නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

ඉලෙක්ට්‍රෝන පැනීම

මහාචාර්ය නලින් ද සිල්වා

ද්‍රව්‍යය විකිරණය බවට පත් වීම හේතුවෙන් ද්‍රව්‍යය විනාශ වීමක් නොසිදු වන බව අපි කීවෙමූ. ඉලෙක්ට්‍රෝනයක් හා පොසිට්‍රෝනයක් එකට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වනූයේ, ඒ අංශූ දෙක ම නැති වී විකිරණයක් ඇති වීම ය. එහි දී නිෂ්පාදනය වන විකිරණයේ ශක්තිය වනූයේ ඉලෙක්ට්‍රෝනයේ හා පොසිට්‍රෝනයේ ශක්තිවල එකතුව ය. ශක්තියේ විනාශ වීමක් සිදු නොවේ. කලින් සඳහන් කර ඇති අන්දමට ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරු වීමක් ලෙස ද්‍රව්‍යයෙන් විකිරණය ඇති වීම තේරුම් ගත හැකි ය. අනෙක් අතට විකිරණයෙන් ද්‍රව්‍යය ඇති වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ගැමා කිරණයක් අංශූ දෙකක් බවට පත් කරලිය හැකි ය. මෙයට අමතර ව රික්තයක් යැ යි හැඳින්වෙන්නෙහි ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව අංශු නිතර ඇති වෙමින් නැති වෙමින් සංකීර්ණ ක්‍රියාවලියක යෙදෙයි.

ඉහත සඳහන් උදාහරණ නැතිව ද ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව පරමාණූක ව්‍යූහය සලකා බැලීමෙන් අපට මේ පිළිබඳ තවත් අතකින් ඉගෙන ගත හැකි ය. පරමාණූවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන වෙයි. මේ ඉලෙක්ට්‍රෝනවලට නිශ්චිත කකෂ නැත. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනූව ක්වොන්ටම් අංශුවලට නිශ්චිත ගමන් මාර්ග හෙවත් පෙත් තිබිය හැකි නොවෙයි. අංශුවක් පෙතක (Path) ගමන් කිරීම යන්නෙන් එයට ඕනෑ ම නිශ්චිත අවස්ථාවක පිහිටූමක් හා ප්‍රවේගයක් (නිවැරැදි ව පවසන්නේ නම් ගම්‍යතාවයක්) තිබේ යැ යි ගම්‍ය වෙයි. පෙතක ගමන් කරන නිව්ටෝනිය අංශූවක් හෝ වස්තුවක්, එනම්, නිව්ටෝනීය නියම වලංගු වන අංශූවක් හෝ වස්තුවක්, ගැන සලකා බැලීමෙන් මේ බව තේරුම්ගත හැකි ය. යම් ගමන් මාර්ගයක ගමන් කරන අංශුවකට නිශ්චිත අවස්ථාවක නිශ්චිත පිහිටූමක් තිබෙනූ පමණක් නොවේ. එය ඒ අවස්ථාවේ දී යම් නිශ්චිත දිශාවකට නිශ්චිත වේගයකින් ගමන් කරමින් සිටියි. අංශූව ඊළඟ කෂණයෙහි දී වෙනත් තැනක වෙනත් වේගයකින් වෙනත් දිශාවකට ගමන් කරනවා විය හැකි ය. එහෙත් යම් මොහොතක අංශූවට පිහිටූමක් මෙන් ම ගම්‍යතාවයක් ද වෙයි.

එහෙත්, ක්වොන්ටම් භෞතිකයෙහි මේ වලංගු නොවන්නකි. යම් අවස්ථාවක ක්වොන්ටම් අංශුවකට එකවර පිහිටූමක් හා ගම්‍යතාවයක් තිබිය නොහැකි ය. අංශූවක පිහිටූම මැනගත හැකි නම්, එවිට එහි ගම්‍යතාවය මැනගත නොහැකි ය. ක්වොන්ටම් භෞතිකය ගැන මෙලෝ හසරක් නොදත් පූද්ගලයෝ ද තම තමන් ගේ විවධ අරමූණූ වෙනූවෙන් ඒ යොදා ගැනීමට උත්සාහ දරති. කෝපන්හේගන් අර්ථවිවරණය නමින් හැඳින්වෙන තේරුම් ගැනීමේ පද්ධතියට අනූව ක්වොන්ටම් අංශුවකට නෛසර්ගික ව එක් වර පිහිටූමක් හා ගම්‍යතාවයක් නැත. පිහිටූම මනිනූ ලැබූ අංශුවකට ගම්‍යතාවයක් නැත. කෝපන්හේගන් අර්ථ විවරණයට අනූව, අංශූවට ගම්‍යතාවයක් ලබා දෙන්නේ ගම්‍යතාවය මැනීමට යත්න දරන විද්‍යාඥයා ය. ඔහූ ගේ මැනීමේ ප්‍රතිඵලයක් ලෙස අංශූවට ගම්‍යතාවයක් ලැබෙයි. එක් දේශපාලන පකෂයකට කඩේ ගිය පත්තරයක මේ පිළිබඳ හාස්‍ය ජනක ලිපියක් පළ කර තිබූණි. ඒ ලිපියට අනූව, ක්වොන්ටම් අංශුවලට නෛසර්ගික ව නිශ්චිත පිහිටූමක් හා ගම්‍යතාවක් ඇත. ඔවූන් ගේ කසිකබල් ද්‍රව්‍යවාදයට අනූව එය එසේ විය යූතු යැ යි ඒ ලිපිය ලියූ බොරු ප්‍රබූද්ධයා සිත්නනට ඇත.

