නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

මතකය හා වෙනස්විම

මහාචාර්ය නලින් ද සිල්වා

වස්තුවක මතකය යන්න ද මිනිසා ගේ නිර්මාණයකි. වස්තුවකට මතකයක් ඇතැ යි අප කිවහොත් ඉන් අදහස් කරන්නේ වස්තුවකට ඇති මතකයක් ගැන නොව වස්තුවේ මතකය යැ යි අප විසින් හඳුනාගැනෙන දෙයක් ය. වස්තුව නියමිත පථයක ගමන් කරන්නේ ඇයි දෑ යි දෑනගැනීමට වූවමනා වී ඇත්තේ අපට ය. වස්තුවට එවැනි වූවමනාවක් නැත. පොල් ගෙඩියක් යම් උසක දී නිශ්චලතාවයෙන් අත්හැරියහොත් නිව්ටෝනීය භෞතිකයට අනූව නම් එය ගුරුත්වාකර්ෂණය යටතේ සිරස් ව පහතට ගමන් කරයි. එහි පෙත සිරස් රේඛාවක් වෙයි. එහෙත් ඒ උසින් ම පොල් ගෙඩිය තිරස් ව ප්‍රක්ෂේපනය කළහොත් එය පරාවළාකාර පෙතක ගමන් කරයි. මේ වෙනසට හේතුව අවස්ථා දෙකෙහි දී පොල් ගෙඩියෙහි ආරම්භක අවස්ථාවන්හි නැතහොත්, මායිම් අවශ්‍යතාවන්හි අතර ඇති වෙනස ය. මේ ආරම්භක අවස්ථාවෙහි පොල් ගෙඩියට ලබා දෙන (හෝ ලබා නොදෙන) ගම්‍යතාව, ශක්තිය ආදිය ආවේගී වෙනසකට පොල් ගෙඩිය භාජනය වන තුරු පොල් ගඩියේ චලිතය පාලනය කරයි. එය එක්තරා ආකාරයකින් ගතහොත්, පොල් ගෙඩිය ආරම්භයේ දී සිදු වූ දේ මතක තබා ගෙන සිටිනූ වැනි දෙයකි. ඒ අරුතින් පොල් ගෙඩියට මතකයක් ඇතැ යි අපි කියමූ.

කෙසේ හෝ වේවා පොල් ගෙඩියට මතකයක් අවශ්‍ය වන්නේ ද පොල් ගෙඩිය යම් ආකාරයකින් වෙනස් වන නිසා ය. කෂණයක් පාසා පොල් ගෙඩියෙහි ප්‍රවේගය වෙනස් වෙයි. එහි ශක්තිය (නිව්ටෝනීය භෞතිකයට අනූව චාලක හා විභව) නොවෙනස් ව පැවතුණ ද, ගම්‍යතාව, ප්‍රවේගය ආදිය වෙනස් වෙයි. පොල් ගෙඩිය පොළොවට වැටීමෙන් පසූ එය තවදුරටත් සිරස් රේඛාවක හෝ පරාවළයක හෝ ගමන් නො කරයි. පොළොව සමඟ ගැටීමත් සමඟ පොල් ගෙඩියට ආවේගයක් ලබා දීම හේතුවෙන් එහි ප්‍රවේගයෙහි හා ගම්‍යතාවයෙහි පමණක් නොව ශක්තියෙහි ද වෙනසක් සිදු වෙයි. එවිට පොල් ගෙඩියට කලින් තිබූ ශක්තිය පිළිබඳ මතකයක් නො වෙයි. දෑන් පොල් ගෙඩියට ඇත්තේ වෙනත් ශක්තියක් පිළිබඳ මතකයකි. පොල් ගෙඩියෙහි චලිතයෙහි සන්තතික නොව අසන්තතික වෙනසක් සිදු වී ඇත.

මෙයින් පැහැදිලි වන කරුණක් නම්, මතකයක් ඇත්තේ ම වෙනසක් සිදු වන බැවින් ය යන්න ය. යම් අයූරකින් පොල් ගෙඩියෙහි කිිසිම වෙනසක් නො සිදු විණි යැ යි සිතමූ. පොල් ගෙඩිය පොල් ගස මූදුනෙහි කිසිම වෙනසක් නැති ව ඇතැ යි සිතමූ. මේ සිතා ගැනීමට පවා තරමක් අපහසූ අදහසකි. මෙහි දී පොල් ගෙඩිය පමණක් නොව පොල් ගස ද, අනෙක් පොල් ගස් ද, අනෙක් ගස් ඇතුළු සියල්ලක් ම නො වෙනස් ව පැවතිය යූතු ය. එවැනි අවස්ථාවක පොල් ගෙඩියට මතකයක් තිබේ ද? තිබිය යූතු ද?

පරස්පරයක් ලෙස පෙනීගිය ද, පොල් ගෙඩියට මතකයක් ඇත්තේ වෙනස් වීම නිසා ය. එමෙන් ම පොල් ගෙඩියට මතකයක් තිබිය යූත්තේ වෙනස් වීම සඳහා ය. ලෝකයෙහි කිසිම වෙනසක් සිදු නොවේ නම්, (පොල් ගෙඩිය නිරන්තරයෙන් ම පොල් ගස උඩ නො වෙනස් ව ඇත්නම්- උදාහරණයක් ලෙස ගතහොත් එයට කුරුම්බැටිටියක් වශයෙන් පවතින කාලයක් නො තිබිය යූතු ය- පොල් ගස ද අනෙක් වස්තු ද වෙනස් නො වන්නේ නම්) කිසිවකට කිසිවක් පිළිබඳ මතකයක් නැත. එහෙත් නැවතත් කිව යූත්තේ මතකය යන්න ද මිනිසා විසින් නිර්මාණය කර ඇති අදහසක් පමණක් වන බව ය.

අපි දෑන් වස්තු වැනි අප්‍රාණික දේ අත්හැර ප්‍රාණීන් ගැන සිත යොමූ කරමූ. මිනිසූන්ට මතකයක් ඇත. එමෙන් ම මිනිසූන්ට අප්‍රාණික වස්තුවලට නොමැති තවත් දේ ද ඇත. මිනිසූන්ට පමණක් නොව සතුන්ට ද තමන් විසින් ම ගනූ ලබන තීරණ මත පදනම් වී කටයූතු කළ හැකි ය. පොල් ගෙඩියක් නටූවෙන් ගිලිහූණූ කල පොළොවට වැටිය යූතු ය. එසේත් නැතහොත් යම් වස්තුවක් යම් දිශාවකට ප්‍රක්ෂේපණය කළහොත් එය නිශ්චිත පෙතක ගමන් කළ යූතු ය. එහෙත් සතුන්ට විශේෂයෙන් ම මිනිසූන්ට එසේ වන්නේ නො වෙයි. මිනිසූන්ට තමන්ට අවශ්‍ය ආකාරයට තම හැකියාවන්ට අනූව යම් පෙතක ගමන් කළ හැකි ය. යම් යම් අවශ්‍යතාවන්ට යටත් ව වැඩක් කිරීමට හෝ නො කිරීමට හෝ මිනිසූන්ට හැකි වෙයි. මිනිසූන්ට ඇති මේ නිදහසට බටහිර දාර්ශනිකයෝ ස්වච්ඡන්දය (Freewill)- යැ යි කියති.

මේ ස්වච්ඡන්දය ඇත්තේ මිනිසූන්ට පමණක් යැ යි ද බටහිරයෝ සිතති. එහෙත් සතුන්ට ද යම් ප්‍රමාණයකට හෝ තීරණ ගැනීමට නිදහසක් ඇති බව පැහැදිලි ය. පාර හරහා යෑමට දුව එන බල්ලන් මෝටර් රථ දෑක හෝ එහි ශබ්දය ඇසී හෝ ආපසූ හැරෙන අවස්ථා අපි දෑක ඇත්තෙමූ. එය ස්වච්ඡන්දයක් නොව යම් ජෛවීය ප්‍රතිචාරයක් පමණක් යැ යි ඇතැම් බටහිර විද්‍යාඥයෝ කියති. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට මිනිසා අනෙක් සතුන් ගෙන් වෙන් කිරිමේ අවශ්‍යතාව වෙයි.

මිනිසූන්ට ඇති ස්වච්ඡන්දය පවා තීරණ ගැනීමට ඇති නිදහසක් නොව යම් යම් ජෛවීය හා රසායනික ක්‍රියාකාරකම් නිසා ඇති වන ඵලයක් ලෙස තේරුම් කිරීමට උත්සාහ කරන බටහිර බූද්ධිමත්තු වෙති. පොල් ගෙඩියේ ගමන් මඟ ආරම්භක ප්‍රවේගය මත හා ගුරුත්වාකර්ෂණ බලය (කෙෂ්ත්‍රය) මත තීරණය කෙරෙන අන්දමට මිනිසූන් ගේ ගමන් මාර්ග ද ජෛවීය රාසයන හා වෙනත් භෞතික හේතු මත තීරණය වන්නේ යැ යි පෙන්වීමට ඔවූහූ උත්සාහ දරති. මේ එක් ආකාරයක නියතිවාදයකි. ඒ අනූව මිනිසූන්ට භෞතික හා ජෛවීය හේතු නිසා යම් යම් දේ කිරීමට බල කෙරෙයි. මෙහි අවසාන ප්‍රතිඵලය වනූයේ මිනිස් මනස හූදෙක් භෞතික හා ජෛවීය හේතු නිසා ඇති වන්නක් බව නිගමනය කිරීම ය. ඒ අනූව මනස ද භෞතිකයෙහි ම ප්‍රතිඵලයකි. ඒ මතයට අනූව මනස, මොළය හා ඇතැම් විට කොඳු ඇට පෙළ හා ස්නායූ නිසා ඇති වන්නක් බැවින් මිනිසකු ගේ භෞතික මරණයෙන් පසූ සියල්ල කෙළවර වෙයි.

