නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

වස්තුවක මතකය

මහාචාර්ය නලින් ද සිල්වා

කාලය යන සංකල්පය, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, කාලය යන පඤ්ඤාත්තිය ඇති වන්නේ මූලික වශයෙන් ම වෙනස් වීම හා ඒ වෙනස් වීම මතක තබා ගැනීමට හැකි වීම හේතුකොටගෙන ය. මේ වෙනස් වීම අනිත්‍ය සමඟ පටලවා නොගත යූතු ය. අනිත්‍ය යනූ වෙනස් වීම නො වෙයි. අපට වෙනස් වීම යනූ කුමක් දෑ යි තේරුම්ගත හැකි ය. එහෙත් එපමණකින් අපට නිවන් අවබෝධ නො වෙයි. අපට වෙනස් වීම යනූ කුමක් දෑ යි තේරුම්ගත හැකි ය. එහෙත් එපමණකින් අපට නිවන් අවබෝධ නො වෙයි. නිවන සාකෂාත් කරගත හැක්කේ අනිත්‍ය අවබෝධ කරගැනීමෙන් ය. අනිත්‍ය යන්න නිත්‍ය යන්නෙහි විරුද්ධය ලෙස ගැනීම නිසා ද, අනිත්‍ය අවබෝධ කරගැනීමේ දී ගැටලුවලට මූහූණ පෑමට සිදු වන්නේ යැ යි සිතිය හැකි ය. අපේ ප්‍රශ්නය ම නිත්‍ය යනූවෙන් ගුණයක් ඇතැ යි විශ්වාස කිරීම ය.

කාලය යන පඤ්ඤත්තිය ඇති වන්නේ ද පෘථග්ජනයන්ට ය. අනෙක් අතට ඇතැම් වස්තු ද කාලයෙහි හැසිරෙන්නේ යැ යි අපි කියමූ. උදාහරණයක් වශයෙන් ගතහොත් මූළු මහත් නිව්ටෝනීය භෞතික විද්‍යාව යොදාගැනෙන වස්තු සියල්ල ම කාලයෙහි හැසිරෙන්නේ යැ යි කිව හැකි ය. පෘථිවිය ඇතුළු සියලු ග්‍රහවස්තු සූර්යයා වටේ ගමන් කරයි. මේ ගමන, නැත්නම් චලිතය කාලයෙහි කෙරෙන්නෙකි. පෘථිවිය තව මාස හයකට පෙර තිබූණේ අද එය අවකාශයේ තිබෙන තැන නො වෙයි. ඉන් අදහස් කෙරෙන්නේ අපේ මතකය අනූව පෘථිවිය නමින් අප දන්නා වස්තුව වෙනත් තැනක තිබි ඇති බව ය. එමෙන් ම මෙහි තවත් පැත්තක් ද වෙයි. පෘථිවියට ද තම චලිතය පිළිබඳ ව යම් මතකයක් වෙයි.

දෑන් ප්‍රශ්නය වනූයේ පෘථිවියට මතකයක් ඇත්තේ කෙසේ ද යන්න ය. පෘථිවියට මනසක් නැත. එසේ මතකයක් තිබීමට පෘථිවියට මනසක් තිබිය යූතු ද? මනසක් නැතිව මතකයක් ගැන කතා කරන්නේ කෙසේ ද? මතකය (Memory - යනූ කුමක් ද? පරිගණකයට මතකයක් ඇතැ යි කියනූ ලැබෙයි. පරිගණකයට මනසක් තිබේ ද? මෙහි දී අපි ඉතා වැදගත් ප්‍රශ්නයකට මූහූණ දෙන්නෙමූ. මතකය යනූවෙන් අප සාමාන්‍යයෙන් තේරුම් ගන්නා දෙයට මෙන් ම වෙනත් දේට ද මතකය යන්න යෙදිය හැකි බව ය.

මතකය යන්න තොරතුරු සමඟ බැදී ඇත. අපට මතක් වන්නේ තොරතුරු ය. අවශ්‍ය නම් මේ තොරතුරු යන්න ඉංග්‍රිසියෙන් Information යන්නෙන් කියැවෙන දේ සමඟ සංසන්දනය කළ හැකි ය. කෙසේ වෙතත් තොරතුරු (මේ සඳහා පාරිභාෂික වචනය විඥාපන වෙයි.) යනූ ඉදිරි කාලයේ දී ඉතාමත් වැදගත් සංකල්පයක් බවට පත්වීමේ පෙරනිමිති පහළ වී ඇත. පෘථිවියට මතකයක් ඇත්තේ මේ තොරතුරු සම්බන්ධයෙන් ය. පෘථිවියට යම් අවස්ථාවක පිහිටීමක්, එනම් අනෙක් වස්තූන්ට සාපේකෂ ව පිහිටීමක්, පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රයට ප්‍රවේගයක්, පෘථිවියට කෝණික ප්‍රවේගයක් ආදී වශයෙන් දත්ත රාශියක් වෙයි. මේ දත්ත පිළිබඳ "දෑනූමක්" පෘථිවියට නොමැත්තේ නම්, ඊළඟ මොහොතෙහි පෘථිවිය සිටිය යූතු තැන, එහි ස්කන්ධ කේන්ද්‍රයෙහි ප්‍රවේගය කෙසේ විය යූතු දෑ යි පෘථිවියට දෑනගැනීමට ක්‍රමයක් නැත.

