ඉලෙක්ට්‍රෝන පැනීම හා පූනබ්භවය
මහාචාර්ය නලින් ද සිල්වා
කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයක් වෙනත් කාකෂිකකට පැනීම සමග පූනරුත්පත්තිය සන්සන්දනය කිරීම තරම් මූග්ධ ක්‍රියාවක් පසූගිය වසර කිහිපය තුළ සිදු වී නැත. වර්තමානයේ දී දෑනට දසක කිහිපයකට පෙර සිදු වූ ආකාරයට බටහිර විද්‍යාව බූදු දහම සමඟ සන්සන්දනය කිරීමට කැසකවන ගිහියෝ ද භිකෂූන් වහන්සේ ද වෙති. බූදු දහම බටහිර විද්‍යාව සමඟ සන්සන්දනය කිරීමේ භයානකකම නැවතත් සඳහන් කිරීම එතරම් යෝග්‍ය වූවක් නොවෙයි. ඒ පිළිබඳ ව විස්තර අවශ්‍ය ප්‍රමාණයට කෙරී ඇති බව පමණක් මෙහි ලා සඳහන් කළ යූතු ය.
පරමාණූවක ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක තිබී වෙනත් කාකෂිකයකට පැනීම කෙසේ වෙන්නේ දෑ යි නිශ්චිත ව දන්නා කෙනෙක් නැත. එය පෙතක නො සිදු වන බව නම් පැහැදිලි ය. එහෙත් ප්‍රශ්නයක් වනූයේ එක් කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයක් ගැන අප එතරම් දෙයක් තොරතුරු වශයෙන් පවා නොදෑන සිටීම ය. එවැනි ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්තියක් හා නිශ්චිත ගම්‍යතාවක් වෙයි. එලෙස නිශ්චිත ශක්තියක් හා නිශ්චිත ගම්‍යතාවක් ඇති ඉලෙක්ට්‍රෝනය යම්කිසි අවස්ථාවක පසූ වෙයි. දෑන් ඉලෙක්ට්‍රෝනයට යම් නිශ්චිත ශක්තියක් ඇති විකිරණයක් අවශෝෂණය කෙරෙයි. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝනය වෙනත් කාකෂිකයකට පනියි. එලෙස පැනීමෙන් පසූව ඉලෙක්ට්‍රෝනය වෙනත් අවස්ථාවකට මාරු වෙයි.
එහෙත් මෙහි දී තරමක ප්‍රශ්නයක් උද්ගත වෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව, අංශුවක (උදාහරණයකට ඉලෙක්ට්‍රෝනයක) යම් අවස්ථාවක් නිරූපණය කෙරෙන්නේ හිල්බටි අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයක දෛශිකයක් මගිනි. ඒ ඒ අවස්ථාව නිරූපණය කෙරෙන ඒ ඒ දෛශික ඇත. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක ඇති විට එක් දෛශිකයක් මඟින් ද, වෙනත් කාකෂිකයක ඇති විට වෙනත් දෛශිකයක් මඟින් ද ඒ නිරූපණය වෙයි. එහෙත් ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව, ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය දන්නා විට, එනම් ඉලෙක්ට්‍රෝනය නිශ්චිත ශක්ති අගයක් ගන්නා විට, නැවතත් එහි ශක්තිය මැන්නොත් ලැබෙන්නේ එයට ඒ වන විට ද ඇති ශක්තිය ම ය. වෙනත් වචනවලින් කිවහොත්, ශක්තිය දන්නා ඉලෙක්ට්‍රෝනයක ශක්තිය මැනීමෙන් එහි ශක්තිය වෙනස් විය නොහැකි ය.
ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක ඇති විට එහි ශක්තිය දන්නෙමූ. වෙනත් කාකෂිකයක ඇති විට ද අප දන්නේ එහි ශක්තිය වෙයි. එනම් අපි ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය ඒ අවස්ථා දෙකේ දී ම දෑන ගන්නෙමූ. එහෙත් මෙසේ වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඉලෙක්ට්‍රෝනයේ යම් අවස්ථාවක ශක්තිය දන්නේ නම් හා අතරමැදි අවස්ථාවක් නොමැතිව නැවතත් අප දෑන ගන්නේ එහි ශක්තිය නම් අපට දෑන ගැනීමට ලැබිය යූූත්තේ, ඉලෙක්ට්‍රෝනයට කලින් තිබූ ශක්තිය ම ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය නොවෙනස් ව පැවතිය යූතු ය. එහෙත් ඉලෙක්ට්‍රෝනය වෙනත් කාකෂිකයකට පනිනවා පමණක් නොව එයට වෙනත් ශක්ති අගයක් ද හිමි වෙයි.
මෙය තේරුම්ගත හැකි එක් ක්‍රමයක් නම්, ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින විට අතුරු අවස්ථාවක ඇතැ යි යනූවෙන් ගැනීම ය. එවිට ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක යම් ශක්තියක් ඇතිව තිබී වෙනත් ශක්තියක් සහිත වෙනත් කාකෂිකයකට පැනීමට පෙර අතුරු අවස්ථාවක තිබෙයි. මේ අතුරු අවස්ථාවෙහි ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ශක්තියක් නැත. එමෙන් ම එයට නිශ්චිත ගම්‍යතාවක් ද නැත. එහෙත් ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත කාලයක් වේ ද? එමෙන් ම එයට නිශ්චිත පිහිටූමක් වේ ද? මේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු කවරෙ ද?
ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත කාලයක් හා නිශ්චිත පිහිටූමක් තිබේ නම්, ඉන් කියැවෙන්නේ ඉලෙක්ට්‍රෝනයට යම් නිශ්චිත කාලයක දී යම් නිශ්චිත පිහිටූමක් ඇති බව ය. එවිට ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයකින් තවත් කාකෂිකයකට පනින්නට පෙර එයට කාලයක් මෙන් ම පිහිටූමක් ඇත්තේ ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙයි. එය එසේ දෑ යි නිසැකයෙන් ම කිව හැකි නොවේ. එහෙත් මෙහි ප්‍රශ්නයක් ඇත. ඉලෙක්ට්‍රෝනය එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පනින්නේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් වෙයි. ඉලෙක්ට්‍රොනයට එක් ශක්ති අවස්ථාවක සිට වෙනත් ශක්ති අවස්ථාවකට යෑමේ දී අතරමැදි කාලය (හා පිහිටූම) සහිත අවස්ථාවකට යෑමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය මෙහි දී වැදගත් වෙයි.
යම්කිසි අයූරකින් එය සිදු වන්නේ නම්, ථෙරවාදී පූනරුත්පත්තිය ගැන කරන සාදෘශ්‍යය (analogy)- බිඳ වැටෙයි. මේ සාදෘශ්‍යයෙන් කියැවෙන්නේ සත්ත්වයා භවයෙන් භවයට පූනබ්භව ලැබීම ඉලෙක්ට්‍රෝන කාකෂිකයකින් කාකෂිකයකට පැනීම වැනි ක්‍රියාවක් බව ය. මෙහි දී මතක තබා ගත යූත්තක් නම්, මෙය පූනරුත්පත්තිය හෝ පූනබ්භවය තේරුම් කර දීමක් නොව හූදු සාදෘශ්‍යයක් සැපයීමක් පමණක් බව ය. මෙය පූනබ්භවය සඳහා ප්‍රවාදයක් නොවෙයි. මෙයින් පූනබ්භවය යන්න තහවූරු නොවෙයි. පූනබ්භවය අභිඥා ලත් අය ගේ ප්‍රත්‍යකෂයක් වෙයි. කර්මවාදය යන්න පූනබ්භවය තේරුම් ගැනීමට අති ප්‍රවාදයකි. ඒ ප්‍රවාදය භාරතීය වෛදික බ්‍රහ්මණයන් ගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය.