අපි මේ මතය බැහැර කරමූ. එක ම බීජයෙන් ඇති වී, එක ම පරිසරයක හැදෙන වැඩෙන නිවූන් සොහොයූරන් වෙනස් මනස් ඇති ව ක්‍රියා කරන්නේ කෙසේ දෑ යි ඉන් තේරුම් ගත හැකි නො වෙයි. මිනිසූන්ට මෙන් ම වෙනත් සතුන්ට ද මනස් ඇති බවත්, ඒ භෞතික ශරීරය සමඟ බැඳී තිබූණ ද එයට ස්වාධීන පැවැත්මක් ඇති බවත් අපි පිළිගනිමූ. දෑන් අපේ ප්‍රශ්නය වනූයේ මනසේ මතකයක් ඇති වීමට කුමක් හේතු වන්නේ දෑ යි තේරුම් ගැනීම ය. මෙහි දී තවත් කිවයූත්තක් ඇත. මතකයෙහි ඇති වැදගත් ම ගුණය වනූයේ, කලින් ද සඳහන් කර ඇති පරිදි, සමූද්ධරණය (retrieval) - නමින් හැඳින්වෙන මතකය ආපසූ කැඳවීමට ඇති හැකියා ව ය. මතකය යනූ තොරතුරු (විඥාපන) එක්රැස් කර තැබිම පමණක් නොව ඒ තොරතුරු ආපසූ කැඳවීම ද වෙයි.

ඉතා පැහැදිලි ව ම තොරතුරු යනූ බහූවාචික වෙයි. එහි ඇත්තේ එක් තොරතුරක් පමණක් නො වෙයි. තොරතුරු යන්නෙහි වෙනසක්, වෙනස් වීමක් යන්න ද අඩංගු වෙයි. වෙනස් නොවන්නේ නම් ඇත්තේ එක ම තොරතුරක් පමණ ය. එවිට එය මතක තබා ගැනීමේ අවශ්‍යතාවක් ද පැන නොනගියි. එයට හේතුව, ඒ තොරතුරු නිරන්තරයෙන් ම විද්‍යමාන වීම ය. මෙහි නිරන්තරයෙන් ම යන්න කාලය සම්බන්ධ කර ගනිමින් නො සිතිය යූතු ය. "අතර" යන්න මෙහි දී යොදා ගැනෙන්නේ සිද්ධි දෙකක් අතර යන අදහසින් ය. සිද්ධි (Events)- රාශියක් ඇත්නම් සිද්ධි අතර තවත් සිද්ධි තිබෙනූ විය හැකි ය. එහෙත් ඇත්තේ එක ම සිද්ධියක් පමණක් නම්, එවිට සිද්ධි අතරක් නැත. තොරතුරු ඇත්තේ සිද්ධි සම්බන්ධයෙන් ය. එක් තොරතුරක් පමණක් ඇතැ යි යන්නෙන් අදහස් වන්නේ එක් සිද්ධියක් පමණක් ඇතැ යි යන්න ය.

මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණ නම්, මතකය ඇති වීමට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ වෙනස් වීම බව ය. එහෙත් වෙනස් වීම යනූවෙන් සංකල්පයක් ඇති වන්නේ කෙසේ ද? වෙනස් වීම යන සංකල්පය ඇති වීමට නම්, පළමූ ව වෙනස් නො වීම යන සංකල්පය තිබිය යූතු ය. අපේ පළමූ ගැටලුව මේ වෙනස් නො වීම සම්බන්ධයෙන් ය. අප වෙනස් වන්නේ ය යන සංකල්පය ඇති කර ගත්තේ වෙනස් නො වන වස්තුවක් පිළිබඳ ව මූලින් ම සංකල්පයක් ඇති කර ගන්නා බැවින් ය. අපට පටූවක්, නැත්නම් මිනිසකු පිළිබඳ සංකල්පයක් වෙයි. එහි වෙනස් නො වන අවස්ථායීභාවයක්, (substantive state) , ආත්මයක්, ඇතැ යි අපි සලකමූ. පූටූව දිරාපත් වී ගිය ද පූටූවෙහි අවස්ථායිභාවය වෙනස් නො වන්නේ යැ යි අපි සිතමූ. මිනිසූන් හා සතුන් සම්බන්ධයෙන් ද එසේ ය. මිනිසකු ඉපදී, වැඩී මිය ගිය ද වෙනස් නො වන ආත්මයක් ඇතැ යි අප සලකමූ. බෞද්ධයෝ ද මේ ආත්මවාදී සිතිවිලි දරති. බෞද්ධයන් ආත්මයක් යනූවෙන් දෙයක් නැතැ යි සැලකුව ද එය හූදු බූද්ධි සංකල්පයක් පමණකි. මම යන හැඟීම අප සියලු දෙනාට ම ඇත.

