මනස, භෞතිකවාදය හා විඥානවාදය
මහාචාර්ය නලින් ද සිල්වා
වෙනස්වීම, මතකය, කාලය යන සංකල්ප එකිනෙක සමඟ බැඳී ඇත. වෙනස්වීමක් නැත්නම් කාලය යන සංකල්පයටවත්, මතකයකටවත් අවශ්‍යතාවක් පැන නො නගියි. එහෙත් වෙනස්වීම් යන සංකල්පය ඇති වී තිබෙන්නේ ම වෙනස් නොවීමක් ගැන අප පළමූවෙන් සිතන බැවින් ය. අපට පළමූවෙන් ඇති වන්නේ වෙනස් නොවන පූටූවක්, මේසයක්, පෑනක් වැනි දේ පිළිබඳ හෝ මම, ආත්මය වැනි වෙනස් නොවන ජීවයක් පිළිබඳ හැඟීමකි. මේ සියල්ල ආත්මවාදී වෙයි. පෑන පූටූව වැනි දැහි නොවෙනස් වන යමක් පවතින්නේ යැ යි ගැනීම ධර්මාත්මවාදී වෙයි. ජීවයක නොවෙනස්වන යමක් පවතින්නේ යැ යි ගැනීම ජීවාත්මවාදී වෙයි. බොහෝ දෙනා ආත්මවාදී යන්නෙන් අදහස් කරන්නේ ජීවාත්මවාදී වීම ය. එහෙත් ධර්මාත්මයක් ඇතැ යි සැලකීම ද ආත්මවාදී වෙයි. ඊනියා මනෝකායක් එසේත් නැත්නම් මරණින් මතු ගමන් කරන ශක්තියක් ගැන කතා කරන්නෝ නොදෑනීම ආත්මවාදීහූ වෙති. ශක්තියක් ගැන කතා කළ ද ආත්මයක් ගැන කතා කළ ද වෙනසක් නැත. එකක් ද්‍රව්‍ය වූ පමණින් හා අනෙක ජීවයක් හෝ ද්‍රව්‍ය නොවූ යමක් හෝ වූ පමණීන් ආත්මවාදී අදහසෙහි වෙනසක් නො වෙයි.
වැඩිදුර යෑමට ප්‍රථම කිව යූතු කරුණක් වෙයි. බදු දහමෙහි අනිත්‍ය යනූ වෙනස්විම නො වෙයි. එහි දී අනිත්‍ය යනූ නිත්‍ය යන්නෙහි විරුද්ධාර්ථය ලෙස ගැනීම වැරැදි ය. අනිත්‍ය යන්නෙන් නිත්‍ය යන්නෙහි විරුද්ධාර්ථය නම්, අප සියලු දෙනාට ම පාහේ අනිත්‍ය අවබෝධ වී ඇත. අපට නිත්‍ය යනූ කුමක් දෑ යි වටහාගත හැකි ය. එබැවින් එහි විරුද්ධය ද වටහාගත හැකි ය. එහෙත් එසේ වටහාගත් පමණින් අපට නිවන් අවබෝධ නො වෙයි. එසේ නිවන් අවබෝධ නොවන්නේ ඇයි? එයට හේතුව වෙනත් තැන්වල දී අනිත්‍ය යනූ නිත්‍ය යන්නෙහි විරුද්ධය ලෙස ගත හැකි වූව ද, බූදු දහමෙහි අනිිත්‍ය යනූ සංකල්පයක් හෝ නො වීම ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනූ සංකල්ප ලෙස ගැනීම ම වැරැදි ය. ඒ සංකල්ප නම් අවසානයේ දී නිවන් අවබෝධ වන්නේ ද සංකල්ප අවබෝධයකින් ය. එයටත් වඩා විහිළුවක් තවත් වෙයි ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධය (මෙහි දී අවබෝධය යනූ සාමාන්‍ය ඥානයකින් කෙරෙන අවබෝධයක් නො වෙයි. බූදු දහමෙහි මෙය විස්තර කෙරෙන්නේ ආසවක්ඛයා කදාණය යනූවෙන් ය.) යනූ තවත් සංකල්ප තුනක අවබෝධයක් පමණක් නම් ඕනෑ ම බූද්ධිමත් පව්කාරයකුට වූව ද නිවන් අවබෝධ කිරීමේ හැකියාව වෙයි. නිවන් අවබෝධය සඳහා අනිත්‍ය අවබෝධ කරගත යූත්තේ සංකල්පයක් ලෙස නිත්‍ය යන්නෙහි විරුද්ධය ලෙස ගැනීමෙන් නො වෙයි.
අපට ප්‍රශ්නය වී ඇත්තේ ද අනිත්‍ය එලෙස සංකල්පයක් නොවන ආකාරයකින් අවබෝධ කර ගැනීම ය. අපට නිවන් අවබෝධය මෙතරම් දුෂ්කර වීමට එය ද එක් හේතුවක් වෙයි. අප අනිත්‍ය, අනාත්මය, අවබෝධ කර ගන්නේ විරුද්ධාර්ථ ලෙස බූද්ධිවාදී ආකාරයකින් ය. එහෙත් කලින් සඳහන් කර ඇති ආකාරයට ඇතැම් භිකෂූන් වහන්සේ ද බූද්ධිවාදී ආකාරයකින් හෝ අනාත්මය අවබෝධ කර ගැනීමට අසමත් වෙති. උන්වහන්සේලා ආත්මය වෙනූවට ඊනියා ශක්තියක් ආදේශ කිරීමෙන් නැවතත් ආත්මය පස්ස දොරින් රිංගවා ගන්නේ එබැවින් ය.
අපි දෑන් වෙනස්වීම යන සංකල්පය සලකමූ. වෙනස්වීම යනූ නොවෙනස්විම යන්නෙහි විරුද්ධාර්ථයයි. නොවෙනස්වීම යන සංකල්පය අපට ඇති වන්නේ ඇයි? නොවෙනස්වන ධර්මාත්මයක් (පූටූවක් වැනි දෙයක්) හෝ ජීවාත්මයක් හෝ ගැන අපට සිතෙන්නේ ඇයි? එයට හේතුව අප සියල්ල අවබෝධ කර ගන්නේ, දකින්නේ මනසින් වීම ය. මේ මනස තරම් භයානක දෙයක් තවත් නැත. මනස ගැන අප දන්නේ කුමක් ද? මනස ගැන අප දෑනගන්නේ කෙසේ ද? පූටූව යන්න අප දෑනගන්නේ මනසින් ය. පූටූව මේසය පමණක් නොව අනෙක් මිනිසූන් හා සතුන් ගැන ද අප දෑනගන්නේ මනසින් ය. එහි ප්‍රශ්නයක් නැතැ යි ගනිමූ. ඒ පූටූව මේසය මෙන් ම අනෙක් මිනිසූන් හා සතුන් ද බාහිර වස්තු (පණ ඇති හෝ පණ නැති හෝ) වීම නිසා ය. එහෙත් අප අප ගැන ම දෑනගන්නේ කෙසේ ද? අප අපේ මනස ගැන, වෙනත් අයකු ගැන නොව, අප ගැන ම දෑනගන්නේ ද අපේ මනසින් ය. එයින් කියැවෙන්නේ යම් පූද්ගලයකු තම මනස ගැන දෑනගන්නේ ද තම මනසින් බව ය. මනස පූටූ මේස හා අනෙක් මනස් ගැන පමණක් නොව ඒ මනස ගැන ද දෑනගනියි.
මනස භයානක යැ යි කියන්නේ එබැවින් ය. මනස වෙනත් මනසක් ගැන නොව ඒ මනස ගැන දෑනගැනීමේ දී ස්වයංවිඤ්ඤාණයක්, තමන් තමන් ගැන ම දෑනගැනීමක්, මමත්වයක්, මම හා මගේ ය පිළිබඳ හැඟීමක් ඇති වෙයි. මෙහි තවත් පැත්තක් ද වෙයි. දෑනූම යනූ මනසේ නිර්මාණයක් යැ යි අපි දිගින් දිගට ම කීවෙමූ. පූටූව යන්න නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනාවබෝධය හේතුකොටගෙන මනස විවිධ දෑනූම් නිර්මාණය කරයි. (වැඩි විස්තර සඳහා මගේ ලෝකය කියවන්න.) එසේ නම් මනස පිළිබඳ දෑනූම නිර්මාණය කෙරෙන්නේ කුමක් විසින් ද? අප මෙහි දී කතා කරන්නේ වෙනත් මනස් ගැන නොව ඒ ඒ පූද්ගලයා ගේ මනස ගැන ය. ඒ ඒ පූද්ගලයා ගේ මනස නිර්මාණය කෙරෙන්නේ ඒ ඒ පූද්ගලයා ගේ මනස විසිනි!
මනස පිළිබඳ ප්‍රශ්න රාශියකට ම මූල මෙතැන ය. මනස තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වන්නේ ද මේ හේතුවෙන් ය. බටහිර විද්‍යාඥයන් යම් දෙයක් ගැන අධ්‍යයනය කරන්නේ එයට පිටතින් සිට ය. නිව්ටෝනීය යාන්ත්‍රිකයේ සිට පරිණාමවාදය ඔස්සේ සාපේකෂතාවාදය දක්වා නිරිකෂකයා (Observer)- තමන් අධ්‍යයනය කරන පද්ධතියෙන් පිට සිටියි. පද්ධතියෙහි ගුණ නිරිකෂකයා ගෙන් ස්වායත්ත වෙයි. නිරිකෂකයා ඇතත් නැතත් පද්ධතියට යම් ගුණයක් හෝ ගුණ හෝ වෙයි. නිරිකෂකයා ගේ කාර්යය වනූයේ තමා ගෙන් ස්වායත්ත වූ මේ ගුණ මැන ගැනීම ය. (දෑනගැනීම ය.) නිරිකෂකයා හා නිරීකෂ්‍යය එකිනෙකින් වෙන් කරන බැම්මක් විය. මේ බැම්ම බටහිර දර්ශනයෙහි හඳුන්වනූ ලැබූයේ කාටිසීය තාප්පය (Cartesian wall)- යනූවෙන් ය. මේ තත්ත්වය තරමක් දුරට හෝ ප්‍රශ්න කරනූ ලැබූයේ ක්වොන්ටම් භෞතිකය මඟින් ය. එහි දී කාටිසීය තාප්පය කඩා දෑමීමට නීල් බෝර් යන විද්‍යාඥයාට සිදු විය. නිරිකෂ්‍යය නිරීකයා ගෙන් වෙන් කිරීමට නොහැකි බව ඔහූ ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳ කරන ලද විවරණ මඟින් පෙන්වා දුන්නේ ය. එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ බව පිළිගැනීමට මැළිකමක් දක්වන බව පෙනී ගොස් ඇත.
මනස පිළිබඳ කතාවේ දී මේ ප්‍රශ්නය ඉතා උග්‍ර වෙයි. මනස නිරිකෂණය කෙරෙන්නේ මනස විසින් ඇතුළතින් මිස පිටතින් නො වෙයි. අපි එතැනින් ද ඔබ්බට ගොස් මනස නිර්මාණය කෙරෙන්නේ ද මනස විසින් ම යැ යි කියමූ. අප විඥානවාදීන් හෝ භෞතිකවාදීන් හෝ නොවන්නේ ද එබැවින් ය. භෞතිකවාදීහූ දළ වශයෙන් ගත් කල මනසෙන් ස්වායත්ත වූ ලෝකයක් පවතින්නේ යැ යි විශ්වාස කරති. ඔවූන්ට අනූව ලෝකය යථාර්ථයක් ලෙස පවතිියි. ඔවූන් ගේ වෑයම මේ ලෝකය කුමක් දෑ යි දෑනගැනීම ය. විඥානවාදීහූ එසේ මනසින් ස්වායත්ත ව පවත්නා ලෝකයක් ගැන විශ්වාස නො කරති. විඥානවාදීන්ට අනූව, නැවතත් දළ වශයෙන් ගත් කල, ලෝකය නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ය. එනම් ලෝකයෙහි ගුණ මනස විසින් නිර්මාණය කෙරෙයි. පංචේන්ද්‍රය ඔස්සේ මනසට ගෝචර වන දැට මනස යම් යම් විවරණ ලබා දෙයි. එවැනි දැ ඇතැ යි මෙයින් ගම්‍ය නො වෙයි. ඒ දැ ද මනසෙහි විවරණ නිසා ම නිර්මාණය වෙයි. එහෙත් විඥානවාදීන්ට අනූව මනස ස්වාධීන වූ පැවැත්මක් ඇත. ඔවූන්ට අනූව මනස කිසිවක් විසින්වත් නිර්මාණය නොකරන්නක් වෙයි. අප කියා සිටින්නේ මනසට ද එවැනි ස්වාධීන පැවැත්මක් නොමැති බව ය. එසේ නම් මනස නිර්මාණය කෙරෙන්නේ කවූරුන් විසින් ද? එයට පිළිතුර මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ම ය යන්න ය.
