චිත්ත හා චිත්තකෂණ
මහාචාර්ය නලින් ද සිල්වා
කාලය හා අවකාශය සම්බන්ධයෙන් සමමිතියක් පැවතීම අනිවාර්ය නො වෙයි. අයින්ස්ටයිනීය සාපේකෂතාවාදයෙහි වූව ද ඒ සම්බන්ධයෙන් දෘඪ සමමිතියක් නැත. එසේ වූව ද යම් නිරිකෂකයකු ගේ අවකාශ ප්‍රාන්තරයක් තවත් නිරීකෂකයකු ගේ කාල ප්‍රාන්තරයක් විය හැකි ය. අපි අවකාශයෙහි A නම් නිරීකෂකයකුට සාපේකෂව චලනය වන C නම් අංශූවක් ගනිමූ. අංශූව A ට සාපේකෂ ව චලනය වූව ද අංශුවට සාපේකෂව එය ඇත්තේ නිශ්චලතාවයෙහි ය. අංශුවට සාපේකෂ ව අංශුවේ අවකාශ ප්‍රාන්තරය සෑම විටෙක ම ශුන්‍ය වෙයි. අංශූවට සාපේකෂ ව ගත් කල අංශූවේ වෙනස් වන්නේ කාලය පමණකි. එහෙත් A ට සාපේකෂ ව අංශුවෙහි කාලය පමණක් නොව අවකාශයෙහි එයට ඇති දුර ද වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සාපේකෂතා වාදයට අනූව මේ අවකාශ ප්‍රාන්තර හා කාල ප්‍රාන්තර අතර යම් සම්බන්ධයක් වෙයි. අවකාශ ප්‍රාන්තරයෙහි වර්ගය හා කාල ප්‍රාන්තරයෙහි වර්ගය එකක් අනෙකෙන් අඩූ කිරීමෙන් අවකාශ කාල ප්‍රාන්තරය නමින් හැඳින්වෙන්න ලැබෙයි. එසේ අවකාශ-කාල ප්‍රාන්තරය ගණනය කිරීමේ දී එකක් අනකෙන් අඩූ කිරිමට සිදු වීමෙන් පෙන්නූම් කෙරෙන්නේ අවකාශය හා කාලය සම්බන්ධයෙන් දෘඪ සමමිතියක් නොතිබෙන බව ය. එවැනි දෘඪ සමමිතියක් තිබිණි නම් අපට ඒ වර්ග එකතු කිරීමට සිදු වනූ ඇත.
එවැනි දෘඪ සමමිතියක් නොතිබිණි ද, යම්කිසි නිරීකෂකයකුට සාපේකෂ ව C හි අවකාශ ප්‍රාන්තර වෙනත් නිරීකෂකයකුට සාපේකෂ ව කාල ප්‍රාන්තර වීම ඔස්සේ ප්‍රකාශ වන යම් සමමිතියක් කාලයට හා අවකාශයට වෙයි. බටහිර භෞතික විද්‍යාවේ කියැවෙන මේ සමමිතිය එහි ම ඇතැම් අවස්ථාවල උල්ලංඝනය වන බව පෙනී යයි. කලින් සඳහන් කළ පරිදි වස්තුවකට යම් ප්‍රදේශයක දිගින් දිගට ම තිබිය හැකි මූත්, එක විට ප්‍රදේශ කිහිපයක තිබිය නොහැකි ය. එහෙත් මේ අසමමිතිය විසඳන ක්‍රමයක් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ වස්තුවේ ඊනියා පැවැත්ම ම ප්‍රතිකෙෂ්ප කිරීමෙන් ය.
අපි නැවතත් ප්‍රශ්නයේ මූලට ම යමූ. යම් වස්තුවක් පවතින්නේ යැ යි අප කියන්නේ ඇයි? අප එලෙස වස්තුවක් පවතින්නේ යැ යි ගන්නේ ඇයි? එයට හේතුව වස්තුවේ වෙනස් නොවන යමක් ගැන අපේ මනසට දෑනෙන බැවින් ය. එහෙත් මනස යනූ විශ්වාස කළ හැකි ඉන්ද්‍රියක් නො වෙයි. අනෙක් අතට අපට යමක් නො වෙනස් ව පවතින බව දෑනෙන්නේ කාලයෙහි ය. කාලය යනූවෙන් දෙයක් ඇත් ද යනූ තවත් ප්‍රශ්නයකි.
ඉලෙක්ට්‍රෝනයක් වැනි අංශුවක් එක් කෂණයක දී ඇති වී නැති වී යන්නේ යැ යි සිතන්න. එමෙන් ම නැති වන ඉලෙක්ට්‍රෝනය වෙනූවට වෙනත් ඉලෙක්ට්‍රෝනයක් ද ඇති වන්නේ යැ යි ද නැති වන ඉලෙක්ට්‍රෝනයේ ගුණ පසූව ඇති වන ඉලෙක්ට්‍රෝනයට ලබා දෙන්නේ යැ යි ද සිතන්න. එවිට දෙවැනි ඉලෙක්ට්‍රෝනය පළමූ වැනි ඉලෙක්ට්‍රෝනයෙන් වෙනස් යැ යි අපි නොසිතමූ. අප සිතන්නේ පළමූ ඉලෙක්ට්‍රෝනය ම දිගින් දිගට ම පවතින බව ය. මෙහි දී වැදගත් වන තවත් කරුණක් වෙයි. එනම් අප ඉලෙක්ට්‍රෝනයක් යනූවෙන් අංශුවක් යම් කෂණයක හෝ ගන්නේ ඇයි ද යන්න හා ඉලෙක්ට්‍රෝනය යනූවෙන් අංශුවක් එලෙස කෂණයක හෝ පවතින්නේ ද යන්න ය. එමෙන් ම ඉලෙක්ට්‍රෝනය පවතින්නේ යැ යි ගතහොත් එය එක් ලකෂ්‍යයකට පමණක් සීමා විය යූතු ද යන ප්‍රශ්නය ද වෙයි.
මෙහි දී පළමූවෙන් ම කිව යූතු කරුණ වනූයේ ඉලෙක්ට්‍රෝනය හෝ වෙනත් යමක් හෝ පවතින්නේ මනසට සාපේකෂ ව බව ය. මනසින් තොර ව, මනසෙන් ස්වායත්ත ව යමක් පවතින බව මනසින් තොර ව පෙන්වා දිය නොහැකි ය. ඉලෙක්ට්‍රෝනයක් හෝ වෙනත් අංශුවක් හෝ වස්තුවක් පවතින බව පෙන්වා දීමට කරන උත්සාහයක මනස විසින් නිර්මාණය කෙරී ඇති නොයෙකුත් සංකල්ප යොදා ගැනීමට සිදු වෙයි. අප තවත් අයකුට යමක් තේරුම් කර දීමේ දී වචන යොදා ගනිමූ. මේ වචන පිටූපස ඇත්තේ සංකල්ප ය. වචන නොමැති ව චිත්‍රයක් හෝ සංගීත ඛණ්ඩයක් මඟින් යමකුට යමක් සන්නිවේදනය කළ ද ඒ චිත්‍රය හෝ සංගීත ඛණ්ඩය ද සංකල්පයක හෝ සංකල්පවල හෝ ප්‍රතිඵල වෙයි. එපමණක් නොවෙයි. අපි අපට ම යමක් තේරුම් කර දීමේ දී ද සංකල්ප යොදා ගනිමූ. ඒ සියලු සංකල්ප නිර්මාණ වෙයි. එනම් මනසෙහි නිර්මාණ වෙයි. සංකල්ප සංස්කරණය කිරීම ම මනසෙහි කාර්යය වෙයි. මනස යන සංකල්පය ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. වැඩි විස්තර සඳහා "මගේ ලෝකය" පොත කියවන්න.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අනවබෝධය හේතුවෙන් අපි දෑනූම සංස්කරණය කරමූ. ඉලෙක්ට්‍රෝනය යන්න ද අපේ මනස විසින් නිර්මාණය කෙරෙන්නක් වෙයි. අප විසින් ඉලෙක්ට්‍රෝනය හෝ වෙනත් යමක් තේරුම් ගනූ ලැබීමේ දී අපි දෑනූම නිර්මාණය කරන්නෙමූ. එලෙස යම් වස්තුවක් පවතින්නේ යැ යි ගැනීම ද තේරුම් ගැනීමක් හා නිර්මාණයක් වෙයි. ඉලෙක්ට්‍රෝනය සඳහා මෙහි මතු දෑක්වෙන ආකෘතිය ද නිර්මාණයක් වෙයි. දෑනූම නිර්මාණයේ දී සිදු වන ප්‍රධාන දෙයක් නම්, එලෙස නිර්මාණය කෙරෙන දෑනූම නිර්මාණය කෙරී ඇති අනෙක් දෑනූම් සමඟ හැකිතාක් පරස්පරවලින් තොර ව සංගත ව නිර්මාණය කෙරීම ය.
අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක්, කාල ප්‍රාන්තරයක් වෙයි. මෙයින් කියැවෙන්නේ කාලය යනූවෙන් යමක් පවතින බව හා අපට ඉන් ඉතා කුඩා ම කොටසක් මනසින් ග්‍රහණය කර ගත හැකි ය යන්න නොවෙයි. කාලය යන සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ය. පූටූව වැනි සංකල්පයක් මනස හා අනෙක් ඉන්ද්‍රියවල එකතුවෙන් නිර්මාණය කෙරුණ ද කාලය යන්න අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරයක් නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයකි. කාලය යනූ පඤ්ඤාත්තියක් යැ යි අභිධර්මයෙහි ධම්මසංගණියට බූද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද අටූවාව වූ අත්ථසාලිනියෙහි සඳහන් වෙයි. ඒ ගුරු කොට ගෙන අනෙක් ඉන්ද්‍රියන් ගේ ආධාරයක් නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පවලට අපි පඤ්ඤ්ත්තීන් යැ යි කියමූ.
අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වේය යන්නෙහි තේරුම නම් මනසට නිර්මාණය කළ හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වේය යන්න ය. එයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ගැන මනසට සිතිය නො හැකි වෙයි. මනසට එයට වඩා කුඩා කාල පරිච්ඡේදයක් ග්‍රහණය කිරීමට නො හැකි ය. සිංහල ථෙරවාද බූද්ධාගමෙහි චිත්තකෂණය යනූවෙන් හැඳින්වෙන්නේ මේ කුඩා ම කාල පරිච්ඡේදය යැ යි සිතමි. මේ චිත්තකෂණය යනූ චිත්තයක් ඇති වී, පැවැතී, භංග වීමට ගත වන කාල පරිච්ඡේදය වෙයි. චිත්තකෂණයක් තුළ චිත්තයක් ඇති වී නැති වී යන්නේ ය යන්නෙහි තේරුම චිත්තයක් ඒ කෂණය තුළ නොවෙනස් ව පවතින්නේ ය යන්න නො වෙයි. චිත්තයක් ඇති වන්නේ ය යන්න ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. චිත්ත ද මනසේ ම නිර්මාණ වෙයි.
මනස විසින් නිර්මාණය කෙරෙන මේ චිත්තය ද වෙනස් වෙයි. එය චිත්තකෂණයක ඇති වී වෙනස් වී නැති වෙයි. භංග වන්නේ ඇති වූ චිත්ත නොවෙයි. ඒ එක් අතකින් ගත් කල වෙනස් චිත්තයකි. එහෙත් එලෙස වෙනස් චිත්තයක් ලෙස ගැනීමට නම්, මූල් චිත්තය ඒ දෙවනූව ඇති වූ චිත්තයට කලින් නැති විය යූතු ය. එනම් චිත්තකෂණයට ද කුඩා කාල පරිච්ඡේදයක් මනසට ගත හැකි විය යූතු ය. ඒ කුඩා කාල පරිච්ඡේදය තුළ ඇති වී නැති වන චිත්තය ද වෙනස් වෙයි. එවිට ඒ චිත්තය සම්බන්ධයෙන් ද කලින් කී දේ කීමට හැකි විය යූතු ය. එනම්, ඒ චිත්තය ද එයටත් කුඩා කාලයක දී නැති විය යූතු ය යන්න ය. මෙලෙස චිත්ත පවතින කාල පරිච්ඡේද කුඩා කරමින් තව තවත් කුඩා කාල පරිච්ඡේද නිර්මාණය කිරීමට මනසට හැකි විය යූතු ය. මෙහි කෙළවරක් නොතිබිය හැකි ය. එහි තේරුම නම්, මනසට ශුන්‍ය වූ කාල පරිච්ඡේදයක් ද නිර්මාණය කළ හැකි බව ය. එහෙත් එවැනි කාල පරිච්ඡේදයක දී චිත්තයක් ඇති වී නැති වීම ම අර්ථ ශුන්‍ය ප්‍රකාශයක් වෙයි. අනෙක් අතට එවැනි කෂණයක් නිර්මාණය කිරීමට ද මනස අපොහොසත් වෙයි.
මේ සියලු කරුණූවලින් පෙනී යන්නේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් ගැන අපට සඳහන් කළ හැකි බවත්, ඒ කෂණය චිත්තකෂණය ලෙස නම් කළ හැකි බවත් ය. මේ චිත්තකෂණය යන්න ද මනසෙහි නිර්මාණයක් බව අමතක නොකළ යූතු ය. චිත්තකෂණයක ඇති වී වෙනස් වී නැති වී යන්නේ චිත්තයක් යැ යි අපි කියමූ. මේ මනසින් අනිත්‍ය තේරුම් ගැනීමට යෑමේ දී හමූවන සීමාව ය. අනිත්‍ය මනසින් තේරුම් ගත හැකි නො වෙයි. චිත්තකෂණයක දී චිත්තයක් පවතින්නේ යැ යි කීව ද එය නිවැරැදි නොවන්නේ ඒ කෂණයෙහි චිත්තය වෙනස් වන බැවිනි. මෙවැනි අවස්ථාවල දී අපට චතුස්කෝටික න්‍යාය පිහිට වෙයි. අපට කිව හැක්කේ චිත්තකෂණයක චිත්තය පවතින බව මෙන් ම නොපවතින බව ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් චිත්තය චිත්තකෂණයෙහි වෙනස්වන බව ය.
ඉහත සඳහන් කරුණූ එක් වර තේරුම් ගත හැකි යැ යි නො සිතමි. එබැවින් ඒ නැවත සාරාංශයක් ලෙස ඉදිරිපත් කෙරෙයි. අපේ මනසට ගත හැකි කුඩා ම කාල පරිච්ඡේදයක් වෙයි. ඒ කාල පරිච්ඡේදයට චිත්තකෂණයක් යැ යි කියනූ ලැබෙයි. ඒ චිත්තකෂණය යන්න ද මනසෙහි ම නිර්මාණයක් වෙයි. මේ කාල පරිච්ඡේදයෙහි ඇති වී වෙනස් වී නැති වන චිත්තයක් අපි නිර්මාණය කරමූ. ඒ චිත්තය නැති වීමෙන් පසූ වෙනත් චිත්තයක් උපදින්නේ යැ යි අපි කියමූ. චිත්ත මෙන් ම චිත්තකෂණ ද අපේ නිර්මාණ වෙයි.
දෑන් ප්‍රශ්නය වනූයේ මනස යනූ කුමක් ද යන්න ය. චිත්ත හා චිත්තකෂණ මනසෙහි නිර්මාණ වේ යැ යි සඳහන් කෙරුවෙමූ. එසේ නම් ඉන් කියැවෙන්නේ අනෙක් සියල්ල නිර්මාණය කරන මනස නමින් වූ යම් කිසිවක් පවතින බව ද? එයට පිළිතුර නැත යන්න ය. මනස ද මනසෙහි නිර්මාණයකි! එසේ නම් මනස විසින් මනස නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? ඒ සඳහා ද ප්‍රවාදයක් අවශ්‍ය වෙයි.
එහෙත් එයට පළමූව කිව යූත්තක් වෙයි. චිත්තකෂණය හා ඒ සමඟ බැදුණූ රූපකෂණ යන්න ථෙරවාදී අභිධර්මයෙහි සඳහන් සංකල්ප වෙයි. ඒ සංකල්ප නිර්මාණය කළෝ ථෙරවාදී භිකෂූන් වහන්සේ ය. මෙහි දී කිව යූතු වැදගත් ම කරුණ නම්, මේ සම්බන්ධයෙන් සිංහල භිකෂූන් වහන්සේ ගේ දායකත්වය ය. අපේ මහාවිහාරික භිකෂූන් වහන්සේ විසින් නිර්මාණය කෙරි ඇති දෑනූම අනූව රූපකෂණයක් හා චිත්තකෂණයක් අතර සම්බන්ධයක් වෙයි. සිංහල ථෙරවාදී භිකෂූන් වහන්සේ එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ දෑ යි අපි නොදනිමූ. එසේ වූවත් එවැනි දෑනූමක් ලෝකයේ වෙනත් කිසිම තැනක සඳහන් නොවන බව මේ පිළිබඳ කරුණූ හදාරා ඇති උගතුන් ගේ මතය වෙයි. ථෙරවාදයේ වෙනත් රටක හෝ මහායානයේ, තන්ත්‍රයානයේ හෝ වෙනත් කිසිම තැනක හෝ නොමැති මේ දෑනූමෙන් ප්‍රකාශ වනූයේ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණශීලීත්වය ය.
මහාචාර්ය නලින් ද සිල්වා