ඇතැම් බෞද්ධයන් ආත්මයක් නැතැ යි යනූවෙන් සලකමින් පූනර්භවය හෝ පූනරුත්පත්තිය තේරුම් කර දීම සඳහා ඉදිරිපත් කරන නිදර්ශන දෙස බලන විට පෙනෙන්නේ ඔවූන් බූද්ධි සංකල්පයක් ලෙසවත් ආත්මවාදය බැහැර කර නැති බව ය. මේ සම්බන්ධයෙන් ධර්මධර භිකෂූන් වහන්සේ ද වැරැදි මත දරන බව පැහැදිලි ය. තමන් වහන්සේ බටහිර විද්‍යාව ද දන්නා බව ඇඟවීමට තැත් කරන එක් භිකෂූන් වහන්සේ නමක් මරණින් මතු එක් ශක්ති විශේෂයක් නිකුත් වන්නේ යැ යි පූන පූනා කියති. උන්වහන්සේ තරංග ගැන ද කතා කරති. එහෙත් බටහිර විද්‍යාවේ විද්‍යූත් චූම්බකවාදයෙහි සඳහන් වන තරංග මූහූදු තරංග හෙවත් රැලිවලට සර්වප්‍රකාරයෙන් ම සමාන වන බවක් නොකියැ වෙයි. මූහූදු රැලි කැඩි කැඩී යන බව සැබෑ නමූත් විද්‍යූත්චූම්භකවාදයෙහි සඳහන් වන තරංග මූහූදු රැලි මෙන් කැඩෙන තරංග නො වෙයි. එමෙන් ම ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි සඳහන් වන තරංග විද්‍යූත් චූම්භකවාදයෙහි සඳහන් වන තරංගවලට ද වඩා වෙනස් ය. තරංග යන නම තිබූ පමණින් සියල්ල එක හා සමාන නො වෙයි.

ශක්තිය යන්න ද එසේ වරදවා යොදා ගන්නා සංකල්පයකි. කර්ම ශක්තිය යන්න අප සාමාන්‍යයෙන් භාවිත කරන සංකල්පයක් වූවත්, එය තාප ශක්තිය හෝ විද්‍යූත් චූම්බක ශක්තිය හෝ වැන්නක් නො වෙයි. මනෝකාය වැනි සංකල්ප විස්තර කිරීමේ දී ශක්තියක් ලෙස එය විස්තර කරන්නේ කිනම් අර්ථයකින් ද යන්න පවා පැහැදිලි නැත. එහෙත් නිශ්චිත ව වචන යොදා ගැනීමට නූහූරු බොහෝ බෞද්ධයන්ට මේ ප්‍රශ්න නො වෙයි. මෙහි ඇති භයානක ම ප්‍රතිඵලය නම්, මරණින් මතු එලසෙ ශක්තියක් ලෙස යමක් සිරුරෙන් පිටවෙන්නේ යැ යි කීමෙන් ආත්මවාදය තහවූරු වීම ය. ඊනියා ශක්තියක් ගැන කතා කිරීමෙන් ආත්මවාදයෙන් පිටපැනිය හැකි නො වෙයි. ආත්මවාදය බලපවත්වන්නේ ජීවියකු ගැන කතා කරන විට පමණක් නො වෙයි. පූටූවක් ගැන කතා කරන විට ද එතැන ඇත්තේ ආත්මවාදයකි. පූටූව යනූවෙන් අවස්ථායිභාවයක් එහි ඇතැ යි සැලකෙයි. ශක්තිය ගැන කතා කරන විට ද නොනැසෙන අවස්ථායීභාවයක් එහි ඇතැ යි සැලකෙයි. බටහිර විද්‍යාවේ නම් ශක්තිය සංස්ථිතියක්, එනම් විනාශ නො වන දෙයක් බව මේ බටහිර විද්‍යාව හා බූදුදහම මිශ්‍ර කිරීමට තැත් කරන ඇතැම් උගත්තු නො දනිති. අවාසනාව සමාජයේ වැදගත් තැන් උසූලන ඕල්කටි බෞද්ධයන් වූ මොවූන් කියන දේ සාමාන්‍ය සිංහල බෞද්ධයන් ද විශ්වාස කිරීමට පෙලඹීම ය.

මහාචාර්ය නලින් ද සිල්වා