නිව්ටන් ගේ චලිත සමීකරණවලින් ම අපි පටන් ගනිමූ. බොහෝ දෙනා දන්නා පරිදි අංශුවක් සඳහා චලිත සමීකරණය F=ma ආකාරයෙන් ලිවිය හැකි ය. මෙහි F යන්නෙන් බලය ද m යන්නෙන් ස්කන්ධය ද a යන්නෙන් ත්වරණය ද දෑක්වෙයි. මේ සමීකරණය යොදාගනිමින් අපට යම්කිසි බලයක් යටතේ චලනය වන අංශුවක ඕනෑ ම මොහොතක ප්‍රවේගය ආදිය සොයාගත හැකි ය. ඉහත සඳහන් සමීකරණයෙහි ත්වරණය ඇත. ත්වරණය යනූ ප්‍රවේගය වෙනස් වීමේ ශිඝ්‍රතාවය ය. එනම්, දළ වශයෙන් ගත්කල ප්‍රවේගය ඒකක කාලයක දී වෙනස් වන්නේ කිනම් ප්‍රමාණයකින් ද යන්න ත්වරණයෙන් ලැබෙයි. ප්‍රවේගය ලැබෙන්නේ පිහිටීම කාලයත් සමඟ වෙනස් වන බැවිනි. අවසානයේ දී ත්වරණය යන්න පිහිටීම කාලය විෂයයෙහි දෙවරක් වෙනස් වීමේ ශිඝ්‍රතාවය හා සම්බන්ධ වෙයි. මෙහි තේරුම F=ma යන්න පිහිටීම ඇසූරෙන් ලියූ විට දෙවැනි ගණයේ අවකල සමීකරණයක් ලැබෙන බව ය.

දෙවැනි ගණයේ අවකල සමීකරණයක් විසඳු කල අභිමත නියත දෙකක් ලැබෙයි. සාමාන්‍ය අනූකලනයේ දී අභිමත නියතයක් ලැබෙන පරිදි අවකල සමීකරණ විසදීමේ දී ද අභිමත නියත ලැබෙයි. දෙවැනි ගණයේ අවකල සමීකරණ සඳහා මේ අභිමත නියත සොයා ගැනීමට නම් අංශූවේ යම්කිසි දෙන ලද අවස්ථාවක එහි ගුණ දෙකක් දෑනගත යූතු ය. උදාහරණයක් වශයෙන් දෙන ලද කාලයක දී අංශූවේ පිහිටීම හා ප්‍රවේගය දන්නේ යැ යි සිතමූ. එවිට ඒ අගය අවකල සමීකරණයේ විසඳුමෙහි ආදේශ කර අභිමත නියත දෙක ඇගයිය හැකි ය. අංශූවක් සඳහා ශක්ති සංස්ථිති සමීකරණය යොදා ගැනීමේ දී ද කෙරෙන්නේ අභිමත නියතයක් සොයාගැනීමකි. ශක්ති සංස්ථිති සමීකරණය යනූ චලිත සමීකරණය එක්වරක් පමණක් අනූකලනය කිරීමෙන් ලැබෙන්නකි. එනම් ශක්ති සංස්ථිති නියමය යනූ, අදාළ අවකල සමීකරණය පිහිටීම සම්බන්ධයෙන් දෙවැනි ගණයේ අවකල සමීකරණයක් ලෙස නොව ප්‍රවේගය සම්බන්ධයෙන් පළමූ ගණයේ අවකල සමීකරණයක් ලෙස සැලකීමෙන් ලැබෙන විසඳුමකි. ශක්ති සංස්ථිති සමීකරණය යෙදීමේ දී කෙරෙන්නේ ඕනෑ ම කාලයක දී අංශූවේ ශක්තිය දෙන ලද කාලයක දී එහි ශක්තියට සමාන කිරීමකි. වෙනත් අයූරකින් කියන්නේ නම් මෙහි දී අභිමත නියතය දෙන ලද කාලයක දී අංශූවේ ශක්තිය බවට පත්වෙයි. අංශූවේ ශක්තිය නියතයක් ය යන්නෙන් අදහස් වන්නේ එහි ඕනෑ ම කාලයක දී ශක්තිය දෙන ලද කාලයක දී එහි ශක්තියට සමාන බව ය.