කෝපන්හේගන් අර්ථවිවරණයෙහි අංශුවකට ගම්‍යතාව ලබා දෙන්නේ ඒ මනින විද්‍යාඥයා ය යන්නෙහි තේරුම පවා මොවූහූ නොදනිති. ඔවූන් ගේ බොරු ද්‍රව්‍යවාදයට එය හසූ නොවෙයි. අංශුවක යම් ගූණයක් මැනීම සඳහා විද්‍යාඥයා යම් කිසි උපකරණයක් යොදා ගනියි. අංශූව එවිට ඒ උපකරණය සමඟ ගැටෙයි. එනම්, යම් අන්තර්ක්‍රියාවක යෙදෙයි. ඒ අන්තර්ක්‍රියාවෙන් පසූ අංශූවට ඒ ගුණය ලැබෙයි. අන්තර්ක්‍රියාවට පෙර අංශූවට ඒ ගුණය නොමැත. කෝපන්හේගන් අර්ථවිවරණයට අනූව, ගම්‍යතාව මැනීමට පෙර අංශූවකට ගම්‍යතාවක් නැත. ගම්‍යතාව අංශූවකට ලැබෙන්නේ ඒ මැනීමෙන් පසූව ය.

මෙය නිව්ටෝනීය අංශූ සම්බන්ධයෙන් වලංගු නොවන බව අපි දනිමූ. නිව්ටෝනීය අංශුවකට මැනීමට පෙර ද ගම්‍යතාවක් වෙයි. එනම් ගම්‍යතාවට අගයක් වෙයි. මැනීමෙන් කෙරෙන්නේ මැනීමට පෙර ද තිබූ ගම්‍යතාව කොපමණ දෑ යි දෑනගැනීම පමණකි. නිව්ටෝනීයා අංශූ යනූ, අපේ පංචේන්ද්‍රයට ගෝචර අංශූ වෙයි. ඒ අංශූ සම්බන්ධයෙන් අපේ ඇති අත්දෑකීම් මත පදනම් ව අනෙක් අංශූ ගැන කතා කිරීමට පෙලඹෙන ද්‍රව්‍යවාදීන් ගැන අප එක් අතකින් අනූකම්පා කළ යූතු ය. නිව්ටෝනීය අංශූ සහ වස්තු පෙත්වල චලනය වෙයි. බසයක් හෝ වෙනත් වාහනයක් හෝ නිශ්චිත මාර්ගයක ගමන් කරන බව අපි දනිමූ. එහෙත් ක්වොන්ටම් අංශුවලට එවැනි නිශ්චිත මාර්ග නැත. ක්වොන්ටම් භෞතිකයෙහි අංශූවකට ගම්‍යතාව මැනීමට පෙර එවන් ගම්‍යතාවක් ඊනියා යථාර්ථයක් ලෙස නැතැ යි කී විට තම කසිකබල් ද්‍රව්‍යවාදය දෙදරුම් කෑමෙන් ද්‍රව්‍යවාදියෝ මානසික කම්පනයකට පත් වෙති.

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි දක්නට ලැබෙන හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය හේතුකොට ගෙන අංශුවකට නිශ්චිත පිිහිටූමක් ඇති විට එයට නිශ්චිත ගම්‍යතාවක් නැත. එමෙන් ම නිශ්චිත ගම්‍යතාවක් ඇති විට අංශූවට නිශ්චිත පිිහිටූමක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ අංශූව එක් පිහිටූමක නිශ්චිතව නැති වීමත්, එබැවින් නිශ්චිත කකෂයක නොමැති වීමත් ය. ඒ හේතුවෙන් ක්වොන්ටම් භෞතිකයෙහි අංශූ ගැන කතා කරන විට කකෂය යන වචනය වෙනූවට කාකෂිකය (orbital)- යන වචනය යොදා ගැනෙයි. ඒ අනූව, පරමාණූවක ඉලෙක්ට්‍රෝනයක් කාකෂිකයක වෙයි. කිසිම අවස්ථාවක ඉලෙක්ට්‍රෝනය ඒ කාකෂිකයෙහි නිශ්චිත තැනක නැත.

