නීර්මාණාත්මක චින්තනය සහ සාපේක්ෂතාවාදය

මහාචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද වලින් තෝරාගත් ලිපි එකතුවකි.

ප්‍රත්‍යකෂ හා මූල හේතු

මහාචාර්ය නලින් ද සිල්වා

බූදුන් වහන්සේ ප්‍රත්‍යකෂ ගැන මිස වියූක්ත ප්‍රවාද ගැන එතරම් කතා නොකරන්නට ඇත්තේ ප්‍රත්‍යකෂ නිවැරැදි නිසා හා ප්‍රවාද නිවැරැදි නොවන නිසා විය නොහැකි ය. ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වෙයි. මනසේ නිර්මාණ ලෙස ගත් කල ඒ දෙකින් එකක්වත් ඊනියා යථාර්ථය බවට පත් නොවේ. එසේ නම්, බූදුන් වහන්සේ එකක් මඟහැර අනෙක දෑනූම ලෙස ගැනීමට දේශනා කරන්නට ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට සිදු වෙයි. එයට ආංශික පිළිතුරක් කලින් දී ඇත. මෙහි දී එය තවත් වර්ධනය වෙයි. ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වූව ද, ඒ ඉන්ද්‍රිය ගෝචර වෙයි. එහෙත් වියූත්ත ප්‍රවාද ඉන්ද්‍රිය ගෝචර නොවෙයි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය දුටූ අයකු හෝ ස්පර්ශ කළ අයකු හෝ නැත. එහෙත් බොහෝ දෙනා සිතන්නේ ගුරුත්වාකර්ෂණය මිනිසා ගෙන් තොරව පවතින බව ය. ගුරුත්වාකර්ෂණය ද යනූ යම්කිසි පූද්ගලයෙකු ගේ, මෙහි දී නිව්ටන් පඩිවරයා ගේ නිර්මාණයක් වෙයි.

බටහිර රටවල ප්‍රපංචවේදය (phenomenology) නමින් දර්ශනයක් වෙයි. අද ඊනියා පශ්චාත්නූතනවාදීන් අතර මේ දර්ශනය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මේ සම්බන්ධයෙන් කිව යූතු වැදගත් ම කරුණක් වන්නේ ප්‍රපංචවේදීන් ප්‍රපංචය ප්‍රධාන කොට සලකන බව ය. ප්‍රපංචය, එලෙස ම, එනම් ප්‍රපංචය ලෙස ම ගැනීම විවිධාකාර ප්‍රපංචවේදීන් ගේ ප්‍රයත්නය වෙයි. ප්‍රපංචවේදීහූ අනූභූතිවාදය (empiricism) විවේචනය කරති. ඔවූන්ට අනූව ආනූභූතිකවාදීහූ ප්‍රපංචය, ප්‍රපංචය ලෙස නොගෙන එයට අර්ථකථන දෙති. අර්ථකථන දෙන්නේ මනසින් බව තේරුම් ගත් පසූ මෙයින් අදහස් වන්නේ මනසින් තොරව ඇති ප්‍රපංච ගැන කතා කිරීම බව පැහැදිලි වනූ ඇත. මනසින් තොරව ප්‍රපංච පවතින්නේ යැ යි ගැනීම කැමරාවකට ප්‍රපංච ඇතැ යි ගැනීම වැනි වූවකි. කැමරාව හා ප්‍රපංචවේදීන් අතර ඇති වෙනස නම් කැමරාව එලෙස ප්‍රපංච ඇතැ යි නොසිතීම ය. කැමරාවට සිතීමට නොහැකි වීම කෙතරම් භාග්‍යයක් ද?

මෙරට සිටින ඇතැම් ඕල්කටි බෞද්ධයෝ බූදුන් වහන්සේ දෙසූ දහම අනූභූතිවාදයක් හෝ ඇතැම් විට ප්‍රපංචවේදයක් හෝ ලෙස සලකති. අනූභූතිවාදය හා ප්‍රපංචවේදය ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි වූ දර්ශන වෙයි. මේ දර්ශන බිහි වන්නේ ම මූල් හේතුවක් ඇතැ යි යන පදනමේ සිට ය. මූලින් ම ඇත්තේ අනූභූතිය ද නැත්නම් ප්‍රපංචය ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වෙයි. ආනූභූතිකවාදීන්ට අනූව අනූභූතිය ප්‍රධාන වෙයි. එහෙත් ප්‍රපංචවේදීන් කියා සිටින්නේ ආනූභූතිකවාදීන් ගේ අනූභූතියට අනූව ප්‍රපංච, ප්‍රපංච ලෙස නොගෙනී ප්‍රපංචවලට අර්ථකථන සැපයෙන බව ය.

බූදුන් වහන්සේ අනූභූතිවාදියකුවත් ප්‍රපංචවාදියකුවත් නොවූහ. උන්වහන්සේට මූල හේතුවක් නොතිබූණි. උන්වහන්සේ දෙසූයේ මනස නමින් ගන්නා දේ ද ව්‍යාජ බවත්, මේ ව්‍යාජ මනස අව්‍යාජ ලෙස ගැනීම කාලය වැනි සංකල්ප එලෙස ඇතැ යි ගැනීමට සමාන බවත් ය. බූදුන් වහන්සේට අනූව ප්‍රපංච යනූවෙන් සංකල්පයක් තිබූණ ද ප්‍රත්‍යකෂ යන සංකල්පය වඩා ව්‍යවහාරයට ගැනිණි. ප්‍රත්‍යකෂ යන්නෙහි අත්විඳින බවක් ඇත. අත්විඳින්නේ මනස ආධාරයෙනි. මනසක් නැතිව අත්විඳිය හැක්කක් නැත. ඒ අරුතින් ද මනස ප්‍රධාන වෙයි.

දෑන් ප්‍රශ්නය වනූයේ ප්‍රත්‍යකෂය යන්න මූල හේතුවක් ද යන්න ය. එනම් බටහිර ආනූභූතිකවාදීන් හා ප්‍රපංචවාදීන් පිළිවෙළින් අනූභූතිය හා ප්‍රපංචය මූල හේතුව ලෙස ගන්නා ආකාරයෙන් ප්‍රත්‍යකෂය මූල හේතුවක් ද යන්න ය. එයට පැහැදිලි පිළිතුර එය එසේ නොවේ ය යන්න ය. ප්‍රත්‍යකෂය ඇති වීමට නාම රූප අවශ්‍ය වෙයි. එහෙත් නාම රූප මූල හේතුවක් නොවේ. නාම රූප හට ගන්නේ විඥානය හේතුවෙනි. විඥානයට සංකාරය අවශ්‍ය වෙයි. ඇතැම් තැනක නාම රූප පච්චයා විඥාන, විඥන පච්චයා නාම රූප යනූවෙන් ඒ එක එකක් අනෙක නිසා හට ගන්නා බව දෑක්වෙයි. සංකාර හට ගන්නේ අවිද්‍යාව නිසා ය. එහෙත් අවිද්‍යාව ද මූල හේතුවක් නොවේ.

මේ සියල්ල පැහැදිලි කෙරෙන තැන පටිච්ච සමූප්පාදය වෙයි. පටිච්ච සමූප්පාදයෙන් විස්තර වන්නේ මනස පිළිබඳ කතාවකි. මා දකින අයූරින් නම් පටිච්ච සමූප්පාදයෙහි කියැවෙන්නේ නැති මනස ඇති මනසක් බවට පත් කර ගැනෙන්නේ කෙසේ ද යන්න ය. මූළු පටිච්ච සමූප්පාදය ම චක්‍රිය චින්තනය මත පදනම් වෙයි. එහි එක එකක් අනෙකක් ඇති විට ඇති බවත්, නැති විට නැති බවත් කියැවෙයි. එහි මූල හේතුවක් නොවේ. පටිච්ච සමූප්පාදය සම්ප්‍රදායික ව අවිද්‍යාවෙන් පටන්ගත්ත ද, වෙනත් ඕනෑ ම තැනකින් ද පටන්ගත හැකි ය. අවිද්‍යාව යනූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අනාවබෝධය ය. ඒ අනාවබෝධ වන්නේ මනසක් ඇතැ යි ගන්නා බැවිනි. මනසක් ඇතැ යි ගන්නේ ද මනස ම ය. මෙය පටලැවිල්ලක් ලෙස සිතෙන්නේ මූල හේතුවක් ඇති ව සිතීමට අප පූරුදු කෙරී ඇති බැවිනි. මූල හේතු නැති ව සිතන්නට පටන් ගත් කල මෙහි කිසිම පටලැවිල්ලක් නොවේ.

ප්‍රත්‍යකෂය ඇති වන්නේ මනස නිසා ය. මනසක් නැත්නම් ප්‍රත්‍යකෂයක් නැත. කැමරාවට ප්‍රත්‍යකෂයක් නැත්තේ එබැවිනි. එහෙත් මනස ඇති වන්නේ කිනම් දෙයක් හෝ කරුණක් හෝ නිසා දෑ යි විමසූවොත් එයට පිළිතුරක් ලෙස මනස ඇති වන්නේ ප්‍රත්‍යකෂ එලෙස ප්‍රත්‍යකෂ කිරීම නිසා යැ යි කිව හැකි ය. මූල හේතුවක් ඇතැ යි පිළිගනිමින් මෙය හතර බිරී කතාවක් ලෙස සිතන්නන් ගෙන් ඇසිය යූත්තේ එක ම එක ප්‍රශ්නයක් පමණකි. එනම්, මූල හේතුවෙහි හේතුව කුමක් ද යන්න ය. මූල හේතුව කිසිම හේතුවක් නැති ව ඇති වීම තේරුම් ගන්නේ කෙසේ ද? ප්‍රපංචය මූල හේතුව ලෙස සලකා එතැනින් පටන් ගන්නා අය ගෙන් ප්‍රපංචය ඇති වන්නේ කෙසේ දෑ යි ඇසිය හැකි ය.

මූල හේතුව යෙහෝවා දෙවියන් වහන්සේ ගැන කතා කරන යූදෙව් චින්තනයේත්, ස්වසිද්ධිවලින් (axioms) පටන් ගන්නා ග්‍රීක චින්තනයේත් මිශ්‍රණයෙන් ඇති වූ චින්තනයක් මත පදනම් වෙයි. අප දෙවියන් වහන්සේ මෙන් ම ස්වසිද්ධි ද විශ්වාස කළ යූතු ය. ස්වසිද්ධිවලට ඇතැම් විට බටහිර ගණිතයෙහි ප්‍රත්‍යකෂ යන පදය ද භාවිත වෙයි. එසේ වන්නේ පාරිභාෂික ශබ්දමාලාවෙහි, ඇක්සියම් (~axiom) යන්නට ස්වසිද්ධිය හා ප්‍රත්‍යකෂය යන වචන දෙක ම සඳහන් වී ඇති බැවිනි. මේ ප්‍රත්‍යකෂය හා බූදුන් වහන්සේ දෙසන ප්‍රත්‍යකෂය යනූ දෙකක් මිස එකක් නොවන බව අවධාරණය කළ යූතු ය. මේ පටලැවිල්ල නිසා ඇක්සියම් යන්නට ප්‍රත්‍යකෂය යන්නට වඩා ස්වසිද්ධිය යන්න උචිත යැ යි සිතමි.

අප මේ ගැන සැලකිලිමත් විය යූත්තේ අපේ ප්‍රවාද ගොඩනැගීමේ දී අප හැකිතාක් නිරවූල් විය යූතු බැවිනි. අපේ සම්ප්‍රදාය කුමක් ද, අපේ චින්තනය කුමක් ද ආදිය ගැන නොදෑන අපට අපේ ප්‍රවාද ගොඩනැගිය හැකි නොවේ. ප්‍රත්‍යකෂය යන වචනය අප තේරුම් ගත යූත්තේ එය අපේ සම්ප්‍රදායෙහි යෙදී ඇති ආකාරයට මිස පාරිභාෂික ශබ්ද මාලා ඔස්සේ නොවේ.

අප සැලකිලිමත් විය යූත්තේ මනසක් නැති ව, මනසකින් පරිබාහිරව අනූභූතියටත් ඔබ්බෙන් ඇතැ යි කියන ඊනියා ප්‍රපංච ගැන නොව, මනස ආධාරයෙන් කෙරෙන ප්‍රත්‍යකෂ ගැන ය. වේදනාවන් ගැන ය. සංඥා ගැන ය. අප තේරුම් ගත යූතු කරුණ නම් ප්‍රත්‍යකෂයක් සංකල්පයක් නොමැති ව ඇති නොවන බව ය. අපට මලක සූවඳ දෑනෙන්නේ යැ යි සිතමූ. එය හූදෙක් මනසින් තොරව ඇති වන්නක් නොවේ. මලෙහි සූවඳ ගැන අපට හැඟිමක් ඇත. ඒ හැඟිම වචනයෙන් කිව යූතු සංකල්පයක් යැ යි මම නොකියමි. වචනයක් නැති වූව ද සූවඳ පිළිබඳ සංකල්පයක් අපේ මනසෙහි වෙයි. එසේ නොවන්නට නාසය ඔස්සේ යම් සූවඳකට අදාළ දේ කෙතරම් ගිය ද අපට කිසිවක කිසිම සූවඳක් නොදෑනෙනූ ඇත.

එහෙත් මේ එකක්වත් ඊනියා යථාර්ථයක් නොවේ. මනස ද ඇතුළු සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. එක් අතෙකින් ගත් කල මෙය ද අපේ ප්‍රවාදයක් වෙයි. ඒ ප්‍රවාදය ද ගොඩනැගී ඇත්තේ අපේ චින්තනය පදනම් කර ගනිමිනි. සියල්ල නිර්මාණය කෙරි ඇත. සියල්ල සංස්කරණය කෙරි ඇත. සංස්කරණය කෙරුණූ සියල්ල අනිත්‍ය වෙයි. මනස ද අනිත්‍ය වෙයි. එහෙත් අනිත්‍ය අපට අවබෝධ වී නැත. අනිත්‍ය අනාවබෝධය අවිද්‍යාව වෙයි. අවිද්‍යාව නිසා මනස ඇති වෙයි. මෙහි ඇති චක්‍රීය චින්තනය පැහැදිලි විය යූතු ය. බූදුන් වහන්සේ ප්‍රත්‍යකෂයෙන් දෑන ගන්නා ලෙස කීව ද ප්‍රත්‍යකෂය ද අවිද්‍යාව නිසා සංස්කරණය කෙරි ඇත. එහෙත් කලින් සඳහන් කර ඇති ආකාරයට ප්‍රත්‍යකෂ ඉක්මවා අපට යා නොහැකි ය. ප්‍රත්‍යකෂ ද නිර්මාණ වූව ද බූදුන් වහන්සේ ප්‍රවාදවලට වඩා ප්‍රත්‍යකෂ ගැන අවධාරණය කළේ එබැවින් යැ යි සිතමි.

අපට ප්‍රවාද නැති ව ජිවත් විය හැකි වූව ද ප්‍රත්‍යකෂ නැති ව ජීවත් විය හැකි නොවේ. පොල් ගෙඩි වැටෙන්නේ ය යන්න ප්‍රත්‍යකෂ කර නොගත්තේ නම් අප වැටෙන පොල් ගෙඩියකට හිස දී මිය යෑමට ද ඉඩ තිබේ. එය ජීවත් වීමට ප්‍රත්‍යකෂ අවශ්‍ය වේ ය යන්න පිළිබඳ එතරම් හොඳ උදාහරණයක් නොවේ. එහෙත් අපට ජිවත් වීමේ දී අවශ්‍ය වන බඩගින්න, බඩගින්න නිවාගැනීම ආදිය ද ප්‍රත්‍යකෂ වෙයි. පොල් ගෙඩි වැටිම පිළිබඳ ප්‍රත්‍යකෂය අපට අවශ්‍ය වූව ද පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන ප්‍රවාදය අපට අවශ්‍ය නොවේ. ගුරුත්වාකර්ෂණය යනූ පංචේන්ද්‍රියට ගෝචර නොවන වියූක්ත ප්‍රවාදයකි. මේ ප්‍රවාදය බොහෝ අවස්ථාවල දී සඳහන් කර ඇති අන්දමට වියූක්ත නිර්මාණයක් පමණකි. ප්‍රත්‍යකෂවල ගුරුත්වාකර්ෂණයෙහි මෙන් වියූක්ත බවක් නැත. එහෙත් ප්‍රත්‍යකෂ ද නිර්මාණය කෙරෙන දැ පමණකි.

අපට ප්‍රත්‍යකෂ සම්බන්ධයෙන් තවත් බොහෝ දැ සාකච්ඡා කිරීමට තිබූණ ද මේ ඒ සඳහා අවස්ථාව නොවේ. එහෙත් මෙහි දී එක් කරුණක් පිළිබඳ අපේ අවධානය යොමූ නොකර සිටිය නොහැකි ය. ඒ අවිඥානය හා සවිඥානය පිළිබඳ ව ය. අප මෙතෙක් සාකච්ඡා කළේ සව්ඥානික දැ ගැන ය. පොල් ගෙඩිය, එය වැටීම, බඩගින්න, බඩගින්න නිවාගැනීම ආදිය සව්ඥානික ප්‍රත්‍යකෂ වෙයි. ප්‍රත්‍යකෂයක් සව්ඥානික විය යූතු ම ද? අවිඥානික ප්‍රත්‍යකෂ තිබිය හැකි ද? අපේ උඩූ සිත, යටි සිත ආදිය ගැන අපට කිව හැක්කේ කුමක් ද? යටි සිතක් යනූවෙන් දෙයක් පවතින්නේ ද? අප දකින සිිහින අපේ ප්‍රත්‍යකෂ ද? අපේ උඩූ සිතට නොදෑනී යටි සිත විසින් ලබා ගන්නා තොරතුරු වේ ද?

මිනිසූන්ට උඩූූ සිතක් මෙන් ම යටි සිතක් ද ඇති බව පැහැදිලි ය. මනස යනූවෙන් කියැවෙන්නේ කුමක් ද? සිතක් හෙවත් චින්තනයක් හා මනස අතර ඇති සම්බන්ධය කුමක් ද? මේ ආදී සියලු ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අපේ සම්ප්‍රදායෙහි අපට ඇතැ යි මම නොසිතමි. එහෙත් අපේ කාර්යය වනූයේ එවැනි ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයී ම ය. වියූක්ත ප්‍රවාද යනූ අවසාන වශයෙන් ගත් කල වියූක්ත ප්‍රශ්නවලට දෙන වියූක්ත පිළිතුරු වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා