නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

අයින්ස්ටයින් වරද්දා ගත්තේ ද?

මහාචාර්ය නලින් ද සිල්වා

ඩි සිටර් (De sitter)- අවකාශය පිළිබඳ ව යමක් කිව යූතු ය. ඒ විසඳුම ඩී සිටර් නම් විද්වතා ලබා ගන්නේ අයින්ස්ටයින් පඩිවරයා විසින් සංශෝධනය කරන ලද කෙෂ්ත්‍ර සමීකරණය යොදා ගනිමින් ය. මේ සංශෝධනය තරමක රසවත් කතාවක් වෙයි. අයින්ස්ටයින් විද්වතා තම නමින් ඇති කෙෂ්ත්‍ර සමීකරණ මූළුමහත් විශ්වය සඳහා ම විසඳූ අවස්ථාවෙහි ඔහූට ලැබූණේ ස්ථිතික නොවන විසඳුමකි. එහෙත් එකල බටහිර ලෝකය දෑන සිටි විශ්වය ස්ථිතික එකක් විය. විශ්වය ප්‍රසාරණය වන බව හබල් නම් විද්‍යාඥයා තම නිරිකෂණවල ප්‍රතිඵලයක් ලෙස නිගමනය කළේ එයට පසූ කාලයක දී ය. තම කෙෂ්ත්‍ර සමීකරණවලින් විශ්වය සඳහා ලබා ගත් විසඳුම නිරීකෂිත විශ්වය සමඟ නොගැලපෙන බව තේරුම් ගත් අයින්ස්ටයින් විද්වතා කෙෂ්ත්‍ර සමීකරණවලින් ස්ථිතික විසඳුමක් ලබා ගන්නා අයූරු කල්පනා කළේ ය. එසේ කල්පනා කිරීමේ දී ඔහූට වැටහූණූ කරුණක් වූයේ කෙෂ්ත්‍ර සමීකරණවලට තවත් පදයක් එකතු කිරීමෙන් ස්ථිතික විසඳුමක් ලබා ගත හැකි බව ය. ඒ අද λ(ලැම්බ්ඩා) පදය නමින් හැඳින්වෙයි. කෙෂ්ත්‍ර සමීකරණවල වම් අත පැත්තේ ඇත්තේ අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය හා සම්බන්ධ පද ය. දකුණූ අත පැත්තේ ඇත්තේ අංශූ, වස්තු හා විකිරණ නිසා ඇති වන ශක්තියත්, ගම්‍යතාවන් හා සම්බන්ධ පද ය. අංශූ වස්තු හා විකිරණ හේතුවෙන් ජ්‍යාමිතිය හෙවත් අවකාශ කාලය ඇති වන්නේ යැ යි කියන්න් එබැවින් ය. අයින්ස්ටයින් පඬිවරයා λ පදය එකතු කෙළේ තම කෙෂ්ත්‍ර සමීකරණවල වම් අත පැත්තට ය. වම් අත පැත්තට එකතු කිරීම නිසා λ පදය ජ්‍යාමිතිය හා සම්බන්ධ පදයක් ලෙස සාමාන්‍යයෙන් සලකනූ ලැබිණි.

කෙසේ වෙතත් λ පදය එසේ එකතු කිරිමෙන් පසූ ව කෙෂ්ත්‍ර සමීකරණවලින් විශ්වය සඳහා ස්ථිතික විසඳුමක් ලබා ගැනීමට අයින්ස්ටයින් විද්වතාට හැකි විය. එහෙත් අයින්ස්ටයින් පඩිවරයා එසේ ස්ථිතික විසඳුමක් ලබා ගත් වසරෙහි ම ඩි සිටර් විද්වතා කෙෂ්ත්‍ර සමීකරණවල λ පදය තබා ගනිමින් ම තමා ගේ නමින් අද හැඳින්වෙන විසඳුම ඉදිරිපත් කළේ ය. ඒ විසඳුමට අනූව, විශ්වය ස්ථිතිකව නොපැවතී ප්‍රසාරණය වෙයි. ඉනූන් ටික කාලයකට පසූව ලෙමටෙයාර් නම් රුසියානූ විද්‍යාඥයකු λ පදය නොමැතිව විශ්වයට ස්ථිතික විසඳුමක් ලබා ගැනීමට සමත් විය. λ පදය ඇති ව හෝ නැති ව හෝ විශ්වයට ස්ථිතික මෙන් ම ස්ථිතික නොවන විසඳුම් ද ලබා ගත හැකි බව පෙනී ගියෙන් අයින්ස්ටයින් විද්වතා λ පදය එකතු කිරීමට ගත් තීරණය පිළිබඳ ව කණස්සල්ලට පත් විය. ඔහූ කියා සිටයේ λ පදය එකතු කිරිම තමා කළ ලොකු ම වරද බව ය.

ඩි සිටර් විසඳුමට අනූව විශ්වය ප්‍රසාරණය වන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් විය. ඒ විසඳුම ලබා ගෙන ඇත්තේ කෙෂ්ත්‍ර සමීකරණවල දකුණූ අත පැත්ත ශුන්‍ය ලෙස ගැනීමෙන් ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඩි සිටර් විසඳුම ලැබෙන්නේ අංශූ, වස්තු හෝ විකිරණවලින් තොර විශ්වයක් සඳහා ය. එනම් හිස් විශ්වයක් පවතිනවා පමණක් නොව ප්‍රසාරණය ද වන්නේ යැ යි λ පදය එකතු කිරීම මඟින් සංස්කරණය කෙරුණූ කෙෂ්ත්‍ර සමීකරණය මඟින් කියැවෙයි. λ පදය එකතු කෙරී ඇත්තේ කෙෂ්ත්‍ර සමීකරණවල වම් අත පැත්තට බැවින් ප්‍රසාරණය ද ඡ්‍යාමිතියෙහි අංගයක් ලෙස සලකනූ ලැබිණි. එහෙත් ඒ අතර ම එය බලයක් නිසා සිදු වන්නක් ලෙස ද ගැනීමට විද්‍යාඥයෝ පූරුදු වී සිටිය හ. λ පදය නිසා ගුරුත්වයට එරෙහි වූ විකර්ෂණ බලයක් ඡ්‍යාමිතියට, එනම් අවකාශ කාලයට, ලැබෙන්නේ යැ යි විද්‍යාඥයෝ සිතු හ.

මේ කරුණ සහ තවත් දැ අධ්‍යයනය කළ කැලණිය විශ්වවිද්‍යාලයයේ ගණිතමය භෞතික විද්‍යා කණ්ඩායම λ පදය කෙෂ්ත්‍ර සමීකරණවල දකුණූ අත පැත්තට එකතු කිරීමෙන් වෙන ම අර්ථකථනයක් කිරිමට සමත් වී ඇත. ඔවූන්ට අනූව λ පදය ශක්ති විශේෂයක් වෙයි. එපමණක් නොව ශක්ති සංස්ථිතිය බලපවත්වන්නේ λ පදය මඟින් දෙන ශක්තිය ද සැලකිල්ලට ගනිමිනි. සංස්ථිතික වන්නේ අංශූ, වස්තු හා විකිරණවල ශක්ති පමණක් නොවෙයි. ශක්ති සංස්ථිතිය සැලිකීමේ දී λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය ද එක් විය යූතු ය. ශක්ති සංස්ථිති නියමය එසේ පූළුල් කිරීමේ ප්‍රතිඵලයක් වන්නේ λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය, අංශූ හා වස්තුවල (විකිරණ ද ඇතුළු ව) ශක්තිය බවට පරිවර්තනය වීමට ඇති හැකියාව ය. එලෙස ම අංශූ හා වස්තුවල ශක්තිය λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය බවට ද පරිවර්තනය විය හැකි ය.

කෙසේ වෙතත් ඩි සිටර් විශ්වය ප්‍රසාරණය වන්නේ, λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තියක් නිසා යැ යි සැලකිය හැකි ය. ඒ අරුතින් ගතහොත් ඩි සිටර් විශ්වය හිස් විශ්වයක් නො වෙයි. එයට හේතුව වන්නේ, ඒ විශ්වය නිර්මාණය වී ඇත්තේ λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය හේතුකොටගෙන වීම ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ අධ්‍යයනයට අනූව, λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය කල් යැමේ දී අංශූ හා වස්තු බවට පරිවර්තනය විය යූතු ය. ඒ අංශූ හා වස්තු ඇති වීමෙන් පසූ ව ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වී විශ්වයේ ප්‍රසාරණය නැවතී සංකෝචනය වීමට පටන්ගනියි. සංකෝචනය වන විශ්වයේ අංශූ, වස්තු හා විකිරණ ශක්ති සංස්ථිතිය හේතුකොටගෙන λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය බවට පත් වෙයි. එසේ වීම නිසා නැවතත් λ පදය මඟින් නිරූපණය කෙරෙන ශක්තිය මඟින් විශ්වය ප්‍රසාරණය කෙරෙයි. මේ චක්‍රය නැවතීමකින් හෝ පටන් ගැනීමකින් හෝ තොරව දිගින් දිගට ම සිදු වෙයි. එවැනි විශ්වයක් කලක දී ප්‍රසාරණය වී පසූව සංකෝචනය වෙයි. ටික කලක් සංකෝචනය වී නැවතත් ප්‍රසාරණය වෙයි. මේ සිංහල බෞද්ධයන් දන්නා විවටිටකප්ප හා සංවටිටකප්ප සහිත විශ්වයකි. λ පදය ඉදිරිපත් කිරිමෙන් අයින්ස්ටයින් පඩිවරයා වරද්දා ගත්තේ නම් ඒ ඔහූ සිතු අයූරින් නො වෙයි.

ඩි සිටර් විශ්වය ඒ අරුතින් ගත් කල හිස් විශ්වයක් නොවන නමූදු විශේෂ සාපේකෂතාවාදයෙන් ලැබෙන අවකාශ කාලය ගැන කිවහැක්කේ කුමක් ද? ඒ සඳහා ද λ පදය මඟින් අර්ථකථනයක් දිය හැකි වෙයි. එහෙත් එවැනි විශ්වයක ඝනත්වය හෝ පීඩනය හෝ සෘණ විය යූතු ය. එයින් අදහස් කෙරෙන්නේ කුමක් දෑ යි පැහැදිලි නැත. කෙසේ වූවත් අප හිස් යැ යි ගන්නා විශ්වයක අපට තවමත් තේරුමක් නොදිය හැකි ක්‍රියාවලීන් සිදු වන්නේ යැ යි උපකල්පනය කිරීමේ නම් වරදක් ඇතැ යි කිව හැකි නො වෙයි.

අප සාකච්ඡා කරමින් සිටියේ කාලය හා කාලහීය පිළිබඳ ව ය. කාලය යනූ ගලා ගෙන යන්නක් බව සාමාන්‍ය අත්දෑකිම මූත්, බටහිර භෞතික විද්‍යාවෙහි කාලය ගල් ගැසී ඇතැ යි අපි කීවෙමූ. කාලය යන්න නිව්ටෝනීය භෞතිකයෙහි දී ඇති නමූත් අයින්ස්ටයිනීය සාධාරණ සාපේකෂාතාවාදයට අනූව කාලය හා අවකාශය, එනම්, අවකාශ කාලය, ද්‍රව්‍ය හා විකිරණ (ශක්තිය) නිසා ඇති වන්නක් යැ යි ද කීවෙමූ. එහි දී අපට මූහූණපෑමට සිදු වූ ප්‍රශ්නයක් වූයේ ඩි සිටර් විශ්වය හා විශේෂ සාපේකෂතාවාදී අවකාශ-කාලය හිස් අවකාශ ලෙස තේරුම් ගන්නේ කෙසේ ද යන්න ය. අප එයට ද දෑන් ආංශික ව හෝ පිළිතුරක් සපයා ඇත.

එහෙත් අප මේ සියල්ල කරන්නේ බටහිර යූදෙවි ක්‍රිස්තියානි සංස්කෘතියක ය. කාලය හා අවකාශය පිළිබඳ ඉහත සඳහන් සංකල්ප ගොඩනැගෙන්නේ බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා පහළොස්වැනි සියවසෙන් පසූ ව නිර්මාණය කෙරුණූ බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. කාලය හා අවකාශය ඇති වන්නේ ද්‍රව්‍යයේ නිර්මාණය සමඟ ය යන්න ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයටත්, එයට මූල් වූ යූදෙව් චින්තනයටත් ආගන්තුක නො වෙයි.

පරණ තෙස්තමේන්තුවෙහි සඳහන් මැවීම සැලකුවහොත්, යෙහෝවා දෙවියන් වහන්සේ ලෝක නිර්මාණය කිරීමට පෙර කාලය යන සංකල්පය වලංගු නොමැති බවට තර්ක කළ හැකි ය. ලෝක නිර්මාණයට පෙර දෙවියන් වහන්සේ කුමක් කළේ දෑ යි ඇසූවහොත් දෙන පිළිතුර නම්, දෙවියන් වහන්සේ කාලය මැව්වේ ලෝකයත් සමඟ බැවින් කාලය මැවීමට පෙර සිදු වූයේ කුමක් ද යන්න වලංගු නැති ප්‍රශ්නයක් බව ය. එයට හේතු ව පෙර හා පසූ යන සංකල්ප ලැබෙන්නේ කාලය සමඟ බැවින් කාලය ඇති වීමට හෝ මැවීමට හෝ පෙර, ඒ සංකල්ප, එනම් පෙර හා පසූ යන සංකල්ප වලංගු නොවන බව ය. පෙර තිබිය හැක්කේ කාලය ඇත්නම් පමණකි. කාලය නොමැති ව පෙරක් තිබිය නො හැකි ය. එබැවින් කාලය මැවීමට පෙර පෙරක් නැත. එබැවින් ලෝකය මැවීමට පෙර දෙවියන් වහන්සේ කුමක් කළේ ද යන්න වලංගු බවක් නොමැති ප්‍රශ්නයකි.

අවකාශය හා කාලය හෝ අවකාශ-කාලය හෝ ද්‍රව්‍යයෙන් තොරව, එනම් අංශූ, වස්තු, විකිරණ හෝ වෙනත් ශක්තිවලින් තොරව පවතින්නේ යැ යි ගැනීම ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් පරාබාහිර යැ යි එසේ තර්ක කළ හැකි ය. එහෙත් අප මතක තබා ගත යූත්තක් නම්, අයින්ස්ටයිනීය සාධාරණ සාපේකෂතාවාදයට පෙර එවැනි තර්කයක් බටහිර නොතිබූ බව ය. එයට පෙර බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බලපෑවේ නිව්ටන් හා කාන්ටි යන පඩිවරුන් අවකාශය හා කාලය සම්බන්ධයෙන් කියා තිබූ දැ ය. ඔවූන්ට අනූව, කාලය හා අවකාශය, අංශු, වස්තු හා විකිරණ ආදී වෙනත් ශක්ති මඟින් නිර්ණය වන්නක් නොව අපේ අනූභූතියටවත් හසූ නොවන ප්‍රාග් - අනූභූති සංකල්ප ය. බටහිරයන් අවූරුදු දහස් ගණනක් ජීවත් වූයේ ඒ සංකල්පයෙහි මිස පශ්චාත් අයින්ස්ටයීනීය සාධාරණ සාපේකෂතාවාදී සංකල්පයෙහි නො වෙයි.

මෙහි දී පැන නඟින ප්‍රශ්නය නම්, මේ සංකල්ප පද්ධති දෙකෙන් බටහිර ක්‍රිස්තියානි සංකල්පීය පද්ධතිය කුමක් ද යන්න ය. බටහිර ක්‍රිස්තියානි සංකල්පීය පද්ධතිය නිව්ටන්, කාන්ටි සංකල්ප පද්ධතිය සමඟ මෙන් ම සාධාරණ සාපේකෂතාවාදී සංකල්පීය පද්ධතිය සමඟ ද එකඟ වන්නේ ද? එයට පිළිතුරක් දිය හැක්කේ පරණ තෙස්තමේන්තුව හා වෙනත් බටහිර සංස්කෘතියට පදනම් වූ සාහිත්‍ය කෘති හැදැරිමකින් පසූ ව ය. එහෙත් අපට එකක් පැහැදිලි ය. ඒ බටහිර සංස්කෘතිය යම් යම් දැ විවරණය කිරීමේ දී කිනම් ක්‍රියාමාර්ගයක් අනූගමනය කරන්නේ ද යන්න ය. පෙර කලෙක කතෝලික චින්තනය බටහිර ලෝකයෙහි අධිපතිවාදී චින්තනය ලෙස පැවති යූගයෙහි දී තොමස් ඇක්වයිනාස් නම් කතෝලික පූජකවරයකු වාසය කළේ ය. ඔහූ දේවධර්මවාදය පිළිබඳ වැදගත් කෘති සම්පාදනය කළ ඉහළ ගණයේ බූද්ධිමතකු විය. ඒ පඩිවරයාට එකල අභියෝගයක් විය. ඒ කතෝලික ආගමේ එකල පැවති දෑනූම පැරැණි ග්‍රීකයන් ගේ න්‍යාය සමඟ සංසන්දනය කර ඒ පද්ධති දෙක අතර සාම්‍යයක් දෑකීම ය. බටහිරයන් විසින් මධ්‍ය කාලය යැ යි හඳුන්වන යූගයෙහි බටහිර ආධිපත්‍යය දෑරූ දෑනූම් පද්ධතිය වූයේ ඇරිස්ටෝටල් පඩිවරයා විසින් සකස් කරන ලද්දේ යැ යි කියන දෑනූම් පද්ධතිය විය. ඒ පද්ධතියට එයට හිමි න්‍යායක් විය. ඇක්වයිනාස් පඩිවරයාට භාර වූ කාර්යය වූයේ ඇරිස්ටෝටලීය පද්ධතිය සමඟ එකඟ වන ලෙස කතෝලික ආගම පෙළ ගැස්වීම ය. ඔහූ ගේ සූම්මා තියොලොජි (Summa Theology)- නම් කෘතිය ඒ සඳහා ලියැ වූණූ එකක් විය.

මහාචාර්ය නලින් ද සිල්වා

චිත්ත හා චිත්තකෂණ

මහාචාර්ය නලින් ද සිල්වා

කාලය හා අවකාශය සම්බන්ධයෙන් සමමිතියක් පැවතීම අනිවාර්ය නො වෙයි. අයින්ස්ටයිනීය සාපේකෂතාවාදයෙහි වූව ද ඒ සම්බන්ධයෙන් දෘඪ සමමිතියක් නැත. එසේ වූව ද යම් නිරිකෂකයකු ගේ අවකාශ ප්‍රාන්තරයක් තවත් නිරීකෂකයකු ගේ කාල ප්‍රාන්තරයක් විය හැකි ය. අපි අවකාශයෙහි A නම් නිරීකෂකයකුට සාපේකෂව චලනය වන C නම් අංශූවක් ගනිමූ. අංශූව A ට සාපේකෂ ව චලනය වූව ද අංශුවට සාපේකෂව එය ඇත්තේ නිශ්චලතාවයෙහි ය. අංශුවට සාපේකෂ ව අංශුවේ අවකාශ ප්‍රාන්තරය සෑම විටෙක ම ශුන්‍ය වෙයි. අංශූවට සාපේකෂ ව ගත් කල අංශූවේ වෙනස් වන්නේ කාලය පමණකි. එහෙත් A ට සාපේකෂ ව අංශුවෙහි කාලය පමණක් නොව අවකාශයෙහි එයට ඇති දුර ද වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සාපේකෂතා වාදයට අනූව මේ අවකාශ ප්‍රාන්තර හා කාල ප්‍රාන්තර අතර යම් සම්බන්ධයක් වෙයි. අවකාශ ප්‍රාන්තරයෙහි වර්ගය හා කාල ප්‍රාන්තරයෙහි වර්ගය එකක් අනෙකෙන් අඩූ කිරීමෙන් අවකාශ කාල ප්‍රාන්තරය නමින් හැඳින්වෙන්න ලැබෙයි. එසේ අවකාශ-කාල ප්‍රාන්තරය ගණනය කිරීමේ දී එකක් අනකෙන් අඩූ කිරිමට සිදු වීමෙන් පෙන්නූම් කෙරෙන්නේ අවකාශය හා කාලය සම්බන්ධයෙන් දෘඪ සමමිතියක් නොතිබෙන බව ය. එවැනි දෘඪ සමමිතියක් තිබිණි නම් අපට ඒ වර්ග එකතු කිරීමට සිදු වනූ ඇත.

එවැනි දෘඪ සමමිතියක් නොතිබිණි ද, යම්කිසි නිරීකෂකයකුට සාපේකෂ ව C හි අවකාශ ප්‍රාන්තර වෙනත් නිරීකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තර වීම ඔස්සේ ප්‍රකාශ වන යම් සමමිතියක් කාලයට හා අවකාශයට වෙයි. බටහිර භෞතික විද්‍යාවේ කියැවෙන මේ සමමිතිය එහි ම ඇතැම් අවස්ථාවල උල්ලංඝනය වන බව පෙනී යයි. කලින් සඳහන් කළ පරිදි වස්තුවකට යම් ප්‍රදේශයක දිගින් දිගට ම තිබිය හැකි මූත්, එක විට ප්‍රදේශ කිහිපයක තිබිය නොහැකි ය. එහෙත් මේ අසමමිතිය විසඳන ක්‍රමයක් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ වස්තුවේ ඊනියා පැවැත්ම ම ප්‍රතිකෙෂ්ප කිරීමෙන් ය.

අපි නැවතත් ප්‍රශ්නයේ මූලට ම යමූ. යම් වස්තුවක් පවතින්නේ යැ යි අප කියන්නේ ඇයි? අප එලෙස වස්තුවක් පවතින්නේ යැ යි ගන්නේ ඇයි? එයට හේතුව වස්තුවේ වෙනස් නොවන යමක් ගැන අපේ මනසට දෑනෙන බැවින් ය. එහෙත් මනස යනූ විශ්වාස කළ හැකි ඉන්ද්‍රියක් නො වෙයි. අනෙක් අතට අපට යමක් නො වෙනස් ව පවතින බව දෑනෙන්නේ කාලයෙහි ය. කාලය යනූවෙන් දෙයක් ඇත් ද යනූ තවත් ප්‍රශ්නයකි.

ඉලෙක්ට්‍රෝනයක් වැනි අංශුවක් එක් කෂණයක දී ඇති වී නැති වී යන්නේ යැ යි සිතන්න. එමෙන් ම නැති වන ඉලෙක්ට්‍රෝනය වෙනූවට වෙනත් ඉලෙක්ට්‍රෝනයක් ද ඇති වන්නේ යැ යි ද නැති වන ඉලෙක්ට්‍රෝනයේ ගුණ පසූව ඇති වන ඉලෙක්ට්‍රෝනයට ලබා දෙන්නේ යැ යි ද සිතන්න. එවිට දෙවැනි ඉලෙක්ට්‍රෝනය පළමූ වැනි ඉලෙක්ට්‍රෝනයෙන් වෙනස් යැ යි අපි නොසිතමූ. අප සිතන්නේ පළමූ ඉලෙක්ට්‍රෝනය ම දිගින් දිගට ම පවතින බව ය. මෙහි දී වැදගත් වන තවත් කරුණක් වෙයි. එනම් අප ඉලෙක්ට්‍රෝනයක් යනූවෙන් අංශුවක් යම් කෂණයක හෝ ගන්නේ ඇයි ද යන්න හා ඉලෙක්ට්‍රෝනය යනූවෙන් අංශුවක් එලෙස කෂණයක හෝ පවතින්නේ ද යන්න ය. එමෙන් ම ඉලෙක්ට්‍රෝනය පවතින්නේ යැ යි ගතහොත් එය එක් ලකෂ්‍යයකට පමණක් සීමා විය යූතු ද යන ප්‍රශ්නය ද වෙයි.

මෙහි දී පළමූවෙන් ම කිව යූතු කරුණ වනූයේ ඉලෙක්ට්‍රෝනය හෝ වෙනත් යමක් හෝ පවතින්නේ මනසට සාපේකෂ ව බව ය. මනසින් තොර ව, මනසෙන් ස්වායත්ත ව යමක් පවතින බව මනසින් තොර ව පෙන්වා දිය නොහැකි ය. ඉලෙක්ට්‍රෝනයක් හෝ වෙනත් අංශුවක් හෝ වස්තුවක් පවතින බව පෙන්වා දීමට කරන උත්සාහයක මනස විසින් නිර්මාණය කෙරී ඇති නොයෙකුත් සංකල්ප යොදා ගැනීමට සිදු වෙයි. අප තවත් අයකුට යමක් තේරුම් කර දීමේ දී වචන යොදා ගනිමූ. මේ වචන පිටූපස ඇත්තේ සංකල්ප ය. වචන නොමැති ව චිත්‍රයක් හෝ සංගීත ඛණ්ඩයක් මඟින් යමකුට යමක් සන්නිවේදනය කළ ද ඒ චිත්‍රය හෝ සංගීත ඛණ්ඩය ද සංකල්පයක හෝ සංකල්පවල හෝ ප්‍රතිඵල වෙයි. එපමණක් නොවෙයි. අපි අපට ම යමක් තේරුම් කර දීමේ දී ද සංකල්ප යොදා ගනිමූ. ඒ සියලු සංකල්ප නිර්මාණ වෙයි. එනම් මනසෙහි නිර්මාණ වෙයි. සංකල්ප සංස්කරණය කිරීම ම මනසෙහි කාර්යය වෙයි. මනස යන සංකල්පය ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. වැඩි විස්තර සඳහා "මගේ ලෝකය" පොත කියවන්න.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අනවබෝධය හේතුවෙන් අපි දෑනූම සංස්කරණය කරමූ. ඉලෙක්ට්‍රෝනය යන්න ද අපේ මනස විසින් නිර්මාණය කෙරෙන්නක් වෙයි. අප විසින් ඉලෙක්ට්‍රෝනය හෝ වෙනත් යමක් තේරුම් ගනූ ලැබීමේ දී අපි දෑනූම නිර්මාණය කරන්නෙමූ. එලෙස යම් වස්තුවක් පවතින්නේ යැ යි ගැනීම ද තේරුම් ගැනීමක් හා නිර්මාණයක් වෙයි. ඉලෙක්ට්‍රෝනය සඳහා මෙහි මතු දෑක්වෙන ආකෘතිය ද නිර්මාණයක් වෙයි. දෑනූම නිර්මාණයේ දී සිදු වන ප්‍රධාන දෙයක් නම්, එලෙස නිර්මාණය කෙරෙන දෑනූම නිර්මාණය කෙරී ඇති අනෙක් දෑනූම් සමඟ හැකිතාක් පරස්පරවලින් තොර ව සංගත ව නිර්මාණය කෙරීම ය.

අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක්, කාල ප්‍රාන්තරයක් වෙයි. මෙයින් කියැවෙන්නේ කාලය යනූවෙන් යමක් පවතින බව හා අපට ඉන් ඉතා කුඩා ම කොටසක් මනසින් ග්‍රහණය කර ගත හැකි ය යන්න නොවෙයි. කාලය යන සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ය. පූටූව වැනි සංකල්පයක් මනස හා අනෙක් ඉන්ද්‍රියවල එකතුවෙන් නිර්මාණය කෙරුණ ද කාලය යන්න අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරයක් නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයකි. කාලය යනූ පඤ්ඤාත්තියක් යැ යි අභිධර්මයෙහි ධම්මසංගණියට බූද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද අටූවාව වූ අත්ථසාලිනියෙහි සඳහන් වෙයි. ඒ ගුරු කොට ගෙන අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරයක් නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පවලට අපි පඤ්ඤ්ත්තීන් යැ යි කියමූ.

අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වේය යන්නෙහි තේරුම නම් මනසට නිර්මාණය කළ හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වේය යන්න ය. එයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ගැන මනසට සිතිය නො හැකි වෙයි. මනසට එයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ග්‍රහණය කිරීමට නො හැකි ය. සිංහල ථෙරවාද බූද්ධාගමෙහි චිත්තකෂණය යනූවෙන් හැඳින්වෙන්නේ මේ කුඩා ම කාල පරිච්ඡේදය යැ යි සිතමි. මේ චිත්තකෂණය යනූ චිත්තයක් ඇති වී, පැවැතී, භංග වීමට ගත වන කාල පරිච්ඡේදය වෙයි. චිත්තකෂණයක් තුළ චිත්තයක් ඇති වී නැති වී යන්නේ ය යන්නෙහි තේරුම චිත්තයක් ඒ කෂණය තුළ නොවෙනස් ව පවතින්නේ ය යන්න නො වෙයි. චිත්තයක් ඇති වන්නේ ය යන්න ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. චිත්ත ද මනසේ ම නිර්මාණ වෙයි.

මනස විසින් නිර්මාණය කෙරෙන මේ චිත්තය ද වෙනස් වෙයි. එය චිත්තකෂණයක ඇති වී වෙනස් වී නැති වෙයි. භංග වන්නේ ඇති වූ චිත්ත නොවෙයි. ඒ එක් අතකින් ගත් කල වෙනස් චිත්තයකි. එහෙත් එලෙස වෙනස් චිත්තයක් ලෙස ගැනීමට නම්, මූල් චිත්තය ඒ දෙවනූව ඇති වූ චිත්තයට කලින් නැති විය යූතු ය. එනම් චිත්තකෂණයට ද කුඩා කාල පරිච්ඡේදයක් මනසට ගත හැකි විය යූතු ය. ඒ කුඩා කාල පරිච්ඡේදය තුළ ඇති වී නැති වන චිත්තය ද වෙනස් වෙයි. එවිට ඒ චිත්තය සම්බන්ධයෙන් ද කලින් කී දේ කීමට හැකි විය යූතු ය. එනම්, ඒ චිත්තය ද එයටත් කුඩා කාලයක දී නැති විය යූතු ය යන්න ය. මෙලෙස චිත්ත පවතින කාල පරිච්ඡේද කුඩා කරමින් තව තවත් කුඩා කාල පරිච්ඡේද නිර්මාණය කිරීමට මනසට හැකි විය යූතු ය. මෙහි කෙළවරක් නොතිබිය හැකි ය. එහි තේරුම නම්, මනසට ශුන්‍ය වූ කාල පරිච්ඡේදයක් ද නිර්මාණය කළ හැකි බව ය. එහෙත් එවැනි කාල පරිච්ඡේදයක දී චිත්තයක් ඇති වී නැති වීම ම අර්ථ ශුන්‍ය ප්‍රකාශයක් වෙයි. අනෙක් අතට එවැනි කෂණයක් නිර්මාණය කිරීමට ද මනස අපොහොසත් වෙයි.

මේ සියලු කරුණූවලින් පෙනී යන්නේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් ගැන අපට සඳහන් කළ හැකි බවත්, ඒ කෂණය චිත්තකෂණය ලෙස නම් කළ හැකි බවත් ය. මේ චිත්තකෂණය යන්න ද මනසෙහි නිර්මාණයක් බව අමතක නොකළ යූතු ය. චිත්තකෂණයක ඇති වී වෙනස් වී නැති වී යන්නේ චිත්තයක් යැ යි අපි කියමූ. මේ මනසින් අනිත්‍ය තේරුම් ගැනීමට යෑමේ දී හමූවන සීමාව ය. අනිත්‍ය මනසින් තේරුම් ගත හැකි නො වෙයි. චිත්තකෂණයක දී චිත්තයක් පවතින්නේ යැ යි කීව ද එය නිවැරැදි නොවන්නේ ඒ කෂණයෙහි චිත්තය වෙනස් වන බැවිනි. මෙවැනි අවස්ථාවල දී අපට චතුස්කෝටික න්‍යාය පිහිට වෙයි. අපට කිව හැක්කේ චිත්තකෂණයක චිත්තය පවතින බව මෙන් ම නොපවතින බව ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් චිත්තය චිත්තකෂණයෙහි වෙනස්වන බව ය.

ඉහත සඳහන් කරුණූ එක් වර තේරුම් ගත හැකි යැ යි නො සිතමි. එබැවින් ඒ නැවත සාරාංශයක් ලෙස ඉදිරිපත් කෙරෙයි. අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වෙයි. ඒ කාල පරිච්ඡේදයට චිත්තකෂණයක් යැ යි කියනූ ලැබෙයි. ඒ චිත්තකෂණය යන්න ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. මේ කාල පරිච්ඡේදයෙහි ඇති වී වෙනස් වී නැති වන චිත්තයක් අපි නිර්මාණය කරමූ. ඒ චිත්තය නැති වීමෙන් පසූ වෙනත් චිත්තයක් උපදින්නේ යැ යි අපි කියමූ. චිත්ත මෙන් ම චිත්තකෂණ ද අපේ නිර්මාණ වෙයි.

දෑන් ප්‍රශ්නය වනූයේ මනස යනූ කුමක් ද යන්න ය. චිත්ත හා චිත්තකෂණ මනසෙහි නිර්මාණ වේ යැ යි සඳහන් කෙරුවෙමූ. එසේ නම් ඉන් කියැවෙන්නේ අනෙක් සියල්ල නිර්මාණය කරන මනස නමින් වූ යම් කිසිවක් පවතින බව ද? එයට පිළිතුර නැත යන්න ය. මනස ද මනසෙහි නිර්මාණයකි! එසේ නම් මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? ඒ සඳහා ද ප්‍රවාදයක් අවශ්‍ය වෙයි.

එහෙත් එයට පළමූව කිව යූත්තක් වෙයි. චිත්තකෂණය හා ඒ සමඟ බැදුණූ රූපකෂණ යන්න ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් සංකල්ප වෙයි. ඒ සංකල්ප නිර්මාණය කළෝ ථෙරවාදී භිකෂූන් වහන්සේ ය. මෙහි දී කිව යූතු වැදගත් ම කරුණ නම්, මේ සම්බන්ධයෙන් සිංහල භිකෂූන් වහන්සේ ගේ දායකත්වය ය. අපේ මහාවිහාරික භිකෂූන් වහන්සේ විසින් නිර්මාණය කෙරි ඇති දෑනූම අනූව රූපකෂණයක් හා චිත්තකෂණයක් අතර සම්බන්ධයක් වෙයි. සිංහල ථෙරවාදී භිකෂූන් වහන්සේ එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ දෑ යි අපි නොදනිමූ. එසේ වූවත් එවැනි දෑනූමක් ලෝකයේ වෙනත් කිසිම තැනක සඳහන් නොවන බව මේ පිළිබඳ කරුණූ හදාරා ඇති උගතුන් ගේ මතය වෙයි. ථෙරවාදයේ වෙනත් රටක හෝ මහායානයේ, තන්ත්‍රයානයේ හෝ වෙනත් කිසිම තැනක හෝ නොමැති මේ දෑනූමෙන් ප්‍රකාශ වනූයේ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණශීලීත්වය ය.

මහාචාර්ය නලින් ද සිල්වා

කාකෂික අතර ඉලෙක්ට්‍රෝන

මහාචාර්ය නලින් ද සිල්වා

ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීමේ දී ඒ නොවෙනස් වන්නේ යැ යි බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දී උපකල්පනය කෙරෙයි. එහෙත් එහි දී ඉලෙක්ට්‍රෝනයට ශක්තිය එකතු වීමක් හෝ ඉලෙක්ට්‍රෝනයෙන් ශක්තිය මූදාහැරීමක් හෝ සිදු වෙයි. මෙහි තේරුම නම් ශක්තිය අඩූ වැඩි වූව ද නොවෙනස් වන යම් කිසිවක් ඉලෙක්ට්‍රෝනයෙහි පවතින්නේ ය යන්න ය. එනම්, ඉලෙක්ට්‍රෝනයට ආත්මයක් ඇත. ආත්මවාදීහූ මිනිසූන් හෝ වෙනත් සත්ත්වයන් හෝ සම්බන්ධයෙන් ගත් කල එසේ ම භෞතික මරණයෙන් පසූ ද දිගට ම පවත්නා හෝ භවයෙන් භවයට සැරිසරණ හෝ නොවෙනස් වන ආත්මයක් පවතින බව විශ්වාස කරති. එක ම ඉලෙක්ට්‍රෝනය ශක්තිය අඩූ වීමෙන් හෝ වැඩි වීමෙන් හෝ පසූව ද එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනිමින් පවතින්නේ ය යන්නෙහි තේරුම ඉලෙක්ට්‍රෝනයෙහි නොවෙනස් වන ආත්මයක් පවතින බව ය. ආත්ම යන්න සත්ත්වයන් විෂයයෙහි පමණක් නො යොදා ගැනෙයි. බෞද්ධ දර්ශනයෙහි පූද්ගලාත්ම ගැන පමණක් නොව ධර්මාත්ම ගැන ද කියැ වෙයි. බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාව ද ඇතුළු සියලු බටහිර දෑනූම් ගොඩනැගෙන්නේ ආත්මවාදය ගුරු කොට ගත් සමාජයක බව අමතක නො කළ යූතු ය.

එහෙත් සිංහල ථෙරවාදී බූද්ධාගමෙහි චින්තනය යනූ නොවෙනස් වන ධර්මයක් නොවෙයි. පටිසන්ධි චිත්තය චූති චිත්තයෙන් වෙනස් වෙයි. චූති චිත්තය නැති වී ඇති වන්නේ පටිසන්ධි චිත්තය ය. යම් හෙයකින් දිගින් දිගට ම චූති චිත්තය පවතින්නේ නම්, සත්ත්වයාට ඉපදීමක් නැත. සත්ත්වයා එවිට නිරන්තරයෙන් ම (අතරක් නැතිව ම) මරණයට පත් විය යූතු ය. එය සිදු වන්නේ කෙසේ ද, එනම් ඉපදීමක් නැතිව දිගට ම මැරෙන්නේ කෙසේ ද, යන්න පිළිබඳ ව ප්‍රශ්නයක් ඇති වූව ද චූති චිත්තය නොවෙනස් වන්නේ යැ යි ගැනීමේ ප්‍රතිඵලය ලෙස එැවනි නිගමනයකට පැමිණීමට සිදු වීම ය. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට වෙනත් කාකෂිකයකට පැනීම හා චිත්තයක් නැති වී තවත් චිත්තයක් ඇති වීම අතර ඇති වෙනස තේරුම් ගැනීමට ඒ කරුණ වූවත් ප්‍රමාණවත් වෙයි.

බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මයට (Heisenberg uncertaincy Principal)- අනූව ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි හැදැරෙන අංශූවක ගම්‍යතාව හා පිහිටූම එක් විට මැනගත නො හැකි වෙයි. එමෙන් ම අංශූවෙහි ශක්තිය හා අංශූව ඇත්තේ කිනම් කාලයක ද යන්න ද, එනම් අදාළ කාලය, එක් විට දෑනගත නො හැකි වෙයි. වඩා ගැඹූරින් කියන්නේ නම්, අංශූවේ ගම්‍යතාව හෝ පිහිටූම හෝ (ශක්තිය හෝ කාලය හෝ) කිසිවිටෙකත් නිශ්චිත ව මැනගත නො හැකි වෙයි. අංශුව පිහිටන්නේ අසවල් ලකෂ්‍යයෙහි යැ යි කිසිවිටෙකත් දෑනගත නොහැකි ය. අංශූව ඒ ලකෂ්‍යය අවට ඇති බව පමණක් කිව හැකි වෙයි. අංශූව නිශ්චිත ව ම ඒ ලකෂ්‍යයෙහි වෙයි නම් එහි තේරුම වනූයේ අංශූවෙහි ගම්‍යතාව යම් නිශ්චිත ගම්‍යතාවකින් අනන්ත ප්‍රමාණයකින් වෙනස් වන බව ය. එසේ අනන්ත ප්‍රමාණයකින් වෙනස් වීම භෞතික වශයෙන් නො සිදු වන බැවින් එහි තේරුම අංශූවේ පිහිටූම නිශ්චිතව ම දෑන ගැනීමට නොහැකි බව ය. අංශූවේ පිහිටූම යම් ලකෂ්‍යයකට ආසන්න බව වැඩි වනවාත් සමඟ එහි ගම්‍යතාව නිශ්චිත ගම්‍යතාවකින් වෙනස් වීමත් වැඩි වෙයි. අංශුවෙහි ශක්තිය සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැන්නකි. ඉලෙක්ට්‍රෝනයක් පරමාණූවක කකෂයක නොව කාකෂියක ඇතැ යි කියන්නේ මේ කරුණූ ද සැලකිල්ලට ගනිමිනි.

කාකෂිකයක වූ ඉලෙක්ට්‍රෝනයක ශක්තිය නිශ්චිත යැ යි සාමාන්‍යයෙන් කීව ද එය එසේ නො වෙයි. ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය යම් නිශ්චිත අගයක් වටා වෙයි. එහි ශක්තිය ඒ නිශ්චිත අගයෙන් ඉතා ස්වල්පයක් අඩූ වැඩි වෙයි. එසේ වන විට කාලය සම්බන්ධයෙන් නිශ්චිත ව කිසිවක් කිව හැකි නොවෙයි. වෙනත් අයූරකින් කියන්නේ නම්, ඉලෙක්ට්‍රෝනය අහවල් කාකෂිකයෙහි, අහවල් වේලාවෙහි ඇත කියා කීමට නො හැකි වෙයි. එයට අහවල් වේලාවක් නැත. ඉලෙක්ට්‍රෝනය ඒ අහවල් වෙලාව මැදි කර ගත් කාල ප්‍රාන්තරයක වෙයි. ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය යට කියන ලද පරිදි නිශ්චිත අගයකට වඩා කිටිටූවත් ම, එනම් ශක්ති ප්‍රාන්තරය ඉතා කුඩාවත් ම කාල ප්‍රාන්තරය විශාල වෙයි.

කාලයට හා ශක්තියට අදාළ ව හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය අපට, අයූරින් ප්‍රකාශ කළ හැකි ය. මෙහි AE යන්නෙන් ශක්තිය E නම්, නිශ්චිත අගයෙන් කෙතරම් වෙනස් වන්නේ ද යන්නත්, AT යන්නෙන් කාලය T නම් නිශ්චිත අගයෙන් කෙතරම් වෙනස් වන්නේ ද යන්නත් දෑක්වෙන අතර, h යනූ ප්ලැන්ක් නියතය නමින් හැඳින්වෙන නියතයක් වෙයි. මේ අසමානතාවයෙන් පැහැදිලි වන කරුණ නම්, ae කුඩාවත් at විශාල වන බව ය. මේ අසමානතාවයෙහි AE ශුන්‍ය වීමට නොහැකි වෙයි. AE ශූන්‍ය AT වූවහොත් එයට අනන්තයක් වෙයි.

කෙසේ හෝ මෙයින් කියැවෙන්නේ ශක්තිය යම් නිශ්චිත අගයක් වටා වූ කුඩා ප්‍රාන්තරයක් තුළ ඇති ඉලෙක්ට්‍රෝනයක කාලය යන්න නිශ්චිත නොවන බවත්, ඒ විශාල පරාසයක පිහිටිය හැකි බවත් ය. අහවල් t කාලයෙහි දී ඉලෙක්ට්‍රෝනය ගැන යමක් කීමට නොහැක්කේ එවැනි t කාලයක් ඉලෙක්ට්‍රෝනයට නොමැති බැවින් ය. එහෙත් ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට වෙනත් කාකෂිකයකට පනින විට ඒ සංසිද්ධියට අදාළ බොහෝ දේ අපි කතා නොකර සිටිමූ. එයට හේතුව අපට ඒ ගැන දෑනූමක් නැති වීමත්, අප ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදෑක්වීමත් ය. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට වෙනත් කාකෂිකයකට පැනීමේ දී එයට අතරමැදි අවස්ථාවක් නොමැති ව පැනිය හැකි දෑ යි සොයා බැලීමට අධ්‍යයනයක් කළ යූතු ය.

ඉලෙක්ට්‍රෝනයක් යම් කාකෂිකයක ඇතැ යි යන්නෙහි තේරුම එය AE ප්‍රාන්තරයක් සහිත ව E නම් ශක්තියක් ගන්නා බව ය. දෑන් විකිරණයක් අවශෝෂණය කර ගතහොත් ඉලෙක්ට්‍රෝනයෙහි අවස්ථාව වෙනස් වෙයි. එවිට ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය නම් වෙනත් නිශ්චිත අගයක් (එහෙත් යම් කුඩා ශක්ති ප්‍රාන්තරයක් සහිතව) ගැනීමට පළමූව එහි ශක්තිය නිශ්චිත අගයක් ගනූ වෙනූවට කාලය නිශ්චිත අගයක් ගත යූතු ය. එය එක්තරා ආකාරයකින් ගතහොත් ඉලෙක්ට්‍රෝනයේ "ස්වභාවයෙහි" වෙනස් වීමක් ලෙස ගත හැකි වෙයි. එසේ "ස්වභාවයෙහි" වෙනස් වීමකින් පසූව ඉලෙක්ට්‍රෝනයට කාලය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් ඇතත්, ශක්තිය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් නැත. මෙහි දී අවධාරණය කළ යූත්තක් නම්, නිශ්චිත අගයක් ගන්නේ ය යන්නෙන් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී මෙන් කිසිම සැකයකින් තොර ව මැනෙන අගයක් අදහස් නොකරන බව ය. සෑම නිශ්චිත අගයක් යන්නෙන් ම යම් නිශ්චිත අගයක් වටා ඇති කුඩා ප්‍රාන්තරයක් අදහස් වෙයි.

කාලය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් ගන්නා ඉලෙක්ට්‍රෝනය, නැවතත් පරමාණූවේ න්‍යෂ්ටිය මඟින් ඇති කරන බලය හා පරමාණූවේ වෙනත් අභ්‍යන්තර බලවල බලපෑමට යටත් වී නැවතත් "ස්වභාවය" වෙනස් කරමින් ශක්තියට E. නම් නව අගයක් ලබා ගනියි. එසේ E නම් වෙනත් ශක්ති අගයක් ලබා ගත් ඉලෙක්ට්‍රෝනය වෙනත් කාකෂිකයක් අත්පත් කර ගනියි. මේ ක්‍රියාදාමය ඉහත සඳහන් ආකාරයෙන් ම සිදු වන්නේ දෑයි අපි නොදනිමූ. කෙසේ වෙතත් ඒ ඉලෙක්ට්‍රෝනයේ තටිටූ මාරුවට, එනම් කාකෂිකයකින් වෙනත් කාකෂිකයකට පැනීමට, දිය හැකි යාන්ත්‍ර උපක්‍රමයක් (Mechanism) - පමණකි.

ඉලෙක්ට්‍රෝනයකට කාකෂිකයකින් කාකෂිකයකට පැනීමේ දී ඉහත සඳහන් ආකාරයේ හෝ වෙනත් ආකාරයක හෝ යාන්ත්‍ර උපක්‍රමයක් ඇත්නම් එය ද සත්ත්වයා ගේ පූනබ්භවය සම්බන්ධ සාදෘශ්‍යයෙහි තවත් ප්‍රශ්න ඇති කරයි. මේ භවයේ චූති චිත්තයෙන් පසූව වෙනත් භවයක පටිසන්ධි චිත්තයක් ඇති වීමට පෙර වෙනත් යමක් චිත්තයට නොවෙයි. චිත්ත සම්බන්ධයෙන් සිංහල ථෙරවාද බූදු දහමෙහි අනිශ්චය මූලධර්මයක් නො දෑක්වෙයි. චිත්ත සම්බන්ධයෙන් කියැවෙන්නේ එක් චිත්තයක් ඇති වී නැති වීමෙන් පසූ වෙනත් චිත්තයක් ඇති වන බව පමණ ය. ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය නිශ්චිත අගයක් ගෙන ඉන්පසූ කාලයෙහි නිශ්චිත අගයක් ලබා, පසූව නැවතත් ශක්තියට වෙනත් නිශ්චිත අගයක් ගන්නා ආකාරයෙහි ක්‍රියාදාමයක් චිත්තයට නැත. චිත්තය නැති වී වෙනත් චිත්තයක් ඇති වීමට පෙර චිත්තය නොවන දෙයක් අත් කර ගන්නා බවක් සිංහල ථෙරවාද බූදු දහමෙහි නො කියැවෙයි.

එසේ ම කලින් සඳහන් කර ඇති ආකාරයට බටහිර භෞතික විද්‍යාවට අනූව තටිටූ මාරු කරන්නේ එක ම ඉලෙක්ට්‍රෝනයකි. එහි යම් යම් වෙනස්කම් ඇති වූව ද ඉලෙක්ට්‍රෝනයෙහි සාරයෙහි වෙනසක් නො සිදු වෙයි. එහෙත් චිත්ත එසේ නො වෙයි. චිත්තයක් නැති වී යෑමෙන් පසූ ඇති වන්නේ වෙනත් ම චිත්තයකි. අපට හැකි නම් කළ යූත්තේ ඉලෙක්ට්‍රෝනය ද වෙනස් වන්නේ යැ යි ගැනෙන ආකෘතියක් නිර්මාණය කිරීම ය. එය ඉලෙක්ට්‍රෝනය සම්බන්ධයෙන් වූ සිංහල බෞද්ධ ප්‍රවාදයක් වනූ ඇත. ඉලෙක්ට්‍රෝනයෙහි සාරය නොවෙනස් ව පවතින්නේ ය යන ආකෘතිය වෙනූවට ඉලෙක්ට්‍රෝනය වෙනස් වන්නේ ය යන පදනමේ සිට ආකෘතියක් නිර්මාණය කර ගත හැකි වන්නේ කෙසේ දෑ යි සොයා බැලීමට දෑන් පාසලේ ඉගෙන ගන්නා සිසූ සිසූවියන්ට මතු දවසක හැකි වනූ ඇත.

ඉලෙක්ට්‍රෝනයක් වෙනස් වන්නේ ය යන්න කෙසේ වෙතත් ඉලෙක්ට්‍රෝනයක් නොවෙනස් ව පවතින්නේ ය යන බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි උපකල්පනය බටහිර භෞතික විද්‍යාවෙහි කාලය හා අවකාශය සම්බන්ධයෙන් කියැවෙන සමමිතිය සමඟ සංගත නොවන බව නම් පැහැදිලි ය. අයින්ස්ටයින් පඩිවරයා ගේ සාපේකෂතාවාදය අනූව එක් නිරිකෂකයකු ගේ කාල ප්‍රාන්තරය තවත් නිරිකෂකයකු ගේ අවකාශ ප්‍රාන්තර විය හැකි ය. එමෙන් ම එක් නිරිකෂකයකු ගේ අවකාශ ප්‍රාන්තර තවත් නිරිකෂකයකු සම්බන්ධයෙන් ගත් කල කාල ප්‍රාන්තර ලෙස දෑක්වෙනූ ඇත. මෙයින් කියැවෙන්නේ අවකාශය හා කාලය අතර සමමිතියක් ඇති බව ය. එහෙත් මේ සමමිතිය බටහිර භෞතික විද්‍යාවෙහි සාමාන්‍යයෙන් දක්නට නැත.

උදාහරණයක් වශයෙන් යම් ප්‍රදේශයක පිහිටි වස්තුවක් සලකන්න. මේ වස්තුව එක ම කාලයෙහි එකිනෙකින් වෙනස් වූ ප්‍රදේශ දෙකක හෝ කිහිපයක හෝ තිබිය නොහැකි ය. එහෙත් ඒ වස්තුවට විවිධ කාලවල දී එක ම ප්‍රදේශයෙහි තිබිය හැකි ය. වස්තුවක් දිගින් දිගට ම එක ම ලකෂ්‍යයක වෙනස් නොවී පවතින්නේ ය යන්නෙහි තේරුම ඒ වස්තුව එක ම ප්‍රදේශයක විවිධ කාලවල දී පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ වස්තුවට විවිධ කාලවල දී එක ම ප්‍රදේශයෙහි තිබිය හැකි ය. වස්තුවක් දිගින් දිගට ම එකම ලකෂ්‍යයක වෙනත් නොවී පවතින්නේ ය යන්නෙහි තේරුම, ඒ වස්තුව එක ම ප්‍රදේශයක විවිිධ කාලවල දී පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ වස්තුවට විවිධ ප්‍රදේශවල දී එක ම කාලයෙහි පැවතිය නොහැකි ය. මෙහි දී ඉහත සඳහන් අයින්ස්ටයිනීය සමතුලිතතාවය බිඳ වැටෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි දක්නට ලැබෙන මේ විසංවාදය බොහෝ දෙනා ගේ කතාබහට ලක් වූවක් නො වෙයි. එවැනි විසංවාදයක් ඇති බව හෝ බොහෝ දෙනා නොදනිති. මේ විසංවාදයෙන් ගොඩ එන මඟක් වෙයි. එහෙත් එහි දී වස්තුවෙහි පැවැත් ම අත්හැරිමට සිදු වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

යා දෙක නොරත රත

මහාචාර්ය නලින් ද සිල්වා

ඉලෙක්ට්‍රෝන කාකෂීකයකින් වෙනත් කාකෂීකයකට පැනීම සහ චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම සන්සන්දනය කර සාදෘශ්‍යයක් ගැන කතා කිරිමෙන්, සාදෘශ්‍ය නිවැරැදි වූවත්, පූනබ්භවය තේරුම් ගත හැකි නොවෙයි. කලින් සඳහන් කෙරී ඇති ආකාරයට, චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති විම ඉලෙක්ට්‍රෝන කාකෂීක මාරු කිරීම සමඟ සන්සන්දනය කළ හැකි නම්, වෙනත් චිත්තයක් නැති වී තවත් චිත්තයක් ඇති වීම ද ඉලෙක්ට්‍රෝනයක් කාකෂිකයකින් තවත් කාකෂිකයකට මාරු වීම ද ඒ අයූරින් ම සන්සන්දනය කළ හැකි ය. යමකු එසේ නොකරන්නේ නම්, එයට හේතුව සාමාන්‍ය අවස්ථාවක චිත්තයක් වෙනූවට තවත් චිත්තයක් ඇති වීම එක ම තැනක සිදු වන බවත්, චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වන්නේ අවකාශයේ වෙනත් තැනක බවත්, උපකල්පනය කිරීම ය. චිත්තයක් යන්න එක ලකෂ්‍යයක ඇති වන දෙයක් නොව මූළු ශරීරය පූරාමත් ඇති වන අරූපාවචර වූවක් බව කලින් සඳහන් කෙරී ඇත.

එයටත් වඩා මේ පූනබ්භවය සඳහා සාදෘශ්‍ය පෙන්වන්නන් අමතක කරන තවත් වැදගත් කරුණක් වෙයි. ඒ සාමාන්‍ය අවස්ථාවල පවා චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් එක ම තැනක නූපදින බව ය. ඔවූන් ගේ උපකල්පනය අනූව, චූති චිත්තය නැති වන්නේ එක් තැනක ය. පටිසන්ධි චිත්තය ඇති වන්නේ වෙනත් දුරින් පිහිටි තැනක ය. එහෙත් සාමාන්‍යයෙන් චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන්නේ එක ම තැනක ය. එහෙත් සාදෘශ්‍යකරුවන් ගේ අවාසනාවට එය එසේ නොවේ. එසේ වීමට නම්, චිත්ත ඇති වන්නේ යැ යි කියන ශරීර කුඩූව අවකාශයේ එක ම ලකෂ්‍යයක පිහිටිය යූතු ය. ශරීර කූඩූව එසේ නිශ්චලව අවකාශයේ එක ම තැනක පිහිටි දෙයක් නොවේ. ශරීර කුඩූව පෘථිවිය මත ඇති බැවින් ම එය පෘථිවියත් සමඟ චලිතයෙහි යෙදෙයි. පෘථිවිය තම අකෂය වටා පරිභ්‍රමණය වෙමින් සූර්යයා වටා යයි. එයට අමතර ව සූර්යයා ද චලනය වෙයි. සූර්යයා ද පිහිටා ඇති අපේ මන්දාකිණිය ද නිශ්චලව පවත්නා වස්තුවක් නොවෙයි. මේ සියල්ල මදිවාට මෙන් විශ්වය ද ප්‍රසාරණය වෙයි.

මෙයින් පැහැදිලි වන්නේ ශරීර කුඩූව එක් තැනක නිශ්චල ව නොපවතින බව ය. එය ද, සංකීර්ණ චලිතයක යෙදෙයි. එසේ නම් ශරීර කුඩූව තුළ චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන්නේ එක ම තැනක නොවේ. චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන විට ශරීරය ද සූළු වශයෙන් හෝ දුරක් ගමන් කරයි. එසේ නම්, අලුත් චිත්තය ඇති වන්නේ පැරැණි චිත්තය ඇති වූ තැන ම නොවෙයි. එහෙත් මෙහි දී යමකු පවසනූ ඇත්තේ එලෙස ශරීර කූඩූව ගමන් කරන්නේ ඉතා කුඩා දුරක් බව ය. එපමණක් නොව ඒ කෙටි දුර ශරීර කූඩූව ගමන් කරන්නේ සන්තතික ව බව ද අප ප්‍රශ්න විචාරකයා අපට මතක් කර දෙනූ ඇත.

මෙය හූදු උපකල්පනයක් පමණි. ඒ උපකල්පනය කරන්නෝ පෘථිවියට ඇත්තේ සන්තතික චලිතයක් පමණක් යැ යි සිතති. ශරීර කූඩූව සමඟ සිදු වන පොළොවේ චලිතය සන්තතික නොවිය හැකි දෑ යි ඔවූන් ගෙන් ප්‍රශ්න කළහොත් ඔවූන් කුමක් කියාවි ද? අනෙක් අතට ශරීර කුඩූව සන්තතික චලනයක යෙදුණ ද, චිත්තයක් නැති වී තවත් චිත්තයක් ඇති වීම සන්තතික ව සිදු වන බවක් ඔවූන් දන්නේ කෙසේ ද?

එයට අමතර ව මේ ඊනියා සාදෘශ්‍යයෙන් පැන නගින තවත් වැදගත් ප්‍රශ්න ගණනාවක් ම තිබෙයි. ඉලෙක්ට්‍රෝන, කාකෂීකයකින් තවත් කාකෂිකයකට පනින්නේ යැ යි කීමේ දී උපකල්පනය කෙරෙන්නක් නම්, එක ම ඉලෙක්ට්‍රෝනය කෙසේ හෝ වෙනත් කාකෂිකයකට පනින බව ය. එක් කාකෂිකයකින් චූත වන ඉලෙක්ට්‍රෝනය ම වෙනත් කාකෂිකයකට පනින්නේ යැ යි කියනූ ලැබෙයි. එහෙත් චිත්ත ගැන කිව හැක්කේ කුමක් ද? පූනබ්භවය සිදු වන අවස්ථාවේ දී නොව සාමනා්‍ය අවස්ථාවක දී පවා චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වෙයි. එක ම චිත්තය වෙනත් ආකාරයකින් ඇති වන්නේ යැ යි නොකියැවෙයි. සිංහල ථෙරවාද බෞද්ධයනට අනූව චිත්තයක් ඉපදී ඉතා සූළු කාලයක් පැවතී නැති වී යයි. ඒ පවත්නා සූළු කාලය තුළ දී පවා චිත්තය වෙනස් වෙයි. වෙනස් නොවී සූළු කාලයක් හෝ පවතින්නක් නැත. කාලය යන සංකල්පය ම අවශ්‍ය වී ඇත්තේ සියල්ල වෙනස් වන බැවිනි. කිසිවක් වෙනස් නොවන ලෝකයක කාලය යනූවෙන් සංකල්පයක් අවශ්‍ය නොවෙයි.

ඉපිද සූළු කාලයක් (වෙනස් වෙමින්) පවතින චිත්තය නැති වෙයි. (භංග වෙයි.) ඒ චිත්තය නැති වනවාත් සමඟ ම වෙනත් චිත්තයක් ඇති වෙයි. එසේ අලුතින් ඇති වන්නේ වෙනත් ම චිත්තයක් මිස කලින් තිබූ චිත්තය නොවෙයි. පටිසන්ධි චිත්තය චූති චිත්තයෙන් වෙනස වනූ පමණක් නොව වෙනත් චිත්තයක් ද එයට කලින් තිබූ චිත්තයෙන් මෙන් ම පසූව ඇති වන චිත්තයෙන් ද වෙනස් වෙයි. එවිට චිත්තයක් එක් තැනක සිට තවත් තැනකට යෑම යන ප්‍රශ්නය පැන නොනගියි. එයට හේතුව එසේ තවත් තැනකට සංතතික ව හෝ අසංතතික ව යන චිත්තයක් නොමැති බැවිනි. මෙය ඉතා වැදගත් කරුණක් වන බැවින් ඒ පිිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යූතු වෙයි.

අපි පළමූව බටහිර භෞතික විද්‍යාවෙහි කියැවෙන ඉලෙක්ට්‍රෝනයට නැවතත් යමූ. බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ඉලෙක්ට්‍රෝනයක් පරමාණූවක් තුළ යම් කාකෂිකයක වෙයි. මේ ඉලෙක්ට්‍රෝනය එක්කෝ බාහිරින් ලැබෙන විකිරණ මඟින් ශක්තිය අවශෝෂණය කර එය පවතින කාකෂිකයට වඩා ඉහළ කාකෂිකයකට පනියි. නැත්නම් යම් ශක්තියක් විකිරණ මඟින් මූදා හැර පවතින කාකෂිකයට වඩා පහළ කාකෂිකයට පනියි. මෙහි දී වැදගත් වන්නේ එක ම ඉලෙක්ට්‍රෝනයක් ඉහළ කාකෂිකයකට පනින බව ය. නැත්නම් එක ම ඉලෙක්ට්‍රෝනයක් පහළ කාකෂිකයකට පනින බව ය.

ඉලෙක්ට්‍රෝනයක් යම් කාකෂිකයක ඇති විට අවශෝෂණය කරන ශක්තිය හෝ මූදා හැරෙන ශක්තිය හේතු කොටගෙන වෙනත් ඉලෙක්ට්‍රෝනයක් ඇති නොවන්නේ දෑ යි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ඒ එසේ නොවෙයි. ශක්තිය අවශෝෂණය කිරිමෙන් හෝ ශක්තිය මූදා හැරීමෙන් හෝ පසූව පවතින්නේ ද කලින් තිබූ ඉලෙක්ට්‍රෝනය ම ය. එහි දී සිදු වන්නේ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වීම නොව තිබූ ඉලෙක්ට්‍රෝනයේ ම ශක්තිය එක්කෝ වැඩි වීම ය. නැත්නම්, ශක්තිය අඩූ වීම ය. ඉලෙක්ට්‍රෝනයක ශක්තිය අඩූ වීම හෝ වැඩි වීම හේතුවෙන් අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ යැ යි බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාව නොකියයි.

බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි කියැවෙන්න (උපකල්පනය කෙරෙන්න) කෙසේ වෙතත් ශක්තිය වැඩි වීම හෝ අඩූ වීම හෝ නිසා අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති විණි යැ යි සිතමූ. දෑන් ප්‍රශ්නය වනූයේ එසේ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ කොතැනක ද යන්න ය. අලුත් ඉලෙක්ට්‍රෝනය මූල් කාකෂිකයෙහි ම ඇති වී එසේ ඇති වූ ඉලෙක්ට්‍රෝනය ඉහළ හෝ පහළ කාකෂිකයකට පනින්නේ ද, එසේත් නැත්නම් පැරැණි ඉලෙක්ට්‍රෝනය ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම සමඟ අනෙක් කාකෂිකයට පැනීමත් සමඟ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම්, වැඩි වූ හෝ අඩූ වූ හෝ ශක්තිය මූල් ඉලෙක්ට්‍රෝනයට ද ඇත් ද?

මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි අසා ඇතැ යි මම නොසිතමි. එයට හේතුව ආත්මවාදීන් වූ බටහිර භෞතික විද්‍යාඥයන්ට (සිංහල ථෙරවාදී බෞද්ධ යැ යි කියන්නකු වූව ද සව්ඥානික ව කටයූතු නොකරන්නේ නම් බටහිර භෞතික විද්‍යාඥයකු ලෙස ක්‍රියා කරන්නේ ආත්මවාදියකු ලෙස ය.) එවැනි ප්‍රශ්නයක් ඇසීමට තරම් සංස්කෘතික පසූබිමක් නොවීම ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට යමක් ද්‍රව්‍යමය වශයෙන් (substantially)- පවතියි. එය ශක්තිය වැඩි කර ගනූ විය හැකි ය. එසේත් නැත්නම් අඩූ කර ගනූ විය හැකි ය. එහෙත් ඒ නිසා එහි ද්‍රව්‍යමය තත්ත්වයෙහි වෙනසක් සිදු නොවෙයි. එබැවින් බටහිර භෞතික විද්‍යාවෙහි ඉලෙක්ට්‍රෝනය ශක්තිය අඩූ වීමෙන් හෝ වැඩි වීමෙන් හෝ පසූව ද පැරැණි ඉලෙක්ට්‍රෝනය ලෙස ම පවතියි.

බටහිර භෞතික විද්‍යාව කුමක් උපකල්පනය කළ ද අපට කලින් ඇසූ ප්‍රශ්නය ඇසීමට බාධාවක් නැත. ආත්මවාදී නොවන සිංහල ථෙරවාදී බෞද්ධයනට සදාකාලික ඉලෙක්ට්‍රෝන නැත. ඉලෙක්ට්‍රෝන ද ඇති වී නැති වෙයි. අලුත් කාකෂිකයෙහි ඇත්තේ පැරැණි කාකෂිකයෙහි තිබූ ඉලෙක්ට්‍රෝනය නොවෙයි. එහෙත් අපට ගැටලුව වන්නේ පැරැණි ඉලෙක්ට්‍රෝනය එසේ නොවන්නේ කිනම් අවස්ථාවකින් පසූව ද යන්න ය. ඒ ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම සමඟ ද? එසේත් නැත්නම් අලුත් කාකෂිකයට පැනීමෙන් පසූව ද? එසේත් නැත්නම් ඒ දෙක ම එක විට සිදු වන්නේ ද? එනම් ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම හෝ සමඟ ම අලුත් කාකෂිකයකට පැනීමත්, ඉලෙක්ට්‍රෝනය පැරැණි ඉලෙක්ට්‍රෝනය නොවීමත් සිදු වන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම්, ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම හෝ යන සිද්ධියත් අලුත් කාකෂිකයකට පැනීම යන සිද්ධියත් සමගාමී ව සිදු වන්නේ ද?

පූනබ්භවයට පරමාණූවල ඇති ඉලෙක්ට්‍රෝන ආධාරයෙන් සාදෘශ්‍ය ගොඩනගන්නෝ මෙවැනි ප්‍රශ්න නොනගති. ඔවූන් කර ඇත්තේ කිසිම වග විභාගයකින් තොරව ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීම සමඟ චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම සමඟ සන්සන්දනය කිරීම ය. මෙහි දී ඔවූහූ සාදෘශ්‍යය යන්න ගැන පවා තමන් ගේ නොදෑනූම ප්‍රකාශ කරති. සාදෘශ්‍යයක සන්සන්දනය කරන සංසිද්ධි අතර යම් සමරූපී බවක් තිබිය යූතු ය. එහෙත් මේ ඊනියා සාදෘශ්‍යයෙහි එවැනි සමරූපී බවක් හෝ නැත. බටහිර ක්වොන්ටම් භෞතිකය ඉතා පැහැදිලි ව ම ද්‍රව්‍යමය වශයෙන් වෙනස් නොවී කාකෂිකයකින් වෙනත් කාකෂිකයකට පනින ඉලෙක්ට්‍රෝන ගැන කතා කරයි. සිංහල ථෙරවාදී බූද්ධාගම නැති වී ඇති වන චිත්ත ගැන සඳහන් කරයි. එහි චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වෙයි. මේ සංසිද්ධි දෙක අතර ඇත්තේ මහත් වෙනසකි. ඒ සංසිද්ධි දෙක සන්සන්දනය කළ නොහැකි ය.

සිංහල ථෙරවාදී බූද්ධාගම බටහිර විද්‍යාවෙන් තහවූරු කිරිමට යන්නන්ට මෙවැනි සියූම් වෙනස්කම් ගැන අවබෝධයක් නැත. ඔවූහූ උඩින් පල්ලෙන් යමක් අතගා බලා යම් යම් දේ ගැන හූදු ජනප්‍රියභාවය සඳහා මත ප්‍රකාශ කරති. ඉහත සඳහන් සංසිද්ධි සම්බන්ධයෙන් ඔවූන් දුටූවේ මෙතැන සිටි සත්ත්වයා මිය පරළොව ගොස් අප දන්නා යූක්ලීඩීයා හෝ රීමානියානූ හෝ අවකාශ කාලයක ගමන් නොකර වෙනත් භවයක උපත ලැබීමත්, ඉලෙක්ට්‍රෝනයක් ද අප දන්නා අවකාශ කාලයක ගමනක් නැති ව වෙනත් කාකෂිකයකට පැනීමත් ය. එය ඉතා මතුපිටින් දෑකීමක් විය. ඉලෙක්ට්‍රෝනය බටහිර භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙන ආකාරයට ආත්මීය බව ද එමෙන් ම වෙනස් නොවන බව ද, එහෙත් සිංහල ථෙරවාදී බූද්ධාගමෙහි සත්ත්වයා මතු නොව චිත්තය ද ආත්මීය නොවන බව ද, අනෙක් භවයක ඉපදෙන පටිසන්ධි චිත්තය මේ භවයෙහි චූත වූ චූති චිත්තය නොවන බව ද, ඔවූහූ අමතක කළ හ. එසේ අමතක කර යා දෙක නොරත රත පෑහීමට උත්සාහ කළ හ.

මහාචාර්ය නලින් ද සිල්වා

ඉලෙක්ට්‍රෝන පැනීම හා පූනබ්භවය

මහාචාර්ය නලින් ද සිල්වා

කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයක් වෙනත් කාකෂිකකට පැනීම සමග පූනරුත්පත්තිය සන්සන්දනය කිරීම තරම් මූග්ධ ක්‍රියාවක් පසූගිය වසර කිහිපය තුළ සිදු වී නැත. වර්තමානයේ දී දෑනට දසක කිහිපයකට පෙර සිදු වූ ආකාරයට බටහිර විද්‍යාව බූදු දහම සමඟ සන්සන්දනය කිරීමට කැසකවන ගිහියෝ ද භිකෂූන් වහන්සේ ද වෙති. බූදු දහම බටහිර විද්‍යාව සමඟ සන්සන්දනය කිරීමේ භයානකකම නැවතත් සඳහන් කිරීම එතරම් යෝග්‍ය වූවක් නොවෙයි. ඒ පිළිබඳ ව විස්තර අවශ්‍ය ප්‍රමාණයට කෙරී ඇති බව පමණක් මෙහි ලා සඳහන් කළ යූතු ය.

පරමාණූවක ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක තිබී වෙනත් කාකෂිකයකට පැනීම කෙසේ වෙන්නේ දෑ යි නිශ්චිත ව දන්නා කෙනෙක් නැත. එය පෙතක නො සිදු වන බව නම් පැහැදිලි ය. එහෙත් ප්‍රශ්නයක් වනූයේ එක් කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයක් ගැන අප එතරම් දෙයක් තොරතුරු වශයෙන් පවා නොදෑන සිටීම ය. එවැනි ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්තියක් හා නිශ්චිත ගම්‍යතාවක් වෙයි. එලෙස නිශ්චිත ශක්තියක් හා නිශ්චිත ගම්‍යතාවක් ඇති ඉලෙක්ට්‍රෝනය යම්කිසි අවස්ථාවක පසූ වෙයි. දෑන් ඉලෙක්ට්‍රෝනයට යම් නිශ්චිත ශක්තියක් ඇති විකිරණයක් අවශෝෂණය කෙරෙයි. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝනය වෙනත් කාකෂිකයකට පනියි. එලෙස පැනීමෙන් පසූව ඉලෙක්ට්‍රෝනය වෙනත් අවස්ථාවකට මාරු වෙයි.

එහෙත් මෙහි දී තරමක ප්‍රශ්නයක් උද්ගත වෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව, අංශුවක (උදාහරණයකට ඉලෙක්ට්‍රෝනයක) යම් අවස්ථාවක් නිරූපණය කෙරෙන්නේ හිල්බටි අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයක දෛශිකයක් මගිනි. ඒ ඒ අවස්ථාව නිරූපණය කෙරෙන ඒ ඒ දෛශික ඇත. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක ඇති විට එක් දෛශිකයක් මඟින් ද, වෙනත් කාකෂිකයක ඇති විට වෙනත් දෛශිකයක් මඟින් ද ඒ නිරූපණය වෙයි. එහෙත් ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව, ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය දන්නා විට, එනම් ඉලෙක්ට්‍රෝනය නිශ්චිත ශක්ති අගයක් ගන්නා විට, නැවතත් එහි ශක්තිය මැන්නොත් ලැබෙන්නේ එයට ඒ වන විට ද ඇති ශක්තිය ම ය. වෙනත් වචනවලින් කිවහොත්, ශක්තිය දන්නා ඉලෙක්ට්‍රෝනයක ශක්තිය මැනීමෙන් එහි ශක්තිය වෙනස් විය නොහැකි ය.

ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක ඇති විට එහි ශක්තිය දන්නෙමූ. වෙනත් කාකෂිකයක ඇති විට ද අප දන්නේ එහි ශක්තිය වෙයි. එනම් අපි ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය ඒ අවස්ථා දෙකේ දී ම දෑන ගන්නෙමූ. එහෙත් මෙසේ වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඉලෙක්ට්‍රෝනයේ යම් අවස්ථාවක ශක්තිය දන්නේ නම් හා අතරමැදි අවස්ථාවක් නොමැතිව නැවතත් අප දෑන ගන්නේ එහි ශක්තිය නම් අපට දෑන ගැනීමට ලැබිය යූූත්තේ, ඉලෙක්ට්‍රෝනයට කලින් තිබූ ශක්තිය ම ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නොවෙනස් ව පැවතිය යූතු ය. එහෙත් ඉලෙක්ට්‍රෝනය වෙනත් කාකෂිකයකට පනිනවා පමණක් නොව එයට වෙනත් ශක්ති අගයක් ද හිමි වෙයි.

මෙය තේරුම්ගත හැකි එක් ක්‍රමයක් නම්, ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින විට අතුරු අවස්ථාවක ඇතැ යි යනූවෙන් ගැනීම ය. එවිට ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක යම් ශක්තියක් ඇතිව තිබී වෙනත් ශක්තියක් සහිත වෙනත් කාකෂිකයකට පැනීමට පෙර අතුරු අවස්ථාවක තිබෙයි. මේ අතුරු අවස්ථාවෙහි ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ශක්තියක් නැත. එමෙන් ම එයට නිශ්චිත ගම්‍යතාවක් ද නැත. එහෙත් ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත කාලයක් වේ ද? එමෙන් ම එයට නිශ්චිත පිහිටූමක් වේ ද? මේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු කවරෙ ද?

ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත කාලයක් හා නිශ්චිත පිහිටූමක් තිබේ නම්, ඉන් කියැවෙන්නේ ඉලෙක්ට්‍රෝනයට යම් නිශ්චිත කාලයක දී යම් නිශ්චිත පිහිටූමක් ඇති බව ය. එවිට ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයකින් තවත් කාකෂිකයකට පනින්නට පෙර එයට කාලයක් මෙන් ම පිහිටූමක් ඇත්තේ ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙයි. එය එසේ දෑ යි නිසැකයෙන් ම කිව හැකි නොවේ. එහෙත් මෙහි ප්‍රශ්නයක් ඇත. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් වෙයි. ඉලෙක්ට්‍රොනයට එක් ශක්ති අවස්ථාවක සිට වෙනත් ශක්ති අවස්ථාවකට යෑමේ දී අතරමැදි කාලය (හා පිහිටූම) සහිත අවස්ථාවකට යෑමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය මෙහි දී වැදගත් වෙයි.

යම්කිසි අයූරකින් එය සිදු වන්නේ නම්, ථෙරවාදී පූනරුත්පත්තිය ගැන කරන සාදෘශ්‍යය (analogy)- බිඳ වැටෙයි. මේ සාදෘශ්‍යයෙන් කියැවෙන්නේ සත්ත්වයා භවයෙන් භවයට පූනබ්භව ලැබීම ඉලෙක්ට්‍රෝන කාකෂිකයකින් කාකෂිකයකට පැනීම වැනි ක්‍රියාවක් බව ය. මෙහි දී මතක තබා ගත යූත්තක් නම්, මෙය පූනරුත්පත්තිය හෝ පූනබ්භවය තේරුම් කර දීමක් නොව හූදු සාදෘශ්‍යයක් සැපයීමක් පමණක් බව ය. මෙය පූනබ්භවය සඳහා ප්‍රවාදයක් නොවෙයි. මෙයින් පූනබ්භවය යන්න තහවූරු නොවෙයි. පූනබ්භවය අභිඥා ලත් අය ගේ ප්‍රත්‍යකෂයක් වෙයි. කර්මවාදය යන්න පූනබ්භවය තේරුම් ගැනීමට අති ප්‍රවාදයකි. ඒ ප්‍රවාදය භාරතීය වෛදික බ්‍රහ්මණයන් ගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය.

මෙහි දී ඒක කරුණක් පැහැදිලි කළ යූතු වෙයි. කර්මය යන්න ප්‍රවාදයක් ය යන්න ඇතැමූන්ට එතරම් ගෝචර වන්නක් නොවෙයි. කර්මය පමණක් නොව ඉලෙක්ට්‍රෝන කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීම හා පූනබ්භවය ආදී දැ ද මිනිසූන් ගේ නිර්මාණ වෙයි. පූනබ්භවය පවා ඒ අයූරින් මිනිසූන් විසින් ග්‍රහණය කර ගනූ ලබන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය. අප පූටූව, පූටූවක් ලෙස සලකන්නේ ද අපේ අවිද්‍යාව නිසා ය. ඒ අවිද්‍යාව නොමැති වන්නට අප පූටූ නොව නිවන් අවබෝධ කර ගත යූතු ය. පූටූව, ඉකේට්‍රෝනය ආදීය අපේ සංකල්ප පමණකි. ඉලෙක්ට්‍රෝන කාකෂිකයකින් කාකෂිකයකට පැනීම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රවාදවලින් හා පොල් ගෙඩි වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් කර දීම සඳහා ප්‍රවාදයක් වෙයි. ඒ සඳහා, එනම් පූනබ්භවය තේරුම් කර දීම සඳහා යම් කිසිවකු වෙනත් ප්‍රවාදයක් නිර්මාණය කරන්නේ නම්, ඒ නව ප්‍රවාදයෙන් කර්මවාදය ප්‍රතිකෙෂ්ප කෙරෙයි. පූනබ්භවය තේරුම් ගැනීමේ දී කර්මවාදයේ මේ මේ අඩූපාඩූ ඇතැ යි පෙන්වා නව ප්‍රවාදයෙන් ඒ අඩූපාඩූ නැති කර ගැනෙන අයූරු එහි දී තේරුම් කර දීමට සිදු වෙයි.

පූනබ්භවය තෙරුම්කර දීම සඳහා චිත්ත වෙනස් වීම ඉලෙක්ට්‍රෝන පැනීමට සම්බන්ධ කිරීම එවැනි නව ප්‍රවාදයක් නොවෙයි. වැඩිම වූවහොත්, ඒ යාන්ත්‍ර උපක්‍රමයක් (mechanism)- පමණකි. චූති චින්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීමට උපමා කිරීම පූනබ්භවය තේරුම් කර දීමට කිසිසේත් ම ප්‍රමාණවත් නොවෙයි. චූති චින්තය නැති වී පටිසන්ධි චින්තය ඇති වීම හා වෙනත් ඕනෑ ම චින්තයක් නැති වී තවත් චින්තයක් ඇති වීම අතර වෙනසක් නැත. ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීම චූති චින්තය නැති වී පටිසන්ධි චින්තය ඇති වීම "තේරුම්කර දීමට" යොදා ගන්නා ආකාරයට වෙනත් ඕනෑ ම චිත්තයක් නැති වී තවත් චින්තයක් ඇති වීම "තේරුම් කර දීමට" ද යොදාගත හැකි විය යූතු ය. එයින් අදහස් කරන්නේ ඒ සාදෘශ්‍ය නිවැරැදි බව නොවෙයි. චිත්ත නැති වීම හා ඇති වීම එක් අවස්ථාවක දී තේරුම් කර දෙන ආකාරය වෙනස් අවස්ථාවක දී ඒ තේරුම් කර දෙන ආකාරයෙන් වෙනස් විය නොහැකි ය.

පූනබ්භවය අවස්ථාවේ දී චිත්ත නැති වීම හා ඇති වීම වෙනස් ආකාරයකින් දකින්නට උත්සාහ කරන්නන් එසේ කරන්නේ වෙනත් අවස්ථාවක දී මෙන් නොව, ඒ අවස්ථාවේ දී ශරීර කූඩූව වෙනස් වන බැවිනි. වෙනත් අවස්ථාවක දී චිත්ත නැති වී ඇති වීම ශරීර කුඩූව ඇතිව ම සිදු වෙයි. මරණයේ දී සිදු වන්නේ ශරීර කූඩූව නැති වී එක්කෝ වෙනත් ශරීර කුඩූවක් ඇති වීමට මඟ පැදීම ය. නැතහොත් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක රූපයක් නැතිව ම උත්පත්තිය ලැබීම ය. ශරීර කූඩූව නැති වූ නිසා ම චිත්ත නැති වන ඇති වන පිළිවෙළේ වෙනසක් සිදු විය නො හැකි වෙයි.

එහෙත් මෙහි දී යමකුට කිවහැකි වෙනත් කරුණක් වෙයි. මරණයට පෙර ශරීර කූඩූව තිබිය දී චිත්ත නැති වී චිත්ත ඇති වීම සිදු වන්නේ එක ම ස්ථානයක දී බවත්, පූනබ්භවයක් ලබන විට එක් තැනක දි නැති වන චිත්තය වෙනූවට වෙනත් තැනක චිත්තයක් ඇති වන බවත් ය. මේ වෙනස ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීමේ උපමාවෙන් "තේරුම් කර දීමට" හැකි බවත් එහි දී කියැවෙනූ ඇත. ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක තිබී වෙනත් කාකෂිකයකට පැනීම නිව්ටෝනීය භෞතික විද්‍යාව ඇසූරෙන් තේරුම් ගැනීමට නොහැකි ය. ඒ පැනීම සිදු වන්නේ නිව්ටෝනීය අවකාශයක නොවේ යැ යි කෙනකුට තර්ක කළ හැකි ය. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් කියැවෙන අවකාශය නිව්ටෝනීය අවකාශය නොවේ. මෙතැන තිබූ ඉලෙක්ට්‍රෝනය එතැන තිබෙන ඉලෙක්ට්‍රෝනයක් බවට පෙතකින් තොරව ම පත් වන්නේ කෙසේ ද යන්න නිව්ටෝනීය භෞතික විද්‍යාවට තේරුම් කර දිය හැකි නො වෙයි.

මෙතැන ඇති චිත්තය නැති වී එතැන ඇති චිත්තයක් බවට පත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසීමට පළමූ විසදාගත යූත්තක් වෙයි. මෙතැන ඇති චිත්තය යනූවෙන් අදහස් කරන්නේ කුමක් ද? ඉලෙක්ට්‍රෝනයකට පරමාණූවක් තුළ යම් කාකෂිකයක් වෙයි. යම් නිශ්චිත පිහිටූමක් නැති වූව ද ඉලෙක්ට්‍රෝනයක කාකෂිකයක් ගැන ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි දී කතා කළ හැකි ය. එහෙත් චිත්තයක් යනූ කුමක් ද? එය පිහිටි තැනක් වෙයි ද? අපි චින්තය ශරීර කුඩූව තුළ ඇතැ යි සිතමූ. එය කෙතෙක් නිවැරැදි ද? චින්ත ඇති වන්නේ මොළය ඇසූරෙන් ද, නැත්නම් හදවත ඇසූරෙන් ද, එසේත් නැත්නම් වෙනත් ඉන්ද්‍රිියයක් අසූරෙන් ද? එසේත් නැතහොත් චිත්තය ඇති වීමෙහි දී ඉන්ද්‍රිිය කිහිපයක් හෝ සියල්ල ම හෝ සහභාගී වන්නේ ද? අපට ශරීරයේ යම් තැනකට වේදනාවක් ඇති වූ විට ඒ හා සම්බන්ධ චින්තය ශරීරයේ ඒ අදාළ තැන සමඟ සම්බන්ධ වී ඇති වන්නේ ද?

චින්තයක් යනූ ඉලෙක්ට්‍රෝනයක් තරමට හෝ අවකාශගත කළ හැකි වූවක් නොවේ. ඉලෙක්ට්‍රෝනය පරමාණූවක් තුළ කාකෂිකයක ඇතැ යි කියනූ ලැබෙයි. පරමාණූවෙන් පිට වූ ඉලෙක්ට්‍රෝනයක් ගැන කුමක් කිව හැකි ද? එහි ගම්‍යතාව හා ශක්තිය දන්නේ නම්, එවිට ඉලෙක්ට්‍රෝනයකට වූව ද නිශ්චිත පිහිටීමක් නැත. යමකුට කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනය අවකාශයේ යම් තැනක අසරෙහි (neighbourhood)- තිබීමට යම් සම්භාවිතාවක් ඇති බව පමණ ය. භෞතික වූ ඉලෙක්ට්‍රෝනය ද හැසිරෙන්නේ ඒ අයූරෙන් ය. එසේ නම් අරූපික වූ චිත්තයක් ගැන කිව හැක්කේ කුමක් ද?

මහාචාර්ය නලින් ද සිල්වා

කාකෂික අතර ඉලෙක්ට්‍රෝන

මහාචාර්ය නලින් ද සිල්වා

කාලය හා ශක්තිය විෂයයෙහි අනිශ්චය මූලධර්මය පිහිටූම හා ගම්‍යතාව විෂයයෙහි අනිශ්චය මූලධර්මයට වඩා තේරුම් ගැනීම දුෂ්කර වෙයි. අංශුවක පිහිටූම නිශ්චිත ව දන්නේ නම්, එහි ගම්‍යතාව නොදනියි ලෙස අනිශ්චය මූලධර්මය දෙවැනි අවස්ථාවෙහි දී ප්‍රකාශ වෙයි. පළමූ අවස්ථාවෙහි දී අනිශ්චය මූලධර්මය ප්‍රකාශ වන්නේ අංශුවක් සම්බන්ධයෙන් කාලය දන්නේ නම්, එවිට එහි ශක්තිිය නොදනියි යනූවෙනි. අනෙක් අතට අංශුවෙහි ශක්තිය දන්නේ නම්, එහි කාලය නොදන්නේ යැ යි ඉන් කියැවෙයි.

මෙය තරමක් බැරෑරුම් අදහසක්, නැත්නම් තරමක් නූහූරු අදහසක් බැවින් එය තවදුරටත් සංකච්ඡා කළ යූතු ය. අංශුවෙහි ශක්තිය යන්න නම් බොහෝ දෙනාට නිව්ටෝනීය අංශු සම්බන්ධයෙන් ද හූූරු සංකල්පයකි. එහෙත් මේ ශක්තිය කිසි විටෙකත් කර්ම ශක්තිය සමඟ පටලවා නොගත යූතු ය. අංශුවක ශක්තිය යනූ ශක්ති සංස්ථිති නියමය සපූරාලන, මැන ගත හැකි ගුනාර්ථයකි. එහෙත් කර්ම ශක්තිය යනූ මැන ගත හැකි ශක්තියක් හෝ ශක්ති සංස්ථිති නියමය සපූරාලන ශක්තියක් හෝ නොවේ. බටහිර විද්‍යාව අතනින් මෙතනින් කටගා ගත් ඇතැම් භිකෂූන් වහන්සේ ද කර්ම ශක්තිය භෞතික ශක්තියක් ලෙස සලකා ඒ ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම කණගාටූදායක ය. ඉලෙක්ට්‍රෝනයක් වැනි ක්වොන්ටම් අංශුවක ශක්තිය මැන ගත් පසූ එයට ඒ අදාළ ශක්තිය වෙයි.

පරමාණූවක නිශ්චිත කාකෂිකයක වූ ඉලෙක්ට්‍රෝනයකට ද ඒ කාකෂිකයට අදාළ ශක්තිය වෙයි. එහි දී ශක්තිය මනින්නේ කවූ දෑ යි යමකුට අතුරු ප්‍රශ්නයක් ඇසිය හැකි ය. ක්වොන්ටම් යාන්ත්‍රිකයෙහි මැනීම යන්නෙන් අදහස් කරන්නේ අංශුවක් යම් අන්තර්ක්‍රියාවකට භාජනය කිරීමකි. නිරීකෂකයකුට, බොහෝ විට බටහිර විද්‍යාඥයකුට, අංශුවක යම් ගුණයක් මැනීමට අවශ්‍ය වූ විට යම් උපකරණයක් සමඟ ගැටීමට සලස්වනූ ලැබෙයි. එවිට අංශුව යම් අන්තර්ක්‍රියාවකට භාජනය වෙයි. උපකරණය අදාළ ගුණය මැනීමට සකස් කර ඇත්නම්, අන්තර්ක්‍රියවෙහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට අදාළ ගුණය සම්බන්ධයෙන් වූ යම් අගයක් ලැබෙයි. නිරීකෂකයන් නැතිව වූව ද අංශු වෙනත් අංශු හෝ වස්තුු හෝ සමඟ ගැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට යම් ගුණයකට අදාළ අගයක් ලැබෙයි. ගැටූමට පෙර අංශුවට ඒ අගය තබා ගුණයවත් නැත. අංශුවට අදාළ ගුණය හා අගය ලැබෙන්නේ ගැටූමෙහි ප්‍රතිඵලයක් ලෙස ය.

එහෙත් මෙහි දී කිවයූත්තක් වෙයි. මේ ගුණය හා අගය නිරීකෂණකයකු නැතිව අංශුවට ලැබෙන්නේ යැ යි නොසිතිය යූතු ය. අංශුවෙහි ගුණය හා අගය යනූවෙන් අප කතා කරන දෙය නිරීකෂකයා ගේ නිර්මාණයකි. නිරීකෂකයා නොමැතිව ගැටූම සිදු වන්නේ නම්, ඒ ගුණය හා අගය නිරීකෂකයා ගේ නිර්මාණයක් වන්නේ කෙසේ දෑ යි යමකුට කුතුහලයක් ඇති විය හැකි ය. ගැටූම නිරිකෂකයා සැලසූම් කළ අවස්ථාවක දී අංශුවට අදාළ ගුණය හා එහි අගය ලබා දෙන්නේ නිරීකෂකයා යැ යි පිළිගන්නා අයකුට වූව ද නිරිකෂකයා නැතිව සිදු වන ගැටූම්වල දී ද ගුණය හා අගය නිරිකෂකයා ගේ නිර්මාණයක් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇති වීම සාධාරණ ය. මෙහි දී අවධාරණය කළ යූතු වන්නේ මේ අවස්ථාව නිව්ටෝනීය භෞතිකයට ද යම් ආකාරයකින් පොදු බව ය.

නිව්ටෝනීය හෙවත් කාමාවචර ලෝකයෙහි පෙල් ගෙඩියක් වැටීම යන සංසිද්ධිය ගනිමූ. නිරිකෂකයන් ඇතත් නැතත් පොල් ගෙඩි වැටෙනූ ඇතැ යි භෞතිකවාදියකු (ද්‍රව්‍යවාදියකු) කියනූ ඇත. එහෙත් එය එසේ නොවේ. පොල් ගෙඩිය වැටීම පොල් ගෙඩිය වැටීමක් බවට පත් වන්නේ නිරීකෂකයකුට ය. කුරුල්ලකුට අප පොල් ගෙඩිය යැ යි කියන්න පිලිබඳ ව ඇති විය හැක්කේ කිනම් සංකල්පයක් ද? අප පොල් ගෙඩිය යැ යි කියන්න කුරුල්ලකු ද ඒ අයූරින් ම වෙන් කර ගන්නේ ද? නැතහොත් කුරුල්ලා එහි දී වෙන් කර ගන්නේ පොල් ගෙඩිය යැ යි අප විසින් හැඳින්වෙන්නෙහි යම් කොටසක් ද? නැතහොත් එයට වැඩි දෙයක් ද?

පොල් ගෙඩිය වැටෙන විට මිනිස් නිරීකෂකයන් සිටියත් තැනත් පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න හෝ නිරීකෂකයන් ඇති වීමට පෙර පොල් ගෙඩි වැටී ඇතැ යි යන්න හෝ මිනිසූන් පොළොවෙන් තුරන් වී ගිය දිනයක වූව ද පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න හෝ මඟින් නිරීකෂකයකු ගෙන් තොරව පොල් ගෙඩි වැටෙන්නේ යැ යි නිගමනය නොවේ. නිරීකෂකයන් හිටියත් නැතත් අප ව්‍යවහාර කරන අරුතින් පොල් ගෙඩිය යැ යි කිියන්න වැටෙන්නේ යැ යි කී සැනින් ඉන් ගම්‍ය වන්නේ අප යම් සංසිද්ධියක් අපට සාපේකෂ අයූරින් විස්තර කරන බව ය. අප සංසිද්ධිය නැරඹූව ද නැත ද ඒ විස්තර කිරීමේ දී යොදා ගන්නේ අපේ සංකල්ප නම්, ඒ සංසිද්ධිය අප විසින් විස්තර කෙරෙන්නේ අපට සාපේකෂ අයූරින් ය. අප ඇතත් නැතත් පොල් ගෙඩි වැටෙන්නේ අපට මිස කුරුල්ලන්ට නොවේ. කුරුල්ලන්ට අඩූ ම තරමින් යමක් වැටෙන්නේ ද කියාවත් අපි නොදනිමූ. උන්ට පොල් ගෙඩි නම් තිබිය නොහැකි ය.

අපේ සංකල්ප සියල්ල අපේ නිර්මාණ වෙයි. මහා පිපූරුම යන්න ද අපේ, අපේ කෙසේ වෙතත් බටහිරයන් ගේ, නිර්මාණයකි. විශ්වය, ආරම්භය ආදිය ද මිනිසා විසින් නිර්මාණය කෙරුණූ සංකල්ප වෙයි. ඊනියා විශ්වයේ ආරම්භය වන අවස්ථාවේ දී මිනිසූන් නොසිටිය ද, මහා පිපිරුමක් ගැන කියන්නේ මිනිසූන් ය. වඩාත් නිශ්චිත ව කිවහොත් බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිනිස්සූ එසේ ප්‍රකාශ කරති. විශ්වයක් හෝ එහි ආරම්භයක් ගැන හෝ කුරුල්ලෝ සිතත් ද? මහා පිපිරුම යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ගොඩනැගුණූ සංකල්පයක් පමණකි.

නිව්ටෝනීය අංශු සම්බන්ධයෙන් පමණක් නොව ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් ද කිවහැක්කේ එවැන්නකිි. නිරීකෂකයන් හිටියත් නැතත් නිරීකෂකයන් හිටියත් නැතත් නිරීකෂකයන් ගේ සංකල්ප හා ප්‍රවාද යම් සංසිද්ධියක් සම්බන්ධයෙන් යොදා ගැනෙන්නේ නම් ඒ සංධිද්ධිය නිරිකෂකයන්ට සාපේකෂ වෙයි. මිනිසූන් ඇතත් නැතත් ඉලෙක්ට්‍රෝන එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ යැ යි ගැනෙන්නේ වත්මන් බටහිර මිනිසා, භෞතික විද්‍යාඥයා ම විසින් මිස ඇස්කිමෝවරුන් විසින් නොවේ. එලෙස පැනීම බටහිර විද්‍යාවේ සංකල්පයකි. කාකෂිකයක ශක්තිය යන්නෙන් අදහස් කරන්නේ එහි වූ ඉලෙක්ට්‍රෝනයක ශක්තිය, එනම් බටහිර මිනිසා විසින් තනනූ ලැබ ඇති පද්ධතියෙහි ඇති ශක්තිය ය. යම් කාකෂිකයකට ඉලෙක්ට්‍රෝනයක් පැනීමේ දී ඉලෙක්ට්‍රෝනය එක්කෝ ශක්තිය අවශෝෂණය කර ගනියි. නැත්නම් ශක්තිය මූදා හරියි. ඒ කුමක් වූව ද ශක්තිය පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ද බටහිර භෞතික විද්‍යාවේ සංකල්පයකි.

දෑන් මේ සංකල්ප යොදා ගනිමින් කාකෂිකයක වූ ඉලෙක්ට්‍රෝනයක් ගැන සාකච්ඡා කරමූ. කාකෂිකය නිශ්චිත බැවින් කාකෂිකයෙහි ශක්තිය ද නිශ්චිත වෙයි. එවිට අනිශ්චය මූලධර්මය මෙහි දී කියන්නේ ඉලෙක්ට්‍රෝනය සම්බන්ධයෙන් ගත් කල කාලය මැනිය නොහැකි බව ය. මෙහි දි කාලය මිනිය නොහැකි ය. යන්නෙන් අදහස් කරන්නේ ඉලෙක්ට්‍රෝනයෙහි කාලය යන්නට නිශ්චිත අගයක් දිය නොහැකි ය යන්න ය. අඩූ ම තරමින් එවැනි අවස්ථාවක දී ඉලෙක්ට්‍රෝනයෙහි කාලය සම්බන්ධයෙන් සංකල්පයක් හෝ නැත. ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ගම්‍යතාවයක් ඇති විට එයට නිශ්චිත පිහිටූමක් නැතිවාක් මෙන් ම එයට දෑන් නිශ්චිත කාලයක් ද නැත. එබැවින් "ඉලෙක්ට්‍රෝනයට මේ අවස්ථාවේ දී මේ ගුණය ඇත" ආදී වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි ය. එයට හේතුව ඉලෙක්ට්‍රෝනයට යම් අවස්ථාවක් යනූවෙන් කීමට අවස්ථාවක්, එනම් මොහොතක් (කාලයක්) නොමැති වීම ය.

හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මයට අනූව ගම්‍යතාව නිශ්චිතව ම මැන ගැනීමට හැකි නම් පමණක් පිහිටූම දෑන ගත නොහැකි ය. එහෙත් සාමාන්‍යයෙන් ගම්‍යතාව නිශ්චිතව ම නොමැනෙයි. එහි ප්‍රතිඵලය වන්නේ, පිහිටූම යම් පරාසයක් තුළ තිබීම ය. ඉලෙක්ට්‍රෝනය කාකෂිකයක ඇතැ යි කියනූ ලබන්නේ එබැවිනි. ඉලෙක්ට්‍රෝනයේ ගම්‍යතාව නිශ්චිතව ම මැන ගැනෙන්නේ නම්, එය මූළු අවකාශය පූරා ම, එනම් විශ්වය පූරා ම පැවතිය යූතු ය. කාලය හා ශක්තිය සම්බන්ධයෙන් ද එබඳු දෙයක් සිදු වෙයි. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නිශ්චිතව ම නොමැනෙයි. එය, ඉතා කුඩා වූවත් යම් පරාසයක් තුළ ඇත. එහි ප්‍රතිඵලය වනූයේ ඉලෙක්ට්‍රෝනයේ කාලය ද යම් පරාසයක් තුළ පැවතීම ය. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය දන්නා විට එහි කාල පරාසය ශක්ති පරාසයට වඩා විශාල යැ යි කිව හැකි ය. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නිශ්චිතව ම මැනෙන්නේ නම්, එවිට එහි කාල පරාසය අනන්තයක් වෙයි. වෙනත් වවනවලින් කියන්නේ නම්, එවිට ඉලෙක්ට්‍රෝනය විශ්වයේ මූළු ජීවිත කාලය පූරා ම පවතියිි.

ඉලෙක්ට්‍රෝනයක් පරමාණූවක එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට මාරු වීමේ දී, එනම් පැනීමේ දී, පෙතක් නැතැ යි යන්න අපට දෑන් තවත් ආකාරයකට සාකච්ඡා කළ හැකි ය. ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන් එහි පිහිටූම යම් අවකාශ පරාසයක් තුළ ඇති බව කියැවෙයි. එමෙන් ම එය කාකෂිකයක ඇත්තේ ද යම් කාල පරාසයක් තුළ ය. ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන්, අනෙක් අතට, එයට යම් ශක්තියක් හා ගම්‍යතාවක් ඇතැ යි යන්න ද කියැවෙයි. ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ යම් අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ය. මේ අන්තර්ක්‍රියාව සමහර විට ෆෝටෝනයක් (විකිරණ) අවශෝෂණය කිරීම විය හැකි ය. එසේත් නැතහොත්, ෆෝටෝනයක් මූදාහැරීම විය හැකි ය. අන්තර්ක්‍රියාවක් යනූ යම් ආකාරයක මැනීමක් ද වෙයි. ඒ අන්තර්ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝනයේ ගුණ ද වෙනස් වෙයි.

විකිරණයක ඇති ශක්තිය අවශෝෂණය කර ගන්නා ඉලෙක්ට්‍රෝනයට පසූව එයට වඩා වැඩි ශක්තියක් ලැබෙයි. එහෙත් ප්‍රශ්නය වනූයේ, මේ පසූව යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න ය. එය කාලය තුළ කෙරෙන්නක් ද? ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇත්නම් එයට කාලයක් නැත. එමෙන් ම එයට අවකාශයේ පිහිටූමක් ද නැත. අපට කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනයක් යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන් එය ඉතා කුඩා අවකාශ පරාසයක හා ඉතා කුඩා කාල පරාසයක යම් නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් ඇතැ යි යන්නෙන් එය ඉතා කුඩා අවකාශ පරාසයක හා ඉතා කුඩා කාල පරාසයක යම් නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව ඇති බව ගම්‍ය වන බව ය. ඉලෙක්ට්‍රෝනය යම් අවස්ථාවක ඇත. ෆෝටෝනයක් සමඟ සිදු වන අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝනය වෙනත් අවස්ථාවකට මාරු වෙයි. ප්‍රශ්නය වනූයේ මේ අවස්ථා අතර ඉලෙක්ට්‍රෝනයට වෙනත් අවස්ථාවක් ඇත් ද යන්න ය. මෙය එතරම් ගැඹූරින් සාකච්ඡා වී ඇති ප්‍රශ්නයක් නොවේ. සාමාන්‍ය සම්මතය අනූව නම්, ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට මාරු වීමේ දී අතරමැදි අවස්ථාවල නොපිහිටයි. ඇතැමූන් පූනරුත්පත්තිය ද මේ අයූරින් විස්තර කරනූ දෑකිය හැකි ය. ඔවූන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නාක් මෙන්, සත්ත්වයා ද එක් භවයක සිට තවත් භවයකට මාරු වන බව ය. ඔවූන්ට අනූව, මේ උපමාව මඟින් පූනරුත්පත්තිය තහවූරු වෙයි. උපමා මඟින් කිසිවක් තහවූරු නොවන බව මොවූන් නොදෑනීම මේ රටෙි අභාග්‍යයකි.

මහාචාර්ය නලින් ද සිල්වා

ඉලෙක්ට්‍රෝන පැනීම

මහාචාර්ය නලින් ද සිල්වා

ද්‍රව්‍යය විකිරණය බවට පත් වීම හේතුවෙන් ද්‍රව්‍යය විනාශ වීමක් නොසිදු වන බව අපි කීවෙමූ. ඉලෙක්ට්‍රෝනයක් හා පොසිට්‍රෝනයක් එකට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වනූයේ, ඒ අංශූ දෙක ම නැති වී විකිරණයක් ඇති වීම ය. එහි දී නිෂ්පාදනය වන විකිරණයේ ශක්තිය වනූයේ ඉලෙක්ට්‍රෝනයේ හා පොසිට්‍රෝනයේ ශක්තිවල එකතුව ය. ශක්තියේ විනාශ වීමක් සිදු නොවේ. කලින් සඳහන් කර ඇති අන්දමට ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරු වීමක් ලෙස ද්‍රව්‍යයෙන් විකිරණය ඇති වීම තේරුම් ගත හැකි ය. අනෙක් අතට විකිරණයෙන් ද්‍රව්‍යය ඇති වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ගැමා කිරණයක් අංශූ දෙකක් බවට පත් කරලිය හැකි ය. මෙයට අමතර ව රික්තයක් යැ යි හැඳින්වෙන්නෙහි ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව අංශු නිතර ඇති වෙමින් නැති වෙමින් සංකීර්ණ ක්‍රියාවලියක යෙදෙයි.

ඉහත සඳහන් උදාහරණ නැතිව ද ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව පරමාණූක ව්‍යූහය සලකා බැලීමෙන් අපට මේ පිළිබඳ තවත් අතකින් ඉගෙන ගත හැකි ය. පරමාණූවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන වෙයි. මේ ඉලෙක්ට්‍රෝනවලට නිශ්චිත කකෂ නැත. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ක්වොන්ටම් අංශුවලට නිශ්චිත ගමන් මාර්ග හෙවත් පෙත් තිබිය හැකි නොවෙයි. අංශුවක් පෙතක (Path) ගමන් කිරීම යන්නෙන් එයට ඕනෑ ම නිශ්චිත අවස්ථාවක පිහිටූමක් හා ප්‍රවේගයක් (නිවැරැදි ව පවසන්නේ නම් ගම්‍යතාවයක්) තිබේ යැ යි ගම්‍ය වෙයි. පෙතක ගමන් කරන නිව්ටෝනිය අංශූවක් හෝ වස්තුවක්, එනම්, නිව්ටෝනීය නියම වලංගු වන අංශූවක් හෝ වස්තුවක්, ගැන සලකා බැලීමෙන් මේ බව තේරුම්ගත හැකි ය. යම් ගමන් මාර්ගයක ගමන් කරන අංශුවකට නිශ්චිත අවස්ථාවක නිශ්චිත පිහිටූමක් තිබෙනූ පමණක් නොවේ. එය ඒ අවස්ථාවේ දී යම් නිශ්චිත දිශාවකට නිශ්චිත වේගයකින් ගමන් කරමින් සිටියි. අංශූව ඊළඟ කෂණයෙහි දී වෙනත් තැනක වෙනත් වේගයකින් වෙනත් දිශාවකට ගමන් කරනවා විය හැකි ය. එහෙත් යම් මොහොතක අංශූවට පිහිටූමක් මෙන් ම ගම්‍යතාවයක් ද වෙයි.

එහෙත්, ක්වොන්ටම් භෞතිකයෙහි මේ වලංගු නොවන්නකි. යම් අවස්ථාවක ක්වොන්ටම් අංශුවකට එකවර පිහිටූමක් හා ගම්‍යතාවයක් තිබිය නොහැකි ය. අංශූවක පිහිටූම මැනගත හැකි නම්, එවිට එහි ගම්‍යතාවය මැනගත නොහැකි ය. ක්වොන්ටම් භෞතිකය ගැන මෙලෝ හසරක් නොදත් පූද්ගලයෝ ද තම තමන් ගේ විවධ අරමූණූ වෙනූවෙන් ඒ යොදා ගැනීමට උත්සාහ දරති. කෝපන්හේගන් අර්ථවිවරණය නමින් හැඳින්වෙන තේරුම් ගැනීමේ පද්ධතියට අනූව ක්වොන්ටම් අංශුවකට නෛසර්ගික ව එක් වර පිහිටූමක් හා ගම්‍යතාවයක් නැත. පිහිටූම මනිනූ ලැබූ අංශුවකට ගම්‍යතාවයක් නැත. කෝපන්හේගන් අර්ථ විවරණයට අනූව, අංශූවට ගම්‍යතාවයක් ලබා දෙන්නේ ගම්‍යතාවය මැනීමට යත්න දරන විද්‍යාඥයා ය. ඔහූ ගේ මැනීමේ ප්‍රතිඵලයක් ලෙස අංශූවට ගම්‍යතාවයක් ලැබෙයි. එක් දේශපාලන පකෂයකට කඩේ ගිය පත්තරයක මේ පිළිබඳ හාස්‍ය ජනක ලිපියක් පළ කර තිබූණි. ඒ ලිපියට අනූව, ක්වොන්ටම් අංශුවලට නෛසර්ගික ව නිශ්චිත පිහිටූමක් හා ගම්‍යතාවක් ඇත. ඔවූන් ගේ කසිකබල් ද්‍රව්‍යවාදයට අනූව එය එසේ විය යූතු යැ යි ඒ ලිපිය ලියූ බොරු ප්‍රබූද්ධයා සිත්නනට ඇත.

කෝපන්හේගන් අර්ථවිවරණයෙහි අංශුවකට ගම්‍යතාව ලබා දෙන්නේ ඒ මනින විද්‍යාඥයා ය යන්නෙහි තේරුම පවා මොවූහූ නොදනිති. ඔවූන් ගේ බොරු ද්‍රව්‍යවාදයට එය හසූ නොවෙයි. අංශුවක යම් ගූණයක් මැනීම සඳහා විද්‍යාඥයා යම් කිසි උපකරණයක් යොදා ගනියි. අංශූව එවිට ඒ උපකරණය සමඟ ගැටෙයි. එනම්, යම් අන්තර්ක්‍රියාවක යෙදෙයි. ඒ අන්තර්ක්‍රියාවෙන් පසූ අංශූවට ඒ ගුණය ලැබෙයි. අන්තර්ක්‍රියාවට පෙර අංශූවට ඒ ගුණය නොමැත. කෝපන්හේගන් අර්ථවිවරණයට අනූව, ගම්‍යතාව මැනීමට පෙර අංශූවකට ගම්‍යතාවක් නැත. ගම්‍යතාව අංශූවකට ලැබෙන්නේ ඒ මැනීමෙන් පසූව ය.

මෙය නිව්ටෝනීය අංශූ සම්බන්ධයෙන් වලංගු නොවන බව අපි දනිමූ. නිව්ටෝනීය අංශුවකට මැනීමට පෙර ද ගම්‍යතාවක් වෙයි. එනම් ගම්‍යතාවට අගයක් වෙයි. මැනීමෙන් කෙරෙන්නේ මැනීමට පෙර ද තිබූ ගම්‍යතාව කොපමණ දෑ යි දෑනගැනීම පමණකි. නිව්ටෝනීයා අංශූ යනූ, අපේ පංචේන්ද්‍රයට ගෝචර අංශූ වෙයි. ඒ අංශූ සම්බන්ධයෙන් අපේ ඇති අත්දෑකීම් මත පදනම් ව අනෙක් අංශූ ගැන කතා කිරීමට පෙලඹෙන ද්‍රව්‍යවාදීන් ගැන අප එක් අතකින් අනූකම්පා කළ යූතු ය. නිව්ටෝනීය අංශූ සහ වස්තු පෙත්වල චලනය වෙයි. බසයක් හෝ වෙනත් වාහනයක් හෝ නිශ්චිත මාර්ගයක ගමන් කරන බව අපි දනිමූ. එහෙත් ක්වොන්ටම් අංශුවලට එවැනි නිශ්චිත මාර්ග නැත. ක්වොන්ටම් භෞතිකයෙහි අංශූවකට ගම්‍යතාව මැනීමට පෙර එවන් ගම්‍යතාවක් ඊනියා යථාර්ථයක් ලෙස නැතැ යි කී විට තම කසිකබල් ද්‍රව්‍යවාදය දෙදරුම් කෑමෙන් ද්‍රව්‍යවාදියෝ මානසික කම්පනයකට පත් වෙති.

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි දක්නට ලැබෙන හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය හේතුකොට ගෙන අංශුවකට නිශ්චිත පිිහිටූමක් ඇති විට එයට නිශ්චිත ගම්‍යතාවක් නැත. එමෙන් ම නිශ්චිත ගම්‍යතාවක් ඇති විට අංශූවට නිශ්චිත පිිහිටූමක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ අංශූව එක් පිහිටූමක නිශ්චිතව නැති වීමත්, එබැවින් නිශ්චිත කකෂයක නොමැති වීමත් ය. ඒ හේතුවෙන් ක්වොන්ටම් භෞතිකයෙහි අංශූ ගැන කතා කරන විට කකෂය යන වචනය වෙනූවට කාකෂිකය (orbital)- යන වචනය යොදා ගැනෙයි. ඒ අනූව, පරමාණූවක ඉලෙක්ට්‍රෝනයක් කාකෂිකයක වෙයි. කිසිම අවස්ථාවක ඉලෙක්ට්‍රෝනය ඒ කාකෂිකයෙහි නිශ්චිත තැනක නැත.

ක්වොන්ටම් භෞතිකයට අනූව පරමාණූවක ඉලෙක්ට්‍රෝන පිහිටිය හැක්කේ ද ඒ ඒ කාකෂිකවල පමණකි. කාකෂික ඇත්තේ න්‍යෂ්ටියෙහි සිට යම් යම් නිශ්චිත දුර්වල ය. කාකෂිකයක් අභිමත දුරක නොපිහිටයි. ඒ ඒ දුරින් පිහිටි කාකෂික කවරේ දෑ යි ක්වොන්ටම් භෞතිකයෙහි මූලධර්ම අනූව ගණනය කර ගත හැකි ය. යම් කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්ති ප්‍රමාණයක් ඇත. කාකෂියක ඇති ඉලෙක්ට්‍රෝනයක් හිටි අඩියේ වෙනත් කාකෂිකයට මාරු වෙයි. එසේ නම්, එලෙස මාරු වන ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය ද වෙනස් වෙයි. විකිරණයක, එනම් ෆෝටෝනවල, ශක්තිය අවශෝෂණය කිරීමෙන් ඉලෙක්ට්‍රෝනයක ශක්තිය වෙනස් විය හැකි ය. එවැනි අවස්ථාවක ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය වැඩි වෙයි. ශක්තිය වැඩි වූ ඉලෙක්ට්‍රෝනයට තව දුරටත් මූල් කාකෂිකයෙහි පැවතිය නොහැකි ය. එවිට එය අලුත් ශක්තියට අනූරූප වූ කාකෂිකයට මාරු වෙයි.

මෙහි දී දෑනගත යූතු කරුණූ කිහිපයක් වෙයි. ඉන් එකක් නම්, ඉලෙක්ට්‍රෝනයට පිහිටිය හැකි කාකෂික සීමාසහිත වීමත්, ඒ ඒ කාකෂිකයට නිශ්චිත ශක්තියක් තිබීමත් හේතුවෙන් යම් කාකෂිකයක පිහිටි ඉලෙක්ට්‍රෝනයකට අවශෝෂණය කළ හැක්කේ යම් යම් නිශ්චිත ශක්ති ප්‍රමාණ පමණක් බව ය. ඉලෙක්ට්‍රෝනය විසින් අවශෝෂණය කෙරෙන ශක්තිය, එය පිහිටි කාකෂිකයේත් තවත් "ඉහළ" කාකෂිකයකත් ශක්තිවල වෙනසට සමාන විය යූතු ය. ඉලෙක්ට්‍රෝනයට වෙනත් ශක්තියක් අවශෝෂණය කළ හැකි වන්නේ, එය පරමාණූවෙන් මූළුමනින් ම මූක්ත වී යන අවස්ථාවක ය. එසේ මූක්ත වන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙයි.

ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය අවශෝෂණය කර "ඉහළ" කාකෂිකයකට පනිනූ වෙනූවට ශක්තිය මූදා හැර "පහළ" කාකෂිකයකට මාරු විය හැකි ය. එසේ වීමේ දී ද ඉලෙක්ට්‍රෝනයට ඕනෑ ම ශක්තියක් මූදා හළ නොහැකි බව පැහැදිලි විය යූතු ය. ඉලෙක්ට්‍රෝනයට මූදා හළ හැක්කේ එය පිහිටි කාකෂිකයේත් එය යම් කාකෂිකයකට පනින්නේ ද, ඒ පනිනූ ලබන කාකෂිකයේත් ශක්තිවල වෙනසට සමාන ශක්තියක් පමණකි. ශක්තිය අවශෝෂණය කෙරෙන්නේත්, මූදා හැරෙන්නේත් පැකැටිටූ හෙවත් පොදි හෙවත් ක්වොන්ටම් වශයෙනි. සාන්තතික ශක්ති වෙනස් වීමක් මේ පැනීම්වල දී නොසිදු වෙයි. ශක්තිය ක්වොන්ටම් හෙවත් පොදි වශයෙන් හූවමාරු වීම හේතු කොට ගෙන ම අදාළ භෞතික විද්‍යාව ක්වොන්ටම් භෞතික විද්‍යාව ලෙස හැඳින්වෙයි.

ඉලෙක්ට්‍රෝනයක් විසින් ශක්තිය අවශෝෂණය කිරීමේ දී හා ශක්තිය මූදා හැරීමේ දී සිදු වන්නේ පිළිවෙළින් ද්‍රව්‍යය විකිරණය බවටත්, විකිරණය ද්‍රව්‍යය බවටත් පෙරළීම ය. ද්‍රව්‍යය හා විකිරණය යනූ ශක්තියෙහි විවිධ ප්‍රභේද ලෙස සැලකිය යූත්තේ එබැවිනි. සිංහල බෞද්ධයන්ට මේ ශක්ති පෙරළිය බටහිර විඥානවාදීන්ට මෙන් ද්‍රව්‍යය නැතැ යි කීමට සාධකයක් නොවේ. සිංහල බෞද්ධයන්ට ද්‍රව්‍යය පමණක් නොව විකිරණය ද, ශක්තිය ද මනස ද ආදී සියල්ල අවිද්‍යාව හේතුවෙන් සත්ත්වයන් විසින් සංස්කරණය කෙරෙන දැ ය.

පරමාණූවල ඇති ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන් දෑනගත යූතු කරුණක් නම්, ඉලෙක්ට්‍රෝන එක කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීමේ දී ද අවකාශයෙහි යම්කිසි නිශ්චිත පෙතක ගමන් නොකරන බව ය. එක් කාකෂිකයක පිහිටි ඉලෙක්ට්‍රෝනයක් හිටි අඩියේ ශක්තිය අවශෝෂණය කිරීමෙන් හෝ මූදා හැරීමෙන් හෝ වෙනත් කාකෂිකයකට පනියි. එක් මොහොතක ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ශක්තියක් තිබී ඊළඟ මොහොතෙහි ඉලෙක්ට්‍රෝන වෙනත් ශක්තියක් ගන්නේ යැ යි කීමට අපි සාමාන්‍යයෙන් පූරුදු වී සිටිමූ. එහෙත් එය වැරැදි ය. හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය පිහිටූම හා ගම්‍යතාව සම්බන්ධයෙන් වලංගු වන්නා සේ ම කාලය හා ශක්තිය සම්බන්ධයෙන් ද වලංගු වෙයි.

යම්කිසි ඉලෙක්ට්‍රෝනයකට හෝ වෙනත් අංශූවකට හෝ වස්තුවකට හෝ නිශ්චිත මොහොතක දී නිශ්චිත ශක්තියක් ඇතැ යි ගැනීම වැරැදි ය. ඉහත ලියා ඇති දෙයින් මේ වන විට එවැනි හැඟීමක් ඇති වීමට ඉඩ ඇත. එසේ ලියා ඇත්තේ මේ අදහස ඒ අවස්ථාවක නොදී මේ අවස්ථාවෙහි දීම වඩා උචිත වන බැවිනි. ඉලෙක්ට්‍රෝනයක නිශ්චිත මොහොතක් ගැන කතා කළ හැකි නම්, එවිට එහි නිශ්චිත ශක්තියක් ගැන සඳහන් කළ නොහැකි ය. එමෙන් ම නිශ්චිත ශක්තියක් ඇති ඉලෙක්ට්‍රෝනයකට හෝ වෙනත් අංශූවකට හෝ නිශ්චිත මොහොතක් නැත. පිහිටූම හා ගම්‍යතාව සම්බන්ධයෙන් වූ අනිශ්චය මූලධර්මයට ද වඩා කාලය හා ශක්තිය සම්බන්ධයෙන් වූ මූලධර්මය තේරුම් ගැනීම අපහසූ ය. එයට හේතුව කාලය යන සංකල්පය අපේ ජිවිතවලට වඩා ම සම්බන්ධ වූ එහෙත්, තේරුම් ගැනීමට ඉතා ම අපහසූ වූ සංකල්පය ද වීම හේතුවෙනි. අප බොහෝ දෙනා සිතන්නේ කාලය යනූ අප කාහටත් දෑනෙන තේරෙන සංකල්පයක් බව ය. එහෙත් අවාසනාවකට එය එසේ නොවේ. කාලය යන්න මතකය සමඟ මෙන් ම ආත්මය මම ආදී සංකල්ප ද සමඟ බැදී ඇත. සිංහල බෞද්ධයන්ට නම් කාලය යන්න පඤ්ඤත්තියක් පමණකි. එය පංචේන්ද්‍රියන්ට ගොදුරු වන සංකල්පයක් නොවේ. කාලය යන්න පංචේන්ද්‍රියන්ට ගොදුරු වන සංකල්පවලින් ව්‍යූත්පන්න කෙරෙන (derive), අනෙක් ඉන්ද්‍රිය ආධාර නොකෙරෙමින් මනසින් නිර්මාණය කෙරෙන සංකල්පයක් වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

ප්‍රත්‍යකෂ හා මූල හේතු

මහාචාර්ය නලින් ද සිල්වා

බූදුන් වහන්සේ ප්‍රත්‍යකෂ ගැන මිස වියූක්ත ප්‍රවාද ගැන එතරම් කතා නොකරන්නට ඇත්තේ ප්‍රත්‍යකෂ නිවැරැදි නිසා හා ප්‍රවාද නිවැරැදි නොවන නිසා විය නොහැකි ය. ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වෙයි. මනසේ නිර්මාණ ලෙස ගත් කල ඒ දෙකින් එකක්වත් ඊනියා යථාර්ථය බවට පත් නොවේ. එසේ නම්, බූදුන් වහන්සේ එකක් මඟහැර අනෙක දෑනූම ලෙස ගැනීමට දේශනා කරන්නට ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට සිදු වෙයි. එයට ආංශික පිළිතුරක් කලින් දී ඇත. මෙහි දී එය තවත් වර්ධනය වෙයි. ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වූව ද, ඒ ඉන්ද්‍රිය ගෝචර වෙයි. එහෙත් වියූත්ත ප්‍රවාද ඉන්ද්‍රිය ගෝචර නොවෙයි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය දුටූ අයකු හෝ ස්පර්ශ කළ අයකු හෝ නැත. එහෙත් බොහෝ දෙනා සිතන්නේ ගුරුත්වාකර්ෂණය මිනිසා ගෙන් තොරව පවතින බව ය. ගුරුත්වාකර්ෂණය ද යනූ යම්කිසි පූද්ගලයෙකු ගේ, මෙහි දී නිව්ටන් පඩිවරයා ගේ නිර්මාණයක් වෙයි.

බටහිර රටවල ප්‍රපංචවේදය (phenomenology) නමින් දර්ශනයක් වෙයි. අද ඊනියා පශ්චාත්නූතනවාදීන් අතර මේ දර්ශනය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මේ සම්බන්ධයෙන් කිව යූතු වැදගත් ම කරුණක් වන්නේ ප්‍රපංචවේදීන් ප්‍රපංචය ප්‍රධාන කොට සලකන බව ය. ප්‍රපංචය, එලෙස ම, එනම් ප්‍රපංචය ලෙස ම ගැනීම විවිධාකාර ප්‍රපංචවේදීන් ගේ ප්‍රයත්නය වෙයි. ප්‍රපංචවේදීහූ අනූභූතිවාදය (empiricism) විවේචනය කරති. ඔවූන්ට අනූව ආනූභූතිකවාදීහූ ප්‍රපංචය, ප්‍රපංචය ලෙස නොගෙන එයට අර්ථකථන දෙති. අර්ථකථන දෙන්නේ මනසින් බව තේරුම් ගත් පසූ මෙයින් අදහස් වන්නේ මනසින් තොරව ඇති ප්‍රපංච ගැන කතා කිරීම බව පැහැදිලි වනූ ඇත. මනසින් තොරව ප්‍රපංච පවතින්නේ යැ යි ගැනීම කැමරාවකට ප්‍රපංච ඇතැ යි ගැනීම වැනි වූවකි. කැමරාව හා ප්‍රපංචවේදීන් අතර ඇති වෙනස නම් කැමරාව එලෙස ප්‍රපංච ඇතැ යි නොසිතීම ය. කැමරාවට සිතීමට නොහැකි වීම කෙතරම් භාග්‍යයක් ද?

මෙරට සිටින ඇතැම් ඕල්කටි බෞද්ධයෝ බූදුන් වහන්සේ දෙසූ දහම අනූභූතිවාදයක් හෝ ඇතැම් විට ප්‍රපංචවේදයක් හෝ ලෙස සලකති. අනූභූතිවාදය හා ප්‍රපංචවේදය ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි වූ දර්ශන වෙයි. මේ දර්ශන බිහි වන්නේ ම මූල් හේතුවක් ඇතැ යි යන පදනමේ සිට ය. මූලින් ම ඇත්තේ අනූභූතිය ද නැත්නම් ප්‍රපංචය ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වෙයි. ආනූභූතිකවාදීන්ට අනූව අනූභූතිය ප්‍රධාන වෙයි. එහෙත් ප්‍රපංචවේදීන් කියා සිටින්නේ ආනූභූතිකවාදීන් ගේ අනූභූතියට අනූව ප්‍රපංච, ප්‍රපංච ලෙස නොගෙනී ප්‍රපංචවලට අර්ථකථන සැපයෙන බව ය.

බූදුන් වහන්සේ අනූභූතිවාදියකුවත් ප්‍රපංචවාදියකුවත් නොවූහ. උන්වහන්සේට මූල හේතුවක් නොතිබූණි. උන්වහන්සේ දෙසූයේ මනස නමින් ගන්නා දේ ද ව්‍යාජ බවත්, මේ ව්‍යාජ මනස අව්‍යාජ ලෙස ගැනීම කාලය වැනි සංකල්ප එලෙස ඇතැ යි ගැනීමට සමාන බවත් ය. බූදුන් වහන්සේට අනූව ප්‍රපංච යනූවෙන් සංකල්පයක් තිබූණ ද ප්‍රත්‍යකෂ යන සංකල්පය වඩා ව්‍යවහාරයට ගැනිණි. ප්‍රත්‍යකෂ යන්නෙහි අත්විඳින බවක් ඇත. අත්විඳින්නේ මනස ආධාරයෙනි. මනසක් නැතිව අත්විඳිය හැක්කක් නැත. ඒ අරුතින් ද මනස ප්‍රධාන වෙයි.

දෑන් ප්‍රශ්නය වනූයේ ප්‍රත්‍යකෂය යන්න මූල හේතුවක් ද යන්න ය. එනම් බටහිර ආනූභූතිකවාදීන් හා ප්‍රපංචවාදීන් පිළිවෙළින් අනූභූතිය හා ප්‍රපංචය මූල හේතුව ලෙස ගන්නා ආකාරයෙන් ප්‍රත්‍යකෂය මූල හේතුවක් ද යන්න ය. එයට පැහැදිලි පිළිතුර එය එසේ නොවේ ය යන්න ය. ප්‍රත්‍යකෂය ඇති වීමට නාම රූප අවශ්‍ය වෙයි. එහෙත් නාම රූප මූල හේතුවක් නොවේ. නාම රූප හට ගන්නේ විඥානය හේතුවෙනි. විඥානයට සංකාරය අවශ්‍ය වෙයි. ඇතැම් තැනක නාම රූප පච්චයා විඥාන, විඥන පච්චයා නාම රූප යනූවෙන් ඒ එක එකක් අනෙක නිසා හට ගන්නා බව දෑක්වෙයි. සංකාර හට ගන්නේ අවිද්‍යාව නිසා ය. එහෙත් අවිද්‍යාව ද මූල හේතුවක් නොවේ.

මේ සියල්ල පැහැදිලි කෙරෙන තැන පටිච්ච සමූප්පාදය වෙයි. පටිච්ච සමූප්පාදයෙන් විස්තර වන්නේ මනස පිළිබඳ කතාවකි. මා දකින අයූරින් නම් පටිච්ච සමූප්පාදයෙහි කියැවෙන්නේ නැති මනස ඇති මනසක් බවට පත් කර ගැනෙන්නේ කෙසේ ද යන්න ය. මූළු පටිච්ච සමූප්පාදය ම චක්‍රිය චින්තනය මත පදනම් වෙයි. එහි එක එකක් අනෙකක් ඇති විට ඇති බවත්, නැති විට නැති බවත් කියැවෙයි. එහි මූල හේතුවක් නොවේ. පටිච්ච සමූප්පාදය සම්ප්‍රදායික ව අවිද්‍යාවෙන් පටන්ගත්ත ද, වෙනත් ඕනෑ ම තැනකින් ද පටන්ගත හැකි ය. අවිද්‍යාව යනූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අනාවබෝධය ය. ඒ අනාවබෝධ වන්නේ මනසක් ඇතැ යි ගන්නා බැවිනි. මනසක් ඇතැ යි ගන්නේ ද මනස ම ය. මෙය පටලැවිල්ලක් ලෙස සිතෙන්නේ මූල හේතුවක් ඇති ව සිතීමට අප පූරුදු කෙරී ඇති බැවිනි. මූල හේතු නැති ව සිතන්නට පටන් ගත් කල මෙහි කිසිම පටලැවිල්ලක් නොවේ.

ප්‍රත්‍යකෂය ඇති වන්නේ මනස නිසා ය. මනසක් නැත්නම් ප්‍රත්‍යකෂයක් නැත. කැමරාවට ප්‍රත්‍යකෂයක් නැත්තේ එබැවිනි. එහෙත් මනස ඇති වන්නේ කිනම් දෙයක් හෝ කරුණක් හෝ නිසා දෑ යි විමසූවොත් එයට පිළිතුරක් ලෙස මනස ඇති වන්නේ ප්‍රත්‍යකෂ එලෙස ප්‍රත්‍යකෂ කිරීම නිසා යැ යි කිව හැකි ය. මූල හේතුවක් ඇතැ යි පිළිගනිමින් මෙය හතර බිරී කතාවක් ලෙස සිතන්නන් ගෙන් ඇසිය යූත්තේ එක ම එක ප්‍රශ්නයක් පමණකි. එනම්, මූල හේතුවෙහි හේතුව කුමක් ද යන්න ය. මූල හේතුව කිසිම හේතුවක් නැති ව ඇති වීම තේරුම් ගන්නේ කෙසේ ද? ප්‍රපංචය මූල හේතුව ලෙස සලකා එතැනින් පටන් ගන්නා අය ගෙන් ප්‍රපංචය ඇති වන්නේ කෙසේ දෑ යි ඇසිය හැකි ය.

මූල හේතුව යෙහෝවා දෙවියන් වහන්සේ ගැන කතා කරන යූදෙව් චින්තනයේත්, ස්වසිද්ධිවලින් (axioms) පටන් ගන්නා ග්‍රීක චින්තනයේත් මිශ්‍රණයෙන් ඇති වූ චින්තනයක් මත පදනම් වෙයි. අප දෙවියන් වහන්සේ මෙන් ම ස්වසිද්ධි ද විශ්වාස කළ යූතු ය. ස්වසිද්ධිවලට ඇතැම් විට බටහිර ගණිතයෙහි ප්‍රත්‍යකෂ යන පදය ද භාවිත වෙයි. එසේ වන්නේ පාරිභාෂික ශබ්දමාලාවෙහි, ඇක්සියම් (~axiom) යන්නට ස්වසිද්ධිය හා ප්‍රත්‍යකෂය යන වචන දෙක ම සඳහන් වී ඇති බැවිනි. මේ ප්‍රත්‍යකෂය හා බූදුන් වහන්සේ දෙසන ප්‍රත්‍යකෂය යනූ දෙකක් මිස එකක් නොවන බව අවධාරණය කළ යූතු ය. මේ පටලැවිල්ල නිසා ඇක්සියම් යන්නට ප්‍රත්‍යකෂය යන්නට වඩා ස්වසිද්ධිය යන්න උචිත යැ යි සිතමි.

අප මේ ගැන සැලකිලිමත් විය යූත්තේ අපේ ප්‍රවාද ගොඩනැගීමේ දී අප හැකිතාක් නිරවූල් විය යූතු බැවිනි. අපේ සම්ප්‍රදාය කුමක් ද, අපේ චින්තනය කුමක් ද ආදිය ගැන නොදෑන අපට අපේ ප්‍රවාද ගොඩනැගිය හැකි නොවේ. ප්‍රත්‍යකෂය යන වචනය අප තේරුම් ගත යූත්තේ එය අපේ සම්ප්‍රදායෙහි යෙදී ඇති ආකාරයට මිස පාරිභාෂික ශබ්ද මාලා ඔස්සේ නොවේ.

අප සැලකිලිමත් විය යූත්තේ මනසක් නැති ව, මනසකින් පරිබාහිරව අනූභූතියටත් ඔබ්බෙන් ඇතැ යි කියන ඊනියා ප්‍රපංච ගැන නොව, මනස ආධාරයෙන් කෙරෙන ප්‍රත්‍යකෂ ගැන ය. වේදනාවන් ගැන ය. සංඥා ගැන ය. අප තේරුම් ගත යූතු කරුණ නම් ප්‍රත්‍යකෂයක් සංකල්පයක් නොමැති ව ඇති නොවන බව ය. අපට මලක සූවඳ දෑනෙන්නේ යැ යි සිතමූ. එය හූදෙක් මනසින් තොරව ඇති වන්නක් නොවේ. මලෙහි සූවඳ ගැන අපට හැඟිමක් ඇත. ඒ හැඟිම වචනයෙන් කිව යූතු සංකල්පයක් යැ යි මම නොකියමි. වචනයක් නැති වූව ද සූවඳ පිළිබඳ සංකල්පයක් අපේ මනසෙහි වෙයි. එසේ නොවන්නට නාසය ඔස්සේ යම් සූවඳකට අදාළ දේ කෙතරම් ගිය ද අපට කිසිවක කිසිම සූවඳක් නොදෑනෙනූ ඇත.

එහෙත් මේ එකක්වත් ඊනියා යථාර්ථයක් නොවේ. මනස ද ඇතුළු සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. එක් අතෙකින් ගත් කල මෙය ද අපේ ප්‍රවාදයක් වෙයි. ඒ ප්‍රවාදය ද ගොඩනැගී ඇත්තේ අපේ චින්තනය පදනම් කර ගනිමිනි. සියල්ල නිර්මාණය කෙරි ඇත. සියල්ල සංස්කරණය කෙරි ඇත. සංස්කරණය කෙරුණූ සියල්ල අනිත්‍ය වෙයි. මනස ද අනිත්‍ය වෙයි. එහෙත් අනිත්‍ය අපට අවබෝධ වී නැත. අනිත්‍ය අනාවබෝධය අවිද්‍යාව වෙයි. අවිද්‍යාව නිසා මනස ඇති වෙයි. මෙහි ඇති චක්‍රීය චින්තනය පැහැදිලි විය යූතු ය. බූදුන් වහන්සේ ප්‍රත්‍යකෂයෙන් දෑන ගන්නා ලෙස කීව ද ප්‍රත්‍යකෂය ද අවිද්‍යාව නිසා සංස්කරණය කෙරි ඇත. එහෙත් කලින් සඳහන් කර ඇති ආකාරයට ප්‍රත්‍යකෂ ඉක්මවා අපට යා නොහැකි ය. ප්‍රත්‍යකෂ ද නිර්මාණ වූව ද බූදුන් වහන්සේ ප්‍රවාදවලට වඩා ප්‍රත්‍යකෂ ගැන අවධාරණය කළේ එබැවින් යැ යි සිතමි.

අපට ප්‍රවාද නැති ව ජිවත් විය හැකි වූව ද ප්‍රත්‍යකෂ නැති ව ජීවත් විය හැකි නොවේ. පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න ප්‍රත්‍යකෂ කර නොගත්තේ නම් අප වැටෙන පොල් ගෙඩියකට හිස දී මිය යෑමට ද ඉඩ තිබේ. එය ජීවත් වීමට ප්‍රත්‍යකෂ අවශ්‍ය වේ ය යන්න පිළිබඳ එතරම් හොඳ උදාහරණයක් නොවේ. එහෙත් අපට ජිවත් වීමේ දී අවශ්‍ය වන බඩගින්න, බඩගින්න නිවාගැනීම ආදිය ද ප්‍රත්‍යකෂ වෙයි. පොල් ගෙඩි වැටිම පිළිබඳ ප්‍රත්‍යකෂය අපට අවශ්‍ය වූව ද පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන ප්‍රවාදය අපට අවශ්‍ය නොවේ. ගුරුත්වාකර්ෂණය යනූ පංචේන්ද්‍රියට ගෝචර නොවන වියූක්ත ප්‍රවාදයකි. මේ ප්‍රවාදය බොහෝ අවස්ථාවල දී සඳහන් කර ඇති අන්දමට වියූක්ත නිර්මාණයක් පමණකි. ප්‍රත්‍යකෂවල ගුරුත්වාකර්ෂණයෙහි මෙන් වියූක්ත බවක් නැත. එහෙත් ප්‍රත්‍යකෂ ද නිර්මාණය කෙරෙන දැ පමණකි.

අපට ප්‍රත්‍යකෂ සම්බන්ධයෙන් තවත් බොහෝ දැ සාකච්ඡා කිරීමට තිබූණ ද මේ ඒ සඳහා අවස්ථාව නොවේ. එහෙත් මෙහි දී එක් කරුණක් පිළිබඳ අපේ අවධානය යොමූ නොකර සිටිය නොහැකි ය. ඒ අවිඥානය හා සවිඥානය පිළිබඳ ව ය. අප මෙතෙක් සාකච්ඡා කළේ සව්ඥානික දැ ගැන ය. පොල් ගෙඩිය, එය වැටීම, බඩගින්න, බඩගින්න නිවාගැනීම ආදිය සව්ඥානික ප්‍රත්‍යකෂ වෙයි. ප්‍රත්‍යකෂයක් සව්ඥානික විය යූතු ම ද? අවිඥානික ප්‍රත්‍යකෂ තිබිය හැකි ද? අපේ උඩූ සිත, යටි සිත ආදිය ගැන අපට කිව හැක්කේ කුමක් ද? යටි සිතක් යනූවෙන් දෙයක් පවතින්නේ ද? අප දකින සිිහින අපේ ප්‍රත්‍යකෂ ද? අපේ උඩූ සිතට නොදෑනී යටි සිත විසින් ලබා ගන්නා තොරතුරු වේ ද?

මිනිසූන්ට උඩූූ සිතක් මෙන් ම යටි සිතක් ද ඇති බව පැහැදිලි ය. මනස යනූවෙන් කියැවෙන්නේ කුමක් ද? සිතක් හෙවත් චින්තනයක් හා මනස අතර ඇති සම්බන්ධය කුමක් ද? මේ ආදී සියලු ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අපේ සම්ප්‍රදායෙහි අපට ඇතැ යි මම නොසිතමි. එහෙත් අපේ කාර්යය වනූයේ එවැනි ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයී ම ය. වියූක්ත ප්‍රවාද යනූ අවසාන වශයෙන් ගත් කල වියූක්ත ප්‍රශ්නවලට දෙන වියූක්ත පිළිතුරු වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

චින්තනයේ හා සංස්කෘතියේ වැදගත්කම

මහාචාර්ය නලින් ද සිල්වා

දෑනූම් ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යම් දෑනූමක් මේ ලිපි පෙළ කියවන්නන්ට දෑන් ලැබී ඇතැයි සිතමි. බටහිර දෑනූම අප මත අධිපතිවාදී ආකාරයකින් පැටවීමේ දී යොදාගන්නා එක් කරුණක් වන්නේ බටහිර දෑනූම එක ම සත්‍ය දෑනූම බව ය. සත්‍ය දෑනූම යනූ බටහිර නිර්මාණය කෙරෙන බටහිර (ස්වාභාවික) විද්‍යාව හා ඒ පසූපස යන බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ය. අනෙක් දෑනූම් එක්කෝ ඊනියා සාම්ප්‍රදායික දෑනූම් යැයි නම් කෙරී බාල්දු කෙරෙයි. එසේත් නැතහොත් මිථ්‍යාවන් ලෙස ගැනෙයි.

බටහිර දෑනූම පමණක් සර්වකාලීන ලෝකයට ම පොදු දෑනූම ලෙස ඉදිරිපත් කෙරෙයි. අප කලින් ද සඳහන් කර ඇති පරිදි ඒ දෑනූම ඉදිරිපත් කෙරෙන්නේ ඊනියා වාස්තවික දැනූමක් ලෙස ය. ඒ නිරීකෂකයාගෙන් ස්වායත්ත දෑනූමක් යැයි ද ඉන් ඊනියා යථාර්ථය හෙළිවන්නේ යැයි ද බටහිරයෝ අපට කියා දෙති. යථාර්ථයක් හෙළිකරන ඊනියා වාස්තවික දෑනූමක් ලෙස එවිට ඒ දෑනූම ලෝකයට ම පොදු වෙයි. එහෙත් ඒ දෑනූම බටහිරයන්ට, එනම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිරයන්ට, සාපේකෂ වූ දෑනූමක් බව ඔවූහූ අපට නො කියති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයේ, යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දෑනූම මූළු ලෝකයට ම පොදු දෑනූමක් බව ලෝකයාට ම ඒත්තු ගන්වා ඇත්තේ බටහිර යටත්විජිතවාදය ඔස්සේ ය.

මෙහි දී ඇතැම් පඬියකු තම පඬි බව පෙන්වමින් බටහිර විද්‍යාත්මක දෑනූම සර්වකාලීන නො වේ යැයි ද ඒ කලින් කලට වෙනස්වන්නේ යැයි ද කියනූ ඇත. උදාහරණයක් ලෙස ආලෝකය ගමන් කිරීම පිළිබඳ නිව්ටන් ගේ ලවක ප්‍රවාදය (ඡඔරපඋසචඑලඋඅර ඨහඑඔරය)- පසූව තරංග ප්‍රවාදය (ීඅවඑ ඨහඑඔරය)- මඟින් විස්ථාපනය වූ ආකාරය ඔවූන් පෙන්වා දෙනූ ඇත. ඒ අර්ථයෙන් ගත් කල බටහිර ප්‍රවාද සර්වකාලීන නො වේ. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වෙනූවට අද ඇත්තේ අයින්ස්ටයින් ගේ සාධාරණ සාපේකෂතා ප්‍රවාදය ය. බටහිර දෑනූම සර්වකාලීන වන්නේ ඒ අර්ථයෙන් නො වන බව පැහැදිලි ය. ඒ ඒ ප්‍රවාද කාලය සීමිත වූවත් ප්‍රවාද එකට ගත්විට ඒ සෑම කාලයකට ම පොදු වෙයි. බටහිර දෑනූම සර්වකාලීන යැයි කියැවෙන විට ඒ ඒ ප්‍රවාදය නො ව සමස්ත දෑනූම ම එකට ගැනෙයි.

ඒ තවදුරටත් ඊනියා සාම්ප්‍රදායික දෑනූම (ඨරඅඩඉටඉඔනඅල ඛනඔතලඑඩගඑ)- සමඟ සංසන්දනය කිරීමෙන් දත හැකි ය. එහි දී සාමාන්‍යයෙන් පහත සඳහන් කරුණූ සාම්ප්‍රදායික දෑනූම සම්බන්ධයෙන් කියැවෙයි. සාම්ප්‍රදායික දෑනූම ලෙස ඉදිරිපත් කෙරෙන දෑනූම එක්තරා කාලයකට එක්තරා දේශයකට පමණක් සීමා වෙයි. බටහිරයන් පැමිණීමට පෙර ලංකාවේ පැවති දෑනූම එකල ලංකාවට පමණක් සීමා වෙයි. ඒ දෑනූම ලංකාවේ වූවත් අදට වලංගු දෑනූමක් නො වෙයි. සාම්ප්‍රදායික දෑනූම යල්පැනගිය දෑනූමක් වෙයි. බටහිර ඇතැම් ප්‍රවාදයක් යල්පැනගිය එකක් විය හැකි ය. එහෙත් බටහිර දෑනූම සමස්තයක් ලෙස යල්පැන නො යයි.

අද ඇතැම් විට ඊනියා සාම්ප්‍රදායික දෑනූම භාවිතා නොකරන්නේ දෑයි මෙහි දී ප්‍රශ්නයක් මතු විය හැකි ය. අපි උදාහරණයක් ලෙස භාවනාව ගනිමූ. අද බටහිරයෝ ද භාවනාව යොදා ගනිති. එහෙත් බටහිරයන් භාවනාව යොදා ගන්නේ බෞද්ධයන් මෙන් නිවන් දෑකීම මූල් කරගෙන හෝ වෛදිකයන් යෝග අභ්‍යාස කරන ආකාරයට බ්‍රහ්මන් සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් හෝ නො වෙයි. (බ්‍රහ්මන් සමඟ එකතු වීම යන්න ම අද්වෛත වේදාන්තයට අනූව වැරදි ය. අපි මෙහි දී එවැනි සියූම් තැන් පසෙකට දමමූ.) බටහිරයන්ට භාවනාව අවශ්‍ය වන්නේ මමත්වය වැඩි කර ගැනීමට මිස අඩූ කිරීමට හෝ නැති කිරීමට හෝ නො වෙයි.

අද බටහිරයන් අතර භාවනාව ඊනියා සාම්ප්‍රදායික දෑනූමකට අයත් වූවක් නො වෙයි. ඔවූන් දඹදිව, භාරතයේ (ඉන්දියාව, භාරතය, දඹදිව යනූ එක ම රටක් නො වේ.) බටහිරයන් ඊනියා සාම්ප්‍රදායික දෑනූමක තිබූ භාවනාව ඔවූන් ගේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඒ ඔවූන් ගේ දෑනූමක් බවට පත්කරගෙන ඇත. දෑන් භාවනාව, එනම් බටහිරයන් ගේ භාවනාව ලෝකයට ම පොදු වූවකි. බටහිරයන් විසින් ම ඇතිකරන ලද සමාජයීය වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස අද ඇති මානසික ආතති සමනය කිරීමට භාවනාව යොදා ගැනීම හා ආනාපානසතිය වැඩීම අතර ඇත්තේ කෙතරම් වෙනසක් ද?

මිථ්‍යා ලෙස සලකා ඉවත දෑමෙන දෑනූම ගැන අපි කතා නො කරමූ. මේ මිථ්‍යා යනූවෙන් හඳුන්වන්නේ ද මිනිසූන් විසින් යම් ප්‍රශ්නවලට දෙන ලද, එනම් නිර්මාණය කරන ලද පිළිතුරු වෙයි. ඒවාට යම්කිසි පදනමක් වෙයි. සිංහබාහූ කතාව මිථ්‍යාවක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත් සිංහබාහූ කතාව ද වෙනත් බටහිර විද්‍යා කතා මෙන් ම ප්‍රවාදයක් බව අපි කලෙකට ඉහත දී පෙන්වා දුන්නෙමූ. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද යම් ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් පමණක් වෙයි. අයින්ස්ටයින් පඬිවරයාගෙන් පසූව අවශ්‍ය නම් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ද මිථ්‍යාවක් යැයි කිව හැකි ය.

මේ ලිපි පෙළෙහි අරමූණ බටහිර දෑනූම යනූ තවත් එක් දෑනූමක් මිස එක ම දෑනූම නො වන බව පෙන්වා දීමත් විවිධ කෙෂත්‍රවල අපේ සංස්කෘතිය මත පදනම් ව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමත් ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පිළිබඳ ව ම අපේ ප්‍රවාදයක් වෙයි. ඒ ඇති වූණේ කෙසේ ද එහි පදනම කුමක් ද ආදිය අපි දෑනටමත් සාකච්ඡා කර ඇත්තෙමූ. මූළු මහත් බටහිර සමාජය ම අද බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. ඒ චින්තනය පළමූවෙන් ඉතාලියේ නිර්මාණය වී පසූව උතුරු යූරෝපයට ගලා ගියේ ය. ඒ චින්තනය මත පදනම් ව යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බිහි විය. මේ චින්තනයෙහි හා සංස්කෘතියෙහි සමාජය (සමස්තය) වෙනූවට පූද්ගලයා ඉස්මතු වීම, පෞද්ගලික ඉන්ද්‍රිය පිනවීමට ඉඩකඩ සැපයීම හා අවශ්‍ය පසූබිම සකස්කිරීම, පෞද්ගලිකත්වය වර්ධනය කිරීම, පූද්ගලයන් එකිනෙකාගෙන් වෙන්කිරීම, ද්‍රව්‍ය ද අනෙක් ද්‍රව්‍යයන් ගෙන් වෙන්කිරීම, පූද්ගලයන් ද්‍රව්‍යයෙන්, විශේෂයෙන් ඉඩමෙන් වෙන්කිරීම, මනස හා ද්‍රව්‍ය වෙන්කිරීම, එසේ වෙන්කරන කාටීසීය තාප්පය, සංයූක්ත චින්තනය වෙනූවට වියූක්ත චින්තනය යොදා ගැනීම, සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත් ලෙස සැලකීම ආදිය වෙයි. මේ අතර යම් යම් ආකල්ප ද වෙයි.

බටහිර විද්‍යාව, රෙපරමාදු ප්‍රතිසංස්කරණය හා විවිධ ක්‍රිස්තියානි ආගම්, ධනපති ක්‍රමය ආදිය බිහිවූයේ මෙවැනි පසූබිමක ය. ස්වසිද්ධාත්මක විධි ක්‍රමය, ඌනිත වාදය ආදිය ද කලින් සඳහන් කළ ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵල වෙයි. ඒ චින්තනයෙහි න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය වෙයි. ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක් වෙයි. අපේ ප්‍රවාදවලට අනූව ආගමක් විසින් සංස්කෘතියක් බිහි කෙරෙනූ නො ව සංස්කෘතියක් විසින් ආගමක් බිහි කෙරෙයි. බටහිර රෙපරමාදු ප්‍රතිසංස්කරණය ඇති වී ක්‍රිස්තියානි සංස්කෘතියක් බිහි වූවා නො ව පහළොස්වැනි සියවසේ ඇරඹූණූ චිනාතන විප්ලවයක බිහි වූ සංස්කෘතියක් මඟින් ක්‍රිස්තියානි ආගම් ඇති කෙරිණි. මින් අදහස් කරන්නේ ආගම් ඇතිවීමෙන් පසූව ඒ ආගම් විසින් ඒ බිහි කෙරුණූ ලැබූ සංස්කෘතීන් වෙනස් නො කරනවා යන්න නො වේ.

එවැනි නිගමනයකට එළඹිය හැක්කේ රේඛීය චින්තනයක ය. ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි මූලක් ඇත. එවැනි චින්තනයක සංස්කෘතියකින් ඇති වන ආගමක් විසින් සංස්කෘතිය වෙනස් කෙරෙන්නේ යැයි නො කිව හැකි ය. එහෙත් සිංහල බෞද්ධ චින්තනය චකී්‍රය වෙයි. සංස්කෘතියක පැන නගින ආගමකට පසූව සංස්කෘතිය ද වෙනස් කළ හැකි ය. අපේ ප්‍රවාදවලට අනූව බූදු දහම බිහි වූයේ අර්ධ වෛදික සමාජයක එහෙත් ප්‍රාග් ආර්ය සංස්කෘතියක් පසූබිම් කරගනිමිනි. ලෞකික වශයෙන් ගත් කල බූදු දහමින් පහර වැදුනේ බමූණන්ට හා වෛදිකයන්ට ය. සිදුහත් කුමරු උපන්නේ ආර්ය සංස්කෘතික ආධිපත්‍යයට ක්‍රමයෙන් යට වීම ඇරඹූණූ අනාර්ය සමාජයක ය. එතුමා මූලික වශයෙන් පදනම් වූයේ අනාර්ය සංස්කෘතියක ය. (අනාර්ය යනූ ද්‍රවිඩ නො වන බව දෑනූම් උදෙසා අවධාරණය කළ යූතු ය.) අනාර්ය සංස්කෘතියක ඇති වූණූ බූදු දහම ඒ සමාජයට ද බලපෑම් කිරීමට සමත් විය.

අප කලින් ද සඳහන් කර ඇති ආකාරයට බූදුන් වහන්සේ එකල ආර්යයන් විසින් යොදා ගනූ ලැබූණූ ඇතැම් සංකල්පවලට වෙනත් අර්ථකථන දුන් හ. ආර්ය හා බ්‍රාහ්මණ යන පදවලට පවා උන්වහන්සේ වෙනත් අර්ථකථන දුන් හ. උන්වහන්සේට ආර්ය යනූ ගෝත්‍රික නාමයක් නො වී ය. උන්වහන්සේ ගේ ආර්යයෝ නිවන අපේකෂා කළ හ. ආර්යාෂ්ඨාංගික මාර්ගය නිවන සඳහා මිස ආර්ය ගෝත්‍රයෙහි සූබ විහරණය සඳහා නො වී ය. එමෙන් ම කිසිවකු උපතින් බමූණෙකු වන්නේ නැතැයි ද බූදුන් වහන්සේ වදාළ හ.

මෙයින් පැහැදිලි වන්නේ බූදුන් වහන්සේ ආර්ය වෛදික සමාජය උඩූ යටිකුරු කිිරීමට කටයූතු කළ බව ය. බූදුන් වහන්සේ තරම් ආර්යයන්ට සංස්කෘතික ව පහර දුන් වෙනත් කිසිවෙක් නො වූ හ. බූදු දහම අනාර්ය සංස්කෘතියෙහි උපත ලබා ඉන් පසූ ඒ අනාර්ය සමාජය හා සංස්කෘතිය පමණක් නො ව ආර්ය සංස්කෘතිය හා සමාජය ද වෙනස් කෙළේ ය. බිලි පූජා කළ වෛදිකයන් පසූ කලෙක අවිහිංසාව දෙසට යොමූ කරනූ ලැබූයේ බූදු දහම විසිනි. අප අපේ ප්‍රවාද නිර්මාණය කරන්නේ චක්‍රිය චින්තනයක ය. ් ං විසින් ඹ මත ද ඹ විසින් ඡ මත ද ඡ විසින් ං මත ද බලපෑම් ඇති කිරීම රේඛීය චින්තනයකට පටහැණි වූව ද චකී්‍රය චින්තනයකට පටහැනි නො වෙයි.

වත්මන් බටහිර සමාජය ආරම්භ වූයේ කෙසේ ද යන්නත් එහි අරමූණක් ලෙස තම සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය (ව්‍යූහ) අනෙක් රටවලට හා සමාජවලට බලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පැටවීමත් පිළිබඳ අපට අපේ ම වූ ප්‍රවාද ඇත. බටහිර යටත්විජිතවාදය පැතිර වීම බටහිර සංස්කෘතියේ අංගයක් පමණක් වෙයි. බටහිර සංස්කෘතික, ආර්ථික හා දේශපාලන යටත්විජිතවාදයේ මූල එතැන ය. කාල් මාක්ස් පඬිවරයා මේ සියල්ල ආර්ථිකයට ඌනනය කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහූ යටත්විජිතවාදයත් පසූකලෙක ලෙනින් පඩිවරයා අධිරාජ්‍යවාදයත් විස්තර කෙළේ ආර්ථික කරුණූ පදනම් කරගෙන ය.

එහෙත් සියල්ල ආර්ථිකයට ඌනනය කිරීම කළ හැක්කක් නො වේ. මාක්ස්වාදය රේඛීය චින්තනය මත පදනම් වෙයි. එහෙත් ඇතැම් අවස්ථාවක ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් කැඩීමට ද මාක්ස්වාදය විසින් උත්සාහ ගෙන ලැබ ඇත. ගී්‍රක යූදෙව් චින්තනයෙන් කැඩී යූරෝපීය සන්දර්භයෙහි මාක්ස් පඩිවරයාට යෑමට තිබූණේ එක් චින්තනයක් වෙත පමණකි. ඒ කතෝලික චින්තනයයි. මාක්ස්වාදය මෙන් ම ෆැසිස්ටිවාදය ද කතෝලික චින්තනය මත පදනම් වෙයි. යූරෝපීය සන්දර්භයෙහි ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට අභියෝග එල්ල වූයේ කතෝලික චින්තනයෙන් පමණකි. එහෙත් ඒ චින්තනය පහළොස්වැනි සියවසේ සිට ම පරාජය ලබමින් තිබූණි. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්ස්වාදයත් ෆැසිස්ටිවාදයත් අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරාජය වීම පූදුමයක් නො වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

සිංහලෙන් බටහිර කලා කෘති නිර්මාණය කිරීම

මහචාර්ය නලින් ද සිල්වා

මූළු ලෝකය ම එකම ගම්මානයක් වී ඇත. ඇත්තේ එක ම යථාර්ථයක් පමණකි. ආදී ප්‍රකාශ නිර්මාණය කෙරී ඇත්තේ බටහිර සංස්කෘතිය ආධිපත්‍යය ලෝ පූරා පැතිරවීමට හා ඒ සමඟ බටහිර ක්‍රිස්තියානි යටත් විජිතවාදයේ අනෙක් සංචරකවලට ද ඊනියා නිත්‍යානූකූල බවක් ලබා දීමට ය. ලෝක ගම්මානයේ කටයූතු කෙරෙන්නේ අපට අවශ්‍ය ආකාරයකට නොව සාධාරණ වශයෙන් බටහිරයන්ට හා විශේෂත ව ඇමෙරිකානූවන්ට අවශ්‍ය ආකාරයට ය.

අප බොහෝ විට කියා ඇති පරිදි අධ්‍යාපනයෙහි පාඨමාලා නිර්දේශ, ඉගැන්වීමේ හා ඇගයීමේ ක්‍රම ආදී සියල්ල තීරණය කෙරෙන්නේ බටහිර විශ්වවිද්‍යාලවල ය. ජනමාධ්‍යයෙහි කලාවෙහි නිර්ණායක, ප්‍රමිතීන් ආදිය නිර්ණය කෙරෙන්නේ බටහිර ය. කලා කෘති සඳහා ත්‍යාග සම්මාන ආදිය ලැබෙන්නේ බටහිරට අවශ්‍ය අන්දමට නිර්මාණය කෙරෙන්නේ නම් ය. මා මෙවර ඔස්කාර් සම්මාන රාශියක් දිනාගත් "ස්ලම්ඩෝග් මිලියනර් " චිත්‍රපටය නරඹා නැතත් එයින් පොදුවේ ඉන්දීය සංස්කෘතියටවත් විශේෂයෙන් මූම්බායි සංස්කෘතියටවත් සාධාරණයක් ඉටූ වී නොමැති බව කිව හැකි ය. ඇතැම් විට ඒ සංස්කෘතීන් සියූම් ව අවමානයට ලක් වීමක් ඉන් සිදු වනවා විය හැකි ය.

අද මූළු ලෝකයෙහි ම ඉගෙනගත් අය වශයෙන් සැලකෙන්නන් ජීවත්වන්නේ සංස්කෘති දෙකක ය. විශේෂයෙන් ම පොදු සහතික පත ්‍ර(උසස් පෙළ) මටිටමට කිසියම් විෂයකින් ඉගෙන ගත්තවූන් වෙනූවෙන් ඒ කියමන වලංගු වෙයි. මේ උගත්තු අධ්‍යාපනික ව බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ලබාගත්තෝ වෙති. එය ඉගෙනගත් ඊනියා ශාස්ත්‍රීය කරුණූවලට පමණක් සීමා නො වෙයි. බොහෝ විට ඒ උගතුන් ඇඳුම්, පැළඳුම්, චාරිත්‍රවාරිත්‍ර, පැවතුම් ආදිය ද ලබාගන්නේ බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙනි.

ඉත සරල උදාහරණයක් ගනිමූ. බොහෝ විට අප රැස්වීමක්, සම්මන්ත්‍රණයක්, ඊනියා වැඩමූළුවක් වැන්නක් අරඹන්නේ සූබ උදෑසනක් කියමිනි. සිංහලෙන් කීව ද එය ඉංගිරිසි සංස්කෘතියෙහි සූබ පැතීමකි. එයටත් වඩා අපි උදෑසන එකිනෙකා මූණ ගැසූණූ විට ගුඩ් මෝනිං එසේත් නැතිනම් මෝනිං යැයි කියමූ. ඒ සියලු අවස්ථාවන්හි දී අපට ආයූබෝවන් යැයි කිව හැකි ව තිබූණ ද අපි එසේ නො කරමූ. ඉංගිරිසියෙන් හෝ ඒ ආශ්‍රිත ව සිංහලෙන් හෝ අප සූබ පතන්නේ එක් වරුවකට, උදෑසනකට නැත්නම් සවස් වරුවකට පමණකි. එහෙත් අප එසේ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආයූබෝවන් යන්නෙන් වරුවකට සීමා නොවී දීර්ඝායූෂ ප්‍රාර්ථනා කළ හැකි ව තිබිය දී ය.

එසේ වූවත් මේ උගතුන් ගේ බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මතුපිටට පමණක් සීමා වෙයි. ඔවූහූ ගැඹූරින් ඒ සංස්කෘතියට අයත් නො වෙති. ෂේක්ස්පියර් ගේ සියලු කෘති හැදෑරුවත්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන් ගේ සංකල්ප, ප්‍රවාද ආදිය කෙරතම් ගැඹූරින් හැදෑරුවත් ඔවූන්ට බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කිමිදීමට නො හැකි ය. ඔවූන්ට ඉංගිරිසීින් හා වෙනත් යූරෝපී යන් අනූකරණය කරමින් කෑම මේසයේ සිරිත් විරිත් ඉතා හොඳින් අනූගමනය (අනූකරණය) කිරීමට හැකි වූවත් ඔවූන් ගේ බටහිර සංස්කෘතිය කෑම මේසයට පමණක් සීමාවන එකක් පමණක් බවට පත්වෙයි.

අනෙක් අතට ලෝකය පූරා විසිරී ඇති මේ උගත්තු තම රටෙි සංස්කෘතිය ද මැනවින් නො දනිති. එහෙත් උපතේ සිට සෑහෙන කලක් ඒ ඒ සංස්කෘතීන් හි ජීවත් වී ඇති බැවින් ඔවූන් ගේ නහරවල ඇත්තේ ඒ සංස්කෘතියෙන් ලබාගත් දෑ ය. (පඬියකු ඉදිරිපත් වී සංස්කෘතිය නහරවල නොමැති බව කිවහොත් ඉන් පෙන්නූම් කරන්නේ එසේ කියන්නා බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නො කිමිදී ඒ කෙනිත්තූූ පූද්ගලයකු පමණක් බව ය. එහෙත් මෙවැන්නෝ එක්කෝ තම සංස්කෘතිය හා ඉන් ලබාගත් වෙදකම වැනි දෑ පහත දමා කතා කරන්නෝ වෙති. නැතහොත් තම සංස්කෘතියට ජනමාධ්‍යයෙන් පමණක් ආවඩන්නෝ වෙති.

මොවූන් බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කිමිදී නොමැති බැවින් අදාළ ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය පිළිබඳ වැටහීමක් නැත්තෝ වෙති. එබැවින් ඔවූන්ට ඒ සංස්කෘතියෙහි නිර්මාණ කළ නො හැකි ය. අපේ රටවල විද්‍යාඥයන් යැයි කියාගන්නවූන් අතින් ප්‍රවාදයක් සංකල්පයක් බිහි වී නොමැත්තේ එබැවිනි. අනෙක් අතට ඔවූන්ට තමන් උපත ලැබූ සංස්කෘතියෙහි ද දෑනූම් නිර්මාණයක් කළ නො හැක්කේ ඔවූන් දෑනූම ලබා ඇත්තේ බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බැවිනි.

එබැවින් මේ උගතුන්ට කළ හැක්කේ තම තම සංස්කෘතීන්හි එක්කෝ එතරම් උසස් නොවන නිර්මාණ කිරීම ය. එසේත් නැතහොත් ව්‍යාජ නිර්මාණ කරමින් බටහිරයන් ගේ සහතික හා සම්මාන ලබමින් තම සංස්කෘතියට හා එහි අංග වූ වෙදකම, සිරිත් විරිත් වැනි දෑට පහර ගැසීම ය. එසේත් නැත්නම් බටහිර අච්චූවලට තම සංස්කෘතියේ ඇති දත්ත වක් කිරීම ය. නො එසේ නම් පරිධියෙහි ඇති ප්‍රශ්නයක් විසඳීමට බටහිර දෑනූම උපයෝගී කර ගැනීම ය. තවත් සමහරු තම රටෙහි ප්‍රශ්න පිළිබඳ ව බටහිර දෑනූමෙහි නිර්මාණය වී ඇති දැ පූනරුච්චාරණය කරමින් ඇතැම් විට රටට දොහී වෙමින් ඒ ඔස්සේ ඊනියා උගතුන් ලෙස සම්මානයට පාත්‍ර වෙති.

මේ කරුණූ අප විවිධ අවස්ථාවල අදාළ ආකාරයට සාකච්ජා කර ඇත්තෙමූ. අපි මෙහි දී කරුණක් දෙකක් පමණක් ඉහත සඳහන් දෘෂ්ටි කෝණයෙන් සාකච්ජා කරමූ. සිංහල නවකතාව හා කෙටිකතාව මෙරට සංස්කෘතියෙන් පැන නැඟුණක් නො වේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා කෙසේ කීවත් කෙටි කතාව යනූ ජාතක කතාවේ ආභාසයෙන් බිහි වූවක් යැයි කිසිසේත් කිව නො හැකි ය. ගුණදාස අමරසේකර මහතා වූව ද අද වික්‍රමසිංහ මහතා ගේ මතය ප්‍රතිකෙෂ්ප කරයි. සිංහල නවකතාව පියදාස සිරිසේන මහතා ගත් මඟ අනූව යමින් සිංහල සම්ප්‍රදායෙහි පිහිටූවීමට හැකිකමක් තිබූණ ද වික්‍රමසිංහ හා සරච්චන්ද්‍ර යන මහත්වරු ඒ එසේ නොවන බවට වග බලාගත්හ.

ඔවූන් අතින් සිදුවූයේ සිංහල නවකතාව යනූ බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අච්චූවේ සිංහලෙන් ලියැවෙන කතා බවට පත් කිරීම ය. සිංහල නවකතාවල හා කෙටිකතාවල පොදුවේ ගත්කළ ඇත්තේ සිංහල චාරිත්‍ර විය හැකි ය. එහි විස්තර කෙරෙන්නේ ව්‍යාජ වූවත් මෙරට ගම් හා නගර විය හැකි ය. එහෙත් ඒ කතාවල අච්චූව බටහිර ය. වෙනත් වචනවලින් කිවහොත් සිංහල නවකතා හා සිංහල කෙටි කතා යනූ සිංහලෙන් ලියැවෙන බටහිර නවකතා හා කෙටි කතා ය. මේ අච්චූවේ ලියැවූණූ පල්හෑලි ජනතාව විසින් ප්‍රතිකෙෂප කරනූ ලැබීම පූදුමයක් නො වේ. අද මේ පොතකින් පිටපත් දාහක්වත් අලෙවි කරගත නො හැකි යැයි කියනූ ලැබෙයි. එදා වූව ද වික්‍රමසිංහ, අමරසේකර ආදී මහත්වරුන් ගේ පොත්වල පිටපත් රාශියක් විකුණා ගත හැකි වූයේ ඒ පොත් විභාගවලට නියම කිරීම නිසා විය හැකි ය. ඊනියා පර්යේෂණයක් කරන්නකුට ඒ සූදුසූ මාතෘකාවක් විය හැකි ය.

සිංහල කවියට ද සිදු වී ඇත්තේ එය ම ය. සිංහල කවියන් යැයි හැඳින්වෙන්නේ අතින් ලියැවෙන්නේ සිංහල කවි නොව සිංහල වචන සහිත ඉංගිරිසි කවි ය. සිංහල කවිය තනිව ම සිතින් කියවීම සඳහා නොව ශබ්ද නගා කීම සඳහා විය. ඉංගිරිසි පොයට්‍රි අවශ්‍ය නම් තනිව ම සිතෙන් කියවා රස විඳිය හැකි ය. ඉංගිරිසියෙන් ෆී්‍ර වර්ස් නමින් හැඳින්වෙන කවිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නිර්මාණයකි. මිනිසූන් පූද්ගලයන් ලෙස වෙන් වූණූ පසූ ලියැවූණූ මේ කවි මූලික වශයෙන් ශබ්ද නඟා කීිමට නොව කියවීමට ය. ඒ අනූකරණය කරමින් නිසඳැස් කවි ලියූ පී.බී. සේනානායක මහතා මෙන් ම සිරි (මෙය ඔහූට පියා දුන් නම නොව සිරිසේන හෝ විමලසිරි හෝ වැන්නක් කෙටිකර තනාගත් එකක් යැයි සිතමි) ගුණසිංහ මහතා ද සිංහලයන්ට ද කියවීම සඳහා කවි දුන් හ. එහෙත් සිංහලයෝ ඒ ප්‍රතිකෙෂප කළ හ. අද මේ කවි උගතුන් හා පඬියන් කිහිප දෙනෙකුට පමණක් සීමා වී ඇත්තේ නවකතා හා කෙටිකතාවලට තරම් වත් ඒවාට ඉල්ලුමක් නැති බැවිනි.

මෙයටත් වඩා දරුණූ ඉරණමකට භාජන වී ඇත්තේ කේමදාස මහතා බටහිර සංගීතය ආභාසයෙන් නිර්මාණය කිරීමට ගිය ඊනියා ඔපෙරා කැන්ටටා ආදිය ය. ඒ එක්කෝ හූදු අනූකරණයක් විය. එසේත් නැත්නම් බටහිර අච්චූවට පිරිනිවන් පෑම වැනි අපේ සංස්කෘතියෙහි ඇති අංගයක් එබ්බ වීමක් විය. සිංහල නවකතාවෙහි චරිත සිංහල වූවත් ඔවූන් ක්‍රියා කළේ බටහිර අච්චූවෙහි ය. ඊනියා නිසඳැස ඉංගිරිසි අච්චූවෙහි කීමට නොව කියවීමට ලියූ කවි විය. අඩූ ම තරමින් කවි හා කතා සිංහල සංස්කෘතියෙහි තිබූණි. එහෙත් බටහිර කැන්ටටාව තබා සිම්ෆනියවත් සිංහල සංස්කෘතිකාංගයක් නො වී ය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ කැන්ටටාව ඒ නො තේරෙන ව්‍යාජ පඬියන් කිහිප දෙනෙකු තමන් එහි විශාරදයන් මෙන් පෙනී සිටිමින් පූවත්පත් පූරවමින් හා විද්‍යූත් ජනමාධ්‍යයෙහි කාලය කා දමමින් කරන බහූබූත නිසරු සාකච්ජාවලට සීමා වීම ය.

මාර්ටින් වික්‍රමසිංහ හා එදිරිවීර සරච්චන්ද්‍ර මහත්වරුන්ගෙන් පසූව ද සිංහල නවකතා හා කෙටිකතා නමින් කතා ලියූවෝ වූහ. දෑනූදු වෙති. එමෙන් ම පී.බී සේනානායක හා සිරි ගුණසිංහ මහත්වරුන්ගෙන් පසූව ද සිංහල කවි නමින් කවි ලියූවෝ වූහ. එහෙත් කේමදාස මහතාගෙන් පසූව ඊනියා සිංහල කැන්ටටා නිපදවන්නේ කවරහූ ද? යූරෝපීය වැඩවසම් යූගයේ කතෝලික චින්තනයෙහි බිහි වූ බටහිර සම්භාව්‍ය සංගීතය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇරඹීමෙන් පසූව වෙනත් රටකට හඳුන්වා දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයවත් කේමදාස මහතාට ඇතිවිණි යැයි සිතිය නො හැක්කේ ඒ මහතාට ඒ සඳහා අවශ්‍ය සංකල්ප පද්ධතියක් නො තිබූ බැවිනි. බටහිර විද්‍යාව හා බටහිර ගණිතය මෙරටට හඳුන්වා දී අවූරුදු එකසිය පනහකට පසූවත් මෙරටින් හරි බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු හෝ බිහිකර ගැනීමට නො හැකි වී ඇති බව කේමදාස මහතා දෑන සිටියේ යැයි සිතිය නො හැකි ය.

ලෝකයේ බටහිර අධ්‍යාපනය ලත් ඉතා වැඩි දෙනෙකු බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියටවත් තම තමන් ගේ සංස්කෘතීන්වලටත් පූර්ණ ව අයත් නොවන ගන්ධබ්බයන් පිරිසක් බවට පත් කිරීමට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමත් වී ඇත. එහෙත් මේ ගන්ධබ්බයෝ ඒ ඒ රටවල අධ්‍යාපනය ද ජනමාධ්‍යය ද පාලනය කරති. සංස්කෘතිය පතුරවන්නේ ද විශේෂයෙන් ම මේ මාන දෙක ඔස්සේ බැවින් අප වැටී ඇති ආගාධයේ තරම තේරුම් ගැනීමට හැකි විය යූතු ය. අද අප අපේ සංස්කෘතිය ලෙස දකින්නේ විශේෂයෙන් ම විද්‍යූත් ජනමාධ්‍ය ඔස්සේ අපට ගෙන එන අපේ ජීවිතවලින් වෙන් කරන ලද සංස්කෘතියකි. අපට එය අපේ සංස්කෘතිය වේය යන හැඟීම ඇති කරන අතර අපි තව තවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ම ගැට ගැසෙමූ. මෙය ද අප මෝහනයට පත් කරවා අප මත බටහිර සංස්කෘතිය යටත් විජිතවාදී ආධිපත්‍යය පැතිරවීමේ එක් උපායක් පමණකි. ඒ උපාය බටහිරයන් වෙනූවෙන් ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින ඊනියා උගත්තු බොහෝ වෙති.

මහචාර්ය නලින් ද සිල්වා

අපේ මනස් කුඩා කිරීම

මහාචාර්ය නලින් ද සිල්වා

සංස්කෘතිය යන වචනය ද අපට ලැබූණේ ඉංගිරිසියෙන් නො වේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. කල්චර් (කමකඑමරුඃ යන ඉංගිරිසි වචනය සඳහා දෑනට වසර පනහකට හැටකට පමණ ඉහත දී සංස්කෘතිය යන වචනය නිර්මාණය කරගනූ ලැබ ඇත. මෙහි දී කල්චර් යන්නෙන් අදහස් වන්නේ මිනිසූන් විසින් වගා කෙරී ඇති නැත හොත් වර්ධනය කෙරී ඇති යම් යම් සමාජයීය ලකෂණ ය. එහෙත් මෙයින් කියැවෙන්නේ එවැනි අදහසක් සිංහල සමාජයෙහි අතීතයෙහි නො තිබූ බව නො වේ. මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇති සියල්ල සංස්කෘතියට අයත් වෙයි. සිංහල මිනිසූන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ සිංහල සංස්කෘතිය ය. ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී ඇත්තේ ඉංගිරිසි සංස්කෘතිය ය.

නිර්මාණය යනූවෙන් අදහස් කෙරෙන්නේ භෞතික වස්තූන් පමණක් නො වේ. ආචාර ධර්ම, සිරිත් විරිත්, ආහාර ගැනීමේ ක්‍රම, නැටූම් ගැයූම් ආදී භෞතික නො වන දේ ද සංස්කෘතියට අයත් ය. දැනූම ද සංස්කෘතියෙහි කොටසකි. මේ සියල්ල එකට බැඳ තබනූ ලබන්නේ චින්තනයෙනි. චින්තනය යනූ හූදු සිතීම නො වේ. සංස්කෘතිය හා චින්තනය අතර ඇත්තේ ඉතා සියූම් සම්බන්ධයකි. චින්තනය යන්නට ඉංගිරිසි වචනයක් නැත. ඉංගිරිසියෙන් තෝටි යන්නෙන් කියැවෙන්නේ සිතීම මිස චින්තනය නො වේ.

අපට අපේ ම දේ නිර්මාණය කරගත හැකි ය. අප එසේ නිර්මාණය කරන්නේ චින්තනය මත පදනම් වී ය. එසේත් නැත හොත් අපට වෙනත් සංස්කෘතියක ඇති දෙයක්, එනම් වෙනත් අය විසින් නිර්මාණය කෙරී ඇති සමාජයීය ලකෂණයක් අපට අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගත හැකි ය. අපි දඹදිව නිර්මාණය වූ බෞද්ධ සංස්කෘතිය අපට අවශ්‍ය ආකාරයට අවශෝෂණය කර ගත්තෙමූ. ඇතැම් විට අපි අනෙක් සංස්කෘතීන්හි ලකෂණ අනූකරණය කරමූ. අද අපි බොහෝ විට බටහිර සංස්කෘතිය අනූකරණය කරමූ. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සංස්කෘතික යටත් විජිතවාදය ය. එසේත් නොමැති නම් බටහිර ක්‍රිස්තියානි යටත් විජිතවාදයෙහි සංස්කෘතික සංරචකය ය.

සංස්කෘතික යටත් විජිතවාදය බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ම ලකෂණයකි. සංස්කෘතික යටත් විජිතවාදයෙහි දී එක් ජනවර්ගයක සංස්කෘතියක් අනෙක් ජනවර්ගයක් මත බලයෙන් උපක්‍රමයෙන් හෝ වෙනත් අයූරකින් හෝ පැටවෙයි. එසේ පැටවෙන සංස්කෘතිය පැතිරවීම ද කෙරෙයි. එය එක් සංස්කෘතියක් වෙනත් සංස්කෘතියක ලකෂණයක් ස්වෙච්ජාවෙන් අවශෝෂණය කිරීමට වඩා වෙනස් ය.. බටහිරයන් යටත් විජිත සොයමින් ලෝ පූරා ගියේ ඔවූන් ගේ සංස්කෘතිය පැතිරවීමේ ද අභිලාෂයෙනි. එය යූදෙව් සංස්කෘතියෙන් බටහිරයන් ලබාගත්තකි. යූදෙව් චින්තනය බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය නිර්මාණයෙහි ලා දෑඩි බලපෑමක් කෙළේ ය. බටහිර සංස්කෘතික යටත් විජිතවාදය බටහිර රටවල ද ක්‍රියාත්මක විය. සංස්කෘතික යටත් විජිතවාදය ඇති වන්නේ වෙනත් මහාද්වීපයක සංස්කෘතියක් බලයෙන් පැටවීමේ දී පමණක් නො වේ. එක ම මහාද්වීපයේ රටවලට ද සංස්කෘතික යටත් විජිතවාදයේ බලපෑම වෙයි.

එයට හොඳ ම උදාහරණය එංගලන්තයේ යටත් ්විජිතවාදයට හසූ වූූ අයර්ලන්තය හා ස්කොටිලන්තය යන රටවල් ය. අයර්ලන්තය හා ස්කොටිලන්තය කතෝලික සංස්කෘතියට අයත් කතෝලික රටවල් විය. එහෙත් ඒ රටවල් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් බවට පත් විය. දකුණූ අයර්ලන්තයේ ආගම තවමත් කතෝලික වෙයි. එහෙත් සංස්කෘතියෙන් එරට වැසියෝ ද උතුරු අයර්ලන්තයේ වැසියන් ගෙන් බහූතරයක් මෙන් ම යූදෙව් ක්‍රිස්තියානි වෙති. ප්‍රංශය, ජර්මනිය යන රටවල ද තත්ත්වය එසේ ම ය.

එහෙත් එයට පෙර තිබූ බොහෝ යටත් විජිතවාදවල ඒ ලකෂණය දක්නට නො වී ය. උදාහරණයක් ලෙස චෝල අධිරාජ්‍යයට අනූරාධපූරය ටික කලකට යටත් වූ නමූත් හින්දු සංස්කෘතික යටත් විජිතවාදයක් මෙරට ක්‍රියාත්මක නො වී ය. එකල යටත් විජිතවාදවල තිබූණේ බොහෝ විට දේශපාලන සංරචක පමණකි. මෙරට සංස්කෘතිය චෝල හින්දු සංස්කෘතියෙන් වෙනස් විය. එහෙත් හින්දු සංස්කෘතිය මෙරට ප්‍රචලිත නො කෙරිණි. සිංහල බෞද්ධයන් හිින්දු සංස්කෘතියෙහි ඇතැම් දෑ අවශෝෂණය කරන්නට ඇත. එහෙත් එය සංස්කෘතික යටත් විජිතවාදයක ප්‍රතිඵලයක් නො ව ස්වෙච්ජාවෙන් කෙරුණක් විය. සංස්කෘතික යටත් විජිතවාදයක් ඇති වන්නේ අදාළ යටත් විජිතවාදයෙහි සංස්කෘතික සංරචකයක් ඇත්නම් මිස යටත් විජිතවාදී සංස්කෘතිය එක ම මහාද්වීපයේ ද, සමීප සංස්කෘතියක ද නැත් ද ආදී කරුණූ මත පදනම් වී නො වේ. බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යූදෙව් සංස්කෘතියෙන් ලබාගත් සංස්කෘතික සංරචකයක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි යටත් විජිතවාදය සංස්කෘතික යටත් විජිතවාදයක් ද වන්නේ එබැවිනි.

යම් අයූරකින් චෝල යටත් විජිතවාදයෙහි දේශපාලන සංරචකයට අමතරව සංස්කෘතික සංරචකයක් ද වී නම් විජයබා රජූට චෝල සංස්කෘතික යටත් විජිතවාදයට ද එරෙහි ව සටන් කිරීමට සිදු වීමට තිබූණි. ලෝකයේ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික සංරචක තිබි එක ම යටත් විජිතවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත් විජිතවාදය විය යූතු ය. අද මූළු ලෝකය ම ආර්ථික හා වෙනත් ප්‍රශ්නවලට මැදි වී තිබීමට ප්‍රධාන හේතුව මේ යූදෙව් ක්‍රිස්තියානි යටත් විජිතවාදය ය.

සංස්කෘතික යටත් විජිතවාදය විසින් ඉතා සියූම්ව ද ඇතැම් විට ආක්‍රමණශීලිව ද අප සංස්කෘතිය වෙනස් කෙරෙයි. ආක්‍රමණශීලීව කෙරුණූ වෙනස්කම් පිළිබඳව අපට යම් අවබෝධයක් වෙයි. එහෙත් එහි පවා ඉතිහාසයෙන් මැකී ගොස් ඇති දෑ අපට අමතක ය. ලන්දේසීන් මෙරටට එන විට මෙහි සිංහල වෙදකමක් තිබී ඇත. බූද්ධදාස රජතුමා සිංහල වෙදකමෙහි නියැළුණූ අයකු මිස ආයූර්වේද වෛද්‍යවරයෙක් නො වී ය. නිල වෙදකම සිංහල වෙදකමෙහි එක් අංගයක් පමණකි. ලන්දේසීන් මෙරට තිබූ පැළ වර්ගීකරණය එරටට ගෙන ගොස් ඒ ඔවූන් ගේ සංස්කෘතියට අවශෝෂණය කර ගත් හ. ලීනියාස් ගේ වර්ගීකරණය නමින් අද හැඳින්වෙන්නේ එලෙස ලන්දේසීන් විසින් අවශෝෂණය කෙරී සකස් කර ගන්නා ලද වර්ගීකරණය ය.

ලන්දේසීන් මේ දෑනූම අපෙන් ලබා ගත්තා පමණක් නො වේ. ඔවූහූ මෙරට තිබූ වෙදකම පිළිබඳ පොත් ද විනාශ කළ හ. අද සිංහල වෙදකම නමින් ඉතිරි වී ඇත්තේ පැරැණි වෙදකමෙන් පාරම්පරිකව රැකගත් අංග කිිහිපයක් පමණකි. ඇතැම් විට මෙරට තිබූ සංගීතය ද ඒ ආකාරයෙන් ම විනාශ කර දමන්නට ඇත. ගුත්තිලය ලියැවූණූ කාලයෙහි ද ගායනය, වාදනය හා නෘත්‍යය රැගත් සංගීතයක් තිබූ බව එහි ඇති ඇතැම් කවිවලින් පෙනී යයි. ඉතා ඈත අතීතයෙහි ද මෙරට සංගීත ශිල්පීන් සිටි බව ඉසූරුමූණියේ ඇති චිත්‍රවලින් හා කැටයම්වලින් පෙනී යයි.

අද ඇතැම් පඬියන් අපට සංගීතයක් තිබී නැත ආදී වශයෙන් කියන කතාවල සත්‍යතාවක් නැත්තේ ඉහත කී අයූරින් සංගීතය ගැන පොත්වලින් මෙන් ම ඓතිහාසික හා පූරා විද්‍යාත්මක සාකෂිවලින් ද හෙළි වන බැවිනි. ඇතැම් විට සංගීතය නැති කිරීම ද ලන්දේසීන් අතින් ම සිදු වන්නට ඇත. ඒ කුමක් වූවත් මෙරට සංස්කෘතිය වෙනස් කිරීමට පෘතුගීසීහූ හා ලන්දේසීහූ ක්‍රියා කළ හ. ඉංගිරිසීන් අපේ සංස්කෘතිය දැනූවත් ව වෙනස් කර ඇති ආකාරය පැහැදිලි ය.

බටහිර සංස්කෘතික යටත් විජිතවාදය, එනම් බටහිර සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ලන්දේසීන් හා ඉංගිරිසීන් විසින් ගොරහැඩිව ද සියූම්ව ද ක්‍රියාත්මක කරන ලදී. අප කුඩා රටක් බවත් අපට වෙදකම, සංගීතය, විද්‍යාව, ගණිතය ආදිය නොමැති බවත් පූන පූනා කියන ලදී. ඒ ඒ කාර්යයන්හි සූළු කොටස් පාරම්පරිකව රැකගෙන ආ පිරිස සමාජයෙන් කොන් කරන ලදී. ඔවූන් කුල වශයෙන් ගත් කල පහත් කරන ලද්දේ ඉංගිරිසීන් විසිනි. සමාජයෙහි වැදගත් තැනක් ලැබූණේ බටහිර වෘත්තීන්හි පූහූණූවක් ලැබූවනට හා බටහිර සිරිත් විරිත් කරපින්නා ගත්තවූනට ය. අපට හීනමානයක් ඇති කරන ලදී. අප කුඩා රටක් යැ යි කියමින් සංස්කෘතිකව යමක් නිර්මාණය කරගැනීමට නොහැකි බව ද අපට එත්තු ගන්වන ලදී.

සිංහල උගතාට වඩා ඉංගිරිසි උගතාට රටෙි ද වැදගත්කමක් හිමි කරනූ ලැබිණි. භිකෂූන් වහන්සේ සමාජයෙන් කොන් කර ආගමික වතාවත්වලට පමණක් සීමා කරන ලදී. ගොවිකම ඕනෑ ම අයකුට කළ හැකි දෙයක් ය යන අදහස රටෙි පැතිරවිණි. වෙළෙඳාම ඉගෙනීමක් ඇතිව අවබෝධයක් ඇති ව කළ යූත්තක් බවට සමාජයේ මතයක් ඇති කෙරුණේ බටහිර සංස්කෘතියෙහි වෙළෙඳාමට තිබූ තැන සිහගන්වමිනි. දැන වෙළෙඳාම් නො දැන ගොවිකම් වැනි පිරුළු සකස් කෙරුණේ අපේ ආකල්ප වෙනස් කිරීමට ය.

අපේ සංස්කෘතිය එලෙස බාල්දු කරද්දී අපට සිදු වූයේ අපට පෙනෙන්නට ඉතිරි ව තිබූ වැව හා දාගැබ ඔසවා තැබීමට ය. වෙදකමක්, ගොවිකමක්, ආර්ථිකයක්, සංගීතයක් නැති කල විට ජනතාවක් වැව හා දාගැබ තම වැදගත්කමේ සංකේත ලෙස භාවිත කළේ නම් එහි පූදුම වන්නට දෙයක් නැත. එහෙත් අපි එපමණින් නැවතී අපට වෙනත් කිසිවක් නැත යන මතයට හිස නැමූවෙමූ. වැව් දාගැබ් තැනූ ජනතාවක් කලාත්මක පිළිම වහන්සේ නෙළුෑ ජනතාවක් සංගීතයක් නිර්මාණය නො කර සිටී ද? වෙදකමක් නිර්මාණය නො කර සිටී ද? ආදී ප්‍රශ්න නො ඇසීමට අපේ උගතුන් ගේ මනස් සකස් කෙරී තිබූණි.

ඕල්කටිතුමා උගතුන්ට හා අනෙක් අයට සිංහල බෞද්ධ මනසක් වෙනූවට ජාත්‍යන්තර බෞද්ධ මනසක් ද ලබා දීමට දහ නව වැනි සියවස අගභාගයේ දී කටයූතු කෙළේ ය.

මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ අප වැරැදි මාවතක ගමනක් ඇරඹීම ය. විසිවැනි සියවසේ අපට නැවතත් නිදහස අවශ්‍ය වී තිබිණි. එහෙත් ඒ දිනා ගැනීම සඳහා අපට නායකයෝ නො සිටිය හ. එක් පැත්තකින් අපට ඉංගිරිසීන් විසින් ලබා දෙන ලද නායකයෝ වූ ූහ. ඔවූහූ ඉංගිරිසින් අනූකරණය කරමින් ඉන්දියාවට පිටින් යමින් සීමිත නිදහසක් වෙනූවෙන් පෙනී සිටිය හ. සටන් මඟින් නො ව පෙත්සම් මඟින් ඉංගිරිසීන් ගෙන් යම් දේශපාලන නිදහසක් (සංස්කෘතික හා ආර්ථික නිදහසක් නැති ව) දිනා ගැනීම ඔවූන් ගේ සීමිත අරමූණ විය.

අනෙක් පැත්තෙන් සිංහලයට ලැදි උගත්තු පිරිසක් ද මෙරට බිහි වූ හ. අවාසනාවකට සෘජූව දේශපාලන නිදහස දිනා ගැනීම ඔවූන් ගේ අභිලාෂය නො වී ය. ඔවූහූ සංස්කෘතික යටත් විජිතවාදයට එරෙහි ව ක්‍රියා කළ හ. (එය වක්‍රව දේශපාලන යටත් විජිතවාදයට ද එරෙහි ව කරන ලද සටනක් බව පිළිගත යූතු ය.) එහෙත් ඔවූන් ගේ මනස් ද මේ වන විට කුඩා කර තිබූණි. අපේ සංස්කෘතියක් වර්ධනය කිරීම යන්න ඔවූන් දුටූවේ ඉන්දියාවේ ආධාරයෙන් කළ යූතු එකක් ලෙස ය. ඔවූන් ද දැක්කේ වැව හා දාගැබ පමණකි. මෙරට වෙදකමක් සංගීතයක් ඇතැයි යන්න උපකල්පනය කිරීමට වත් ඔවූහූ මැළි වූ හ. ඔවූන් අපේ සංස්කෘතිය දුටූවේ ඉන්දියාවෙහි ය. දේශීය සංස්කෘතිය දියූණූ කිරීමට නම් පළමූව ඉන්දියාවට ගොස් ඒ කෙෂත්‍ර හැදෑරිය යූතු යැයි ඔවූහූ කල්පනා කළ හ. සංගීතය හා වෙදකම හැදෑරීමට දකෂ තරුණයෝ ඉන්දියාවට පිටත් කරනූ ලැබූ හ. ඒ තරුණයෝ ඉන්දියාවෙහි දී උත්තර භාරතීය සංගීතය හා ආයූර්වේදය හැදෑරූ හ.

මහාචාර්ය නලින් ද සිල්වා