කෙසේ හෝ වේවා මෙහි දී කෙරෙන්නේ දෙන ලද කාලයක දී අංශූවේ තොරතුරු (ශක්තිය, ප්‍රවේගය, ගම්‍යතාව ආදී වශයෙන්) අංශූව විසින් රඳවා තබාගැනීම ය. මේ තොරතුරු රඳවා තබාගැනීම නිසා අංශූව යම් නිශ්චිත ගමන් මාර්ගයක චලනය වෙයි. ඒ නිශ්චිත තොරතුරු වෙනස් කළහොත් අංශූව අලුත් තොරතුරුවලට අදාළ ගමන් මාර්ගයක චලනය වීමට පටන් ගනියි. අවකල සමීකරණයක් විසඳීමේ දී මායිම් අවශ්‍යතා දෙන්නේ යැ යි කියැවෙයි. මේ මායිම් අවශ්‍යතා යනූ අන් කිසිවක් නොව දෙන ලද කාලයක දී අංශූවේ (හෝ පද්ධතියේ හෝ) තොරතුරු වෙයි. ඒ තොරතුරු යොදා ගැනීමෙන් කෙරෙන්නේ අදාළ අවකල සමීකරණයේ විසඳුමේ අභිමත නියත සෙවීම ය.

මේ තොරතුරු වෙනස් වන අවස්ථා ද වෙයි. ආවේගී චලිතය සම්බන්ධයෙන් සිදු වන්නේ එසේ තොරතුරු වෙනස් කිරීමකි. ගුරුත්වය යටතේ සූමට ආනත තලයක පහතට පෙරළෙන වස්තුවක් (තැටියක්, ගෝලයක් ආදී වශයෙන්) තලයෙන් උඩට නෙරා ඇති කොටසක ගැටෙන්නේ යැ යි සිතමූ. එවිට වස්තුවෙහි චලිතයෙහි කැඩීමක් සිදු වෙයි. එහි දී සිදු වන්නේ ආවේගී බලයක් යෙදීමකි. ආවේගී බලයක් යෙදීම හේතුවෙන් වස්තුවෙහි චලිතය කැඩෙයි. එනම්, චලිතය අසන්තතික වෙයි. චලිතය අසන්තතික වීමත් සමඟ චලිතය හා සම්බන්ධ තොරතුරු වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් වස්තුවෙහි අලුත් ශක්තිය පැරැණි ශක්තියට සමාන නො වෙයි. එහෙත් මේ අලුත් ශක්තිය වස්තුව නැවත වරක් ආවේගයකට හසූවන තුරු නොවෙනස් ව පවතියි.

වස්තුවක් එසේ තොරතුරු රඳවා තබාගැනීම වස්තුවේ මතකය ලෙස අපට හැඳින්විය හැකි ය. වස්තුවක ආවේගයකට හසූ වූ විට එහි තොරතුරු වෙනස් වන බැවින් ඉන්පසූ පවතින්නේ කලින් තිබූ වස්තුව ම ද යන ප්‍රශ්නය මතුවෙයි. ඒ ප්‍රශ්නයට දිය හැකි හොඳ ම පිළිතුර ආවේගයකට පසූව ඇත්තේ වෙනස් වස්තුවකි යන්න යැ යි සිතමි. එහෙත් මෙහි දී යමකු පවසනූ ඇත්තේ වස්තුවේ ගම්‍යතාව ආදිය වෙනස් වූව ද, එහි ස්කන්ධය, අවශ්‍ය නම්, අවස්ථිති ඝූර්ණ ආදීය නොවෙනස් ව පවතින බව ය. ඒ අර්ථයෙන් ගත්කල වස්තුව වෙනස් වී නැතැ යි යමකුට තර්ක කළ හැකි ය.

දෑන් ප්‍රශ්නය වනූයේ වස්තුව යනූ කුමක් ද යන්න ය. අපි ඒ ප්‍රශ්නය ගැන කතාකිරීමට පෙර, ප්‍රාණීන් ගේ මතකය පිළිබඳ ව කරුණක් දෙකක් සාකච්ඡා කරමූ. ප්‍රාණීන් ගේ මතකය යට කියන ලද වස්තුවක මතකයෙන් වෙනස් වන්නේ කෙසේ ද? වස්තුවක ඇතැම් තොරතුරු රඳවා තබාගැනීම එහි මතකය යැ යි අපි කීවෙමූ. මෙහි දී කිව යූතු තවත් කරුණක් වෙයි. තොරතුරු රඳවා තැබීම මෙන් ම එසේ රඳවා තැබූණූ තොරතුරු ආපසූ ලබාගැනීම (සමූද්ධරණය - retrieval ද මතකයට අයත් කාර්යයක් වෙයි. තොරතුරු රඳවා තැබීමෙන් පමණක් එතරම් දෙයක් නොසිදු වෙයි. වඩා වැදගත්වන්නේ තොරතුරු ආපසූ ලබාගැනීම ය. පරිගණකයක තොරතුරු රඳවා තිබෙනූ පමණක් නොව ඒ තොරතුරු සමූද්ධරණය කිරීමේ හැකියාව ද වෙයි.

වස්තුවක් සෑම විට ම තොරතුරු සමූද්ධරණය කරයි. එහි ශක්තිය කුමක් ද යන්න වස්තුව සෑමවිට ම "දෑන සිටිය" යූතු ය. එසේ නොවන්නට වස්තුව වෙනත් ගමන් මාර්ගයක චලනය වනූ ඇත. වස්තුවකට එසේ යම් තොරතුරු පිළිබඳ "දෑනූමක්" තිබූණ ද එයට එය ගැන ම දෑනූමක් වෙයි ද? ප්‍රාණියකු සහ අප්‍රාණියකු අතර මූලික වෙනස මෙය විය හැකි ය. ප්‍රාණියකුට තමන් ගැන ම වූ විඥානයක් වෙයි. තමා යන තොරතුර ද ප්‍රාණියකු ගේ තොරතුරු අතර වෙයි. ප්‍රාණියකුට තමා ගැන හැඟීමක් ඇතැ යි කිව හැකි ය.

මේ පිළිබඳ ව බටහිර විද්‍යාඥයන් බොහෝ දෙනකු එකඟ නොවනවා විය හැකි ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනූව විඥානයක් ඇත්තේ මිනිසූන්ට පමණ ය. එහෙත් සිංහල බෞද්ධ විද්‍යාඥයන්ට එවැනි මතයක් නිවැරැදි යැ යි ගත හැකි නො වෙයි. සිංහල බෞද්ධයන්ට අනූව මිනිසූන්ට පමණක් නොව සතුන්ට ද විඥාන වෙයි. බටහිර විද්‍යාඥයන්ට පවා දෑන් දෑන් සතුන්ට ද විඥාන ඇතැ යි සිතීමට සිදු වී ඇත. ඔවූන් ගේ ඇතැම් නිරිකෂණවලට අනූව චිම්පන්සි වැනි ඇතැම් සතුන්ට ද විඥාන වෙයි. බටහිර විද්‍යාඥයන් කුමක් කීවත් සතුන්ට ද මිනිසූන්ට මෙන් ම විඥාන ඇතැ යි අපි ගනිමූ.

එවිට ප්‍රාණීන් යනූවෙන් හැඳින්වෙන විශේෂයට අප්‍රාණින් යනූවෙන් හැඳින්වෙන්නන්ට වඩා අඩූ ම තරමින් එක් තොරතුරක් (විඥාපනයක්) වැඩියෙන් වෙයි. ඒ තමන් ගැන ම වූ තොරතුර වෙයි. මේ සියලු තොරතුරු නිර්මාණ බව ද සඳහන් කළ යූතු ය. එහෙත් මෙහි දී ප්‍රශ්නයක් ඇසිය හැකි ය. අප්‍රාණි වස්තුවක ශක්තිය වැනි තොරතුරු නිර්මාණය කරන්නේ කවූ ද? වස්තුව ද? නැත්නම් වෙනත් අයෙක් ද? මෙහි දී අප අවධාරණය කළ යූතු දෙයක් වෙයි. මේ සියලු දෑනූම නිර්මාණය කර ඇත්තේ මිනිසා ය. වස්තුවක ශක්තිය යන්න ද මිනිසා විසින් නිර්මාණය කරන ලද සංකල්පයකි. වස්තුවකට යම් ගුණයක් නියම කර ඒ ගුණය ශක්තිය ලෙස හඳුන්වනූ ලැබෙයි. වස්තුව ඒ පිළිබඳ ව කුමක් දන්නේ ද? වස්තුව එහි ශක්තිය කුමක් දෑ යි සෑම විටක ම "දෑන සිටිය" යූතු යැ යි කියන විට, ඉන් අදහස් වන්නේ කුමක් ද? වස්තුවකට යමක් පිළිබඳ මතකයක් ඇතැ යි කියන විට ඉන් අදහස් වන්නේ කුමක් ද?

මහාචාර්ය නලින් ද සිල්වා