නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

ආරම්භයේ ආරම්භය

මහාචාර්ය නලින් ද සිල්වා

තොමස් ඇක්වයිනාස් පූජකවරයා ජීවත් වූයේ බටහිර නූතනත්වය ඇති වීමට පෙර දහතුන්වැනි සියවසෙහි ය. බටහිර නූතනත්වය බිහි වූයේ නව චින්තනයක් බිහි කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මේ නව චින්තනය එක් රැයකින් ඇති වූවා නො වෙයි. ඒ සඳහා සියවස් ගණනක් ගත විය. පහළොස්වැනි සියවසේ ඇරඹූණූ බටහිර නව චින්තනය තවමත් බටහිර, ඒ නිසා ලෝකයෙහි ම, ආධිපතිවාදී චින්තනය වෙයි. ඒ චින්තනය යූදෙව්, ගී්‍රක හා කතෝලික චින්තනයන්හි එකතුවකින් නිර්මාණය වූයේ වෙයි. ඇක්වයිනාස් පූජකවාරයාට ද අවශ්‍ය වූයේ මේ චින්තන තුන එකතු කිරීමට ය. ඔහූ ඒ සඳහා උත්සාහ ගත් නමූත් ඒ අසාර්ථක විය යනූ මගේ මතය වෙයි. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ, යූරෝපය එකල ඒ සඳහා සූදානම්ව නොසිටිම ය. ඇක්වයිනාස් පූජකවරයා ගේ වෑයම අසාර්ථක වූව ද ඔහූ ගේ අදහස් පසූ කාලීන ව වැදගත් විය.

යූදෙව් චින්තනයෙහි ආරම්භයක් ගැන කියැවෙයි. එහි ආරම්භයක් නැත්තේ යෙහෝවා නමින් හැඳින්වෙන දෙවියන් වහන්සේට පමණකි. දෑන් ප්‍රශ්නය වනූයේ ආරම්භයක් ඇති වූයේ කාලයෙහි ද නැත්නම් ඉන් පිටත ද යන්න ය. ආරම්භයක් ඇති වීමට නම් කාලය තිබිය යූතු ද? එනම් යමක් ආරම්භ වන්නේ කාලයෙහි ද? උදාහරණයක් ලෙස ගතහොත් අප ගොඩනැගිල්ලක් තැනීම ආරම්භ කරන වේලාවක් ඇත. ගමනක් යෑමට පිටත් වන වේලාවක් වෙයි. එහෙත් කාලය පටන් ගැනෙන්නේ ගොඩනැගිල්ල තැනීම ආරම්භ කරන වේලාවට හෝ ගමන පිටත් වන වේලාවට හෝ නො වෙයි. කාලය ඉන් පෙර ද තිබී ඇත. මේ උදාහරණවලින් පැහැදිලි වනූයේ ආරම්භයක් ඇති වනූයේ කාලයෙහි බව ය. එහෙත් ඒ සාමාන්‍ය උදාහරණ ය. දෙවියන් වහන්සේ ගැන සඳහන් කරන විට කාලය සම්බන්ධ වන්නේ කෙසේ ද? එසේත් නැතහොත් සමස්ත විශ්වයේ ම ආරම්භය ගැන කිව හැක්කේ කුමක් ද?

යූදෙව් ප්‍රවාදවල ඒ ප්‍රශ්නය මැනවින් සූත්‍රගත වි ඇති බවක් නො පෙනෙයි. ගී්‍රකයින්ට ඒ ප්‍රශ්නය වැදගත් වී නොමැත. ගී්‍රක චින්තනයෙහි ස්වසිද්ධි (ප්‍රත්‍යකෂ) - ~(axioms) හා ඇරිස්ටෝටලීය න්‍යාය ~(logic)- වැදගත් වෙයි. එහි යම් දෑනූම් පද්ධතියක් ස්වසිද්ධිවලින් ආරම්භ වෙයි. ඉන්පසූ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය යෙදීමෙන් ඒ ස්වසිද්ධීවලින් යම් යම් නිගමන ලබා ගනූ ලැබෙයි. යූක්ලීඩීය ජ්‍යාමිතිය ඒ සඳහා හොඳ ම උදාහරණය වෙයි. යූක්ලීඩීය ජ්‍යාමිතිය පටන් ගැනෙන්නේ ස්වසිද්ධි ප්‍රකාශ කිරීමෙන් ය. ඉන්පසූ ඒ ස්වසිද්ධීවලින් ඇරිස්ටෝටලීය න්‍යාය උපයෝගී කරමින් විවිධ ප්‍රමේය හා ප්‍රතිඵල ලබා ගැනෙයි. ප්‍රමේය සත්‍ය වන්නේ ස්වසිද්ධි සත්‍ය නම් ය. එහෙත් ස්වසිද්ධීවල සත්‍යතාවය ගැන කිසිවක් නො කියැවෙයි. ස්වසිද්ධිවල සත්‍යතාවය ප්‍රශ්න නොකෙරෙන්නේ යැ යි කීම නිවැරදි ය. ස්වසිද්ධි ප්‍රශ්නයකින් තොරව ම සත්‍ය යැ යි පිළිගැනෙයි. ස්වසිද්ධියක් එයට වඩා මූලික වූ වෙනත් ස්වසිද්ධියකින් හෝ ස්වසිද්ධි කිහිපයකින් හෝ ලබා ගත නො හැකි ය. එසේ ලබා ගත හැකි නම් එය තවදුරටත් ස්වසිද්ධියක් නො වෙයි.

කතෝලික චින්තනයෙහි මෙයට වඩා වෙනස්කම් තිබූණි. එහි න්‍යාය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය නො වී ය. කතෝලික චින්තනයෙහි න්‍යාය ත්‍රිකෝටික න්‍යාය වෙයි. ඒ නිසා ම මෙන් එහි ආරම්භය ගැන ඇති අදහස් ද්විකෝටික න්‍යාය බලපාන චින්තනයක ඇති ආරම්භයෙන් වෙනස් වෙයි. ද්විකෝටික චින්තනයෙහි පද්ධතියක ආරම්භය එක් ලකෂ්‍යයක වෙයි. ඉන්පසූ ඒ ලකෂ්‍යයෙන් ඉවතට යන පද්ධතිය රෙඛාවක් දිගේ මෙන් විකාශය වෙයි. පද්ධතියට නැවතත් අවකාශයෙහි හා කාලයෙහි ආරම්භක ලකෂ්‍යයට පැමිණිය නො හැකි ය. පද්ධතියක් ආරම්භ ලකෂ්‍යයට (ප්‍රදේශයට) නැවතත් ආපසූ නොඑන්නේ දෑ යි කිසිවකුට ප්‍රශ්න කළ හැකි ය. සරල අනූවර්තී චලිතයෙහි යෙදෙන ඔරලෝසූවේ බටිටා නැවත නැවත පටන් ගත් තැනට ආපසූ පැමිණෙයි. එහෙත් එසේ සිදු වන්නේ අවකාශයෙහි ය. කාලයෙහි එය නො සිදු වෙයි. ඔරලෝසූවේ බටිටාට පටන් ගත් කාලයට ආපහූ පැමිණිය හැකි නො වෙයි.

යූදෙව්වන් ගේ යෙහෝවා දෙවියන් වහන්සේ ලෝකය, එනම් අද කතා කරන අයූරින් විශ්වය, මවා ඉන් වෙන් විය. කලින් සඳහන් කර ඇති ආකාරයට මේ දේව නිර්මාණ සංකල්ප වෛදික දේව (බ්‍රහ්මන්) නිර්මාණ සංකල්පයෙන් වෙනස් වෙයි. බ්‍රහමන් තමන් මැවූ ලෝකයෙන් වෙන් නොවනවා පමණක් නොව, බ්‍රහ්මන් ලෝකය ම ද වෙයි. එමෙන් ම බ්‍රහ්මන් විෂ්ණූ දෙවියන් ලෙස නැවත නැවත ලෝකයට ආපසූ පැමිණෙයි. ද්විකෝටික න්‍යායක එවැන්නක් නො සිදු වෙයි. එහි දී බ්‍රහ්මන් තමන් මැවූ ලෝකයෙන් වෙන් වෙයි. එයට හේතුව ද්විකෝටික න්‍යායෙහි බ්‍රහ්මන්ට ලෝකය මෙන් ම ලෝකය නොවීමට ද නො හැකි වීම ය. ත්‍රිකෝටික න්‍යායෙහි බ්‍රහ්මන්ට ලෝකය වීමට ද ලෝකය නොවීමට ද හැකි ය. එමෙන් ම බ්‍රහ්මන්ට ශිව, විෂ්ණූ, ඊශ්වර ආදී විවිධ ස්වරූප ගැනීමට ද, විෂ්ණූට විවිධ ස්වරූපවලින් තමන් පවත්වාගෙන යන ලෝකයට ම ඒමට ද හැකි ය. ඒ සියල්ල කළ හැකි වන්නේ ත්‍රිකෝටික න්‍යාය වලංගු වන චින්තනයක ය.

කතෝලික චින්තනයෙහි දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගේ ම පූත්‍රයා ලෙස මරියතුමිය ගේ කුසින් උපදියි. මෙය ද සිදු වන්නේ ත්‍රිකෝටික න්‍යාය බලපාන චින්තනයක ය. දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම වන අතර, තමන් වහන්සේ ගේ පූත්‍රයා ද වෙයි. එමෙන් ම විෂ්ණූ දෙවියන් (බ්‍රහ්මන්) මෙන් මිනිස් වෙසකින් ලොව උපදියි. විෂ්ණූ දෙවියන් ක්‍රිෂ්ණ, රාම ආදී වේශවලින් ලෝකයේ ඉපදුණූ ආකාරයට යෙහෝවා දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ගේ වේශයෙන් ලෝකයෙහි ඉපදෙයි. කතෝලික චින්තනයට වෛදික චින්තනයේ බලපෑම ඉතා පැහැදිලි ය. මෙවැනි චින්තනයක් චකී්‍රය චින්තනයක් වෙයි. එයට ප්‍රධාන ම හේතුව එවැනි චින්තනයක වලංගු වන ත්‍රිකෝටික න්‍යාය ය.

කලින් සඳහන් කර ඇති ආකාරයට ත්‍රිකෝටික චින්තනයක මෙන් ම ඬ් ද සත්‍ය වෙයි. (විස්තර සඳහා මගේ ලෝකය බලන්න.) එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ යනූ දෙවියන් වහන්සේ ය යන්න මෙන් ම දෙවියන් වහන්සේ යනූ උන්වහන්සේ ගේ පූත්‍රයා ය යන්න ද සත්‍ය වෙයි. එමෙන් ම ආරම්භක ලකෂ්‍යයක් ආරම්භක ලකෂ්‍යය නොවිමට ද හැකි ය. එහි ප්‍රතිඵලය වනූයේ ආරම්භක ලකෂ්‍යයට නැවත පැමිණිමට හැකි වීම ය. එනම්, පද්ධතියක ඒක රේඛීය බව නැති වී එය චකී්‍රය වීම ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, පද්ධතියට ආරම්භයක් නොමැති වීම ය.

ඇක්වයිනාස් පූජකවරයාට සිදු වූයේ ද්විකෝටික න්‍යාය බල පෑ ගී්‍රක චින්තනයත් ත්‍රිකෝටික න්‍යාය බල පෑ කතෝලික චින්තනයත් එකතු කිරීම ය. එය නො කළ හැකි දෙයක් නො වෙයි. එහෙත් එයට පළමූ ව න්‍යාය පිළිබඳ ගැටලූ ව විසඳා ගත යූතු වෙයි. ඇක්වයිනාස් පූජකවරයාට ඒ පිළිබඳ ස්විඥානික හෝ අවිඥානික හෝ හැගීමක් තිබිණි යැ යි සිතිය නො හැකි ය. එබැවින් ම ඔහූ ගේ ව්‍යාපාරය අසාර්ථක විය යන්න මගේ නිගමනය වෙයි. කෙසේ වෙතත් පහළොස්වැනි සියවසට පසූ යූරෝපීය පඬූවෝ සාර්ථකව මේ ගැටලූ විසඳා ගත් හ. ඔවූන් ඒ විසඳා ගත්තේ ත්‍රිකෝටික න්‍යාය ඉවත් කර නව ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය ද්විකෝටික න්‍යාය මත පදනම් කිරීමෙන් ය. කතෝලික ආගමට විරුද්ධව කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් බිහි වූයේ ද ඒ නව චින්තනයත් සමඟ ය. ක්‍රිස්තියානි ආගම්වල මරියතුමියට වැදගත් තැනක් අහිමි වීම අහම්බයක් නො වෙයි. මරියතුමිය යනූ දෙවියන් වහන්සේට මිනිස් වෙසක් ගෙන ලොවට බිහි වීමට උපකාරී වූ මෑණීයන් ය. මේ කතෝලික චින්තනයෙහි ත්‍රිකෝටික න්‍යාය බලපාන ප්‍රධාන ම තැනක් වෙයි. ත්‍රිකෝටික න්‍යාය ඉවත් කිරීමේ දී නව ක්‍රිස්තියානිි ආගම්වලින් මරියතුමිය ද ඉවත් කිරීමට සිදු වෙයි.

මෙහි දී නොකියා ම බැරි තවත් කරුණක් වෙයි. මෙරට උගතුන්, චින්තනය යන සංකල්පය පිළිගැනීමට මැළිකමක් (එය මැළිකමට වඩා දේශපාලන විරෝධයක් විය හැකි ය.) දැක්වූව ද, ඉහත සඳහන් කරණූවලින් පෙනී යා යූත්තේ විවිධ සංසිද්ධි තේරුම් ගැනීමට ඒ සංකල්පය කෙතරම් උපකාරී වන්නේ ද යන්න ය. එහෙත් නොකියා ම බැරි කරුණ එය නො වෙයි. පහළොස්වැනි සියවසෙන් පසූ බටහිර නව චින්තනයක් ඇති වූව ද කතෝලික චින්තනය මූළුමනින් ම මැකී ගියා නො වෙයි. විශේෂයෙන් ම ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය ආදී බටහිර යූරෝපීය කතෝලික රටවල ද පෝලන්තය ආදී නැගෙනහිර යූරෝපීය කතෝලික රටවල ද කතෝලික චින්තනය අද පවා පවතින බව පැහැදිලි ය. බටහිර යූරෝපයේ නව ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය බිහි වීමේ දී ත්‍රිකෝටික න්‍යාය ඉවත් කෙරී ද්විකෝටික න්‍යාය මත පමණක් පදනම් වූ බැව් ඉහත සඳහන් කෙරී ඇත. එහෙත් ඉහත කී රටවල කතෝලික චින්තනය නොමැකුණූ බැවින්, ඒ රටවල ත්‍රිකෝටික න්‍යාය ද ඇතැම් බූද්ධිමතුන් අතර යම් ප්‍රමාණයකට භාවිත විණි.

සංස්කෘතියක හෝ සභ්‍යත්වයක හෝ අධිපතිවාදී චින්තනය හා න්‍යාය කුමක් වූව ද බූද්ධිමතුන් කිහිප දෙනකු අතර වෙනත් චින්තන හා න්‍යාය තිබිය හැකි ය. එහෙත් ඒ බූද්ධිමත්තු සමාජයේ සූළුතරයක් වෙයි. ඔවූන් ගේ අදහස් බොහෝ විට සාමාන්‍ය ජනතාවට කාන්දු නො වෙයි. පැරැණි ප්‍රග් වෛදික භාරතයේ චින්තනයේ න්‍යාය චතුස්කෝටික වී යැ යි සිතීමට තුඩූ දෙන කරුණූ වෙයි. එහෙත් භාරතයට වෛදිකයන් ගේ පැමිණීමෙන් පසූව ඇති වූ වෛදික චින්තනයේ න්‍යාය වස්තුකෝටිකයෙන් ත්‍රිකෝටිකයට මාරු විය. එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ, වෛදිකයන් ගේ ආත්මවාදය සමඟ චතුස්කෝටිකය සංගත නො වීම ය. එහෙත් චතුස්කෝටියක භාරතයෙන් අතුරුදහන් නො වී ය. බූදුන් වහන්සේ ගේ ධර්මය සඳහා චතුස්කෝටිකය අවශ්‍ය න්‍යාය විය. වතුස්කෝටිකය නිවනේ න්‍යාය යන්න නොවන බව අවධාරණය කළ යූතු වෙයි. නිවන් අවබෝධයෙහි දී වතුස්කෝටිකය ද ප්‍රතිකෙෂ්ප වෙයි.

පැරැණි ගී්‍රසියේ චින්තනයේ න්‍යාය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වූව ද භාරතීය න්‍යායන් ගේ ආභාසය ලැබූ බූද්ධිමතුන් කිහිප දෙනකු එහි ජීවත් වී ඇති බවට සාධක වෙයි. මෙරට පාසල් සිසූන් වූව ද දන්නා පෛතගරස් පඬූවාණෝ ඉන් එක් අයෙක් වූ හ. හෙරික්ලිටස් විද්වතා තවත් කෙනෙක් විය. අද බටහිරයන් සඳහන් කරන අපෝහකයේ හෙවත්, දයලෙක්තිකයේ ආරම්භකයා ඔහූ යැ යි කියැවෙයි. එහෙත් ඔහූ ගේ අපෝහකය යනූ ත්‍රිකෝටික න්‍යායෙහි බිංදු මාත්‍රයක් පමණකි. කතෝලික චින්තනයෙහි ද න්‍යාය වූයේ ත්‍රිකෝටිකය බවත්, එයට ද වෛදිත චින්තනය බලපා ඇති බවත් ඉහත සඳහන් වී ඇත. ජර්මනිය ආදී කතෝලික රටවල මේ චින්තනය ඉතිරි වී තිබූණි. පසූ කලෙක හෙගල් පඬිවරයාටත්, ඔහූ ගේ ගෝලයකු වූ කාල් මාක්ස් විද්වතාටත් කතෝලික චින්තනයෙහි ත්‍රිකෝටික න්‍යාය බලපෑවේ ය. පහළොස්වැනි සියවසේ ආරම්භ වූ බටහිර යූරෝපයේ නව චින්තනය වෙනස් අතකට යොමූ කිරීමට, එක්තරා ආකාරයකින් ගතහොත් ඒ නව චින්තනයෙන් කැඩීමට, හෙගල්, මාක්ස් පඬිවරු උත්සාහ කළ හ. එය බූද්ධිමය ව්‍යායාමයක් ලෙස ගතහොත් අසාර්ථක වූව ද දේශපාලන වශයෙන් තාවකාලික ජයග්‍රහණ ලැබීමටට සමත් විය. ජර්මනිය, ඉතාලිය ආදී රටවල බිහි වූ ෆැසිස්ටිවාදී රාජ්‍ය ද පෝලන්තයේ හා ජර්මනියේ මාක්ස්වාදයේ ආභාසයෙන් නැගෙනහිර යූරෝපීය රටවල ඇති වූ මාක්ස්වාදී රාජ්‍ය ද ත්‍රිකෝටික න්‍යාය මත පදනම් වූ කතෝලිික චින්තනයෙහි තාවකාලික ජයග්‍රහණ විය.

මහාචාර්ය නලින් ද සිල්වා