නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

යා දෙක නොරත රත

මහාචාර්ය නලින් ද සිල්වා

ඉලෙක්ට්‍රෝන කාකෂීකයකින් වෙනත් කාකෂීකයකට පැනීම සහ චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම සන්සන්දනය කර සාදෘශ්‍යයක් ගැන කතා කිරිමෙන්, සාදෘශ්‍ය නිවැරැදි වූවත්, පූනබ්භවය තේරුම් ගත හැකි නොවෙයි. කලින් සඳහන් කෙරී ඇති ආකාරයට, චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති විම ඉලෙක්ට්‍රෝන කාකෂීක මාරු කිරීම සමඟ සන්සන්දනය කළ හැකි නම්, වෙනත් චිත්තයක් නැති වී තවත් චිත්තයක් ඇති වීම ද ඉලෙක්ට්‍රෝනයක් කාකෂිකයකින් තවත් කාකෂිකයකට මාරු වීම ද ඒ අයූරින් ම සන්සන්දනය කළ හැකි ය. යමකු එසේ නොකරන්නේ නම්, එයට හේතුව සාමාන්‍ය අවස්ථාවක චිත්තයක් වෙනූවට තවත් චිත්තයක් ඇති වීම එක ම තැනක සිදු වන බවත්, චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වන්නේ අවකාශයේ වෙනත් තැනක බවත්, උපකල්පනය කිරීම ය. චිත්තයක් යන්න එක ලකෂ්‍යයක ඇති වන දෙයක් නොව මූළු ශරීරය පූරාමත් ඇති වන අරූපාවචර වූවක් බව කලින් සඳහන් කෙරී ඇත.

එයටත් වඩා මේ පූනබ්භවය සඳහා සාදෘශ්‍ය පෙන්වන්නන් අමතක කරන තවත් වැදගත් කරුණක් වෙයි. ඒ සාමාන්‍ය අවස්ථාවල පවා චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් එක ම තැනක නූපදින බව ය. ඔවූන් ගේ උපකල්පනය අනූව, චූති චිත්තය නැති වන්නේ එක් තැනක ය. පටිසන්ධි චිත්තය ඇති වන්නේ වෙනත් දුරින් පිහිටි තැනක ය. එහෙත් සාමාන්‍යයෙන් චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන්නේ එක ම තැනක ය. එහෙත් සාදෘශ්‍යකරුවන් ගේ අවාසනාවට එය එසේ නොවේ. එසේ වීමට නම්, චිත්ත ඇති වන්නේ යැ යි කියන ශරීර කුඩූව අවකාශයේ එක ම ලකෂ්‍යයක පිහිටිය යූතු ය. ශරීර කූඩූව එසේ නිශ්චලව අවකාශයේ එක ම තැනක පිහිටි දෙයක් නොවේ. ශරීර කුඩූව පෘථිවිය මත ඇති බැවින් ම එය පෘථිවියත් සමඟ චලිතයෙහි යෙදෙයි. පෘථිවිය තම අකෂය වටා පරිභ්‍රමණය වෙමින් සූර්යයා වටා යයි. එයට අමතර ව සූර්යයා ද චලනය වෙයි. සූර්යයා ද පිහිටා ඇති අපේ මන්දාකිණිය ද නිශ්චලව පවත්නා වස්තුවක් නොවෙයි. මේ සියල්ල මදිවාට මෙන් විශ්වය ද ප්‍රසාරණය වෙයි.

මෙයින් පැහැදිලි වන්නේ ශරීර කුඩූව එක් තැනක නිශ්චල ව නොපවතින බව ය. එය ද, සංකීර්ණ චලිතයක යෙදෙයි. එසේ නම් ශරීර කුඩූව තුළ චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන්නේ එක ම තැනක නොවේ. චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වන විට ශරීරය ද සූළු වශයෙන් හෝ දුරක් ගමන් කරයි. එසේ නම්, අලුත් චිත්තය ඇති වන්නේ පැරැණි චිත්තය ඇති වූ තැන ම නොවෙයි. එහෙත් මෙහි දී යමකු පවසනූ ඇත්තේ එලෙස ශරීර කූඩූව ගමන් කරන්නේ ඉතා කුඩා දුරක් බව ය. එපමණක් නොව ඒ කෙටි දුර ශරීර කූඩූව ගමන් කරන්නේ සන්තතික ව බව ද අප ප්‍රශ්න විචාරකයා අපට මතක් කර දෙනූ ඇත.

මෙය හූදු උපකල්පනයක් පමණි. ඒ උපකල්පනය කරන්නෝ පෘථිවියට ඇත්තේ සන්තතික චලිතයක් පමණක් යැ යි සිතති. ශරීර කූඩූව සමඟ සිදු වන පොළොවේ චලිතය සන්තතික නොවිය හැකි දෑ යි ඔවූන් ගෙන් ප්‍රශ්න කළහොත් ඔවූන් කුමක් කියාවි ද? අනෙක් අතට ශරීර කුඩූව සන්තතික චලනයක යෙදුණ ද, චිත්තයක් නැති වී තවත් චිත්තයක් ඇති වීම සන්තතික ව සිදු වන බවක් ඔවූන් දන්නේ කෙසේ ද?

එයට අමතර ව මේ ඊනියා සාදෘශ්‍යයෙන් පැන නගින තවත් වැදගත් ප්‍රශ්න ගණනාවක් ම තිබෙයි. ඉලෙක්ට්‍රෝන, කාකෂීකයකින් තවත් කාකෂිකයකට පනින්නේ යැ යි කීමේ දී උපකල්පනය කෙරෙන්නක් නම්, එක ම ඉලෙක්ට්‍රෝනය කෙසේ හෝ වෙනත් කාකෂිකයකට පනින බව ය. එක් කාකෂිකයකින් චූත වන ඉලෙක්ට්‍රෝනය ම වෙනත් කාකෂිකයකට පනින්නේ යැ යි කියනූ ලැබෙයි. එහෙත් චිත්ත ගැන කිව හැක්කේ කුමක් ද? පූනබ්භවය සිදු වන අවස්ථාවේ දී නොව සාමනා්‍ය අවස්ථාවක දී පවා චිත්තයක් නැති වී වෙනත් චිත්තයක් ඇති වෙයි. එක ම චිත්තය වෙනත් ආකාරයකින් ඇති වන්නේ යැ යි නොකියැවෙයි. සිංහල ථෙරවාද බෞද්ධයනට අනූව චිත්තයක් ඉපදී ඉතා සූළු කාලයක් පැවතී නැති වී යයි. ඒ පවත්නා සූළු කාලය තුළ දී පවා චිත්තය වෙනස් වෙයි. වෙනස් නොවී සූළු කාලයක් හෝ පවතින්නක් නැත. කාලය යන සංකල්පය ම අවශ්‍ය වී ඇත්තේ සියල්ල වෙනස් වන බැවිනි. කිසිවක් වෙනස් නොවන ලෝකයක කාලය යනූවෙන් සංකල්පයක් අවශ්‍ය නොවෙයි.

ඉපිද සූළු කාලයක් (වෙනස් වෙමින්) පවතින චිත්තය නැති වෙයි. (භංග වෙයි.) ඒ චිත්තය නැති වනවාත් සමඟ ම වෙනත් චිත්තයක් ඇති වෙයි. එසේ අලුතින් ඇති වන්නේ වෙනත් ම චිත්තයක් මිස කලින් තිබූ චිත්තය නොවෙයි. පටිසන්ධි චිත්තය චූති චිත්තයෙන් වෙනස වනූ පමණක් නොව වෙනත් චිත්තයක් ද එයට කලින් තිබූ චිත්තයෙන් මෙන් ම පසූව ඇති වන චිත්තයෙන් ද වෙනස් වෙයි. එවිට චිත්තයක් එක් තැනක සිට තවත් තැනකට යෑම යන ප්‍රශ්නය පැන නොනගියි. එයට හේතුව එසේ තවත් තැනකට සංතතික ව හෝ අසංතතික ව යන චිත්තයක් නොමැති බැවිනි. මෙය ඉතා වැදගත් කරුණක් වන බැවින් ඒ පිිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යූතු වෙයි.

අපි පළමූව බටහිර භෞතික විද්‍යාවෙහි කියැවෙන ඉලෙක්ට්‍රෝනයට නැවතත් යමූ. බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ඉලෙක්ට්‍රෝනයක් පරමාණූවක් තුළ යම් කාකෂිකයක වෙයි. මේ ඉලෙක්ට්‍රෝනය එක්කෝ බාහිරින් ලැබෙන විකිරණ මඟින් ශක්තිය අවශෝෂණය කර එය පවතින කාකෂිකයට වඩා ඉහළ කාකෂිකයකට පනියි. නැත්නම් යම් ශක්තියක් විකිරණ මඟින් මූදා හැර පවතින කාකෂිකයට වඩා පහළ කාකෂිකයට පනියි. මෙහි දී වැදගත් වන්නේ එක ම ඉලෙක්ට්‍රෝනයක් ඉහළ කාකෂිකයකට පනින බව ය. නැත්නම් එක ම ඉලෙක්ට්‍රෝනයක් පහළ කාකෂිකයකට පනින බව ය.

ඉලෙක්ට්‍රෝනයක් යම් කාකෂිකයක ඇති විට අවශෝෂණය කරන ශක්තිය හෝ මූදා හැරෙන ශක්තිය හේතු කොටගෙන වෙනත් ඉලෙක්ට්‍රෝනයක් ඇති නොවන්නේ දෑ යි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ඒ එසේ නොවෙයි. ශක්තිය අවශෝෂණය කිරිමෙන් හෝ ශක්තිය මූදා හැරීමෙන් හෝ පසූව පවතින්නේ ද කලින් තිබූ ඉලෙක්ට්‍රෝනය ම ය. එහි දී සිදු වන්නේ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වීම නොව තිබූ ඉලෙක්ට්‍රෝනයේ ම ශක්තිය එක්කෝ වැඩි වීම ය. නැත්නම්, ශක්තිය අඩූ වීම ය. ඉලෙක්ට්‍රෝනයක ශක්තිය අඩූ වීම හෝ වැඩි වීම හේතුවෙන් අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ යැ යි බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාව නොකියයි.

බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි කියැවෙන්න (උපකල්පනය කෙරෙන්න) කෙසේ වෙතත් ශක්තිය වැඩි වීම හෝ අඩූ වීම හෝ නිසා අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති විණි යැ යි සිතමූ. දෑන් ප්‍රශ්නය වනූයේ එසේ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ කොතැනක ද යන්න ය. අලුත් ඉලෙක්ට්‍රෝනය මූල් කාකෂිකයෙහි ම ඇති වී එසේ ඇති වූ ඉලෙක්ට්‍රෝනය ඉහළ හෝ පහළ කාකෂිකයකට පනින්නේ ද, එසේත් නැත්නම් පැරැණි ඉලෙක්ට්‍රෝනය ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම සමඟ අනෙක් කාකෂිකයට පැනීමත් සමඟ අලුත් ඉලෙක්ට්‍රෝනයක් ඇති වන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම්, වැඩි වූ හෝ අඩූ වූ හෝ ශක්තිය මූල් ඉලෙක්ට්‍රෝනයට ද ඇත් ද?

මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි අසා ඇතැ යි මම නොසිතමි. එයට හේතුව ආත්මවාදීන් වූ බටහිර භෞතික විද්‍යාඥයන්ට (සිංහල ථෙරවාදී බෞද්ධ යැ යි කියන්නකු වූව ද සව්ඥානික ව කටයූතු නොකරන්නේ නම් බටහිර භෞතික විද්‍යාඥයකු ලෙස ක්‍රියා කරන්නේ ආත්මවාදියකු ලෙස ය.) එවැනි ප්‍රශ්නයක් ඇසීමට තරම් සංස්කෘතික පසූබිමක් නොවීම ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට යමක් ද්‍රව්‍යමය වශයෙන් (substantially)- පවතියි. එය ශක්තිය වැඩි කර ගනූ විය හැකි ය. එසේත් නැත්නම් අඩූ කර ගනූ විය හැකි ය. එහෙත් ඒ නිසා එහි ද්‍රව්‍යමය තත්ත්වයෙහි වෙනසක් සිදු නොවෙයි. එබැවින් බටහිර භෞතික විද්‍යාවෙහි ඉලෙක්ට්‍රෝනය ශක්තිය අඩූ වීමෙන් හෝ වැඩි වීමෙන් හෝ පසූව ද පැරැණි ඉලෙක්ට්‍රෝනය ලෙස ම පවතියි.

බටහිර භෞතික විද්‍යාව කුමක් උපකල්පනය කළ ද අපට කලින් ඇසූ ප්‍රශ්නය ඇසීමට බාධාවක් නැත. ආත්මවාදී නොවන සිංහල ථෙරවාදී බෞද්ධයනට සදාකාලික ඉලෙක්ට්‍රෝන නැත. ඉලෙක්ට්‍රෝන ද ඇති වී නැති වෙයි. අලුත් කාකෂිකයෙහි ඇත්තේ පැරැණි කාකෂිකයෙහි තිබූ ඉලෙක්ට්‍රෝනය නොවෙයි. එහෙත් අපට ගැටලුව වන්නේ පැරැණි ඉලෙක්ට්‍රෝනය එසේ නොවන්නේ කිනම් අවස්ථාවකින් පසූව ද යන්න ය. ඒ ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම සමඟ ද? එසේත් නැත්නම් අලුත් කාකෂිකයට පැනීමෙන් පසූව ද? එසේත් නැත්නම් ඒ දෙක ම එක විට සිදු වන්නේ ද? එනම් ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම හෝ සමඟ ම අලුත් කාකෂිකයකට පැනීමත්, ඉලෙක්ට්‍රෝනය පැරැණි ඉලෙක්ට්‍රෝනය නොවීමත් සිදු වන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම්, ශක්තිය අවශෝෂණය කිරීම හෝ මූදා හැරිම හෝ යන සිද්ධියත් අලුත් කාකෂිකයකට පැනීම යන සිද්ධියත් සමගාමී ව සිදු වන්නේ ද?

පූනබ්භවයට පරමාණූවල ඇති ඉලෙක්ට්‍රෝන ආධාරයෙන් සාදෘශ්‍ය ගොඩනගන්නෝ මෙවැනි ප්‍රශ්න නොනගති. ඔවූන් කර ඇත්තේ කිසිම වග විභාගයකින් තොරව ඉලෙක්ට්‍රෝනයක් එක් කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීම සමඟ චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වීම සමඟ සන්සන්දනය කිරීම ය. මෙහි දී ඔවූහූ සාදෘශ්‍යය යන්න ගැන පවා තමන් ගේ නොදෑනූම ප්‍රකාශ කරති. සාදෘශ්‍යයක සන්සන්දනය කරන සංසිද්ධි අතර යම් සමරූපී බවක් තිබිය යූතු ය. එහෙත් මේ ඊනියා සාදෘශ්‍යයෙහි එවැනි සමරූපී බවක් හෝ නැත. බටහිර ක්වොන්ටම් භෞතිකය ඉතා පැහැදිලි ව ම ද්‍රව්‍යමය වශයෙන් වෙනස් නොවී කාකෂිකයකින් වෙනත් කාකෂිකයකට පනින ඉලෙක්ට්‍රෝන ගැන කතා කරයි. සිංහල ථෙරවාදී බූද්ධාගම නැති වී ඇති වන චිත්ත ගැන සඳහන් කරයි. එහි චූති චිත්තය නැති වී පටිසන්ධි චිත්තය ඇති වෙයි. මේ සංසිද්ධි දෙක අතර ඇත්තේ මහත් වෙනසකි. ඒ සංසිද්ධි දෙක සන්සන්දනය කළ නොහැකි ය.

සිංහල ථෙරවාදී බූද්ධාගම බටහිර විද්‍යාවෙන් තහවූරු කිරිමට යන්නන්ට මෙවැනි සියූම් වෙනස්කම් ගැන අවබෝධයක් නැත. ඔවූහූ උඩින් පල්ලෙන් යමක් අතගා බලා යම් යම් දේ ගැන හූදු ජනප්‍රියභාවය සඳහා මත ප්‍රකාශ කරති. ඉහත සඳහන් සංසිද්ධි සම්බන්ධයෙන් ඔවූන් දුටූවේ මෙතැන සිටි සත්ත්වයා මිය පරළොව ගොස් අප දන්නා යූක්ලීඩීයා හෝ රීමානියානූ හෝ අවකාශ කාලයක ගමන් නොකර වෙනත් භවයක උපත ලැබීමත්, ඉලෙක්ට්‍රෝනයක් ද අප දන්නා අවකාශ කාලයක ගමනක් නැති ව වෙනත් කාකෂිකයකට පැනීමත් ය. එය ඉතා මතුපිටින් දෑකීමක් විය. ඉලෙක්ට්‍රෝනය බටහිර භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙන ආකාරයට ආත්මීය බව ද එමෙන් ම වෙනස් නොවන බව ද, එහෙත් සිංහල ථෙරවාදී බූද්ධාගමෙහි සත්ත්වයා මතු නොව චිත්තය ද ආත්මීය නොවන බව ද, අනෙක් භවයක ඉපදෙන පටිසන්ධි චිත්තය මේ භවයෙහි චූත වූ චූති චිත්තය නොවන බව ද, ඔවූහූ අමතක කළ හ. එසේ අමතක කර යා දෙක නොරත රත පෑහීමට උත්සාහ කළ හ.

මහාචාර්ය නලින් ද සිල්වා