්තකි. එය අද ඉගැන්වෙන්නේ ද්විකෝටිකය ඇසූරෙන් ය. ඒ නිසා ම එහි පරස්පර වෙයි. අපි එය පසූව සාකච්ඡා කරමූ.
මනස භෞතිකවාදය හා විඥානවාදය යන ලිපිය අවසානයෙහි අපි ප්‍රශ්න දෙකක් ඇසූවෙමූ. පළමූ ප්‍රශ්නය වූයේ මනස, මනසෙහි ම නිර්මාණයක් වන්නේ කෙසේ ද යන්න ය. දෙවැන්න දෙවියන් වහන්සේ යනූ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් යැ යි ගැනීමට නොහැකි ද යන්න ය. පළමූ ප්‍රශ්නයට දෑන් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී ඇතැ යි සිතමූ. දෙවැනි ප්‍රශ්නය අසා ඇත්තේ නොහැකි ද යන ආකාරයට ය. ඒ ප්‍රශ්නය එසේ ඇසීමට හේතු වූයේ කුමක් ද යන්න දෑන් සලකා බලමූ.
මේ ප්‍රශ්න දෙක ම ඇසීමට හේතුව වූයේ යමක ආරම්භය ගැන, යමක් නිර්මාණය කරන්නේ කවූ ද කෙසේ ද ආදී ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම ය. යමකට හේතුව කුමක් දෑ යි ඇසීම ද ඒ ප්‍රශ්න ම තවත් ආකාරයකට ඇසීමක් වෙයි. මේ හේතු නැත්නම් නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද ආදිය මූල හේතුවකින් කෙළවර වෙයි. අපට මනස මනසේ ම නිර්මාණයක් වන්නේ කෙසේ ද යන්න ඇසීමට සිදු වූයේ ද එවැනි පසූබිමක ය. සියලු සංකල්ප, ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් නම්, මනස නිර්මාණය කරන්නේ කවූ ද කෙසේ ද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? ඒක රේඛීය චින්තනයක නම් මනස නිර්මාණය වීමට හෝ කිරීමට වෙනත් යමක් තිබිය යූතු ය. එහෙත් චක්‍රීය චින්තනයක එය එසේ විය යූතු නො වෙයි. චක්‍රීය චින්තනයක මනස මනසෙහි ම නිර්මාණයක් විය හැකි ය. අපට ඇති වූ ප්‍රශ්නය වූයේ මනස එලෙස මනසෙහි ම නිර්මාණයක් වන්නේ කෙසේ දෑ යි පැහැදිලි කිරීම ය. භෞතිකවාදීන් මෙන් මනසින් තොරව පවත්නා ලෝකයක් උපකල්පනය නොකර එමෙන් ම විඥානවාදීන් මෙන් පරම ව පවත්නා මනසක් උපකල්පනය නොකර සිංහල බෞද්ධයනට භෞතිකවාදී ද විඥානවාදී ද නොවන දාර්ශනික පද්ධතියක් ගොඩනඟාගත හැක්කේ ඒ අයූරින් ය.
දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය ඇසීමට සිදු වන්නේ ද නිර්මාණය පිළිබඳ ප්‍රශ්නය මූල්කර ගනිමිනි. විඥානවාදී ස්ථාවරයට අනූව සියල්ල මනසෙහි නිර්මාණය වෙයි. එහෙත් මේ නිර්මාණ සියල්ල යම් පූද්ගලයකු ගේ මනසෙහි සිදු කෙරෙන නිර්මාණ වීම අවශ්‍ය නොවේ. ඇතැම් නිර්මාණ පූද්ගලයා ගේ මනසෙහි නිර්මාණය වූව ද තවත් නිර්මාණ ද ඒ පූද්ගල මනස් සූපිරි මනසක් විසින් නිර්මාණය කෙරෙයි. එවිට පූද්ගල මනස් නිර්මාණය කරන්නේ කවූ ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි. දෑන් ප්‍රශ්නය වන්නේ ඒ සූපිරි මනස එනම් දෙවියන් වහන්සේ නිර්මාණය කළේ කවූ ද යන්න ය. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස දෙවියන් වහන්සේ ම දෙවියන් වහන්සේ නිර්මාණය කළේ යැ යි කිව නො හැකි ද?
මහාචාර්ය නලින් ද සිල්වා