නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

කෝදු ඔරලෝසූ පොදිබැඳ

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

එක් එක් නිරකෂකයාට සාපේකෂව සිද්ධි දෙකක් සම්බන්බන්ධයෙන් මැනෙන කාලය හා දුර වෙනස් වන්නේ යැ යි ගැනීම බටහිර විද්‍යාව පැත්තෙන් බැලූ කල යහපත් වර්ධනයක් වෙයි. ඒ හේතුවෙන් බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි වෙනසක් නොවූව ද නිව්ටෝනීය සූසමාදර්ශයෙහි වෙනසක් සිදු විය. මේ වෙනස ආලෝකයෙහි ප්‍රවේගය හා සමඟ බැදී ඇත. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි ආලෝකයෙහි ප්‍රවේගය නියතයක් නො වෙයි. ඉන් කියැවෙන්නේ ඒ ඒ නිරකෂකයා හා සම්බන්ධයෙන් ගත්කල ආලෝකයේ ප්‍රවේගය වෙනස්වන බව ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඕනෑම වේගයක් ඒ ඒ නිරකෂකයාට අනූව වෙනස් වෙයි. බසයක හෝ දුම්රියක හෝ ගමන් කරන නිරකෂකයකුට සාපේකෂ ව විරුද්ධ දිශාවට ගමන් කරන බසයක හෝ දුම්රියක වේගය, පොළොවෙහි නිසලව සිටින නිරකෂකයකුට සාපේකෂ ව ඒ දෙවැනි බසයෙහි හෝ දුම්රියෙහි හෝ වේගයට වඩා වැඩි වෙයි.

බටහිර විද්‍යාවේ සිද්ධි දෙකක් අතර අවකාශ-කාල ප්‍රාන්තරය නිරපේකෂ යැ යි අපි සඳහන් කෙළෙමූ. එහෙත් එය එසේ විය යූතු නො වෙයි. එක් එක් නිරකෂකයා සිද්ධි අතර ඇතැ යි මනින දුර හා කාලය වෙනස්වන්නා සේ ම ඒ ඒ සිද්ධි අතර ඇති අවකාශ-කාලය ද වෙනස් විය හැකි ය. බටහිර විද්‍යාවෙහි අද එවැනි වෙනසක් නැතැ යි සැලකුව ද අප එය එසේ ම නොපිළිගත යූතු ය. අපේ විද්‍යාවට පදනම් වන චින්තනයෙහි අවකාශ-කාල ප්‍රාන්තරය ද සාපේකෂ විය හැකි ය. එහෙත් එය කෙසේ සිදුවන්නේ ද යන්න විස්තර කිරිම, එනම් ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කිරම අනාගත විද්‍යාඥයකුට භාර කටයූත්තක් වෙයි.

එක් එක් නිරකෂකයාට සාපේකෂව සිද්ධි දෙකක් සම්බන්බන්ධයෙන් මැනෙන කාලය හා දුර වෙනස් වන්නේ යැ යි ගැනීම බටහිර විද්‍යාව පැත්තෙන් බැලූ කල යහපත් වර්ධනයක් වෙයි. ඒ හේතුවෙන් බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි වෙනසක් නොවූව ද නිව්ටෝනීය සූසමාදර්ශයෙහි වෙනසක් සිදු විය. මේ වෙනස ආලෝකයෙහි ප්‍රවේගය හා සමඟ බැදී ඇත. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි ආලෝකයෙහි ප්‍රවේගය නියතයක් නො වෙයි. ඉන් කියැවෙන්නේ ඒ ඒ නිරකෂකයා හා සම්බන්ධයෙන් ගත්කල ආලෝකයේ ප්‍රවේගය වෙනස්වන බව ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඕනෑම වේගයක් ඒ ඒ නිරකෂකයාට අනූව වෙනස් වෙයි. බසයක හෝ දුම්රියක හෝ ගමන් කරන නිරකෂකයකුට සාපේකෂ ව විරුද්ධ දිශාවට ගමන් කරන බසයක හෝ දුම්රියක වේගය, පොළොවෙහි නිසලව සිටින නිරකෂකයකුට සාපේකෂ ව ඒ දෙවැනි බසයෙහි හෝ දුම්රියෙහි හෝ වේගයට වඩා වැඩි වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ආලෝකයෙහි ප්‍රවේගය එබඳු ය. එක් නිරකෂකයකුට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගය වෙනත් නිරකෂකයකුට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගයෙන් වෙනස් වෙයි.

එහෙත් අයින්ස්ටයිනීය සූසමාදර්ශයෙහි එය එසේ නො වෙයි. ආලෝකයේ ප්‍රවේගය සෑම නිරකෂකයකුට ම සාපේකෂ ව එක ම අගයක් ගනියි. ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව කාලය මැනීම වෙනස්වන්නේ එයට හිලව් වශයෙන් මෙන් ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව ආලෝකයේ ප්‍රවේගය නියතයක් ව තබමින් ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඒ ඒ නිකෂකයාට සිපේකෂ ව සිද්ධි දෙකක් අතර දුර හා මැනෙන කාලය එක ම වෙයි. එහෙත් එහි දී ආලෝකයෙහි ප්‍රවේගය ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව වෙනස් වෙයි. අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි ඒ ඒ නිරකෂකයාට සාපේකෂක ව සිද්ධි දෙකක් අතර දුර හා කාල ප්‍රාන්තරය වෙනස් වෙයි. එහෙත් එහි දී ඒ ඒ නිරකෂකයාට සාපේකෂ ව ආලෝකයෙහි ප්‍රවේගය එක ම අගයක් ගනී.

අපි දෑන් නැවත වරක් නිවූන් දරුවන් ගේ කතා වස්තුවට යමූූ. එහි දී එක් නිවූන් දරුවකු අනෙකාට සාපේකෂ ව ඉවතට ගොස් ආපසූ පැමිණෙයි. අපේ ප්‍රශ්නය වන්නේ ඒ නිවූන් දරුවන් විසින් මැනෙන කාල ප්‍රාන්තර කෙසේ වෙනස් වන්නේ ද යන්න ය. ආරම්භයේ දී නිවූන් දරුවන් දෙදෙනා සිටින්නේ එකට ය. ඒ ආරම්භක සිද්ධිය වෙයි. දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව ඈත් වී නැවතත් එක් වෙති. එසේ නැවත එක් වීම දෙවැනි සිද්ධිය වෙයි. මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරයෙක් වෙයි. ප්‍රශ්නය මේ කාල ප්‍රාන්තරය නිවූන් දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ගත්කල එකක් වන්නේ ද නැත්නම් වෙනස් වන්නේ ද යන්න ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාව විසින් මෙහෙයවනූ ලබන්නන්ට අනූව කාලය මැනීම එක ම අයූරකින් සිදු වන බැවින් ඒ කාල ප්‍රාන්තර සමාන විය යූතු ය. එහෙත් අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි ඒ එසේ නො වෙයි. මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නගියි. ඒ ඒ නිරකෂකයා විසින් මැනෙන කාලය සමඟ ඒ ඒ නිරකෂකයා ගේ වයස ද ගැට ගැසී ඇත. නිවූන් දරුවන් දෙදෙනා විසින් මැනෙන කාලය ප්‍රාන්තර අසමාන නම් ඉන් කියැවෙන්නේ ඔවූන් ගේ වයස් ද අසමාන බව ය. එසේනම් අයිනිස්ටයිනීය භෞතික විද්‍යාවෙහි නිවූන් දරුවන් දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව ඉවත් වී නැවත මූණගැසෙන විට එක් නිවූන් දරුවකු අනෙකාට වඩා වයස්ගත ව සිටිය යූතු ය. දෑන් ප්‍රශ්නය වන්නේ වයස්ගත වන්නේ නිවූන් දරුවන් දෙදෙනා ගෙන් කවරකු ද යන්න ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ ප්‍රශ්නය පැන නො නඟියි. එහි දී නිවූන් දරුවෝ එක ම වයසක වෙති.

වඩා වයස්ගත වන්නේ කිනම් නිවූන් දරුවා ද යන්න තීරණය වන්නේ ඒ ඒ නිවූන් දරුවා කිනම් රාමූවක ඉන්නේ ද යන්න මත ය. රාමූව යන්න බටහිර භෞතික විද්‍යාවෙහි යෙදෙන වැදගත් සංකල්පයකි. එහෙත් එයට හිමි වැදගත්කම බොහෝ දෙනාට අවබෝධ නො වෙයි. රාමූව යන්නෙහි සම්පූර්ණ නම සමූද්දේශ රාමූව (Frame of reference යන්න ය. ඕනෑම නිරකෂකයකුට තමාට වූ සමූද්දේශ රාමූවක් වෙයි. නිරකෂකයා යන්න ප්‍රාණවාචී වූව ද පණ නැති වස්තුවලට ද ඒවාට ආවේණික වූ සමූද්දේශ රාමූ වෙයි. අපි කවකටූ පෙටිටියක් වැනි වස්තුවක් ගනිමූ. අප කවූරුත් දන්නා පරිදි මේ පෙටිටියට දිගක් පළලක් හා උසක් ඇත. දෑන් මේ දිග පළල හා උස පැති දික් කරන ලද්දේ යැ යි සිතමූ. වෙනත් ආකාරයකින් කිවහොත් එක්තරා ආකාරයකින් අපි වස්තුවේ දිග, පළල හා උස අකෂ වශයෙන් ගත්කල විස්තීරණය (Extend)- කරන්නෙමූ. එලෙස ලැබෙන විස්තෘත අවකාශය වස්තුවේ සමූද්දේශ රාමූවෙහි අවකාශය වෙයි. දිග, පළල හා උස විස්තීරණය කර ඇති බැවින් දිග මනින කෝදුවක් ලබා දීමෙන් ඒ සමූද්දේශ රාමූවෙහි ඕනෑ ම ලකෂ දෙකක් අතර දුර (දිග) මැනගත හැකි වෙයි. මේ සමූද්දේශ රාමූව සම්පූර්ණ කිරමට තවත් එක් දෙයක් අවශ්‍ය වෙයි. ඒ ඔරලෝසූවකි. ඔරලෝසූව (යාන්ත්‍රික හෝ වෙනත් දෝෂ නැතැ යි සලකනූ ලැබෙයි.) යොදා ගනිමින් ඕනෑ ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය මැනගත හැකි වෙයි.

අපට දෑන් අවශ්‍ය නම් කවකටූ පෙටිටිය නිරකෂකයා ලෙස ගත හැකි ය. නිරකෂකයාට සාපේකෂ ව දිග පැත්ත, පළල පැත්ත හා උස පැත්ත ඇති ත්‍රිමාන අවකාශයක් වෙයි. මේ පැති දිගේ අවශ්‍ය පරිදි x අකෂය y අකෂය හා z අකෂය යනූවෙන් අකෂ තුනක් ලබාගත හැකි ය. නිරකෂකයාට ඒ අවකාශයෙහි ඕනෑ ම ලකෂ්‍ය දෙකක් අතර දුර මැනගත හැකි ය. එමෙන් ම නිරකෂකයා සතුව ඔරලෝසූවක් වෙයි. ඔරලෝසූවේ ආධාරයෙන් ඕනෑ ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය දෑනගත හැකි ය. භෞතික විද්‍යාවෙහි ඇතැම්විට සඳහන් නොකෙරුණ ද සියලූ මිනූම් කෙරෙන්නේ යම් සමූද්දේශ රාමූවක ය. සමූද්දේශ රාමූවක් නොමැති ව කිසිම මිනූමක් නොකෙරෙන බව අවබෝධ කරගත යූතු ය. එහෙත් බොහෝ දෙනා සමූද්දේශ රාමූව කුමක් දෑ යි බොහෝ විට සඳහන් නො කරති.

කවකටූ පෙටිටියට මෙන් ම මිනිසූන්ට සමූද්දේශ රාමූ වෙයි. යමකු ගේ සමූද්දේශ රාමූව ලබාගන්නේ ඒ පූද්ගලයා ගේ ශරරය විස්තීරණය කිරමෙන් ය. එනම් දිග පළල හා උස අතට පිළිවෙළින් දික් කරන ලද අකෂ ලබා ගැනීමෙන් ය. මෙහි දී භෞතික ව ශරරය දික් කිරමක් අදහස් නො වෙයි. සිදු වන්නේ ඒ ඒ අතර අවශ්‍ය නම් කෝදු සවි කිරමෙන් කෙරෙන දික් කරමකි. සමූද්දේශ රාමූවක් යනූ විස්තෘත රාමූවකි. සියල්ල නිරකෂණය කෙරෙන්නේ එවැනි රාමූවක ය. යම් නිරකෂකයකු ගේ රාමූවෙහි ඒ නිරකෂකයා නිසල වෙයි. එය සමූද්දේශ රාමූවක වැදගත් ලකෂණයක වෙයි. ඕනෑ ම නිරකෂකයකු තම සමූද්දේශ රාමූවට සාපේකෂ ව නිශ්චලතාවෙහි පසූ වෙයි.

අපි පොළොවට සාපේකෂ ව වැටෙන පොල් ගෙඩියක් ගනිමූ. මේ පොල් ගෙඩියට සමූද්දේශ රාමූවක් වෙයි. පොල් ගෙඩියෙහි තුන් පැත්තට දික් කිරමෙන් හා එයට කොදුවක් හා ඔරලෝසූවක් ලබා දීමෙන් අපට පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව ලැබෙයි. එමෙන් ම පොළොවට ද සමූද්දේශ රාමූවක් ඒ ආකාරයෙන් ම ලැබෙයි. පොළොවෙහි සමූද්දේශ රාමූවෙහි, එනම් පොළොවට සාපේකෂ ව පොල් ගෙඩිය චලනය වෙයි. පොල් ගෙඩිය පොළොවට වැටෙන්නේ යැ යි අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී පවසන්නේ මේ චලිතය සම්බන්ධයෙන් ය. දෑන් පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි එයට සිදු වන්නේ කුමක් ද? පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි පොල් ගෙඩිය චලනය නො වෙයි. එය එහි නිසල ව ඇත. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව ලැබෙන්නේ එය විස්තීරණය කිරමෙන් ය. පොල් ගෙඩිය පොළොවට සාපේකෂ ව වෙනස් වන විට පොල් ගෙඩියෙහි රාමූව ද පොළොවට සාපේකෂව වෙනස් වෙයි. එහෙත් පොල් ගෙඩියෙහි සමූද්දේශ රාමූව පොල් ගෙඩියෙන් වෙන් වී නො යයි. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූව යනූ පොල් ගෙඩියේ ම විස්තීරණයක් වෙයි. පොල් ගෙඩියේ සමූද්දේශ රාමූවෙහි පොල් ගෙඩි නිසල ව තිබූණ ද එහි පොළොව මෙන් ම පොල් ගස ද චලනය වෙයි.

චලනය යන්න අවසාන වශයෙන් ගත්කල වෙනස් වීමක් බව අපි දනිමූ. යම් වස්තුවක් තවත් වස්තුවක සමූද්දේශ රාමූවෙහි පිහිටීම වෙනස් වීමට අපි චලනය යැ යි කියමූ. පිහිටීම වෙනස් නො වන්නේ නම් එහි චලනයක් නැත. ඕනෑ ම නිරකෂකයකුට තම සමූද්දේශ රාමූවෙහි චලනය නො වන නිරකෂක සගයන් ලබාගත

හැකි ය. ඒ නිරකෂක සගයන් ජීවමාන ව හෝ භෞතීය ව හෝ සිටින්නේ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. සිතිවිලි මාත්‍රයෙන් හෝ එවැනි නිරකෂකයන් ලබාගත හැකි වෙයි. එලෙස නිර්මාණය කරගන්නා නිරකෂකයන්ට ද කෝදු හා ඔරලෝසූ ලබා දීමෙන් ඒ ඒ නිරකෂකයන් ගේ සමූද්දේශ රාමූ නිර්මාණය කරගත හැකි ය. මේ කෝදු අතර වෙනසක් නැති බවත්, ඔරලෝසූවල යාන්ත්‍රික හෝ වෙනත් දෝෂ නොමැතිවා පමණක් නොව ඒ ඔරලෝසූ සමමූර්තිකර ඇති බවත් උපකල්පනය කෙරෙයි. එවිට ඒ ඔරලෝසූ සියල්ලෙහි ම දෑක්වෙන්නේ එක ම වෙලාව ය.

යම් නිරකෂකයකු ගේ සමූද්දේශ රාමූව හා ඒ සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති නිරකෂකයන් ගෙන් සමූද්දේශ රාමූ ගැන කිවහැක්කේ කුමක් ද? මේ සමූද්දේශ රාමූ අතර වෙනසක් නැත. ඒ ඒ නිරකෂකයා අනෙක් නිරකෂකයන් ගේ සමූද්දේශ රාමූවල නිසල ව ඇත. ඔවූන් සියල්ලට ම සමාන වූ කෝදු ලැබී ඇත. සියල්ලන් ගේ ම ඔරලෝසූවල දෑක්වෙන්නේ එක ම වෙලාව ය. පැහැදිලිව ම ඒ සියලූ සමූද්දේශ රාමූ එකක් ම වෙයි. මේ සියල්ලන්ට ම එකිනෙකා සමඟ සන්නිවේදනය කර ගැනීමේ හැකියාව ද ඇතැ යි උපකල්පනය කෙරෙයි. ඒ උපකල්පනය සමඟ අප නිරකෂකයාට තමාට අවශ්‍ය මිනූම් කරගත හැකියා ව ලැබෙයි. උදාහරණයක් වශයෙන් නිරකෂකයාට ඈතින් පිහිටි, එහෙත් එකිනෙක සමීපයෙහි වස්තු දෙකක් අතර දුර මැනීමට අවශ්‍ය වී යැ යි සිතමූ. දෑන් නිරකෂකයාට තව කෝදු හා ඔරලෝසූ රැගෙන ඒ වස්තු පිහිටි තැනට ගොස් ඒ අතර ඇති දුර මැනගත හැකි යැ යි යමකු කියනූ ඇත. එහෙත් එවිට මනින්නේ කුමක් ද යන ප්‍රශ්නය මතු වෙයි. නිරකෂකයා තම කෝදු හා ඔරලෝසූ පොදි බැඳගෙන අර වස්තු දෙක කරා යෑමේ දී භෞතික තත්ත්වය වෙනස් කරයි. කලින් ඒ වස්තු දෙක තම සමූද්දේශ රාමූවෙහි නිසල ව තිබියේ නම් නිරකෂකයා ගේ ගමනත් සමඟ ඒ වස්තු දෙක සමූද්දේශ රාමූවෙහි චලනය වෙයි. දෑන් නිරකෂකයා මනින්නේ තම සමූද්දේශ රාමූවෙහි දිගින් දිගට ම නිසල ව තිබූ වස්තු දෙකක් අතර දුර නො වෙයි. ඒ වස්තු දෙක යම් කාල පරාසයක දී නිරකෂකයා ගේ සමූද්දේශ රාමූවෙහි චලනය වී ඇත. අප නිරකෂකයාට මෙහි දී කළ හැකි වෙනත් දෙයක් වෙයි. නිරකෂකයා ඒ අදාළ වස්තු අසල වූ තම සමූද්දේශ රාමූවෙහි නිසල ව ඇති නිරකෂක සගයා ගෙන් ඒ වස්තු දෙක අතර ඇති දුර මැන තමාට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. සගයා ඒ ඉල්ලීම ඉටූකරයි. භෞතික තත්ත්වය වෙනස් නොකර අප නිරකෂකයාට වස්තු දෙක අතර ඇති දුර මැනගත හැකි ය.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

පෑ තැටිය හා ඔරලෝසූව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

කාලය මැනීම පිළිබඳ ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පමණක් නොව සමස්තයක් ලෙස ගත්කල පෙරදිග සංස්කෘතීන්හි ගැටලුවක් නොවී ය. සිංහලයන්ට කාලය යන්න හූදු පඤ්ඤන්තියක් පමණක් විය. කාලය යන්න ම හූදු පඤ්ඤාත්තියක් වන කාලය මැනීම එක් එක් නිරිකෂකයාට සාපේකෂව වෙනස් විය හැකි ය යන්න පිළිගැනීම ඉතා පහසූ කාර්යයක් පමණක් නොව එසේ පිළිගැනීමක් ද විය. මොලොව සියක් අවූරුදු එහි එක දවස වැනි අදහස් අපට නූහූරු දැ නොවී ය. සියලු දෙනා ම එකම ආකාරයකට කාලය මැනිය යූතු ය වැනි අදහසක් ඇති විය හැක්කේ කාලය යනූවෙන් දෙයක් ඇතැ යි ගන්නා මෙන් ම එය වාස්තවික යැ යි ද ගන්නා සංස්කෘතීන්හි ය. එනම් අපෙන් තොරව ලෝකයක් තිබේ යැ යි ගන්නා වූූූ ද කාලය සිද්ධිවලින් ස්වායත්ත යැ යි ද කියැවෙන චින්තක ය. යූදෙව් චින්තනය එවැනි චින්තනයක් වෙයි.

පහළොස්වැනි සියවසේ දී පමණ යූරෝපයේ නව චින්තනයක්, එනම් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය, ඇති වූයේ යූදෙව් චින්තනයෙන් ද යම් යම් කොටස් එකතු කරගනිමින් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට යූදෙව් චින්තනයෙන් එකතු වූ ප්‍රධාන කොටස් අතර වාස්තවිකත්වය හා ඒ හා බැදුණූ නිරපේකෂකත්වය වෙයි. මෙය යූදෙව් යෙහෝවා දෙවියන් වහන්සේ ගෙන් ලැබෙන්නක් ය. යූදෙව් දෙවියන් වහන්සේ ගෙන් වෙනස් නොවී ය. තමන්ට දෑක බලාගත නොහැකි වියූක්ත දෙවියන් වහන්සේ කෙනකු කිසිසේත් ම ඒ ඒ නිරිකෂකයාට සාපේකෂ විය නො හැකි ය.

අවකාශය හා කාලය යන සංකල්ප ද ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිරපේකෂ වියූක්ත සංකල්ප විය. අප සිටියත් නැතත් අපට නොපෙනෙන දෙවියන් වහන්සේ සිටින්නාක් මෙන් අප සිටියත් නැතත් අපට නොපෙනී, එනම් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවී අවකාශය හා කාලය පැවතීම ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට එකඟ වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ අපෙන් තොරව එලෙස පවතින අවකාශයට හා කාලයට නිරපේකෂ අවකාශය හා නිරපේකෂ කාලය යැ යි කියනූ ලැබෙයි. බටහිර දර්ශනයෙහි ඒ අවකාශය හා කාලය ඉනද්‍රීය ගෝචරත්වයෙන් ඔබ්බෙහි බූ ප්‍රාග් අනූභූතී අවකාශය හා ප්‍රාග් අනූභූතී කාලය යැ යි කාන්ටි පඬිවරයා විසින් නම් කෙරිණි.

යූරෝපයේ උගතුන් අතර පළමූවෙන් ඇති වූ නිරපේකෂ කාලය හා නිරපේකෂ අවකාශය පිළිබඳ අදහස් ක්‍රමයෙන් උගතුන් නොවූ අය කරා ද විහිදී ගියේ ය. අනෙක් සියල්ල සමඟ කාලය ද දෙවියන් වහන්සේ විසින් මවන ලද හෙයින් කාලය මැනීම ද දෙවියන් වහන්සේ ගේ සිතැඟි පරිදි සිදු විය. එවිට කාලය මැනීම ද දෙවියන් වහන්සේ ගේ මැනීම අනූව ම සිදු විය යූතුව තිබූණි. එහි ප්‍රතිඵලය වූයේ නිරිකෂකයන් සියලු දෙනාට ම කාලය පිළිබඳ එක ම මිනූමක් වීම ය. ඔරලෝසූව මේ මිනූම පිළිබඳ හැඟීම තවත් තිව්‍ර කළේ ය. කලින් තිබූ හෝරා වීදුරු මෙන් නොව ඔරලෝසූ එක ම වේලාවක් පෙන්නූම් කරන ආකාරයෙන් නිර්මාණය කිරිමට හැකි විය. හෝරා වීදුරුවකින් සිදු වූයේ සිද්ධි දෙකක් අතර කාලය මැනීම ය. ඒ මනින ලද කාලය එක් එක් අය ගේ හෝරා වීදුරුව මත, එයට යොදාගන්නා වැලි හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක් මත රඳා පැවතුණි. එහෙත් ඔරලෝසූ අනූක්‍රමයෙන් වඩ වඩා නිවැරැදි ව, සියූම් ව සෑම ඔරලෝසූවක ම එක ම වේලාව දෑක්වෙන අයූරින් නිර්මාණය කළ හැකි විය.

ඔරලෝසූවෙහි තවත් වෙනසක් විය. හෝරා වීදුරුවකින්, පෑ තැටියෙන්, පියවර මැනීමෙන් ආදියෙන් පෙන්නූම් කරන්නේ නිශ්චිත සිද්ධි දෙකක් අතර මැනෙන කාලය ය. පෑ තැටියෙන් මැනෙන්නේ අදාළ භාජනය පිරවීමට ගන්නා කාලය ය. පියවර මැනීමෙන් බැලෙන්නේ හිරු උදා වේ සිට ඒ මැනීම කරන තෙක් කොපමණ කාලයක් ගෙවී ගොස් ඇත් ද යන්න ය. පෑ තැටිය හෝ පියවර මැනීම හෝ දිගින් දිගට සන්තතික ව සිදු වන්නක් නො වෙයි. එහෙත් ඔරලෝසූව එසේ නො වෙයි. එහි වෙලාව හෝරාවලින් දෑක්වෙයි.

අද අප හෝරාවකට පැය යන්න යොදා ගත්ත ද සිංහල ක්‍රමය අනූව පැයක් යනූ හෝරාවක් නො වෙයි. පැය යන්න සිංහල මිනූමක් වෙයි. හෝ්රාව යන්න බටහිර මිනූමක් වෙයි. සිංහල ක්‍රමය අනූව දවසකට පැය හැටක් වෙයි. වරුවකට පැය තිහක් වෙයි. තුන්තිස් පැයේ පිරිත් යනූ වරු තුනක් සජ්කධායනය කෙරෙන පිරිත් වෙයි. හෝරාවකට පැය දෙක හමාරක් වෙයි. එහෙත් අද කාලයා ගේ ඇවෑමෙන් සිංහල පැය නැති වී බටහිර හෝරාව පැය බවට පත් වී ඇත. අද පැයක් කී විට ඉන් හැඟෙන්නේ සිංහල පැයක් නොව හෝරාවකි. පැය හා හෝරාව එකක් බවට පත් වී ඇත. විනාඩි මිනිත්තු සම්බන්ධයෙන් ද එවැනි වෙනසක් විය. එහෙත් අද විනාඩිය හා මිනිත්තුව යනූ එකක් බවට පත් වන ඇත. මේ සංස්කෘතික යටත් විජිතවාදය අප නොදෑනූවත් ම ක්‍රියාත්මක වීමක් වෙයි.

ඔරලෝසූවෙහි වේලාව සන්තතික ව දෑක්වෙයි. අප පියවර මැන්නේ හෝ පෑ තැටියෙන් වේලාව බැලුයේ හෝ අපට අවශ්‍ය විටක දී ය. බටහිර නූතනත්වය ඇති වීමට පෙර එහි ද වෙලාව මැනගත්තේ හෝරා වීදුරුවකින් අවශ්‍ය අවස්ථාවල දී ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමඟ සියල්ල වෙනස් විය. අපට අවශ්‍ය වූවත් නැතත් ඔරලෝසූවෙන් වේලාව දෑක්වෙයි. අප කරන්නේ අපට අවශ්‍ය විටෙක ඔරලෝසූවේ වේලාව කොපමණ දෑ යි කියවීම ය. ඔරලෝසූවෙහි ඇත්තේ නිරපේකෂ කාලයක් ය යන හැඟිම ඒ සමඟ බද්ධ වී ඇත. ඒ නිරපේකෂ කාලය නිරිකෂකයා ගෙන් ස්වායත්ත වෙයි. පරම්පරා කිහිපයකින් මේ නිරපේකෂ කාලය පිළිබඳ අදහස ඔරලෝසූව හරහා සාමාන්‍ය ජනතාව අතට ද පත්වෙයි.

පෑ තැටියෙන් හෝ පියවර මැනීමෙන් කාලය මැනගන්නේ සිද්ධි දෙකක් අතර ය. එහි කාලය සිද්ධි මඟින් නිර්ණය වෙයි. එහෙත් ඔරලෝසූවේ කාලය යනූ එවැන්නක් නො වෙයි. එහි කාලය අප සිටිය ද නැත ද ගලා යයි. එය අපෙන් ස්වායත්ත ය. එපමණක් නො වෙයි. ඔරලෝසූ කාල සංකල්පයට අනූව කාලය ගලා යන බැවින් සිද්ධි සිදු වන්නේ කාලයෙහි ය. සිද්ධි නිසා කාලය ඇති ිවනවා නොව කාලයෙහි සිද්ධි සිදු වෙයි. අප වැඩ ආරම්භ කරන්නේ උදේ හතට ය. නැත්නම් අට හමාරට ය. වැඩ අවසන් කරන්නේ දහවල් දෙකට ය. නැත්නම් සවස පහට ය. ඒ නිරපේකෂ වේලාවන් වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවට පදනම වනූ ඇත්තේ මෙසේ අපෙන් ස්වායත්ත ව ගලායන කාලය ය.

පෙර කල සිංහලයන්ට උදේ දහය යනූවෙන් නිරපේකෂ වේලාවක් නොවී ය. ඔවූන් වේලාව කීවේ සූර්යෝදයෙන් පැය දහයක් ගෙවී ගිය ආදී වශයෙන් තවත් සිද්ධියකට සාපේකෂව ය. සූර්යෝදය හා බිළිඳකු ගේ උපත යන සිද්ධි දෙක අතර කාලය (සිංහල) පැය දහයක් යැ යි කියැවිණි. අද පවා බිළිඳකු ගේ වේලාපත්කඩය සකස් කිරමේ දී එලෙස උත්පත්ති වේලාව සඳහන් කරනූ ලැබෙයි. හිරු අවරට ගොස් පැය දෙකකින් ආදී වශයෙන් වේලාව දෑක්වීමට සිංහලයෝ පූරුදු වී සිටිය හ.

අයින්ස්ටයින් පඬිවරයා විශේෂ සාපේකෂතාවාදයෙන් කාලය මැනීම සාපේකෂ දෙයක් බවට පත් කළේ ය. ඒ ඒ නිරිකෂකයා සිද්ධි දෙකක් අතර මනින කාලය වෙනස් විය හැකි ය. එහෙත් නිරිකෂකයන් දෙදෙනෙකු එකිනෙකාට සාපේකෂව චලනය නොවන්නේ නම් එවිට ඒ නිරිකෂකයන් මැනගන්නා කාල ප්‍රාන්තර සමාන වෙයි. කාල මැනීම වෙනස් වන්නේ එකිනෙකාට සාපේකෂව චලනය වන නිරිකෂකයන් සම්බන්ධයෙන් ය. එහෙත් මෙහි දී කිවයූතු කරුණක් නම් ඒ ඒ නිරිකෂකයා ගේ රාමූවෙහි කාලය නිරිකෂකයා ගෙන් තොරව ගලා යන බව ය. එමෙන් ම ඒ ඒ නිරකෂකයා ගේ රාමූවෙහි සිද්ධි සිදු වන්නේ එසේ ගලායන කාලයක ය. කාලය (හා අවකාශය), ඒ ඒ නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල නිරිකෂකයා නැතිව ද පවතියි. නිරිකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස්වන්නේ කාලය මැනීමෙන් ලැබෙන ප්‍රතිඵල ය. එමෙන් ම කලින් සඳහන් කර ඇති පරිදි ඒ ඒ නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය වෙනස් වූව ද සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය වෙනස් නො වෙයි.

අයින්ස්ටයින් විද්වතා මෙයටත් වඩා දුරකට ගියේ තම සාධාරණ සාපේකෂතාවායෙන් (General Theory of relativity)- ය. එහි දී ඔහූ අවකාශ කාලයෙහි සිද්ධි සිදුවනූ වෙනූවට අවකාශ කාලය ද්‍රව්‍ය (විකිරණ ද ඇතුළු) මඟින් නිර්ණය වන බව කියා සිටියේ ය. අවකාශය කාලය ද්‍රව්‍ය මඟින් නිර්ණය වේ නම් එවිට සිද්ධි යනූ අවකාශ කාලයෙහි සිදුවන දෑ යන්නෙන් මිදෙයි. සිද්ධි නිසා අවකාශ කාලය නිර්ණය වන්නේ ය යන්න එවිට නිගමනය කිරමට හැකි වෙයි.

අයින්ස්ටයින් විද්වතා විසින් සිදු කරන ලද්දේ බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ම සූසමාදර්ශී වෙනසකි. ඔහූ පහළොස්වැනි සියවසේ යූරෝපයෙහි ආරම්භ වූ චින්තනය වෙනස් නො කෙළේ ය. චින්තනයක සූසමාදර්ශ කිහිපයක් තිබිය හැකි ය. බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිව්ටෝනීය සූසමාදර්ශය මෙන් ම අයින්ස්ටයිනීය සූසමාදර්ශය ද වෙයි. ඒ සූසමාදර්ශ දෙක අතර ඇති වෙනස කාලය හා අවකාශය සම්බන්ධයෙන් වෙයි. අපි ඒ වෙනස්කම් පහත දෑක්වෙන අයූරින් සටහන් කර ගනිමූ.

නිව්ටෝනීය සූසමාදර්ශයෙහි කාලය හා අවකාශය වෙන වෙන ම නිරිකෂකයා ගෙන් තොරව වියූක්ත ව වාස්තවික ව පවතියි. එයට නිරපේකෂ අවකාශය හා නිරපේකෂ කාලය යැ යි කියනූ ලැබෙයි. අවකාශය හා කාලය, නිරිකෂකයන් සම්බන්ධයෙන් ගත්කල ප්‍රාග් අනූභූතී වෙයි. සිද්ධි සිදු වන්නේ මේ අවකාශයෙහි හා කාලයෙහි ය. ඒ අවකාශයෙහි ඕනෑම නිරිකෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර දුර මෙන් ම සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ද එක ම අගය ගනියි. සාධාරණ සාපේකෂාතාවාදය ද ඇතුළු ව ගත්කල අයින්ස්ටයිනීය සූසමාදර්ශයෙහි අවකාශය හා කාලය යනූවෙන් ඒ ඒ නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල පොදු දෙයක් බවට පත්වීමක් නැත. දෑන් ඇත්තේ පොදු අවකාශ කාලයකි. ඒ පොදු අවකාශ - කාලය ද්‍රව්‍ය හා විකිරණ මඟින් නිර්ණය වෙයි. සිද්ධි අවකාශ කාලයෙහි සිදුවනූ වෙනූවට දෑන් සිද්ධිවලට ප්‍රධාන තැනක් ලැබෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා දුර ඒ ඒ නිරිකෂකයා අනූව වෙනස් වෙයි. එහෙත් සිද්ධි දෙකක් අතර අවකාශ කාල ප්‍රාන්තරය ඒ ඒ නිරකෂකයා අනූව වෙනස් නො වෙයි. සිද්ධි දෙකක් අතර අවකාශ - කාල ප්‍රාන්තරය ඕනෑ ම නිරිකෂකයකු සම්බ්න්ධයෙන් ගත්කල එක ම අගයක් ගනියි. අයින්ස්ටයිනීය සාපේකෂතාවාද මූලික වශයෙන් ගත්කල සිද්ධි දෙකක් අතර දුර හා කාල ප්‍රාන්තරය මැනීමේ දී ඒ අගය ඒ ඒ නිරිකෂකයාට අනූව වෙනස් විය හැකි ය යන්න ප්‍රකාශ කරයි.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

නිවූන් දරුවන් ගේ කතා වස්තුව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

ලබන වසරට කාලය හා අවකාශය සම්බන්ධයෙන් අයින්ස්ටයින් පඬිවරයා සංකල්පීය වෙනසක් ඇතිකර වසර සියයක් ගෙවී යයි. ඔහූ විසින් 1905 දී ඉදිරිපත් කරන ලද ප්‍රවාදයට විශේෂ සාපේකෂතාවාදය (Special theory of relativity) - යැ යි කියනූ ලැබෙයි. ඔහූ විසින් ඒ වසරේ දී තවත් වැදගත් ප්‍රවාද දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රවාද තුන ම ඉතා වැදගත් වෙයි. ඒ සෑම එකකට ම නොබෙල් ත්‍යාගය හිමිවිය යූතු යැ යි පැවසෙයි. ඒ ප්‍රවාදවල වැදගත්කම නිසා ම 2004 අවසානයේ සිට ලබන වසර පූරා ම ද භෞතික විද්‍යා වසර ලෙස බටහිර විද්‍යාඥයන් විසින් නම් කෙර ඇත. 1905 වසරේ දී අයින්ස්ටයින් විද්වතා අවූරුදු විසිහයක තරුණයකු වූ බව ද අමතක නොකළ යූතු ය.

විශේෂ සාපේකෂතා ප්‍රවාදයෙහි දී අයින්ස්ටයින් පඩිවරයා විසින් සිදුකරන ලද වෙනස කුමක් ද? ඔහූ සියලු අවස්ථිති සමූද්දේශ රාමූ (Internal frame of references)- එකම මටිටමකට ගෙනාවේ ය. එයින් අදහස් කෙරෙන්නේ ඕනෑ ම අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් ඕනෑ ම සමූද්දේශ රාමූවකට සමාන බව ය. ඒ රාමූව එහි හෝ වෙනත් රාමූවක හෝ කෙරෙන පරිකෂණ මඟින් අනෙක් රාමූවකින් වෙන්කර ගැනීමට නො හැකි ය. අවස්ථිති සමූද්දේශ රාමූවක් වෙනත් අවස්ථිති සමූද්දේශ රාමූවකින් වෙන්කර හඳුනාගත නො හැකි වෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි වැදගත් රාශියක් වූ ආලෝකයේ වේගය ඕනෑම සමූද්දේශ රාමූවක එකම අගයක් ගන්නේ එබැවින් ය.

යම්කිසි අයූරකින් ඒ ඒ අවස්ථිති රාමූවෙහි ආලෝකයෙහි ප්‍රවේගය විවිධ අගය ගන්නේ යැ යි සිතමූ. එවිට ආලෝකයේ ප්‍රවේගයට යම්කිසි අවස්ථිති සමූද්දේශ රාමූවක අවම අගයක් වෙයි. එවිට ඒ රාමූව අනෙක් රාමූවලින් වෙන්කර හඳුනාගත හැකි වෙයි. එය එක්තරා ආකාරයකින් ගතහොත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි නිරපේකෂක රාමූව වැන්නක් වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි එවැනි රාමූවක් විය. ඒ රාමූව නිරපේකෂ අවකාශය සමඟ සමපාත විය. නිරපේකෂ අවකාශය යනූ විකිරණ ද ඇතුළු සියලු ද්‍රව්‍ය ඉවත් කිරමෙන් පසූව ද ඉතිරි වන අවකාශයයි. මෙය හූදු හිතළුවක් පමණක් වෙයි. පළමූ කොට ම සියලු ද්‍රව්‍ය ඉවත් කිරිමෙන් පූසව දමන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. ඒ කෙසේ වෙතත් එවැනි අවකාශයක නිරිකෂකයකු පවා සිටිය නොහැකි ය. ඒ රාමූව සොයා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය වෙයි.

සියල්ල මැනෙන්නේ ඒ රාමූවට සාපේකෂ ව ය. ඒ රාමූව නිශ්චලව පවතියි. අනෙක් සියලු අවස්ථිති සමූද්දේශ රාමූ ඒ රාමූවට සාපේකෂ ව චලනය වෙයි. එහෙත් ප්‍රශ්නය වනූයේ චලනය යන්න සාපේකෂ වීම ය. නිරපේකෂ රාමූව නිශ්චල වන්නේ කිනම් රාමූවකට සාපේකෂ ව ද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොමැත. එහි සංකල්පීය ව ම ප්‍රශ්නයක් වෙයි. එහෙත් මේ සොයාගත නො හැකි නිරපේකෂ අවස්ථිති රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට අවශ්‍ය වෙයි. මේ රාමූව නිව්ටෝනීය භෞතික විද්‍යාවට රිංගා ඇත්තේ ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ හරහා ය. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේට සාපේකෂ ව ය. දෙවියන් වහන්සේ නිරපේකෂ වෙයි. උන්වහන්සේ කිසිවකුට හෝ කිසිවකට හෝ සාපේකෂ නො වෙයි. නිරපේකෂ අවස්ථිති සමූද්දේශ රාමූව යනූ අන්කිිසිවක් නොව දෙවියන් වහන්සේ ගේ රාමූව වෙයි. එහෙත් මේ රාමූව භෞතික විද්‍යාවෙහි කෙරෙන පරිකෂණ මඟින් හඳුනාගත හැකි රාමූවක් නො වෙයි.

එවැනි නිරපේකෂ රාමූවක් අයින්ස්ටයින් පඩිවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණ ද විශේෂ සාපේකෂතාවාදයෙහි දී අවස්ථිති සමූද්දේශ රාමූ ප්‍රතික්ෂේප නො කෙරිණි. අවස්ථිති සමූද්දේශ රාමූවක් යනූ නිව්ටෝනීය චලිත නියම වලංගු වන රාමූ වෙයි. වෙනත් වචනවලින් කිවහොත් නිව්ටෝනීය චලිත නියම යොදාගත හැකි රාමූවකට අවස්ථිති සමූද්දේශ රාමූවක් යැ යි කියනූ ලැබෙයි. අයින්ස්ටයින් විද්වතා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී එවැනි රාමූ බැහැර නො කළේ ය. එහෙත් දාර්ශනික වශයෙන් ගත්කල ඒ රාමූ ද නොයෙකුත් ප්‍රශ්නවලට ලක්විය. විශේෂයෙන් ම අර්නස්ටි මාක් නම් පඩිවරයා අවස්ථිතිය හා අවස්ථිති රාමූ යන සංකල්ප දෑඩි ලෙස විවේචනයට භාජනය නො කළේ ය. ඒ කෙසේ වෙතත් අවස්ථිතිය හා අවස්ථිති සමූද්දේශ රාමූ යන සංකල්ප අයින්ස්ටයින් පඩිවරයා තම විශේෂ සාපේකෂතාවාදයෙහි දී රැකගත්තේ ය. එමෙන් ම ඔහූ කාලය යන්න ද සංකල්පයක් ලෙස ගත්කල වෙනසකට භාජනය නො කළේ ය. ඔහූ විසින් කරන ලද්දේ කාලය මැනීම සම්බන්ධයෙන් වූ වෙනසකි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය මැනෙන්නේ එක ම ආකාරයකින් ය. ඉන් අදහස් වන්නේ එක් අවස්ථිති සමූද්දේශ රාමූවක කාලය මැනෙන ආකාරයෙන් ම තවත් සමූද්දේශ රාමූවක කාලය මැනෙන බව ය. වෙනත් වචනවලින් කිවහොත් සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ඕනෑ ම රාමූවක එක ම අගයක් ගනියි. ඒ අනූව එක් රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් ඕනෑ ම රාමූවක ද සමගාමී වෙයි.

ඔරලෝසූ සම්බන්ධයෙන් හෝ කාලය මැනීමට ගන්නා වෙනත් ඕනෑම උපකරණයක් සම්බන්ධයෙන් හෝ වැදගත් ම කරුණක් වනූයේ සමගාමී සිද්ධි සියලු රාමූවල සමගාමී වන බවට කෙරෙන උපකල්පනය ය. කාලය මැනිම යනූ සමගාමී සිද්ධි ආශ්‍රයෙන් කෙරෙන බව අපි දුටූවෙමූ. අසවල් වෙලාවට යම් සිද්ධියක් සිදු විණි ය යන්නෙන් කියැවෙන්නේ ඒ සිද්ධිය ඔරලෝසූවේ කටූවල යම් පිහිටූමක් ඇති වීමේ සිද්ධිය සමගාමී බව ය. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය ද එලෙස සමගාමී සිද්ධි ඇසූරෙන් ම මැන ගැනෙයි.

එහෙත් අයින්ස්ටයින් පඩිවරයා පෙන්නූම් කළේ එලෙස නිරපේකෂ සමගාමී සිද්ධි නොමැති බව ය. මේ රාමූවක සමගාමී සිද්ධි දෙකක් වෙනත් රාමූවක සමගාමී විය යූතු නො වෙයි. ඒ බව අපි දුම්රිය මැදිරියේ හා දුම්රිය වේදිකාවේ නිරිකෂකයන් ඇසූරෙන් දුටූවෙමූ. මෙහි ප්‍රතිඵලයක් වනූයේ ඒ ඒ අවස්ථිති රාමූවෙහි සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරවලට එක ම අගයක් නො ලැබීම ය. කාලය මැනීම විශේෂ සාපේකෂතාවාදයෙන් පසූව ඒ ඒ නිරිකෂකයාට සාපේකෂ ව විවිධ අගයන් ලබා දෙයි.

එහෙත් කලින් කියන ලද ආකාරයට කාලය මැනීම සම්බන්ධයෙන් එලෙස වෙනසක් සිදු වූව ද කාලය යන සංකල්පය සම්බන්ධ වෙනසක් විශේෂ සාපේකෂතාවාදයෙහි සිදු නොවිණි. කෙසේ වූවත් කාලය මැනීම සම්බන්ධයෙන් වූ මේ වෙනසත් සමඟ බටහිර භෞතික විද්‍යාවෙහි සූසමාදර්ශී වෙනසක් සිදු විය. එමෙන් ම එය බොහෝ බටහිරයන්ට උසූලාගත නො හැකි අන්දමේ බරක් විය. කාලය මැනීම නිරපේකෂ ව ගැනීමට පූරුදුව සිටි බටහිරයන්ට විවිධ නිරිකෂකයන්ට, රාමූවලට සාපේකෂව කාලය මැනීමෙන් විවිධ අගය ලැබෙන්නේ කෙසේ දෑ යි තේරුම්ගත නොහැකි විය. මෙලොව සියක් අවූරුදු එහි එක දවස වැනි අදහස් බටහිර ලෝකයෙහි නො වී ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි කාලය මැනීම ඒ ඒ රාමූවල විවිධ අගය ගතහැකි බවට අදහසක් වෙයි. දෙවියන් ගේ ආයූකාල සම්බන්ධයෙන් මේ වෙනස ඇති බව සිංහල බෞද්ධයෝ දනිති. දෙවියන්ට එක දවසක් මෙහි සියක් අවූරුද්දක් වන්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මිනිසකු ඉපිද අවූරුදු සීයක් ජීවත් වී මිය ගියේ යැ යි කියමූ. මින් අදහස් වන්නේ මිනිසකු ඉපදීමේ සිද්ධිය හා මියයෑමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය අවූරුදු සීයක් බව ය. එහෙත් මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය දෙවියන් ගේ කාලය මැනීමට අනූව අවූරුද්දක් වැනි සූළු කාලයක් පමණක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි එවැනි දෙයක් පිළිගැනීම ප්‍රශ්නයක් නො වෙයි.

එහෙත් බටහිර සංස්කෘතියෙහි එය එසේ නො වෙයි. බටහිර බොහෝ දෙනාට අද ද විශේෂ සාපේකෂතාවාදයෙන් ලැබෙන නිගමන පිළිගැනීමේ අපහසූතාවක් වෙයි. නිවූන් සහොයූරන් දෙදෙනා ගේ ප්‍රශ්නය මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යූතු වෙයි. කමල් හා නිමල් යනූවෙන් නිවූන් සහෝදරයන් දෙදෙනකු ඇතැ යි සිතමූ. මෙයින් කමල් පොළොවේ රැදී සිටින අතර නිමල් රොකටිටූවක නැගී ගමන් කරන්නේ යැ යි සිතමූ. එමෙන් ම රොකටිටූවේ වේගය කමල්ට සාපේකෂ ව අති විශාල යැ යි ද සිතමූ. කමල්ට සාපේකෂ ව රොකටිටූව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්නේ යැ යි සිතමූ. එවිට නිමල්ට සාපේකෂ ව කමල් ද අති විශාල වේගයකින් චලනය වන බව අමතක නො කළ යූතු ය. මෙහි දී ප්‍රශ්නය වනූයේ මේ දෙදෙනා වයසට යෑම සම්බන්ධයෙන් ය. කාලය මැනීමේ දී ඒ ඒ නිරිකෂකයා සිද්ධි අතර කාල ප්‍රාන්තර සඳහා විවිධ අගය ලබා දෙන බව අපි දුටූවෙමූ. නිමල් ගේ ඔරලෝසූව හා කමල් ගේ ඔරලෝසූව ඒ ඒ සිද්ධි සම්බන්ධයෙන් ගත්කල දක්වන්නේ එක ම වෙලාව නො වෙයි. නිමල් රොකටිටූවේ නැගී ගොස් ආපසූ පොළොවට පැමිණෙන විට ඔහූ ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? එමෙන් ම නිමල් ආපසූ පැමිණෙන විට කමල් ගේ ඔරලෝසූවෙන් කොපමණ වේලාවක් ගත වී ඇත් ද? නිමල් හා කමල් නිවූන් සොහොයූරන් බැවින් මෙහි දී ප්‍රශ්නයක් පැන නගියි. මේ ඔරලෝසූ දෙකෙන් දක්වන වේලාවන් වෙනස් නම් ඉන් කියැවෙන්නේ එක් අයකුට සාපේකෂව අනෙකා වයසට ගොස් ඇති බව ය!

මෙය සිංහල බෞද්ධයනට එතරම් ප්‍රශ්නයක් විය නො හැකි ය. මෙවැනි කතා සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබෙයි. අපේ හාමූදුරුවරු දේශනා කරන මෙවැනි කතා උපාසක උපාසිකාවනට හොඳ හැටි පූරුදු ය. එහෙත් බටහිරයන්ට එසේ නො වෙයි. නිවූන් සොහොයූරන් දෙදෙනා ගෙන් එක් අයකු අනෙකාට සාපේකෂ ව වයසට යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට වෙයි.

මෙය තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කළ යූතු ප්‍රශ්නයක් වෙයි. ඔරලෝසූවෙන් මනින්නේ නිරපේකෂ කාලයක් යැ යි සිතීමට පූරුදු කර ඇති වත්මන් සිංහල තරුණ තරුණියන්ට ද ඇතැම් විට මෙය ප්‍රශ්නයක් ලෙස පෙනෙනූ ඇත. එයට හේතුව බටහිර අධ්‍යාපනය මඟින් ඔවූන් තම සංස්කෘතියෙන් ක්‍රමයෙන් ඉවත් කිරම ය. එහෙත් අවූරුදු පණහකට පමණ පෙර ගමේ උපාසකම්මා කෙනෙකුට මෙය එතරම් ප්‍රශ්නයක් නොවී ය. මෙලොව ජීවත් වී මිය යන්නවූන් වෙනත් ලෝකවල ඉපිද සූළු කාලයකට පසූ මේ ලෝකය විශාල වශයෙන් වෙනස් වී ඇති අන්දම කියන කතා ඔවූන් අසා තිබිණි. අද එවැනි කතා අසන්නට නො ලැබීම එක් පාඩූවකි. අපේ සංස්කෘතිය අපට ලැබෙන එක් මාර්ගයක් නම් සාහිත්‍යය හා ජනකතා මාර්ගය ය. ඒ මාර්ගය වසා දෑමීමට අධ්‍යාපනඥයන් යැ යි කියාගන්නා අය කටයූතු කිරම කණාගාටූදායක ය.

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

සාපේකෂ කාලය - නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූ

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

බටහිරයන්ට නිරපේකෂතාවයෙන් මූළුමනින් ම මිඳෙන්නට නො හැකි ය. ඔවූන් ගේ සාපේකෂතාවන් සියල්ල අවසාන වශයෙන් ගත්කල නිරපේකෂව පවත්නා යම් දෙයක් ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ග්‍රහණය වන ආකාරයෙන් සූත්‍රගත කෙරෙයි. නිරපේකෂ දෙවියන් වහන්සේට පෙනෙන, නැත්නම් සාපේකෂ වූ මේ නිරපේකෂය දෙවියන් වහන්සේ පිලිබඳ විශ්වාසය තිබෙනතාක් බටහිරයන් ගෙන් නොගිලහෙනූ ඇත. සියලූ නිරපේකෂතාවයන් අවසාන වශයෙන් ගලා එන්නේ නිරපේකෂ ව පවතින දෙවියන් වහන්සේ ගෙන් ය. බටහිරයන්ට තමන් යූදෙව් චින්තනයෙන් හිමිකරගෙන ඇති මේ නිරපේකෂ දෙවියන්වහන්සේ ගෙන් ගැලවිය හැකි නො වෙයි.


අයින්ස්ටයින් විද්වතා එතෙක් බටහිර ලෝකයේ පැවති සූසමාදර්ශය (Paradigm)- වෙනස් කෙළේ ය. සූසමාදර්ශයක් යනූ ප්‍රවාදයකට වඩා ගැඹූරින් ඇති දෙයක් වෙයි. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් සූසමාදර්ශයක ය. එනම් සූසමාදර්ශයක් පදනම් කර ගනිමින් ය. සූමාදර්ශයක ලෝකය ග්‍රහණය කරගැනීමේ ක්‍රමයක්, පිළිවෙතක් වෙයි. ලෝකය නිර්මාණය කිරමේ දී ඒ ඒ සූසමාදර්ශ විවිධ උපකල්පන ඇතිකරගනියි. එතෙක් පැවැති නිව්ටෝනීය සූසමාදර්ශයෙහි උපකල්පනවලට අනූව ආලෝකයේ වේගය නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස්විය හැකි ය. එකිනෙකට සාපේකෂව ඒකාකාර වේගයකින් චලනය වන සමූද්දේශ රාමූ දෙකක නිරකෂකයන් දෙදෙනකු ගතහොත් ඔවූනට සාපේකෂව ආලෝකයේ වේගය ද වෙනස් වෙයි. ඒ වෙනත් වේග හා සම්බන්ධයෙන් වන පරිදි ම ය. ගඟක ඉවූරෙහි සිටින නිරකෂකයකුට සාපේකෂව ඔරුවක වේගය ගඟෙහි පාවෙන පාරුවක සිටින නිරකෂකයකුට සාපේකෂව ඔරුවේ වේගයෙන් වෙනස් වෙයි. ඔරුව, ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂව ගඟ පහළට u ප්‍රවේගයකින් ගමන් කරන්නේ යැ යි සිතමූ. එමෙන් ම ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂව ගඟෙහි වේගය v යැ යි ද සිතමූ. පාරුව ගඟෙහි පාවෙන බැවින් ඉවූරෙහි සිටින නිරකෂකයාට සාපේකෂකව පාරුවෙහි සිටින නිරකෂකයාට ද u වේගයකින් ගඟ පහළට චලනය වෙයි. නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව පාරුවෙහි සිටින නිරිකෂකයාට සාපේකෂව ඔරුව ගඟ පහළට v-u වේගයකන් චලනය වෙයි. නිරකෂකයාට/ගඟ ට වඩා අඩූ වන්නේ ද වැඩි වන්නේ ද යන කරුණ මත පදනම් ව v-u සෘණ හෝ ධන හෝ අගයක් ගනියි.

නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව ආලෝකයේ වේගය ද එපරිද්දෙන් ම නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස් විය හැකි ය. එහෙත් ආලෝකයේ වේගය යනූ භෞතිකව වැදගත් වන්නා වූ රාශියක් වෙයි. මැක්ස්වෙල් ගේ සමීකරණවල භෞතික රාශියක් ලෙස ආලෝකයේ වේගය සටහන් වෙයි. අයින්ස්ටයින් විද්වතා ගේ මතය වූයේ භෞතික විද්‍යාවේ නියම ඒ ඒ අවස්ථිති (inertial- නිරකෂකයා අනූව වෙනස් නො විය යූතු බව ය. ඔහූ කියා සිටියේ එකිනෙකාට සාපේකෂව නියත ප්‍රවේගවලින් ගමන් කරන අවස්ථිති නිරකෂකයන් සියළු දෙනා ම භෞතික විද්‍යාවේ නියම සම්බන්ධයෙන් ගත්කල සමාන බව ය. වෙනත් වචනවලින් කිවහොත් භෞතික විද්‍යාවේ කෙරෙන පරිකෂණ හෝ නිරකෂණ හෝ මඟින් එක් අවස්ථිති සමූද්දේශ රාමූවක් (අවස්ථිති නිරකෂකයා ගේ රාමූව - (Inertial frame of reference)- තවත් අවස්ථිති සමූද්දේශ රාමූවකින් වෙන්කර හඳුනාගත හැකි නො වෙයි. මේ අයින්ස්ටයිනීය මූලධර්මයෙහි ප්‍රතිඵලය වනූයේ ආලෝකයේ වේගය සෑම අවස්ථිති සමූද්දේශ රාමූවකට ම එනම්, එවැනි රාමූවල සිටින නිරකෂකයන්ට සාපේකෂව එක ම අගයක් ගැනීම ය. මේ මූලධර්මය සමඟ බටහිර ලෝකයෙහි සූසමාදර්ශයෙහි ද වෙනසක් සිදු විය. නිව්ටෝනීය සූසමාදර්ශයට අනූව ආලෝකයේ වේගය අවස්ථිති සමූද්දේශ රාමූවල සිටින නිරකෂකයන්ට සාපේකෂව නියත අගයක් ගනියි. සූසමාදර්ශ වෙනසක් සිදු වූ විට ඒ ඒ සූසමාදර්ශය මත පදනම් වූ ප්‍රවාදවල ද වෙනස්කම් සිදු වෙයි.

ඕනෑම අවස්ථිති සමූද්දේශ රාමූවක ආලෝකයේ වේගය එක ම අගයක් ගන්නේ ය යන්නෙහි ප්‍රතිඵලයක් වනූයේ අප දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව මෙන්ම ම දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ද ආලෝකයේ වේගය එක ම අගයක් ගැනීම ය. ආලෝකයේ වේගය එක ම අගයක් ගන්නේ නම්, එය ආලෝකයේ ප්‍රභවය හෝ වෙනත් යමක් මත රදා පැවතිය නො හැකි ය. දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල විදුලි පන්දම් දෙකෙන් ම නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් එක ම වේගයකින් ගමන් කරයි. මෙය තේරුම් ගැනීම එතරම් අපහසූ කරුණක් නොවන්නේ විදුලි පන්දම් දෙක ම දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල නිසල ව තිබීම නිසා ය. විදුලි පන්දම් දෙක දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව නිසල ව ඇති නමූත් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව චලනය වෙයි. එක් විදුලි පන්දමක් ඒ නිරකෂකයා වෙතට එන අතර අනෙක් විදුලි පන්දම නිරකෂකයා ගෙන් ඉවතට යයි. එය එසේ වවූත් ඇතැම් විට තේරුම් ගැනීමට තරමක් අපහසූ විය හැකි නමූත්, අයින්ස්ටයිනීය සාපේකෂතා මූලධර්මයට අනූව කිනම් විදුලි පන්දමක් ගත්ත ද ඉන් නිකුත් කෙරෙන ආලෝකය නිරිකෂකයාට සාපේකෂකව එක ම වේගයෙන් ගමන් කරයි.

මේ කරුණ අපට වැදගත් වන්නේ කෙසේ ද? දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙකෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරා දෙක තමා වෙතට එක ම වේලාවක දී නො පැමිණෙයි. නිරකෂකයා වෙතට ගමන් කරන විදුලි පන්දමෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාව අනෙක් ආලෝක ධාරාවට කලින් නිරකෂකයා වෙතට පැමිණෙයි. එහෙත් විදුලි පන්දම් දෙක දුම්රිය මැදිරියේ සිටින නිරීකෂකයාට සාපේකෂව ද ඇත්තේ සමාන දුරකින් ය. එපමණක් නො වෙයි. අයින්ස්ටයිනීය සූසමාදර්ශයට අනූව විදුලි පන්දම් දෙකෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරා නිරකෂකයා වෙතට පැමිණෙන්නේ එක ම වේගයකින් ය. මෙයින් ලැබෙන නිගමනය කුමක් ද? ආලෝක ධාරා ගමන් කරන්නේ එක ම වේගයකින් නම් හා ආලෝක ප්‍රභවයන්, එනම් විදුලි පන්දම් දෙක, එක ම දුරකින් වී ද නම් හා නිරකෂකයා වෙතට ආලෝක ධාරා එක ම වේලාවක දී නො පැමිණෙන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඒ නිරකෂකයාට, එනම් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂකව ආලෝක ධාරා දෙක එක ම වේලාවක දී නිකුත් වී නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ආලෝක ධාරා දෙක නිකුත් වීම සමගාමී සිද්ධි දෙකක් නොවන බව ය.

එහෙත් මේ සිද්ධි දෙක දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව සමගාමි වන බව අපි දනිමූ. එසේ නම් ඉන් කියැවෙන්නේ එක් නිරකෂකයකුට සාපේකෂකව සමගාමි වන සිද්ධි වෙනත් නිරකෂකයකුට සාපේකෂව සමගාමි නොවිය හැකි බව ය. කලින් සඳහන් කර අති ආකාරයට මෙය බටහිර ලෝකය අන්දමන්ද භාවයට පත්කළ නිගමනයක් විය. බටහිරයන් අනූව සිතීමට පූරුදු කරනූ ලැබ ඇති මෙරට වැසියන් ද මේ නිගමනය අසා අන්දමන් විය හැකි ය. එහෙත් එය එසේ නොවිය යූතු ය. මෙලොව සියක් අවූරුදු එහි එක දවස වැනි කවි පද අසා ඇති සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මේ නිගමනය තම පදනම දෙදරවා හරින්නක් නොවිය යූතු ය.

අයින්ස්ටයිනීය සූසමාදර්ශයට හා ඉන් ලැබෙන නිගමනවලට අනූව එක් නිරකෂකයකුට සාපේකෂව සමගාමීි වන සිද්ධි තවත් නිරකෂකයකුට සාපේකෂව සමගාමී විය යූතු නො වෙයි. සමගාමී සිද්ධි යනූ කාලය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිද්ධි වෙයි. එයට හේතුව වනූයේ කාලය මැනගැනෙන්නේ සමගාමී සිද්ධී ඇසූරෙන් වීම හේතුකොට ගෙන ය. කාලය මැනගැනීමට යොදාගන්නා ඔරලෝසූ, පෑ තටි, හෝරා විදුරු (Hour glass)- ආදී සියල්ල සමගාමී සිද්ධි මත පදනම් වන අයූරු අපි දුටූවෙමූ. යම් සිද්ධියක් යම් කාලයක දී සිදු වන්නේ ය යන්නෙහි තේරුම එම සිද්ධිය සමඟ ඔරලෝසූවේ කටූවල යම් පිහිටීමක් යන සිද්ධිය සමඟ සමාගමී වන බව ය. ඔරලෝසූ ආදී උපකරණවලින් කෙරෙන්නේ කාලය මැනගැනීම ය. එසේ නම් එක් එක් නිරකෂකයා කාලය මනින්නේ එක ම ආකාරයට නො වෙයි.

මෙය නිව්ටෝනීය නිගමන හා අත්දෑකීම්වලින් වෙනස් වෙයි. නිව්ටෝනීය සූසමාදර්ශයෙහි සියලූ නිරකෂකයෝ එක ම අයූරින් කාලය මනිති. එහි කාලය සම්බන්ධයෙන් සාපේකෂ බවක් නොමැත. එනම්, එහි කාලය නිරපේකෂ වෙයි. එහෙත් අයින්ස්ටයිනීය සූසමාදර්ශයට අනූව කාලය සාපේකෂ වෙයි. අයින්ස්ටයිනීය ප්‍රවාද සාපේකෂතාවාද නමින් හඳුන්වනූ ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද කාලය හා දුර මැනීමේ දී ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ඒ සඳහා විවිධ අගය ලැබීමට හැකි වීම ය. එහෙත් කිවයූතු වැදගත් කරුණක් වෙයි. අයින්ස්ටයිනීය ප්‍රවාදවලට අනූව කාලය හා දුර එසේ සාපේකෂකව මනිනූ ලැබූව ද එහි ද නිරපේකෂයක් වෙයි. ඒ සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය (Space Time Interval)- ය. යම් නිරකෂකයකුට සාපේකෂව සිද්ධි දෙකක කාල ප්‍රාන්තරය tයැ යි ද සිද්ධි දෙක අතර දුර x යැ යි ද ගනිමූ. ඒ ඒ නිරකෂකයාට සාපේකෂව t හා x වෙනස් අගය ගත හැකි නමූදු සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය ලෙස හැඳින්වෙන (c2t2-x2)

එක ම අගයක් ගනියි. එනම් සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය නිරකෂකයා ගෙන් නිරකෂකයාට වෙනස් නො වෙයි. සිද්ධි දෙකක අවකාශ - කාල ප්‍රාන්තරය නිරපේකෂ වෙයි.

බටහිරයන්ට නිරපේකෂතාවයෙන් මූළුමනින් ම මිඳෙන්නට නො හැකි ය. ඔවූන් ගේ සාපේකෂතාවන් සියල්ල අවසාන වශයෙන් ගත්කල නිරපේකෂව පවත්නා යම් දෙයක් ඒ ඒ නිරකෂකයාට සාපේකෂව ග්‍රහණය වන ආකාරයෙන් සූත්‍රගත කෙරෙයි. නිරපේකෂ දෙවියන් වහන්සේට පෙනෙන, නැත්නම් සාපේකෂ වූ මේ නිරපේකෂය දෙවියන් වහන්සේ පිලිබඳ විශ්වාසය තිබෙනතාක් බටහිරයන් ගෙන් නොගිලහෙනූ ඇත. සියලූ නිරපේකෂතාවයන් අවසාන වශයෙන් ගලා එන්නේ නිරපේකෂ ව පවතින දෙවියන් වහන්සේ ගෙන්ය. බටහිරයන්ට තමන් යූදෙව් චින්තනයෙන් හිමිකරගෙන ඇති මේ නිරපේකෂ දෙවියන්වහන්සේ ගෙන් ගැලවිය හැකි නො වෙයි.


එහෙත් බටහිර අධ්‍යාපනයෙන් ඔළුව අවූල් නොකරගත් සිංහල බෞද්ධයකුට මෙහි දී කිසිම අවූලක්, ගැටලූවක් තිබිය හැකි නො වෙයි.


සිංහල බෞද්ධයන්ට කිසිවක් නිරපේකෂ නො වෙයි. කිසිදු වාස්විකත්වයක් කිසිවක නො මැත. සියල්ල ඒ ඒ නිරකෂකයා ගේ නිර්මාණ වෙයි. ඒ නිර්මාණ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධයෙන් ය. සියලූ දැනූම් සංස්කරණ වෙයි. දැනූම් සංකල්ප, ප්‍රවාද ආදිය උපයෝගී කරගනිමින් ප්‍රකාශ කෙරෙයි. මෙය සිංහල බෞද්ධයන් ගේ ඥාන විභාගය (epistemology)- මෙන් ම සත්බව ද (ontology) වෙයි. සිංහලයන් බටහිරයන් මෙන් ඥාන විභාගය සත්බවින් වෙන් නො කරති. සංස්කරණය කෙරෙන දෑනූම් ඒ ඒ නිරකෂකයා විසින් කෙරෙන ඒ ඒ නිරකෂකයාට සාපේකෂ වූ දැ වෙයි. එහෙත් ඒ දෑනූම කිසියම් වූ නිරපේකෂක දෑනූමක්, වාස්තවික ව පවත්නා දෙයක් ඒ ඒ නිරකෂකයාට පෙනෙන ආකාරය නො වෙයි. එවැනි වාස්තවිකත්වයක් නැතිව ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා වූ අවිද්‍යාව හේතුවෙන් ම ඒ ඒ නිරකෂකයා දෑනූම සංස්කරණය කරයි. එනම් දෑනූම නිර්මාණය කරයි. අවිජ්ජයා පච්චයා සංඛාරා යනූවෙන් කියැවෙන්නේ මෙය ය. මේ ඥාන විභාගය සහිත දර්ශනය අපි නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූවෙන් හඳුන්වමූ.


අප මෙම දර්ශනය නිර්මාණාත්මක සාපේකෂතාවාදය යනූවෙන් හඳුන්වන්නේ ම දෑනූම ඒ ඒ නිරකෂකයාට සාපේකෂක වීම නිසාත්, ඒ සාපේකෂක දෑනූම කිසිම නිරපේකෂක සාපේකෂකයක් නො වීම නිර්මාණය, එසේත් නැත්නම් සංස්කරණය කිරමත් නිසා ය. අපේ දෑනූමේ ම ඇත්තේ මේ කරුණ ය. කාලය සම්බන්ධයෙන් ද එය වලංගු වෙයි. අපට කාලය සාපේකෂ වන්නේ එය නිරපේකෂ වූ අවකාශ කාලයක එක් කොටසක් වීමෙන් නො වෙයි. කාලය යන්න ද අපේ නිර්මාණයක් පමණක් ම වෙයි.


මහාචාර්ය නලින් ද සිල්වා

මැදිරියේ හා වේදිකාවේ වෙනස

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

අප සාකච්ඡා කරමින් සිටින්නේ දෙතැනක පිහිටි විදුලි පන්දම් දෙකක් දෑල්වීම දුම්රිය වේදිකාවක සිටින නිරකෂකයකුටත්, වේදිකාව පසූකරමින් යන දුම්රියක මැදිරියක සිටින නිරකෂකයකුටත් පෙන ආකාරය ගැන ය. දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයා දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා පසූකර යත්ම විදුලි පන්දම් දෙක දල්වන්නේ යැ යි අපි කීවෙමූ. එහෙත් එහි දී අප නොකී දෙයක් වෙයි. එක් නිරකෂකයකු අනෙක් නිරකෂකයා පසූකිරම යනූ සිද්ධියකි. නිරකෂකයන් දෙදෙනාට ම ඒ සිද්ධිය පොදු වෙයි. දෙදෙනා ම ඒ සිද්ධිය නිරකෂණය කරති. කිනම් නිරකෂකයකු සම්බන්ධයෙන් වූව ද සිද්ධිය සිදුවීම හා ඒ නිරකෂණය අතර කාල ප්‍රාන්තරයක් නැතැ යි ද අපට කිව හැකි ය. ඒ සිද්ධිය සිදුවන්නේ නිරකෂකයන් අසල දීම වන බැවින් ය. මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ (මොහොතේ) දී නිරකෂකයන් දෙදෙනා ම තම ඔරලෝසූ සමමූර්ති කරගන්නේ යැ යි ද සිතමූ. ඒ කිසිවකවත් ගැටලූ නැත. එහෙත් ප්‍රශ්නය වනූයේ විදුලි පන්දම් දෙක ඒ මොහොතෙහි ම දෑල්වීම සම්බන්ධයෙන් ය. විදුලි පන්දම් දෙක ඒ මොහොතෙහි ම දල්වන්නේ කිනම් නිරකෂකයා ගේ ඔරලෝසූවෙන් දෑ යි අප නො කීවෙමූ. එනම් විදුලි පන්දම් දෙක එක මොහොතෙහි දල්වන්නේ කිනම් නිරකෂකයාට සාපේකෂකව දෑ යි අපි නො කීවෙමූ.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ ප්‍රශ්නය පැන නො නගියි. එයට හේතුව එහි යම් නිරකෂකයකු සම්බන්ධයෙන් යම් සිද්ධි දෙකක් එක ම මොහොතක සිදුවන්නේ නම්, ඒ සිද්ධි දෙක වෙනත් ඕනෑම නිරකෂකයකු සම්බන්ධයෙන් ද එක ම මොහොතක සිදුවීම ය. එනම් සිද්ධි දෙකක් යම් නිරකෂකයකුට සාපේකෂව සමගාමී වන්නේ නම් ඒ සිද්ධි දෙක වෙනත් ඕනෑම නිරකෂකයකුට සාපේකෂව ද සමගාමී වීම ය. නිව්ටෝනීය භෞතිකයෙහි කාලය මැනීම සම්බන්ධයෙන් නිරකෂකයන් අතර ඇති සම්බන්ධය මෙයටත් වඩා දෑඩි බව සඳහන් කළ යූතු ය. එහි දී නිරකෂකයන් ගේ ඔරලෝසූව සෑම විට ම එක ම වේලාවක් සඳහන් කරයි. යම්කිසි මොහොතක නිරකෂකයන් දෙදෙනා ම තම ඔරලෝසූ සමමූර්ති කරගන්නේ යැ යි සිතමූ. එවිට ඔරලෝසූවල කිසිම දෝෂයක් නැතැ යි උපකල්පනය කළහොත්, ඒ දෙදෙනා එකිනෙකාට සාපේකෂව කොතැනක සිටියත් කිනම් ප්‍රවේගයකින් චලනය වූවත්, කිනම් ත්වරණ සහිත ව වූවත්, ඔවූන් ගේ ඔරලෝසූ සෑම විටකම එක ම වේලාවක් දක්වයි. මෙයින් කියැවෙන්නේ නිව්ටෝනීය භෞතිකයෙහි කාලය මැනීම නිරකෂකයා ගෙන් ස්වායත්ත බව ය. එහි කාලය නිරපේකෂ (Absolute)- වෙයි. අයින්ස්ටයින් විද්වතා මූල සිට ම අභියෝග කෙළේ මේ කරුණට ය.

අයින්ස්ටයින් තරුණයාට මේ ප්‍රශ්නය මූල සිට ම හිතට කරදරයක් වී යැ යි කියැවෙයි. එකල ස්විටිසර්ලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල මහජන ගමනාගමනය සඳහා යොදාගත් ප්‍රධාන රථය වී ඇත්තේ ට්‍රැම් කාරය ය. අවූරුදු පහණහකට පමණ පෙර කොළඹ නගරයේ ද ට්‍රෑම් කාර ධාවනය විය. කොළඹ ඇතැම් තැන්වල පාරෙහි තවමත් ට්‍රෑම් කාර ධාවනය සඳහා යොදා ගන්නා ලද දුම්රිය පීලි වැනි පීලි දෑකිය හැකි ය අයින්ස්ටයින් තරුණයාට වූ ප්‍රශ්නය මෙලෙස ප්‍රකාශ කළ හැකි ය. ට්‍රෑම් කාරයක නැගී නගරයේ ඔරලෝසූ කණූවෙන් ඈතට යන මගියකු සලකමූ. ට්‍රෑම් කාරය ධාවනය වන්නේ සරල රේඛීය පීළිවල යැ යි සිතමූ. එමෙන් ම මගියාට තමා කෙතරම් ඈතට ගියත් ඔරලෝසූ කණූවෙහි සටහන්වන වේලාව දෑකගැනීමට හැකි යැ යි ද සිතමූ. ප්‍රශ්නය වන්නේ ට්‍රෑම් කාරය ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ නම්, මගියා ඔරලෝසූ කණූවෙහි දකින වේලාව කුමක් ද යන්න ය.

ට්‍රෑම් කාරය ඔරලෝසූ කණූව අසල නවතා ඇත්නම් මගියාට ඔරලෝසූවෙහි කටූ චලනය වන ආකාරයත්, එහි දෑක්වෙන වේලාව වෙනස් වන ආකාරයක් ඒ මොහොතෙහි ම දෑකගත හැකි ය. ට්‍රෑම් කාරය මඳ වේගයෙන් ධාවනය වන විට ද මගියාට ඔරලෝසූවෙහි කටූ චලනය වනූ දෑකගත හැකි ය. එහෙත් මෙහි දී තේරුම්ගත යූතු වැදගත් කරුණ නම්, මගියා ඔරලෝසූ කණූවෙහි දකින වේලාව ඒ මොහොතෙහි ම ඔරලෝසූවෙහි සටහන් වන වේලාව නොවන බව ය. එයට හේතුව සටහන්වන වේලාව ඒ මොහොතෙහි ම මගියාට දෑකගත නො හැකි වීම ය. ඔරලෝසූවෙහි සටහන් වන වේලාව ගියාට දෑකගත හැකි වනූයේ ඔරලෝසූවෙන් පරාවර්තනය වන ආලෝක ධාරාවක් ආධාරයෙන් ය. ආලෝක ධාරාව කෂණික ව මගියාට නො ලැබෙයි. ඔරලෝසූවෙහි සිට මගියා කරා ආලෝකය ගමන් කිරමට යම් කාලයක් ගතවෙයි. ඔරලෝසූවෙහි දහවල් දොළහ වන විට මගියා රැගත් ට්‍රෑම් කාරය ඔරලෝසූව අසලින් පිටත් වූයේ යැ යි සිතමූ. පිටත්වන මොහොතෙහි මගියාට ඔරලෝසූවෙහි දොළහ සනිටූහන්වනූ දෑකගත හැකි ය. එහෙත් ට්‍රෑම් කාරය ඔරලෝසූ කණූවෙන් තරමක් ඈතට ගිය පසූ ඔරලෝසූවෙහි දහවල් දොළහයි පහ දෑක්වෙන විට මගියාට පෙනෙන්නේ දහවල් දොළහයි පහ නොවන එයට අඩූ වේලාවකි. එය දහවල් දොළහයි හතරයි තත්පර යම්කිසි ගණනක් වෙයි.

යම්කිසි අයූරකින් ට්‍රෑම් කාරය ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ නම්, මගියාට ඔරලෝසූවෙහි කටූ නිසලව තිබෙනූ දෑකගත හැකි වනූ ඇත. ඔරලෝසූවෙන් පරාවර්තනය වන ආලෝකය මගියා සමඟ ම ගමන් කරන බැවින් මගියාට නිතර ම ඔරලෝසූවෙහි දහවල් දොළහ ම සනිටූහන් වී තිබෙනූ පෙනෙයි. ඉන් සූළු මොහොතකට හෝ පසූව ඔරලෝසූවෙන් පරාවර්තනය වන ආලෝක ධාරාවක් මගියා කරා නොයන්නේ මගියා ද ආලෝකයේ වේගයෙන් ගමන් කරන බැවින් ය. ඔරලෝසූ කණූවෙහි කුමක් සනිටූහන් වූව ද ට්‍රෑම් කාරයෙහි ගමන් කරන මගියාට පෙනෙන්නේ ඔරලෝසූවෙහි දහවල් දොළහ සටහන් වී ඇති බව ය. මගියාට අනූව සෑම සිද්ධියක් ම සිදුවන්නේ දහවල් දොළහට ය. එනම් මගියාට අනූව කාලය ගතවීමක් නැත.

ඉහත සඳහන් උදාහරණය අභව්‍ය යැ යි යමකු තර්ක කළ ද ඉන් පැහැදිලි වන කරූණ නම්, ඒ ඒ නිරකෂකයා කාලය මනින ආකාරයෙහි වෙනස්කම් ඇති බව හා සමගාමී සිද්ධි යන්න ඒ ඒ නිරකෂකයා අනූව වෙනස් විය හැකි බවත් ය. දුම්රිය වේදිකාව හා දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයන් දෙදෙන සමගාමි සිද්ධි සම්බන්ධයෙන් එක ම නිගමනවලට පැමිණීමට අවශ්‍ය නො වෙයි. එසේ නම් විදුලි පන්දම් දෙක දෑල්වීම සම්බන්ධයෙන් ද එය එසේ ම වෙයි. විදුලි පන්දම් දෙක දෑල්වීම යනූ සිද්ධී දෙකකි. ඒ සිද්ධි දෙක එක් නිරකෂකයකුට සාපේකෂව සමගාමී ය යන්නෙන් වෙනත් නිරකෂකයකුට සාපේකෂව ද ඒ සමගාමී විය යූතු යැ යි ගම්‍ය නො වෙයි.

එබැවින් විදුලි පන්දම් දෙක සමාගමී ව දෑල්වෙන්නේ කිනම් නිරකෂකයාට සාපේකෂව දෑ යි දෑනගැනීම වැදගත් වෙයි. විදුලි පන්දම් දෙක නිසල ව ඇත්තේ දුම්රිය වේදිකාවෙහි සිටින නිරකෂකයාට සාපේකෂව බැවින්, විදුලි පන්දම් දෙක එකවිට (සමගාමීව) දෑල්වෙන්නේ ද දුම්රිය වේදිකාවේ සිටින මගියාට සාපේකෂව යැ යි ගැනීමේ විසංවාදයක් නැත. අපි නැවතත් අපේ විශ්ලේෂණයට පාදක වූ දැ සටහන් කර ගනිමූ. දුම්රිය මැදිරියේ හරිමැද සිටින මගියා දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා පසූකරත් ම දුම්රිය මැදිරියේ දෙකළවර සමඟ ඇති ලකෂ්‍ය දෙකක දී විදුලි පන්දම් දෙකක් දෑල්වෙයි. මේ විදුලි පන්දම් දෙක දුම්ිරිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව මෙන් ම දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට ද සාපේකෂව සමාන දුරවලින් වෙයි. මෙහි දී කිවයූතු තවත් කරුණක් වනූයේ විදුලි පන්දම් දෙකට ඇති දුර සමාන යැ යි නිරකෂකයන් දෙදෙනා ගත්ත ද නිරකෂකයන් දෙදෙනා මැනගන්නේ එක ම දුරක් නොවන බව ය. දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂ ව විදුලි පන්දම් දෙක ම ං දුරකින් වේ නම්, දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙක සම දුරින් පිහිටිය ද ඒ දුර ං ට සමාන නො වෙයි.

දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයා දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා පසූකරන මොහොතෙහි ම විදුලි පන්දම් දෙක දෑල්වෙන්නේ දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂ ව ය. එහි දී ඒ නිරිකෂකයාට සාපේකෂ ව සිද්ධි තුනක් සමාගමී වේ යැ යි ගනූ ලැබෙයි. එනම් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා පසූ කර යෑම හා ඒ ඒ විදුලි පන්දම දෑල්වීම ය. දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙක නිසල ව ඇති බැවින් ඒ නිරකෂකයා එක් විදුලි පන්දමක් දෙසටත් අනෙක් විදුලි පන්දමෙන් ඉවතටත් ගමන් නො කරයි. ඒ නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල විදුලි පන්දම් දෙක අතර සමමිතියක් වෙයි. එහෙත් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයා සම්බන්ධයෙන් ගත්කල ඒ සමමිතිය නැත. ඒ නිරකෂකයාට සාපේකෂව එක් විදුලි පන්දමක් නිරකෂකයා ගෙන් ඉවතට යන අතර, අනෙක් විදුලි පන්දම නිරකෂකයා වෙතට පැමිණෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, එනම් දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයාට සාපේකෂව නම්, දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයා එක් විදුලි පන්දමක් දෙසට දිවයන අතර අනෙක් විදුලි පන්දමෙන් ඉවතට දිවයයි. මේ හේතුවෙන් විදුලි පන්දම්වලින් නිකුත් වන ආලෝක ධාරා ඒ නිරකෂකයා කරා එක ම මොහොතේ දි නො පැමිණෙයි. නිරකෂකයා යම් විදුලි පන්දමක් දෙසට දිවයන්නේ ද ඒ විදුලි පන්දමෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාව නිරකෂකයා වෙතට පළමූව පැමිණෙයි. වෙනත් අයූරකින් කිවහොත්, එනම් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ගතහොත්, එ නිරකෂකයා වෙතට පැමිණෙන විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝක ධාරාව නිරකෂකයා ගෙන් ඉවතට යන විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝක ධාරාවට කලින් නිරකෂකයා කරා පැමිණෙයි.

එසේ වූවත් දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂව ද විදුලි පන්දම් ආලෝක ධාරා නිකුත් කරන්නේ සමාන දුරක සිට ය. විදුලි පන්දම් ආලෝක ධාරා නිකුත් කෙරෙන්නේ දුම්රිය මැදිරියේ දෙකෙළවර සමඟ කෙලින් ඇති ලකෂ්‍යය දෙකක සිට ය. නිරකෂකයා දුම්රිය මැදිරියේ හරි මැද සිටින බැවින් ආලෝක ධාරා නිකුත් කෙරෙන්නේ සමාන දුරක සිට ය. එහෙත් එසේ සමාන දුරකින් නිකුත් කෙරෙන ආලෝක ධාරා නිරකෂකයා වෙතට එක ම වේලාවට නො පැමිණෙයි. මෙයින් නිගමනය කළ හැක්කේ කුමක් ද?

නිරකෂකයාට, එනම් මෙහි දී දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට කිව හැකි කරුණූ දෙකක් වෙයි. එකක් නම්, විදුලි පන්දම්වලින් ලැබෙන ආලෝක ධාරා දෙකෙහි වේග තමාට සාපේකෂව වෙනස් බව ය. එය නිව්ටෝනීය, එසේත් නැත්නම් ගැලීලීය සාපේකෂතාව සමඟ එකඟ වෙයි. ඒ නිරකෂකයාට තමා වෙතට පැමිණෙන විදුලි පන්දමෙන් ලැබෙන ආලෝක ධාරාව කලින් පැමිණෙන බැවින් තමාට සාපේකෂව ඒ ආලෝක ධාරාවෙහි වේගය අනෙක් ආලෝක ධාරාවෙහි වේයට වඩා වැඩි යැ යි නිගමනය කිරමට හැකි වෙයි. දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂ ව දුම්රිය වේදිකාවේ සිටි නිරකෂකයා යම් වේගයකින් ගමන් කරයි. (දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයා තමාට සාපේකෂ ව නිසලව සිටින බව අමතක නොකළ යූතු ය.) දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට අනූව තමා වෙතට පැමිණෙන ආලෝක ධාරාව තමාට සාපේකෂව දුම්රිය වේදිකාවේ සිටින නිරකෂකයා ගමන් කරන දිශාවට ම චලනය වෙයි. එබැවින් ගැලීලිය සාපේකෂතාවට අනූව දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂ ව තමා වෙතට එන ආලෝක ධාරාව දුම්රිය වේදිකාවෙ සිටින නිරකෂකයාට සාපේකෂ ව ඒ ආලෝක ධාරාව ගමන් කරන වේගයට වැඩි වේගයකින් ගමන් කරයි. එමෙන් ම අනෙක් ආලෝක ධාරාව අඩූ වේගයකින් ගමන් කරයි. මේ සාපේකෂතාවට අනූව විදුලි පන්දම් දෙකෙන් ආලෝක ධාරා නිකුත් වීම දුම්රිය මැදිරියේ සිටින නිරකෂකයාට සාපේකෂක ව ද එක ම මොහොතෙහි සිදු වූවත්, ආලෝක ධාරාවල වේග අසමාන බැවින් ඒ ධාරා නිරකෂකයා කරා එක ම මොහොතක නො එළඹෙයි. එහෙත් අයින්ස්ටයිනීය සාපේකෂතාවාදයෙන් කියැවෙන්නේ වෙනත් දෙයක් ය.

මහාචාර්ය නලින් ද සිල්වා

බටහිර ලෝකය සෙලවූ වෙනස

~ මහාචාර්ය නලින් ද සිල්වා~

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි යම් සිද්ධි දෙකක් යම් නිරිකෂකයකුට සාපේකෂව සමගාමී වන්නේ නම්, ඒ සිද්ධි දෙක වෙනත් ඕනෑ ම නිරිකෂකයකුට සාපේකෂව ද සමගාමී වෙයි. එයට හේතුව නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය ඕනෑ ම නිරකෂකයකුට සාපේකෂව ඒකාකාර ව පමණක් නොව එක ම ශීඝ්‍රතාවකින් ගලා යෑම ය. සිද්ධි ඇති වන්නේ අවකාශයෙහි කිනම් ලකෂ්‍යයක දී ද යන්න නිව්ටෝනීය භෞතිකයෙහි කාලය සම්බන්ධ ගැටලුවල දී වැදගත් නො වෙයි.

යම් නිරිකෂකයකු සම්බන්ධයෙන් ගත් කල එක් සිද්ධියක් නිරිකෂකයා සිටින තැනෙහි දී ම (ලකෂ්‍යෙයෙහි දී ම) සිදු වන්නේ යැ යි සිතමූ. අනෙක් සිද්ධිය නිරිකෂකයා සිටින තැනට තරමක් ඈතින් සිදුවන්නේ යැ යි ද සිතමූ. මේ සිද්ධි දෙක සමගාමී යන්නෙන් අදහස් කරන්නේ කුමක් දෑ යි පළමූව සලකා බලමූ. පළමූ සිද්ධිය සිදුවන අවස්ථාවේ දී නිරිකෂකයාට තම ඔරලෝසූවෙන් වේලාව බලාගත හැකි වෙයි. එහි දී කෙරෙනූයේ පළමූ සිද්ධිය සිදුවීම හා ඔරලෝසූවේ කටූ යම් පිහිටූමක තිබීම සමගාමී වීම ය. මේ සිද්ධි දෙක ම සිදුවන්නේ එක ම තැනක බැවින් මෙහි දී ගැටලු පැන නොනගියි. දෑන් අපි දෙවැනි සිද්ධිය සලකා බලමූ. මේ සිද්ධිය සිදුවන්නේ නිරිකෂකයාට තරමක් ඈතින් ය. ඒ සිද්ධිය අසවල් වේලාවෙහි සිදුවන බව නිරකෂකයා පවසන්නේ කෙසේ ද? සිද්ධිය සිදුවන මොහොතෙහි ම නිරිකෂකයා ඒ සිදුවන බව දෑනගන්නේ ද? ඒ එසේ නොවන බව අපි දනිමූ. මෙහි දී සිද්ධිය ලෙස ඈතින් පිහිටි ලකෂ්‍යයක දී විදුලි පන්දමක් දෑල්වීම ගනිමූ. විදුලි පන්දම දෑල්වූ මොහොතෙහි ම ඒ බව නිරිකෂකයාට නොපෙනෙයි. නිරිකෂකයාට සාපේකෂව ආලෝකයේ වේගය දන්නේ නම් හා විදුලි පන්දම දෑල්වූ ස්ථානයට නිරිකෂකයා සිටින ස්ථානයෙහි සිට ඇති දුර දන්නේ නම්, එවිට ආලෝකයට විදුලි පන්දම දෑල්වූ ස්ථානයෙහි සිට නිරිකෂකයා සිටින තැනට ඒමට ගතවන කාලය දෑනගත හැකි ය. දෑන් ආලෝකය නිරිකෂකයා කරා පැමිණෙන්නේ කිනම් වේලාවක දෑ යි නිරිකෂකයාට තම ඔරලෝසූව ආධාරයෙන් දෑනගත හැකි ය. විදුලි පන්දම දෑල්වූ වේලාව දෑනගැනීමට නිරකෂකයා කළ යූතු ව ඇත්තේ තමා ඔරලෝසූවෙන් කියවා ගන්නා වේලාවෙන් ආලෝකයට විදුලි පන්දම දෑල්වූ ස්ථානයෙහි සිට තමා වෙතට ළඟා වීමට ගත වූ කාලය අඩූ කිරම ය.

ඒ ක්‍රමය අනූගමනය කිරමෙන් නිරිකෂකයාට විදුලි පන්දම දෑල්වීම යන දෙවැනි සිද්ධිය සිදු වූ වේලාව දෑනගත හැකි ය. නිරිකෂකයා පළමූ සිද්ධිය සිදු වූ වේලාව ද දනියි. මේ සිද්ධි දෙක සමගාමී දෑ යි නිරිකෂකයාට දෑනගැනීම අපහසූ කාර්යයක් නො වෙයි. ඒ වේලාවල් සමාන නම් සිද්ධි දෙක සමගාමී යැ යි නිරිකෂකයා කියනූ ඇත. මෙහි ගැටලුවක් නැත. එහෙත් ගැටලුව මතු වන්නේ එලෙස සමගාමී යැ යි ගත් සිද්ධි දෙකක් වෙනත් නිරිකෂකයකු සම්බන්ධයෙන් ද සමගාමී දෑ යි නිර්ණය කිරමට ගිය අවස්ථාවෙහි දී ය.

දෙවැනි නිරිකෂකයා ඇත්තේ පළමූ නිරිකෂකයා හා විදුලි පන්දම දල්වන ස්ථානය අතර හරි මැද ස්ථානයේ (මධ්‍ය ලකෂ්‍යයෙහි) යැ යි සිතමූ. එමෙන් ම දෙවැනි නිරිකෂකයා පළමූවැනි නිරකෂකයාට සාපේකෂව නිසල ව ඇතැ යි ද සිතමූ. එවිට දෙවැනි නිරිකෂකයාට සාපේකෂව ආලෝකයේ වේගය පළමූ නිරිකෂකයාට සාපේකෂව ආලෝකයේ වේගයට සමාන විය යූතු ය. දෙවැනි නිරිකෂකයාට පළමූ සිද්ධි පෙනෙන්නේ එය පළමූ නිරිකෂකයාට පෙනී ටික වේලාවක් ගතවීමෙන් පසූව ය. එහෙත් දෙවැනි නිරිකෂකයාට, ආලෝකයට පළමූ නිරකෂකයා ගේ සිට දෙවැනි නීරිකෂකයා වෙතට යෑමට ගත වන කාලය තමාට පළමූ සිද්ධිය දෑකගත හැකි වේලාවෙන් අඩූ කිරමෙන් පළමූ සිද්ධිය සිදු වූ වේලාව දෑනගත හැකි ය. ඒ වේලාව පළමූ නිරිකෂකයා ඒ සිද්ධිය සිදු වූයේ යැ යි ගන්නා වේලාව ම යැ යි ගනිමූ. එනම් දෙවැනි නිරකෂකයා තම ඔරලෝසූවේ වේලාව පළමූ නිරිකෂකයා ගේ ඔරලෝසූවේ වේලාව සමඟ ඒ අවස්ථාවෙහි දී සමමූර්ත කර ගනියි. (Synchronize)

දෙවැනි සිද්ධිය සම්බන්ධයෙන් ද එවැන්නක් සිදුවෙයි. එහි දී දෙවැනි නිරිකෂකයා පසූ කරගෙන ආලෝක ධාරාව පළමූ නිරිකෂකයා වෙතට ගමන් කළ යූතු ය. දෙවැනි නිරිකෂකයාට සාපේකෂව පළමූ නිරිකෂකයාට ඇති දුර පළමූ නිරිකෂකයාට සාපේකෂව දෙවැනි නිරිකෂකයාට ඇති දුරට සමාන නම්, දෙවැනි නිරිකෂකයා පසූකර පළමූ නිරිකෂකයා වෙතට යෑමට ආලෝකයට ගතවන කාලය, නිරිකෂකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් ගත්කල එක ම අගයක් ගනියි. (නිරිකෂකයන් දෙදෙනා එකිනෙකාට සාපේකෂව නිසලව ඇති බැවින් මේ අගය එක ම වෙයි.) කලින් සඳහන් කළ ආකාරයට දෙවැනි නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල පළමූූ සිද්ධිය පෙනෙන්නේ පළමූ නිරිකෂකයාට ඒ පෙනී ටික වේලාවක් ගත වීමෙන් පසූව ය. එමෙන් ම ඉහත සඳහන් උපකල්පනවලට අනූව දෙවැනි සිද්ධිය දෙවැනි නිරිකෂකයාට පෙනී ටික කාලයකට පසූව පළමූවැනි නිරිකෂකයාට පෙනෙයි. කලින් මෙන් ම ආලෝකය ගමන් කිරමට ගත වන කාලය සලකා බලා දෙවැනි නිරිකෂකයා සම්බන්ධයෙන් ගත් කල ද පළමූ සිද්ධිය හා දෙවැනි සිද්ධිය සමගාමී බව පෙනී යනූ ඇත. මෙහි දී කිවයූතු කරුණක් නම්, දෙවැනි නිරිකෂකයා හරියට ම පළමූ නිරිකෂකයා හා දෙවැනි සිද්ධිය සිදුවන ස්ථානය අතරමැද සිටින බැවින් දෙවැනි නිරිකෂකයාට සාපේකෂව පළමූ සිද්ධියෙන් හා දෙවැනි සිද්ධියෙන් ලැබෙන ආලෝක ධාරා සමගාමී ව ලැබෙන බව ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යූත්ත නම්, පළමූ නිරිකෂකයාට සාපේකෂව ගත්කල සිද්ධි දෙක දර්ශනය වූයේ සමගාමී ව නොවන බව ය. සිද්ධි දෙක සමගාමී වූව ද ඒ සිද්ධි දෙක පළමූවැනි නිරිකෂකයාට සමගාමී ව දර්ශනය කිරමට නොහැකි වෙයි. එහෙත් ඒ සිද්ධි දෙක දෙවැනි නිරිකෂකයාට සාපේකෂව සමගාමී වනූ පමණක් නො වෙයි. දෙවැනි නිරිකෂකයාට ඒ සිද්ධි දෙක සමගාමී ව නැරඹීමට ද හැකි වෙයි.

දෑන් අපි එකිනෙකාට සාපේකෂව චලනය වන නිරිකෂකයන් දෙදෙනකු ගනිමූ. මෙහි දී අයින්ස්ටයින් විද්වතා විසින් සලකා බලනූ ලැබූ උදාහරණය ම අපි ගනිමූ. ඔහූ තම තර්කය ගොඩනැගීම සඳහා සලකා බැලුයේ දුම්රිය වේදිකාවක නිසල ව සිටින මගියකු හා දුම්රිය වේදිකාව පසූ කර නොනවත්වා යන දුම්රියක සිටින මගියකු ය. දුම්රියේ සිටින මගියා යම් දුම්රිය මැදිරියක හරි මැද (දිග සම්බන්ධයෙන්) සිටින්නේ යැ යි ද උපකල්පනය කරමූ. දුම්රිය වේදිකාවේ සිටින මගියාට සාපේකෂව දුම්රිය මැදිරියේ සිටින මගියා දුම්රිය වේදිකාවේ සිටින මගියා පසූ කර යත් ම දුම්රිය මැදිරියේ දෙකෙළවර සමඟ ඇති ලකෂ්‍ය දෙකක සිට විදුලි පන්දම් දෙකක් දල්වන්නේ යැ යි සිතමූ. මේ විදුලි පන්දම් දෙක දෑල්වෙන්නේ නිරිකෂකයන් දෙදෙනා ගෙන් කවූරුන් සම්බන්ධයෙන් වූව ද ගත් කල දෙපැත්තෙහි එක ම දුරකින් ඇති ලකෂ්‍ය දෙකකින් ය. එහෙත් විදුලි පන්දම් දෙක වේදිකාවෙහි සිටින නිරිකෂකයාට සාපේකෂව නිසල ව ඇති අතර, දුම්රියෙහි සිටින මගියාට සාපේකෂව චලනය වෙයි.

විදුලි පන්දම දෑල්වීම ඒ නිරිකෂකයන් දෙදෙනාට පෙනෙන්නේ කෙසේ ද? අපි පළමූව වේදිකාවේ සිටින නිරිකෂකයා ගනිමූ. ඒ නිරිකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙක දෙපැත්තෙහි සම දුරින් පිහිටි ලකෂ්‍ය දෙකක දී දෑල්වෙයි. විදුලි පන්දම් දෙක නිරිකෂකයාට සාපේකෂව එක ම දුරකින් නිසලව වෙයි. එමෙන් ම නිරිකෂකයාට දෙපැත්තෙන් ම ආලෝකය ලැබෙන්නේ එක විට ය. විදුලි පන්දම් දෙකෙහි සිට නිරිකෂකයා වෙතට ආලෝකය ගමන් කිරමට ගතවන්නේ එක ම කාලයක් ද බැවින් දුම්රිය වේදිකාවේ සිටින නිරිකෂකයා නිගමනය කරන්නේ විදුලි පන්දම් දෙක දෑල්වීමේ සිද්ධි දෙක සමගාමී ව සිදු වී ඇති බව ය.

දෑන් අපි දුම්රිය මැදිරියේ සිටින නිරිකෂකයාට මේ සිද්ධි දෙක ගැන කිවහැක්කේ කුමක් දෑ යි විමසා බලමූ. ඒ නිරිකෂකයාට අනූව ද විදුලි පන්දම් දෙක ඇත්තේ නිරීිකෂකයා ගේ සිට එක ම දුරකින් එහෙත් දෙපැත්තේ ය. එයට හේතුව නිරිකෂකයා දුම්රිය මැදිරියේ හරි මැද සිටීම ය. එහෙත් දෑන් තරමක වෙනසක් වෙයි. දුම්රිය මැදිරියේ සිටින නිරිකෂකයා එක් විදුලි පන්දමක් ආලෝකය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධව එහෙත් ආලෝකයට අභිමූඛව ගමන් කරන අතර, අනෙක් විදුලි පන්දමෙන් ආලෝකය ලැබෙන දිශාවට එහෙත් ආලෝකයෙන් ඉවතට ගමන් කරයි. දුම්රිය වේදිකාවේ සිටින නිරිකෂකයා සම්බන්ධයෙන් ගත් කල එවැනි වෙනසක් නොමැති බව අවධාරණය කළ යූතු ය. මේ වෙනස ඉතා වැදගත් වෙයි. දුම්රිය මැදිරියේ සිටින නිරිකෂකයා එක් විදුලි පන්දමකින් (A) විදුලි පන්දම යැ යි කියමූ.) ලැබෙන ආලෝකය හමූවීම සඳහා ගමන් කරන අතර අනෙක් විදුලි පන්දමෙන් (B) විදුලි පන්දම යැ යි කියමූ.) ලැබෙන ආලෝකයෙන් ඉවතට ගමන් කරයි. එබැවින් ඒ නිරිකෂකයාට A විදුලි පන්දමෙන් ලැබෙන ආලෝකය ඹ විදුලි පන්දමෙන් ලැබෙන ආලෝකයට වඩා කලින් ලැබෙයි. එහෙත් දුම්රිය මැදිරියේ සිටින නිරිකෂකයාට සාපේකෂව ද විදුලි පන්දම් දෙක ඇත්තේ සම දුරින් ය. ඒ විදුලි පන්දම් දෙක දුම්රිය මැදිරියේ දෙකෙළවර සමඟ ඇති ලකෂ්‍ය දෙකක ඇති බැවින් ය.

තමාට සාපේකෂව විදුලි පන්දම් දෙක ම සම දුරින් පිහිටා ඇති බැවින් දුම්රිය මැදිරියේ සිටින නිරිකෂකයාට අනූව විදුලි පන්දම් දෙකෙහි සිට තමා වෙතට ඒ ඒ විදුලි පන්දමෙන් ආලෝකය පැමිණිමට ගතවන කාලය රඳා පවතින්නේ ආලෝකයේ වේගය මත ය. නිරිකෂකයා එක් විදුලි පන්දමකින් ලැබෙන ආලෝකය හමූවීමට ගමන් කරන අතර අනෙක් විදුලි පන්දමෙන් ලැබෙන ආලෝකයෙන් ඉවතට ගමන් කරයි. නිරිකෂකයාට සාපේකෂව විදුලි පන්දම් දෙකෙන් ලැබෙන ආලෝකයේ වේග ගැන කිවහැක්කේ කුමක් ද? අයින්ස්ටයින් විද්වතා බටහිර භෞතික විද්‍යාවෙහි මහා පෙරළියක් කළේ මේ ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ය.

අප මෙහි දී අප කරන්නේ කුමක් ද යන්න පිළිබඳ ව ඉතා ම නිරවූල් විය යූතු ය. අප සලකා බලන්නේ යම් නිරිකෂකයකු වෙත ලැබෙන ආලෝක ධාරා දෙකක් ගැන ය. ඒ හැරෙන්නට ඒ ආලෝක ධාරා දෙකෙහි ප්‍රභව (Sources) - ගැන නො වෙයි. ආලෝක ධාරා දෙකෙහි ප්‍රභව විදුලි පන්දම් දෙකක් වෙයි. ඒ විදුලි පන්දම් දෙක දුම්රිය මැදිරියෙහි සිටින නිරිකෂකයාට සාපේකෂව චලනය වෙයි. එහෙත් අපට එය මෙහි දී වැදගත් නො වෙයි. ඒ ප්‍රභව අප නිරිකෂකයාට සාපේකෂව චලනය වූව ද නැත් ද, මෙහි දී වැදගත් වන්නේ ඒ ගුණය නොව නිරිකෂකයා ආලෝක ධාරාවක් වෙතට ගමන් කරන්නේ ද, එසේත් නැත්නම් ආලෝක ධාරාවෙන් ඉවතට ගමන් කරන්නේ ද යන්න ය. දුම්රිය වේදිකාවේ සිටින නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල මෙවැනි වෙනසක් ඇති නො වෙයි. ඒ නිරිකෂකයා සම්බන්ධයෙන් ගත්කල දෙපැත්තෙන් ම ආලෝකය ලැබෙන්නේ එක ම අයූරකින් ය. ඒ නිරිකෂකයා එක් ආලෝක කදම්බයක් හමූවීමට ගමන් නොකරයි. එමෙන් ම අනෙක් ආලෝක කදම්භයෙන් ඉවතට යෑමක් ද නො සිදුවෙයි. නිරිකෂකයන් දෙදෙනා අතර ඇති මේ වෙනස බටහිර ලෝකය හෙලවීමට සමත් විය.

මහාචාර්ය නලින් ද සිල්වා

සමගාමී සිද්ධි සමගාමී නොවීම

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

අයින්ස්ටයන් පඩිවරයා කාලය යන්න තේරුම් ගැනීමට උත්සාහ කළේ කෙසේ දෑ යි අපි විමසමූ. ඔහූට නිව්ටෝනීය භෞතිකයෙහි හා කාන්ටීය දර්ශනයෙහි මෙන් කාලය යන්න ප්‍රාග් අනූභූතී නිරපේකෂ ව ගලා යන්නක් නොවී ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි එසේ ගලා යන කාලය නිරිකෂකයා ගෙන් ස්වායත්ත වූ අතර, එක් එක් නිරීකෂකයා ඒ කාල ප්‍රාන්තරයක් මැනගත් විට ලැබෙන අගය එකක් ම විය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කෙරෙන්නේ ගලා යන කාලය (කාල ප්‍රාන්තරයක්) මැනගැනීමකි. එහෙත් අයින්ස්ටයින් පඬිවරයා පටන් ගත්තේ ම මැන ගැනීමෙනි. කාලය මැන ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? කාලය මැන ගැනෙන්නේ සිද්ධි දෙකක් අතර ය. දුම්රියක් වේදිකාවට පැමිණීම හා වේදිකාවෙන් පිටත්වීම සිද්ධි දෙකකි. අපට මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය මැනගැනීමට හැකි ය. ඒ කාල ප්‍රාන්තරය මැනගැනීමට අපට ඔරලෝසූවක්, හෝරා වීදුරුවක්, (Hour Glass)- පෑ තැටියක් හෝ වෙනත් උපකරණයක් යොදාගත හැකි ය.

පොළොව මතුපිට සිටින අපට පොල් ගෙඩියක් වැටෙන බව පෙනූණ ද, පොල් ගෙඩියෙහි සිටින කෘමියකු වැනි නිරිකෂකයකුට පෙනෙන්නේ පොළොව පොල් ගෙඩිය කරා ඇඳී එන බව හා පොල් ගසේ මූදුන තමා ගෙන් ඈත් වී පොල් ගසේ මූළ තමා වෙතට පැමිණ ඇති බව ය. පොල් ගසේ මූදුන තමා සමීපයෙහි තිබී පොල් ගසේ මූළ තමා කරා ඒමට කාලයක් ගත වන බව ද කෘමියා දනියි. ඒ කෘමියා ගේ අවකාශ කාලයෙහි ය. එමෙන් ම ඒ කාලය තුළ පොල් ගසේ මූදුන තමා ගෙන් ඈත් වී යම් දුරක් ගමන් කර ඇති බව ද කෘමියා දෑනගනියි. නිව්ටෝනීය භෞතික විද්‍යාවට අනූව පොළොව මතුපිට සිටින නිරිකෂකයකුට සාපේකෂව පොල් ගෙඩිය නටූවෙන් ගිලිහී පොළොවට වැටීමට ගතවන කාලය පොල් ගෙඩිය මත සිටින කෘමියාට පොල් ගසේ මූදුන තමා සමීපයේ සිට පොල් ගසේ මූල තමා සමීපයට ඒමට ගතවන කාලයට සමාන වන නමූත්, අයින්ස්ටයිනීය සාපේකෂතාවාදයන්ට අනූව එය එසේ නො වෙයි. දුර සම්බන්ධයෙන් ද එසේ ම ය. පොල් ගසේ උස ලෙස පොළොව මතුපිට සිටින නිරිකෂකයා මනින දුර වැටෙන පොල් ගෙඩිය මත සිටින කෘමියා පොල් ගසේ කඳේ දිග ලෙස මනින දුරෙන් වෙනස් වෙයි.

අයින්ස්ටයිනීය සාපේකෂතාවාදවලින් කෙරෙන්නේ සිද්ධි දෙකක් අතර වූ කාල හා දුර වෙන වෙන ම ගත් කල අසමාන කිරීම ය. එහෙත් එක්තරා ආකාරයට මේ දුර හා කාල ප්‍රාන්තර සකස්කර ගැනීමෙන් නිර්ණය කෙරෙන අවකාශ කාල ප්‍රාන්තරය (Space - time interval) යන්න කිනම් නිරිකෂකයකු සම්බන්ධයෙන් ගත් කල ද එක ම අගයක් ලබා දෙයි. කාලය හා දුර වෙන වෙන ම ගත් කල එක් එක් නිරිකෂකයකුට වෙන වෙන ම මිනූම් ලබා දෙනමූත් අවකාශ කාල ප්‍රාන්තරය සම්බන්ධයෙන් ගත් කල එක ම මිනනූමක් ලබා දෙයි. නිරිකෂකයා ගෙන් ස්වායත්ත ව මෙලෙස එක ම මිනූමක් ලැබෙන විට ඒ මිනූමට අච්චලකයක් යැ යි කියනූ ලැබෙයි. මෙහි තේරුම නම් අයින්ස්ටයිනීය සාපේකෂතාවාදවල ද සෑම නිරිකෂකයකු හා සම්බන්ධයෙන් ගත් කල අවිචලකයක් වන යම් රාශියක් හෝ රාශිි තිබෙන බව ය. සාපේකෂතා පිටූපස අයින්ස්ටයින් පඩිවරයා ගේ සාපේකෂතාවාදවල දී යම් අවිචලකයක් හෝ අවිචලක කිහිපයක් හෝ තිබිය හැකි ය. අයින්ස්ටයනීය සාපේකෂාතාවාද සාපේකෂ වන්නේ ඇතැම් කරුණූ සම්බන්ධයෙන් පමණකි.

අයින්ස්ටයන් පඩිවරයා කාලය යන්න තේරුම් ගැනීමට උත්සාහ කළේ කෙසේ දෑ යි අපි විමසමූ. ඔහූට නිව්ටෝනීය භෞතිකයෙහි හා කාන්ටීය දර්ශනයෙහි මෙන් කාලය යන්න ප්‍රාග් අනූභූතී නිරපේකෂ ව ගලා යන්නක් නොවී ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි එසේ ගලා යන කාලය නිරිකෂකයා ගෙන් ස්වායත්ත වූ අතර, එක් එක් නිරීකෂකයා ඒ කාල ප්‍රාන්තරයක් මැනගත් විට ලැබෙන අගය එකක් ම විය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කෙරෙන්නේ ගලා යන කාලය (කාල ප්‍රාන්තරයක්) මැනගැනීමකි. එහෙත් අයින්ස්ටයින් පඬිවරයා පටන් ගත්තේ ම මැන ගැනීමෙනි. කාලය මැන ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? කාලය මැන ගැනෙන්නේ සිද්ධි දෙකක් අතර ය. දුම්රියක් වේදිකාවට පැමිණීම හා වේදිකාවෙන් පිටත්වීම සිද්ධි දෙකකි. අපට මේ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය මැනගැනීමට හැකි ය. ඒ කාල ප්‍රාන්තරය මැනගැනීමට අපට ඔරලෝසූවක්, හෝරා වීදුරුවක්, (Hour glass)- පෑ තැටියක් හෝ වෙනත් උපකරණයක් යොදාගත හැකි ය.

හෝරා වීදුරුවක හෝ පෑ තැටියක හෝ ඔරලෝසූවක මෙන් කාලය ලකුණූ කර නැත. ඔරලෝසූවෙහි මූහූණතෙහි තත්පර කටූව, මිනිත්තු කටූව හා පැය කටූව චලනයෙහි යෙදෙයි. එසේ චලනය වීමේ දී ඒ කටූ ඔරලෝසූ මූහූණතෙහි ලකුණූ කර ඇති අංක ඔස්සේ යයි. ඒ කටූ ඒ ඒ තන්හි පිහිටි විට ඒ අංක ආධාරයෙන් අපි වේලාව කියමූ. එහෙත් හෝරා වීදුරුවෙහි එසේ කාලය ලකූණූ කර නැත. වැලි පිර වූ හෝරා වීදුරුවක වැලි ටික හෝරා වීදුරුවෙහි එක් පැත්තක සිට අනෙක් පැත්තට යෑමට යම් කාලයක් ගත වන්නේ යැ යි අපි කියමූ. එමෙන් ම පෑ තැටියක ද එහි සිදුර ඔස්සේ ජලය පිරීමට යම් කාලයක් ගතවන්නේ යැ යි අපි කියමූ.

පෑ තැටියකින් හෝ හෝරා වීදුරුවකින් හෝ කාලය මැනගැනීම හා ඔරලෝසූවකින් කාලය මැනගැනීම අතර වෙනසක් වේ ද? එහි ඇත්තේ මූලය පිළිබඳ ප්‍රශ්නයක් පමණ ය. පෑ තැටියකින් කාලය මැන ගැනීමේ දී මූලය, එනම් ආරම්භය ලෙස සැලකෙන්නේ එය ජලයෙන් හිස් ව තිබෙන අවස්ථාව ය. හෝරා වීදුරුවෙහි ද මූලයක් වෙයි. ඒ හෝරා වීදුරුවෙහි වැලි එහි එක් කොටසක මූළුමනින් ම තිබෙන අවස්ථාව ය. එහෙත් ඔරලෝසූවෙහි එලෙස මූලයක් නැති බව පෙනෙයි. ඕනෑම අවස්ථාවක ඔරලෝසූවෙහි නිශ්චිත වේලාවක් දෑක්වෙයි. මෙහි දී සිදු වන්නේ මූලයක් නැති වීම නොව කාල ප්‍රාන්තර ඉන් කුඩා කොටස්වලට (තත්පරවලට හෝ මිනිත්තුවලට හෝ) පහසූවෙන් ම කැඩීමට හැකි වීම ය. පෑ තැටියක එලෙස කාල ප්‍රාන්තරයක් පහසූවෙන් කුඩා කොටස්වලට කැඩීමට නො හැකි වෙයි. පෑ තැටිය මූළුමනින් ම ජලයෙන් පිරීමට ගත වන කාලය එය භාගයක් පිරීමට ගත වන කාලය මෙන් දෙගුණයක් නො වෙයි. මෙහි දී ද පෑ තැටියක් ජලයෙන් පිරීමට ගතවන කාලයෙන් භාගයක් මැනගැනීමට ක්‍රමයක් තනාගත නො හැකිවා නො වෙයි. අදාළ පෑ තැටිය ජලයෙන් පිරීමට ගතවන කාලයෙහි දී දෙවරක් ම ජලයෙන් පිරෙන කුඩා පෑ තැටි දෙකක් නිර්මාණය කර ගැනීමේ හැකියා ව වෙයි. එහෙත් මෙය සංකීර්ණ ක්‍රියාවලියක් වෙයි.

ඔරලෝසූවෙහි කාල ප්‍රාන්තර කුඩා කොටස්වලට කැඩීමට ඇති පහසූ ව හේතුකොටගෙන එහි කාල ප්‍රාන්තරයක් මැනීමෙහි දී යොදා ගන්නා මූලය ඕනෑ ම අවස්ථාවක දී ගත හැකි ය. අවශ්‍ය නම් උදැසන හතයි පහ යනූවෙන් කියැවෙන වෙලාව (අවස්ථාව) අපට මූලය ලෙස ගත හැකි වෙයි. නැතහොත් ඒ සඳහා වෙනත් වේලාවක් ගත හැකි ය. අප උදැසන හතයි පහ අපේ මූලය ලෙස ගතහොත් උදැසන හතයි දහය ලෙස දෑක්වෙන වේලාව හා ඒ මූලය අතර කාල ප්‍රාන්තරය මිනිත්තු පහක් වෙයි. ඔරලෝසූවෙහි දෑක්වෙන වේලාවෙන් කියැවෙන්නේ ද කාල ප්‍රාන්තරයකි. සවස තුන යනූවෙන් කියැවෙන්නේ මධ්‍යහ්නයෙහි සිට සවස තුන යනූවෙන් කියැවෙන වේලාව (අවස්ථාව) අතර කාල ප්‍රාන්තරය පැය තුනක් යන්න ය. මෙහි දී මූලය ලෙස ගැනෙන්නේ මධ්‍යහ්නය ය.

මෙයින් පෙනී යන කරුණ නම් පෑ තැටියෙන්, හෝරා වීදුරුවෙන්, ඔරලෝසූවෙන් හෝ වෙනත් උපකරණයකින් හෝ මැනෙන්නේ අවස්ථා, එනම් සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය බව ය. අයින්ස්ටයින් විද්වතා තේරුම් ගත් ප්‍රධාන ම කරුණක් වූයේ මෙය ය. කාල ප්‍රාන්තරය මැනෙන්නේ සිද්ධි දෙකක් අතර ය යන්න ඔහූට වැටහිණි. යම් උපකරණයකින් කාලය මැනීමේ දී අප කරන්නේ ද සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය මැනීම ය. අපි දුම්රියක් වේදිකාවට පැමිණීමේ සිද්ධිය (Event)- හා වේදිකාවෙන් පිටත්වීමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය මනිමූ. එහි දී අපි ඔරලෝසූවක් යොදා ගත්තේ යැ යි සිතමූ. ඔරලෝසූවක් යොදා ගැනීමේ දී අප කරන්නේ කුමක් ද?

දුම්රිය වේදිකාවට පැමිණෙනවාත් සමඟ අපි ඔරලෝසූවෙන් වේලාව බලා ගන්නෙමූ (කියවමූ). ඉන්පසූ දුම්රිය වේදිකාවෙන් පිටත්වීමත් සමඟ ද ඔරලෝසූවෙන් වේලාව බලා ගනිමූ. අප කරන්නේ මේ කියවීම දෙකෙන් පළමූවැන්න, දෙවැන්නෙන් අඩූ කිරීම ය. මෙහි තේරුම් ගැනීමට ඇත්තේ කුමක් දෑ යි කිසිවකුට සිතෙනූ ඇත. එහෙත් අප මෙහි දී කරන්නේ කුමක් දෑ යි ඉතා සූපරීකෂාකාරීව විශ්ලේෂණය කළ තැනැත්තා වූයේ අයින්ස්ටයින් විද්වතා ය. දුම්රිය වේදිකාවට පැමිණෙත් ම වේලාව බලා ගැනීම යනූ දුම්රිය වේදිකාවට පැමිණිමේ සිද්ධිය හා ඔරලෝසූව කටූ යම් පිහිටූමකට පැමිණිමේ සිද්ධිය සමගාමී (Simulteneous) ව සිදු වන්නේ යැ යි අප විසින් ගනූ ලැබීම ය. මෙහි දී වැදගත් ම වචනය වනූයේ සමගාමී යන්න ය. දුම්රිය වේදිකාවට පැමිණෙනවාත් සමඟ අපි ඔරලෝසූවේ කටූ පැමිණ ඇත්තේ කිනම් පිහිටූමකට දෑ යි බලා ගන්නෙමූ. ඒ සිද්ධි දෙක සමගාමී ව සිදු වන බැවින් සිද්ධි දෙක ම සිදු වන්නේ එක ම වේලාවක දී යැ යි පැවසීමට අපි පූරුදු වී සිටිමූ. එනම් අපට එසේ ගැනීමට, පැවසීමට අපි පූරුදු කර ලැබී සිටින්නෙමූ. ඒ අපට කුඩා කල සිට ලැබෙන පූහූණූවක ප්‍රතිඵලයක් වෙයි.

දුම්රිය වේදිකාවට පැමිණීම මෙන් ම ඔරලෝසූවේ කටූ යම් පිහිටූමකට පැමිණීම ද සිද්ධියකි. දුම්රිය වේදිකාවෙන් පිටත් වීම සම්බන්ධයෙන් ද එසේ ය. එහි දී ද ඔරලෝසූවේ කටූ යම් පිහිටූමකට පැමිණෙන සිද්ධිය වෙයි. දුම්රිය වේදිකාවට පැමිණිමේ සිද්ධිය හා දුම්රිය වේදිකාවෙන් පිටත් වීමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය මැන ගැනීමේ දී අප කරන්නේ ඒ සිද්ධි දෙක සමඟ සමගාමී වන වෙනත් සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරයට අපට අවශ්‍ය කාල ප්‍රාන්තරය සමාන යැ යි සැලකීම ය. ඔරලෝසූවේ කටූ සම්බන්ධ සිද්ධි දෙක අතර කාල ප්‍රාන්තරය අපට ඔරලෝසූවෙන් කියවා ගත හැකි වෙයි. එබැවින් දුම්රිය වේදිකාවට පැමිණීමේ සිද්ධිය හා දුම්රිය වේදිකාවෙන් පිටත් වීමේ සිද්ධිය අතර කාල ප්‍රාන්තරය ද අපට දෑනගත හැකි වෙයි.

අයින්ස්ටයින් විද්වතා ගේ විශ්ලේෂණයෙහි වැදගත් ම කොටස වූයේ සමගාමී සිද්ධි පිළිබඳ ව ඔහූ කළ නිරිකෂණය ය. යම් නිරිකෂකයකුට සාපේකෂ ව සිද්ධි දෙකක් සමගාමී නම්, ඒ නිරිකෂකයා ඒ සිද්ධි දෙක එක ම කාලයක දී සිදු වන්නේ යැ යි ගන්නා බව ඔහූ පෙන්වා දුන්නේ ය. ඉන්පසූ ඔහූ මතු කළ වැදගත් ප්‍රශ්නය වූයේ සමගාමී සිද්ධි යනූ නිරිකෂකයා ගෙන් ස්වායත්ත ද යන්න ය. වෙනත් වචනවලින් කිවහොත් එක් නිරිකෂකයකුට සමගාමී වූ සිද්ධි දෙකක් වෙනත් නිරිකෂකයකුට ද සමගාමී ද යන්න ඔහූ ප්‍රශ්න කළේ ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාවට අනූව සමගාමී සිද්ධි නිරිකෂකයා ගෙන් ස්වායත්ත විය. යම් සිද්ධි දෙකක් යම් නිරිකෂකයකුට සාපේකෂ ව සමගාමී වී නම් ඒ සිද්ධි දෙක වෙනත් ඕනෑ ම නිරිකෂකයකුට සාපේකෂව ද සමගාමී විය. එහෙත් අයින්ස්ටයින් විද්වතා පෙන්වා දුන්නේ එය එසේ නොවන බව ය. එය බටහිර භෞතික විද්‍යාවෙහි මහත් පෙරළියක් කළ ප්‍රකාශයක් විය. බටහිර භෞතික විද්‍යාවෙහි එතෙක් තිබූ නිව්ටෝනීය සූසමාදර්ශය ( ඇතැමූන්ට අනූව පැරඩයිමය) එමඟින් වෙනස් කෙරිණි. මේ සූසමාදර්ශ වෙනස යනූ උපන්‍යාස (වෙනසක් නො වී ය. ඇතැම්හූ සූසමාදර්ශ වෙනස යන්න උපන්‍යාසවල වෙනසක් සඳහා පමණක් නොව ඇතැම් විට කොකා කෝලා පානයෙන් පෙප්සි කෝලා පානයට මාරු වීම විස්තර කිරීම සඳහාත් යොදා ගනිති. ඒ ඔවූන් ගේ නොදෑනූම හේතු කොටගෙන ය.

බටහිර භෞතික විද්‍යාව නිව්ටෝනීය සූසමාදර්ශයෙන් අයින්ස්ටයිනීය සූසමාදර්ශයට මාරු වීමත් සමඟ කාලයට තිබූ නිරපේකෂකත්වය ද අහෝසී වී ගියේ ය. බටහිර ලෝකයෙහි කාලය යන්න තවදුරටත් නිරිකෂකයා ගෙන් ස්වායත්ත වූ දෙයක් නො වී ය. කාල ප්‍රාන්තරය නිරිකෂකයා ගෙන් නිරිකෂකයාට වෙනස් විය. එහි පදනමේ තිබූණේ සමගාමී සිද්ධි නිරිකෂකයා ගෙන් ස්වායත්ත නො වීම ය. එනම් සමගාමී සිද්ධි තවදුරටත් නිරපේකෂ ව සමගාමී නො වීම ය.

මහාචාර්ය නලින් ද සිල්වා

පොල් ගෙඩිය කරා පැමිණෙන පොළොව

~ මහාචාර්ය නලින් ද සිල්වා ~

පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව සිටින්නේ යැ යි සැලකුව ද ඉරෙහි හෝ හඳෙහි හෝ සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වෙයි. පොළොව තම අකෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද යයි. ඒ යන්නේ පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව නොව පොළොවෙන් ඉවත ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව ය. ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව ඇතැ යි ගන්නා පරිදි පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන, වැටෙන, පොල් ගෙඩියෙහි සිටින කෘමියා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකයි.

කාලය යනූ කුමක් ද යන්න පිළිබඳ ව ප්‍රවාදයක් නිර්මාණය කිරීමට අපට දෑන් උත්සාහ ගත හැකි ය. සිංහල ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අනූව කාලය යනූ පඤ්ඤන්තියකි. මෙයින් අදහස් වන්නේ අපේ අර්ථ දෑක්වීම්වලට අනූව කාලය යනූ අනෙක් ඉන්ද්‍රියන් ගේ සෘජූ ආධාරයක් නොමැතිව මනසින් නිර්මාණය කරගත හැකි සංකල්පයකි. මෙහි දී අවධාරණය කළ යූතු පදය නම් සෘජූ යන්න ය. එයින් කියැවෙන්නේ වක්‍රව අනෙක් ඉන්ද්‍රිය ආධාර කරගත හැකි හෝ ආධාර වන හෝ බව ය. කාලය ගැන මනස දන්නා, එනම් මනස විසින් නිර්මාණය කෙරී ඇති ගුණයක් නම් එය ඉදිරියට ගලාගෙන යන බව ය. කාලය නොනැවතී ඉදිරියට යයි. බටහිර විද්‍යාඥයෝ කාලයේ මේ ගුණය ගැන කතා කිරීම සඳහා කාලහීය (Arrow of Time)- යන වචනය යොදා ගනිති. එහෙත් අප සඳහන් කර ඇති පරිදි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය ගලා නො යයි. එහි කාලය ගල්ගැසී ඇත.

බටහිර විද්‍යාවට කාලය යනූවෙන් යමක් ඇත. බටහිර විද්‍යාවෙහි පූටූවක් ඇතැ යි යනූවෙන් ගැනෙන ආකාරයට කාලය ද ඇතැ යි ගැනෙයි. පූටූව මෙන් ම කාලය ද බටහිර විද්‍යාවට අනූව යථාර්ථය වෙයි. මිනිසූන් හෝ වෙනත් නිරීකෂකයන් නොසිටිය ද කාලය ඇත. එහෙත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි කාලය පූටූවක් මෙන් ඉන්ද්‍රිය ඔස්සේ දෑනගන්නක් නො වෙයි. එබැවින් කාන්ටි නම් බටහිර දාර්ශනිකයාට කාලය යනූ ප්‍රාග් අනූභූති ( a prior i)- දෙයක් යැ යි ප්‍රකාශ කිරීමට සිදු විය. එයින් ඔහූ අදහස් කළේ අනූභූතියට පෙර, එනම් ඉන්ද්‍රියන් ආශ්‍රිත ව දෑනූමක් ලබා ගැනීමට පෙර කාලය පිළිබඳ දෑනූමක් මිනිසාට ඇති බව ය. කාලය පමණක් නොව අවකාශය ද කාන්ටි විද්වතාට අනූව ප්‍රාග් අනූභූති විය.

අයින්ස්ටයින් විද්වතා ගේ විශේෂ සාපේකෂතාවාදයෙන් ද මේ ප්‍රාග් අනූභූති බවෙහි වෙනසක් නො කෙරිණි. විශේෂ සාපේකෂතාවාදයෙහි දී වූයේ කාලය හා අවකාශය නිරපේකෂ බවින් මිදී සාපේකෂ තත්ත්වයකට පත්වීම ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සිද්ධි දෙකක් අතර වූ කාල ප්‍රාන්තරය එක් එක් නිරිකෂකයා සම්බන්ධයෙන් ගත් කල වෙනස් නො වීය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය නිරිකෂකයා ගෙන් නිරිකෂකයාට වෙනස් වීමට හැකි විය. නිරිකෂකයන් දෙදෙනා එකිනෙකාට සාපේකෂ ව චලනය වන්නේ නම් ඔවූන් සිද්ධි දෙකක් සම්බන්ධයෙන් මනින කාල ප්‍රාන්තර වෙනස් විය.

විශේෂ සාපේකෂතාවාදයෙහි කෙරුණේ කාලය හා අවකාශය එක් කිරීම ය. කාලය හා අවකාශය යනූ තවදුරටත් එකිනෙකින් වෙන්වූ දැ නො වීය. එක් නිරිකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තරයක් පමණක් ඇති සිද්ධි දෙකක් වෙනත් නිරිකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තරයක් මෙන් ම අවකාශ ප්‍රාන්තරයක් ද සහිත සිද්ධි දෙකක් වීමට හැකි විය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි සිද්ධි දෙකක අවකාශ කාල ප්‍රාන්තරය (space time interval) ලෙස හැඳින්වෙන්න නිරීකෂකයා ගෙන් ස්වායත්ත විය. ඉන් කියැවෙනූයේ කිනම් නිරිකෂකයකු සම්බන්ධයෙන් ගත්ත ද සිද්ධි දෙකක අවකාශ කාල ප්‍රාන්තරය එකක් ම බව ය. ඒ අවකාශ කාල ප්‍රාන්තරය නිරීකෂකයා ගෙන් නිරීකෂකයාට වෙනස් නො වීය. එලෙස වෙනස් නොවන රාශියකට අවිචලකයක් (invariant)- යැ යි කියනූ ලැබෙයි.

මෙහි දී කිව යූතු ප්‍රධාන ම කරුණක් වනූයේ අවකාශ කාලය එකට ගත්කල ප්‍රාග් අනූභූති බව ය. එනම් අවකාශ කාලය ඉන්ද්‍රීය ගෝචර දෑනූමෙන් හා වෙනත් වස්තුන් ගෙන් ස්වායත්ත වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලය වෙන වෙන ම ගත් කල ප්‍රාග් අනූභූති වෙයි. විශේෂ සාපේකෂතාවාදයෙහි දී සිදු වන්නේ ඒ දෙක ම අවකාශ කාලය ලෙස ගත් කල ඉන්ද්‍රීය ගෝචර දෑනූම ලබා ගැනීමට පෙර ද තිබෙන බව ගැනීම ය. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි තිබෙන අවකාශයක හා කාලයක වස්තු චලනය වෙයි. විශේෂ සාපේකෂතාවාදයෙහි තිබෙන අවකාශ කාලයක වස්තු චලනය වෙයි.

එහෙත් සාධාරණ සාපේකෂාතාවාදයෙහි (General Theory of relativity)- දී මේ තත්ත්වය වෙනස් වෙයි. එහි දී අවකාශ කාලය කල්තබා දෙනූ නො ලැබෙයි. එහි අවකාශ කාලය නිර්ණය වනූයේ වස්තු මඟිනි. වස්තු, එනම් ද්‍රව්‍ය හා විකිරණ මඟින් අවකාශ කාලය සකස් වෙයි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය (destribution)- වෙනස් වීමත් සමඟ අවකාශ කාලය ද වෙනස් වෙයි. සාධාරණ සාපේකෂතාවාදයෙහි අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණ (einstein's field equation)- නමින් හැඳින්වෙන සමීකරණ පද්ධතියෙහි වම්අත පැත්තෙහි අවකාශ කාලය, එනම් ඡ්‍යාමිතිය පිළිබඳ වූ පද ද, දකුණූ පැත්තෙහි ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය හා සම්බන්ධ වූ පද ද වෙයි. දකුණූ පැත්ත දී ඇති විට වම්අත පැත්ත සඳහා විසඳුම් මේ සමීකරණ පද්ධතිය විසඳීමෙන් ලබාගත හැකි වෙයි. ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තිය වෙනස් වන විට අවකාශ කාලය ද වෙනස් වන්නේ මේ සමීකරණ පද්ධතියට අනූව අවකාශ කාලය ඒ ඒ ව්‍යාප්තිය මත පදනම් වන බැවින් ය.

සාධාරණ සාපේකෂතාවාදයෙහි වස්තු දෙන ලද අවකාශ කාලයක චලනය වනවා වෙනූවට වස්තු විසින් අවකාශ කාලය නිර්මාණය කෙරෙයි. වස්තුවල චලනය අනූව ද අවකාශ කාලය වෙනස් වෙයි. ප්‍රධාන වන්නේ අවකාශ කාලය නොව වස්තු, එනම් ද්‍රව්‍ය හා විකිරණ ය. දෑන් අවකාශ කාලය ප්‍රාග් අනූභූති ලෙස ගත හැකි නො වෙයි. ඒ අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතිය මත පරායත්ත වන බැවින් ය.

එහෙත් මෙහි දී තරමක ගැටලුවක් වෙයි. මේ සූත්‍රකරණය අනූව අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතිය මත පරායත්ත බැවින් ද්‍රව්‍ය හා විකිරණ කිසිවක් නැති විට අවකාශ කාලයක් නොතිබිය හැකි යැ යි නිගමනය කිරීමේ හැකි කමක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අවකාශ කාලයක් තිබීමට නම් ද්‍රව්‍ය හා විකිරණ පද්ධතියක් තිබිය යූතු ය. එහෙත් විශේෂ සාපේකෂතාවාදයෙහි දක්නට ලැබෙන අවකාශ කාලය ද්‍රව්‍ය හා විකිරණ පද්ධතියක් නොමැතිව වූව ද තිබිය හැකි ය. ඒ අවකාශ කාලය ද අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණවල විසඳුමක් වෙයි. එසේ නම් විශේෂ සාපේකෂතාවාදයෙන් කියැවෙන අවකාශ කාලය කුමක් ද? එය තිබිය නොහැකි ද? එවැනි විසඳුමක් අයින්ස්ටයිනීය කෙෂ්ත්‍ර සමීකරණවලට තිබීමෙන් කියැවෙන්නේ කෙෂ්ත්‍ර සමීකරණ නිසියාකාර ව සූත්‍රගත කෙරී නොමැති බව ද?

එසේ ම සාධාරණ සාපේකෂතාවාදයෙහි ද කාලය ගලා යෑමක් නැත. එහි ද කාලය ගල් ගැසී ඇත. අවකාශ කාලයෙහි අවකාශය හා කාලය එක් වී ඇත්නම් කාලය ගැන වෙන ම කතා කරන්නේ කෙසේ දෑ යි කිසිවකුට ප්‍රශ්නයක් වීමට ඉඩ ඇත. එහෙත් මෙහි දී කාලය ගැන කතා කෙරෙන්නේ එක් නිරිකෂකයකු හා සම්බන්ධයෙන් ය. ඕනෑම නිරිකෂකයකු ගත් කල විශේෂ සාපේකෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේකෂාතාවාදයෙහි ද කාලය හා අවකාශය වෙන් කළ හැකි ය. එනම් කාලය වෙනමත් අවකාශය වෙනමත් ගත හැකි ය. එහෙත් එහි දී අවධාරණය කළ යූත්ත නම්, කාලය නොමැති ව අවකාශයවත් අවකාශය නොමැති ව කාලයවත් නොපවතින බව ය. වෙන වෙන ම ගැනීමට හැකි වීම යනූ වෙන වෙන ම පැවතීම නො වෙයි. වෙන වෙන ම ගැනීමට හැකි වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ වෙන වෙන ම මැනගත හැකි ය යන්න ය.

කාලය හා අවකාශය (දුර) වෙන වෙන ම ගත්ත ද, සාපේකෂතාවාදයන්හි දී, සිද්ධියකට අවකාශයේ පමණක් සිදු විය නොහැකි ය. එනම් කිසිම නිරිකෂකයකුට සාපේකෂ ව සිද්ධියක් හූදු අවකාශයක සිදු නො වෙයි. සිද්ධියක් සඳහා අවකාශය මෙන් ම කාලය ද අවශ්‍ය වෙයි. පොල් ගෙඩියක් වැටීම ගැන සලකමූ. පොළොවෙහි, එනම් බිම සිටින, යම් නිරිකෂකයකුට සාපේකෂව ගත් කල පොල් ගෙඩිය ගස මූදුනේ තිබී ටිකෙන් ටික බිමට පහත් වෙයි. ඒ නිරිකෂකයාට අනූව පොල් ගෙඩිය යම් කාලයක දී ගස් මූදුනෙහි වෙයි. ඉන් ස්වල්ප කාලයකට පසූව පොල් ගෙඩිය පොළොවට වැටෙයි. ඒ නිරිකෂකයා කාලය හා අවකාශය වෙන වෙන ම මනියි. අහවල් කාලයෙහි දී පොල් ගෙඩිය යම් උසක ඇති අතර, වෙනත් කාලයක දී එය පොළොවෙහි වෙයි. එසේ වෙන වෙන ම කාලය හා දුර (අවකාශය) මැනගත හැකි වූවත් පොල් ගෙඩිය අවකාශයේ කිසිම තැනක කාලයක් නොමැති ව නො පවතියි. පොල් ගෙඩිය ගස මූදුනේ ඇත්තේ යම්කිසි කාලයක දී ය. එමෙන් ම පොළොව මතුපිට පිහිටන්නේ ද යම්කිසි කාලයක දී ය. කාලය හා අවකාශය යම් නිරිකෂකයකු විසින් වෙන වෙන ම මැනගත්ත ද, කාලය හා අවකාශය වෙන වෙන ම නො පවතියි.

අපි දෑන් වෙනත් නිරිකෂකයකු මේ සිද්ධි දාමය දකින අයූරු සලකමූ. අපි පොල් ගෙඩියෙහි සිටින කෘමියකු නිරිකෂකයා ලෙස සලකමූ. (අවශ්‍ය නම් පොල් ගෙඩියත් සමඟ වැටෙන මිනිස් නිරිකෂකයකු ගත හැකි ය.) මේ කෘමියාට මිනිසකුට මෙන් අවකාශය හා කාලය පිළිබඳ සංකල්ප ඇතැ යි සිතමූ. කෘමියා පොල් ගෙඩිය වැටීම යනූවෙන් කියැවෙන්න දකින්නේ කෙසේ ද? කෘමියාට අනූව කෘමියා ගේ සිට පොල් ගෙඩියට ඇති දුර වෙනස් නො වෙයි. පොල් ගෙඩිය ගස මූදුනේ ඇත්තේ යම් කාලයක දී ය. කෘමියා ඒ කාලය දනියි. පොල් ගෙඩිය පොළොව සමඟ ස්පර්ශ වන වෙලාව ද කෘමියා දෑන ගනියි. කාලය වෙනස් වී ඇත. එහෙත් වෙනස් වී නැත්තේ කෘමියා ගේ සිට පොල් ගෙඩියට ඇති දුර ය. කෘමියාට සාපේකෂ ව පොල් ගෙඩිය නිසල ව ඇත. කෘමියා තමා නිසල ව ඇතැ යි සලකයි. ඒ පොළොවෙහි සිටින නිරිකෂකයා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකන පරිදි ය.

පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව සිටින්නේ යැ යි සැලකුව ද ඉරෙහි හෝ හඳෙහි හෝ සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වෙයි. පොළොව තම අකෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද යයි. ඒ යන්නේ පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව නොව පොළොවෙන් ඉවත ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව ය. ඉරෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන පොළොවෙහි සිටින නිරිකෂකයා තමා නිසල ව ඇතැ යි ගන්නා පරිදි පොළොවෙහි සිටින නිරිකෂකයකුට සාපේකෂ ව චලනය වන, වැටෙන, පොල් ගෙඩියෙහි සිටින කෘමියා ද තමා නිසල ව සිටින්නේ යැ යි සලකයි. ඕනෑම නිරිකෂකයකු තමා නිසල ව සිටින බවටත්, වෙනත් නිරිකෂකයන් තමාට සාපේකෂ ව චලනය වන බවටත් ගනියි. තමා නිසල ව ඇතැ යි ගන්නා කෘමියාට සාපේකෂ ව පොල් ගෙඩිය චලනය නො වෙයි. කෘමියාට සාපේකෂ ව චලනය වන්නේ පොල් ගස හා පොළොව ය. යම් කාලයක දී කෘමියාට සාපේකෂ ව පොල් ගසේ මූදුනට ඇති දුර ශුන්‍ය වෙයි. ටික කාලයකට පසූ පොල් ගසේ මූදුනට යම් දුරක් ඇති බවත් පොල් ගසේ මූලට (පොල් ගෙඩිය ගස මූල පතිත වී යැ යි සිතමූ) දුරක් නැති බවත් කෘමියා පවසනූ ඇත. කෘමියාට සාපේකෂ ව පොල් ගස චලනය වී ඇත. ගසේ මූදුන කෘමියා ගෙන් ඈතට ගොස් ඇති අතර ගසේ මූල කෘමියා කරා පැමිණ ඇත. යම් කාලයක දී ගසේ මූලට කෘමියා ගේ සිට දුරක් ඇති අතර ටික වේලාවකින් පසූ ඒ දුර ශූන්‍ය වෙයි. කෘමියා කරා පැමිණ ඇත්තේ පොල් ගසේ මූල පමණක් නො වෙයි. පොළොව ද කෘමියා කරා පැමිණ ඇත! එනම් පොළොව පොල් ගෙඩිය කරා පැමිණ ඇත! පොළොවට කෘමියා කරා අවකාශයක පමණක් පැමිණිය නොහැකි ය. ඒ සඳහා කාලය ද අවශ්‍ය වෙයි. කාලය හා දුර වෙන වෙන ම මැන්න ද පොළොව කෘමියා කරා පැමිණෙන්නේ කෘමියා ගේ අවකාශ කාලයෙහි ය.

මහාචාර්ය නලින් ද සිල්වා

දෙවියන් වහන්සේ හා නිර්මාණය

මහාචාර්ය නලින් ද සිල්වා -

ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන්වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්‍රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.

දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබිය නොහැකි ද යන ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගන්නේ ද නැත් ද යන්න මත රඳා පවතියි. උන්වහන්සේ ඇත්තට ම නැත්නම් සමහර විට මනස විසින් මනස ඇති කරනූ ලබන්නේ ය වැනි පිළිතුරක් දීමේ හැකියාව වෙයි. එහෙත් දෙවියන් වහන්සේ ඇත්තට ම ඇතැ යි ගතහොත්, එවිට සියල්ල උන්වහන්සේ ගෙන් නතර වෙයි. එහි තේරුම නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැර අන් සියල්ල නිර්මාණය කරන මූත් තමන් වහන්සේ නිර්මාණය නොකරන බව ය.

මෙහි සියල්ල නිර්මාණය කළේ ය යනූවෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම සියල්ල නිර්මාණය කළේ ය යන්නට වඩා සියල්ල නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ද, සියල්ල නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම ද නිර්මාණය කෙළේ ය යන්න ය. උදාහරණයක් ලෙස ගතහොත්, පූටූ මේස ආදිය හෝ අද පවතින ගස් සතුන් ආදිය හෝ නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් නො වෙයි. එහෙත් උන්වහන්සේ පළමූ සතුන්, ආදම් හා එව්, පළමූ ගස් හා ප්‍රජනන ක්‍රම ආදියත් මිනිසූන්ට පූටූ හා වෙනත් දැ නිර්මාණය කිරීමේ හැකියාවත් නිර්මාණය කිරීමෙන් අද පවතින ගස් ආදියත්, අද ජිවත් වන මිනිසූනූත්, පූටූ ආදියත් නිර්මාණය කිරිම සඳහා අවශ්‍ය සියල්ල නිර්මාණය කර ඇත.

දෙවියන් වහන්සේ යනූ කාගේ හෝ නිර්මාණයක් නම් ඉන් කියැවෙන්නේ එසේ නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ නොසිටි බවත්, එහෙත් එසේ නිර්මාණය කළ තැනැත්තා සිටි බවත් ය. එසේ ගතහොත් දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කළේ ය යන්න අසත්‍යයක් වෙයි. සියල්ල නිර්මාණය කිරීම පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වූවත් දෙවියන් වහන්සේ වෙනත් අයකු විසින් නිර්මාණය කරනූ ලැබී යැ යි ගත හැකි නො වෙයි. එවිට දෙවියන් වහන්සේට ද වඩා පළමූවැන්නෙක් ලෝකයේ පවතියි.

එවිට අපට පිළිගැනීමට සිදු වන්නේ දෙවියන් වහන්සේ ඇත්තට ම ඇති බැවින් කාගේ හෝ නිර්මාණයක් නොවී පවතින බව ය. දෙවියන් වහන්සේ ගැන පමණක් නොව බ්‍රහ්මන් ගැන පවා කිව හැක්කේ එවැන්නකි. බ්‍රහ්මන් සම්බන්ධයෙන් ගත්කල ලෝකය හා බ්‍රහ්මන් යනූ එකක් බව ද බ්‍රහ්මන් ලෝකයෙන් වෙන් කිරීමට නොහැකි බව ද තේරුම් ගත යූතු ය. එසේ තිබිය දී ද මූල හේතුවක් ගැන කතා කරන විට ඒ මූල හේතුව ඵලයක් ලෙස ගෙන වෙනත් හේතුවක් දීමට නොහැකිකම ප්‍රශ්නයක් වෙයි.

දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් ලෙස සැලකිය නොහැක්කේ යූදෙව් චින්තනයෙහි පමණක් නොව ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින ලෙස ගැනීම නිසා ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හේතු සොයන්නේ බොහෝ විට ඒ චින්තනයෙහි ඇත්තට ම පවතින්නේ යැ යි ගනූ ලබන වස්තු හා එහි ගුණ සඳහා ය. ඇත්තට ම නැතැ යි කියන දැ හි පවා අඩූතරමින් හේතුව ඇත්තට ම පවතින්නක් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි පොල් ගෙඩියක් ඇත්තට ම පවතින බවත්, එය ඇත්තට ම පොළොවට වැටෙන බවත් පිළි ගැනෙයි. මිනිසූන් හිටියත් නැතත්, පොල් ගෙඩි හා පොල් ගෙඩි වැටෙනූ නිරිකෂණය කිරිමට මිනිසකු හෝ වෙනත් නිරිකෂකයකු හෝ සිටියත් නැතත්, පොල් ගෙඩි ඇති බවත්, ඒ පොල් ගෙඩි වැටෙන බවත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි පිළිගැනෙයි. එසේ නම්, පොල් ගෙඩි වැටීමට හේතුව කුමක් දෑ යි අසන කල ඉන් විමසෙන්නේ ඇත්තට ම සිදු වන ක්‍රියාවකට හේතුව කුමක් ද යන්න ය. එවිට ඒ හේතුව ද ඇත්තට ම පවතින්නක් ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණ බලයක් (කෙෂත්‍රයක්) ඇත්තට ම ඇතැ යි පිළිගන්නේ එබැවින් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඇත්තට ම පවතින පොල් ගෙඩි ඇත්තට ම පවතින ගුරුත්වාර්ෂණ කෙෂත්‍රයක වැටෙයි.

ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සියල්ල ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙනවා ද නො වෙයි. එහෙත් එලෙස ඇත්තට ම නොපවතින්නේ යැ යි ගැනෙන දේට පවා හේතු සොයන්නේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙන දේ ඔස්සේ ය. අපට උදාහරණයක් ලෙස හොල්මන් ගත හැකි ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හොල්මන් යනූවෙන් ඇත්තට ම සංසිද්ධියක් නැතැ යි ගත්ත ද එසේ හොල්මන් පෙනීම විස්තර කෙරෙන්නේ ඇති බවට සැලකෙන මනස ඔස්සේ ය. මනසේ යම් වෙනස් වීමක් නිසා හොල්මන් පෙනෙන්නේ යැ යි තේරුම් කිරීමට ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව කටයූතු කරන්නෝ උත්සාහ කරති. ඔවූහූ මනසේ එලෙස යම් යම් භ්‍රාන්ති ඇති වීමට ද ඇත්තට ම පවතින හේතු සොයති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඵලය හොල්මන් මෙන් ඇතැම් විටක ඇත්තට ම නොපවතින්නක් වූව ද, හේතුව ඇත්තට ම පවතින්නක් බව ය.

එවිට සියල්ලෙහි ම මූල හේතුව ඇත්තට ම පවතින්නක් විය යූතු බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙයි. ඇත්තට ම පවතින්නකට තමන් ම නිර්මාණය කර ගැනීමට නොහැකි ද යන්න අපට විසඳාගත යූතු ව ඇති ප්‍රශ්නය වෙයි. මෙහි දී ගැටලුව වනූයේ නිර්මාණය කිරීමට නම් එය යම් අවස්ථාවක හෝ නො පැවතිය යූතු වීම ය. තමන් ම නිර්මාණය කර ගත්ත ද වෙනත් අයකු නිර්මාණය කළ ද නිර්මාණය කෙරෙන්න එසේ නිර්මාණය කිරිමට පෙර නො පවතියි. මෙහි දී පෙර යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් යමකුට විරුද්ධ විය හැකි ය. කාලය යන්න දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් බැවින් දෙවියන් වහන්සේ කාලය මැවීමට පසූව පමණක් පෙර හා පසූ සංකල්ප ඇතැ යි තර්ක කිරීමට හැකි වෙයි. කාලය මැවීමට පෙර, පෙරක් නැත යන්න මේ තර්කයෙහි හරය වෙයි. එය එසේ වූවත් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණයක් නැති බැවින් යැ යි වෙනත් තර්කයක් ගොඩනඟා ගත හැකි ය. ඒ තර්කයට පෙර හා පසූ යන සංකල්ප අවශ්‍ය නො වෙයි. කාලයක් නැති වූව ද ඒ තර්කය වලංගු වෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කිරීමට නම්, දෙවියන් වහන්සේ නැති විය යූතු ය.

මෙහි දී දෙවියන් වහන්සේ ඕපපාතික ව පහළ නොවී ද යන ප්‍රශ්නය ද ඇසිය හැකි ය. දෙවියන් වහන්සේ යනූ තමන් වහන්සේ ගේ ම නිර්මාණයක් නොවූණ ද, දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමේ හැකියාවක් ඇත. බෞද්ධ සාහිත්‍යයෙහි දෙවියෝ (දෙවියන් වහන්සේ නොව) ඕපපාතිකව පහළ වෙති. එහෙත් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වීම යැ යි කීම සිංහල බෞද්ධ චින්තනයක ගත හැකි වූව ද ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ගත හැකි නො වෙයි. එක් අතෙකින් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී යැ යි ගැනීම උන් වහන්සේට කරන මදි පූංචිකමකි. අනෙක් අතට දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය නැගීමට සිදු වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ එක්කෝ භූමාටූ දෙවියන් ලෙස පවතින ලෝකයක ය. එසේත් නැත්නම් දිව්‍ය ලෝකවල ය. ඒ දිව්‍ය ලෝක ද දෙවියන් ඕපපාතිකව පහළ වීමට පෙර සිට ම පවතියි.

එහෙත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන් වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්‍රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගැනෙන විට තමන් ම තමන් නිර්මාණය කරන්නේ යැ යි ගැනීමට නොහැකි බව ය. සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයෙහි මේ ගැටලුව නැත. එහි මනස යනූවෙන් යමක් ඇත්තට ම නැත. මනස විසින් මනස නිර්මානය කෙරෙන්නේ යැ යි කී විට එහි දී නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීමක් කියැ වෙයි. නැති මනස ඇති මනසක් ලෙස ගැනෙන්නේ ඇති මනසක් ලෙස ගන්නා නැති මනසකින් ය. මනස ඇත්තට ම පවතින්නේ නම් එවිට මනසට මනස නිර්මාණය කිරිමට නො හැකි වෙයි. එසේ නිර්මාණය කිරීම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබීම වැනි ක්‍රියාවක් වෙයි. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මූල හේතු සොයයි. එය ඒක රේඛීය චින්තනයක් වෙයි. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. එය මූල හේතු නො සොයයි.

එපමණක් නො වෙයි. බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් නොදක්වන කරුණක් වෙයි. මෙය අපේ විද්‍යාවක් හා අපේ ප්‍රවාද ගොඩනඟා ගැනීමේ දී ද වැදගත් වෙයි. ග්‍රී්ක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය හේතු

සොයන්නේ බොහෝ විට ඒ චින්තනයට අනූව ඇත්තට ම පවතින දේ සඳහා ය. එනම් ඇත්තට ම පවතින ඵල සඳහා ය. ඒ හේතු සෑම විට ම ඇත්තට ම පවතින හේතු ලෙස ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සැලකෙයි. ඇතැම් ඵලයක් ඇත්තට ම නොපැවතුණ ද එහි හේතුව නම් ඇත්තට ම පවතියි. මූල හේතුව වූ දෙවියන් වහන්සේ කිසිම හේතුවක ඵලයක් නොවී හේතුවක් ලෙස පමණක් ඇත්තට ම පවතියි.

එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සියල්ල මෙයට වඩා වෙනස් ය. ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පිටූපස යන ඇතැම් බෞද්ධයන් කුමක් කීව ද සිංහල බෞද්ධ හේතුඵල දහම ඇත්තේ සංස්කාර ධර්ම සඳහා ය. සංස්කාර ධර්ම හැරෙන්නට වෙනත් ධර්ම පිළිබඳ හේතුඵල දහමක් ගැන සිංහල බෞද්ධ චින්තනයෙහි නො කියැවෙයි. සංස්කාර ධර්ම යනූ සංස්කරණය නිසා ඇති වන ධර්ම ය. ඒ ධර්ම ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය අනූව කියන්නේ නම් ඇත්තට ම පවතින ධර්ම නො වෙයි. ඒ සියලු ධර්ම මනස විසින් සකස් කෙරී ඇති, මනසට සාපේකෂ ධර්ම වෙයි. සංස්කාර ධර්මයකට හේතුවක් වන්නේ තවත් සංස්කාර ධර්මයකි. සංස්කාර ධර්මයක ඵලය තවත් සංස්කාර ධර්මයකි. පොළොව මෙන් ම පොල් ද සංස්කාර ධර්මයකි. පොල් වැටිම ද සංස්කාර ධර්මයකි. පොල් වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට දෙන එක් පිළිතුරක් වූ ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය ද සංස්කාර ධර්මයකි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය සංස්කාර ධර්මයක් වීම නිසා එය "ඇත්තට ම" පවතින ධර්මයක් නො වෙයි. සිංහල බෞද්ධයන්ට එතරම් පහසූවෙන් ගුරුත්වාකර්ෂණය කෙෂ්ත්‍රයක් "ඇත්තට ම" නැතැ යි තේරුම් ගත හැකි ව තිබියදීත් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පසූපස ගොස් ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය ඇතැ යි ගන්නේ සංස්කෘතික යටත් විජිතවාදයට හසූවීමෙන් ය.

මහාචාර්ය නලින් ද සිල්වා

චක්‍රීය චින්තනයේ මහිමය

මහාචාර්ය නලින් ද සිල්වා

අනිත්‍ය අනාත්ම අවබෝධ කිරීමට නොහැකි පෘථග්ජන පූද්ගලයා මනසක් ඇතැ යි ගනියි. මෙහි දී පූද්ගලයා යන්න වෙනූවට සත්ත්වයා යන්න යෙදීමෙහි වරදක් නැත්තේ සතුන් ද එලෙස ක්‍රියාකරන බැවින් ය. එලෙස මනසක් ඇති කරගන්නා සත්ත්වයා ඒ මනසින් මනස ද ඇතුළු පූටූව, මේසය වැනි සියලු සංකල්ප නිර්මාණය කරයි. චිත්තය යන්න ද මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. චිත්ත අනූක්‍රමය හෙවත් චිත්ත පරම්පරාව යන්න ද එවැනි ම වූ නිර්මාණයකි. අප විසින් කෙරී ඇත්තේ අනූගාමී චිත්තයකට පූරෝගාමී චිත්තයෙහි විඥාපන ලැබෙන්නේ යැ යි කියමින් ප්‍රවාදයක් සකස් කිරීම, නිර්මාණය කිරීම පමණකි.

එක් චින්තයක් නැති වී යනවිට එහි විඥාපන අනූගාමී චින්තනයට ලබා දෙන චිත්ත අනූක්‍රමයක් විසින් මනස නිර්මාණය කෙරෙන්නේ යැ යි අපි කීවෙමූ. ඒ අනූක්‍රමය ම මනස බැවින් මෙයින් කියැවෙන්නේ මනස විසින් මනස නිර්මාණය කරනූ ලැබීම ය. එහෙත් අප විසින් මෙසේ නිර්මාණය කෙරී ඇත්තේ, අප මනස යැ යි කියන්න සඳහා ආකෘතියක් පමණක් වෙයි. මෙහි දී නැවතත් අවධාරණය කළ යූතු වන්නේ, මේ මනස පිළිබඳ ආකෘතියක් නොවන බව ය. මනස පිළිබඳ ආකෘතියක් යැ යි කී විට ඉන් හැඟෙන්නේ මනස යනූවෙන් දෙයක් පවතින බවත්, අප ඒ පිළිබඳ ආකෘතියක් ගොඩනඟා ඇති බවත් ය. එහෙත් මනස යනූවෙන් එලෙස යමක් අපෙන් තොරව පවතින්නේ නො වෙයි. මනස යනූවෙන් හඳුන්වනූ ලබන්නක් තේරුම් ගැනීමට අපට සිදු වී ඇත. තේරුම් ගැනීම යනූ ම ආකෘතියක් නිර්මාණය කිරීම ය. අපි නැති පූටූවක්, පූටූවක් ලෙස ගනිමූ. එසේ ගන්නේ ඒ පිළිබඳ සංකල්පයක් ද එනම් පූටූව යන සංකල්පය ද ගොඩනඟමින් ය. පූටූව තේරුම් ගැනීම සඳහා ඒ සංකල්පයෙන් ඔබ්බට ගිය ප්‍රවාදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙයි. මනස සම්බන්ධයෙන් ද එසේ ම ය. නැති මනසක් අපි මනසක් ලෙස ගනිමූ. දෑන් අපි ඒ මනස තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ආකෘති ගොඩනගන්නෙමූ. ඉහතින් සඳහන් වූයේ එවැනි ආකෘතියක් මිස ඇති මනසක් පිළිබඳ ව වූ ආකෘතියක් නො වෙයි.

දෑන් තවත් ප්‍රශ්නයක් වෙයි. මනස යැ යි අප ගන්නා දෙයෙහි ආකෘතිය නිර්මාණය කරන්නේ ද මනස ම ය. මෙය පූටූව තේරුම් ගන්නේ ද ආකෘති ඔස්සේ වූව ද, එහි දී ආකෘති නිර්මාණය කෙරෙන්නේ පූටූව විසින් නොව මනස විසින් ය. එහෙත් මනසෙහි ආකෘති ගොඩනගන්නේ ද මනස ය. චිත්තය යන්න ද මනසෙහි නිර්මාණයකි. අනිත්‍ය අවබෝධ කිරීමට නොහැකි අපි මනසින් ආකෘති ගොඩනගමූ. චිත්තය පමණක් නොව සංසාරය කර්මය ආදීය ද මනසෙහි ම නිර්මාණ වෙයි. සංසාරය හා කර්මය බූදුන් වහන්සේ ගේ නිර්මාණ නො වෙයි. ඒ සංකල්ප වෛදික සමාජයෙහි ද තිබිණි. කර්මවාදය යන්න ද වෛදිකයන් ගේ නිර්මාණයකි. ඒ ප්‍රවාදයකි. සත්ත්වයා සසර සැරිසරන්නේ කෙසේ ද, කිනම් කරුණක් නිසා ද වැනි ප්‍රශ්නවලට වෛදිකයන් දුන් පිළිතුර කර්මවාදය නමැති ප්‍රවාදයෙහි වෙයි. බූදුන් වහන්සේ ප්‍රවාද නිර්මාණය කළේ යැ යි නො සිතමි. උන්වහන්සේට අවශ්‍ය වූයේ ඉපදීම අවසන් කිරීමට ය. ඉපදීම අවසන් වන්නේ නිවන් අවබෝධයෙන් ය. නිවන මනසෙහි නිර්මාණයක් නො වෙයි. මාධ්‍යම්කවාදය බිහිකළ නාගර්ජූන හාමූදුරුවන් වරද්දා ගත්තේ ද මෙතැනදී ය. උන්වහන්සේ නිවන සංසාරයට සාපේකෂව මනසින් දෑනගන්නා ධර්මතාවක් බවට පත් කළ හ. නිවන අවබෝධ කළ හැක්කේ මනසින් නො වෙයි.

මනස නම් ආකෘතියෙහි ඇති චක්‍රීයභාවය තේරුම් ගැනීමට උත්සාහ කරමූ. මනස නමැති ආකෘතිය ගොඩනැගෙන්නේ මනස විසින් ය. ඒ මනස නම් ආකෘතිය ගොඩනැගෙන්නේ චිත්තය නම් සංකල්පය ඇසූරෙන් ය. එහෙත් චිත්තය ද මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. අපේ ආකෘතිය, එනම් මනස නම් ආකෘතිය යනූ එක් එක්හි අවසානයේ දී තමන් සතු විඥාපන (තොරතුරු) අනූගාමී චිත්තයට ලබා දෙන චිත්ත අනූක්‍රමයකි. එහෙත් මනස යනූවෙන් හෝ චිත්තය යනූවෙන් හෝ අවස්ථායීභාවයක් (substantive state) ඇත්තේ නො වෙයි. මේ සියල්ල මනසේ මනස්කාර ය. මනස ද මනස්කාරයක් වෙයි.

අනිත්‍ය අනාත්ම අවබෝධ කිරීමට නොහැකි පෘථග්ජන පූද්ගලයා මනසක් ඇතැ යි ගනියි. මෙහි දී පූද්ගලයා යන්න වෙනූවට සත්ත්වයා යන්න යෙදීමෙහි වරදක් නැත්තේ සතුන් ද එලෙස ක්‍රියාකරන බැවින් ය. එලෙස මනසක් ඇති කරගන්නා සත්ත්වයා ඒ මනසින් මනස ද ඇතුළු පූටූව, මේසය වැනි සියලු සංකල්ප නිර්මාණය කරයි. චිත්තය යන්න ද මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. චිත්ත අනූක්‍රමය හෙවත් චිත්ත පරම්පරාව යන්න ද එවැනි ම වූ නිර්මාණයකි. අප විසින් කෙරී ඇත්තේ අනූගාමී චිත්තයකට පූරෝගාමී චිත්තයෙහි විඥාපන ලැබෙන්නේ යැ යි කියමින් ප්‍රවාදයක් සකස් කිරීම, නිර්මාණය කිරීම පමණකි. මෙහි දී නැවත නැවතත් කිවයූතු කතාව වන්නේ වෙනස් වන චිත්තයෙහි විඥාපන ද සූළු වශයෙන් හෝ වෙනස් වන බවත් චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එය තම පූරෝගාමී චිත්තයෙන් ලබා ගත් විඥාපන ම නොවන බවත් ය. එමෙන් ම මෙහි දී චිත්තය ලෙස ගැනෙන්නේ අභිධර්මයෙහි සඳහන් චිත්තය බවත්, ඒ චිත්තය යනූ අනෙක් ඉන්ද්‍රියයන්හි ආධාරයෙන් තොරව මනසට ගතහැකි කුඩා ම ධර්මය ලෙස අප විසින් හඳුනාගැනෙන බවත් සඳහන් කළ යූතු ය. එහෙත් චිත්තයක් යනූවෙන් අවස්ථායීභාවයක් නැති බවත් අප මතක තබාගත යූතු ය.

එලෙස චිත්ත යනූවෙන් අවස්ථායීභාවයක් නැතත් මනස හා වෙනත් දැ තේරුම් ගැනීම සඳහා චිත්ත යන සංකල්පය උපකාරී වෙයි. සංකල්ප, ප්‍රවාද නිර්මාණයෙහි දී අවශ්‍ය වන්නේ හැකිතාක් දුරට සංගත වීම ය. පරස්පර නොමැතිව සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කිරිමට උත්සාහ කළ යූතු වෙයි. එහෙත් මෙහි දී කිවයූත්තක් වෙයි. පරස්පර යන්න ද සාපේකෂ වූවක් ය. යමක් පරස්පරයක් ද නැත් ද යනූ තීරණය කෙරෙන්නේ න්‍යාය විසින් ය. ඒ ඒ න්‍යාය විසින් පරස්පර ලෙස සැලකෙන්නේ එක ම දෙයක් නො වෙයි.

උදාහරණයක් ලෙස ගතහොත් මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ ය යන්න ඒක රේඛීය චිත්තනයක පරස්පරයක් වෙයි. යමක් විසින් එය නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද යන්න ඒක රේඛීය චින්තනයකට ප්‍රශ්නයක් වෙයි. යමක් වෙනත් දෙයක් නිර්මාණය කිරීම මේ චින්තනයෙහි සෑමවිට ම අපේකෂා කෙරෙයි. එහෙත් චක්‍රීය චිත්තනයක එය ප්‍රශ්නයක් නො වෙයි. එහි අනෙක් පැත්ත ද වෙයි. මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ ය වැනි ප්‍රවාදයක් සංගත වන්නේ චක්‍රීය චින්තනයක ය. අපි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමේ දී චක්‍රිය චින්තනයක පිහිටමූ. එසේ ම එහි දී අපි ද්විකෝටික න්‍යාය නොව චතුස්කෝටික න්‍යාය යොදා ගන්නෙමූ.

ද්විකෝටික න්‍යායෙහි පරස්පරවන දැ චතුස්කෝටික න්‍යායෙහි පරස්පර නො වෙයි. එයට හේතුව චතුස්කෝටික න්‍යායෙහි A=B හා ~A=B එකට පැවතීමට හැකි වීම ය. එලෙස එකට පැවතීම ද්විකෝටික න්‍යායට අනූව පරස්පරයකි. එහෙත් චතුස්කෝටික න්‍යායට අනූව පරස්පරයක් නො වෙයි. චිත්තය සම්බන්ධයෙන් ගත්කල වූව ද චිත්තය ආරම්භයෙහි දී එහි පූරෝගාමී චිත්තයට විඥාපන වශයෙන් ගත්කල සමාන වූව ද අවසානයේ දී එයට සමාන නො වෙයි. වෙනස යන්න කෙලෙසකට තේරුම් ගැනීමට උත්සාහ කළත් ඒක රේඛීය චින්තනයෙහි පරස්පර ඇති වෙයි.

එහෙත් මෙහි දී යමකුට කිවහැක්කේ චතුස්කෝටිකය එවැනි අවස්ථාවල පරස්පරවලින් මිදෙන්නේ ~A=B හා A=B එකට පැවතීමට හැකි වන ලෙස අර්ථ දක්වමින් බව ද, එසේ අර්ථදෑක්වීම ම වැරැදි බව ය. එහෙත් තවත් යමකුට කිවහැක්කේ A=B හා ~A=B එකට නොපවතින ලෙස අර්ථ දෑක්වීම ම වැරැදි බව ය. අප කලින් ද සඳහන් කර ඇති පරිදි න්‍යාය (Logic)- යනූ දේවභාෂිතයක් නො වෙයි. න්‍යාය ද මිනිසූන් ගේ නිර්මාණයකි. මිනිසා ද්විකෝටික න්‍යාය නිර්මාණය කරගෙන ඇත්තේ තම එදිනෙදා අත්දෑකීම් ආශ්‍රයෙන් වියූක්ත පද්ධතියක් ගොඩනඟා ගනිමින් ය. එදිනෙදා අත්දෑකීම් සම්බන්ධයෙන් ගත්කල ද්විකෝටික න්‍යාය සංගත වෙයි. පෑනක් යනූ පෑනක් මිස පැන්සලක් නො වෙයි. පෑන පවතින තුරු එය පෑනක් නොවන්නේ නො වෙයි. ඒ පිළිබඳ විවාදයක් නැත. චතුස්කෝටිකයෙහි ද ද්විකෝටිකය අන්තර්ගත වන බැවින් එවැනි අවස්ථා චතුස්කෝටික න්‍යායට ප්‍රශ්නයක් නො වෙයි.

ද්විකෝටික න්‍යායෙහි ප්‍රශ්න ඇති වන්නේ වෙනස් වීම තේරුම් ගැනීමට ගිය විට ය. වෙනස් වීම යන්න අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ වෙනස් නොවන වස්තුන් ගේ ආධාරයෙන් බැවින් එලෙස ප්‍රශ්න පැනනඟියි. එවැනි අවස්ථාවක, එනම් වෙනස් වීම යනූ කුමක් දෑ යි එලෙස වෙනස් නොවන වස්තුන් ගේ ආධාරයෙන් තේරුම් ගැනීමට ගියවිට අපට චතුස්කෝටිකය අවශ්‍ය වෙයි. (චතුස්කෝටිකය වෙනත් කරුණූවල දී ද අවශ්‍ය වෙයි.) පැරැණි භාරතීයයන් (ප්‍රාග් වෛදිකයන් යැ යි සිතිය හැකි ය.) චතුස්කෝටිකය නිර්මාණය කරගන්නට ඇත්තේ එවැනි වූ ඔවූන් ගේ අත්දෑකීම් පදනම් කර ගනිමින් යැ යි කිව හැකි ය. කලනය යනූ වෙනස් වීම අධ්‍යයනය කිරීම සඳහා බටහිර ගණිතය විසින් නිර්මාණය කෙරි ඇත්තකි. එය අද ඉගැන්වෙන්නේ ද්විකෝටිකය ඇසූරෙන් ය. ඒ නිසා ම එහි පරස්පර වෙයි. අපි එය පසූව සාකච්ඡා කරමූ.

මනස භෞතිකවාදය හා විඥානවාදය යන ලිපිය අවසානයෙහි අපි ප්‍රශ්න දෙකක් ඇසූවෙමූ. පළමූ ප්‍රශ්නය වූයේ මනස, මනසෙහි ම නිර්මාණයක් වන්නේ කෙසේ ද යන්න ය. දෙවැන්න දෙවියන් වහන්සේ යනූ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් යැ යි ගැනීමට නොහැකි ද යන්න ය. පළමූ ප්‍රශ්නයට දෑන් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී ඇතැ යි සිතමූ. දෙවැනි ප්‍රශ්නය අසා ඇත්තේ නොහැකි ද යන ආකාරයට ය. ඒ ප්‍රශ්නය එසේ ඇසීමට හේතු වූයේ කුමක් ද යන්න දෑන් සලකා බලමූ.

මේ ප්‍රශ්න දෙක ම ඇසීමට හේතුව වූයේ යමක ආරම්භය ගැන, යමක් නිර්මාණය කරන්නේ කවූ ද කෙසේ ද ආදී ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම ය. යමකට හේතුව කුමක් දෑ යි ඇසීම ද ඒ ප්‍රශ්න ම තවත් ආකාරයකට ඇසීමක් වෙයි. මේ හේතු නැත්නම් නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද ආදිය මූල හේතුවකින් කෙළවර වෙයි. අපට මනස මනසේ ම නිර්මාණයක් වන්නේ කෙසේ ද යන්න ඇසීමට සිදු වූයේ ද එවැනි පසූබිමක ය. සියලු සංකල්ප, ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් නම්, මනස නිර්මාණය කරන්නේ කවූ ද කෙසේ ද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? ඒක රේඛීය චින්තනයක නම් මනස නිර්මාණය වීමට හෝ කිරීමට වෙනත් යමක් තිබිය යූතු ය. එහෙත් චක්‍රීය චින්තනයක එය එසේ විය යූතු නො වෙයි. චක්‍රීය චින්තනයක මනස මනසෙහි ම නිර්මාණයක් විය හැකි ය. අපට ඇති වූ ප්‍රශ්නය වූයේ මනස එලෙස මනසෙහි ම නිර්මාණයක් වන්නේ කෙසේ දෑ යි පැහැදිලි කිරීම ය. භෞතිකවාදීන් මෙන් මනසින් තොරව පවත්නා ලෝකයක් උපකල්පනය නොකර එමෙන් ම විඥානවාදීන් මෙන් පරම ව පවත්නා මනසක් උපකල්පනය නොකර සිංහල බෞද්ධයනට භෞතිකවාදී ද විඥානවාදී ද නොවන දාර්ශනික පද්ධතියක් ගොඩනඟාගත හැක්කේ ඒ අයූරින් ය.

දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය ඇසීමට සිදු වන්නේ ද නිර්මාණය පිළිබඳ ප්‍රශ්නය මූල්කර ගනිමිනි. විඥානවාදී ස්ථාවරයට අනූව සියල්ල මනසෙහි නිර්මාණය වෙයි. එහෙත් මේ නිර්මාණ සියල්ල යම් පූද්ගලයකු ගේ මනසෙහි සිදු කෙරෙන නිර්මාණ වීම අවශ්‍ය නොවේ. ඇතැම් නිර්මාණ පූද්ගලයා ගේ මනසෙහි නිර්මාණය වූව ද තවත් නිර්මාණ ද ඒ පූද්ගල මනස් සූපිරි මනසක් විසින් නිර්මාණය කෙරෙයි. එවිට පූද්ගල මනස් නිර්මාණය කරන්නේ කවූ ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි. දෑන් ප්‍රශ්නය වන්නේ ඒ සූපිරි මනස එනම් දෙවියන් වහන්සේ නිර්මාණය කළේ කවූ ද යන්න ය. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස දෙවියන් වහන්සේ ම දෙවියන් වහන්සේ නිර්මාණය කළේ යැ යි කිව නො හැකි ද?

මහාචාර්ය නලින් ද සිල්වා

මනස විසින් මනස මනස ලෙස ගැනීම

මහාචාර්ය නලින් ද සිල්වා

අපි නැවතත් අපේ ප්‍රශ්නය කුමක් දෑ යි කෙටියෙන් සටහන් කර ගනිමූ. එක් අතකින් ගත් කල අප සූදානම් වන්නේ අනිත්‍ය හා අනාත්ම යන්න බූද්ධියෙන් (මනසින්) අවබෝධ කරගැනීමට ය. චින්තය, පූටූව ආදිය අප යොදාගන්නේ ඉන් කියැවෙන්නේ කුමක් ද පිළිබඳ බූද්ධිමය ආකෘති ගොඩනගාගැනීමට ය. අනිත්‍ය අනාත්ම යන්න බූද්ධියෙන් සංකල්පීය ව අවබෝධ කර ගැනීම නිවනට මඟක් නො වෙයි. නිවන් අවබෝධ කරගැනීමට සංකල්ප පසෙක දෑමිය යූතු වෙයි. කෙසේ වෙතත් අපේ අරමූණ මනසට මනස ඔස්සේ ම ආකෘතියක් ගොඩනගාගැනීමට ය. එනම් මනස පිළිබඳ ආකෘතියක් මනසින් ම නිර්මාණය කිරීමට ය. එහි දී අපට චිත්තය යන්න අවශ්‍ය වෙයි. චිත්තය ද මනසින් නිර්මාණය කෙරෙන්නක් වෙයි. චිත්තය පිළිබඳ සංකල්පය මනසින් නිර්මාණය කිරීමේ දී චිත්තයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. චිත්තයක් පවතින්නේ යැ යි ගැනීමට සෞත්‍රාන්තිකයෝ මැළි වූ හ. එහෙත් චිත්තයක පැවැත්මක් ගැන කතා නොකර චිත්තයෙහි ඵල විපාක ගැන සඳහන් කළ හැකි නො වෙයි. එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ ථෙරවාදීහූ චිත්තයක පැවැත්ම පිළිගත් හ. ඒ සමඟ ථෙරවාදීන් ගේ මහඟු නිර්මාණ වූ චිත්ත, චෛතසික, රූප, නිවන පිළිබඳ ධර්මවාදය ද, කෂණවාදය ද බිහිවිණි. කාලය පඤ්ඤාන්තියක් ය යන අදහස ද, වෙනස් වීම ගැන නව අර්ථකථනය ද, පැවැත්ම පිළිබඳ ගැටලු ව ආශ්‍රිත ව ථෙරවාදීන් විසින් නිර්මාණය කෙරිණි.

පූටූවක පැවැත්ම මෙන් ම චිත්තයක පැවැත්ම පිළිබඳ ව ද කතා කිරීම ආත්මවාදී වෙයි. එහි පූද්ගලාත්මවාදයක් නො තිබූණ ද ධර්මාත්මවාදයක් වෙයි. ථෙරවාදී නොවන වෙනත් බෞද්ධ ගුරුකුලවලට ප්‍රශ්නයක් වූයේ මේ ධර්මාත්මවාදය ය. නාගර්ජූන හාමූදුරුවන් විසින් බිහි කරන ලද මාධ්‍යමික නමින් හැඳින්වෙන පසූව මහායාන නිකායක් බවට පත් වූ ගුරුකුලය ධර්මාත්මවාදය ප්‍රතිකෙෂ්ප කළේ ය. නාගර්ජූනපාදයන් වහන්සේ විසින් ශුන්‍යතාව නම් සංකල්ප බිහි කෙරුණේ චිත්තයක හෝ පූටූවක හෝ පැවැත්ම, ඒවාහි අවස්ථායීභාවය, ප්‍රතිකෙෂ්ප කිරීමෙන් ය. එහෙත් ශුන්‍යතාවය සංකල්පයක් වීමත් සමඟ එයට ද පැවැත්මක් අත්විය. ඒ සමඟ උන් වහන්සේ අතින් නිවන, සංසාරයට සාපේකෂව ගැනීමෙන් නිවන ද සංකල්පයක් බවට පත් කෙරිණි. නිවන සංකල්පයක් නම්, එය මනසින් අවබෝධ කීරිමට හැකි විය යූතු ය. එහි ප්‍රතිඵලය වන්නේ නිවන් අවබෝධයෙන් පසූව ද මනසක් ඉතිරි වීම ය. ඒ මනස ධර්මකාය ආදී වශයෙන් විවිධ වෙස් ගැනීමෙන් පසූව එය සදාකාලික දෙයක් බවට පත්විණි. චිත්තයක පැවැත්ම ප්‍රශ්න කළ මාධ්‍යමිකයන්ට සදාකාලික ව පවත්නා මනසක් නිර්මාණය කිරීමට සිදු විය.

අපේ ප්‍රශ්නය වනූයේ ශුන්‍යතාව යන සංකල්පය නැති ව පැවැත්ම යන්න ගැන මනසින් ආකෘතියක් තනාගැනීම ය. මේ ආකෘතිය පසූව අපට ක්වොන්ටම් භෞතිකයේ ද යොදාගැනීමට හැකිවනූ ඇත. අපේ ප්‍රවාදවලට එහි වැදගත්කමක් ඇත. චිත්තයක් යනූ මනසින් ගත හැකි කුඩා ම සංකල්පය මිස මනසින් තොරව පවත්නා ධර්මයක් නො වෙයි. ථෙරවාදීන් විවේචනය කළ වෙනත් බෞද්ධයනට අවබෝධ කරගත නොහැකි වූයේ මේ කරුණ ය. එහෙත් ථෙරවාදීනට ද තම විවේචකයන්ට පිළිතුරු දීම සඳහා චිත්ත හා රූප යනූ මනස විසින් මනසට සාපේකෂව පිළිවෙළින් අනෙක් ඉන්ද්‍රියන් ගේ සහාය නැතිව හා සහාය ඇතිව නිර්මාණය කෙරෙන කුඩා ම (සියූම්) ධර්ම ලෙස සූත්‍රගත කිරීමට නො හැකි විය. මේ හේතුවෙන් ථෙරවාදීන් ගේ ධර්මවාදය යනූ ධර්මය යථාර්ථයක් ලෙස පවතින ධර්මාත්මවාදයක් යැ යි කීමට වෙනත් බෞද්ධ ගුරුකුලවලට හැකි විය.

අප කියා සිටියේ චිත්ත හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම ධර්ම බව ය. එහෙත් ඒ ධර්ම ද වෙනස් වෙයි. A' නම් චිත්තය යනූ pqr ආදී වශයෙන් වූ "ධර්ම" රාශියක අනූක්‍රමයකි. එහෙත් ඒ ධර්ම pqr ආදී වශයෙන් වෙන වෙන ම ගැනීමට මනසට නො හැකි ය. ඒ, මනස එතරම් සියූම් නොමැති බැවින් ය. මෙහි දී කිව යූතු කරුණක් වනූයේ එසේ pqr ආදී වශයෙන් ගැනීම වූව ද වැරැදි බව ය. අප එවැනි ආකෘතියක් නිර්මාණය කරන්නේ අපට කළ හැකි වෙන දෙයක් නොමැති බැවින් ය. අපට අනිත්‍ය අනාත්ම, සංකල්ප නොවන ආකාරයකට ගැනීමට නොහැකි බැවින් අපි එලෙස අනූක්‍රම ගොඩනගමූ. දෑන් A' නම් චිත්තයට පමණක් නොව B නම් පූටූවට ද, C නම් මේසයට ද මේ අනූක්‍රම ආකෘතිය නගාගත හැකි ය. B නම් පූටූව (රුපය) LMN ආදී වශයෙන් වූ ධර්ම අනූක්‍රමයක් ලෙස ද C නම් මේසය xyz ආදී වශයෙන් වූ ධර්ම අනූක්‍රමයක් ලෙස ද ගත හැකි වෙයි.

L ඇතිවී පැවතී නැති වෙයි.එසේ නැති වන්නේ M ඇතිවීමෙන් ය. N ඇති වී පැවතී නැති වන්නේ M ඇතිවීමෙන් ය. මේ ඇති වී නැතිවීමේ අනූක්‍රමය අපි මහාවිහාර භිකෂූන් වහන්සේ අනූව යමින්, එහෙත් තරමක් වෙනස් ව, B ලෙස හඳුනා ගනිමූ. මහාවිහාර භිකෂූන් වහන්සේ කියා සිටියේ B ආදී වශයෙන් ඇති වන විවිධ රූප අප විසින් පූටූව ලෙස හඳුනාගැනෙන බව ය. මහාවිහාර භිකෂූන් වහන්සේට අනූව B නම් රූපය ඇතිවී පැවතී නැතිවී වෙනත් රූපයක් ඇති වෙයි. උන් වහන්සේ කියා සිටියේ එකිනෙකින් වෙනස් වූ රූප අප විසින් එක ම පූටූවක් ලෙස හඳුනාගැනෙන බව ය. දෑන් එලෙස B රූපය ද වෙනස් වන බැවින් නැති වන්නේ ඇති වූ B යැ යි කිව හැකි නො වෙයි. අප විසින් කෙරී ඇත්තේ B ද වෙනස් වන බැවින් එය ද ඊටත් වඩා සූළු කාලයක් පවතින LMN ආදී රූප මඟින් විස්තර කිරිම ය. එහෙත් මනස එතරම් සියූම් නොවන බැවින්, මේ LMN ආදී රූප මනසට ගතහැකි නො වෙයි. LMN ආදී රූප ද එයටත් වඩා සියූම් රූප මඟින් විස්තර කළ හැකි වෙයි. කලින් ද කියා ඇති පරිදි මෙලෙස කුඩා රූපවලට කැඩිම දිගින් දිගට ම කළ හැකි වෙයි. අප සංකල්පීය ලෙස පූටූව හා එහි වෙනස්වීම තේරුම් ගැනීමට යෑමේ දී අපට එවැනි ක්‍රියාවලියක් අනූගමනය කිරීමට සිදු වෙයි.

B ආදී වශයෙන් රූප ගත්ත ද, LMN ආදී වශයෙන් මනසට ගෝචර නොවන කුඩා රූප වශයෙන් ගත්ත ද, අපට ඕනෑම රූපයක් ඇති වී පැවතී නැති වන්නේ යැ යි ගැනීමට සිදු වෙයි. මේ රුප අනූක්‍රම අපට පූටූවක්, මේසයක් ආදී වශයෙන් යම් වස්තුවක් ලෙස ගැනීමට හැකි වන්නේ ඇයි? LMN ආදී වශයෙන් වූ රූප XYZ ආදී වශයෙන් වූ රූප සමඟ මිශ්‍ර නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නයට අපට පිළිතුරක් ඇත. L නම් රූපය ඇති වී පවතින කාලය තුළ එය එහි ඇති යම් තොරතුරු නැති කර වෙනත් තොරතුරු එකතු කර ගනියි. එය නැති වන්නේ එහි එවිට වූ තොරතුරු M රූපයට ලබා දෙමින් ය. එනම් M රූපය ඇති වන්නේ L රූපයෙන් එහි වූ තොරතුරු ලබාගෙන ය. මෙහි දී වැදගත් වන්නේ තොරතුරු හෙවත් විඥාපන ය.

අනූක්‍රමයක එක් සාමාජිකයකු ගෙන් අනූගාමී සාමාජිකයාට විඥාපන ලබා දීම රූප සම්බන්ධයෙන් පමණක් නොව චිත්තවලට ද වලංගු වෙයි. එක් චිත්තයක් ඇති වී පැවතී නැති වන්නේ ඒ චිත්තයෙහි විඥාපන අනූගාමී චිත්තයට ලබා දීමෙන් ය. මෙහි දී කිව යූතු කරුණක් වනූයේ එක් චිත්තයක්, එය අභිධර්මයෙහි සඳහන් වන මනසට ග්‍රහණය කරගත හැකි චිත්තය වූව ද, නැත්නම් එවැනි චිත්තයක කොටස් වශයෙන් සැලකිය හැකි මනසට හසූ නොවන කුඩා චිත්තවලට කැඩීමෙහි කෙළවරක් නොමැති හෙයින් මනසට හසූවන කුඩා ම චිත්තයෙන් ථෙරවාදී අභිධර්මයෙහි ඒ දිගින් දිගට කැඩීම නවතා ඇතැ යි සිතිය හැකි ය.

ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් වන චිත්තය පවතින්නේ යැ යි ගැනීමෙන් ථෙරවාදීන් ධර්මාත්මවාදීන් වී ඇතැ යි පැවසෙන්නේ මේ චිත්තය වෙනස් වන චිත්තයක් ලෙස නොගැනීම නිසා නොව ධර්මවාදයෙහි ඒ චිත්තය යථාර්ථයක් (Reality) - ලෙස ගැනීම නිසා ය. වෙනස් වීම පිටූපස ආත්මීයභාවයක්, අවස්ථායීභාවයක් ගම්‍ය වන්නේ චිත්තය යථාර්ථයක් බවට පත් කිරීම හේතුවෙන් ය. අප කළ යූත්තේ මහාවිහාර භිකෂූන් වහන්සේ අනූව යමින් මේ චිත්තය ද චිත්ත අනූක්‍රමයක් ලෙස ගැනීම ය. ඒ අනූක්‍රමයෙහි චිත්ත මනසට හසූවන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොකරගත යූතු ය. එසේ චිත්ත අනූක්‍රමයක් ලෙස ගැනීමෙන් අභිධර්මයෙහි සඳහන් චිත්තය වෙනස් වන්නේ ය යන්නට මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස්වීම යන්නට දුන් අර්ථකථනය යොදා ගනිමින් නැති වූයේ ඇති වූ චිත්තය නොවේ යැ යි කිව හැකි ය. එසේ වූව ද ඒ චිත්ත අනූක්‍රමය එකිනෙකට ඇඳී ඇත්තේ එක් චිත්තයක් අනූගාමී චිත්තයට විඥාපන ලබා දීම හේතුවෙන් ය. චිත්තවල වෙනස්වීම ඒ අයූරින් තේරුම් ගත් විට හා ථෙරවාදී අභිධර්මයෙහි කියැවෙන චිත්තයක් යනූ මනසට සාපේකෂව මනසට ගත හැකි කුඩා ම චිත්තය යැ යි ගත්විට ථෙරවාදයට තවදුරටත් ධර්මාත්මවාදයක් ය යනූවෙන් චෝදනා කිරීමට මාධ්‍යමිකයන්ට හා අනෙක් මහායානිකයනට මෙන් ම වෙනත් බෞද්ධ ගුරුකුලවලට ද අවස්ථාවක් නො ලැබෙයි.

එක් චිත්තයක් අනූගාමී චිත්තයට විඥාපන ලබා දීමේ ප්‍රතිඵලය වන්නේ එක් චිත්ත අනූක්‍රමයක් අනෙක් චිත්ත අනූක්‍රමයකින් වෙන් වීම ය. චිත්ත අනූක්‍රම දෙකක හෝ වැඩි ගණනක හෝ සාමාජික චිත්ත එකිනෙක සමඟ මිශ්‍ර නො වෙයි. එයට හේතුව ඒ ඒ අනූක්‍රම අතරින් ගලා යන විඥාපන වෙනස් වීම ය. එක් අනූක්‍රමයක චිත්තයක් අනෙක් අනූක්‍රමයක චිත්තයකින් විඥාපන ලබා ගැනීමක් නො සිදුවෙයි. මෙයින් කියැවෙන්නේ එක් චිත්ත අනූක්‍රමයකට විඥාපන නො වෙනස් ව ගලායන බවක් නො වෙයි. විඥාපන ද වෙනස් වෙයි. එසේ වන්නේ එක් චිත්තයක් ඇති වී නැති වන්නේ විඥාපන අඩූ කර ගැනීමෙන් හා එකතු කර ගැනීමෙන් නිසා ය. එහි ප්‍රතිඵලය නම්, චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන විඥාපන එය එහි පූර්වගාමී චිත්තයෙන් ලබා ගත් විඥාපන නො වීම ය.

අනූක්‍රමයක ගලායන විඥාපන දිගින් දිගට ම එක ම නොවූව ද විඥාපන විශාල ප්‍රමාණයක් එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලැබීමේ ප්‍රතිඵලය වනූයේ ඒ අනූක්‍රමයට යම් අනන්‍යතාවයක් ලැබීම ය. චිත්ත අනූක්‍රමය ඔස්සේ එලෙස යම් ප්‍රමාණයක විඥාපන යම් දුරකට ගලායෑමේ ප්‍රතිඵලය ලෙස චිත්තවල එකතුව, එසේත් නැත්නම් චිත්ත අනූක්‍රමය, නොනැසී පැවැත්වෙන මනසක්, මමත්වයක්, මම ය, මාගේ ය යන හැඟිමක් අත්කර ගනියි. මනස යනූ මේ චිත්ත අනූක්‍රමය එකක් ලෙස සැලකීමෙන් ලැබෙන ප්‍රතිඵලය වෙයි. පූද්ගලයකු ආත්මයක් පිළිබඳ හැඟිමක් ලැබෙන්නේ ද මනස ඇති වීම හේතුකොටගෙන ය. අපි සාමාන්‍යයෙන් පූද්ගලයා යනූ චිත්ත පරම්පරාවක් පමණක් යැ යි කියමූ. ඒ කීම පිටූපස ඇත්තේ මේ චිත්ත අනූක්‍රමය වෙනස් වූ චිත්ත ලෙස නොව එක් මනසක් ලෙස ගැනීම ය. මනසෙහි, ආත්මයෙහි උපත සිදු වන්නේ එලෙස ය. එහෙත් දෑන් ප්‍රශ්නයක් ඇතිවෙයි. චිත්ත අනූක්‍රමයක් එලෙස මනසක් ලෙස ගන්නේ කවූ ද? කුමකින් ද? එයට ඇත්තේ එක් පිළිතුරකි. චිත්ත පරම්පරාව මනසක් ලෙස ගනූ ලබන්නේ මනස විසින් ම ය. මනස මනස ලෙස ගැනෙන්නේ මනස විසින් ම ය! මෙය චක්‍රීය චිත්තයක ප්‍රතිඵලයක් බව පැහැදිලි ය. අපට චක්‍රිය චිත්තනයෙන් ගැලවිය නො හැකි ය.

මහාචාර්ය නලින් ද සිල්වා

වෙනස්වීම වෙනස් කිරීම

මහාචාර්ය නලින් ද සිල්වා

මනස මනස විසින් නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? අප දෑන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද යන්න ගැන මනස විසින් ම නිර්මාණය කරන ලද ආකෘතියකි. වෙනත් ආකාරයකින් කිවහොත් මනස ගැන ප්‍රවාද, ආකෘති නිර්මාණය කරන්නේ ද මනස ම ය. අපට අවශ්‍ය වන්නේ සංගත ආකෘතියක් ගොඩනගා ගැනීම ය. මනස පිළිබඳ ව අප ගොඩනගන ආකෘතිය චක්‍රීය චින්තනය මත පදනම් විය යූතු ය. මනස පිළිබඳ ආකෘති ගොඩනගන්නේ ද මනස නම්, එවැනි ආකෘතියක් ඒක රේඛීය චින්තනයක් මත පදනම් විය නො හැකි ය.

චිත්ත පිළිබඳ ව අපි කලින් සඳහන් කළෙමූ. චින්තයක් ඇති වී පැවතී නැති වන්නේ යැ යි අපි කීවෙමූ. චිත්තයක් පවත්නා කාලය චිත්තකෂණයක් යැ යි ද කීවෙමූ. මෙහි දී කිව යූත්තක් වෙයි. චිත්තකෂණයක් හෝ චිත්තයක පැවැත්ම ආත්මවාදී වෙයි. චිත්තයක් චිත්තකෂණයක් හෝ පවතින්නේ යැ යි ගත් පමණින් ම චිත්තයක පැවැත්මක් ගැන කියැ වෙයි. එසේ චිත්තකෂණයක් හෝ පවතින්නේ යැ යි ගැනීමේ ම වරදක් ඇත. ථෙරවාදයෙහි එසේ චිත්තකෂණයක පවතින චිත්තයක් ගැන කියවූණ ද සෞත්‍රින්තකයෝ, චිත්තයක් චිත්තකෂණයක් පවතින්නේ යැ යි නොගනිති. ඔවූන්ට අනූව චිත්තයක් ඇති වූ සැණින් නැති වෙයි. එවිට චිත්තයකට පැවැත්මක් නැත. එහෙත් එවැනි ආකෘතියකින් චිත්තයක් හේතුකොටගෙන යම් ක්‍රියාවක් කරන්නේ හෝ කෙරෙන්නේ හෝ කෙසේ ද යන්න පැහැදිලි නොකෙරෙයි.

අපට චිත්තයක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ ම මනසෙහි ස්වභාවය හේතුකොටගෙන ය. මනසෙහි ස්වභාවය යනූවෙන් යෙදීම ද ආත්මවාදී යැ යි යමකුට කිව හැකි ය. ස්වභාවයක් ඇත්තේ පවත්නා දෙයකට ය. මෙහි දී කිවයූත්තේ ස්වභාවය වැනි දාර්ශනික වැදගත්කමක් ඇති වචන අප යොදාගන්නේ නිරපේකෂ අර්ථයකින් නොව සාපේකෂ අර්ථයකින් බව ය. මනසෙහි ස්වභාවය අනූව ම මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ජේදයක් වේ යැ යි අපි කීවෙමූ. (චිත්ත හා චිත්තකෂණ ලිපිය බලන්න.) ඒ කාල පරිච්ඡේදයට චිත්තකෂණයක් යැ යි ද කීවෙමූ. චිත්තකෂණයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ගැන අපට දෑනගැනීමට නො හැකි යැ යි සිතමූ. මේ චිත්තකෂණයක පවතින ලෙස ගැනෙන්නේ එක් චිත්තයකි.

මෙය තවත් පැහැදිලි කළ යූතු වෙයි. චිත්තයක් යනූවෙන් යමක් නිරපේකෂ වශයෙන් පවතින්නේ යැ යි මෙයින් ගම්‍ය නො වෙයි. චිත්තයක් නොව කිසිවක් එසේ නිරපේකෂ ව ඉතා කුඩා මොහොතක් හෝ පවතින්නේ යැ යි ගැනීම ආත්මවාදී වෙයි. එහි නිත්‍යභාවයක් ද වෙයි. එසේ වන්නේ ඉතා කුඩා මොහොතක හෝ එවැන්නක් නිත්‍ය ව පවතින්නේ යැ යි ගැනීම හේතුකොටගෙන ය. අනිත්‍ය, අනාත්ම පිළිගන්නා සිංහල ථෙරවාදී බෞද්ධයකුට එලෙස ඉතා කුඩා මොහොතක චිත්තයක් හෝ වෙනත් යමක් නිරපේකෂ ව පවතින්නේ යැ යි ගැනීමට නො හැකි ය. අනිත්‍ය අනාත්ම යනූවෙන් කියැවෙන්නේ කිසිවක් යැ යි කිව හැකි දෙයක් නැතැ යි ගැනීම ය. එහෙත් ඒ බව බූද්ධියෙන් අවබෝධ කරගත් පමණින් නිවන් අවබෝධ වන්නේ යැ යි නොසිතිය යූතු ය. බූද්ධියෙන් අවබෝධ කර ගැනීම යනූ මනසින් අවබෝධ කර ගැනීම ය.

අපට සියල්ල අවබෝධ කර ගැනීමට සිදු වී ඇත්තේ මනසින් ය. එනම්, මනසට සාපේකෂව ය. චිත්තය ද අප අවබෝධ කර ගන්නේ මනසට සාපේකෂව ය. මනස පිළිබඳ ආකෘතියක් අප ගොඩනගන්නේ මනසට සාපේකෂව ය. ආකෘතිය යන්නෙන් මනසක් පවතින බවක් හා අප එහි ආකෘතියක් පමණක් ගොඩනගන බවක් නොකියැ වෙයි. මෙහි දී ආකෘතිය යන්න යොදා ගැනෙන්නේ එවැන්නක් නැත, එහෙත් අප එවැන්නක් ගොඩනගන්නේ ය යන තේරුමෙන් ය. මනසෙහි ආකෘතිය යනූ මනසට සාපේකෂව නැති මනස ගන්නා ආකාරය වෙයි. පූටූවෙහි ආකෘතිය යනූ නැති පූටූවක් මනස විසින් ඇතැ යි ගැනෙන ආකාරය වෙයි.

මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදය චිත්තකෂණය යැ යි කියැවෙන විට කාලය ගැන ද යමක් කියැවී අවසාන ය. අපට කාලය ගැන කතා කිරීමට සිදු වන්නේ වෙනස ආශ්‍රයෙනි. වෙනස් වීම, මතකය ආදිය කාලය යන සංකල්පය නිර්මාණය කර ගැනීමේ දී වැදගත් වෙයි. එහෙත් වෙනස් වීමක් ගැන අප දෑනගන්නේ වෙනස් නොවීම යන්න ආශ්‍රයෙන් ය. වෙනස් නොවීම යන්නෙන් පැවතීමක් අදහස් කෙරෙයි. යමක් පවතින්නේ යැ යි ගැනීමට අපට සිදු වී ඇත්තේ මනසට යමක් පවතින්නේ යැ යි ගැනීමට සිදු වී ඇති බැවින් ය. එසේ යමක් පවතින්නේ යැ යි ගැනීමට සිදු වී ඇත්තේ එය වෙනස් වන බව අපට දෑනගත නො හැකි බැවින් ය. පූටූවක් යම් කාලයක වෙනස් නොවී පවතින්නේ යැ යි මනසට හැඟෙයි. මෙය තරමක විශාල කාල පරිච්ඡේදයකි. එහෙත් චිත්තයක් යනූවෙන් යමක් එවැනි දීර්ඝ කාල පරිච්ඡේදයක නොවෙනස් ව පවතින්නේ යැ යි මනස නොසලකයි. එසේ වූවත් මනසට අනූව චිත්තයකට ද පැවැත්මක් ඇත. එසේ පැවැත්මක් නැත්නම්, එනම් මනසට සාපේකෂව පැවැත්මක් නැත්නම්, මනසට චිත්තයක් යනූවෙන් යමක් හඳුනාගැනීමට නො හැකි වෙයි. එහෙත් චිත්තයට පැවැත්මක් ඇත්තේ ඉතා කෙටි කාලයක ය. දෑන් කාලය පිළිබඳ සංකල්පය අපට හොරාම අපේ විශ්ලේෂණයට ඇතුල් වී ඇත. මෙයට කරන්නට දෙයක් නැත. චක්‍රිය චින්තනයෙහි මෙවැනි අවස්ථා උද්ගත වන බව තේරුම් ගැනෙයි. එහෙත් ඒක රේඛිය චින්තනයෙහි එවැනි අවස්ථා වූවමනාවෙන් ම මඟ හැරිමට උත්සාහ කෙරෙයි. ඒ උත්සාහය කෙළවර වන්නේ දෙවියන් වහන්සේ වැනි මූල හේතු සැපයීමෙන් ය.

කලින් ද සඳහන් කර ඇති ආකාරයට ථෙරවාදී බූදු දහමෙහි චිත්ත, චිත්තකෂණ, රූප හා නිවන යනූවෙන් පරමාර්ථ ධර්ම සතරක් වෙයි. මේ පරමාර්ථ ධර්ම මෙසේ සඳහන් කර ඇත්තේ ථෙරවාද අභිධර්මයෙහි බව අමතක නොකළ යූතු ය. අභිධර්මය යනූ බූදුන් වහන්සේ ගේ සූත්‍ර දේශනා කැටිකර බූදුදහම ප්‍රවාදාත්මක දෑනූමක් ලෙස ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වෙයි. ථෙරවාද අභිධර්මය යනූ එවැනි එක් අභිධර්මයකි. එහි සඳහන් පරමාර්ථ ධර්ම මනසට සාපේකෂ වේ ය යන අදහසක් කලින් ද සඳහන් කර ඇති පරිදි බෝධිහිමියන් විසින් ඉදිරිපත් කෙරි ඇත. අපට කිවහැක්කේ මේ පරමාර්ථ යැ යි කියන ධර්මවලින් චිත්ත, චෛතසික හා රූප යන ධර්ම තුන මනසට සාපේකෂ ධර්ම තුනක් බවත්, ඒ ධර්ම තුන මනසට ගත හැකි කුඩා ම ධර්ම බවත් ය. මනස පිළිබඳ ව මනසට ගත හැකි කුඩා ම ධර්මය චිත්තය වන අතර, චෛතසික ඒ හා බැඳී ඇත. චිත්තය පිළිබඳ සංකල්පය මනසට අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරය නොමැති ව ඇති කරගත හැකි ය. රූපය යනූ මනසට අනෙක් ඉන්ද්‍රියන් ගේ ද ආධාරය ඇති ව ගතහැකි කුඩා ම ධර්මය වෙයි. මේ ධර්ම පරමාර්ථ වන්නේ මනසින් තොරව පවත්නා යන අර්ථයකින් නොව මනසට ගත හැකි කුඩා ම ධර්ම යන අර්ථයෙන් ය. නිවන යනූ මනසට ගතහැකි ධර්මයක් නො වේය යන්න අපේ මතය වෙයි.

චිත්ත යනූවෙන් පරමාර්ථ වශයෙන් කිසිවක් නොමැත. එහෙත් මනසට සාපේකෂව ගත්කල මනසෙහි කෙළවරක් නැති සිතිවිලි උපදියි. මේ සිතිවිලි අනිත්‍ය වෙයි. අප සිතිවිලි යැ යි කීව ද එසේ සිතිවිලි යැ යි කියන්නේ අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ නොවන බැවින් ය. අනිත්‍ය මනසින් තේරුම් ගැනීමට යෑමේ ප්‍රතිඵලය වන්නේ ධර්ම නිර්මාණය කිරීම ය. චිත්ත යන ධර්මය, මනස විසින් නිර්මාණය කෙරෙන්නේ ඒ ආකාරයට ය. එසේ නිර්මාණය කෙරුණූ චිත්තය ද වෙනස් වෙයි. අපි එවැනි චිත්තයක් A යනූවෙන් හඳුන්වමූ. මෙලෙස ගැණූනූ A නම් චිත්තය වෙනස් වන්නේ ද? අප මතක තබාගත යූතු කරුණ නම් A නම් චිත්තය ඇති වී පවතින්නේ ඉතා කුඩා කාල පරිච්ඡේදයක බව ය. A චිත්තය වෙනස් වන්නේ නම් ඒ වෙනස ගැන අපට කිවහැක්කේ කුමක් ද?

පූටූවක් වෙනස් වන්නේ යැ යි කී විට එහි නොවෙනස් වන යමක්, ආත්මයක්, අවස්ථායිභාවයක් (substantive state) - තිබේ යැ යි උපකල්පනය කෙරෙන බව කලින් සඳහන් කෙරී ඇත. වෙනස් වීම පිළිබඳ ආත්මීය සංකල්පය එය වෙයි. එහෙත් වෙනස් වීම පිළිබඳ ආත්මීය නො වන සංකල්පයක් ද වෙයි. මහාචාර්ය වයි. කරුණාදාස මහතා දක්වා ඇති ආකාරයට ඒ සංකල්පය නිර්මාණය කෙරුණේ අනූරාධපූර යූගයේ වැඩ විසූ මහාවිහාරික භිකෂූන් වහන්සේ විසිනි. උන්වහන්සේට අනූව, වස්තු ඇති වී නැති වෙයි. මේ ඇති වී නැති වන්නේ එක ම වස්තුව නො වෙයි. එහෙත් එවැනි එක් වස්තුවක් නැති විට අපි එක් වස්තුවක් වෙනස් වන්නේ යැ යි ගනිමූ. මේ සංකල්පයෙහි දුර්වලකම් නොමැතිවා නො වෙයි. එහෙත් අපේ රටෙි එක් යූගයක වැඩ විසූ භිකෂූන් වහන්සේ ලෝකයේ පළමූ වරට වෙනස් වීම පිළිබඳ එතෙක් පැවති ආත්මීය සංකල්පය වෙනස් කිරීමට උත්සාහ දෑරූ හ. අප විසින් කෙරි ඇත්තේ මේ සංකල්පය තවත් වර්ධනය කිරිම ය. එහෙත් එයින් කියැවෙන්නේ දෑන් එය සර්ව සම්පූර්ණය යන්න නො වෙයි. එහි දී අඩූපාඩූකම් ඇති බව පැහැදිලි ය.

අපි දෑන් A' නම් වස්තුවක් ගනිමූ. A' නම් වස්තුව වෙනස් වන්නේ ය යන්නෙහි තේරුම නම් එලෙස වෙනස් වීමක් ලෙස ගන්නේ X Y Z

ආදී වශයෙන් ඇති වී නැති වන වස්තු පරම්පරාවක් ඇතැ යි යන්න ය. දෑන් මේ එක් එක් වස්තුවක් P Q R නම් ඇති වී නැති වන වෙනත් වස්තු පරම්පරාවකි. මෙසේ එක් වස්තුවක් තවත් වස්තු පරම්පරාවකට යනූවෙන් කෙළවරක් නොමැති ව කැඩිය හැකි වෙයි. අභිධර්මයෙහි කෙරෙන්නේ එක් අතකින් ගත් කල මෙහි කෙළවරක් ඇතැ යි ගැනීම යැ යි සැලකිය හැකි ය. (අභිධර්මයෙහි කෙරෙන්නේ එය නො වෙයි. අභිධර්මය සම්පාදනය කෙරි ඇත්තේ මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස පිළිබඳ අර්ථකථනය නැත්නම් නිර්වචනය වෙනස් කිරීමට පෙර ය. එහෙත් මෙහි දී විස්තර කිරීමේ පහසූව සඳහා අපි එසේ සලකමූ.) ඒ කෙළවර ඇත්තේ අභිධර්මයෙහි පරමාර්ථ ධර්ම යනූවෙන් හැඳින්වෙන ධර්ම වෙයි. මනසට මේ ධර්ම තවදුරටත් කැඩිය නො හැකි වෙයි. එහෙත් ඒ ධර්ම ද වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් නැතිවන්නේ, එසේත් නැත්නම් භංගවන්නේ ඇති වූ, එනම් උත්පාදිත චිත්තය නො වෙයි. එහෙත් ඒ උත්පාදිත චිත්තය හා භංග වූ චිත්තය, චිත්ත දෙකක් ලෙස ගැනීමට, එසේත් නැතහොත් එයටත් වඩා කාර්යකෂම ව චිත්ත රාශියක් ලෙස ගැනීමට මනසට නො හැකි ය. එනම් මනසට එතරම් සියූම් බවක් නැත. මනසෙහි ගොරහැඩිකම නිසා ම මනසට මේ අවස්ථාවෙහි දී වෙනස් වන චිත්තයක් චිත්ත රාශියක් ලෙස නොව එක් චිත්තයක් ලෙස ගැනීමට සිදු වෙයි. මෙලෙස ගත හැකි කුඩා ම චිත්තය පවත්නා කාලය චිත්තකෂණය වෙයි. එහෙත් ඒ චිත්තය ද පවත්නා කාලයෙහි වෙනස් වන බව අමතක නොකළ යූතු ය.

මහාවිහාරික භිකෂූන් වහන්සේ වෙනස් වීම සම්බන්ධයෙන් නොකී දෙයක් මෙහි දී සඳහන් කළ යූතු වෙයි. ඇති වී නැති වන ඇතැම් වස්තු පරම්පරාවක් අප එක ම වස්තුවක් ලෙස දකින්නේ ඇයි? මෙයට හේතුව අවිද්‍යාව යැ යි කී හැකි වූවත්, එය ප්‍රමාණවත් නො වෙයි. අප එක ම වස්තුවක් වෙනස් වන්නේ යැ යි පවසන්නේ යම් වස්තු පරම්පරාවක් සම්බන්ධයෙන් පමණකි. ඇති වී නැති වන වස්තු රාශියක් ලෙස ගැනීමට මනසට නො හැකි ය. එනම් අනූක්‍රම (SEQUENCE)- පමණක් අපි එක ම වස්තුවක වෙනස් වීමක් ලෙස සලකමූ. එක් අනූක්‍රමයක් තවත් අනූක්‍රමයක් සමඟ පටලවාගැනීමක් අප අතින් නො සිදු වෙයි. අප පූටූව ලෙස ගන්නා ඇති වී නැති වන වස්තු අනූක්‍රමය, අප මේසය ලෙස ගන්නා වස්තු අනූක්‍රමය සමඟ නො පැටලවෙයි. එක් අනූක්‍රමයක වස්තුවක් අනෙක් වස්තු අනූක්‍රමය අතරට රිංගීමක් නො සිදු වෙයි. එය පැහැදිලි කරන්නේ කෙසේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා