අයින්ස්ටයින් ගේ යූදෙව් ක්‍රිස්තියානිකම හා අපේකම
මහාචාර්ය නලින් ද සිල්වා
ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි කාලය හා ආරම්භය පිළිබඳ ව ඇති මත ගැන අපි දෑන් දනිමූ. කාලය යනූ ගලාගෙන යන්නක් බව සාමාන්‍යයෙන් මිනිසූන්ට ලැබෙන හැඟීම වූව ද බටහිර විද්‍යාවෙහි සමස්තයක් ලෙස ගත් කල කාලය සැලකෙන්නේ ගල් ගැසූණූ දෙයක් ලෙස ය. කාලහීය යනූවෙන් බටහිර විද්‍යාඥයන් විසින් හැඳින්වෙන සංසිද්ධිය බටහිර භෞතික විද්‍යාවට තේරුම් කර දිය නොහැකි ය. අනෙක් අතට කාලයෙහි ආරම්භය ගැන බටහිර විද්‍යාව, මත දෙකක් ඉදිරිපත් කරයි. නිව්ටන් - කාන්ටි මතය ලෙස හැඳින්විය හැකි එක් මතයකින් කියැවෙන්නේ කාලය (හා අවකාශය, එමෙන් ම විශේෂ සාපේකෂතාවාදයෙහි අවකාශ - කාලය,) ප්‍රාග් අනූභූති බවත් කාලයට ආරම්භයක් නැති බවත් ය. මේ මතයට අනූව කාලය හා දෙවියන් වහන්සේ සදාකාලික ය. කාලය ආරම්භය වශයෙන් ගත් කල දෙවියන් වහන්සේ හා සම තත්ත්වයක් දරයි. කාලයේ ආරම්භය ගැන ඇති අනෙක් මතය 1915න් පසූ සාධාරණ සාපේකෂාතාවාදය සමඟ ඇති වූවක් වෙයි. ඒ මතයට අනූව, කාලයට (අවකාශ - කාලයට) ද ආරම්භයක් ඇත. කාලය ආරම්භ වන්නේ ලෝක (විශ්ව) නිර්මාණයත් සමඟ ය.
මේ මත දෙක ම ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ම බිහි වූ මත වෙයි. දෙවැනි මතය පළමූවැනි මතයටත් වඩා ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි අදහස් තහවූරු කරයි. අප කලින් ද සඳහන් කර ඇති පරිදි දෙවැනි මතය සමඟ දෙවියන් වහන්සේ වඩාත් සූවිශේෂ වෙයි. ඒ මතයෙන් පසූව ආරම්භයක් නැත්තේ දෙවියන් වහන්සේට පමණකි. එපමණක් නොවෙයි. කාලය නිර්මාණය වීමට පෙර, එනම්, ආරම්භ වීමට පෙර, පෙර යන අදහසට අර්ථයක් නොමැති බැවින් විශ්වය (හා කාලය) නිර්මාණය වීමට පෙර කුමක් තිබූණේ ද වැනි ප්‍රශ්න අර්ථ ශුන්‍ය බව ඒ අනූව ප්‍රකාශ කළ හැකි වෙයි. එමෙන් ම පරණ තෙස්තමේන්තු කතාව පිළිගන්නා අයට ලෝකය මැවීමට පෙර දෙවියන් වහන්සේ කුමක් කළේ ද වැනි ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ලෝකය මැවීමට පෙර කාලය ද නොතිබූණූ හෙයින් ලෝකය මැවීමට පෙර යන්න අර්ථ ශුන්‍ය බව ප්‍රකාශ කළ හැකි වෙයි.
අයින්ස්ටයින් පඩිවරයා ගැන නොයෙකුත් කතා කියනූ අසන්නට කියන්නට ලැබෙයි. ඇතැම් බෞද්ධයන් සිතන්නේ අයින්ස්ටයින් විද්වතා බෞද්ධයකු නොවූණේ නමට පමණක් බව ය. මේ මහා බූද්ධිමතා බූද්ධ ධර්මය ගැන කියා ඇතැ යි කියන කරුණූ ද බෞද්ධයෝ මහත් අභිමානයෙන් කියති. එමෙන් ම අයින්ස්ටයින් විද්වතා දෙවියන් වහන්සේ ප්‍රතිකෙෂ්ප කළ බව ද එතුමාට සිටියේ පෞද්ගලික දෙවි කෙනෙකු බව ද කියැවෙයි. එහෙත් අයින්ස්ටයින් පඩිවරයා විද්‍යාවේ දී කළේ කුමක් ද යන්න බොහෝ දෙනා නොදනිති. ඇත්තෙන් ම ඔවූන්ට ඒ ගැන දෑනගැනීමට අවශ්‍යතාවක් ද නැත. අයින්ස්ටයින් පඩිවරයා බටහිර නූතනත්වයේ ඉතා තදින් ඇලී ගැලී සිටියේ ය. ඔහූ ගේ පෞද්ගලික දෙවියන් Personal god) යන සංකල්පය ද ගලා එන්නේ පහළොස්වැනි සියවසේ ඇති වූ බටහිර නූනතන්වය හා සමඟ බැදුණූ පෞද්ගලිකත්වය සමඟ ය. පෞද්ගලික අයිතිය, පෞද්ගලික යාන වාහන, පෞද්ගලික සංගීතය රස විඳීම, පෞද්ගලික පොත පත ආදී වශයෙන් සමාජය පෞද්ගලිකත්වය වැළද ගන්නේ පහළොස්වැනි සියවසෙන් පසූව ය. එදා සාමූහික ව සංගීතය රසවිඳි ජනයා අද බටහිර රටවල (ඇතැම් විට ලංකාවේ ද) කනේ රුවාගත් කුඩා කන්බනූ (earphones) ආධාර කර ගනිමින් තනිව ම සංගිතය රසවිඳිනූ දක්නට හැකි ය. පෞද්ගලික ව ප්‍රයෝජනයට ගත හැකි තැටි, සංයූක්ත තැටි ආදිය ද මේ පෞද්ගලිකත්වය පැතිර යෑමෙහි ප්‍රතිඵල වෙයි.
බූද්ධිමය වශයෙන් ගතහොත්, මේ පෞද්ගලිකත්වයේ තර්කානූකූල අවසානයෙහි ඇත්තේ දෙවියන් වහන්සේ ද පෞද්ගලික කිරීම ය. ෂොපන්හෝවර් නම් බටහිර දාර්ශනිකයා එක්තරා ආකාරයකට මේ අදහස බටහිර සමාජයට හඳුන්වා දුන්නේ ය. අග්‍රගණ්‍ය බූද්ධිමතකු වූ අයින්ස්ටයින් පඩිවරයාට සාමූහික ව ඇදහූ දෙවියන් වහන්සේ කෙනකු වෙනූවට පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු සිටීම පූදුමයට කරුණක් නො වෙයි. අයින්ස්ටයින් පඩිවරයා යනූ වෙස්වළා ගත් බෞද්ධයකු නොව බටහිර ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් බිහි කරනූ ලැබූ ඉහළ ම බූද්ධිමතා වෙයි. ඒ චින්තනයේ සාරය උකහාගත්තකු ලෙස ඔහූ නිව්ටන් පඩිවරයාටත් ඉහළින් වැජඹෙන්නේ ය යන්න මගේ අදහස වෙයි.
අයින්ස්ටයින් පඩිවරයා විසින් දෙවියන් වහන්සේ ප්‍රතිකෙෂ්ප නොකෙරුණා නොව දෙවියන් වහන්සේ පෞද්ගලික කරනූ ලැබිණි. අයින්ස්ටයින් පඩිවරයා දෙවියන් වහන්සේ යනූ පල්ලියට ගොස් සාමූහික ව අත්විඳින දෙවි කෙනකු නොව පෞද්ගලික සංයූක්ත තැටියක් මෙන් පෞද්ගලික ව සමිප විය හැකි දෙවි කෙනෙක් විය. එමෙන් ම අයින්ස්ටයින් විද්වතා තම සාධාරණ සාපේකෂතාවාදය හා විශ්වවේදය (cosmology) මඟින් ආරම්භය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ හා සම තත්ත්වයක් ඉසිළුෑ කාලය (හා අවකාශය) එතැනින් ඉවත් කළේ කාලයට ද ආරම්භයක් ලබා දෙමින් ය. ඒ සමඟින් ඔහූ ලෝකය මැවීමට පෙර දෙවියන් වහන්සේ කුමක් කළේ ද වැනි අසහනකාරි ප්‍රශ්නවලින් දෙවියන් වහන්සේ නිදහස් කළේ ය. අයින්ස්ටයින් අග්‍රගණ්‍ය බූද්ධිමතකු බව සැබෑ ය. එහෙත් ඔහූ අපේ නො වෙයි. ඔහූ බූද්ධිමතකු වූයේ බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කර ගනිමින් මිස සිංහල බෞද්ධ චින්තනයක නො වෙයි. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයේ යම් ප්‍රමාණයකට හෝ කැඩීමට උත්සාහ කළ ක්වොන්ටම් භෞතිකය ප්‍රතිකෙෂ්ප කිරීමට අයින්ස්ටයින් විද්වතාට හැකි වූයේ ඔහූ ඒ චින්තනයෙහි ඇලී ගැලී ජීවත් වූ එහි ප්‍රධාන ප්‍රකාශකයා විම නිසා ය. මෙරට ඕල්කටි බෞදධයන්ට අයින්ස්ටයින් විද්වතා බෞද්ධ කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඔවූන් ඕල්කටි බෞද්ධයන් වීම නිසා මිස අන් කරුණක් නිසා නො වෙයි.
කාලය ගැන සිංහල බෞද්ධයන්ට කිවහැක්කේ කුමක් ද? පළමූවෙන් ම කිවයූත්තේ සිංහල ථෙරවාදී බෞද්ධයන්ට අනූව කාලය යනූ පඤ්ඤාත්තියක් පමණක් බව ය. ධම්මසංගණියට බූද්ධඝෝෂ හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද අත්ථසාලිනි නම් අටූවාවෙහි කාලය යනූ පඤ්ඤාත්තියක් යැ යි දක්වා තිබේ. ථෙරවාදී සාම්ප්‍රදාය තරම් කාලය පිළිබඳ ව අධ්‍යයනය කළ වෙනත් සම්ප්‍රදායක් ලෝකයේ තිබිණි යැ යි සිතිය නො හැකි ය. ඇමෙරිකානූ මායා ශිෂ්ටාචාරයෙහි මෙන් ම බැබිලෝනියානූ ආදී සම්ප්‍රදායන්හි ද කාලය අධ්‍යයනයට ලක් කෙරී ඇති මූත්, ඒ බොහෝ විට ප්‍රායෝගික ව ය. ඔවූන් වඩාත් උනන්දුවක් දෑක්වූයේ කාලය මැනීම කෙරෙහි ය. බැබිලෝනියානූන් මෙන් ම පැරැණි ඇමෙරිකානූවෝ ද (කොලම්බස් ඇමෙරිකාවට යෑමට පෙර එහි සිටි ඇමෙරිකානූවෝ) දින දර්ශන සැකසීමට මහත් වෙහෙසක් ගත්තෝ ය. එහෙත් කාලය යනූ කුමක් ද යන්න අධ්‍යයනයට ලක් කළ ප්‍රධාන ම පිරිස ථෙරවාදීන් යැ යි මම සිතමි.
කාලය යන්න පූටූව වැන්නක් නො වෙයි. අපට පූටූව දෑකබලාගත හැකි වෙයි. අපට එය ස්පර්ශ කළ හැකි ය. කෙටියෙන් කියන්නේ නම්, පූටූව යනූ ඉන්ද්‍රිය ගෝචර වස්තුවක් වෙයි. පූටූව ඉන්ද්‍රිය ගෝචර වස්තුවක් වේ ය යන්නෙන් කියැවෙන්නේ මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රියවලට ද පූටූව ගෝචර වන බවත්, ඒ ඉන්ද්‍රිය නොමැති ව පූටූව යනූවෙන් වස්තුවක් අපට නොපවතින බවත් ය. එහෙත් පූටූව යනූ අනෙක් ඉන්ද්‍රියවලට පමණක් ගෝචර වූවක් නො වෙයි. පූටූව අනෙක් ඉන්ද්‍රියවලට ගෝචර වේ ය යන්නෙහි තේරුම එය මනසට ද ගෝචර වන බව ය. පූටූවට හෝ වෙනත් වස්තුවකට හෝ මනසට ගෝචර නොවී වෙනත් ඉන්ද්‍රියකට ගෝචර විය හැකි නො වෙයි. චක්ඛූ විඤ්ඤාණය ඇති වන්නේ හූදෙක් ඇසින් පමණක් නො වෙයි. එයට මනස අවශ්‍ය වෙයි. මෙයින් කියැවෙන්නේ පූටූව යන්න මනස මෙන් ම අනෙක් ඉන්ද්‍රිය නිසා ද ඇති වන්නක් බව ය.
එහෙත් කාලය යන්න ඇසෙන් හෝ කණෙන් හෝ දෑකගන්නක් හෝ අසාගන්නක් හෝ නො වෙයි. කාලය අපේ මනසට දෑනෙයි. අපට එය ඇසිය නො හැකි ය. දෑකිය නො හැකි ය. ස්පර්ශ කළ නො හැකි ය. එහි රස බැලිය නො හැකි ය. එහි ගඳ සූවඳ දෑනගත නො හැකි ය. එහෙත් එය මනසට පමණක් දෑනෙයි. කාලය යනූ මනසේ නිර්මාණය වූවකි. එය පූටූව වැනි සංකල්පයක් නො වෙයි. පූටූව යන සංකල්පය ද මනසේ නිර්මාණයක් වූවත්, එය මනසේ නිර්මාණය වන්නේ අනෙක් ඉන්ද්‍රියයන් ගේ ද සෘජූ ආධාරය ඇති ව ය. එහෙත් කාලය එසේ නො වෙයි. එය විශේෂිත වූ සංකල්පයකි. කාලය නම් සංකල්පය නිර්මාණය කිරීමට මනසට වෙනත් ඉන්ද්‍රියක් සෘජූව අවශ්‍ය නො වෙයි. කාලය යනූ විශේෂිත සංකල්පයක්, පඤ්ඤාන්තියක් වන්නේ එබැවින් යැ යි අපි කියමූ. පඤ්ඤාන්තියක් යනූ වෙනත් ඉන්ද්‍රියක සෘජූ ආධාරයක් නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයක් යැ යි අපි අර්ථ දක්වමූ. එවිට පඤ්ඤාත්තියක් යන්න ද සංකල්පයක් වෙයි. එහෙත් එය විශේෂිත වූ සංකල්පයකි. කාලය යනූ එවැනි පඤ්ඤාත්තියකි.
පඤ්ඤත්තියක් ගැන එවැනි අර්ථ කථනයක් තිබෙන්නේ කිනම් සූත්‍රයක ද, කිනම් අටූවාවෙහි ද, කිනම් ටීකාවෙහි ද යනූවෙන් ප්‍රශ්න රාශියක් ඇසීමට බලා සිටින්නෝ වෙති. අපි මේ අයට එකක් කියමූ. සිංහල බෞද්ධ දෑනූම යනූ සූත්‍රවලට, අටූවාවට හා ටීකාවලට සීමා වූ දෑනූමක් නො වෙයි. එය එසේ සීමා කිරීමට තැත් කිරීම ද වරදකි. අපි ඕල්කටි බෞද්ධයන් ගෙන් හා ඇතැම් විට ඔවූන් අනූව යන සම්ප්‍රදායික බෞද්ධ උගතුන් ගෙන් වෙනස් වෙමූ. අපි දෑනූම නිර්මාණය කරන්නෙමූ. එසේ නිර්මාණය කරන දෑනූමට අටූවාවේ හෝ ටිකාවේ හෝ තිබීමට කිසිම හැකියාවක් නොමැත. අටූවාවේ හෝ ටීකාවේ හෝ සූත්‍රවල තිබෙන දෑනූම නැවත නැවත ගෙනහැර දෑක්වීම දෑනූම නිර්මාණය කිරීමක් නො වෙයි. අපට අවශ්‍ය අපේ සාම්ප්‍රදායෙ,් අපේ චින්තනය මත පදනම් ව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට මිස පැරැණි ප්‍රවාද නැවත ගෙනහැර දෑක්වීම නො වෙයි. මෙයින් අදහස් කරන්නේ අප පැරැණි දෑනූම නැවත ගෙනහැර නොදක්වන බව නො වෙයි. අවශ්‍ය වූ විට අපි එය ද කරන්නෙමූ. එහෙත් අපි එයට පමණක් සීමා නො වෙමූ.
අටූවාවේ ටීකාවේ ඇති දෑනූම ද බූදුන් වහන්සේ දේශනා කළ දහම නො වෙයි. එහි ඇත්තේ එකල විසූ බූද්ධිමතුන් සිංහල ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායෙහි සිටිමින් නිර්මාණය කළ දෑනූම වෙයි. බටහිර යටත් විජිතවාදී සමයෙන් පසූ අපේ උගත්තු නිර්මාණකරණයෙන් ඈත් වූහ. ඔවූන් ගේ ශාස්ත්‍රීය ලිපි පත පොත ආදිය තිබෙන දෑනූම ම වෙනත් ආකාරවලින් ඉදිරිපත් කිරිම සඳහා පමණක් වෙන් වීය. යමකු අභිධර්මයෙහි සඳහන් චිත්ත චෛතසික විභාගය පිළිබඳ අධ්‍යයනයක් කරනවා විය හැකි ය. එහි වරදක් නැත. එහෙත් එයින් කෙරෙන්නේ අභිධර්මයෙහි ඇති දෑනූමෙන් කොටසක් වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීම ය. එහි වරදක් නැති නමූත් එය ප්‍රමාණවත් නැත. උගතුන් කොටසක් එලෙස පැරැණි දෑනූම වෙනත් ආකාරවලින් ඉදිරිපත් කරත් දී තවත් පිරිසක් වෙනත් "නෙයියාඩගමක්" නටති. මේ "නෙයියාඩම්කරුවන්ට" අවශ්‍ය වී ඇත්තේ බටහිර විද්‍යාවට වඩා බූදු දහමෙහි දක්වා ඇති දෑනූම වර්ධනය වී ඇති බව පෙන්වීම ය. කලින් කී පිරිස පැරැණි දෑනූම වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් වරදක් නො කරති. එහෙත් දෙවැනි පිරිස භයානක වරදක් කරති. ඔවූහූ ජනමාධ්‍ය උගත්තු වෙති. ඔවූන්ට ටෙලි උගතුන් යැ යි කීමේ ද එතරම් වරදක් නැත. මේ නෙයියාඩම්කරුවන් කළ යූත්තේ බටහිර විද්‍යාවේ දෑනට ඇති දෑනූම අවූරුදු දෙදහස් හයසියකට පෙර බූදුන් වහන්සේ දේශනා කර ඇතැ යි කීම නොව තවමත් බටහිර විද්‍යාව විසින් කිසිවක් නොකෙරී ඇති කෙෂ්ත්‍රවල බූදුන් වහන්සේ දේශනා කර ඇතැ යි කියන දෑනූම් වහා ම අපට ද බටහිර ලෝකයට ද කියා දීම ය. බටහිර විද්‍යාව යමක් කියනකම් බලා නොසිට කල් තබා ම අනාවැකි පළ කිරීමට මේ නෙයියාඩම්කරුවන්ට හැකි විය යූතු ය.
මහාචාර්ය නලින් ද සිල්වා