මෙහි දී ඒක කරුණක් පැහැදිලි කළ යූතු වෙයි. කර්මය යන්න ප්‍රවාදයක් ය යන්න ඇතැමූන්ට එතරම් ගෝචර වන්නක් නොවෙයි. කර්මය පමණක් නොව ඉලෙක්ට්‍රෝන කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීම හා පූනබ්භවය ආදී දැ ද මිනිසූන් ගේ නිර්මාණ වෙයි. පූනබ්භවය පවා ඒ අයූරින් මිනිසූන් විසින් ග්‍රහණය කර ගනූ ලබන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය. අප පූටූව, පූටූවක් ලෙස සලකන්නේ ද අපේ අවිද්‍යාව නිසා ය. ඒ අවිද්‍යාව නොමැති වන්නට අප පූටූ නොව නිවන් අවබෝධ කර ගත යූතු ය. පූටූව, ඉකේට්‍රෝනය ආදීය අපේ සංකල්ප පමණකි. ඉලෙක්ට්‍රෝන කාකෂිකයකින් කාකෂිකයකට පැනීම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රවාදවලින් හා පොල් ගෙඩි වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් කර දීම සඳහා ප්‍රවාදයක් වෙයි. ඒ සඳහා, එනම් පූනබ්භවය තේරුම් කර දීම සඳහා යම් කිසිවකු වෙනත් ප්‍රවාදයක් නිර්මාණය කරන්නේ නම්, ඒ නව ප්‍රවාදයෙන් කර්මවාදය ප්‍රතිකෙෂ්ප කෙරෙයි. පූනබ්භවය තේරුම් ගැනීමේ දී කර්මවාදයේ මේ මේ අඩූපාඩූ ඇතැ යි පෙන්වා නව ප්‍රවාදයෙන් ඒ අඩූපාඩූ නැති කර ගැනෙන අයූරු එහි දී තේරුම් කර දීමට සිදු වෙයි.
පූනබ්භවය තෙරුම්කර දීම සඳහා චිත්ත වෙනස් වීම ඉලෙක්ට්‍රෝන පැනීමට සම්බන්ධ කිරීම එවැනි නව ප්‍රවාදයක් නොවෙයි. වැඩිම වූවහොත්, ඒ යාන්ත්‍ර උපක්‍රමයක් (mechanism)- පමණකි. චූති චින්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීමට උපමා කිරීම පූනබ්භවය තේරුම් කර දීමට කිසිසේත් ම ප්‍රමාණවත් නොවෙයි. චූති චින්තය නැති වී පටිසන්ධි චින්තය ඇති වීම හා වෙනත් ඕනෑ ම චින්තයක් නැති වී තවත් චින්තයක් ඇති වීම අතර වෙනසක් නැත. ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීම චූති චින්තය නැති වී පටිසන්ධි චින්තය ඇති වීම "තේරුම්කර දීමට" යොදා ගන්නා ආකාරයට වෙනත් ඕනෑ ම චිත්තයක් නැති වී තවත් චින්තයක් ඇති වීම "තේරුම් කර දීමට" ද යොදාගත හැකි විය යූතු ය. එයින් අදහස් කරන්නේ ඒ සාදෘශ්‍ය නිවැරැදි බව නොවෙයි. චිත්ත නැති වීම හා ඇති වීම එක් අවස්ථාවක දී තේරුම් කර දෙන ආකාරය වෙනස් අවස්ථාවක දී ඒ තේරුම් කර දෙන ආකාරයෙන් වෙනස් විය නොහැකි ය.
පූනබ්භවය අවස්ථාවේ දී චිත්ත නැති වීම හා ඇති වීම වෙනස් ආකාරයකින් දකින්නට උත්සාහ කරන්නන් එසේ කරන්නේ වෙනත් අවස්ථාවක දී මෙන් නොව, ඒ අවස්ථාවේ දී ශරීර කූඩූව වෙනස් වන බැවිනි. වෙනත් අවස්ථාවක දී චිත්ත නැති වී ඇති වීම ශරීර කුඩූව ඇතිව ම සිදු වෙයි. මරණයේ දී සිදු වන්නේ ශරීර කූඩූව නැති වී එක්කෝ වෙනත් ශරීර කුඩූවක් ඇති වීමට මඟ පැදීම ය. නැතහොත් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක රූපයක් නැතිව ම උත්පත්තිය ලැබීම ය. ශරීර කූඩූව නැති වූ නිසා ම චිත්ත නැති වන ඇති වන පිළිවෙළේ වෙනසක් සිදු විය නො හැකි වෙයි.