ක්වොන්ටම් භෞතිකයට අනූව පරමාණූවක ඉලෙක්ට්‍රෝන පිහිටිය හැක්කේ ද ඒ ඒ කාකෂිකවල පමණකි. කාකෂික ඇත්තේ න්‍යෂ්ටියෙහි සිට යම් යම් නිශ්චිත දුර්වල ය. කාකෂිකයක් අභිමත දුරක නොපිහිටයි. ඒ ඒ දුරින් පිහිටි කාකෂික කවරේ දෑ යි ක්වොන්ටම් භෞතිකයෙහි මූලධර්ම අනූව ගණනය කර ගත හැකි ය. යම් කාකෂිකයක ඇති ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්ති ප්‍රමාණයක් ඇත. කාකෂියක ඇති ඉලෙක්ට්‍රෝනයක් හිටි අඩියේ වෙනත් කාකෂිකයට මාරු වෙයි. එසේ නම්, එලෙස මාරු වන ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය ද වෙනස් වෙයි. විකිරණයක, එනම් ෆෝටෝනවල, ශක්තිය අවශෝෂණය කිරීමෙන් ඉලෙක්ට්‍රෝනයක ශක්තිය වෙනස් විය හැකි ය. එවැනි අවස්ථාවක ඉලෙක්ට්‍රෝනයෙහි ශක්තිය වැඩි වෙයි. ශක්තිය වැඩි වූ ඉලෙක්ට්‍රෝනයට තව දුරටත් මූල් කාකෂිකයෙහි පැවතිය නොහැකි ය. එවිට එය අලුත් ශක්තියට අනූරූප වූ කාකෂිකයට මාරු වෙයි.

මෙහි දී දෑනගත යූතු කරුණූ කිහිපයක් වෙයි. ඉන් එකක් නම්, ඉලෙක්ට්‍රෝනයට පිහිටිය හැකි කාකෂික සීමාසහිත වීමත්, ඒ ඒ කාකෂිකයට නිශ්චිත ශක්තියක් තිබීමත් හේතුවෙන් යම් කාකෂිකයක පිහිටි ඉලෙක්ට්‍රෝනයකට අවශෝෂණය කළ හැක්කේ යම් යම් නිශ්චිත ශක්ති ප්‍රමාණ පමණක් බව ය. ඉලෙක්ට්‍රෝනය විසින් අවශෝෂණය කෙරෙන ශක්තිය, එය පිහිටි කාකෂිකයේත් තවත් "ඉහළ" කාකෂිකයකත් ශක්තිවල වෙනසට සමාන විය යූතු ය. ඉලෙක්ට්‍රෝනයට වෙනත් ශක්තියක් අවශෝෂණය කළ හැකි වන්නේ, එය පරමාණූවෙන් මූළුමනින් ම මූක්ත වී යන අවස්ථාවක ය. එසේ මූක්ත වන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙයි.

ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය අවශෝෂණය කර "ඉහළ" කාකෂිකයකට පනිනූ වෙනූවට ශක්තිය මූදා හැර "පහළ" කාකෂිකයකට මාරු විය හැකි ය. එසේ වීමේ දී ද ඉලෙක්ට්‍රෝනයට ඕනෑ ම ශක්තියක් මූදා හළ නොහැකි බව පැහැදිලි විය යූතු ය. ඉලෙක්ට්‍රෝනයට මූදා හළ හැක්කේ එය පිහිටි කාකෂිකයේත් එය යම් කාකෂිකයකට පනින්නේ ද, ඒ පනිනූ ලබන කාකෂිකයේත් ශක්තිවල වෙනසට සමාන ශක්තියක් පමණකි. ශක්තිය අවශෝෂණය කෙරෙන්නේත්, මූදා හැරෙන්නේත් පැකැටිටූ හෙවත් පොදි හෙවත් ක්වොන්ටම් වශයෙනි. සාන්තතික ශක්ති වෙනස් වීමක් මේ පැනීම්වල දී නොසිදු වෙයි. ශක්තිය ක්වොන්ටම් හෙවත් පොදි වශයෙන් හූවමාරු වීම හේතු කොට ගෙන ම අදාළ භෞතික විද්‍යාව ක්වොන්ටම් භෞතික විද්‍යාව ලෙස හැඳින්වෙයි.

ඉලෙක්ට්‍රෝනයක් විසින් ශක්තිය අවශෝෂණය කිරීමේ දී හා ශක්තිය මූදා හැරීමේ දී සිදු වන්නේ පිළිවෙළින් ද්‍රව්‍යය විකිරණය බවටත්, විකිරණය ද්‍රව්‍යය බවටත් පෙරළීම ය. ද්‍රව්‍යය හා විකිරණය යනූ ශක්තියෙහි විවිධ ප්‍රභේද ලෙස සැලකිය යූත්තේ එබැවිනි. සිංහල බෞද්ධයන්ට මේ ශක්ති පෙරළිය බටහිර විඥානවාදීන්ට මෙන් ද්‍රව්‍යය නැතැ යි කීමට සාධකයක් නොවේ. සිංහල බෞද්ධයන්ට ද්‍රව්‍යය පමණක් නොව විකිරණය ද, ශක්තිය ද මනස ද ආදී සියල්ල අවිද්‍යාව හේතුවෙන් සත්ත්වයන් විසින් සංස්කරණය කෙරෙන දැ ය.

පරමාණූවල ඇති ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන් දෑනගත යූතු කරුණක් නම්, ඉලෙක්ට්‍රෝන එක කාකෂිකයක සිට තවත් කාකෂිකයකට පැනීමේ දී ද අවකාශයෙහි යම්කිසි නිශ්චිත පෙතක ගමන් නොකරන බව ය. එක් කාකෂිකයක පිහිටි ඉලෙක්ට්‍රෝනයක් හිටි අඩියේ ශක්තිය අවශෝෂණය කිරීමෙන් හෝ මූදා හැරීමෙන් හෝ වෙනත් කාකෂිකයකට පනියි. එක් මොහොතක ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත ශක්තියක් තිබී ඊළඟ මොහොතෙහි ඉලෙක්ට්‍රෝන වෙනත් ශක්තියක් ගන්නේ යැ යි කීමට අපි සාමාන්‍යයෙන් පූරුදු වී සිටිමූ. එහෙත් එය වැරැදි ය. හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය පිහිටූම හා ගම්‍යතාව සම්බන්ධයෙන් වලංගු වන්නා සේ ම කාලය හා ශක්තිය සම්බන්ධයෙන් ද වලංගු වෙයි.

යම්කිසි ඉලෙක්ට්‍රෝනයකට හෝ වෙනත් අංශූවකට හෝ වස්තුවකට හෝ නිශ්චිත මොහොතක දී නිශ්චිත ශක්තියක් ඇතැ යි ගැනීම වැරැදි ය. ඉහත ලියා ඇති දෙයින් මේ වන විට එවැනි හැඟීමක් ඇති වීමට ඉඩ ඇත. එසේ ලියා ඇත්තේ මේ අදහස ඒ අවස්ථාවක නොදී මේ අවස්ථාවෙහි දීම වඩා උචිත වන බැවිනි. ඉලෙක්ට්‍රෝනයක නිශ්චිත මොහොතක් ගැන කතා කළ හැකි නම්, එවිට එහි නිශ්චිත ශක්තියක් ගැන සඳහන් කළ නොහැකි ය. එමෙන් ම නිශ්චිත ශක්තියක් ඇති ඉලෙක්ට්‍රෝනයකට හෝ වෙනත් අංශූවකට හෝ නිශ්චිත මොහොතක් නැත. පිහිටූම හා ගම්‍යතාව සම්බන්ධයෙන් වූ අනිශ්චය මූලධර්මයට ද වඩා කාලය හා ශක්තිය සම්බන්ධයෙන් වූ මූලධර්මය තේරුම් ගැනීම අපහසූ ය. එයට හේතුව කාලය යන සංකල්පය අපේ ජිවිතවලට වඩා ම සම්බන්ධ වූ එහෙත්, තේරුම් ගැනීමට ඉතා ම අපහසූ වූ සංකල්පය ද වීම හේතුවෙනි. අප බොහෝ දෙනා සිතන්නේ කාලය යනූ අප කාහටත් දෑනෙන තේරෙන සංකල්පයක් බව ය. එහෙත් අවාසනාවකට එය එසේ නොවේ. කාලය යන්න මතකය සමඟ මෙන් ම ආත්මය මම ආදී සංකල්ප ද සමඟ බැදී ඇත. සිංහල බෞද්ධයන්ට නම් කාලය යන්න පඤ්ඤත්තියක් පමණකි. එය පංචේන්ද්‍රියන්ට ගොදුරු වන සංකල්පයක් නොවේ. කාලය යන්න පංචේන්ද්‍රියන්ට ගොදුරු වන සංකල්පවලින් ව්‍යූත්පන්න කෙරෙන (derive), අනෙක් ඉන්ද්‍රිය ආධාර නොකෙරෙමින් මනසින් නිර්මාණය කෙරෙන සංකල්පයක් වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා