කාකෂික අතර ඉලෙක්ට්‍රෝන
මහාචාර්ය නලින් ද සිල්වා
කාලය හා ශක්තිය විෂයයෙහි අනිශ්චය මූලධර්මය පිහිටූම හා ගම්‍යතාව විෂයයෙහි අනිශ්චය මූලධර්මයට වඩා තේරුම් ගැනීම දුෂ්කර වෙයි. අංශුවක පිහිටූම නිශ්චිත ව දන්නේ නම්, එහි ගම්‍යතාව නොදනියි ලෙස අනිශ්චය මූලධර්මය දෙවැනි අවස්ථාවෙහි දී ප්‍රකාශ වෙයි. පළමූ අවස්ථාවෙහි දී අනිශ්චය මූලධර්මය ප්‍රකාශ වන්නේ අංශුවක් සම්බන්ධයෙන් කාලය දන්නේ නම්, එවිට එහි ශක්තිිය නොදනියි යනූවෙනි. අනෙක් අතට අංශුවෙහි ශක්තිය දන්නේ නම්, එහි කාලය නොදන්නේ යැ යි ඉන් කියැවෙයි.
මෙය තරමක් බැරෑරුම් අදහසක්, නැත්නම් තරමක් නූහූරු අදහසක් බැවින් එය තවදුරටත් සංකච්ඡා කළ යූතු ය. අංශුවෙහි ශක්තිය යන්න නම් බොහෝ දෙනාට නිව්ටෝනීය අංශු සම්බන්ධයෙන් ද හූූරු සංකල්පයකි. එහෙත් මේ ශක්තිය කිසි විටෙකත් කර්ම ශක්තිය සමඟ පටලවා නොගත යූතු ය. අංශුවක ශක්තිය යනූ ශක්ති සංස්ථිති නියමය සපූරාලන, මැන ගත හැකි ගුනාර්ථයකි. එහෙත් කර්ම ශක්තිය යනූ මැන ගත හැකි ශක්තියක් හෝ ශක්ති සංස්ථිති නියමය සපූරාලන ශක්තියක් හෝ නොවේ. බටහිර විද්‍යාව අතනින් මෙතනින් කටගා ගත් ඇතැම් භිකෂූන් වහන්සේ ද කර්ම ශක්තිය භෞතික ශක්තියක් ලෙස සලකා ඒ ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම කණගාටූදායක ය. ඉලෙක්ට්‍රෝනයක් වැනි ක්වොන්ටම් අංශුවක ශක්තිය මැන ගත් පසූ එයට ඒ අදාළ ශක්තිය වෙයි.
පරමාණූවක නිශ්චිත කාකෂිකයක වූ ඉලෙක්ට්‍රෝනයකට ද ඒ කාකෂිකයට අදාළ ශක්තිය වෙයි. එහි දී ශක්තිය මනින්නේ කවූ දෑ යි යමකුට අතුරු ප්‍රශ්නයක් ඇසිය හැකි ය. ක්වොන්ටම් යාන්ත්‍රිකයෙහි මැනීම යන්නෙන් අදහස් කරන්නේ අංශුවක් යම් අන්තර්ක්‍රියාවකට භාජනය කිරීමකි. නිරීකෂකයකුට, බොහෝ විට බටහිර විද්‍යාඥයකුට, අංශුවක යම් ගුණයක් මැනීමට අවශ්‍ය වූ විට යම් උපකරණයක් සමඟ ගැටීමට සලස්වනූ ලැබෙයි. එවිට අංශුව යම් අන්තර්ක්‍රියාවකට භාජනය වෙයි. උපකරණය අදාළ ගුණය මැනීමට සකස් කර ඇත්නම්, අන්තර්ක්‍රියවෙහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට අදාළ ගුණය සම්බන්ධයෙන් වූ යම් අගයක් ලැබෙයි. නිරීකෂකයන් නැතිව වූව ද අංශු වෙනත් අංශු හෝ වස්තුු හෝ සමඟ ගැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට යම් ගුණයකට අදාළ අගයක් ලැබෙයි. ගැටූමට පෙර අංශුවට ඒ අගය තබා ගුණයවත් නැත. අංශුවට අදාළ ගුණය හා අගය ලැබෙන්නේ ගැටූමෙහි ප්‍රතිඵලයක් ලෙස ය.
එහෙත් මෙහි දී කිවයූත්තක් වෙයි. මේ ගුණය හා අගය නිරීකෂණකයකු නැතිව අංශුවට ලැබෙන්නේ යැ යි නොසිතිය යූතු ය. අංශුවෙහි ගුණය හා අගය යනූවෙන් අප කතා කරන දෙය නිරීකෂකයා ගේ නිර්මාණයකි. නිරීකෂකයා නොමැතිව ගැටූම සිදු වන්නේ නම්, ඒ ගුණය හා අගය නිරීකෂකයා ගේ නිර්මාණයක් වන්නේ කෙසේ දෑ යි යමකුට කුතුහලයක් ඇති විය හැකි ය. ගැටූම නිරිකෂකයා සැලසූම් කළ අවස්ථාවක දී අංශුවට අදාළ ගුණය හා එහි අගය ලබා දෙන්නේ නිරීකෂකයා යැ යි පිළිගන්නා අයකුට වූව ද නිරිකෂකයා නැතිව සිදු වන ගැටූම්වල දී ද ගුණය හා අගය නිරිකෂකයා ගේ නිර්මාණයක් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇති වීම සාධාරණ ය. මෙහි දී අවධාරණය කළ යූතු වන්නේ මේ අවස්ථාව නිව්ටෝනීය භෞතිකයට ද යම් ආකාරයකින් පොදු බව ය.
නිව්ටෝනීය හෙවත් කාමාවචර ලෝකයෙහි පෙල් ගෙඩියක් වැටීම යන සංසිද්ධිය ගනිමූ. නිරිකෂකයන් ඇතත් නැතත් පොල් ගෙඩි වැටෙනූ ඇතැ යි භෞතිකවාදියකු (ද්‍රව්‍යවාදියකු) කියනූ ඇත. එහෙත් එය එසේ නොවේ. පොල් ගෙඩිය වැටීම පොල් ගෙඩිය වැටීමක් බවට පත් වන්නේ නිරීකෂකයකුට ය. කුරුල්ලකුට අප පොල් ගෙඩිය යැ යි කියන්න පිලිබඳ ව ඇති විය හැක්කේ කිනම් සංකල්පයක් ද? අප පොල් ගෙඩිය යැ යි කියන්න කුරුල්ලකු ද ඒ අයූරින් ම වෙන් කර ගන්නේ ද? නැතහොත් කුරුල්ලා එහි දී වෙන් කර ගන්නේ පොල් ගෙඩිය යැ යි අප විසින් හැඳින්වෙන්නෙහි යම් කොටසක් ද? නැතහොත් එයට වැඩි දෙයක් ද?
පොල් ගෙඩිය වැටෙන විට මිනිස් නිරීකෂකයන් සිටියත් තැනත් පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න හෝ නිරීකෂකයන් ඇති වීමට පෙර පොල් ගෙඩි වැටී ඇතැ යි යන්න හෝ මිනිසූන් පොළොවෙන් තුරන් වී ගිය දිනයක වූව ද පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න හෝ මඟින් නිරීකෂකයකු ගෙන් තොරව පොල් ගෙඩි වැටෙන්නේ යැ යි නිගමනය නොවේ. නිරීකෂකයන් හිටියත් නැතත් අප ව්‍යවහාර කරන අරුතින් පොල් ගෙඩිය යැ යි කිියන්න වැටෙන්නේ යැ යි කී සැනින් ඉන් ගම්‍ය වන්නේ අප යම් සංසිද්ධියක් අපට සාපේකෂ අයූරින් විස්තර කරන බව ය. අප සංසිද්ධිය නැරඹූව ද නැත ද ඒ විස්තර කිරීමේ දී යොදා ගන්නේ අපේ සංකල්ප නම්, ඒ සංසිද්ධිය අප විසින් විස්තර කෙරෙන්නේ අපට සාපේකෂ අයූරින් ය. අප ඇතත් නැතත් පොල් ගෙඩි වැටෙන්නේ අපට මිස කුරුල්ලන්ට නොවේ. කුරුල්ලන්ට අඩූ ම තරමින් යමක් වැටෙන්නේ ද කියාවත් අපි නොදනිමූ. උන්ට පොල් ගෙඩි නම් තිබිය නොහැකි ය.
අපේ සංකල්ප සියල්ල අපේ නිර්මාණ වෙයි. මහා පිපූරුම යන්න ද අපේ, අපේ කෙසේ වෙතත් බටහිරයන් ගේ, නිර්මාණයකි. විශ්වය, ආරම්භය ආදිය ද මිනිසා විසින් නිර්මාණය කෙරුණූ සංකල්ප වෙයි. ඊනියා විශ්වයේ ආරම්භය වන අවස්ථාවේ දී මිනිසූන් නොසිටිය ද, මහා පිපිරුමක් ගැන කියන්නේ මිනිසූන් ය. වඩාත් නිශ්චිත ව කිවහොත් බටහිර යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිනිස්සූ එසේ ප්‍රකාශ කරති. විශ්වයක් හෝ එහි ආරම්භයක් ගැන හෝ කුරුල්ලෝ සිතත් ද? මහා පිපිරුම යූදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ගොඩනැගුණූ සංකල්පයක් පමණකි.