බොහෝ දෙනා මේ පිළිතුර භාර නොගන්නා බව පූදුමයක් නො වෙයි. එයට හේතුව අප බොහෝ දෙනා ඒක රේඛීය චින්තනයකට පූරුදු වී සිටී ම ය. අපි යමකින් පටන්ගෙන වෙනත් දැ කරා යන්නෙමූ. අපට එක්කෝ මනසින් පටන්ගත හැකි ය. එසේත් නැතිනම් ලෝකයෙන් පටන්ගත හැකි ය. මනසින් පටන් ගන්නා ලෝකය දකින්නේ මනසෙහි නිර්මාණ ලෙස ය. ලෝකයෙන් පටන්ගන්නා මනස ද දකින්නේ ලෝකයෙන් ම, එනම් ලෝකයෙහි පවත්නා දෑයින් නිර්මාණය වූවක් ලෙස ය. එහෙත් ඔවූහූ කිසිවෙක් තමන් පටන්ගත් දෙය නිර්මාණය වූ බවක් නොකියති. ලෝක එනම් විශ්ව නිර්මාණය ගැන භෞතිකවාදීන්ට කීමට ඇත්තේ ඉතා ළාමක දෙයක් පමණකි. එය අද දවසේ නම් මහා පිපිරුම් ප්‍රවාදය ඔස්සේ ප්‍රකාශ වෙයි. මහා පිිපිරුම ද නිර්මාණයකි. එහෙත් හේතුවක් රහිත වූ නිර්මාණයකි. මහා පිිපරුම ඇති වීමට හේතුව කුමක් දෑ යි දන්නා විශ්වවේදීයෙක් නො වෙයි. එය ඉබේට ඇති වූවක් වෙයි. ඉතා ම දෑඩි භෞතිකවාදියා වූව ද මෙහි දී අසරණ වෙයි. මහා පිිපිරුමට පෙර වූයේ කුමක් ද, එසේත් නැත්නම් මහා පිපිරුම ඇති වූයේ කුමකින් ද (මූළු මහත් විශ්වය ම අබමල් රේණූවකට ද වඩා කුඩා පරිමාවක සංකේන්ද්‍රගත වූයේ කෙසේ ද ආදී ප්‍රශ්නවලට අමතර ව) වැනි ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ මහා පිපිරුමට පෙර, කාලය යන සංකල්පය නොතිබූ බව කීමෙන් හා ඒ නිසා එයට පෙර, පෙර යන සංකල්පය වලංගු නොවන බව පැවසීමෙන් පමණකි. අනෙක් අතට මනස නිර්මාණය වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන විඥානවාදියාට කළ හැක්කේ මනස යනූ පරම මනසක කොටසක් බව කීම හෝ මනස යනූ එවැනි පරම මනසක නිර්මාණ බව කීම ය. මේ පරම මනස යනූ අන් කිසිවක් නොව ලෝක නිර්මාපක දෙවියන් වහන්සේ ය. එහෙත් දෑන් ප්‍රශ්නය වනූයේ දෙවියන් වහන්සේ නිර්මාණය කළේ කවූද යන්න ය.
ඒ ප්‍රශ්නයට හෝ මහා පිපිරුම නිර්මාණය වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට හෝ ඒක රේඛීය චින්තනයකට පිළිතුරු නොමැත. එනම් ආරම්භය, ආරම්භ වන්නේ කෙසේ ද යන්නට ඒක රේඛීය චින්තනයක පිළිතුරක් නොමැත. මෙවැනි ප්‍රශ්න චක්‍රීය චින්තනයක පැන නො නගියි. එයට හේතුව චක්‍රීය චින්තනයක ආරම්භයක් යනූවෙන් දෙයක් නො තිබීම ය. සිංහල බෞද්ධ චින්තනය චක්‍රිය වෙයි. ඒ චින්තනය මත පදනම් වූ අපි මනසෙහි නිර්මාණය සඳහා වෙනත් ම පිළිතුරක් දෙමූ. ඒ පිළිතුර ඉහත සඳහන් පරිදි මනස මනසෙහි ම නිර්මාණයක් වේය යන්න ය. ඒ සමඟ අපි විඥානවාදයෙන් ද කැඩෙන්නෙමූ. සිංහල බෞද්ධයනට භෞතිවාදී හෝ විඥානවාදී හෝ නොවන දර්ශනයක් නිර්මාණය කරගත හැකි බව ඉන් පැහැදිලි වෙයි.
දෑන් ප්‍රශ්න දෙකක් වෙයි. මනස මනසෙහි ම නිර්මාණයක් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් දිය යූතු වෙයි. අනෙක් අතට දෙවියන් වහන්සේ යනූ දෙවියන් වහන්සේ ම නිර්මාණයක් වේය යනූවෙන් පිළිතුරක් දිය නොහැකි ද යන ප්‍රශ්නය මතු වෙයි. භෞතිකවාදී හෝ විඥානවාදී හෝ නොවන දර්ශනයක් මත පදනම් වෙමින් මේ ප්‍රශ්න දෙකට ම පිළිතුරු දිය හැකි වෙයි.
මහාචාර්ය නලින් ද සිල්වා