චින්තනයේ හා සංස්කෘතියේ වැදගත්කම
මහාචාර්ය නලින් ද සිල්වා
දෑනූම් ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යම් දෑනූමක් මේ ලිපි පෙළ කියවන්නන්ට දෑන් ලැබී ඇතැයි සිතමි. බටහිර දෑනූම අප මත අධිපතිවාදී ආකාරයකින් පැටවීමේ දී යොදාගන්නා එක් කරුණක් වන්නේ බටහිර දෑනූම එක ම සත්‍ය දෑනූම බව ය. සත්‍ය දෑනූම යනූ බටහිර නිර්මාණය කෙරෙන බටහිර (ස්වාභාවික) විද්‍යාව හා ඒ පසූපස යන බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ය. අනෙක් දෑනූම් එක්කෝ ඊනියා සාම්ප්‍රදායික දෑනූම් යැයි නම් කෙරී බාල්දු කෙරෙයි. එසේත් නැතහොත් මිථ්‍යාවන් ලෙස ගැනෙයි.
බටහිර දෑනූම පමණක් සර්වකාලීන ලෝකයට ම පොදු දෑනූම ලෙස ඉදිරිපත් කෙරෙයි. අප කලින් ද සඳහන් කර ඇති පරිදි ඒ දෑනූම ඉදිරිපත් කෙරෙන්නේ ඊනියා වාස්තවික දැනූමක් ලෙස ය. ඒ නිරීකෂකයාගෙන් ස්වායත්ත දෑනූමක් යැයි ද ඉන් ඊනියා යථාර්ථය හෙළිවන්නේ යැයි ද බටහිරයෝ අපට කියා දෙති. යථාර්ථයක් හෙළිකරන ඊනියා වාස්තවික දෑනූමක් ලෙස එවිට ඒ දෑනූම ලෝකයට ම පොදු වෙයි. එහෙත් ඒ දෑනූම බටහිරයන්ට, එනම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිරයන්ට, සාපේකෂ වූ දෑනූමක් බව ඔවූහූ අපට නො කියති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයේ, යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දෑනූම මූළු ලෝකයට ම පොදු දෑනූමක් බව ලෝකයාට ම ඒත්තු ගන්වා ඇත්තේ බටහිර යටත්විජිතවාදය ඔස්සේ ය.
මෙහි දී ඇතැම් පඬියකු තම පඬි බව පෙන්වමින් බටහිර විද්‍යාත්මක දෑනූම සර්වකාලීන නො වේ යැයි ද ඒ කලින් කලට වෙනස්වන්නේ යැයි ද කියනූ ඇත. උදාහරණයක් ලෙස ආලෝකය ගමන් කිරීම පිළිබඳ නිව්ටන් ගේ ලවක ප්‍රවාදය (ඡඔරපඋසචඑලඋඅර ඨහඑඔරය)- පසූව තරංග ප්‍රවාදය (ීඅවඑ ඨහඑඔරය)- මඟින් විස්ථාපනය වූ ආකාරය ඔවූන් පෙන්වා දෙනූ ඇත. ඒ අර්ථයෙන් ගත් කල බටහිර ප්‍රවාද සර්වකාලීන නො වේ. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වෙනූවට අද ඇත්තේ අයින්ස්ටයින් ගේ සාධාරණ සාපේකෂතා ප්‍රවාදය ය. බටහිර දෑනූම සර්වකාලීන වන්නේ ඒ අර්ථයෙන් නො වන බව පැහැදිලි ය. ඒ ඒ ප්‍රවාද කාලය සීමිත වූවත් ප්‍රවාද එකට ගත්විට ඒ සෑම කාලයකට ම පොදු වෙයි. බටහිර දෑනූම සර්වකාලීන යැයි කියැවෙන විට ඒ ඒ ප්‍රවාදය නො ව සමස්ත දෑනූම ම එකට ගැනෙයි.
ඒ තවදුරටත් ඊනියා සාම්ප්‍රදායික දෑනූම (ඨරඅඩඉටඉඔනඅල ඛනඔතලඑඩගඑ)- සමඟ සංසන්දනය කිරීමෙන් දත හැකි ය. එහි දී සාමාන්‍යයෙන් පහත සඳහන් කරුණූ සාම්ප්‍රදායික දෑනූම සම්බන්ධයෙන් කියැවෙයි. සාම්ප්‍රදායික දෑනූම ලෙස ඉදිරිපත් කෙරෙන දෑනූම එක්තරා කාලයකට එක්තරා දේශයකට පමණක් සීමා වෙයි. බටහිරයන් පැමිණීමට පෙර ලංකාවේ පැවති දෑනූම එකල ලංකාවට පමණක් සීමා වෙයි. ඒ දෑනූම ලංකාවේ වූවත් අදට වලංගු දෑනූමක් නො වෙයි. සාම්ප්‍රදායික දෑනූම යල්පැනගිය දෑනූමක් වෙයි. බටහිර ඇතැම් ප්‍රවාදයක් යල්පැනගිය එකක් විය හැකි ය. එහෙත් බටහිර දෑනූම සමස්තයක් ලෙස යල්පැන නො යයි.
අද ඇතැම් විට ඊනියා සාම්ප්‍රදායික දෑනූම භාවිතා නොකරන්නේ දෑයි මෙහි දී ප්‍රශ්නයක් මතු විය හැකි ය. අපි උදාහරණයක් ලෙස භාවනාව ගනිමූ. අද බටහිරයෝ ද භාවනාව යොදා ගනිති. එහෙත් බටහිරයන් භාවනාව යොදා ගන්නේ බෞද්ධයන් මෙන් නිවන් දෑකීම මූල් කරගෙන හෝ වෛදිකයන් යෝග අභ්‍යාස කරන ආකාරයට බ්‍රහ්මන් සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් හෝ නො වෙයි. (බ්‍රහ්මන් සමඟ එකතු වීම යන්න ම අද්වෛත වේදාන්තයට අනූව වැරදි ය. අපි මෙහි දී එවැනි සියූම් තැන් පසෙකට දමමූ.) බටහිරයන්ට භාවනාව අවශ්‍ය වන්නේ මමත්වය වැඩි කර ගැනීමට මිස අඩූ කිරීමට හෝ නැති කිරීමට හෝ නො වෙයි.
අද බටහිරයන් අතර භාවනාව ඊනියා සාම්ප්‍රදායික දෑනූමකට අයත් වූවක් නො වෙයි. ඔවූන් දඹදිව, භාරතයේ (ඉන්දියාව, භාරතය, දඹදිව යනූ එක ම රටක් නො වේ.) බටහිරයන් ඊනියා සාම්ප්‍රදායික දෑනූමක තිබූ භාවනාව ඔවූන් ගේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඒ ඔවූන් ගේ දෑනූමක් බවට පත්කරගෙන ඇත. දෑන් භාවනාව, එනම් බටහිරයන් ගේ භාවනාව ලෝකයට ම පොදු වූවකි. බටහිරයන් විසින් ම ඇතිකරන ලද සමාජයීය වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස අද ඇති මානසික ආතති සමනය කිරීමට භාවනාව යොදා ගැනීම හා ආනාපානසතිය වැඩීම අතර ඇත්තේ කෙතරම් වෙනසක් ද?
මිථ්‍යා ලෙස සලකා ඉවත දෑමෙන දෑනූම ගැන අපි කතා නො කරමූ. මේ මිථ්‍යා යනූවෙන් හඳුන්වන්නේ ද මිනිසූන් විසින් යම් ප්‍රශ්නවලට දෙන ලද, එනම් නිර්මාණය කරන ලද පිළිතුරු වෙයි. ඒවාට යම්කිසි පදනමක් වෙයි. සිංහබාහූ කතාව මිථ්‍යාවක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත් සිංහබාහූ කතාව ද වෙනත් බටහිර විද්‍යා කතා මෙන් ම ප්‍රවාදයක් බව අපි කලෙකට ඉහත දී පෙන්වා දුන්නෙමූ. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද යම් ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් පමණක් වෙයි. අයින්ස්ටයින් පඬිවරයාගෙන් පසූව අවශ්‍ය නම් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ද මිථ්‍යාවක් යැයි කිව හැකි ය.
මේ ලිපි පෙළෙහි අරමූණ බටහිර දෑනූම යනූ තවත් එක් දෑනූමක් මිස එක ම දෑනූම නො වන බව පෙන්වා දීමත් විවිධ කෙෂත්‍රවල අපේ සංස්කෘතිය මත පදනම් ව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමත් ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පිළිබඳ ව ම අපේ ප්‍රවාදයක් වෙයි. ඒ ඇති වූණේ කෙසේ ද එහි පදනම කුමක් ද ආදිය අපි දෑනටමත් සාකච්ඡා කර ඇත්තෙමූ. මූළු මහත් බටහිර සමාජය ම අද බටහිර ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. ඒ චින්තනය පළමූවෙන් ඉතාලියේ නිර්මාණය වී පසූව උතුරු යූරෝපයට ගලා ගියේ ය. ඒ චින්තනය මත පදනම් ව යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බිහි විය. මේ චින්තනයෙහි හා සංස්කෘතියෙහි සමාජය (සමස්තය) වෙනූවට පූද්ගලයා ඉස්මතු වීම, පෞද්ගලික ඉන්ද්‍රිය පිනවීමට ඉඩකඩ සැපයීම හා අවශ්‍ය පසූබිම සකස්කිරීම, පෞද්ගලිකත්වය වර්ධනය කිරීම, පූද්ගලයන් එකිනෙකාගෙන් වෙන්කිරීම, ද්‍රව්‍ය ද අනෙක් ද්‍රව්‍යයන් ගෙන් වෙන්කිරීම, පූද්ගලයන් ද්‍රව්‍යයෙන්, විශේෂයෙන් ඉඩමෙන් වෙන්කිරීම, මනස හා ද්‍රව්‍ය වෙන්කිරීම, එසේ වෙන්කරන කාටීසීය තාප්පය, සංයූක්ත චින්තනය වෙනූවට වියූක්ත චින්තනය යොදා ගැනීම, සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත් ලෙස සැලකීම ආදිය වෙයි. මේ අතර යම් යම් ආකල්ප ද වෙයි.
බටහිර විද්‍යාව, රෙපරමාදු ප්‍රතිසංස්කරණය හා විවිධ ක්‍රිස්තියානි ආගම්, ධනපති ක්‍රමය ආදිය බිහිවූයේ මෙවැනි පසූබිමක ය. ස්වසිද්ධාත්මක විධි ක්‍රමය, ඌනිත වාදය ආදිය ද කලින් සඳහන් කළ ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵල වෙයි. ඒ චින්තනයෙහි න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය වෙයි. ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක් වෙයි. අපේ ප්‍රවාදවලට අනූව ආගමක් විසින් සංස්කෘතියක් බිහි කෙරෙනූ නො ව සංස්කෘතියක් විසින් ආගමක් බිහි කෙරෙයි. බටහිර රෙපරමාදු ප්‍රතිසංස්කරණය ඇති වී ක්‍රිස්තියානි සංස්කෘතියක් බිහි වූවා නො ව පහළොස්වැනි සියවසේ ඇරඹූණූ චිනාතන විප්ලවයක බිහි වූ සංස්කෘතියක් මඟින් ක්‍රිස්තියානි ආගම් ඇති කෙරිණි. මින් අදහස් කරන්නේ ආගම් ඇතිවීමෙන් පසූව ඒ ආගම් විසින් ඒ බිහි කෙරුණූ ලැබූ සංස්කෘතීන් වෙනස් නො කරනවා යන්න නො වේ.
එවැනි නිගමනයකට එළඹිය හැක්කේ රේඛීය චින්තනයක ය. ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි මූලක් ඇත. එවැනි චින්තනයක සංස්කෘතියකින් ඇති වන ආගමක් විසින් සංස්කෘතිය වෙනස් කෙරෙන්නේ යැයි නො කිව හැකි ය. එහෙත් සිංහල බෞද්ධ චින්තනය චකී්‍රය වෙයි. සංස්කෘතියක පැන නගින ආගමකට පසූව සංස්කෘතිය ද වෙනස් කළ හැකි ය. අපේ ප්‍රවාදවලට අනූව බූදු දහම බිහි වූයේ අර්ධ වෛදික සමාජයක එහෙත් ප්‍රාග් ආර්ය සංස්කෘතියක් පසූබිම් කරගනිමිනි. ලෞකික වශයෙන් ගත් කල බූදු දහමින් පහර වැදුනේ බමූණන්ට හා වෛදිකයන්ට ය. සිදුහත් කුමරු උපන්නේ ආර්ය සංස්කෘතික ආධිපත්‍යයට ක්‍රමයෙන් යට වීම ඇරඹූණූ අනාර්ය සමාජයක ය. එතුමා මූලික වශයෙන් පදනම් වූයේ අනාර්ය සංස්කෘතියක ය. (අනාර්ය යනූ ද්‍රවිඩ නො වන බව දෑනූම් උදෙසා අවධාරණය කළ යූතු ය.) අනාර්ය සංස්කෘතියක ඇති වූණූ බූදු දහම ඒ සමාජයට ද බලපෑම් කිරීමට සමත් විය.
අප කලින් ද සඳහන් කර ඇති ආකාරයට බූදුන් වහන්සේ එකල ආර්යයන් විසින් යොදා ගනූ ලැබූණූ ඇතැම් සංකල්පවලට වෙනත් අර්ථකථන දුන් හ. ආර්ය හා බ්‍රාහ්මණ යන පදවලට පවා උන්වහන්සේ වෙනත් අර්ථකථන දුන් හ. උන්වහන්සේට ආර්ය යනූ ගෝත්‍රික නාමයක් නො වී ය. උන්වහන්සේ ගේ ආර්යයෝ නිවන අපේකෂා කළ හ. ආර්යාෂ්ඨාංගික මාර්ගය නිවන සඳහා මිස ආර්ය ගෝත්‍රයෙහි සූබ විහරණය සඳහා නො වී ය. එමෙන් ම කිසිවකු උපතින් බමූණෙකු වන්නේ නැතැයි ද බූදුන් වහන්සේ වදාළ හ.
මෙයින් පැහැදිලි වන්නේ බූදුන් වහන්සේ ආර්ය වෛදික සමාජය උඩූ යටිකුරු කිිරීමට කටයූතු කළ බව ය. බූදුන් වහන්සේ තරම් ආර්යයන්ට සංස්කෘතික ව පහර දුන් වෙනත් කිසිවෙක් නො වූ හ. බූදු දහම අනාර්ය සංස්කෘතියෙහි උපත ලබා ඉන් පසූ ඒ අනාර්ය සමාජය හා සංස්කෘතිය පමණක් නො ව ආර්ය සංස්කෘතිය හා සමාජය ද වෙනස් කෙළේ ය. බිලි පූජා කළ වෛදිකයන් පසූ කලෙක අවිහිංසාව දෙසට යොමූ කරනූ ලැබූයේ බූදු දහම විසිනි. අප අපේ ප්‍රවාද නිර්මාණය කරන්නේ චක්‍රිය චින්තනයක ය. ් ං විසින් ඹ මත ද ඹ විසින් ඡ මත ද ඡ විසින් ං මත ද බලපෑම් ඇති කිරීම රේඛීය චින්තනයකට පටහැණි වූව ද චකී්‍රය චින්තනයකට පටහැනි නො වෙයි.
වත්මන් බටහිර සමාජය ආරම්භ වූයේ කෙසේ ද යන්නත් එහි අරමූණක් ලෙස තම සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය (ව්‍යූහ) අනෙක් රටවලට හා සමාජවලට බලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පැටවීමත් පිළිබඳ අපට අපේ ම වූ ප්‍රවාද ඇත. බටහිර යටත්විජිතවාදය පැතිර වීම බටහිර සංස්කෘතියේ අංගයක් පමණක් වෙයි. බටහිර සංස්කෘතික, ආර්ථික හා දේශපාලන යටත්විජිතවාදයේ මූල එතැන ය. කාල් මාක්ස් පඬිවරයා මේ සියල්ල ආර්ථිකයට ඌනනය කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහූ යටත්විජිතවාදයත් පසූකලෙක ලෙනින් පඩිවරයා අධිරාජ්‍යවාදයත් විස්තර කෙළේ ආර්ථික කරුණූ පදනම් කරගෙන ය.
එහෙත් සියල්ල ආර්ථිකයට ඌනනය කිරීම කළ හැක්කක් නො වේ. මාක්ස්වාදය රේඛීය චින්තනය මත පදනම් වෙයි. එහෙත් ඇතැම් අවස්ථාවක ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් කැඩීමට ද මාක්ස්වාදය විසින් උත්සාහ ගෙන ලැබ ඇත. ගී්‍රක යූදෙව් චින්තනයෙන් කැඩී යූරෝපීය සන්දර්භයෙහි මාක්ස් පඩිවරයාට යෑමට තිබූණේ එක් චින්තනයක් වෙත පමණකි. ඒ කතෝලික චින්තනයයි. මාක්ස්වාදය මෙන් ම ෆැසිස්ටිවාදය ද කතෝලික චින්තනය මත පදනම් වෙයි. යූරෝපීය සන්දර්භයෙහි ගී්‍රක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට අභියෝග එල්ල වූයේ කතෝලික චින්තනයෙන් පමණකි. එහෙත් ඒ චින්තනය පහළොස්වැනි සියවසේ සිට ම පරාජය ලබමින් තිබූණි. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්ස්වාදයත් ෆැසිස්ටිවාදයත් අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරාජය වීම පූදුමයක් නො වෙයි.
මහාචාර්ය නලින් ද සිල්වා