නිව්ටෝනීය අංශු සම්බන්ධයෙන් පමණක් නොව ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් ද කිවහැක්කේ එවැන්නකිි. නිරීකෂකයන් හිටියත් නැතත් නිරීකෂකයන් හිටියත් නැතත් නිරීකෂකයන් ගේ සංකල්ප හා ප්‍රවාද යම් සංසිද්ධියක් සම්බන්ධයෙන් යොදා ගැනෙන්නේ නම් ඒ සංධිද්ධිය නිරිකෂකයන්ට සාපේකෂ වෙයි. මිනිසූන් ඇතත් නැතත් ඉලෙක්ට්‍රෝන එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ යැ යි ගැනෙන්නේ වත්මන් බටහිර මිනිසා, භෞතික විද්‍යාඥයා ම විසින් මිස ඇස්කිමෝවරුන් විසින් නොවේ. එලෙස පැනීම බටහිර විද්‍යාවේ සංකල්පයකි. කාකෂිකයක ශක්තිය යන්නෙන් අදහස් කරන්නේ එහි වූ ඉලෙක්ට්‍රෝනයක ශක්තිය, එනම් බටහිර මිනිසා විසින් තනනූ ලැබ ඇති පද්ධතියෙහි ඇති ශක්තිය ය. යම් කාකෂිකයකට ඉලෙක්ට්‍රෝනයක් පැනීමේ දී ඉලෙක්ට්‍රෝනය එක්කෝ ශක්තිය අවශෝෂණය කර ගනියි. නැත්නම් ශක්තිය මූදා හරියි. ඒ කුමක් වූව ද ශක්තිය පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ද බටහිර භෞතික විද්‍යාවේ සංකල්පයකි.
දෑන් මේ සංකල්ප යොදා ගනිමින් කාකෂිකයක වූ ඉලෙක්ට්‍රෝනයක් ගැන සාකච්ඡා කරමූ. කාකෂිකය නිශ්චිත බැවින් කාකෂිකයෙහි ශක්තිය ද නිශ්චිත වෙයි. එවිට අනිශ්චය මූලධර්මය මෙහි දී කියන්නේ ඉලෙක්ට්‍රෝනය සම්බන්ධයෙන් ගත් කල කාලය මැනිය නොහැකි බව ය. මෙහි දි කාලය මිනිය නොහැකි ය. යන්නෙන් අදහස් කරන්නේ ඉලෙක්ට්‍රෝනයෙහි කාලය යන්නට නිශ්චිත අගයක් දිය නොහැකි ය යන්න ය. අඩූ ම තරමින් එවැනි අවස්ථාවක දී ඉලෙක්ට්‍රෝනයෙහි කාලය සම්බන්ධයෙන් සංකල්පයක් හෝ නැත. ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ගම්‍යතාවයක් ඇති විට එයට නිශ්චිත පිහිටූමක් නැතිවාක් මෙන් ම එයට දෑන් නිශ්චිත කාලයක් ද නැත. එබැවින් "ඉලෙක්ට්‍රෝනයට මේ අවස්ථාවේ දී මේ ගුණය ඇත" ආදී වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි ය. එයට හේතුව ඉලෙක්ට්‍රෝනයට යම් අවස්ථාවක් යනූවෙන් කීමට අවස්ථාවක්, එනම් මොහොතක් (කාලයක්) නොමැති වීම ය.
හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මයට අනූව ගම්‍යතාව නිශ්චිතව ම මැන ගැනීමට හැකි නම් පමණක් පිහිටූම දෑන ගත නොහැකි ය. එහෙත් සාමාන්‍යයෙන් ගම්‍යතාව නිශ්චිතව ම නොමැනෙයි. එහි ප්‍රතිඵලය වන්නේ, පිහිටූම යම් පරාසයක් තුළ තිබීම ය. ඉලෙක්ට්‍රෝනය කාකෂිකයක ඇතැ යි කියනූ ලබන්නේ එබැවිනි. ඉලෙක්ට්‍රෝනයේ ගම්‍යතාව නිශ්චිතව ම මැන ගැනෙන්නේ නම්, එය මූළු අවකාශය පූරා ම, එනම් විශ්වය පූරා ම පැවතිය යූතු ය. කාලය හා ශක්තිය සම්බන්ධයෙන් ද එබඳු දෙයක් සිදු වෙයි. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නිශ්චිතව ම නොමැනෙයි. එය, ඉතා කුඩා වූවත් යම් පරාසයක් තුළ ඇත. එහි ප්‍රතිඵලය වනූයේ ඉලෙක්ට්‍රෝනයේ කාලය ද යම් පරාසයක් තුළ පැවතීම ය. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය දන්නා විට එහි කාල පරාසය ශක්ති පරාසයට වඩා විශාල යැ යි කිව හැකි ය. ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නිශ්චිතව ම මැනෙන්නේ නම්, එවිට එහි කාල පරාසය අනන්තයක් වෙයි. වෙනත් වවනවලින් කියන්නේ නම්, එවිට ඉලෙක්ට්‍රෝනය විශ්වයේ මූළු ජීවිත කාලය පූරා ම පවතියිි.
ඉලෙක්ට්‍රෝනයක් පරමාණූවක එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට මාරු වීමේ දී, එනම් පැනීමේ දී, පෙතක් නැතැ යි යන්න අපට දෑන් තවත් ආකාරයකට සාකච්ඡා කළ හැකි ය. ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන් එහි පිහිටූම යම් අවකාශ පරාසයක් තුළ ඇති බව කියැවෙයි. එමෙන් ම එය කාකෂිකයක ඇත්තේ ද යම් කාල පරාසයක් තුළ ය. ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන්, අනෙක් අතට, එයට යම් ශක්තියක් හා ගම්‍යතාවක් ඇතැ යි යන්න ද කියැවෙයි. ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ යම් අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ය. මේ අන්තර්ක්‍රියාව සමහර විට ෆෝටෝනයක් (විකිරණ) අවශෝෂණය කිරීම විය හැකි ය. එසේත් නැතහොත්, ෆෝටෝනයක් මූදාහැරීම විය හැකි ය. අන්තර්ක්‍රියාවක් යනූ යම් ආකාරයක මැනීමක් ද වෙයි. ඒ අන්තර්ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝනයේ ගුණ ද වෙනස් වෙයි.
විකිරණයක ඇති ශක්තිය අවශෝෂණය කර ගන්නා ඉලෙක්ට්‍රෝනයට පසූව එයට වඩා වැඩි ශක්තියක් ලැබෙයි. එහෙත් ප්‍රශ්නය වනූයේ, මේ පසූව යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න ය. එය කාලය තුළ කෙරෙන්නක් ද? ඉලෙක්ට්‍රෝනය යම් කාකෂිකයක ඇත්නම් එයට කාලයක් නැත. එමෙන් ම එයට අවකාශයේ පිහිටූමක් ද නැත. අපට කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනයක් යම් කාකෂිකයක ඇතැ යි යන්නෙන් එය ඉතා කුඩා අවකාශ පරාසයක හා ඉතා කුඩා කාල පරාසයක යම් නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් ඇතැ යි යන්නෙන් එය ඉතා කුඩා අවකාශ පරාසයක හා ඉතා කුඩා කාල පරාසයක යම් නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව ඇති බව ගම්‍ය වන බව ය. ඉලෙක්ට්‍රෝනය යම් අවස්ථාවක ඇත. ෆෝටෝනයක් සමඟ සිදු වන අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝනය වෙනත් අවස්ථාවකට මාරු වෙයි. ප්‍රශ්නය වනූයේ මේ අවස්ථා අතර ඉලෙක්ට්‍රෝනයට වෙනත් අවස්ථාවක් ඇත් ද යන්න ය. මෙය එතරම් ගැඹූරින් සාකච්ඡා වී ඇති ප්‍රශ්නයක් නොවේ. සාමාන්‍ය සම්මතය අනූව නම්, ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට මාරු වීමේ දී අතරමැදි අවස්ථාවල නොපිහිටයි. ඇතැමූන් පූනරුත්පත්තිය ද මේ අයූරින් විස්තර කරනූ දෑකිය හැකි ය. ඔවූන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නාක් මෙන්, සත්ත්වයා ද එක් භවයක සිට තවත් භවයකට මාරු වන බව ය. ඔවූන්ට අනූව, මේ උපමාව මඟින් පූනරුත්පත්තිය තහවූරු වෙයි. උපමා මඟින් කිසිවක් තහවූරු නොවන බව මොවූන් නොදෑනීම මේ රටෙි අභාග්‍යයකි.
මහාචාර්ය නලින් ද සිල්වා