එහෙත් මෙහි දී යමකුට කිවහැකි වෙනත් කරුණක් වෙයි. මරණයට පෙර ශරීර කූඩූව තිබිය දී චිත්ත නැති වී චිත්ත ඇති වීම සිදු වන්නේ එක ම ස්ථානයක දී බවත්, පූනබ්භවයක් ලබන විට එක් තැනක දි නැති වන චිත්තය වෙනූවට වෙනත් තැනක චිත්තයක් ඇති වන බවත් ය. මේ වෙනස ඉලෙක්ට්‍රෝන කාකෂික පැනීමේ උපමාවෙන් "තේරුම් කර දීමට" හැකි බවත් එහි දී කියැවෙනූ ඇත. ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක තිබී වෙනත් කාකෂිකයකට පැනීම නිව්ටෝනීය භෞතික විද්‍යාව ඇසූරෙන් තේරුම් ගැනීමට නොහැකි ය. ඒ පැනීම සිදු වන්නේ නිව්ටෝනීය අවකාශයක නොවේ යැ යි කෙනකුට තර්ක කළ හැකි ය. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් කියැවෙන අවකාශය නිව්ටෝනීය අවකාශය නොවේ. මෙතැන තිබූ ඉලෙක්ට්‍රෝනය එතැන තිබෙන ඉලෙක්ට්‍රෝනයක් බවට පෙතකින් තොරව ම පත් වන්නේ කෙසේ ද යන්න නිව්ටෝනීය භෞතික විද්‍යාවට තේරුම් කර දිය හැකි නො වෙයි.
මෙතැන ඇති චිත්තය නැති වී එතැන ඇති චිත්තයක් බවට පත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසීමට පළමූ විසදාගත යූත්තක් වෙයි. මෙතැන ඇති චිත්තය යනූවෙන් අදහස් කරන්නේ කුමක් ද? ඉලෙක්ට්‍රෝනයකට පරමාණූවක් තුළ යම් කාකෂිකයක් වෙයි. යම් නිශ්චිත පිහිටූමක් නැති වූව ද ඉලෙක්ට්‍රෝනයක කාකෂිකයක් ගැන ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි දී කතා කළ හැකි ය. එහෙත් චිත්තයක් යනූ කුමක් ද? එය පිහිටි තැනක් වෙයි ද? අපි චින්තය ශරීර කුඩූව තුළ ඇතැ යි සිතමූ. එය කෙතෙක් නිවැරැදි ද? චින්ත ඇති වන්නේ මොළය ඇසූරෙන් ද, නැත්නම් හදවත ඇසූරෙන් ද, එසේත් නැත්නම් වෙනත් ඉන්ද්‍රිියයක් අසූරෙන් ද? එසේත් නැතහොත් චිත්තය ඇති වීමෙහි දී ඉන්ද්‍රිිය කිහිපයක් හෝ සියල්ල ම හෝ සහභාගී වන්නේ ද? අපට ශරීරයේ යම් තැනකට වේදනාවක් ඇති වූ විට ඒ හා සම්බන්ධ චින්තය ශරීරයේ ඒ අදාළ තැන සමඟ සම්බන්ධ වී ඇති වන්නේ ද?
චින්තයක් යනූ ඉලෙක්ට්‍රෝනයක් තරමට හෝ අවකාශගත කළ හැකි වූවක් නොවේ. ඉලෙක්ට්‍රෝනය පරමාණූවක් තුළ කාකෂිකයක ඇතැ යි කියනූ ලැබෙයි. පරමාණූවෙන් පිට වූ ඉලෙක්ට්‍රෝනයක් ගැන කුමක් කිව හැකි ද? එහි ගම්‍යතාව හා ශක්තිය දන්නේ නම්, එවිට ඉලෙක්ට්‍රෝනයකට වූව ද නිශ්චිත පිහිටීමක් නැත. යමකුට කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනය අවකාශයේ යම් තැනක අසරෙහි (neighbourhood)- තිබීමට යම් සම්භාවිතාවක් ඇති බව පමණ ය. භෞතික වූ ඉලෙක්ට්‍රෝනය ද හැසිරෙන්නේ ඒ අයූරෙන් ය. එසේ නම් අරූපික වූ චිත්තයක් ගැන කිව හැක්කේ කුමක් ද?
මහාචාර්ය නලින් ද සිල්වා